30 November 2013

ජේන් නගේ උඹේ මනාපේ කාටද දෙන්නේ?????






විභාගෙ හින්දා මොනවත් ලියන්ඩ බැරි උනා.ඒ වගේම කිය්වන එකත් නැත්තටම වගේ නැතිවෙලා ගිහිල්ලා.මක්කා කරන්ඩද? අන්තිම ජුන්ඩනේ.තව සතියකින් පස්සේ අමාරු වැඩ ටික ඉවරයි.මොනවා උනත් බ්ලොග පාලුවට යන්ඩ දෙන්ඩ බෑනේ.ඒක හින්දා ඔන්න පුංචි වීඩියෝ කෑල්ලක් දෙන්ඩයි හදන්නේ.

මේක මම සෑහෙන දවසක ඉඳං අප්ලෝඩ් කරන්ඩ ට්‍රයි කළත් මේ හච් කනෙක්ෂන් එකේ අවුලක් හින්දා බැරි උනා.ඔන්න අද නිකමට ට්‍රයි කරලා බැලුවම අප්ලෝඩ් උනා.ඒ නිසා මගේ සුවහසක් ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට මම රංගනයෙන් දායක වෙච්චි නිර්මාණයක් තිළිණ කරන්ඩ ලැබුනා.කට්ටියම බලන්ඩ ඈ.කට ඇරගෙන බලන්ඩ එපා.බ්‍රේක් නැති මැස්සො යයි..(චූටි කාලෙ කරපු සිඟිති ජෝක් එකක් මතක් උනා...හඃ හඃ හා....)

අපේ ෆැකල්ටි එක ගත්තම ආයේ මොනවත් කියලා වැඩක් නෑ ඔය වල්පල් වැඩ තියෙනවා අවුරුද්ද පුරාම.එයින් එකක් තමයි දෙවෙනි වසරෙ ඉන්න කට්ටියට ලෑස්ති කරන්ඩ දෙන Faculty concert එහෙම නැත්තං FAC-CON කියන්නේ.ඒක ලෑස්ති කරද්දි බැච් එකේ උන්ට එකට වැඩ කරන හැටි, අනිත් උංව ශේප් කරගන්න හැටි, සංවිධානාත්මකව ක්‍රියා කිරීමේ හැකියාව, නායකත්වය, වගකීම්, වගේ එකී නොකී දේවල් ඉබේම පුරුදු වෙනවා.ඒවා මේ අර සති දෙකේ නායක්ත්ව ඩිප්ලෝමා වගේ නෙමෙයි, හරිම ප්‍රායෝගික දේවල්.

ඉතිං කොහොම හරි මේ කියන අපේ 2007 උසස් පෙළ කණ්ඩායම ලෑස්ති කරපු FAC-CON එක තිබ්බේ 2009 අවුරුද්දේ.අන්න ඒකට තාරකයි, මමයි, ජිත්තයි, ප්‍රසන්නයයි එකතු වෙලා කරපු පුංචි අයිටම් කෑල්ල තමයි මේ.

ඕකේ මම මොකාටද හිටියේ කියලා අහන්ඩ ඔට්ටු නෑ ඔන්න හරිය!!!




මහ ගොඩක් ඩේටා යන්නේ නෑ ආයිබොවන්ඩ.ලෝබ නැතුව බලන්ඩ ඈ... බලලා තැං තැංවල කිය කිය ගියාට කමක් නෑ ඕං....



11 November 2013

පාප්තුමා තලේබාන් ද මචං?


'ඒ මාර සීන් එක නේ බං වෙලා තියෙන්නේ...'
කොටා කඩාගෙන ආපු පාරට මම බත් එක අහක් කරේ නැත්තං ඌ නතර වෙන්නේ බිත්තරේ ගිලලා.ඒවා කොහෙද මාත් එක්ක.අපිත් ගියේ ඕල්කට් ඉස්කෝලෙකට තමයි.

'මොකක්ද මචං?'

මම බිත්තරේ කටේ දාලා ආපහු අරං පිඟානෙ පැත්තකිං තියලා ඇහුවා.අරූගේ මූණ ඇඹුල් උනා.

'මචං ඩිවයින් ප්ලෑන් එක ලීක් වෙලා..'

'මොන ප්ලෑන් එකද බං? උඹලා චෝගම් එක පටං ගන්න කොට එතන ඉස්සරහට ගිහිල්ලා වීදි නාට්‍යක් කරන්ඩ ගහපු ප්ලෑන් එකද?'

'නෑ බං ඩිවයින් ප්ලෑන වනාහී මෙකී සකල ලෝක වස්තුවත් අහස් තලයත් සූර්යයා, චන්ද්‍රයා ඇතුලු සියලු ආකාශ වස්තූන් මෙන්ම මිහිමත වාසය කරන්නා වූ සියළුම ජීවී අජීවී සංඝටකයන්ගේ අණුවේ පරමාණුවේ සිට නිර්මාණය කර ඇත්තා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේ විසින් මවන ලද්දා වූද පසුව ජීවය පිඹින ලද්දා වූද මනුශ්‍ය වර්ගයාට නිදහස් චින්තනය පිරිනමා පසුව එයින්මැ මිනිසා ලෝකයත් වනසා ඌත් නැසී යෑම වළකනු වස් එකී එක් එක් මනුශ්‍යයා සහ සකල විශ්වයේම සිදුවිය යුතු ආකාරය ගැන එකලදීම ඇති කළා වූ දිව්‍යමය සැලැස්ම වේ...'

එක හුස්මට කිව්ව ඌ කසුනාගේ මාලු කෑල්ලට විද්දා.

'හුටා..කොහෙන්ද ලීක් වෙලා තියෙන්නේ? ෂුවර් එකටම අපේ පොලීසියේ වැඩක් වෙන්ඩැති.දැක්කනේ අර අනුරාධපුරේ ඩයල් එකට වෙච්ච දේ.දවසක් යන්ඩ කළිං ඇල්ලුවා මොනවද නිකං බබා වගේ කිව්වේ ඔක්කොම මරපු විදිහ.'

'නෑ බං අපේ උන්ට මේ දවස්වල ඕවට වෙලාවක් නෑ.චෝගම්නේ මචං.චෝගම් නම් වූ දැවැන්ත වෛවර්ණ සාටකයෙන් රටේම ජනතාවගේ දෑස් වසා බඩට හුළං ගසා කුසගින්න අමතක කරවා ඇති මෙවන් වූ අවස්ථාවක අපේ පොලීසියට දෙයියංගේ දෙයක්වත් පේන්නේ නෑ.පේන්නේ සාටකේ විතරයි.'

'ඉතිං කොහෙන්ද ලීක් වෙලා තියෙන්නේ?'

'ඇමරිකාවේ එන් එස් ඒ එක පාප්තුමාගේ ෆෝන් එකත් ටැප් කරලා තිබ්බ කියලා අර ස්නොව්ඩන් කාරයා කියලා තියෙන්නේ.පාප් තුමා කියන්නේ මචං දෙවියන් වහන්සේ එක්ක සෘජු සම්බන්ධතා තියෙන කෙනා.මනුශ්‍ය සංහතියේ නියෝජිතයා.ඉතිං උන්නාන්සෙගේ ෆෝන් එක ටැප් කළා කියන්නේ ඩිවයින් ප්ලෑන දැං ඔබාමලා දන්නවා.'

'පාප්තුමා තලේබාන් ද මචං?'

'පිස්සුද මචං.පාප් තුමා තලේබාන් නෙමෙයි.මට ඒක ශුවර්.'

'උඹ කොහොමද ඒක ටක්කෙටම කියන්නේ?ඇමරිකන්කාරයෝ මේ අපේ උං වගේ නිකං ආවට ගියාට වැඩක් කරන්නෑ.'

