01 October 2013

රටට වෙලා තියෙන දේ...


කාලෙකින් පෝස්ට් එකක් ලියන්ඩ බැරි උනේ විභාගෙ හින්දා.අවුරුදු 5ක් මේකේ කට්ට කාලා කාලා දැන්නං විභාග කරගන්ඩත් පණක් නෑ.එපා වෙලා ඉන්නේ.කොහොමිං කොහොම හරි ඒ විභාගෙත් ඉවරයි.මහා විභාග සංග්‍රාමය තව ඉස්සරහට.නොවැම්බර් 18 වෙනිදට යෙදෙන සුභ නැකතිං උතුර බලා විභාගේ පටං ගන්ඩයි ඉන්නේ.ඒ ඉතිං උතුර බලා වැඩ අල්ලන එකට විග්නේශ්වරන් ලොක්කා ලෙඩක් දැම්මේ නැත්තං තමයි.ඔන්න ඔය විදිහට අධික ලෙස කාර්ය බහුල වීම හින්දා කාගේවත් බ්ලොගක් බලන්ඩවත් වෙලාවක් හම්බ උනේ නෑ.

හැබැයි ඔය යන එන ගමන් රටේ තොරතුරු දැන කියාගන්ඩ ජාතික පත්තර දෙකක් විතරනං කියව ගත්තා.ඒවා කියවද්දි පිස්සු හැදෙනවා මෙයාලා.

ඉන්ධන ගාස්තු වැඩි වෙලා හින්දා ලංකාවේ මිනිස්සු භාණ්ඩ ප්‍රවාහනයට විකල්ප ක්‍රමවලට යොමු වෙලා.විශේෂයෙන් ඔය රත්තරං වගේ දේවල් තව දුරටත් අතේ කරේ දාගෙන යන්නේ නැතුව ( රටේ උඝ්‍ර සංවර්ධන ක්‍රියා හමුවේ ලැබෙන අධික ආදායමෙන් සෑහීමකට පත්වෙන්ඩ බැරි කුපාඩි ඔය රත්තරං බඩු කඩා ගන්න හින්දා ) මිනිස්සු මෙව්වා අධෝ මාර්ගයේ දාගෙන එහේ මෙහේ යන්ඩ පටං අරං.ඉතිං රට පුරා මෙහෙම අධෝ මාර්ගයේ රත්තරං පුරෝගෙන එහේ මෙහේ ඇවිද ඇවිද ඉඳලා අමතක වීමකිං ඔය එයාර් පෝර්ට් එක පැත්තේ ගියාම විරේක බොන්ඩ දීලා මේ රත්තරං අල්ලගෙන හෙන ලොකු වැඩක් කළා වගේ පත්තරේ දානවා.ඇයි යකෝ මිනිස්සුන්ට රත්තරං කනේ දාන්ඩ පුළුවන්නං, කකුලේ වළලු කරේ දාන්ඩ පුළුවංන්නං, කරේ දාන්ඩ පුළුවන්නං, අතේ දාන්ඩැ ඇඟිලිවල දාන්ඩ පුළුවන්නං, බුරියේ දාන්ඩ පුළුවන්නං ඇයි අධෝ
මාර්ගේ දාන්ඩ බැරි.මේක යකාගේ නීතියක් නෙව.ඇයි මේ අපි කාගෙත් තියෙන මේ අංගයට මෙහෙම අඩු සැළකිල්ලක් දක්වන්නේ.




ගුදය හෙවත් කහළ මඟ මිනිස්සුන්ට හරිම වැදගත් ඉන්ද්‍රියයක්.ඒ මළ ද්‍රව්‍ය බැහැර කරන හින්දා විතරක් නෙමෙයි.ඒ දවස්වල මම හිතන්නේ මධ්‍යතන යුගයේ විතර යුරෝපයේ මතයක් තිබ්බලු යක්කුන්ට පස්සක් හෙවත් ගුදයක් නෑ කියලා.උන්ට පස්සක් වෙනුවට එතනත් මූණක් තියෙනවා කියලලු විශ්වාස කළේ."Kiss my arse" කියන කියමන ආවා කියන්නේ ඔය කතාවත් එක්ක කියලා තමයි කියන්නේ.ඒක හින්දා අපිට අපේ මනුශ්‍යත්වය ඔප්පු කරන්ඩ තියෙන එකම අවයවය තමයි මේ ගුදය.ඒක හින්දා කවුරු හරි රෙද්ද උස්සලා පස්ස පෙන්නුවොත් ඒ එයා එයාගේ මනුශ්‍යභාවය සහතික කරන්ඩ ගත්තු අහිංසක උත්සාහයක්ය කියලා හිතන්ඩ අපි පුරුදු වෙමු.එනිසා "ගුදයට සළකමු, රනින් සරසමු" කියලා ජාතියක් විදිහට පෙරට එමු.

