27 November 2011

තට්ටෙ




මම සාමාන්‍යයෙං කොණ්ඩෙ කපන්නෙ මාස හතරකට පහකට සැරයයි.එක පාර කොට වෙන්ඩ කපා ගත්තම ආයේ කන් දෙක වැහෙනකං සෑහෙන කාලයක් ඉන්න පුළුවං.මේ පාරත් සෑහෙන දිගට කොණ්ඩේ වැවුනාට පස්සෙ අද ඔන්න කපන්න තීරණය කළා.ඒත් මේ පාර ටිකක් කොණ්ඩෙ ඉතුරු කරලා මොකක් හරි ඉස්ටැයිල් එකක් කරන්ඩ තමයි හිතාගෙන හිටියෙ.මොකද මගේ කැරලි කැරලි තියෙන බූසි කොණ්ඩෙට මගේ ප්‍රේමවන්ති ගොඩාක් කැමති හින්දා වගේම ලොවට හොරෙං නළල දෙපැත්තෙං කොණ්ඩෙ ගිහිං තට්ටෙ මතුවෙන එකත් වහගන්න මට ඕනෙ කරලා තිබ්බෙ.


මම එක එක විදිහට කොණ්ඩෙ හිතිං හද හදා අපේ හන්දියෙ බාබර් අයියගෙ සැලුන් එකට රිංගුවා.ඉරිදා හින්දා සෙනඟ.පොඩි එවුං හෙට ඉස්කෝලෙ යන්ඩ අද කොණ්ඩෙ කපන්න ඇවිත්.මමත් ඉතිං පත්තරේ තිබිච්ච අධිවේගී මාර්ගවල ලංකාවට ඇති වැදගත්කම ගැන ආණ්ඩුවේ ඇමැත්තෙක් ලියපු ලිපියක් කියවලා විශ්මපත් වෙමිං හිටියා.ඇත්තට මෙච්චර අපේ රටට වටින අධිවේගී පාරට බණින පාහරයොත් ඉන්න රටකනෙ අපි ඉන්නෙ කියලා හිත හිතා ඉන්න කොට කපිල අයියා (බාබර් අයියා ) අන්තිම පොඩි එකාගෙත් නෑබිලි කට් එක දාලා ඉවර කරලා මට කතා කළා.

'කොහොමද මල්ලි කපන්නෙ?'

'අයියේ වටෙන් ටිකක් අඩු කරමු.උඩින් ටිකක් තියලා' මම යෝජනා කළා.අයියා මගේ යෝජනාව අනුමත කරලා කොණ්ඩෙ කපන මැෂින් එක අරගෙන ඒකට නොම්බර දෙක දත් සෙට් එක සෙට් කරලා වටේම අඩු කරගෙන කරගෙන ගියා.දැං මගේ මූණ කණ්ණාඩියෙං දැකලා මටම හිනා.හරියට අනිත් පැත්තට හරවපු ලීක්ස් ගහක් වගේ.මැද විතරයි.වටේ හිස්.

කපිල අයියා නොම්බර දෙක දත් සෙට් එක ගලවලා නොම්බර එක දත් සෙට් එක මැෂින් එකට සෙට් කළා.සාමාන්‍යයෙං දෙපැත්තෙ කාඟුල් (සයිඩ් බර්න්ස් ) අඩු කරන්නෙ ඒකෙං.

'මල්ලි වටේ තව අඩු කරනවද?'

'ඔය ගාන ඇති'

මට කියලා කට ගන්න හම්බ උනේ නෑ කපිල අයියා මගේ  අනාගතේ සති ගාණක් වෙනුවෙං තීරණයක් ගත්තා.මූ තියලා ඇල්ලුවෙ නැතෑ කනට උඩිං තට්ටෙ මතු වෙන්නම.අනේ අසරණයා වයස හින්දා මම කියපු එක හරියට ඇහිලා නෑ.තව අඩු කරන්ඩ කිව්වා වගේ ඇහිලා තියෙන්නෙ.අපොයි දැං ඉතිං ආයෙ කොණ්ඩෙ හිටවන්ඩයෑ.ඔන්නොහේ ඉතුරු ටිකත් කපපං කියලා මම බලාගෙන හිටියා.අප්පා දැං හෙන කුඩු කාරයෙක් වගේ.හෙට ක්ලිනිකල්ස් යන්නත් ඕනෙ.මෙහෙම ගියොත් ගහලා පන්නනවා ෂුවර්.මොනවා කරන්ඩද? මම ගත්තා තීරණයක්.

'අයියේ ඕකට දාන්ඩ නොම්බර තුන දත් සැට් එක.දාලා අල්ලන්ඩ උඩ ඔක්කොම ටික.'

අයියාගෙ ඇස් උඩ ගියා.අසරණයා හැමදාම අර කුඩු කට් විතර්ක් කපලා මිනිහා හිතන්නැති මමත් ඒ කට් එකක්මයි මුළිං ඉල්ලන්න ඇත්තෙ කියලා.

'මල්ලි ඔන්න එහෙනං ඔක්කොම කපනවා.ආපසු හැරීමක් නෑ' ආපසු හැරෙන්න දැනටම ගිය දුර මදෑ කියලා මට හිතුනා.ඔන්න ඉතිං වෙනදා කපන තරමටත් සෑහෙන්න අඩුවෙං හරියටම කිව්වොත් හාමුදුරු ගානටම තට්ටෙ ගාන්න සිද්ද උනේ ඔන්න ඔය සිද්දිය හින්දා.දැං ෆැකල්ටියේ උං 'අඩෝ මොකද තට්ටෙ ගාලා? ' කියලා අහපුවාම මම නිකං මගේ උවමනාවට කැපුවා වගේ උත්තර දෙන්නෙ.