'පාප්තුමාට රැවුලක් තියෙනවද? නෑනේ.ඉතිං කොහොමද තලේබාන් වෙන්නේ? මචං තලේබාන්කාරයොත් නිකං මේ දිවදෙකේ ඩයල් නෙමෙයි.උංගේ එකෙක් වෙන්ඩනං දිගට රැවුල තියෙන්ඩ ඕන.උන්ට තියෙනවා ප්‍රතිපත්ති.උන්ට චින්තනයක් තියෙනවා, දැක්මක් තියෙනවා.'


'ඒ මචං අද සම්බෝලෙට හොඳට උම්බලකඩ දාලා නේද?'
චාමරයා මගෙ පිඟානෙං ලොකු උම්බලකඩ කෑල්ලක් අරං කටේ දා ගත්තා.ෂිඃ ඌට කලිං මං දැක්කේ නෑනේ.

'මචං උම්බලකඩ වනාහී මේ දිනවල ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ප්‍රචලිත වන දෙයක්.අවුරුදු 75 - 80 ආච්චිලවම නේ රේප් කරන්නේ.'
කොටාත් උගේ බත් එක බෙදාගෙන ආවා.

'නෙද්දකිං බං.මළ අප්පිරියයි.කන වෙලාවට ජුගුස්සාජනක කතා කියන්නේ.'

'ඕකුංව මචං එල්ලන්ඩ ඕනෙ.කොහෙද මේ එල්ලුං ගහ ගේන්නෑනේ.'
කසුනා කිව්වේ හරියට උගේ එල්ලුං ගහ නැතිවෙලා වගේ.

'ඇයි මචං දැං එල්ලුං ගහ කොහෙද තියෙන්නේ?'

'ඕක හරියන ලබ්බක් නෙමෙයි.එල්ලුංගහට කඹේ ගේන්නේ ජර්මනියෙං.ඕක එක කඹයක් ගෙනල්ලා මේ ඉන්න ඔක්කොම හැත්ත එල්ලන්ඩ බෑ.ඉතිං කඹ ගේන ටෙන්ඩර් එකෙනුත් කොමිස් ගහලා අපේ ලොක්කො මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතෙනුයි, නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතෙනුයි ඉඩං අරගන්නවා.අනික මචං දැං ඕක ගෙනාවත් දැනට මරන්ඩ ඉන්න සෙට් එකේ හැටියට සෑහෙන දිග පෝළිමක් හැදෙනවා ශුවර්.එතකොට අර 'බයිපාස්' වලට දින දෙනවා වගේ මේ දවස්වල අල්ලලා මරන්ඩ තීරණේ කරන උංට එල්ලන්ඩ දින ලැබෙන්නේ තව අවුරුදු දහයකිං පහළවකිං විතර.වැඩක් නෑනේ.'

'ඉතිං බං ආණ්ඩුවට තියෙන්නේ ඔය කොහෙ හරි කැලෑ ඉඩමක් අරගෙන ගස් ටික කපලා උං බෙදාගෙන ලොකුවට 'ඇරීනා' එකක් හදන්ඩ.ඊට පස්සේ ඔය ඉන්න අපරාධකාරයෝ සෙට් එක දාලා ග්ලැඩියේටර් ලා වගේ උං උං මරාගන්ඩ කිව්වනං ටිකට් කඩලා සෑහෙන ගානක් හොයාගන්ඩ තිබ්බා.මිනිස්සු එහෙම මරාගන්න එක පව් නං හරි ආගමට සංස්කෘතියට පටහැනියි නං අපේ රටේ මිනිස්සුන්ට ඒක බලන එක තහනං කරලා විදෙස් සංචාරකයින්ට විතරක් විවෘත කරානං ඉවරයි.'


'අනේ උඹේ ටිකිරි මොළේ.ඇත්ත කියහං උඹත් හිටියද චින්තනේ පොත හදන මන්ඩලේ?'
චාමරයා මාව බදාගෙන ඉඹින්ඩයි ආවෙ.මම ටක් ගාලා නැගිට්ටා අයිස්ක්‍රීම් අන්තිම ටිකත් ඇඟිල්ලෙං හූරං කටේ දාගෙන.ලොවක් හමුවන රටක ලොවෙත් පුරවැසියෝ වෙන අපි අයිස්ක්‍රීම් ටික කන්නෙත් බත් කාපු පිඟානෙම දාගෙන අතිං.

'උඹ කොහෙද යන්නේ?'

'මගෙ බඩ ගුරු ගුරු ගානවා, මම යනවා සරීර් කෘත්‍ය කරන්ඩ'

'ඒයි උඹට ශුවර් නේද බඩේ වෙන අවුලක් නෑ කියලා? මචං මේක බඩ රිදෙනවා කියලා ඉස්පිරිතාලේ ගෙනිච්චම ළමයි වදන කාලයක් ඈ..'

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

කන්ඩ බොන්ඩ තිබිච්ච සල්ලි ටික ඉවර වෙච්ච හින්දා විභාගෙ පෙනි පෙනී ගෙදර දුවලා එන්ඩ ගියා.ගේ ළඟට යද්දි මගේ ඇස් ගෙඩි දෙක පැන්නා එළියට.

අම්මා ගහයි බැට් එකෙං කිව්වලු.ආච්චි දණිහෙං ජුන්ඩක් උඩට වෙන්ඩ රෙද්දත් ඇඳගෙන මිදුලේ එහේ මෙහේ යනවාය.

'ආච්චි මොකෝ මේ රූ රැජින තරඟෙටවත් යන්ඩද?'

'උඹ නිකං නක්කලේ නොදා ඉඳිං.අර ලෝකෙ හතර දිබ්බාගෙං ලොකු ලොක්කො ඇවිල්ලා මෙහේ මෙච්චර උස්සවයක් තියෙනවා.අපිත් වගකිවයුතු පුරවැසියෝ විදිහට ඒවට යන්නැතුව බෑනේ බොල.'

'ඉතිං මේ මොකද මේ ගිනි මද්දහනේ මිදුලේ එහේ මෙහේ ඇවිදින්නේ?'

'එහා ගෙදර කෙලීගෙං මං අහගත්තා කොහොමද ඒ වගේ වැදගත් තැංඔල ඇවිදින්නේ කියලා.මං මේ කැට්ටෝක් එක පුරුදු උනේ.ඒත් මේ හන්දි කැක්කුං එක්ක අමාරුයි බං.'

'ආච්චි කැට් වෝක් දාලා සුද්දන්ට මොකක් පෙන්නන්ඩද මෙන්න මේ ගෙට යං.'

'අනේ පලයං ඉරිසියාකාරයා. තෝ දන්නැති උනාට ඒ දවස්වල මම කෙල්ල කාලේ නාන්ඩ ළිඳට ගියාම ඔය සුද්දප්පුවලා, චන්දරේගේ මහ එකා එහෙම ළිඳ අයිනේ මූකලානේ හැංගිලා බලං හිටියේ.'

'හරි හරි ඒ ඒ කාලෙනෙ ආච්චි.දැං මේ නහින දෙහින කාලේ බණක් අහං ඉන්ඩ මෙන්න මේ ගෙට වෙලා.'

'අනේ තෝ පල ගෙට.මං මේ කරාඹු දෙකත් උගස් තියලා පන්දාහේ කොළ දෙකක් අරං ආවේ හැට්ටේ අස්සෙ පේන්ඩ ගහගෙන යන්ඩ.අර උත්තමයා කිව්වේ ඔය එන උංට අපි ගාව සල්ලි තියෙනවා කියලා පෙන්නන්ඩ තියෙන චෑන්ස් එකක්ය කියලා මේක.'

