2005 උ/පෙ කණ්ඩායම අවුරුදු පහක් කාපු කට්ට සහ අතැඹුලක් සේ එකතු කරගත්තු දැණුම පැය ගාණකට කැටි කරලා අවසාන විභාගෙට මුහුණ දුන්නා.විභාගෙදි සිද්ද වෙච්ච එක එක රස කතා අස්සෙ මෙච්චර කාලයක් ටොන් ගාණක් ඔළුවෙ තියං හිටපු ඈයො වගේ හෙමිහිට ඇවිදපු, පාඩං කරපුවා හේදිලා යයි කියලා අඩුවෙං නාපු, ඒ විතරක්යැ අපි කැරම් ගහද්දි ඈතිං ඒ දිහා සුසුම් හෙලමිං බලාගෙන ගිය ඈයො පස්වනක් ප්‍රීතියෙං පිරිලා ඉතිරිලා කොමන් රූම් එකේ එහෙට දුවනවා මෙහෙට දුවනවා.මාර ආතල් එකක් ඇත්තෙ.අපිට උඩ බැච් එක, ඒ කියන්නෙ 2006ත් ඔය කෙරුවාවම කළාට පස්සෙ අපිට තමයි බඩු බනිස් වෙන්න තියෙන්නෙ.ලබන අවුරුද්දෙ අග වෙනකොට අපිත් අවසාන විභාගය කියන මරු කපොල්ල ගාවට එනවා.පනිනවාද නැද්ද කියන එක තීරණය කරන්න ඕනෙ අපි.
මේ කරගෙන යන විදිහට කරලානං අවසාන මෙව්වා එකෙං ගොඩ යන්න බෑ කියලා අපේ ජ්‍යේෂ්ඨයො කොච්චර කිව්වත් අපි කණකට ගන්නෑ වගේ ඉන්නවා තමයි.ඒත් ඉඳලා හිටලා ටොයිලට් එකේ එහෙම ඉන්න කොට ඕවා මතක් වෙලා බොක්ක කූල් වෙලා යනවා.
කැනියුලා නොමගය
කැතීටර් හරි හිරය
බ්ලඩ් ඩ්‍රෝවිං බැරිය
එපිස් මැහුවේ අවාරයටය
ක්ලිනිකල් ආමි
කේසස් බැලීමි
හිස්ට්‍රි ද ගතිමි
මතක නැත්තේ ඇයිද නොදනිමි
ෆයිනල් කෙළ වේදෝ
කෙල්ලත් නැති වේදෝ
කොන්සෝ* මගෙ දෙයියෝ
හදවත උණු නොවේදෝ
* කොන්සා යනු අපේ ආදරණීය කන්සල්ටන් උතුමන්ලාය.කොන්සා කියන්නේ අපහාස කිරීමට නොව කවියේ සංක්ෂිප්ත බව රැක ගැනීමටය.
ඉතිං මම එග්සෑම් ඉවර කරපු අයියා කෙනෙක් එක්ක කතා කර කර ඉද්දි විහිළුවට වගේ ඇහුවා කවද්ද බඳින්නෙ කියලා.මේ අවුරුද්දෙ අගෝස්තුවල බඳිනවාලු.පව් නිදහස් ජීවිතේ අන්තිම මාස කීපේවත් සතුටින් ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කළා.ඒ කිව්වට කතාවට කියනවනෙ විවාහය හරියට ඇඹුල් අඹයක් කනවා වගේ කියලා.කන එකා අමාරුවෙං කෑවට බලං ඉන්න උන්ට කෙළ උණනවලුනෙ.ඉතිං අර මැරෙන්ඩ කිට්ටු එකාට සුදු කොඩි, ගොක් කොළ පේනවා වගේ අවුට් වෙන්ඩ කිට්ටුව මටත් දැං එක එක ජාති හිතෙන්ඩ පටං අරං.
බඳින්ඩ, ඒ කියන්නේ අර මෙව්වා කරන්ඩ නීතිමය අවසරය ගන්න එක මාත් කරන්ඩ ඕනෙනෙ.බඳින එකේ තියෙන ලොකුම අවුල තමයි කැමරාකාරයා කියන කියන විදිහට එක එක ඉරියව්වලට ඉන්න එක.ඇත්තම කිව්වොත් මුළු වෙඩින් එකම යන්නෙ ඌට ඕනෙ විදිහට.ඌට හොඳයි කියලා හිතෙන විදිහේ ෆොටෝ එකක් වදිනකං බීම පොවන්ඩයි, බත් කවන්ඩයි, එක එකා ඉඹින්ඩයි එපා වෙනවනෙ.ඒ උනාට මගේ ප්‍රේමවන්තියත් තවත් එක කාන්තාවක් හින්දා වෙඩින් කියන නාටකයේ මනමාල චරිතය එක දවසක් මටත් රඟපාන්ඩ වෙනවාමයි.උඩරට විදිහට අඳින්න, පහත රට විදිහට අඳින්න, බටහිර විදිහට, උත්තර භාරතීය, දක්ෂිණ භාරතීය, ද්‍රවිඩ, කල්ලු, මලයාලම් ආදී එක එක විදිහට ඇඳලා වෙඩින් එක ගන්ඩ ඕනෙ කියලා එක එක දවසට කියනවා.
