30 November 2013

ජේන් නගේ උඹේ මනාපේ කාටද දෙන්නේ?????






විභාගෙ හින්දා මොනවත් ලියන්ඩ බැරි උනා.ඒ වගේම කිය්වන එකත් නැත්තටම වගේ නැතිවෙලා ගිහිල්ලා.මක්කා කරන්ඩද? අන්තිම ජුන්ඩනේ.තව සතියකින් පස්සේ අමාරු වැඩ ටික ඉවරයි.මොනවා උනත් බ්ලොග පාලුවට යන්ඩ දෙන්ඩ බෑනේ.ඒක හින්දා ඔන්න පුංචි වීඩියෝ කෑල්ලක් දෙන්ඩයි හදන්නේ.

මේක මම සෑහෙන දවසක ඉඳං අප්ලෝඩ් කරන්ඩ ට්‍රයි කළත් මේ හච් කනෙක්ෂන් එකේ අවුලක් හින්දා බැරි උනා.ඔන්න අද නිකමට ට්‍රයි කරලා බැලුවම අප්ලෝඩ් උනා.ඒ නිසා මගේ සුවහසක් ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට මම රංගනයෙන් දායක වෙච්චි නිර්මාණයක් තිළිණ කරන්ඩ ලැබුනා.කට්ටියම බලන්ඩ ඈ.කට ඇරගෙන බලන්ඩ එපා.බ්‍රේක් නැති මැස්සො යයි..(චූටි කාලෙ කරපු සිඟිති ජෝක් එකක් මතක් උනා...හඃ හඃ හා....)

අපේ ෆැකල්ටි එක ගත්තම ආයේ මොනවත් කියලා වැඩක් නෑ ඔය වල්පල් වැඩ තියෙනවා අවුරුද්ද පුරාම.එයින් එකක් තමයි දෙවෙනි වසරෙ ඉන්න කට්ටියට ලෑස්ති කරන්ඩ දෙන Faculty concert එහෙම නැත්තං FAC-CON කියන්නේ.ඒක ලෑස්ති කරද්දි බැච් එකේ උන්ට එකට වැඩ කරන හැටි, අනිත් උංව ශේප් කරගන්න හැටි, සංවිධානාත්මකව ක්‍රියා කිරීමේ හැකියාව, නායකත්වය, වගකීම්, වගේ එකී නොකී දේවල් ඉබේම පුරුදු වෙනවා.ඒවා මේ අර සති දෙකේ නායක්ත්ව ඩිප්ලෝමා වගේ නෙමෙයි, හරිම ප්‍රායෝගික දේවල්.

ඉතිං කොහොම හරි මේ කියන අපේ 2007 උසස් පෙළ කණ්ඩායම ලෑස්ති කරපු FAC-CON එක තිබ්බේ 2009 අවුරුද්දේ.අන්න ඒකට තාරකයි, මමයි, ජිත්තයි, ප්‍රසන්නයයි එකතු වෙලා කරපු පුංචි අයිටම් කෑල්ල තමයි මේ.

ඕකේ මම මොකාටද හිටියේ කියලා අහන්ඩ ඔට්ටු නෑ ඔන්න හරිය!!!




මහ ගොඩක් ඩේටා යන්නේ නෑ ආයිබොවන්ඩ.ලෝබ නැතුව බලන්ඩ ඈ... බලලා තැං තැංවල කිය කිය ගියාට කමක් නෑ ඕං....



30 comments:

  1. පට්ටයිනේ යකෝ.. මේ මෙන්න මෙතැන්ට ගොඩවෙලා යන්ඩ මචෝ උබලගේ සගයන්ටත් දැනුම් දිපං මචෝ. කැම්පස් සින්ඩිය

    ReplyDelete
    Replies
    1. ඔන්න සෙට් උනා ඈ...ඒත් මම දන්නෑනේ නලින් අයියේ අර ලින්ක් එකක් එක්ක ඒකේ ලෝගෝ එක එල්ල ගන්ඩ.ක්‍රමයක් කිව්වනං මසුරං ඈ...

      Delete
  2. නියමයිනෙ.
    බොලා හිටියෙ අර කෙල්ලට වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. හා හා... එව්වා රහස් ඈ...

      Delete
  3. අඩේ මරුනේ බං..

    ReplyDelete
    Replies
    1. සෝයි එකට සින්දුව කියනවා නේද? ආයේ ස්‍රැතියෙං පිට පනින්නැතුව ටිප් ටොප් එකට කියන හැඩ නේ....

      Delete
  4. අඩේ පට්ට යකෝ... නියමෙට කරල තියෙනව....

    ReplyDelete
    Replies
    1. අපි දස්සයි බොල..(ඉගෙන ගන්ඩ තමා බැරි...එග්සෑම් එකට ගියාම එයාල අපිට කියා දෙනවා බං.විළි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා..)

      Delete
  5. නියමයි නේ... හිහ්...
    ඒක නෙමේ ගෙට්ටුවල වෙල්කම් පාර්ටි වල හදපු වීඩියෝ එහෙම තියෙනවා නං එකතු කලාට කමන් නෑ.. අපි බලලා රසවිඳිනවා :)

    ReplyDelete
    Replies
    1. අපි පොඩි උංව පිළිගන්ඩ කොරපු ෆ්‍රෙෂර්ස් වෙල්කම් එකට අපි හදාපු වීඩියෝ වගයක් තිබ්බා.ඒවා මේ පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා.හොයාගන්ඩ නෑනේ.හිටහංකෝ බලන්ඩ හොයලා...