ඒ වගේම හිරේට ගිය ගෑනු මනුස්සයෙක් එහේ මෙහේ ඇවිදිද්දි අහවල් එක අස්සේ තිබිලා ෆෝන් එකක් වැටිලා.අපේ රටේ ඉන්න හොරු එක්ක දැං ෆෝන් එකක් බේර ගන්නවා කියන්නේ බොරු.ඉස්සර අපේ ආච්චිලා ඔය සල්ලි වගේ වටින කියන දෙයක් බලාගන්ඩ කියලා දුන්නේ හංසයෝ දෙන්නට නෙව.ඒ උනාට තාක්ෂණේ දියුණුවත් එක්ක බිහි වෙච්ච නවීණ හොරුත් එක්ක ඔට්ටු වෙන්ඩ හංසයින්ට බෑ.ඒක හින්දා එයිට වඩා ආරක්ෂා සහගත තැනක් වෙත යොමු වෙන්ඩ අපේ කාන්තා පාර්ශවේට සිද්ධ වෙලා තියෙනවා.ෆෝන් එක විතරක් නෙමෙයි තව ගංජා පැකට් වගේකුත් තිබ්බා කියලා පත්තරේ තිබ්බද කොහෙද.ගංජාවල කොලිටිය එච්චර නෑ කියලා ලංකාවේ පාරිභෝගික ජනතාව නිතරම කණු කුණු ගාන එකට විසඳුමක් විදිහට ගංජාවල මත් ගතිය වැඩි කරන්ඩ කරපු පර්යේෂණයක් වෙන්ඩ ඇති කියලා තමයි මට නං හිතුනේ.

මීට අවුරුදු දහයකට විතර ඉස්සර කෝච්චියේ යද්දි මම දැකපු දෙයක් තමයි වැඩට යන ගෑනු ඈයෝ අඩුම තරමේ බෑග් තුනක්වත් ගේනවා.බත් එක එක බෑග් එකක.වතුර බෝතලේ තව බෑග් එකක.එයිට අමතරව වෙනම හෑන්ඩ් බෑග් එකකුත් ගේනවා.හැබැයි දැං ඒ විදිහට බෑග් ගොඩක් ගේන්නෙ නෑ.සමහර විට ඒ ඈයොත් ස්වභාවික ගමන් මල්ලේ බත් එකයි වතුර බෝතලෙයි ගෙනියනවා වෙන්ඩ පුළුවං.ඔය වැඩ කරන තැන ගෑනු අයත් එක්ක බත් හුවමාරු කරං කන්ඩ කළිං දෙපාරක් හිතුවොත් හොඳයි.




කොහොම උනත් මේ ප්‍රවණතාව අපි අගේ කරන්ඩ ඕනේ.මිනිස්සු කෘත්‍රීම දේවල්වලට යොමු නොවී ස්වභාවික දේවල්වලට වැඩි වැඩියෙන් යොමු වෙනවානම් කොච්චර හොඳද? අපි මේක දකින්ඩ ඕනේ මේ වැඩේ නිසා පරිසරයට එකතු වෙන පොලිතින් බෑග් කොච්චරක් නම් අඩු වෙනවද කියන දෘෂ්ඨි කෝණයෙන් කියලයි මමනං කියන්නේ.මෙහෙම ගිහිල්ලා අපේ ගෑනු නිකං කැංගරු ගෑනු වගේ වේවි.අන්න එතකොට අපිට පුළුවං ඒක බලන්ඩ එන්ඩ කියලා සුද්දන්ටයි චීන්නුන්ටයි ආරාධනා කරලා ඒකෙනුත් කීයක් හරි කඩා ගන්ඩ.එහෙම තමයි අපිට මේ සුන්දර රට සංචාරක පාරාදීසයක් කරන්න පුළුවං වෙන්නේ.


