21 February 2014

කන්නලව් කරන හැටි II




පඬුරු විදිහට පන්සීයක් තිබ්බට හරියන්නෑ කියලා දෙයියෝ ගැන දන්න උදවිය කිව්ව කටකතා හින්දා මාත් ආයේ සල්ලි සල්ලි කියලා බලන්නැතුව දෙදහක්ම තියලා පූජා වට්ටිය ලෑස්ති කළා.පළතුරු අස්සේ ගහලා හඳුන්කූරු පත්තු කරලා සුවඳ ජාති ඉහලා පළතුරු ටික කන්ඩ බැරි විදිහට වර්චස් කළාට පස්සේ කපු මහත්තයා මගේ අතිං පළතුරු වට්ටිය ගත්තේ දෙයියන්ට දැකලා පැහැදෙන්ඩ.ඊට පස්සේ පොල් ගෙඩිය උඩිං කපුරු පෙති තියලා ඒක පත්තු කරලා ඒක අල්ලගෙන දෙයියෝ සිහි කරගන්ඩ කිව්වාම මම හිතුවේ මේකා මාව බිල්ලකටවත් දෙන්ඩ යනවාද කියලාය.

ඒ උනාට ගෝලයා දුම්මල ඉහ ඉහ දුංවලින් දේවාල කාමරේ පුරවද්දි කපු මහත්තයා පොඩ්ඩ පොඩ්ඩ වෙව්ලන්ඩ පටං අරගෙන අන්තිමට ඇස් දෙකත් උඩ ගිහිල්ලා කටිං අමුතු සද්ද දාන්ඩ පටං ගත්තම මට හිතුනේ පොරට අපස්මාරෙවත් හැදිලද දන්නෑ කියලාය.කපු මහත්තයා මූර්ධජ, මහාප්‍රාණ සහ කැපිටල් අකුරු තියෙන සද්ද දාද්දි ගෝලයා ඒවා ට්‍රාන්ස්ලේට් කරන්ඩ ගත්තා.එතකොට තමයි මට තේරුණේ මේ කපුවා දේව බාසාවෙන් දොඩවන්නේ කියලා.ඒක දේව භාෂාවනං දේව සභාව මහා ඝෝසාකාරී කර්ණකඨෝර ඩිස්කෝ මඩුවක් වගේ වෙන්ඩ ඇති කියලයි මට හිතුනේ.

"ඕං හ්‍රීං ඛණ්ඪ භීට්‍රී...ආඛෝ ඵාණ්ඪු..වාහඃ"

"යුෂ්මතාගේ නැතිවෙච්ච දෙයක් ගැන දැනගන්ඩද ආවේ?"  කපුවා කියන ඒවා ගෝලයා සිංහලෙන් මගෙං අහනවා.

"නැති වෙච්ච දෙයක් නෙමෙයි මල්ලි.නැති වෙන්ඩ යන දෙයක් බේරගන්ඩයි ඕනේ"

" මට නෙමෙයි අයිසේ දෙයියන්ට උත්තර දෙනවා.."

"සොරි දෙයියනේ, නැතිවෙන්ඩ යන දෙයක් නැති වෙන එක වලක්කගන්ඩ විදිහක් අහගන්ඩයි ආවේ." මම කිව්වේ දෙයියෝ කොහෙද ඉන්නේ කියලා බලන ගමං.

"මොනවද හොයන්නේ? වටපිට බලන්නැතුව පොල් ගෙඩියත් එක්කම නළලේ තියාගෙන වැඳගෙන අහන ඒවට උත්තර දෙනවා.." ගෝලයා බෙරිහන් දුන්න පාරට මම පොල් ගෙඩිය නළල ගාවට ගත්තා.තව පොඩ්ඩෙන් ඇවිලෙන කපුරු පෙත්තෙං කොණ්ඩෙත් ගිනි ගන්නවා.

කපුවා ආයෙත් උගුර යටිං ගොර ගොර ගාලා මොනවද කිව්වා.

"බොහොම වටිනා කියන දෙයක් නේද ඔය නැතිවෙන්ඩ යන්නේ?"  දුම්මල දුම මැද්දෙං ගෝලයාගේ කටහඬ මතු උනා.

"සෑහෙන්ඩ වටිනවා දෙයියනේ"

"දෙයියෝ කියනවා දම් රෝ එකෙන් හොඳ සේප්පුවක් අරං ඒකේ දාන්ඩ කියලා.."