ගෑනුන්ට ඕනෙ ඕනෙ විදිහට වැඩ කරගෙන යන්න දුන්නොත් වෙඩින් එකක් නෙමෙයි වෙඩින් මාලාවක් අරං තමයි නවතින්නෙ.මාලා නාටකයක් වගේ එක දවසට එක වෙඩින් එක ගානෙ.වෙලාවට දැං කාලෙ කෙල්ලො රත්තරංවලට එච්චර ආසා නෑ.නැත්තං ඉතිං සොරිම තමා රත්තරං.ලෝකෙටම ණය වෙලා වෙඩින් එක ගත්තා කියමුකො.ඊට පස්සෙ තමංටම කියලා ගෙයක් දොරක් හදා ගන්ඩ ඕනෙ.නැත්තං ඉතිං නැන්දම්මා ලේළි මෙගා නාට්‍ය පටං ගන්නවා.කොච්චර නැන්දම්මා එක්ක වලි දාගන්නෑ කියලා බඳින්න කළිං කිව්වත් ඕවා සත පහකට විශ්වාස කරන්ඩ බෑ.අනික අපි වගේ රත්තරං කොල්ලො බෙදා ගන්ඩ බැරුව අම්මයි, බිරිඳයි වලි දාගන්නවා කියන එක අරුමයක් නෙමෙයිනෙ.කවුද කැමති ආ උඹ තියා ගණින් කියලා නිකං ඉන්න.
රටේ ලෝකෙ අනිත් කොල්ලො ඊළඟට ට්‍රයි කරන්නෙ වාහනයක් ගන්ඩ උනාට මට රථගාය නැති හින්දා මම ඒ ගැන එච්චර උනන්දුවක් නෑ.මගේ ඊළඟ ඉලක්කය බල්ලෙක් සහ මාළු ටැංකියක් තමයි.බල්ලෙක් නං ඕනෙමයි.අයිසෙක් නිව්ටන් එක වෙලාවක කිව්වලු 'මිනිසා පිළිබඳ මාගේ අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න මගේ බල්ලා කෙරේ මාගේ ඇති ප්‍රේමය එන්න එන්නම වැඩි වේ' කියලා.ඉතිං බැඳලා අවබෝධය එන්න එන්නම වැඩි උනොත් ප්‍රේමය වැඩියෙං දෙන්න බල්ලෙක් ඉන්න එක හොඳයි.
ඉතිරිය පසුවට.
අඩෝ මෙහෙ උනුත් එහෙම තමයි! ඇවිත් අවුරුද්දෙන් දෙකෙන් මස්කට් කෑල්ලක් සැට් කරන් ෆයිනල් ඉවර වෙච්ච ගමන් තාත්තලගේ සල්ලි වලින් ජයටම මගුල ගන්නවා(නිල වශයෙන්..මොකද මෙහෙ ඉන්න කොටත් නොබැඳ හිටියට බැඳලා වගේ තමා) මං මේ කල්පනා කලේ මුං කොහොමද බොලේ හම්බ කරන්නෙත් නැතුව තාත්තලත් එක්ක මගුල් කතා කරන්නේ කියලා!
ReplyDeleteඋන්ටනං මොකද බං.සල්ලි තියෙනවනෙ.මටනං සොරිම තමා.බඳිනවනං මම ම හම්බකරගෙන තමයි.
Deleteඒක නෙමේ. කවද්දෑ දිනුක මලයා බඳින්නේ ?
ReplyDeleteඅර කවියේ තේරුම මම් අපේ මලයාගෙන් අහලා දැනගත්තා. :)
බඳින්නේ මේ මහ පොළොවේ දෙපයින් සිටගෙන කවදා හෝ මගේම කියා නිවසක් හිමි වූ දාටය.(ඒ විදිහට කිව්වොත්නං බඳින්න වෙන එකක් නෑ.) එහෙම නෙමෙයි, පුළුවං වෙච්ච ගමං, ඒ කියන්නේ කසාදයක් කරගන්න දවසක් දෙකක් නිවාඩුගන්න පුළුවං වෙච්ච ගමං.මධුරංග අයියගේ මලයත් අපේ වෛද්‍ය සඟයෙක් ද?
Delete