අනිත් කෙළිය තමයි කුඩු ඇල්ලිල්ල.යකෝ මේ ධර්මද්වීපේ මෙච්චර කුඩ්ඩෝ ඉන්නවද?ඇයි වදේ සතියකට කොහොමත් කුඩු ටොන් එකක් දෙකක් විතර අල්ලනවා.මම හිතන්නේ අපේ රටේ මිනිස්සු සුදු වෙන්ඩ මූනේ උලන්ඩ, කැරම් ගහන්ඩ වගේ දේවල්වලටත් හෙරොයින් පාවිච්චි කරනවා වෙන්ඩ ඕනේ.එහෙම නැත්තං කෑම රස කරන්ඩ අජිනො මොටෝ දානවා වගේ හෙරොයින් කෑමවලට දානවා වෙන්ඩ ඕනේ.එහෙමත් නැත්තං රොටී හදන්ඩ පිට්ටු හදන්ඩ කොත්තු දාන්ඩ පිටි මෝලිය අනන්නේ හෙරොයින්වලින් වෙන්ඩ ඕනේ.නැත්තං මෙච්චර බණ අහන බණ කියන බණ තලන රටට මෙච්චර කුඩු ගේන්නේ අහවල් කෙං ගෙඩියකටද?අනික සතියකට  මහා පරිමාණේ කුඩු මුදලාලිලා දෙතුන් දෙනෙක්වවත් අල්ලනවාමයි නේ.මේ යන විදිහට යකෝ මේ රටේ හැම දහ දෙනාගෙන් එකෙක් මහා පරිමාණ කුඩු මුදලාලි කෙනෙක් වගේ නෙව.

කොච්චර ඇල්ලුවත් ඉවර වෙන්නෙත් නැති හින්දා ජනතාව විදිහට අපේ අනාගතය ශුවර් නැත.මොකද නඩු භාණ්ඩ විදිහට මේ අල්ලන කුඩු ගොඩ ගහලා තියා ගන්ඩ තැං නැති උනාම ආණ්ඩුවට ඉඩම් රජයට පවරාගෙන වෙනම සුරක්ෂිත ගොඩනැගිලි හදන්ඩ වෙනවාය.අල්ලන කුඩු අල්ලපු උංගෙන්ම පරිස්සම් කරගන්ඩ විදිහක් කල්පනා කරන්ඩ වෙනවාය.නැත්තං පොලීසියේ උං ඔක්කොම කුඩ්ඩෝ වෙලා නවතිනවාය.මේ  වාගේ සියළුම දේවලට වැය වන්නේ ජනතාව වෙනුවෙන් රට සංවර්ධනය කරන්නට චීනයෙන් ගන්නා ණය මුදල් ය.ඒ නිසා පස්සේ කාලෙක අපි ඔක්කොම චීන්නුන්ට ණයකාරයෝ උනාම ඉස්සර අපේ ආදි මුතුන් මිත්තෝ සුද්දාට ගෑනි දීලා තමුංගෙම පැළ ඉස්සරහා එළියට වෙලා මදුරුවෝ තල තල රැය පහන් කළා වගේම චීනාට ගෑනි දීලා එළියට වෙලා මදුරුවෝ තල තල බලා ඉන්ඩ සිද්ද වෙන්ඩ පුළුවංය.ඒක එච්චර හොඳ ප්‍රවණතාවයක් නොවේ.මොකද මේ දවස්වල ඩෙංගු හැම තැනමය.එළියට වෙලා පිනි බාලා පීනසේ හැදෙනවාට අමතරව ඩෙංගුද හැදෙන්නට පුළුවංය.

කොහොමද පවුලට මේ වගේ ළමයෙක් හම්බ උනොත්? දිගු දෑස දුටුවාම ඇඬෙනවා තනි ඇහැට නේ....

අනිත් එක තමයි අපි වීරෝධාර ජාතියක් කියන එක නැවත නැවතත් ඔප්පු කිරීම සහ අපි පර සුද්දන් කියන දේවල් තඹ සතයකට මායිම් නොකරන බවත් පෙන්වන ඩිංගි බෝට්ටුවේ ඕස්ට්‍රේලියා යාමේ වීර චාරිකා සමය ගැන විස්තරය ය.ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට යනකම් ඇති මහා සමුද්‍රය තුට්ටුවකට මායිම් නොකර පවුල් පිටින් පුංචි ලදරම් බෝට්ටුවක නැග හරියකට කෑමක් බීමක් නැතිව සති ගණන් මහා කුණාටු මැද්දේ ගොස් ඕස්ට්‍රේලියාවේ තෙරක් නොපෙනෙන කාන්තාරයේ අතරමං වීමේ අවධානමද ගෙන එහි සිටින අධිරාජ්‍යවාදී පොලීසියට අහු වීමේ අවධානමද නොතකා යන මේ වීර චාරිකාව සමාන වන්නේ වීර ඔඩිසියස්ගේ චාරිකාවට හෝ කොන්ටිකි පහුරේ සයුරු තරණයටම පමණක් නොවේද?