"සේප්පුවේ දාන්ඩ...මඟුල තමයි.දෙයියනේ මගේ ආත්මාභිමානය නැති වෙන්ඩ යන්නේ.තාත්තා කෙනෙක් විදිහට මගේ තියෙන ආත්මගරුත්වය, පිරිමියෙක් විදිහට මගේ තියෙන පෞරුෂේටයි කෙළ වෙන්ඩ යන්නේ...අනේ මේක බේර ගන්ඩ මට පිලියමක් කියලා දෙන්ඩ මගේ දෙයියෝ...."

කපුවගේ වෙවිලිල්ල පොඩ්ඩකට නැවතුනා.දුම අස්සේ හරියට පේන්නැති උනාට මට හිතුනෙම කපුවයි ගෝලයයි දෙන්නා මට ඇහෙන්නැති වෙන්ඩ මොනවා හරි කසු කුසු ගෑවා කියලමයි.කපුවා ආයෙත් කළිං ගානට පරල උනා.

"යුෂ්මතාගේ බිරිඳ නාමයෝජනා බාර දෙන්ඩ ගියාද?"

"අනේ නෑ දෙයියනේ අපේ උන්දෑ චිත්‍රපටි ටෙලිනාට්‍ය තියා ඇඩ් එකකවත් ඉඳලා නෑ.අනික අපේ ගෑනිගේ කකුල් දෙක උඩටම පේන ෆොටෝ එකක් අන්තර්ජාලේ හොයාගන්ඩ ඇත්තෙත් නෑ.බැරි වෙලාවත් එහෙම ෆොටෝ එකක් තිබ්බනං බල්ලො බත් කන්නෙත් නෑ. එහෙව් එකේ අපේ ගෑනි කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ?"



"තමුංගේ පවුල් ප්‍රශ්න මේ වෙලාවේ කියලා දෙයියංගේ කාලේ කන්ඩ එපා.ඒවා විසඳගන්ඩ වෙනම පැකේජ් එකක් තියෙනවා.දැං ආව කාරනේ කියනවා හොඳයි..!!"

"ප්‍රශ්නේ අපේ කොල්ලා දෙයියනේ.ඌ "ලබ්බෝ ගිනි" කාර් එකක් ඉල්ලලා මැරෙන්ඩ හදනවා.මොන ලබ්බෝ ගිනිද දෙයියනේ, මේ දවස්වල අපි ගෙදරට කිරි හරකෙක් ගන්ඩ සල්ලි එකතු කරනවා."

"ලබ්බෝ ගිනි නෙවෙයි බං, 'ලැම්බෝගිනි'. " ගෝලයා මාව නිවැරදි කළා.

"ඒ මදිවට ඌ කියනවා අපේ ගෙවල් ළඟ පාර වහලා දෙන්ඩලු ඌටයි උගේ යාළුවන්ටයි රේස් පදින්ඩ.එහෙම එකක්වත් කරගන්ඩ බැරි තාත්තා කෙනෙක්ගෙං ඇති වැඩේ මොකක්ද කියලා ඌ අහනවා."

"දෙයියො කියනවා ඒකනං කරන්ඩ පුළුවං කියලා.හැබැයි ප්‍රාදේශීයසභා සභාපතිට නර බිල්ලක් දෙන්ඩ ඕනෑ.පුංචි ගෑනු ළමයෙක්"

"අනේ දෙයියනේ පුංචි ගෑනු ළමයි කොහෙං හොයන්ඩද? බැරිද මගේ ගෑනිව දීලා පොඩි ෂේප් එකක් දාගන්ඩ?"

"තමුන්ට ටෙලිනාට්‍යක් ටීවී එකේ දාගන්ඩ නං ඒ විදිහට කරගන්ඩ තිබ්බා.ඒත් මේ ප්‍රාදේශීය සභාවල ඉන්න බහිරවයින්ට ළපටි බිල්ලක් තමයි දෙන්ඩ ඕනේ.එහෙම නැත්තං තව පුළුවං විදෙස් බිල්ලක් දෙන්ඩ.හැබැයි පිරිමියා මරලා ගෑනිව දෙන්ඩ ඕනේ බහිරවයට."

