08 November 2013

විභාගෙයි මමයි චෝගමුයි

විභාගය කියන මළ උලව්ව හොයාගත්තු එකා අහු උනොත් ඇත්තමයි අල්ලලා දෙනවා මේ පාර ශිෂ්‍යත්වෙ ෆේල් වෙච්ච උන් ටිකකට.එච්චරට මළ අප්පා.අති උත්තම මට ලබන 18 වෙනිදා සිට ඇරඹෙන මහා විභාග සංග්‍රාමය හින්දා දොට්ට  පිලටවත් නොයා 'අල බාන්ඩ' (පාඩම් කිරීම - ප්‍රාදේශීය ව්‍යවහාරයකි ) සිද්ද වෙලා තිබුණත් ඇත්තටම විභාගෙක අරමුණ තේරුම් අරං තියෙන හින්දා එච්චර අල බාන්ඩ හිතෙන්නේ නැත.විභාගේ කියන කෙහෙල් මල මෙච්චර වියදං කරලා මහන්සි වෙලා ඒ ඇත්තෝ ලක ලෑස්ති කරන්නේ කාව හරි ෆේල් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නොවැ.නැත්තං ඉතිං ඔක්කොමල්ලා පාස් කරන්ඩ තිබ්බනේ.ඒ හින්දා මම වැඩිය අල බාන්නේ නැත.නැත්තං ෆේල් කරගන්ඩ එකෙක් නැතුව ඒ උන්නාන්සේලාගේ ඉහ මොළ රත් වෙනවා ඇත.උත්තර පත්තර බලන දවස්වලට හීනෙන් බය වෙලා ඇහැරෙනවා ඇත.ඒ වයසක මොළවලට ඕනෑවට වඩා වෙහෙස වෙන්ඩ දෙන්ඩ හොඳ නැති නිසා මම වැඩිය අල නොබා ඉන්ඩ තීරණය කර ඇත්තෙමි.

ඒ අවු අස්සේ චෝගම් හින්දා කැම්පස් වහන්ඩ යනවාය.ඒ කැම්පස් ළමයින්ට චෝගම් එක අධ්‍යනය කිරීමට අවශ්‍ය කාලය ලබා දෙන්ඩය කියලා අපේ කැම්පස් එකේ ලොක්කියෙක් කියා තියෙනවාය.කැම්පස් එකේ රෙපෙයාර් වගයක් තියෙන හින්දාත් කැම්පස් එක වහනවා කියා කවුද කීවෝය.කවුරු කියන ඒවා විශ්වාස කරන්ඩද මම දන්නේ නෑය.සමහර විට ඇමතිතුමාට කැසිනෝ ගහලා හතරමහා නිධානේ පහල වෙලා වෙන්ඩ ඇතිය.ඒ සල්ලිවලින් කාලා බීලා චූන් කරලා තවත් ඉතුරු නිසා වෙන කරන්ඩම දෙයක් නොමැති තැන කැම්පස්වල රෙපෙයාර් වැඩවලට දෙන්නට ඇත.කොහොම හරි මේ නිවාඩුවෙන් (චෝගම් අධ්‍යයන කාලයෙන් ) පස්සේ කැම්පස් යනකොට ඒක අඳුරගන්ඩ බැරි තරමට දියුණුවෙලා සුඛිත මුදිත වෙලා තියෙනවාට සැකයක් නැත.කැන්ටින්වලට පුටු, වතුර ෆ්ලෂ් කළ හැකි වැසිකිළි ආදී සුපිරි පහසුකම් සහිත සපිරි කැම්පස් අපිටත් ලැබෙනු ඇත.ක්ෂිතිජයට ඉහළිං ලෝකය බලලා බලලා බෙල්ලත් ඇමැට්ටි වෙලා ඉන්න අපේ උන්ට එහෙම දෙයක් දුන්නොත් දරාගන්ඩ බැරුව පපුව පැලෙනවා ඇත.සතුටට කඳුලු පණිනවා ඇත.