ඒ විතරක් නම් මදෑ...ඕස්ට්‍රේලියාවේ සුද්දෝ එහෙ එන්ඩ එපා කියලා වැඳ වැටුනත් අපේ කට්ටිය ඒවා අධෝ වාතයක් තරම්වත් ගණන් ගන්නේ නැත.උං අතින් වියදම් කරගෙන අපේ පත්තරවල එහේ එන්ඩ එපෝ.... කියලා ඇඩ් දානවා උනාට අපේ උන් එහෙ යන එක එන්ඩ එන්ඩම වැඩි වෙනවා විතරය.ඒකෙන් කියැවෙන්නේ අපේ ජාතියේ ස්වෛරීභාවය ය.ස්වාධීනත්වය ය.අපි අපිට කරන්ඩ හිතුනොත් ඒක සුද්දා තියා උගේ අම්මා අප්පා කිව්වත් කොරන එක කොරනවාමය.අපි එහෙව් ජාතියක්ය.

අනිත් වීරෝධාර සැට් එක මැදපෙරදිග යන කට්ටියය.කට්ටිය කිව්වාට මේ කියන්නේ ගෑනු ගැන ය.මැදපෙරදිග අයට තෙල් සල්ලි තිබුණාට උංගේ මනස තාමත් ළපටිය.මෝරලා නැත.ඒ කියන්නේ අපරිණතය.උං ප්‍රශ්න විසඳන්නේ සහ හැසිරෙන්නේ හෝමෝ නියැන්ඩර්තාල් උන් වගේය.උංට ගෑනියෙක් මරණවා කියන එක ගහකින් ඉඳි ගෙඩියක් කඩනවා වගේ ලේසි වැඩක්ය.සාමාන්‍ය දෙයක්ය.ඔක්කොටමත් වඩා ආතල් වැඩක් ය.ගෑනියෙක් මොකක් හරි ලෙඩක පටලවලා ඒ ගෑනිගේ බෙල්ල කපලා හෝ ගල් ගහලා හෝ මරන්ඩ සෙට් වෙන්නේ හරියට අපේ උන් බෝතලයකට සෙට් වෙනවා වගේය.උන්ට ඒක ආතල් ය.ඉතින් උන්ට ආතල් දෙන්ඩ අපේ ගෑනු දිවි පරදුවට තබා මැද පෙරදිග යනවාය.ඒ වෙනුවෙන් කැපවීම කොච්චරද කියනවානම් බොරු වයසක් දමා හොරට හෝ යන එක යනවාමය.මැරුම් කන්ඩ බැරි වුන ගෑනුන් සඳහා වෙන වෙන පැකේජ තියෙනවාය.ගෙහිමියා හෙවත් කාමුක අරාබියා අතින් දූෂණය වෙන එක සාමාන්‍ය දෙයක් ලෙස අපේ රටේ ගෑනු සළකති.ගෘහ සේවිකාව අරාබියා දූෂණය කළ බව පුවතක් වාර්ථා වූ වහාම මැදපෙරදිග යෑමට එන ඉල්ලුම්පත් ප්‍රමාණය වැඩි වෙනවාය.මේ ලංකාවේ පිරිමින්ගේ ලිංගික ශක්‍යතාව පිළිබඳ ගැටළුවක්දැයි මට හිතෙනවාය.