"අනේ දෙයියනේ එහෙම දොළපිදේනි මම කොහොමද හොයන්නේ.නර බිල්ලක් අපි දුන්නොත් පොලීසිය අල්ල ගනී අපිව සුටුස් ගාලා.ඔය වෙන ඒවා හොයාගන්ඩ බැරි උනාට.අපේ කොල්ලා තව කියනවා ඌට ඕනෙලු රොකට් එකක් අරින්ඩ. රේස් අස්පයෙක් ඇති කරන්ඩ. හැඩ බල්ලො හදලා බලු ප්‍රදර්ශනවලට අරං යන්ඩ.හැඩ කෙල්ලෝ එක්ක නයිට් ක්ලබ් යන්ඩ.එහෙම උන්ට සතුටෙන් ඉන්ඩ බැරි මම සල්ලි හොයන්ඩ දන්නෙ නැති හින්දලු.උසස් වීමක් ගන්ඩ දන්නැති හින්දලු.වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන නැති තාත්තගෙ පිරිමිකම මොකද්ද කියලා ඌ අහනවා.ඇත්තටම මටත් දැං ශුවර් නෑ දෙයියනේ."

"ඇත්තටම තමුසෙ වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන නැද්ද ඕයි.තමුසෙ මහ පො..හ්..හ්ඃ..." හිනා වෙවී කතා කරන්ඩ ගිය ගෝලයට දුම්මල ඉස්මොල්ලේ ගියා.

"ඌට මම අරං දීපු සපත්තු දාන්ඩ බැහැලු.ඌට 'ලුයීටොං' සපත්තු දෙකක් ඕනෙලු."

"ලුයීටොං නෙමෙයි ඕයි ලුවී විටෝන්" කපුවට දේවභාසාව අමතක වෙලා හෙලුවෙන් වැනුවා.



"මොන මඟුල හරි දෙයියනේ.ඌට ඌ කියන ඒවා අරං දුන්නෙ නැත්තං මට බැණලා ලියුමක් ලියලා තියලා සාරියකිං බෙල්ලෙ වැල දාං මැරෙනවා කිව්වා මට කෙළ වෙලා යන්ඩ."
කපුවා ආයෙත් ගෝලයගේ කණට කොඳුරනවා මට යන්තං වගේ පෙනුනා.

"දෙයියෝ කියනවා ඕකට පොඩි කෙමක් කළාම ඇති කියලා.ගිහිං තමුංගේ බිරිඳට කියනවා කොල්ලා ගෑනිගේ සාරියකිං බෙල්ලෙ වැල දාගන්ඩ යනවා කියලා.දැං ඔය පොල් ගෙඩිය අර එළියෙ තියෙන ගලේ ගහලා වහාම ගෙදර යනවා."

වැඩේ අති සාර්ථක විය.සාරියේ කේස් එක කණ වැකුණු බිරිඳ මාරාවේශ වූවාය.පන්ති යන්වා කියා රස්තියාදු ගසා රෑ වී ගෙදර ආ කොල්ලාට ඈ දුන් 'අපර් කට්' පහරින් ඌ කෑම මේසය මතින් විසිවී ගොස් බිත්තියේ හැපී නතර විය.මේසය උඩ තිබූ කරවිල හොද්ද දැමූ තසිම කැබලි දස දහසකට කැඩී බිත්ති සියල්ල වර්ණවත් කළේය.



"හාල්පොත වගේ තියෙන එකම සාරියටත් කෙළින්ඩද උඹ හැදුවේ? ආයේ එහෙම උඹ නිකං පල්පාට් දැම්මොත් දෙන්නේ දත් කැඩෙන්ඩ.තෝව හදපු මට තෝව මකවන්ඩත් පුළුවං."

කොල්ලා බිම වැටී තිබූ දත් අහුලනවාය.මගේ බිරිඳගේ මේ වේශය මම දැකලා තිබ්බේම නැත.

"හරිනේ කරවිල එකත් හැළුවනේ.දැං ඉතිං බඩගින්නේ බුදිය ගනිං"

මමත් බඩගින්නේ නමුත් හිතේ සන්තෝසයෙන් යහන් ගත උනෙමි.



10 February 2014

කන්නලව් කරන හැටි

ඡායාරූපය කතාවට අදාල නොවේ.



'මං ආවේ ලොක්කා හම්බ වෙන්ඩ.කෝ ඇතුලේ ඉන්නවද?'