කවුරු මොනවා කිව්වත් චෝගම් හින්දා අපේ රට ගොඩ යනවා ශුවර්ය.ඒක තිබ්බාම මෙහෙට එන කට්ටිය අපේ සංවර්ධනේ දැකලා කුල්මත් වෙනවාමය.සමහරවිට ඒ කට්ටියත් මත්තල ඒයාර්පෝට් එක බලන්ඩ වගේම කටුනායක හයිවේ එක බලන්ඩත් පයින් යනවා ඇත.එවන් විශ්මකර්ම දැක ඔවුන්ගේ ඇස් විශ්මයෙන් ජම්බෝල මෙන් ලොකු වෙනවා ඇත.උං ඊරිසියාවෙන් පුපුරණවා ඇත.හයිවේ එකේ එන්ට්‍රන්ස් එක ළඟ හූනියං වළලන්ඩ උවද බැරි නැත.මේ විශ්මිත නිර්මාණ හමුවේ සුළුදිය පහවෙන මේ විදේශවල කට්ටිය ඉන්පසු අපේ රටේ ආයෝජනය කිරීමට පොරකනු ඇත.අන්න එවිට අපේ දේශපාලක ඇත්තෝ පොඩ්ඩක් සිහිකල්පනාවෙන් වැඩ කළ යුතුය.මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සැකසිය යුතුය.නැත්නම් මේ රට රටවල් අපේ රටේ ආයෝජනය කරන්නට පොරකා එකිනෙකා කුළල් කාගෙන තුන්වෙනි ලෝක යුද්ධයකට පවා මුළ පිරිය හැක.
චෝගම් එකේ ව්‍යාපාරික මෙව්වා එකේ ලොකුම ටෝක දෙන්නේ පැකර් මහත්තයාලුය.ඒක ඉතාම පැසසිය යුතු කාරණයකි.උන්දෑ දුනු ඊතල බූමරංග අරං උන්නු ඇබොරිජින්ලා හිටපු, රෑට කැංගරුවෝ හූ කියනවා ඇහුණු ඕස්ට්‍රේලියාව ලොවෙත් තැනකට ගේන්න සෑහෙන කට්ටක් කෑවේය.එතුමාගේ දෑතේ කරගැට, දණිස්වල දියපට්ටා සහ පශ්චාත් පැත්තේ අර්ශස් ගෙඩි ඒ සඳහා ජීවමාණ සාක්ෂි වන්නේය.එහෙව් උත්තමයා අපේ රටත් ඒ වගේම උසස් තැනකට ගේන්ඩ දරණ උත්සාහයට අපි හැම දෙනාම දෙකට නැමී උදව් කළ යුතුය.එතුමාගේ හෝටල් සංකීර්ණයේ සැළැස්මට මේන්න මේ මගේ යෝජනා කීපයද එක් වන්නේනම් ඉතා යෙහෙකිය.ගරුතර සංඝයා වහන්සේට කම්සැප විඳින්නට ගෑනු ඉඹින්නට හැකි ස්ථානයක් සකස් කළ යුතුය.එතකොට මේ දවස්වල දඹදිව මහා කරුණාව පතුරවන රේවත උන්නාන්සේ මෙහේ ඇවිදින්ද සියළු කාන්තාවන් දුකින් මිදවීමට කටයුතු කරනු ඇත.එමෙන්ම කැසිනෝ ශාලාවේ සුදු පිරුවට එලා උස් අසුණක් පැනවිය යුතුය.ඒ සූදු කෙළින අපේ හාමුදුරුවන්ටය.බුද්ධාගම රැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැඳී ඇති නිසා මහා සංඝයාගේ උවමනාවන් ඉටු කිරීමද අනිවාර්යයෙන් කළ යුතු දෙයකි.කොළඹ ගම්පහ ආදී ප්‍රදේශවල හිඟාකමින් දඩාවතේ යන කොලු පැටව් ටික අල්ලා නාවා දත් මද්දා සංඝයා විශයෙහි පූජා කිරීමටද, එකී ලිංගික ක්‍රියා සඳහා නිදහස් ලිංගික කළාපයක්ද පැකර් ලොක්කාගේ හෝටලයේ ඇති කළ යුතුය.එවිට ප්‍රාදේශීය දේශපාලකයින්ට, ගුරුවරුන්ට සහ ක්‍රීඩා පුහුණුකරුවන්ටද ඕනෑවිට සංඝගත දක්ෂිණාවෙන් ටික ටික රස බැලිය හැක.

