27 June 2012

ගිටාරය




ගිටාරය කියන්නේ ආරම්භය තවම අවිනිශ්චිත සරළ, පහසුවෙන් එහේ මෙහේ ගෙන යා හැකි සංගීත භාණ්ඩයක්.ගිටාරය කොහේදි ආරම්භ උනත් ජනප්‍රිය උනේ ස්පාඤ්ඤ කාරයොත් එක්ක.ලංකාවට ගිටාරය පැමිනෙන්නේ කණ්ඩායම් සංගීතයත් සමඟයි.ලංකාවේ පළමුවෙනි සංගීත කණ්ඩායම වන 'ලොස් කැබලෙරෝස්' පටන්ගත්තු නෙවිල් ප්‍රනාන්දු මහත්මයා එවකට ජනප්‍රියව පැවති සී.ටී. ප්‍රනාන්දු මහත්මයාගේ ගීතවලට ගිටාර් සංගීතය මුසු කරමින් සිය කණ්ඩායමත් සමඟ ගායනා කළා.තමංගේ සින්දු හොරා කන නෙවිල් ප්‍රනාන්දු මහත්මයාට සී.ටී. ප්‍රනන්දු මහත්මයා විරෝධය පල කරන්න ගත්තම නෙවිල් ප්‍රනාන්දු මහත්මයා තමංගෙම සින්දු නිර්මාණය කරන්ඩ තීරණය කරනවා. සී.ටී. ප්‍රනාන්දු මහත්මයා ගායනා කළ ගීයක තනුවක් ඇසුරෙන් නෙවිල් ප්‍රනාන්දු මහත්මයා 'මල්බර හිමිදිරියේ...කොයිබද සමනොලියේ.....' ගීතය නිර්මාණය කර රුක්මණී දේවි සමඟ ගායනා කරනවා.

ලංකාවට ගිටාරය ඒම පිළිබඳව එවකට සිටි ප්‍රබුද්ධ සංගීතකාරයින් කැමති උනේ නෑ.බටහිර දේ ප්‍රතික්ෂේප කර ඉන්දියානු දේට වන්දනා කරන්ඩ තමයි ඒ අය පුරුදු වෙලා හිටියේ.තවමත් එහෙමයිනෙ..බන්දුල පද්මකුමාර මහත්මයා මාධ්‍යකරුවෙක් විදිහට ගිටාරය වෙනුවෙන් පෙනී හිටියා.ඔය අතරේ තමයි ගිටාරයෙන් ලංකාවේ සංගීතයේ විප්ලවයක් කළ 'ධර්මරත්න සහෝදරයෝ, මූන්ස්ටෝන්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස්, සමනළයෝ, ත්‍රී සිස්ටර්ස්, ජිප්සීස්' එහෙම පෙරමුණ ගන්නෙ.


අමරනාත් රණතුංග මහත්මයා කියන විදිහට ගිටාරයෙන් හම්බකරගෙන කන ඈයො ලෝකෙ මිලියන 10කට වඩා ඉන්නවලු.ඒ මහත්මයා කියන විදිහට තරුණයෝ ගිටාරයට  යොමු වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ ගිටාරයේ තියෙන ස්ත්‍රී ලක්ෂණ නිසාලු.ගිටාරයේ හැඩය ස්ත්‍රී සිරුරකට සමානයි කියලා තමයි කියන්නේ.ඔහුට අනුව විද්‍යුත් ගිටාරය පුරුෂ ලිංගයකට සමානයිලු.පිරිමි ඈයෝ විද්‍යුත් ගිටාරය වයන්නේ වේදිකාව මත ස්වයං වින්දනයේ යෙදෙන ආකාරයටලු.මම හිතන්නේ කට්ටිය රොක් ගිටාර් වාදනය කරන ආකාරය දැකලා තියෙනවානං මේ ගැන අවබෝධයක් ලැබෙයි.තව පොඩ්ඩෙන් අමතක වෙනවා අමරනාත් රණතුංග මහත්මයා ගැන කියන්න.ඔහු ලංකාවේ ක්ලැසිකල් සහ ෆ්ලෙමෙන්කෝ ගිටාර් වාදනයේ ප්‍රමුඛයෙක්.සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක්.

ලෝකයේ වැඩිම විවිධත්වයක් සහිත සංගීත භාණ්ඩය තමයි ගිටාරය.ක්ලැසිකල් ගිටාරය, ෆ්ලැමෙන්කෝ ගිටාරය, සාමාන්‍ය බොක්ස් ගිටාරය (ලෝහ තත් සමඟ ), විද්‍යුත් ගිටාරත් වර්ග රැසක් තියෙනවා.බේස් ගිටාර්, ලීඩ් ගිටාර්, රිදම් ගිටාර් වගේම රොක් ගිටාර්, බ්ලූස් ගිටාර්, ජෑස් ගිටාර්, වගේ රාශියක්.මෙහෙම විවිධත්වයකින් යුක්ත වෙන කිසිම සංගීත භාණ්ඩයක් නෑ.