'හරි දැං ඔය සල්ලි ටික රන්ද ගන්ඩ පුළුවංද?'
මම ඇහුවේ කින්ඩියට.

'මම එහා ගෙදර කෙලීගෙං පුසබ්බා එකක් ඉල්ලගත්ත බොල.බලහංකෝ චාල්ස් කුමාරෝත්තමයගේ ඇස් ගෙඩි දෙක ලොවි ගෙඩි වගේ එළියට එන්නැද්ද කියලා'.

'ඔව් ඔව් චාල්ස් කාරයගේ විතරක් නෙමෙයි එන හැම එකාගෙම ඇස් ගෙඩි ලොවි ගෙඩි වගේ එළියට පනියි තමා...'
සීයා එක පාරට මැදට කඩං පැන්නාම දෙන්නා දෙමහල්ලංගේ ප්‍රශ්න ඒ අයටම විසඳ ගන්ඩ දී මම ගෙට පැනගත්තෙමි.



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ප.ලි.

මේ දවස්වල බ්ලොග් කියවන්ඩ වෙලා නැති බවත් එනිසා බ්ලොග්වල කොමෙන්ට් කරන්ඩ වෙන්නේ නැති බවත් මේ සියල්ල තව මාසයකි පමණ අවසන් වීමට නියමිත විභාගයෙන් පසු යථා තත්ත්වයට පැමිණීමට නියමිත බවත් ඉඳ හිට කම්මැලිකමට බ්ලොග් පෝස්ට් එකක් දෙකක් ලියන බවත් කරුණාවෙන් සළකා උක්ත සියළුම කරුණු වෙනුවෙන් කමාව අයදින බවත් දන්වා සිටිමි.

ප.ප.ලි

මාගේත් මාගේ ප්‍රියම්භිකාවගේත් අමරණීය, රමණීය, අති සුන්දර, විශ්වීය, පාරිශුද්ධ, මරණීය ප්‍රේම වෘතාන්තය අද දිනයේදී දස වර්ශ පූර්ණය ලබා ඇතත් මටත් ඇයටත් දෙදෙනාටම ඇති විභාග කටයුතු නිසා සහ චෝගම් නිසා ප්‍රේමය සැමරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවූ බවත් ලබන වසරේ එකොළොස්වන වර්ශ පූර්ණය ඉහළින් සැමරීමටත් කටයුතු යොදා ඇත.

එතෙක් කියවා තලු මැරීමට මීට වසර දෙකකට පෙර පල කළ මාගේ ප්‍රේම කතාව නැවත විකාශය මෙන්න

වාසනාවට ඇත්ත කතාවක්




08 November 2013

විභාගෙයි මමයි චෝගමුයි

විභාගය කියන මළ උලව්ව හොයාගත්තු එකා අහු උනොත් ඇත්තමයි අල්ලලා දෙනවා මේ පාර ශිෂ්‍යත්වෙ ෆේල් වෙච්ච උන් ටිකකට.එච්චරට මළ අප්පා.අති උත්තම මට ලබන 18 වෙනිදා සිට ඇරඹෙන මහා විභාග සංග්‍රාමය හින්දා දොට්ට  පිලටවත් නොයා 'අල බාන්ඩ' (පාඩම් කිරීම - ප්‍රාදේශීය ව්‍යවහාරයකි ) සිද්ද වෙලා තිබුණත් ඇත්තටම විභාගෙක අරමුණ තේරුම් අරං තියෙන හින්දා එච්චර අල බාන්ඩ හිතෙන්නේ නැත.විභාගේ කියන කෙහෙල් මල මෙච්චර වියදං කරලා මහන්සි වෙලා ඒ ඇත්තෝ ලක ලෑස්ති කරන්නේ කාව හරි ෆේල් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නොවැ.නැත්තං ඉතිං ඔක්කොමල්ලා පාස් කරන්ඩ තිබ්බනේ.ඒ හින්දා මම වැඩිය අල බාන්නේ නැත.නැත්තං ෆේල් කරගන්ඩ එකෙක් නැතුව ඒ උන්නාන්සේලාගේ ඉහ මොළ රත් වෙනවා ඇත.උත්තර පත්තර බලන දවස්වලට හීනෙන් බය වෙලා ඇහැරෙනවා ඇත.ඒ වයසක මොළවලට ඕනෑවට වඩා වෙහෙස වෙන්ඩ දෙන්ඩ හොඳ නැති නිසා මම වැඩිය අල නොබා ඉන්ඩ තීරණය කර ඇත්තෙමි.

ඒ අවු අස්සේ චෝගම් හින්දා කැම්පස් වහන්ඩ යනවාය.ඒ කැම්පස් ළමයින්ට චෝගම් එක අධ්‍යනය කිරීමට අවශ්‍ය කාලය ලබා දෙන්ඩය කියලා අපේ කැම්පස් එකේ ලොක්කියෙක් කියා තියෙනවාය.කැම්පස් එකේ රෙපෙයාර් වගයක් තියෙන හින්දාත් කැම්පස් එක වහනවා කියා කවුද කීවෝය.කවුරු කියන ඒවා විශ්වාස කරන්ඩද මම දන්නේ නෑය.සමහර විට ඇමතිතුමාට කැසිනෝ ගහලා හතරමහා නිධානේ පහල වෙලා වෙන්ඩ ඇතිය.ඒ සල්ලිවලින් කාලා බීලා චූන් කරලා තවත් ඉතුරු නිසා වෙන කරන්ඩම දෙයක් නොමැති තැන කැම්පස්වල රෙපෙයාර් වැඩවලට දෙන්නට ඇත.කොහොම හරි මේ නිවාඩුවෙන් (චෝගම් අධ්‍යයන කාලයෙන් ) පස්සේ කැම්පස් යනකොට ඒක අඳුරගන්ඩ බැරි තරමට දියුණුවෙලා සුඛිත මුදිත වෙලා තියෙනවාට සැකයක් නැත.කැන්ටින්වලට පුටු, වතුර ෆ්ලෂ් කළ හැකි වැසිකිළි ආදී සුපිරි පහසුකම් සහිත සපිරි කැම්පස් අපිටත් ලැබෙනු ඇත.ක්ෂිතිජයට ඉහළිං ලෝකය බලලා බලලා බෙල්ලත් ඇමැට්ටි වෙලා ඉන්න අපේ උන්ට එහෙම දෙයක් දුන්නොත් දරාගන්ඩ බැරුව පපුව පැලෙනවා ඇත.සතුටට කඳුලු පණිනවා ඇත.