පිත්තල පහනක් සුද්ද කර කර හිටපු පොර එක පාරට මගේ පැත්තට හැරුනා.

'කවුද ලොක්කා කියන්නේ?'

'ලොක්කා බං.මෙතන බලලත් වගකිවයුතු පුද්ගලයා'

'මාමා තමයි මේක කරගෙන යන්නේ නං.මාමා පොඩ්ඩක් එළියට ගිහිල්ල.මම උදව්වට තමයි ඉන්නේ'

'මාමා හරියන්නෑ බං.මං කියන්නේ මෙතන කටයුතු ඉෂ්ඨ සිද්ධ කරන උරුමක්කාර, පොල්මඃකාර, බලධාරී, ශ්‍රී විභූෂණ, ජනරංජන ලොක්කා ගැන.මට ලොක්කව කොහොම හරි හම්බ වෙන්ඩම ඕනේ.අර තිරේ පිටිපස්සේ නේද ලොක්කා ඉන්නේ? . ගිහිං කියපංකෝ වැදගත් උවමනාවකට හම්බ වෙන්ඩ කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා.' මම දොර අස්සෙං ඔළුව දාලා බැළුවා.

'මේ මේ කොහෙද රිංගන්ඩ හදන්නේ? දේවාලේ වැඩ පටං ගන්නේ හතරට එතකං ඉන්නවා.අනික මං කිව්වනේ මෙතන ලොක්කා මාමා. මාමා ගියා කොන්දේ අමාරුවට බෙහෙත් ටිකක් අරං එන්ඩ.එනකං පොඩ්ඩක් ඔහෙං වාඩි වෙලා ඉන්නවද කරදර නොකර.මට වැඩ තියෙනවා.'

'උඹලගේ මාමාගෙං මට වැඩක් නෑ බං.තමුංගේ කොන්දේ අමාරුවට පිළියමක් කර ගන්ඩ බැරි පොර කොහොමද මගේ ප්‍රශ්නේ විසඳන්නේ?'

'ඇයි තමුසෙටත් කොන්දේ අමාරුවකට මතුර ගන්ඩද ආවේ?'

'කොන්දේ අමාරුව!! විකාරද අයිසේ? කොන්දේ අමාරුවට වඩා බොහොම බරපතල අමාරුවක්. මං ආවේ දෙයියො හම්බවෙලා විසඳුමක් ලබා ගන්ඩ.'

'එහෙම දෙයියෝ හම්බවෙන්ඩ පුළුවන්ද? විකාරද? අමු කැවිලද?'

'මේ තමුසෙ නෙමෙයිනේ මෙතන ලොක්කා.මෙතන ලොක්කා දෙයියෝ.දෙයියො හම්බ වෙන්ඩ පුළුවන්ද බැරිද කියලා තීරණේ කරන්නේ දෙයියෝ මිසක් මෙතන මේ පහං පිහදාන්ඩ ඉන්න තමුසෙ නෙමෙයිනේ.යකෝ මේක හරියට ඇමතියෙක් හම්බවෙන්ඩ යනවා වගේනේ.වටේ ඉන්න ඇඹිටිල්ලංගේ ගෑස් බලන්ඩ වෙලානේ.'

'මේ අයිසේ දෙයියෝ එහෙම මේ තමුසෙලා වගේ නර පණුවංව හම්බ වෙන්නේ නෑ.'

'එහෙනං කෝල් එකක් හරි අරං දෙනවා.නැත්තං මං සීන් එක කියලා පෙස්සමක් ලියලා දෙන්ඩද? තමුසෙට පුළුවංනේ ගිහිල්ලා බාර දෙන්ඩ.කාට හරි කමක් නෑ. විශ්ණු, කතරගම, නාථ, පත්තිනි, ගම්බාර සිද්ධ සූනියං, විභීෂණ ඔය කවුරු හරි කමක් නෑ අපේ රජ්ජුරුවන්ට තියෙන විධායක බලේට උඩිං යන බලයක් තියෙන එක්කෙනෙක්ට කියලා තමයි වැඩේ කරගන්ඩ ඕනේ.'

'මේ ඕයි, දෙයියොංගෙං එහෙම මේ ඕනේ ඕනේ විදිහට උදව් ගන්ඩ බෑ.ඒකට ක්‍රමයක් විදිහක් තියෙනවා.'

