05 February 2012

පචගහ


පච ගහ කියලා කිව්වට ගොඩක් අය දන්නෙ නෑ මගෙ හිතේ.පච ගහ කියන්නෙ කොළඹ වෛද්‍ය පීඨ භූමියේ තියෙන සංකේතයක් කිව්වොත් හරි.මේ පච ගහ කියන්නෙ රොබරෝසියා කියන ජාතියෙ ගහකට.මෙන්න මේ පච ගහ වෛද්‍ය පීඨයේ දරුවන්ට වන්දනීය එකක් වෙන්නෙ ගොඩක් අයගේ වෛද්‍ය පීඨ ජීවිතේ මතකයන් ගොඩක් ඇරඹෙන්නෙ මේ කියන පච ගහ යටදි හින්දා.


වෛද්‍ය පීඨයට අළුතෙන් බැච් එකක් ආවම ඒ අයට පළවෙනි අවුරුද්දම ඉන්න වෙන්නෙ පච ගහ ‍යට.මොකද කොළඹ වෛද්‍ය පීඨයට ලොකු පිළිගැනීමක් එක්ක ලොකු නමක් තිබුණට ඇතිවෙන්න ඉඩ පහසුකම් නැති හින්දා.ඉතිං ලෙක්චර්ස් යන්න කළිං සහ ලෙක්චර්ස් ගිහිං ඇවිත් කට්ටිය සෙට් වෙන්නෙ විතරක් නෙමෙයි අළුත් බැච් එක පිළිගන්න ඒ අයගෙ ජ්‍යේෂ්ඨයො සංවිධානය කරන 'ෆ්‍රෙෂර්ස් වෙල්කම්' එකට කණිෂ්ඨ ඈයො ඉදිරිපත් කරන අංග එහෙම සූදානම් කර ගන්නෙත් පච ගහ යට රැස් වෙලා තමයි.

ඒ විතරක් යැ බැච් එකේ ප්‍රථම ප්‍රේම සම්බන්දෙත් ඇරඹෙන්නෙ පච ගස් හෙවනෙ තමයි.සමහර කෙල්ලො ඉස් ඉස්සෙල්ලම කොල්ලෙක් එක්ක කතා කරන්නෙත් පච ගහ යටදි.ඒ විතරක්යැ සමහර කොල්ලො කෙල්ලෙක් එක්ක ඉස්සෙල්ලම කතා කරන්නෙත් පච ගහ යටදි.මොකද පිරිමි ඉස්කෝලෙකට හරි ගෑනු ඉස්කෝලෙකට හරි ගිහිල්ලා, ගෙවල්වලිං වගේම ගුරුවරුංගෙත් තීක්ෂණ අවධානය මැද්දේ හැදී වැඩෙන කට්ටිය ඔය මොකුත් මුරකාවල් නැතුව ලෝකෙ දකින්නෙ පච ගහත් එක්ක.

ඉතිං මේ පචගහ කපලා දාන්න සහ ඒක කපලා එන ඉඩේ ආචාර්ය මණ්ඩලේ රථගාල පුළුල් කරන්ඩ යෝජනාවක් තියෙනවා කියලා දූසමාන ආරංචියක් ලැබුණ හින්දයි මේක ගැන ලියන්ඩ හිතුනෙ.පචගහ දැං නාකියි තමයි.වාහන දාන්න ඉඩත් මදි තමයි.ඒත් ඒක අපේ පචගහනෙ.කපන එක හරිද මං අහන්නෙ? මිනිස්සු කී දෙනෙක්ගේ මතකයන් එකතු වෙච්ච තැනක්ද?


ඔය කිව්වට ඕක කපන එකක් නෑ.ඒත් බැරිවෙලාවත් කපන්ඩ ලෑස්ති උනොත් ජනතා මතයක් ගොඩ නගලා තියන්ඩ ඕනෙනෙ.කොහොමත් පචගහ සුරැකීමේ ව්‍යාපාරය කියලා සංවිධානයක් පිහිටුවාගත්තොත් ඒකට රටේ හැම අස්සක මුල්ලකම ඉන්න කොළඹ වෛද්‍ය පීඨයේ දොස්තර මහත්තුරු, නෝනලා හැමෝමත් එකතු වෙයි.පචගහටත් මේ අසුභ ආරංචිය ආරංචි වෙලාද කොහෙද මම නාකි නෑ කියලා පෙන්නන්න වගේ ගහ පුරාම මල් පිපිලා.මම පහුගිය දවසක උදේ පාන්දර ෆැකල්ටියට යද්දි දැක්කා, මෙන්න මේ වගේ තමයි බිම මල් වැටිලා තිබ්බෙ.