කවුරු මොනවා කිව්වත් චෝගම් හින්දා අපේ රට ගොඩ යනවා ශුවර්ය.ඒක තිබ්බාම මෙහෙට එන කට්ටිය අපේ සංවර්ධනේ දැකලා කුල්මත් වෙනවාමය.සමහරවිට ඒ කට්ටියත් මත්තල ඒයාර්පෝට් එක බලන්ඩ වගේම කටුනායක හයිවේ එක බලන්ඩත් පයින් යනවා ඇත.එවන් විශ්මකර්ම දැක ඔවුන්ගේ ඇස් විශ්මයෙන් ජම්බෝල මෙන් ලොකු වෙනවා ඇත.උං ඊරිසියාවෙන් පුපුරණවා ඇත.හයිවේ එකේ එන්ට්‍රන්ස් එක ළඟ හූනියං වළලන්ඩ උවද බැරි නැත.මේ විශ්මිත නිර්මාණ හමුවේ සුළුදිය පහවෙන මේ විදේශවල කට්ටිය ඉන්පසු අපේ රටේ ආයෝජනය කිරීමට පොරකනු ඇත.අන්න එවිට අපේ දේශපාලක ඇත්තෝ පොඩ්ඩක් සිහිකල්පනාවෙන් වැඩ කළ යුතුය.මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සැකසිය යුතුය.නැත්නම් මේ රට රටවල් අපේ රටේ ආයෝජනය කරන්නට පොරකා එකිනෙකා කුළල් කාගෙන තුන්වෙනි ලෝක යුද්ධයකට පවා මුළ පිරිය හැක.
චෝගම් එකේ ව්‍යාපාරික මෙව්වා එකේ ලොකුම ටෝක දෙන්නේ පැකර් මහත්තයාලුය.ඒක ඉතාම පැසසිය යුතු කාරණයකි.උන්දෑ දුනු ඊතල බූමරංග අරං උන්නු ඇබොරිජින්ලා හිටපු, රෑට කැංගරුවෝ හූ කියනවා ඇහුණු ඕස්ට්‍රේලියාව ලොවෙත් තැනකට ගේන්න සෑහෙන කට්ටක් කෑවේය.එතුමාගේ දෑතේ කරගැට, දණිස්වල දියපට්ටා සහ පශ්චාත් පැත්තේ අර්ශස් ගෙඩි ඒ සඳහා ජීවමාණ සාක්ෂි වන්නේය.එහෙව් උත්තමයා අපේ රටත් ඒ වගේම උසස් තැනකට ගේන්ඩ දරණ උත්සාහයට අපි හැම දෙනාම දෙකට නැමී උදව් කළ යුතුය.එතුමාගේ හෝටල් සංකීර්ණයේ සැළැස්මට මේන්න මේ මගේ යෝජනා කීපයද එක් වන්නේනම් ඉතා යෙහෙකිය.ගරුතර සංඝයා වහන්සේට කම්සැප විඳින්නට ගෑනු ඉඹින්නට හැකි ස්ථානයක් සකස් කළ යුතුය.එතකොට මේ දවස්වල දඹදිව මහා කරුණාව පතුරවන රේවත උන්නාන්සේ මෙහේ ඇවිදින්ද සියළු කාන්තාවන් දුකින් මිදවීමට කටයුතු කරනු ඇත.එමෙන්ම කැසිනෝ ශාලාවේ සුදු පිරුවට එලා උස් අසුණක් පැනවිය යුතුය.ඒ සූදු කෙළින අපේ හාමුදුරුවන්ටය.බුද්ධාගම රැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැඳී ඇති නිසා මහා සංඝයාගේ උවමනාවන් ඉටු කිරීමද අනිවාර්යයෙන් කළ යුතු දෙයකි.කොළඹ ගම්පහ ආදී ප්‍රදේශවල හිඟාකමින් දඩාවතේ යන කොලු පැටව් ටික අල්ලා නාවා දත් මද්දා සංඝයා විශයෙහි පූජා කිරීමටද, එකී ලිංගික ක්‍රියා සඳහා නිදහස් ලිංගික කළාපයක්ද පැකර් ලොක්කාගේ හෝටලයේ ඇති කළ යුතුය.එවිට ප්‍රාදේශීය දේශපාලකයින්ට, ගුරුවරුන්ට සහ ක්‍රීඩා පුහුණුකරුවන්ටද ඕනෑවිට සංඝගත දක්ෂිණාවෙන් ටික ටික රස බැලිය හැක.

අපේ එවුන් දැං කියත් හොයමින් එහේ මෙහේ දුව ඇවිදිනවාය.ඒ මෝටර් බයිසිකල් තියෙන උන්ය.ඒ උංගේ හෙල්මට්වල නිකට වැහෙන කෑල්ල කපන්ඩය.පොලීසිය පහුගිය දවස්වල හෙන අවුලෙන් හිටියේ බයිසිකල්වලින් යන උන් පොලිස්කාරයින්ට රවාගෙන යනවාද හිනා වේගන යනවාද කියන එක ශුවර් නැතුවය.පොලිස් සේවය උසස් මට්ටමකට ගෙන ඒමට නම් පොලිස් සේවාවෙන් ජනතාව තෘප්තිමත් විය යුතුය.නමුත් පොලිස් කාරයාගේ ක්‍රියාවෙන් ජනතාව තෘප්තිමත්ද අතෘප්තිමත්දැයි දැනගන්නට විදිහක් තිබ්බේ නැත්තේ හෙල්මට්වල නිකට ආවරණ කෑල්ල හින්දාය.දැං ඒ කෑල්ල අයින් කිරීමට නීති සම්මත කරගෙන ඇති නිසා මින් මතු වඩාත් ජනතාවාදී පොලිස් සේවයක් අපට ලැබෙනු ඇත.


විභාගේ කියමින් හොස්ටල් එකට වෙලා හිටියාට මට ගෙදර එන්ඩ කියලා අම්මාගෙන් හරියට කරදරය.අම්මා මේ අවුඅස්සේ ගෙදර කුස්සිය පැත්තේ මහා විශාල මඩුවක් හදන්නට පටං අරංය.ඒක හදන්නට විභාගේ පැත්තකට දාලා එන්ඩ කියා කියන්නීය.

'අම්මේ පිස්සුද මේ ෆයිනල් එග්සෑම් එක දාලා මඩු හදන්ඩ එන්ඩ කියන්නේ'

'අනේ උඹේ නල්ල මළේ විභාගේ.ඕකත් කැම්පස් එකක්ද බං.ඔන්න ඔය උලව්ව දමල ගහලා ගෙදර වරෙං.චාල්ස් කුමාරයා ඇවිල්ලා උන්නාන්සෙගේ අතිං මුල් ගල තියලා හදන ලැංකසාර් කැම්පස් එකට මං උඹව දාන්නං.එතකොට උඹට ජාතියන්තර ඩිග්‍රියක් ගතෑකි බොල සුටුස් ගාලා.ඔය හම්පඩ මගුල වගේද ඒක.මෙන්න මෙහේ ගෙදර වරෙං ඇවිල්ලා මේ මඩුව හදන්ඩ උදව් වෙයං.'

'මොන බම්බුවකටද මෑ තදියමේ මඩු හදන්නේ? එළ හරකෙක්වත් ගේන්ඩද?'

'හරක් තියං මක්කරන්ඩද? යකෝ රටම කිරිපිටියෙං සොයංපෝෂිතයි බොල.මේ මඩුව හදන්නේ චෝගම් එකෙං හම්බෙන ආධාර ගොඩ ගහන්ඩ.මොකෝ ඕවා වැස්සේ තෙමෙන්ඩ ඇරියැහැක්කෑ??'


26 October 2013

ලේසි සල්ලි..


සල්ලි කියන මෙව්වා එක නැතුව අද කාලේ ජීවත් වෙන්නට බැරිය.සල්ලි කියන මෙව්වා එකට කළ නොහැක්කක්ද නොමැත.කැසිනෝ ගහලා ආතල් ගන්නට වගේම සල්ලි දිනන්නද පුළුවන්ය.කුඩුවලින්ද මේ ආතල් දෙකම ලැබේ.සල්ලි දිනන්නේ කුඩු විකුණන එකාය.ආතල් ගන්නේ කුඩු ගහන එකාය.ඕවා කතා කරලා වැඩක් නැත.අපිට ඔය එකකින්වත් සල්ලි හොයන්නට බැරිය.ඒ එවැනි ලාභදායී ව්‍යාපාරයක් ඇරඹීමට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය නිසාය.ඒ ව්‍යාපාරය පටන් ගැනීමට පමණක් නොව, ව්‍යාපාරයට පහසුවන විදිහට රටේ නීති සම්මත කරවා ගැනීමට ඇමැතියෝ බිලී බා ගත යුතුය.ඒ සඳහා රුපියල් සීය දෙසීය දීලා හරියන්නේ නැත.ඒ වගේම නීතිමය ප්‍රශ්න ආවාම ශේප් කරගන්නට පොලිස් ලොක්කෝ ශේප් එකේ තියාගන්නටද ඕනෑය.ඒකටද සල්ලි ලොරි ගණන් විසි කරන්නට පුළුවන්කම තිබිය යුතුය.ඒ නිසා එවැනි ව්‍යාපාර දැනට කරගෙන යන උන්දැලාටම කරගෙන යන්නට දී වෙන අතක් බලා ගැනීම හොඳය.