අපේ එවුන් දැං කියත් හොයමින් එහේ මෙහේ දුව ඇවිදිනවාය.ඒ මෝටර් බයිසිකල් තියෙන උන්ය.ඒ උංගේ හෙල්මට්වල නිකට වැහෙන කෑල්ල කපන්ඩය.පොලීසිය පහුගිය දවස්වල හෙන අවුලෙන් හිටියේ බයිසිකල්වලින් යන උන් පොලිස්කාරයින්ට රවාගෙන යනවාද හිනා වේගන යනවාද කියන එක ශුවර් නැතුවය.පොලිස් සේවය උසස් මට්ටමකට ගෙන ඒමට නම් පොලිස් සේවාවෙන් ජනතාව තෘප්තිමත් විය යුතුය.නමුත් පොලිස් කාරයාගේ ක්‍රියාවෙන් ජනතාව තෘප්තිමත්ද අතෘප්තිමත්දැයි දැනගන්නට විදිහක් තිබ්බේ නැත්තේ හෙල්මට්වල නිකට ආවරණ කෑල්ල හින්දාය.දැං ඒ කෑල්ල අයින් කිරීමට නීති සම්මත කරගෙන ඇති නිසා මින් මතු වඩාත් ජනතාවාදී පොලිස් සේවයක් අපට ලැබෙනු ඇත.


විභාගේ කියමින් හොස්ටල් එකට වෙලා හිටියාට මට ගෙදර එන්ඩ කියලා අම්මාගෙන් හරියට කරදරය.අම්මා මේ අවුඅස්සේ ගෙදර කුස්සිය පැත්තේ මහා විශාල මඩුවක් හදන්නට පටං අරංය.ඒක හදන්නට විභාගේ පැත්තකට දාලා එන්ඩ කියා කියන්නීය.

'අම්මේ පිස්සුද මේ ෆයිනල් එග්සෑම් එක දාලා මඩු හදන්ඩ එන්ඩ කියන්නේ'

'අනේ උඹේ නල්ල මළේ විභාගේ.ඕකත් කැම්පස් එකක්ද බං.ඔන්න ඔය උලව්ව දමල ගහලා ගෙදර වරෙං.චාල්ස් කුමාරයා ඇවිල්ලා උන්නාන්සෙගේ අතිං මුල් ගල තියලා හදන ලැංකසාර් කැම්පස් එකට මං උඹව දාන්නං.එතකොට උඹට ජාතියන්තර ඩිග්‍රියක් ගතෑකි බොල සුටුස් ගාලා.ඔය හම්පඩ මගුල වගේද ඒක.මෙන්න මෙහේ ගෙදර වරෙං ඇවිල්ලා මේ මඩුව හදන්ඩ උදව් වෙයං.'

'මොන බම්බුවකටද මෑ තදියමේ මඩු හදන්නේ? එළ හරකෙක්වත් ගේන්ඩද?'

'හරක් තියං මක්කරන්ඩද? යකෝ රටම කිරිපිටියෙං සොයංපෝෂිතයි බොල.මේ මඩුව හදන්නේ චෝගම් එකෙං හම්බෙන ආධාර ගොඩ ගහන්ඩ.මොකෝ ඕවා වැස්සේ තෙමෙන්ඩ ඇරියැහැක්කෑ??'


25 comments:

  1. එක දාලා ගිහින් කියෝලා එන්නම් කොමෙන්ට් කරන්න :)

    ReplyDelete
  2. මගේ අම්මත් දිනුකලගේ අම්මා වගේ .. කට කැපුවත් කියන්න ඕනේ එක මූණට කියනවා ....

    අම්මගෙන් පුතාට . පුතාගෙන් දුවට යන ලක්ෂනත් තියෙනවා ...

    තාත්ති අර ආන්ටිගේ කුක්කු ලොකු ඇයි ..?

    ශේප් කරන්නම බැහැ ...:(

    ReplyDelete
    Replies
    1. මම කලිං ඔය ලිපිය කියෙව්වනේ..එළ ඈ...

      Delete
  3. චෝගම් හින්ද ඉතින් අපේ පැත්තෙ පාරවල්වල කාපට් එකක් වත් තියෙයි නොවැ මාසයක් විතර වත් :D

    ReplyDelete
    Replies
    1. ඉතිං චෝගම් නැතුව හැදුවනං රටම උනත් කාපට් කරන්ඩ තිබ්බනේ..නැද්ද මං කියන්නේ..

      Delete
  4. අනේ චෝගම් නිසා අපිට නිවාඩු දුන්නේ නෑනේ. අපිත් සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටියා නිවාඩු ලැබෙයි කියලා.. නිවාඩු ලැබුන අය චෝගම් ගැන අධ්‍යන්‍යය කරන එකයි ඇත්තේ.....