මේ මල් වැටිලා තියෙන බැම්ම උඩ පස්ස තියාගෙන කොච්චරනං පච හලලා ඇද්ද?



14 comments:

  1. ඒ වගේ දේවල් ගැන හිතේ ආදරයක් තියාගන්න පුළුවන් වීම සෑහෙන්න වටින දෙයක්. අපේ යුනියේ නම් ඔය වගේ වටිනා කම් තියෙන දේවල් බොහෝම පොඩ්ඩයි තියෙන්නේ. :)

    ReplyDelete
    Replies
    1. අපිටත් තියෙන්නෙ මේක විතරයි මචං

      Delete
  2. ඒ වගේ සුන්දර මතක එකතු උන තැනක් නැති වෙනවයි කියන්නේ ලොකු අපරාදයක්..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං කියන්නෙ.කොහොම හරි පචගහ රැකගන්න දිවි හිමියෙන් කටයුතු කරනවා.

      Delete
  3. ඇයි අපෙත් තියෙනවා ගහක් ! (එක ගහක් විතරක් නෙමෙයි තියෙන්නේ. ගස් ගොඩක් තියෙනවා)
    ඒ ගහට අපි කියන්නේ ස්ට්‍රයික් ගහ කියලා.

    ReplyDelete
  4. පින්තූරේ සයිස් එක අඩු කරන්ඩෝ. පැත්තකින් පින්තූරේ පැනලා !!!

    ReplyDelete
    Replies
    1. අපිට ඉතිං එහෙම ගොඩක් නෑ.ඔය කියන්නෙ අර 'වල' කිට්ටුව තියෙන ඒවද?
      ඔන්න සයිස් එක අඩු කළා.

      Delete
  5. අපි පොඩි කාලේ, ගම්පහ පොළිසිය ගාවින් උසාවි පාරට හැරෙන තැන 'පච ගහ'ක් තිබ්බ. ඒකට නම වැටිල තිබුනෙ ඒක යට තෙල් බේත් කාරයො, මැජික් කාරයො එහෙම කියන බොරු හින්දම වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. මේකටත් එහෙම කියන්නෙ අපේ කට්ටිය පච හලලම වෙන්න ඇති.උසාවිය ළඟ එහෙම ගහක් දැන්නම් නෑ මගෙ හිතේ.

      Delete
  6. "පච ගහ" ගැන ගොඩාක් දේ මමත් අහල තියනවා. ඒක කපන්න ඩෙන්න එපා මචං. බේරගන්ඩ පුළුවන් තරම් උත්සාහ කරපන්...
    උඹලාගේ සටනට මගෙන් සුභ පැතුම්)

    ප.ලි.
    මම විශ්වාස කරනවා මේ පින්තූර ගත්තෙ උඹ කියලා. කලින් පාර නාහෙන් ඇඬුවට ඔය තියෙන්නෙ හොඳ පින්තූර ටිකක්. ටිකක් edit කලා නම් ගොඩ තමයි...

    ReplyDelete
  7. මල් විතරක් මදි නැද්ද? ගහත් තිබුන නම් අනිත් අයට හොඳ අවබෝධයක් ලැබෙයි මයේ හිතේ.

    ReplyDelete
    Replies
    1. ගහේ ෆොටෝ එකක් ගන්න හොඳ ඈන්ගල් එකක් සෙට් උනේ නෑ.අපිට හරියට වැඩනෙ බං.ඉතිං ෆොටෝ එකක්වත් නිදහසේ ගන්න වෙලාවක් නෑ.මම තමයි ගත්තේ.අපරාදෙ කියන්න බෑ එඩිට් කිරීම ගැන කිසිම දැනුමක් නෑ මචං.

      Delete
  8. pACHA GAS USAVI GAWATH THIYAANAWA.

    ReplyDelete
  9. Edit කරන්න දැනුමක් ඕන professional software පාවිච්චි කරනවා නම්. ඒත් online editing කරන්න පුළුවන් sites ඕන තරම් තියනවා.
    උදා. www.picnik.com
    (ඒත් කණගාටුයි කියන්න මේ site එක අප්‍රේල් 19 න් පස්සෙ නෑ. ඒ වෙනිවට Picasa 3.9 version එක නම් සිරා. ලොකු වැඩ නෑ. ඇස් දෙකයි, ඔළුවයි විතරක් තිබ්බම ඇති. උඹත් try කරලා බලපන්. software එක free download කරගන්න පුළුවන්..)

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...