අනෙක් ලාභදායී ව්‍යාපාරය නම් ඡන්දය ඉල්ලීමය.ප්‍රාදේශීය සභාවට හරි යා ගත්තොත් පරම්පරාවම ගොඩය.ඒත් එතනත් කොස්සක් තිබේ.ඒවාටද ආ වැනි අහිංසකයින්ට යා නොහැක.අඩුම තරමේ දෙතුන් දෙනෙක්වත් මරා පළපුරුද්ද තිබිය යුතුය.පීඩොෆීලියාව හෙවත් කුඩා ළමුන් හා රති කෙළියේ යෙදීම විශේෂ සුදුසු කමකි.අනෙක තමුන් නමට බාර් කිහිපයක්වත් තිබිය යුතුය.එවිට ඡන්දේ කාලෙට නොමිලේ අරක්කු නිකුත් කළ හැකිය.අඳබාල මැර පිරිසක් පිරිවරා සිටීමද අත්‍යාවශ්‍ය වේ.ඒ අනිත් උංගේ කොඩිවැල් කැපීම, කටවුට් කැඩීම මෙන්ම අනිත් උංගේ උංට පාරේ තොටේදී අල්ලාගෙන තඩි බෑමට යනාදියටය.ඒවා කරන තරමට ලංකාවේ බුද්ධිමත් ඡන්ද දායකයින් අතරේ ඔබ ජනප්‍රිය වේ.තවද ප්‍රචාරක කටයුතු සඳහාද මුදල් කෝටි ගණනින් වැය කිරීමට සිදුවේ.ඒ නිසා මා වැනි අහිංසක, නිහතමානී, ගුණගරුක, යහපත් පුරවැසියන්ට ඡන්දය ඉල්ලීම සිහිනයක් පමණි.ඒ ව්‍යාපාරයත් පරම්පරා ගත වන්නට ඉඩ දී පැත්තකට වීම නුවණට හුරුය.


අනෙත් විකල්පය වන්නේ මහණ වීමය.ඉන්න හිටින්න තැනක් ලැබේ.කන්න බොන්න ළඟටම ලැබේ.දීලා වැඳලාද යනවාය.වියදමකට ඇත්තේ විදුලි බිල පමණය.ඒයද නියම ගාස්තුවෙන් තුනෙන් එකක් පමණි.ඒ සඳහා දායක සභාවේ මුදල් මෙන්ම පින් කැටයේ මුදල්ද ලැබේ.එයිට අමතරව පන්සලේ සිදුකරන සියළුම පින්කම් සඳහා දැන් බැතිමතුන්ගෙන් මුදල් අයකරනු ලැබේ.දානයකට, බණකට හෝ පිරිතකට ගියා කියන්නේද මඩිය තරවන පිංකම්ය.අතිරික්ත අටපිරිකර වෙළඳාමද නියම ව්‍යාපරයකි.එකම අටපිරිකර කඩෙන් පන්සලටත්, පන්සලෙන් කඩේටත් සිය දාස් වාරයක් ගමන් කරන්නේය.ලැබෙන සල්ලිවලට වෙන දෙයක් ගැන කවුරුත් හොයා බලන්නේ නැත.දායක සභාවේ ලොකු ලොක්කෝ ටික ගොඩ දා ගත්තොත් සැපෙන් සතුටෙන් කාලයක් ජීවත් වී දියවැඩියාවෙන් හෝ අධිරුධිර පීඩනයෙන් දිවංගත විය හැක.ලස්සනට හැඩට බණ කියා මේකප් පාරක්ද දමාගෙන ජැන්ඩියට ඉන්නවානම් දායිකාවංගේද අඩුවක් නැත.ඒ අතිනුත් ධූතාංගධාරී විය හැක.ඒ උනත් මහණ වෙන්නට ද මගේ එච්චර කැමැත්තක් නැත.හැඩට බණ කියන්න මට බැරිය.කොටුවේ පන්සලේ හාමුදුරුවෝ වගේ ආතල් ටෝක්නම් ගමකට දිය හැක.ඒත් ඒවාට පැවැත්මක් නැත.

ඒ නිසා සියළුම සාධක සළකා බලා පහසුවෙන් දියුණු විය හැකි මාර්ගයක් මම සොයා ගත්තෙමි.එක් වරකට අවස්ථාව ඇත්තේ එක් අයෙකුට පමණක් නිසා මගේ වාරය අවසන්වන තුරු වැඩේට කඩා පණින්නේ නැතුව ඉන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.ක්‍රමය කියා දෙන මට මුල් අවස්ථාව ලබා දීම ඔබේ හැදිච්චකම පෙන්වා දෙන්නකි.

අනම් මනම් නැත.මම සනත් ජයසූරියව කසාද බඳිමි.ටික කලක් එකට හිඳ ලොවෙත් වන්දියක් සමඟ දික්කසාදය ඉල්ලා නඩු දමමි.ඒක ලොවෙත් ආතල්ය.මිලියන 800ක් කියන්නෙ කජු ඇට කොස් ඇට නොවේය.මේවා සල්ලිය.සනත්ව බැඳලා මගේ මොනවා හරි ඒවාට හානි උනොත් ඒවා කිසි අවුලක් නැතුව තිබූ තත්ත්වයටම පත් කරගන්නට උවද ඇති තරම් සල්ලි ඇත්තේය.ඕනෑම නම් අළුතෙන් පශ්චාත්භාගයක් ගෙන බද්ධ කරගන්නට උවද පුළුවංය.සල්ලිවලට කළ නොහැක්කක් ඇත්තේම නැත.ඔබට ඕනෑනම් ඩිල්ශාන් දික්කසාද වෙනතුරු ඉඳ ඔහුගේ කරේ එල්ලීමටද පුළුවංය.හැබැයි ඔහු නිසි පරිදි වන්දි නොගෙවන්නෙක් නිසා අවධානම ඔබ ගත යුතුය.හැබැයි මේවා පූර්වාදර්ශයට ගෙන රජ පවුලේ උන්ව දැලේ දාගන්නට යෑමෙන් වළකින් මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔවුන් සමඟ සෙල්ලම් දමන්නට ගොස් ඔබ වැන්නෙක් මෙලොව සිටි බවට සාධකයක්වත් නොමැතිවන සේ අතුරුදහන් වනු ඇත.ඔබ කියා දරුවෙක් නොසිටි බැව් දිවුරමින් ඔබේ දෙමව්පියන්ම රූපවාහිනියට වොයිස් කට් දෙනු ඇත.එනිසා කොටද්දි හොඳ ගහක් බලා කොටනු මිස කෙසෙල්ගස්වලට හෝ ලයිට් කණු යනාදියට කෙටීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි.