ප්‍රධාන වශයෙන් ගිටාරයේ සංගීත වාදන ශෛලීන් දෙකක් තියෙනවා.ක්ලැසිකල් සහ ෆ්ලැමෙන්කෝ කියලා.ක්ලැසිකල් හෙවත් සම්භාව්‍ය වාදනය හරිම මිහිරි සහ මෘදු හඬක් නගනවා.මේ අමරනාත් රනතුංග මහත්මයා රොමෑන්සා නම් වාදනය වාදනය කරන අයුරු පහත ලින්කුවෙන් බලන්න.

http://www.youtube.com/watch?v=9zUZe47tz5k&feature=relmfu

එයිට වෙනස් ආරක් ගන්නා ෆ්ලැමෙන්කෝ ශෛලිය තරමක් කර්කශ ඝෝෂාකාරී හඬක් තමයි නගන්නේ.නමුත් රසවිඳින්න හුරු කෙනෙක් විශ්මපත් කරන්න දක්ෂ ෆ්ලැමෙන්කෝ වාදකයෙක් සමත් වෙනවා.ෆ්ලැමෙන්කෝ වාදනයේ විශේෂත්වය වන්නේ ඔවුන් දකුණතින් ගිටාරයේ තත් වාදනය කරනවාට අමතරව ගිටාරයේ බොක්ස් එකටත් තට්ටු කරමින් එම හඬද වාදනයට මුසු කිරීමයි.පහත වීඩියෝ දෙක බලන්න.පළමු වීඩියෝවේ වාදකයා ඔහුගේ මුහුනේ අභිනයන් කොතරම් හොඳින් වාදනය හා සංකලනය කරනවාද?

http://www.youtube.com/watch?v=DLUxHEJ4kPM
http://www.youtube.com/watch?v=cv2Fyjk0GGM&feature=related

ක්ලැසිකල් සහ ෆ්ලැමෙන්කෝ රසවින්දනය සඳහා ශබ්දය පමණක් ප්‍රමාණවත් නෑ.වාදකයාගේ ඇඟිලිවල සියුම් චලනයන් මෙන්ම ඔහුගේ මුහුනේ සාත්වික අභිනයන්ටද අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.මේ ගිටාර් වාදනයන් අපේ රටේ වර්තමානයේ ඉතුරු වී ඇති කසිකබල් ඊනියා කණ්ඩායම් සංගීතයෙන් කොච්චර වෙනස්ද භාවජනකද කියලා රසවිඳලම බලන්න.

මේ ගිටාරයේ ඇති විශ්මය පෙන්වන තවත් වීඩියෝවක්.සාමාන්‍ය ගිටාරයකට කළ හැකි දේ බලන්න.සංගීත කණ්ඩායමකටම එක ගිටාරයක් ඇති නේද? හරියට වාදනය කරන්ඩ දන්න්වානං.

http://www.youtube.com/watch?v=d9NF2edxy-M

ඔන්න දැං මම අහලා තියෙන ගිටාරයේ සහ අමරනාත් මහත්මයා කිව්ව දේ අතර ඇති සමානකම් කීපයක් කියන්නං.

1. වාදනය කරන්ඩ පෙරාතුව හොඳින් ටියුන් කරන්ඩ (සුසර කරන්ඩ ) ඕනේ.එතකොට තමයි හොඳ හඬක් එන්නෙ.
2. උඩින් මිරිකලා යටින් තමයි ගහන්ඩ තියෙන්නේ.
3. සාමාන්‍යයෙන් උකුල උඩ තියාගෙන ගැහුවට වැඩකාරයෝ කරේ තියාගෙනත් ගහනවා.



පින්තූරෙ ගත්තේ : londonguitarinstitute.co.uk



10 comments:

  1. දැන් අන් ප්ලග් සංකල්පයත් නැගලා යනවා ලංකාවේ සහ බොහෝ රටවල් වල! ඒ විදිහට වැලඳ ගන්න ගිටාරයෙන් කෙරෙන මෙහෙය තමා ප්‍රධාන වෙන්නේ මට හිතෙන හැටියට!

