07 October 2012

ක්‍රිකට් ගීතය



හෙට එග්සෑම් එකය.අද මැච් එකය.හෙට එග්සෑම් එකට වඩා අද මැච් එක වටිනවා කියලා ක්‍රිකට් ලෝලියෙකුට හිතෙන්ඩ පුළුවන්ය.ඇත්තය.සමහර විට හෙට උදේ වෙනකොට ජන්මාන්තර ගත වෙලා තියෙන්ඩත් පුළුවං ය.ඒක හින්දා අද ගන්ඩ තියෙන ආතල් එකක් අරං ඉන්න එක හොඳය.ඒ උනාට මට ක්‍රිකට් එච්චර ආතල් නැත.මම හිතන්නේ ඒ මට ක්‍රිකට් ගහන්ඩ බැරි නිසා ඉරිසියාවටය.නැත්තං සුද්දෝ එක්ක තියෙන තරහවටය.සුද්දා අඳුන්වා දුන්න හින්දා ක්‍රිකට් එක්ක මළ පනින්ඩ තරං මම දේශප්‍රේමීය.

කියන්ඩ ඕනෑ ඒක නෙමෙයි ය.මට හෙට එග්සෑම් එකක් තියෙනවාය.ඒක කෙළ උනොත් ඊළඟ බැච් එකට යන්ඩ වෙනවාය.ඒ උනාට මට පාඩම් කරන්ඩ කම්මැලිය.ඒක හින්දා මම බ්ලොග් ලියනවාය.

මේක ගීතයක් ගැන කතාවක්ය.ගීතය ක්‍රිකට් ගැනය.සෑහෙන්ඩ පරණ ගීතයක්ය.ඒ දවස්වලත් ක්‍රිකට් උන්මාදයක් වගේ පැතිරිලා තිබිලා තියෙනවාය.ගීතය ගොඩක් අය අහලා නැතැයි හිතන හින්දාත් හොයාගන්ඩ නැතැයි කියා හිතන හින්දාත් බ්ලොගේ දාන්ඩ හිතුවෙමි.කරන්නේ හොර වැඩක් උනාට කරන්ඩම හිතෙන හින්දා කරනවාය

ගීතය ගායනා කරන්නේ නිහාල් නෙල්සන් මහත්තයාය.මේක මේ වනාත මුල්ලේ ක්‍රිකට් තරඟයක් ගැනය.මේකේ වචන යොදලා තියෙන විදිහ හොඳට අහලා බලන්ඩ.වචන රබර් කරලා තනුවට සැට් වෙන්ඩ ඇදලා කියන්නේ නැත.වචන කොට වෙද්දි තනුව හුචැස් ගාලා නවන්නේ නැත.බොහොම සංයමයකින් ලියලා තියෙන පද මාලාවට උද්වේගකර චිත්තරූප මැවෙනවාය.

වැඩි කතා අනවශ්‍යය.හෙඩ් සෙට් එකක් ගහගෙන බාහිර ලෝකෙන් මිදිලා ඇස් පියාගෙන වචනෙන් වචනේ අහලා බලන්ඩ.මැච් එක ඇස් ඉස්සරහා ගහනවා වගේ පේන්ඩ තරමට චිත්තරූප මැවෙනවාය.

අනුප්‍රාසය යොදලා තියෙන හැටි බලන්ඩ කොච්චර ලස්සනද කියලා.සක්ක පද නැතුව මනා පද ගැලපීමකින් ලියලා තියෙන අපූරුව කියලා වැඩක් නෑ.

බාගන්ඩ මෙතනින්

10 comments:

  1. මරු සින්දුව නෙ, කොහෙද මේක තිබුනෙ

    ReplyDelete
    Replies
    1. එව්වා රහස් ඈ.මගේ ළඟ තියෙනවා කිව්වොත් පොලෝසියෙන් ඇවිල්ලා බුද්ධිමය දේපල කොල්ල කෑවා කියලා උස්සං යන්ඩ ඉඩ තියෙන හින්දා මගෙ ළඟ නං නෑ කියලා කියන්නං.

      Delete
  2. බාමින් පවතී! විභාගය අභාගයක් නොවේවා!

    ReplyDelete
    Replies
    1. විභාගෙනම් ශේප් වගේ.කෝ ඉතිං බාලා ඇහුවැයි??

      Delete
  3. haffoi mewa thiyagena mechcharakal wahn koragena hitiyata walahama kanda epei.

    Thankuuu hode.

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා.හෙමිහිට දාන්න හිතං ඉන්නේ.තනියම අහනවට වඩා බෙදාගෙන අහන එක හොඳයිනේ

      Delete
  4. යකෝ ග්‍රැමෆෝන් එකේ නොයිස් එකත් එනව නෙව. අපෙ තාත්ත ගිව ඔය රෙකෝඩ් එක තිබුණා. ඔය ඩ්‍රැකියුලා, නඩරාජා වගේ සින්දු තිබුණේ... පට්ට සින්දු ටික... ඇහැක්නං ඉතිරි එව්වත් දාන්ඩ!

    මේ සින්දුවල මේ ඔරිජිනල් රෙකෝඩිං එකට පස්සෙ ආයෙමත් කරල නෑ. ඒ නිසා මෙහෙම හරි අහන්න තියෙන එක පට්ට.

    ReplyDelete
    Replies
    1. එළ එළ.වැඩේ මේවා අප්ලෝඩ් කරන්ඩ ගියාම පණ යනවනේ බං.

      Delete
    2. මේං මේක!

      http://www.youtube.com/watch?v=lLKw2zajyCw

      Delete
    3. ඒකෙනං සවුන්ඩ් කොලිටි එක හොඳයි නේද?

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...