24 October 2013

දූ කෙළිය, හයි වේ සහ තවත් කතා


මේ දවස්වල හැමතැනම කැසිනෝ කතාය.කැසිනෝ ගැහිල්ල සූදුවක්ලුය.සූදුවක් උනාට ක්‍රීඩාවක්ලුය.ක්‍රීඩාවක් නම් හොඳය.ලංකාවේ මිනිස්සුංගේ ශරීර සෞඛ්‍යය දියුණු කරන්නට එළිමහන් ව්‍යායාම් මධ්‍යස්ථාන විතරක් මදිය.ක්‍රීඩාවද ප්‍රචලිත කරන්ඩ ඕනෑය.කැසිනෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මඟින් ප්‍රාංශු දේහදාරී තරුණ කැළක් රටට ජනතාවට දායක කරන්නට පුළුවංය.අපේ රටේ කෙල්ලන්ගේ එල්ලෙන තඩි බඩවල් බස්සන්නටත් ක්‍රීඩා කරවීම හොඳය.එවිට කැසිනෝ ක්‍රීඩාව නිසා ප්‍රචලිත වනවායැයි කියන රති කෙළියටත් ඔවුන්ට සහභාගී විය හැකිය.


ජේම්ස් පැකර් ලංකාවේ කැසිනෝ දානවා යැයි එහේ පත්තරවලට කියලාලුය.හැබැයි ඇමතිතුමා කියන්නේ අළුතින් කැසිනෝ බලපත්‍ර දෙන්ඩ රජතුමාගේ ආණ්ඩුව ලෑස්ති නැති බවය.ඒ වගේ කැත වැඩ මේ ආණ්ඩුව කරන්නෙ නැති බව උන්දෑ දහ අතේ දිවුරමින් කියන්නේය.කාව විශ්වාස කරන්ඩදැයි නොදැන මහ ජනයා අතරමංව සිටිති.එහෙම අතරමං විය යුතු නැත.ඇමතිතුමා බොරු කියන්නේ නැති බව කවුරුත් දැනගත යුතුය.බොරු කීමෙන් එතුමාට ලැබෙන ලබ්බක් නැත.පැකර් ලොක්කා බොරු කියනවා වෙන්නට පුළුවංය.උන්නැහේට උන්නැහේගේ ව්‍යාපාර ආසියාවේ ආශ්චර්ය වෙච්ච සිරි ලංකාවේද තියෙන බව කිය ලෝකෙට පම්පෝරි ගැසීමේ උවමනාවක් ඇතුවා විය හැක.

උසස් අධ්‍යාපන ඇමතිතුමා ඇමරිකාවේ කැසිනෝ ගෑනුංගේ ගැටවලට අහුනොවී ඩොලර් දෙක ගාණේ කැසිනෝ ගැසූ බව ආඩම්බරෙන් කියන්නේය.ඔහු ඩොලර් දෙක ගානේ කී පාරක් කැසිනෝ ගැහුවාදැයි කියන්නේ නැත.ඩොලර් දෙකක් කියන්නේ රුපියල් 260ක් වැනි සොච්චම් මුදලකි.කිරිපිටි පැකට් එකක්වත් ගන්නට බැරි තරමේ මුදලකි.ලංකාවේ මිනිස්සුන්ට මසක පඩියෙන් මේ මුදල වියදම් කිරීම එච්චර ගැටළුවක් වන්නේ නැත.එවිට එක් පුද්ගලයෙකුගේ මාසික වියදම 2500 සිට 2760 දක්වා වැඩි වීම පමණකි සිදුවන්නේ.

අපේ රටේ මිනිස්සු කැසිනෝ කාරයින්ගේ කට්ටකම්වලට අහු නොවෙන බව ඒකාන්තය.ඒ අපේ මිනිස්සු එයිට වඩා කට්ට නිසාය.පැකර් ලොක්කාගේ අන්තිම තඹ සතය දක්වා සූරාගෙන අපේ මිනිස්සු කැසිනෝවලින් එළියට එන බව ශුවර් ය.අපේ උන්ට කොළේ වහන්නට නම් කැසිනෝවල වැඩ කරන්නට කට්ටිය හඳෙන් ගේන්නට ඕනෑය.අපේ උන් දිගට හරහට ඔට්ටු දිනලා පැකර් කාරයා බංකොලොත් වී මුඩුක්කුවක අකාලයේ මිය ගියාට පසු විදෙස් ආයෝජකයින් ලංකාවට ඒමට පැකිලීමට ඉඩ ඇත.ඒ නිසා ලංකාවේ උන්ට කැසිනෝ ගහන එක තහනම් කිරීම දීර්ඝකාලීනව බැලූ විට යහපත් තීරණයකි.නමුත් ඕස්ට්‍රේලියාවේ හතරවන විශාලම ආයෝජකයා වන පැකර් කාරයාගේ අන්තිම දොයිතුව දක්වා හූරාගත හැකිනම් අපට ඕස්ට්‍රේලියාවේ මොනවා හෝ යමකට ආයෝජනය කිරීමට උවද හැකිවනු ඇත.ඒ නිසා ලංකාවේ උන්ට කැසිනෝ ගැහීමට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම අපි ආර්ථික විද්‍යා උගතුන් හට බාර කරමු.



කැසිනෝ කියන්නේ සුද්දංගේ බාසාවෙංය.ඒ නිසා එය අපේ රටේ මිනිස්සුන්ට එච්චර හුරු නැත.නමුත් අපේ අතීත සාහිත්‍යය පිරික්සීමේදී මෙසේ මුදල් ඔට්ටු අල්ලා කළ ක්‍රීඩා තිබූ බවත් අද මෙන්ම එදාත් ලොකු ලොක්කෝ එසේ පොඩි උංගේ සල්ලි හූරාගෙන ඒ සල්ලිවලින් ඔට්ටු සෙල්ලම් කළ බවත් සොයා ගත හැක.එම ක්‍රීඩාවලට හෙල බසින් කිව්වේ 'දූ කෙළිය' කියලාය.අද ද අපේ රටේ තැන් තැන්වල 'දූ කෙළින්නෝ' සිටිති.විශේෂයෙන් බිරිඳ මැදපෙරදිග අරාබි කෙළියේ යෙදී එවන මුදල් රැගෙන කා බී 'දූ කෙළින' සැමියන් ගැන වරින් වර පුවත්පත්වල පලවේ.නමුත් දැන්ගන්නට ඇති පරිදි ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද දූ කෙළිය තහනම්ය.

බයිබලයේ මෙසේ දූ කෙළියේ යෙදුනෙකු ගැන කතාවක් කියෙව්වා මතකය.ඒකේ නම් ඒ මනුස්සයාගේ වැරැද්දක් නැත.දුවලා දෙන්නා මිනිහාට වෙරිවන තුරු බොන්නට දී 'දූ කෙළවා' ගත්තෝය.එවැනි දෑ අපේ රටේ වෙන්නේ නැත.අපේ රටේ උන් බිව්වාම උංගේ ශරීර ශක්තිය සහ කල්පනාව ප්‍රභල වෙනවාය.ඒ නිසා උන් ප්ලෑන් කරලා බය කරලා 'දූ කෙළියේ' යෙදෙනවාය.ඒවාටද බදු සහන දෙන්නට ආණ්ඩුව සූදානම්දැයි දන්නේ නැත.විපක්ෂය කියන විදිහට ආණ්ඩුව දේශීය ආයෝජකයන්ට බදු සහන දෙන්නේ නැත.එහෙම දූ කෙළියේ යෙදිලා දුවට දරුවෙක් ලැබුණොත් ඥාති ප්‍රශ්නයක් එනවාය.ලැබෙන දරුවාගේ පියා සහ සීයා එකෙක් වෙනවාය.එතකොට හෙන අවුල්ය.