      Delete
  6. අම්මපා විභාගේ අස්සේ බ්ලොග් ලියන්නත් වෙලාව තියනවද? මේ දවස්වල අපේ දෝණි නොකා නොබී ඉන්නේ විභාගේ අමාරුයි කියලා. මම මේ වීඩියෝ එක බාගත්තා. දෝණිට පෙන්නලා අහගන්නම්කො තමුන්නාන්සේ මේකේ කොතනද ඉන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. පොත දිහා බලං ඉඳලා ඇස් කැක්කුමයි, ඉඳං ඉඳලා පස්ස කැක්කුමයි.ඉතිං වෙනසකටත් එක්ක කියලා බ්ලොග පැත්තට ඔය විනාඩි දහයකට පාළොහකට ඇවිත් යනවා.ඇත්තට කිව්වත් වගේ අදත් තිබ්බනේ එක විභාගයක්.අම්මපා එහෙම බය වෙලා ඉඳලා නෑ වෙන එහෙකටවත්.

      බය වෙලා තොල කට වේලිලා, ඒ අය අහන ප්‍රශ්නවලට උත්තර දී ගන්ඩ බැරුව දිව උඩු තල්ලේ ඇලිලා...හෙන ජරමර සිද්ද උනේ....

      Delete
  7. අයි ඒ එතනට ධර්ම චක්‍රයක් දෙම්මේ?? මන් විස්වාස කරන්නේ නේ උබල මේ හිනාවට ලක් කරලා තියෙන්නේ ලංකාවේ දේශපාලනය විතරක් කියල..උබල මෙතන හිනාවට ලක් කරලා තියෙන්නේ ලංකාවේ සාම්ප්‍රදාය, චින්තනයයි..උබල බටහිර දෙනුමින් මහන්තත්ත වෙලා ඒ මහන්තත්ව බව අනිත් යට (විශේෂයෙන් පහල batch එකේ උන්ට) පෙන්නන්න තමයි මේක කරන්නේ..හෙබෙයි කුපාඩි දේශ පාලුවෝ නිසා උබලගේ මේ උපහාසයට පිළිගැනීමක් ලෙබෙන බවත්..උන්ගේ කල්ක්‍රියාවෙන් රට අගාදයට යන බවත් පිලිගනිමි..මේක ගෙන වැඩි දුර කතා කරන්නම් මගේ blog නැවත පටන් ගත්තම..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ උඹ නිකං අර වළං කඩේ ගොනා පැන්නා වගේ කුලප්පු වෙලානේ.ඒ තියෙන්නේ ධර්මචක්‍රයක් නෙමෙයි බොල.අපි හදපු ස්ටේජ් එක අපි හැදුවේ නැවක් විදිහට.ඒ නැවේ සුක්කානම තමයි ඒ උඹ ධර්මචක්කරේ වගේ දැකලා උඩ පනින්නේ.ඔන්න ඕකනේ කියන්නේ උඹලට සම්මා දිට්ඨිය නෑ.ගලගොඩ අත්තේ වගේ සිවුර කැහැපොට ගහං ගේමටමයි එන්නේ. : )

      Delete
    2. ප.ලි.

      කියන්ඩ අමතක උනානේ කැපිටල් 'A' ගැහුවම 'ඇ' අකුර ගහන්ඩ පුළුවං.

      Delete
  8. පස්ස හරවං බ්ලොග් පින්තූරෙ මහතටවගෙ පෙනුනට රෙද්ද හැට්ටෙ ඇන්දම බොහොම අපූරු කායසොබාවක්නෙ තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල බොඩිමක හිටපු මාව හොස්ටල් එකට ඇන්න යන්ඩයි අපේ ජ්‍යෙෂ්ඨ උත්තමයෝ ලෑස්ති උනේ.ඒ නං මදෑ අපේම බැච් එකේ උං අහලා තිබ්බ නෙව 'කවුද ඒ කෑල්ල' කියලා.

      Delete
  9. කියන්න වචණ නැහැ බුවා.....වැඩේ කොලිටි....බ්ලොම් එක පැත්තේ සම්බන්ධයක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි කිව්වා.බ්ලොමේ නේන්නං ඉන්නේ.

      Delete
    2. මල්ලියේ මමත් ඔය බ්ලොම් එකට ඇවිත් තියෙනවා යාලුවෙක් ඉන්න කාලේ. ඔය බ්ලුම්ෆොන්ටීන් කියන නමත් වෙනස් කර ගන්න කාලේ හරි නේද ?

      Delete
    3. ඒකේ නම විතරක් නෙමෙයි තව කොච්චර ඒවා තියෙනවද වෙනස් කරනවනං. : )

      Delete
  10. පට්ටයි ඕන් ඕකයි මම කියන්නේ.. මේක අපි පෝස්ට් එකක් හැටියට දානවා..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඈ...ජය වේවා!!

      Delete
  11. අපේ දිනුක මලයාගේ වැඩක් නොවැ.
    පට්ටයි යකෝ....!!!

    ReplyDelete
    Replies
    1. ආයේ මොනවද ඉතිං. ඉස්තූතියි ඈ..

      Delete
  12. Replies
    1. මල් හතයි.. ආ නෑ මල් දෙකයි...(මල් මල් අඩවිය ) :D

      Delete
  13. මේකනම් මරු ! මෙඩ්ඩො හරි දක්ෂයි නේ. ජේන් නගාට ඉන්නේ දිනුක ද ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඉස්තූතියි ඈ...

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...