'ඇයි මචං තට්ටෙ ආතල්නෙ.මේ සීතල දවස්වල නාන්ඩත් ලේසියි.පීරන්ඩ ඕනෙත් නෑ.අනික මචං ඔලුවට හුළං වදින කොට තියෙන සනීපෙ, ඒක උඹලට තේරෙන්නෙ නෑ.'

 ඔන්න අපේ ෆැකල්ටියේ කාටවත් කියනවා එහෙම නෙමෙයි හරිය?

14 comments:

  1. හික්ස්!සිරාවට.,ඉස්සර මං ඉස්කෝලෙ යන කාලේ පන බ‍යේ ඉන්නේ කොන්ඩෙ කපනකොට..ඇයි පොඩ්ඩක් හරි සුදු උනොත් සපත්තු පොලිශ් නාන්න තමා වෙන්නෙ උදේට!මොකො ඉස්කෝලෙ උන්ට කිව්වට පිලිගන්න එකක් යැ!

    ReplyDelete
  2. මටත් තට්ටෙ බාන්ඩ හිතිලා තියනව.ඒත් බෑනේ.

    ReplyDelete
  3. මම කවදාවත් තට්ටෙ ගාලා නෑ. කොන්ඩෙ කොටට කැපුවම මම නිකම් මොකක්ද එකෙක් වගේ

    ReplyDelete
  4. මාත් මේ දවස්වල කොණ්ඩේ ගොඩක් කොටට කපලා ඉන්නේ. හික්ස් :)
    කෝමත් මල්ලි හයි වේ එක දෙපැත්තේ ලොකු ගස් නෑ කියලා කියනවනේ. :)

    ReplyDelete
  5. okkomath hari. eth හයි වේ එක දෙපැත්තේ ලොකු ගස් නෑ kiyanne nam mokadda kiyala therune naha?

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අනේ පලයන්... මම දැක්කනේ ඊයේ. උඹ වැඩිය කොටට කපලා නෑනේ.
    මොනවා උනත් නින්නාදෙ අයිටම් එක කළේ නම් කැප් එකත් එක්කමයි නේද..?
    එළ ආ...

    " මම ඉන්දියාවට යන්න හරී ආසයි.."
    " පාත් වෙලා බලපන්., ඉන්දියාව පෙනෙයි.."

    ReplyDelete
  8. @Sabith : උඹලත් ඒ කට්ටම කෑවද?අපිත් ඉඳලා ඉඳලා කොණ්ඩෙ කැපුව දාට සපත්තු පොලිෂ් ගාන්ඩ වෙනවාමයි.කොණ්ඩෙ ටිකක් දිගට තිබුණත් උන්ට අවුල.

    @නදී : කපන්ඩ අප්පා.මොකටද සම්ප්‍රදායට කොටුවෙලා ඉන්නෙ.තට්ටෙ ගාලා ජීවිතේ රස විඳින්න.

    @විසිතුරු | visituru : ඒකම තමයි මටත් තියෙන අවුල.මගේ කන් දෙක හෙන ලොකුවට පේනවලු.එතකොට අපේ ෆැකල්ටියෙ කෙල්ලො ආදරේට රිලාමොටා කියලා කියනවා ආදරේට.

    @මධුරංග : ඇත්තට මටත් "කෝමත් මල්ලි හයි වේ එක දෙපැත්තේ ලොකු ගස් නෑ කියලා කියනවනේ" කියන එක තේරුණේ නෑ.

    @Phoenix : කැප් එක නැතුව හිටියානං මම වීඩීයෝ එකේ තට්ටයා විදිහටනෙ ඉතුරු වෙන්නෙ.ඩ්‍රාමා එකට කට්ටිය ගොඩක් ගුණ කිව්වා.

    @Anonymous : මොකක්ද?????

    ReplyDelete
  9. තට්ටේ ගාන්න නම් ලේසියි, ඒත් අනිත් වුන් කියන කතා තමයි අහගෙන ඉන්න අමාරු!

    ReplyDelete
  10. To දිනුක -
    මට නම් තේරුන විදිහට හයිවේ එක දෙපැත්තේ ලොකු ගස් නෑ කියන්නෙ..,
    මැද තට්ටේ..
    වටේට පොඩි කෙස් ගස්...

    ReplyDelete
  11. @ලහිරු : හි හි හීඊඊඊඊ කතාවලට බයේ ජීවත් වෙන්ඩනං බෑ කියලා තමයි ලොකු ලොකු අය කියන්නෙ.ඒ උනාට මමත් බයයි ඔය කතාවලට

    @ Phoenix : ඒකට කියන්නෙ වට කෙස් මැද හිස් කියලනෙ බං

    ReplyDelete
  12. ඒක හරි බං. ඉතින් මෙහෙමත් කියන්න බැරි නෑ නේ..

    ReplyDelete
  13. කතන්දරත් කාලයක් තට්ටෙන් දෙන ආතල් ගැන කතන්දර කිව්වා වගේ මතකයි :)

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...