'මොකද්ද? කළිං ඇපොයිමන්ට් එකක් දාලා එන්ඩ ඕනෙද? රශියන් ගණිකාවෝ දෙන්ඩ ඕනේද?'

'එව්වා ඕන්නෑ.පූජා වට්ටියක් අරං එන්ඩ ඕනේ.' පොර බර කරලා කිව්ව විදිහට මම හිතුවේ මේක හෙන භයානක වැඩපිළිවෙලක් කියලාය.

'පූජා වට්ටියක් කිව්වේ?'

'පූජා වට්ටියක් කියන්නේ අයිසේ ලොකු පළතුරු වට්ටියක්.පිරිසිඳුවට භක්තියෙන් කපලා ලස්සනට අහුරලා...'

'මල්ලි මේ ඔය පළතුරු පිහියෙං කැපුවොත් අවුල්ද? මේ හදිස්සියේ භක්තියකුත් හොයන්ඩ අමාරුයි.'

'තමුසෙ මාව විහිළුවකට ගත්තද?' ඌට මළ පැනලා බිත්තියට හේත්තු කරලා තිබ්බ ත්‍රිශූලයක් අතට ගත්තා.



'පිස්සුද මල්ලි. මල්ලිව විහිළුවකට ගන්නෙ කවුද? එතකොට පළතුරු කාටද මල්ලිටයි මාමටයිද?'

'පළතුරු දෙයියන්ට අයිසේ..'

'ඉතිං පළතුරු දෙයියන්ට නං, මං කැමති ඒවා ගෙනල්ලා හරියන්නෑනේ. මල්ලි දන්නව ඇතිනේ දෙයියෝ වැඩිය කැමති ජාති.මේ දවස්වල තියෙනවා අර යාපනෙං එන මිදි එක, ඇට නැති එක.පොඩ්ඩක් ඇඹුලයි. ඒ උනාට මරු ඈ.දෙයියෝ කැමතිද දන්නෑ.ගේන්ඩද ඒකෙං කිලෝ එකක් විතර.'

'මේ ඕයි දෙයියෝ පළතුරු ටික කන්නෑ.ඒක දැකලා පැහැදෙනවා.තමුසේ ගේනවකෝ ඔය ඇපල්, අන්නාසි එත්කොට අඹ කොමඩු වගේ පළතුරු ටිකක්.අර මිදිත් එච්චරම ඇඹුල් නැත්තං ටිකක් වැඩිපුර දාං ආවත් කමක් නෑ.'



'හරිනේ ඔන්න එහෙනං පළතුරු ටික දාලා පූජා වට්ටිය ගෙනාවම හරිනේ.මම ගිහිං ටක් ගාලා එන්නං ඈ.'

'පළතුරු විතරක් මදි අයිසේ පඬුරුත් තියන්ඩ ඕනේ.'

'පඬුරු කියන්නේ?'

'පඬුරු කියන්නේ සල්ලි.රුපියල් පන්සීයක් විතර තිබ්බනං ඇති.'

'දෙයියෝ ඒකත් දැකලා පැහැදෙනවා විතරද මල්ලි?'

'ඒවා දේවාලේ වැඩකටයුතුවලට.'

'ඒ කියන්නේ මල්ලිටයි, මාමටයි නේද? ඈ බං ආණ්ඩුවේ කන්තෝරු වගේනේ ලොක්කාගෙං වැඩක් කරගන්ඩ නං වටේ ඉන්න උන්ට කීය කීය හරි දෙන්ඩ ඕනේ.'

'මේ මං කිව්වා අපහාස කරන්ඩ එපා කියලා.මතුරලා ගහනවා පොල් ගෙඩියක් හැඳි ගෑවිලා යන්ඩ කියලා.'

'ඉතිං මල්ලි මතුරන්ඩ දෙයක් නෑනේ, හරියට එල්ලේ බලලා පොල්ගෙඩියෙං ඔළුවට ගැහුවනං එතනම සෙත්ත පෝච්චිනේ.වැඩේ තියෙන්නෙ පොල් ටිකක් ගණං මේ දවස්වල.'