කැසිනෝ කෙළිය එසේ වෙද්දී කටුනායක කොළඹ අධිවේගය විවෘත කරන්ඩ කටයුතු යෙදුනාය.හැදුවේ චීනා නිසා ආණ්ඩුව පාර පාවිච්චියට පෙර ජනතා අධීක්ෂණයට යොමු කළේය.ජනතාව වැල නොකැඩී පාරේ තත්ත්වය පරීක්ෂා කරන්ඩ එති.ඇදකුද තිබේදැයි සොයති.වල ගොඩැලි ඇති තැන් සොයා බලති.බල්ලෝ එළවති.අපේ රටේ මිනිස්සු වෙනකෙකුගේ කතා විශ්වාස කරන්නේ නැත.තමුංගේ ලැම්බෝගිනිය, ෆෙරාරිය, බී එම් ඩබ්ලිවු එක දාන්නට පෙර පාර හොඳදැයි පුද්ගලිකව සොයා බලති.මෙවන් දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම මහජන අධීක්ෂණයට යොමු කරන එකම රට අති උතුම් සිරි ලංකාව විය හැක.එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි.මෙය අපේ රට ඒකාධිපතියෙකු පාලනය කරන බව කියන විදෙස් කුමන්ත්‍රණ කරුවන්ට කම්මුල් පහරක් වැනි ය.




21 October 2013

ඈ..


පවසට 
දිය බිඳක් ඉල්ලීමි
දෙපයෙන් මා ඔසවා
හිස දියෙහි ඔබා
හිනැහෙන්නී
පවස සිඳුනාදැයි අසන්නී

සිසිලට
උණුසුමක් පැතීමි
දෑත් බැඳ
හිසෙලි ගිනි ලා
කෝල ලෙසින් 
උණුසුම්දැයි අසන්නී

යටිපතුල් පලා
ලුණු ගල්වන්නී
නිය'තර
ඉඳිකටු තුඩු රන්දන්නී
මුළු හදින්ම මා හට
ප්‍රේම කරන්නී



14 October 2013

ගණිකාව ප්‍රොස් කිරීම


අපේ රටේ මිනිස්සු සැදැහැවත්ය.ගුණවත්ය.ගුණගරුකය.සදාචාරසම්පන්නය.සංස්කෘතිය රැක ගැන්මට පණ උනත් දෙති.දේශානුරාගය උතුරා ගලාගොස් ගංගාවලට එකතු වී මහ මුහුදට ගලා බසී.අපේ රටේ මුර දේවතාවන් මෙන් වැඩ සිටින අපේ රජ පවුල අපේ මව්බිම රැකගැනීමට අපේ ජනතාව රැක ගැනීමට දිළිඳුකම පිටු දැකීමට මතට තිත තැබීමට නිතර දෙවේලේ වෙහෙස වෙති.


ගමේ කසිප්පු පොට්වලට නිතිපතා පොලීසිය කඩා පනිති.වැඩි ගණන් දී රටබීම ගන්නට සල්ලි නැති උංගේ කන්වලින් කසිප්පු බේරෙන්නට දත්වලින් හොටු එන්නට ගුටි බැට දෙති.කසිප්පු පෙරන එකාගේ කරේ  කසිප්පු බූලි තබාගෙන පොලීසියට රැගෙන යති.නඩු පවරති.දඩ ගසති.උන් දඩ ගෙවා පැමිණ නැවත කසිප්පු පෙරති.බොන උන් වෙනදා මෙන්ම බොති.ලංකාවෙන් කසිප්පු තුරන් කිරීමට පොලීසිය ගන්නා වෙහෙස අගය කළ යුතුමය.නමුත් කොපමණ උත්සාහ කළද අසාර්ථක වීම නිසා ඊට මධ්‍යම රජය මැදිහත් වීය.දැං රට පුරා බාර් ඇරලා ඇත.රජ්යේ අරමුණ වන්නේ කසිප්පු පොට් ගාණට වඩා වැඩි ගණනක් බාර් ඇරීම මඟින් ජනතාව හොර අරක්කුවලින් හොඳ අරක්කුවලට නම්මා ගැනීමටය.එමෙන්ම පළාත්සභා මැතිවරණ කාලවලදී නොමිලේ අරක්කු බෙදා හැරීම මඟින් හොඳ අරක්කු වඩ වඩාත් ජනතාවට සමීප කිරීමට පාලකයින් උත්සුක වූහ.ඒ දිනවල කසිප්පු පෙරන උන් කසිප්පු විකුණා ගැනීමට නොහැකිව ලත වූහ.මිනිස්සු ටෝකන් එක රැගෙන කසිප්පු මුදලාලිට කෝචොක් දමමින් ගොස් බාර් එකෙන් තත්ත්වයෙන් උසස් හොඳ අරක්කු බිවූහ.


අපේ රටේ සමහරක් දුරාචාරී මිනිස්සු බූරුවා ගැසීමට පුරුදු වී සිටිති.බූරුවා ගහන්නේ ළන්දක් අස්සේ පැදුරක් එළාගෙනය.එයින් රජයට විශාල ප්‍රමාණයක් බදු මුදල් අහිමි වී යන්නේය.එයිට අමතරව රජයේ දීපව්‍යාප්ත වගා වැඩසටහන යටතේ රටේ හැම අස්සක් මුල්ලක්ම වගා කර ඇතත් මේ බූරුවා ගසන ස්ථාන හා ඒ අවට එළි පෙහෙළි කොට වගා කිරීමට බූරුවා ගැහීමට ඇබ්බැහි වී ඇති අය ඉඩ නොදෙති.එය රජයේ වගා සැළැස්ම බිඳ වැටීමට හේතු වේ.එමෙන්ම මෙවන් ළඳු කැලෑවලට දර කැඩීමට යන තරුණ ගෑනු ළමුන් මේ පාපතරයින් අතින් දූෂණය වීමට ඉඩ තිබේ.ඒවාට වඩා රටේ ආර්ථිකයට බලපාන සාධකය වන්නේ බූරුවා ගහද්දි ඇතිවන ආරවුල්වලදී සිදුවන පිහි ඇනුම් ගුටි බැට දීම් ආදිය නිසා සිදුවන අනතුරුවලට වාර්ශිකව රජයට වැය කිරීමට සිදු වී ඇති මුදලය.ශල්‍යාගාර සේවාවන් සහ ඖෂධ සඳහා යන වියදම අවම කර ගැනීම සඳහා රජය ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාක්ච්ඡා පවත්වා විසඳුමක් සොයාගෙන ඇත.ඒ අනුව ජේම්ස් පැකර් මහතාගේ පූර්ණ අනුග්‍රහය ඇතිව මහා පරිමාණ කැසිනෝ මධ්‍යස්ථානයක් ඉඳි කිරීමට සැළසුම් කර ඇත.ඒ මහතාට අනුව ඔහු විසින් ඕස්ට්‍රේලියාවේ කැසිනෝ මධ්‍යස්ථාන ඉඳි කිරීමෙන් ඕස්ට්‍රේලියාවේ ළඳු කැලෑවලදී මිනිසුන් මුහුන දුන් කැංගරු ප්‍රහාර ගණන සීඝ්‍ර ලෙස පහළ බැස ඇත.


ලංකාවේ ගණිකා වෘත්තිය යනු අනාදිමත් කාලයක සිට පැවත එන අභිමානවත් වෘත්තියකි.නමුත් ඊනියා වික්ටෝරියානු යුගයෙන් පසුව සහ සුද්දන් විසින් අපේ රටේ වැසියන්ට බෝ කරන ලද ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග බිය නිසා මෙකී වෘත්තිය කෙරේ සමාජයේ දැක්ම සෘණාත්මක දිශාවකට ගමන් කරනු බව පෙනී ගොස් ඇත.බාර් සහ කැසිනෝ සමාජ ශාලා මෙන් නොව ගණිකා වෘත්තිය යනු රජයට හොඳ ආදායමක් සහ ජනතාවට හොඳ ආශ්වාදයක් ලැබිය හැකි වෘත්තියයක් වේ.කළ යුත්තේ මනා සැළසුමක් සහිතව මනා දැක්මකින් යුතුව එය ක්‍රියාවට නැංවීම පමණි.මෙහිදී තවත් සැළකිය යුතු කරුණක් වන්නේ බාර් මෙන්ම කැසිනෝ ශාලාවලද ව්‍යාපාර වර්ධනයට ගණිකා වෘත්තියෙන් ලද හැකි මෙහෙය සුළුපටු නොවන බවය.