තව අපේ ගෑනුන් කෲර වධ හිංසාවන්ට ලක් කෙරෙනවාය.අත පය බැඳ පහර දීම.පිච්චීම.ඇණ, ඉඳිකටු ගිල්ලවීම.අත්වලට කකුල්වලට ඇණ බැස්සවීම ආදී නොයෙක් නොයෙක් ආකාරයේ වද බන්දන ලබා දීමට මේ සුහද අරාබීන් සැදී පැහැදී සිටින අතරම ඒ වද බන්දන පිළිගැනීමට සැදී පැහැදී සිටින ශ්‍රී ලාංකික වීරෝධාර කාන්තාව ඇත්තටම මැසොකිස්ම් (masochism) කියන මානසික ආබාධයෙන් පෙලෙනවා වෙන්නත් පුලුවන්ය.ඔක්කොටමත් හපන් වන්නේ අරාබියාගේ බිරින්දෑය.මිනිහා අතින් මේ ගෘහ සේවිකාව කෙළෙසෙන වැඩේට බිරිඳගේ ෆුල් සප් එක ලැබෙන්නේය.එවන් බිරින්දෑවරු වාසනාවක්ය.ඒ නිසා දැං කරන්නට තියෙන්නේ විකෘති කාම ආසාවල් තියෙන අරාබින්ගේ මනදොළ සපුරන්ඩ ඒ සඳහා ඇප කැප වෙලා ඉන්න අපේ ගෑනු උන්ට තියා ගන්ඩම ගන්ඩ කියලා උංගේ ගෑනු අපිට එවන ලෙස ඉල්ලා සිටින එකය.


ලංකාවේ උංගේ ළමා අපචාර කෙරිල්ලද ජයටම කෙරීගෙන යනවාය.හැමදාම පත්තරේ මුල පිටුවේ කේස් එකක් තියෙනවාමය.තාත්තා දුවව දූෂණය කිරීම.අසල්වාසී නාකියෙක් පොඩි එකීව දූෂණය කිරීම වගේම පොඩි කොලුපැටවු අපචාරයට ලක් කරන එකද මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් විදිහට නැගලා යනවාය.මේක වෙන්ඩ අරගෙන එච්චර කාලයක් නැත.මාසයක් නැත්තං දෙකක් විතර කාලයක් ඇතුලත ලංකාවේ ළමා අපචාර නොසෑහෙන්ඩ වැඩි වෙලාය.එක්කෝ මේවා වාර්ථා වෙන එක වැඩි වෙලාය.නැත්තං හිටි අඩියේ ලංකාවේ උංගේ මෝල කරවෙලාය.ළමා අපචාර දූෂණ පත්තරේ රස කරලා දානවාය.කියවන උංගේ කටින් කෙළත් බේරෙනවාය.ඊට පස්සේ උනුත් පොඩි උං දිහා බලන්නේ ලිංගික ගොදුරු දිහා බලන විදිහටය.කොහොම උනත් සංචාරක පාරාදීසයක් කරන්ඩ හිතාගෙන ඉන්න ලංකාවේ කට්ටියට ස්වයං රැකියාවක් විදිහට ගණිකා වෘත්තිය පුරුදු කරන එක හොඳය.ඒකට ගෑනු පිරිමි බේදයක් නැත.කෝකටත් ඉල්ලුම ඇත.ඒ නිසා පොඩි කාලේ ඉඳලාම ඒවාට පුරුදු කරන එක හොඳය.

ඉස්සර අම්මලා තාත්තලා ළමයිංව උනන්දු කෙරුවේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්ඩ කියලාය.පස්සේ ක්‍රිකට් ගහන් උංගේ ආදායම දැකලා ළමයාව ක්‍රිකට් ගහන්ඩ යොමු කෙරූහ.පස්සේ පස්සේ සින්දු කියලා එක රැයෙන් ගොඩ යන විදිහක් හොයා ගත්තාම ළමයින්ට සින්දු කියන්ඩ ඉගැන්නුවෝය.දැං ලංකාවට එන සුද්දෝ වියදම් කරන හැටි දැක්කාම ළමයිංව ගණිකා වෘත්තියට යොමු කරන්ඩ තාත්තලාම පෙරමුණ ගැනීම එච්චර දෙයක් වෙන්නේ නැත.

අදට මේ ඇතිය.පාඩං කරන්ඩ තිබුණත් කරන්ඩ හිතෙන්නේ නැත.පුදුම කුසීත කමක් ඇවිල්ල තියෙන්නේ.ඒ උනත් කොහොම හරි පාඩම් කරන්ඩ වෙනවනේ.නැත්තං තව මාස හයක් ඉඳලා රිපීට් එක්සෑම් එක කරන්ඩ වෙනවා.ඒ කියන්නේ බඳින එක මාස හයකින් පස්සට යනවා.එතකොට පළවෙනි ළමයා හම්බ වෙන එකත් මාස හයකින් පස්සට යනවනේ.ඒකෙන් ඒකාව ඉස්කෝලේ එක වසරට දා ගන්න එක අවුරුද්දකින් පරක්කු වෙන්ඩ පුළුවං.ඒ අවධානම ගන්ඩ මට බෑ.ඒ හින්දා කොහොම හරි පාඩං කරනවා......මට ජය වේවා!!!