'මතුරලා ඔළුවට නෙමෙයි අයිසේ පොල් ගහන්නේ.පොල් ගහන්නේ ගලේ'

'ඒ මොකෝ ඒ. ආ මල්ලිලා හදන්නේ පොල් ගෙඩිය ගලේ ගහලා, කකුල කැඩුනම එක තැං වෙලා මම විඳවනවා බලන්ඩ නේද? උඹ පොල් ගෙඩිය මතුරලා ගහනකං මම ගල එළියේ දාගෙන ඉඳි...... හුඃ.'

අරූ ඒ පාරනං ත්‍රිශූලේ ගත්තේ මට අණින්ඩම තමා.වෙලාවට උගේ මාමා හෙවත් දේවාලේ කපු මහත්තයා ආවේ.


පොල් ගලේ ගැසීමෙන් මෙවන් අනතුරු සිදුවිය හැක.



### මේ කතාවේ තව කොටසක් සමහර විට තිබිය හැක.අවධානයෙන් සිටින්න.....###

05 February 2014

බයික්කයක් ගැනීම



'මට දැං බස් කාරයිංගේ ලොකුකං බලලා ඇතිවෙලා බං.මං ගන්නවා බයික් එකක්.'

'ඒක හොඳයි.හෝර්ලික්ස් එකක් එහෙම බිව්ව කාලයක් මතක නෑ'  සිතුමා කිව්වේ කට වටේ ගාගෙන හිටපු සබං පෙන අස්සෙං.ඌ සෑහෙන වෙලාවක ඉඳං රැවුල කපනවා.කුරුළෑ ටික බේරලා රැවුල් ගස් ටික විතරක් කපන එක මානුශීය මෙහෙයුමටත් වඩා අමාරු ගේමක්.

'බයික් එකක් බං ගන්නවා කිව්වේ.හෝර්ලික්ස් එකක් කොහෙන්ද එතනට ආවෙ?'

'ඇයි බං' ඌ හැරුනේ කැපිච්ච කුරුළෑවක් මිරිකන ගමං.කුරුළෑව ඇතුලේ තිබ්බ සැරව ටික "චොක්" ගාලා ගිහිං කණ්ණාඩියේ වැදුනා. 'දැං උඹ බයික් එක ගන්නවා.ඊට පස්සේ උඹ පාරේ කෙල්ලන්ට පේන්ඩ වැඩ දාලා වේගෙං ගිහිල්ලා හැප්පෙනවා.ඊට පස්සේ උඹව ගෙනියන්වා ඇක්සිඩන්ට් වෝඩ් එකට.උඹේ යාළුවොයි නෑයෝයි එනවා උඹව බලන්ඩ.උං එන්නේ හෝර්ලික්ස් අරගෙන.උඹේ බෙල්ල කෙළිං කරලා ඇණ හයි කරලා කකුල් එල්ලලා තියෙද්දි මොන හෝර්ලික්ස් බීමක්ද?.ඒක මම අරං ඇවිල්ලා බෝඩිමේ තියාගෙන බොනවා.'

අනේ උඹේ මූනේ තව කුරුළෑ වරෙං කියලා සාප කරන්ඩත් හදලා මං නිකං හිටියා.ඇත්තටම උගේ මූණේ තව කුරුළෑ එන්ඩ තැනක් නෑ.අනික ඌ රුපියල් හත්සිය ගාණක් දීලා ගෙනල්ල තිබ්බ කුරුළෑවලට ගාන සබං කෑල්ල බෝඩිමේ උං රෙදි හෝදන්ඩ පාවිච්චි කළාට පස්සේ ඌට ආයෙමත් කුරුළෑම වරෙං කියලා සාප කරන එක සදාචාරයට පටහැනියි කියලා මට හිතුනා.

'උඹ දැං ඔය ඉරිසියාවට ඔහොම කිව්වට මම බයික් එක ගත්තම උඹත් ඒක ඉල්ලගෙන කෙල්ල එක්ක එහෙ මෙහෙ යනවනේ බං අනවශ්‍ය විදිහට බ්‍රේක් ගගහා.නැද්ද මං කියන්නේ?'

'හරි මං ඉල්ල ගත්තා කියහංකෝ.ඒත් අහවල් එකටද මං අනවශ්‍ය විදිහට බ්‍රේක් ගහන්නේ?'

'ඇයි බං ගම්‍යතා සංස්තිථියට අනුව බ්‍රේක් ගහන ගහන පාරට හංස පැටව් උඹේ කරේ යනවනේ.'