    තව සමානකම් තියනවා නොවැ!'ලොකු හිස් පෙට්ටියක් දෙකේම තියනවා!
    හරි තැන එබුවාම තමයි නියම සද්ද එන්නෙත්! :D

    ReplyDelete
    Replies
    1. ඔය කියලා තියෙන්නේ තවත් සමානකං.අන්ප්ලග් කියලා අනිත් රටවල කෙසේ වෙතත් ලංකාවේනං යන්නේ සෙමිප්ල්ග් වගේ එකක්.අන්ප්ලග් ඒවට මමත් ආසයි.ඒවයේ වාදනය කරන විදිහ පවා වෙනස්.

      Delete
  2. අනික් සන්ගීත බාන්ඩ වලට වඩා තියන වෙනස විදියට මම නම් දකින්නේ,ගිටාරයෙන් පමනයි (අන් ප්ලග්) පිරුනු සම්පුන සිංදුවක් නිර්මානය කරන්න පුලුවන්.අනික හොද වෑඩ කාරයෙක් ගිටාර් එක ගහද්දි ඇස් ඉවතට ගන්න හිතෙනවද,අනික මට අමරනාත් මහතා මතක් කරාම මුලින්ම ඔලුවට ආවේ "නියුඩො". Naudo කියලා යු ටුයුබ් එකේ පොඩ්ඩක් බලන්න.පට්ටම ප්ලේයර් කෙනෙක්,
    සබිත් කීව අන් ප්ලග් ගෑන කතා කරන්වා නම් මම බලපු සුරිම අන්ප්ලග් එක තමයි බ්‍රයන් ඇඩම්ස් ගේ අන්පල්ග් ශෝ එක...

    ReplyDelete
    Replies
    1. ඇයි මචං පියානෝ එක.ඒකත් ගිටාර් එක වගේම තමයි.අන්ප්ලග් කිව්වම මට මතක් උනේ ඊගල්ස්ලගෙ එක.ඔන්න මමත් බැලුවා Naudoව.මරු ඈ....

      Delete
  3. පට්ටයි බං.. අර Walk Off the Earth කට්ටිය නම් සුපිරිම තමයි... මේ... ලොරෙන්සෝ දි අල්මේදගෙ ගිටාර් එක ගැන කතාව මෙතන (http://living.hartstuff.com/2010/11/blog-post_4613.html)

    ගිටාර් එක මගෙත් කැමතිම භාණ්ඩයක්. ඇම්ම තිබුණ කාලෙ ගත්තු එක තාම කාමරේ බිත්තියට හේත්තු වෙලා හූල්ලනවා... හැබැයි වැඩේ අතාරින්නෙ නම් නෑ....

    ReplyDelete
    Replies
    1. ලොරෙන්සෝ ද අල්මේදාගේ මෙව්වා එක මමත් ඔන්න බැලුවා.කීයකට හරි ගන්ඩ බැරිද දන්නෑ නේද? .යකෝ ගිටාර් එකක් අරගෙන බිත්තියට හේත්තු කරලා තියන්නේ මොකාද? යූ ටියුබ් එකෙන් බලාගෙන ගහන්ඩ පුරුදු වෙයං මචං.

      Delete
  4. ගිටාරය කියලා කියන්නේ තත්වාද්‍ය භාණ්ඩ වලින් මම් ආසම නැති සංගීත භාණ්ඩය !! ගිටාරයෙන් ලස්සන තාලයක් එනවා තමා. එක එක සිංදුත් වාදනේ කරන්ඩ පුලුවන් තමා.

    එහෙනම් ප්‍රශ්නේ මොකද්ද ?

    ප්‍රශ්නේ මේකයි !!!!
    මම් වමත් කාරයෙක් නිසා ඕක හරියට අල්ලගෙන වාදනේ කරන්ඩ බෑ. වමතට නැතුව දකුනට අල්ල ගනින් කියලා යාළුවෝ එහෙම කෑ ගහනවා. හුරු අතට එපැයි අල්ලගන්ඩ !!!

    ඔන්න ඕකයි ප්‍රශ්නේ !

    ReplyDelete
    Replies
    1. ගිටාර් එකේ කම්බි ටික තියෙන පිළිවෙලට නැතුව අනිත් පැත්තට දාගන්ඩ.ඒ කියන්නේ E1 එක තියෙන තැනට E6ත් එක දාලා.එතකොට වම් අතින් ගහන්ඩ පුළුවං.හැබැයි F කට් කියන ජාතියේ ගිටර් එකක්නං ගහන්ඩ ටිකක් අමාරුයි ඒ විදිහට...

      Delete
  5. මමත් කාලයක් ගිටාර් එකකට තලන්න ගියා..... දැන් නම් ඒ උණ පොඩ්ඩක් අඩුවෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අපරාදෙ නොවෑ ඇයි අත ඇරියෙ.බොලේ ගිටාරය වනාහී කර්ණ රසායන සංගීතය මැවීමෙහි සමත් අවිඥානික වස්තුවක් නොවැ.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...