06 October 2012

අවුරුදු 40ට වැඩි කාන්තා ඔබ සඳහාම විශේෂ ජංගම දුරකථන පාඨමාලාවක්!!!!





අල්ලපු ගෙදර ලොකු කොල්ලට, පහල ගෙදර පොඩි කෙල්ලට, ඔබේම දරුවන්ට පච වූ කාලය අවසන් කරමු.

         මාස හයකින් පූර්ණ ජංගම දුරකථන පුහුණුවක්!

ආශ්චර්යය කරා යන දේශයක දිරිය කතුන් ලෙස සන්නිවේදනයේ දැනුම නොමැති වීම මහත් වූ පාඩුවක් නොවේද?

එන්න අපගේ පාඨමාලාවට එකතුවන්න.

# අඩුම කාලයකින් මනා අවබෝධයක්

# ප්‍රවීන ඇඳුරු මඩුල්ලක්

# නවතම තාක්ෂණය භාවිතය

# පාඨමාලාව අවසානයේ ලොව පිළිගත් සහතික පත්‍රයක්

# ඔබ අපේක්ෂා කරන මට්ටමට ඔබගේ කුසලතා වර්ධනය නොවුවහොත් මුදල් ආපසු

# සහභාගී වන හැමට සිම් පතක් නොමිලේ



පාඨමාලාවේ ඉලක්කයන්

* ජංගම දුරකතනය ක්‍රියාත්මක කරවීම සහ අක්‍රිය කරවීම පුහුණු කිරීම

* ඇමතුමක් එනවිට එය ලබා ගැනීම සහ විසන්ධි කිරීමේ පුහුණුව

* අංකයක් ඇතුලත් කොට ඇමතුමක් ලබා ගැනීමේ පුහුණුව

* පෙරගෙවුම් කාඩ්පතක් ආධාරයෙන් සම්බන්ධතාවයට මුදල් එක්කර ගැනීමේ හැකියාව ලබාදීම

* රීලෝඩ් දමාගන්නා අයුරු ( භාශාව හැසිරවීම සහ සේවාදායකයා සමඟ කතාකොට සිය අවශ්‍යතාවය එනම් මුදල් ප්‍රමාණය සහ නිවැරදිව තම ජංගම දුරකථන අංකය ඉදිරිපත් කිරීම සඳහා විශේෂ පුහුණුවක් සහිතයි )

* ජංගම දුරකථන භාවිතයේදී හඬ පාලනය (ප්‍රසිද්ධ ස්ථානවල දී ඔබ තවදුරටත් අන්‍යයන් අපහසුතාවයට පත් කිරීමෙන් වලකිනු ඇත.එමෙන්ම ඔබගෙ පුද්ගලික ගැටළුවලට අන්‍යයන් සවන්දීමේ අවධානමද වැලකී යයි )

* ජංගම දුරකථනය අවශ්‍ය විට නිහඬ කිරීමේ හා කම්පන අවස්ථවට පත් කිරීමේ පුහුණුව (මෙමගින් ඔබ පන්සල් පල්ලි වැනි ආගමික ස්ථානවලදී මෙන්ම උසාවි රෝහල් වැනි ස්ථානවලදී අපහසුතාවයට පත් වීම වැළකේ )



මෙම කුසලතාවයන් ලබාගෙන පළමු අදියරේ පරීක්ෂණයෙන් සමත්වන ඔබට දෙවන අදියරේ පාඨමාලාව හැදෑරීමට අවස්ථාව හිමි වේ.

දෙවන අදියරේදී තරමක් සංකීර්ණ කුසලතාවයන් ලබා දීමට බලාපොරොත්තුවන බැවින් මේ සඳහා පළමු අදියර සම්පූර්ණකොට සිටීම අනිවාර්ය කර ඇත.

මෙහිදී

* කෙටි පණිවුඩයක් ලැබුණු විට එය කියැවීම. (කෙටි පණිවුඩවල යෙදෙන කෙටි යෙදුම් සහ ෆොනෙටික් කියැවීමේ විශේෂ පුහුණුවක් ලබා දේ )

* කෙටි පණිවුඩයක් සටහන් කොට අවශ්‍ය අයෙකුට යැවීමේ පුහුණුව ( යතුරු පුවරුව භාවිතයේ පුහුණුව සහ වේගවත් යතුරු පුවරුව භාවිතයට විශේෂ ක්‍රමවේදයන් කියා දෙනු ලැබේ. )

* අනවශ්‍ය කෙටි පණිවුඩ මකා දැමීමේ පුහුණුව

* දුරකථන අංකයක් ජංගම දුරකථනයට ගබඩා කිරීමේ පුහුණුව

* අනවශ්‍ය අංක මකා දැමීම

* දුරකථනයෙන් ගුවන් විදුලියට සවන් දීම සහ ජංගම දුරකථනයේ ඇති ගීතවලට සවන් දීමේ පුහුණුව (හදිසියේ අක්‍රිය කිරීමේ පුහුණුවද සහිතය )

පාඨමාලාව අවසානයේ පරීක්ෂණයෙන් සමත්වන්නන්ට 2GB මෙමරි කාඩ් එකක් නොමිලේ!!!


දෙවන අදියර අවසන් කළ ඔබට විශේෂ පාඨමාලාවක් !

* ජංගම දුරකථනයෙන් ෆේස් බුක් සැරි සැරීම සහ ෆේස් බුක් පිටුවක් පවත්වාගෙන යාම.

සහභාගීවන සැමට නොමිලේ ෆේස්බුක් පිටුවක් නිර්මාණය කර දෙනු ලැබේ!!!!

පමා නොවන්න....අදම ලියාපදිංචි වී නැගී සිටින රට සමඟ ඉදිරියට යාමට පෙළ ගැසෙන්න........




10 comments:

  1. ලංකාවේ ෆොනේ එකට answer කරන්න දන්නේ නැති 40+ Aunty ල, බ්ලොග් කියවනවද ?, මාරයි

    ReplyDelete
    Replies
    1. නියම කතාව...

      ඒත් ඇනෝ මේක ජෝක් එකට දාපු එකක් වෙන්න ඇති..

      Delete
    2. අනේ මං හිතුවෙ කියවනවා ඇති කියල.ජනාධිපතිතුමත් කියවන එකේ (එතුමට බැණලා තියෙන ඒවා කියවන්ඩ එනවා ඇතිනේ) මම හිතුවේ ලංකාවේ ඔක්කොමල්ලා බ්ලොග් බලනවා කියලා.

      Delete
  2. කොරන්ඩ පුළුවන් නං මරු වැඩක් බං , පුදුම වදයක්නේ තියෙන්නේ උන්දලාගෙන්

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ වැඩිහිටි කාන්තාවො එක්කම ගැවසිලා අත්දැකීම් බහුල පුද්ගලයෙක්.අනිවා අටමෝ මහන මැෂින් හදනවට වඩා ඔය ජුන්ඩි ජුන්ඩි ෆෝන් වැඩ කොරලා දෙන්ඩ වෙලා නැද්ද කියපං අයියේ??

      Delete
  3. මොනා උනත් සෑහෙන්න බැදගත් පාඩමක්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මචං.ඔහෙත් මේ වගේ ඇත්තියෝ ඉන්නවද??

      Delete
  4. වටිනා කියන පින්කමක් :)

    ReplyDelete
    Replies
    1. හසිතත් බැට කාලා තියෙනවා වගේ ඈ...

      Delete
    2. එච්චරම නැහැ කොඤ්ඤං කොඤ්ඤං තමා :D

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...