ගණිකාව යන හැඳින්වීමම ඔවුන් කෙරේ යම් පසුගාමී දැක්මක් ලබා දීමට හේතුවන නිසා අළුතින් වෘත්තියට එකතු වන්නන් අඩු වීමට සහ වෘත්තිකයින්ගේ අභිමානය පළුදු වීමටද හේතු වේ.එනිසා එම පදය වෙනුවට 'නගර ශෝභනිය, තුටු ජනනී' වැනි ධනාත්මක නාමකරණයක් වෙත යොමු විය යුතුව ඇත.එමෙන්ම සියළුම වෘත්තිකයින්ට මනා ඉංග්‍රීසි දැනුමක් ලබා දිය යුතුය.

'මම ගණිකාවක්' කියනවාට වඩා 'I'm a prostitute' කියන විට ඔවුන් වෙත මහා පෞර්ෂ්‍යයක් ආරෝපනය වේ.එනිසා වෘත්තියට පිවිසීම සඳහා IELTS ඉහළින් සමත්වීම සුදුසු කමක් ලෙස සැළකිය යුතුය.ලංකාවට එන බහුතරයක් චීන ජාතිකයින් වන නිසා චීන බස දැන සිටීම අමතර සුදුසු කමක් සේ සැළකිය හැක.

සාමාන්‍යපෙළින් පසු උසස්පෙළ විශය පථයට ගණිකාවේදය නමින් විශය මාලාවක් එක් කළ යුතුය.එවිට අඩු වයසින්ම වෘත්තියට මනා දැනුමකින් සන්නද්දව පිවිසීමේ හැකියාව අපේ රටේ තරුණ ප්‍රජාවට ලැබෙනු ඇත.එවිට පාසැල්වල දැනට සිදුවන ලිංගික අපචාර ක්‍රියා තවදුරටත් සමාජ ගැටළුවක් වන්නේ නැත.ඒවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් බවට නිතැතින්ම පත්වේ.සාමාන්‍ය පෙළින් පාසැල් හැර යන්නවුන් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ගණිකාවේදී ඩිප්ලෝමා පාඨමාලාව ආර්ම්භ කළ හැකි අතර උසස් පෙල සමත් වන්නන් සඳහා සිව් අවුරුදු ගණිකාවේදී උපාධිය ප්‍රධානය කිරීමට පුද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ හැක.මෙම ආයතනවල ඉගැන්වීම සඳහා දැනට මැද පෙරදිග ගොස් පණ පිටින් පැමිණ සිටින අය යොදා ගත හැකි අතර ඔවුන්ගේ පෘථුල දැනුම් සම්භාරය ලබන සිසුන් ඕනෑම ආකාරයේ ලිංගික තෘප්තියක් ලබා දීමේ කෙළ පැමිණියෝ වනු නිසැකය.එවිට තවදුරටත් නුපුහුණු ගෘහ සේවිකාවන් පිටරට යැවීම නවතා දමා පුහුණු ගණිකාවන් පිටරට යැවීමේ හැකියාවද ලැබෙනු ඇත.ඔවුන් හරහා ලැබෙන විදේශ විනිමය දැනට ලැබෙන ප්‍රමාණය මෙන් සිය දහස් ගුණයක් වනු ඇත.

වෘත්තියට වර්ථමානයේ මෙන් ඕනෑම අයෙකුට පිවිසීමේ හැකියාව වාරණය කළ යුතුය.මනා අඟ පසඟින් යුත් පංච කල්‍යාණියන් තෝරා ගත යුතුය.ඒ සඳහා වාර්ශිකව "රතිකුමරි" සහ "රතිකුමරා" තේරීම සඳහා රියැලිටි ටීවී වැඩ සටහනක් ආරම්භ කළ හැක.එහිදී ඔවුන්ගේ පෙනුම, දැනුම සහ හැකියාවන් පිරික්සා බලා හොඳම අය පමණක් වෘත්තිය සඳහා තෝරා ගත යුතුය.



වෘත්තියට පිවිසෙන්නන් වෙනුවෙන් හැඳුනුම්පතක් ලබා දිය යුතු අතර ඔවුන්ගේ දරුවන් ජාතික පාසැල්වලට ඇතුලත් කර ගැනීමේදී ප්‍රමුඛතාවයක් දිය යුතුය.මන්ද ඒ දරුවන් විදෙස් ආයෝජනවල ප්‍රථිපල වන නිසාය.

මොවුන් සඳහා වාර්ශිකව අළුත් කළ යුතු වෘත්තියේ යෙදීමට බලපත්‍රයක් ලබා දිය යුතු අතර එය අළුත් කිරීම සඳහා මාසිකව ලිංගික රෝග පරීක්ෂාවන් කරගෙන සමත් වී තිබිය යුතු බවට නීති ගත කළ යුතුය.වාහනවල දුම් පරීක්ෂා කරන ආයතනවලම තවත් කවුන්ටරයක් ඇර මෙකී සෞඛ්‍ය පරීක්ෂාව කිරීම ආරම්භ කළ හැක.එමෙන්ම බලපත්‍රය අළුත් කිරීමට පෙර පෙනුම සහ හැකියාවන් පෙර පරිදිම තිබේදැයි පරීක්ෂා කර බැලිය යුතුය.ඒ සඳහා පහසු අඩු වියදම් පරීක්ෂණයක් ලෙස ශිෂ්ණ සීනු පරීක්ෂණය හඳුන්වා දිය හැක.එහිදී අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයක කලිසම් ගලවා ඔවුන්ගේ ශිෂ්ණවල කුඩා සීනු බැඳ අපේක්ෂකයා ඔවුන් හමුවට එවිය යුතුය.විනුසුරු මණ්ඩලයේ සභිකයින් ස්පර්ශ කිරීමෙන් තොරව සීනු නාද කරවීමට සමත් වන්නන්ගේ බලපත්‍රය තවත් වසරකට දීර්ඝ කළ යුතු අතර එසේ නොහැකි වන්නන්ගේ බලපත්‍රය අහෝසි කිරීමෙන් වෘත්තියේ ගුණාත්මකභාවය රැකගත හැකි වේ.තවද වෘත්තිකයින්ට නිසි විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ රෝග සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කළ යුතුය.

උක්ත යෝජනා ක්‍රියාත්මක කරන්නේ නම් රජයට විශාල බදු මුදල් ප්‍රමාණයක් එකතු කරගත හැකි වන අතර විදෙස් ආයෝජන සහ විදෙස් සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ දමා ගත හැක.එයිට අමතරව දැනට විදේශයන්ට ඇදී යන අති විශාල මුදල් සම්භාරයක් අපේ රටේම ඉතුරු කර ගැනීමට හැකිවන අතරම මැති ඇමතිවරුන්ගේ සහ රජයේ ඉහළ නිළධාරීන්ගේ විදෙස් සංචාර සැළකිය යුතු ලෙස පහළ යන නිසා ඔවුන්ට රටේ ප්‍රශ්න වෙත සිය අවධානය යොමු කිරීමටද හැකි වේ.