    ReplyDelete
    Replies
    1. චෝගම් හරියටම අධ්‍යයනය කරනවද බලන්ඩ ඔන්න අපේ හොස්ටල් එකේ ඉන්න උං දැං ඇතුලට එනකොට අස්සං කරලයි එන්ඩ ඕනේ.චෝගම් අධ්‍යනය නොකර එකෙක් හරි මේකෙ හැංගිලා ඉන්නවද කියලා බලන්ඩ.

      Delete
  5. ඒ..මේ! කැන්ගරුවෝ හූ තියනවලුද බං? :D

    ReplyDelete
    Replies
    1. දන්නෑ බං.ඕක හරියටම අහලා බලන්ඩ ඕනෑ කතන්දර ලොක්කාගෙං.ඒ නැතත් පැකර් ආවම අහලා බලන්ඩ බැරියෑ.

      Delete
  6. අපිටනං චෝගං එකෙන් චුයිංගං එකක්වත් ලැබෙයිද මන්ද?

    ReplyDelete
    Replies
    1. චුයිංගම් දෙන්නේ ලොක්කන්ට අපිට දෙන්නේ බුලත් විට.

      Delete
  7. උඹේ නිර්මානය නියමයි.
    ජේමිස් කාරයාගේ තාත්තා කෙරි පැකර් තමයි 1977දී වර්ල්ඩ් සීරිස් ගෙනල්ලා ක්‍රිකට් වලට සල්ලි පුරුදු කලේ. ඩඩාගේ සල්ලි වලින් කරපු පලවෙනි බිස්නස් එක' වන්ටෙල්'...කඩන් වැටුනා. කෙරි පැකර්ගේ එකම පුතා ලෙස බිස්නස් කරන්නේ ඒ තිබුන මුදල් තවතවත් ගැම්බ්ලින්ග් ආයතන වලට යොදවලා ඒ හා සම්බන්ධ බිස්නස් වලින්. වෙන බිස්නස් තිබුනත් අපේ රටට ගේන්නේ කැසිනෝ විතරයි. එහෙව් ජේමිසා තමයි චොගම් බිස්නස් ෆෝරම් එකේ මහ දේශකයා. ටාගට් එක පැහැදිලියිනේ. ෆයිසර් මුස්තාෆාලා කොහේ නවතියිද දන්නේ නැහැ. උගේ ආගමට අනුව නම් කැසිනෝ හරාම්.

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනවද ඉතිං.කොම්පැනිකාරයෝ නේ දැං රටවල් පාලනය කරන්නේ.ඉස්තූතියි විස්තරේට..

      Delete
  8. හෙහ්, එහෙන පාඩම් කරන්න ඕන නෑ බං.. ඔන්න ගිහින් මඩුව හදලා දියන්.. දැන් නිවාඩුත් දීලානේ තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මොන නිවාඩුද බං.පාඩම් කරන්ඩ කියලා නං නිවාඩු දීලා තියෙන්නේ.

      Delete
  9. Replies
    1. ලොක්කා එහෙනං ඉක්මනට පටං ගන්ඩකෝ වැඩේ..ඈ...

      Delete
  10. හා හා පාඩම් කොරහං පාඩම් කොරහං.පොස්ට් එක නම් විශිෂ්ටයි!
    ඔන්න ශර්මා ඇවිත්

    ReplyDelete
    Replies
    1. ආරංචි උනා ආරංචි උනා.බලමුකෝ මොකද වෙන්නේ කියලා...

      Delete
  11. අනේ කොල්ලෝ පාඩං කරල විභාගෙ ගොඩ දාගනිං.. ලිඳට වැ‍ටුණ එකා ලිං කටෙං එපායැ ගොඩවෙන්ඩ

    ReplyDelete
    Replies
    1. අපි ළිඳට වැටුන්නෑනේ සරත් අයියේ.අපිව බලෙං ළිඳට දාල නෙව.බලමුකෝ විභාගෙ නං අනේ මන්දා...

      Delete
  12. චෝගම් නිසා රාජ්‍ය සේවකයන්ටයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ටයි කල්ල මරේ.
    මරු නිවාඩුවක් නෙහ් :)

    ReplyDelete
    Replies
    1. කම්පස් උන් නිවාඩුව හරියට ගන්නවද කියලත් කට්ටිය හොයලා බලනවා.බලන්ඩ කොච්චර ආදරේද කියලා...

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...