21 October 2013

ඈ..


පවසට 
දිය බිඳක් ඉල්ලීමි
දෙපයෙන් මා ඔසවා
හිස දියෙහි ඔබා
හිනැහෙන්නී
පවස සිඳුනාදැයි අසන්නී

සිසිලට
උණුසුමක් පැතීමි
දෑත් බැඳ
හිසෙලි ගිනි ලා
කෝල ලෙසින් 
උණුසුම්දැයි අසන්නී

යටිපතුල් පලා
ලුණු ගල්වන්නී
නිය'තර
ඉඳිකටු තුඩු රන්දන්නී
මුළු හදින්ම මා හට
ප්‍රේම කරන්නී



23 comments:

  1. අපොයි මේක හෙන භයානක ප්‍රේමයක්නෙ.

    ReplyDelete
    Replies
    1. අඩෝ ප්‍රසන්න උඹ මොකද දැන් හැංගි හොරා එන්නේ ...? කෙළින් වරෙන් ඩෝ ගේට්ටුව ඇරන් ... ඕනේ වෙලාවක ඕපන් එකේ බඩු තියෙන්නේ..

      Delete
    2. මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩියි සහන්. ඒකයි අවුල. සමහර ඒව කියෙවුවට හිත එකලාසෙකින් නෙමෙයි කියවන්නෙ. ඒක නිසා කොමෙන්ට් දාල නිකං අනාගන්න ඕන නෑනෙ. :D
      තව ටික දවසක් දියං ඔක්කොම යථා තත්වෙට එනකල්.

      Delete
    3. රයිට් ok මට තේරෙනවා සීන් එක . කේස් ටික ඩිස් මිස් උනාම කැරකියන් ඒරියල් එකේ පොඩ්ඩක් ...

      Delete
    4. ඔන්න ඉතිං කියන්ඩ තියෙන්නේ මනුස්ස ගෑනියෙක් එක්ක ලව් කරලා තියෙනවානං මෙහෙම කියන්නෙ නෑ.

      Delete
  2. හැක හැක
    මට මතක් උනේ වික්ටර් රත්නායකගේ
    " කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේනම් " කියන පද පේලිය .

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ සීන් එකක් තමයි.වැඩේ එහෙම කොල්ලා කිව්වම කෙල්ල කියනවා එහෙම කරලා පෙන්නන්ඩ කියලා

      Delete
  3. " යටිපතුල් පලා
    ලුණු ගල්වන්නී "

    අජාසත්තගේ කවුරුහරිද මන්දා :)

    ReplyDelete
    Replies
    1. අජාසත්තලත් ඕවා පුරුදු වෙන්ඩ ඇත්තේ කොහෙන්ද?

      Delete
  4. අපි වගේ ළාමක සිත් නැති දුෂ්ඨ යක්ෂයන් වන් මිනිසුන් වෙනුවෙන් නැවත වරක් පැහැදිළි කරන්න දිනුක සීන් එක... සාහිත්‍ය දැනුම අඩුයි අපි වගේ උන්ගේ...:(

    ReplyDelete
    Replies
    1. ගෑනු ගෑනු සහන් අයියේ මේ අපේ ගෑනු ගැන කියන්නේ.උං ලව් කරන විදිහ අපිට වේදනාවක් උනාට උංට ගාණක් නෑ.

      Delete
    2. ඒක මිසක් ..මම බැලුවා අලුත් අයිටම් එකක් කියලා..ඕක එදා ඉඳන් වෙන සීන් එකනේ දිනුක .. ඇත්තටම අපිට පිස්සුද දැන දැනත් බදර් වෙන කේස් වලටම බහින්න ...

      Delete
  5. කමක් නෑ බං. කොහොම හරි ආදරෙයිනේ.. ඔන්න ඔහේ අල්ලන් යමු..

    ReplyDelete
    Replies
    1. උඹනං කියයි.අපිත් අහිංසක මිනිස්සුනේ බං. හෙඃ හෙඃ

      Delete
  6. මෙහෙම කලොත් නම් ලවු මළඉලවු වෙලා තමා නවතින්නෙ. ආයෙ දෙකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම මේ වගේ තමයි බං.ඒකනේ හැම එකම මළ ඉලව්.. :D

      Delete
  7. දොස්තර පැටියාගේ පැටික්කිට සුභ උපන් දිනයක්ද මන්දා පතන්න ඕනේ....

    කොල්ලගේ විභාග එහෙම අහවර නෑ නේද තවම?

    ReplyDelete
    Replies
    1. අපේ උන්දැගේ උපන් දිනේ පහුවෙලා දැං සෑහෙන කල් අක්කේ.විභාගෙට තව දින 26යි.

      Delete
  8. මුළින් මුලින් කාලෙ බැළුම් හෙලනකොටත් එහෙමම තමයි .. දැවෙන්නේ මමයි දැවෙන්නේ මමයි කියල එඩ්වර්ඩ් ජයකොඩි කාරයා සින්දුවකින් කියන්නේ ඒකනෙ.. ඈතින් හිටියත් ගිනි ලඟින් හිටියත් ගිනි ..නැතුවත් බෑ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය නැතුවත් බැරි සීන් එක තමයි ලොකුම අවුල.අපිට මොකෝ කන්ථක අස්සයොයි ඡන්න ඇමතිලයි ඉන්නවා කියලයෑ ගෑනි දාලා පැනලා යන්ඩ.

      Delete
  9. යමරජ්ජුරුවන්ගේ ලොකු දෝණිටද බං ආදරේ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ගෑනු ඔක්කොම උන්දැගේ දෝනියෝ තමයි බං.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...