18 comments:

  1. වටේටම නෙලලා නේද ..?

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනවද නෙලන එක වටේටම නෙලන්ඩ එපායැ...

      Delete
  2. මම බැලුවා මොකෝ අතුරුදහන් වෙලා තියෙන්නේ කියලා....

    ඕයි ඔහේගේ මේ ලියවිල්ල නැතිව හෙන අඩුවක් තිබුනේ...
    ඇට්ටි හැලෙන්න ලියන්න ඉක්මනට ඔය විභාගේ ගොඩ දාගන්න තියෙන්නේ... අඩු ගානේ සුදු වෑන් එකක් හරි එයිනේ පස්සෙන්.

    ReplyDelete
    Replies
    1. හරියට වැඩ අක්කේ.දැන්නං පිස්සු වැටෙන්ඩ ළඟයි.විභාගේ ඉවර වෙන්නේ දෙසැම්බර් මැද විතර වගේ.එතකං වැඩිය බ්ලොග පැත්තේ එන්ඩ වෙන්නේ නැති වෙයි වගේ..

      Delete
  3. ටික දවසක් නැතුව ඉදලා සෑහෙන කරුණු ටිකක් හොයාගෙන ඇවිත් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. එහෙ මෙහෙ යන එන ගමං පත්තරේ බලපු එක තමයි කළේ.හැමදාම එකම ටික වෙන්නේ...

      Delete
  4. අඩේ නියමෙට ලියල තියෙනව... මමත් ඉක්මනට පාඩම් කරන්න ඕන මොකද ලමය ඉස්කෝලෙට දාගන්න පරක්කු වෙන නිසා...


    අනේ යකෝ... හිතපු දුර....

    ReplyDelete
    Replies
    1. ඒක හරි හොඳට දුර හිතන්ඩ ඕනේ.අර ජාතක කතාවකත් තියෙන්නේ "පුත දීඝායු දුර බලන්ඩ ළඟ නොබලන්ඩ" කියලා.

      Delete
  5. හැම පැත්තම කවර් කරලා ලියලා නෙව. හිතන්ඩ දේවල් නම් එමටයි...

    ReplyDelete
    Replies
    1. ආයේ මොනවද කොච්චර දේවල් තියෙනවද හිතන්ඩ.මැදපෙරදිග යනවද ඕස්ට්‍රේලියා යනවද වගේ උභතෝකොටික ප්‍රශ්න එන්නේ රටේ වෙන සීන් දැක්කම.

      Delete
  6. ගුද මාර්ගය ජීවන මාර්ගය වීමේ ආදීනව.
    කොහොම වුනත් මෑත සමාජයෙ ගොඩක් අර්බුද ඔබට හොදින් අහු වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අධෝ මාර්ගේ ආදායම් මාර්ගේ කර ගන්න එක මම හිතන්නේ ජාතියක් හැටියට අපේ පුරුද්දක් වගේ..හෙහ් හෙහ්..

      Delete
  7. හොඳයි හොඳයි පමාවෙලා බැන්දම අර වගේ ගොඩක් බඩු අරං යන්න පුළුවං මල්ලක් හම්බවෙයි..

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්ඩ සරත් අය්යටත් හිතෙන දේවල් ඈ...

      Delete
  8. අම්මටසිරි මල්ලිගෙත් අන්තිම විභාගේ නොවැම්බර් ද ? අපේ එකාගෙත් අන්තිම විභාගේ නොවැම්බර් කිව්වා.
    ඌ සෑහෙන පාඩම් කරනවා !!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මලයත් අපේ ෆැකල්ටියෙද?

      Delete
  9. චික් බං කැතේ බැ කොහෙන්ද අර පීන්තුරය ගත්තේ

    ReplyDelete
    Replies
    1. අර උඩම එක නේද? සෑහෙන්ඩ අන්තර්ජාලේ පීරලා හොයා ගත්තේ.හුඃ ලේසි උනේ නෑ.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...