'ආ....' ඌ රැවුල කපන ගමංම සිහින ලෝකෙට පියාඹගෙන ගියා.ඌ සිහින ලෝකෙන් එළියට ආවේ තවත් කුරුළෑවක් කැපුනම තමයි.

'බයික්කයක් ගන්නවා කියන්නේ බං ඔය කාර් එකක් ගන්නවා වගේ නෙමෙයිනේ.පෙට්‍රල් යන්නෙ අඩුවෙං.ලයිෂන්වලට ඉන්ෂුවරන්ස්වලට එච්චර සල්ලි යන්නෙ නෑ.ට්‍රැෆික්වල හිරවෙන්නේ නෑ.පේමන්ට් එකෙං උනත් දාලා ගිහෑකිනේ බං.අනික ටයර් ගෙවුනම දෙකයි මාරු කරන්ඩ ඕනේ.කාර්වල හතරක්ම මාරු කරන්ඩ එපායැ බං.'

'ඉතිං බෝට්ටුවක් ගනිංකෝ.ටයර් මාරු කරන්ඩ ඕනෙම නෑනේ.අඩේ වෙලාවට නේද බං මිනිස්සුන්ට කෝච්චි ගන්ඩ බැරි.නැත්තං රෝද මාරු කරන කාලෙට ඌ විකිණෙනවා.'

'හරි උඹ ඔච්චර බයිට් කරන්නේ උඹට කොහෙවත් යන්ඩ එන්ඩ හදිස්සියකට ඕනේ නෑනේ.මං ගන්නවා බයික්කයක්.දෙන්නෑ උඹට.' මමත් නිකං පොර ටෝක් දෙන්නේ මගේ ජීවිතේ සුඛිත මුදිත වෙලා කිරියෙන් පැණියෙන් ඉතිරිලා සල්ලි වැහි වැහැලා සල්ලිවලට කරන්ඩ දෙයක් නැතුව බයික් එකක් අරගන්ඩ යනවා වගේ.

'හරි හරි මචං අවුල් ගන්ඩ එපා.දැං උඹ ඕක ගන්ඩ යන එකාට කියපං හෙඩ් ලයිට් සුවිච් එක ගලෝගෙන ඒකට ගාණක් අඩු කරන්ඩ කියලා.හැම තිස්සෙම පත්තු කරලා තියෙන එකකට සුවිච් එකක් ඕනේ නෑනේ.සුවිච් එක ගලෝලා වයර් දෙක එකට ගැට ගහගනින්.ඔය හෙඩ් ලයිට් නීතිය ආවේ අනතුරු අඩු කරන්ඩනේ බං.ඒකත් එක්ක ඊළඟට ගේන නීතිය තමයි හෝන් එකත් ගහගෙනම එළවන්ඩ ඕනේ කියන එක.ඒක හින්දා හෝන් එකෙත් සුවිච් එක ගලෝලා වයර් දෙක එකට ගැට ගහගෙන ඒකටත් ගාණක් අඩු කරන්ඩ කියපං.'

'බයික්කෙ ගත්තා වගේ නෙමෙයි බං හෙණ්ඩුවත් ගන්ඩ එපායෑ.හෙල්මට් එකක්, ජැකට් එකක් ඇයි එච්චරක්යෑ සන් ග්ලාසසුත් ගන්ඩ එපායෑ.නැත්තං මෙළෝ රහක් නැති අංකල් කාරයෙක් වගේ තමයි බයික්කේ යනකොට පේන්නේ.'

'හෙල්මට් එක ගනිද්දි නිකට වැහෙන කෑල්ල ගලවන්ඩ පුළුවං එකක් ගනිං.නිකට වැහෙන කෑල්ල තහනං කරපු නීතිය ආයේ කොයි වෙලේ ගෙනෙයිද දන්නෑනේ.දැං උඹ ඕක අරගෙන ඉස් ඉස්සෙල්ලම මංගල ගමන කොහෙද යන්නේ? අටමස්ථානේ පැත්තේවත් යනවද?'

'මං හිතං හිටියේ මංගල ගමන විදිහට ඡන්දෙ දාන්ඩ යන්ඩ.ඒත් ඉතිං වැඩක් නෑනේ බං ගයේෂා පෙරේරට නොමිනේෂන් දීලා නෑනේ.අපාරාදේ අපේ ආතතිය නැති කරන්ඩ හිටපු එක්කෙනා.බඩ පිරෙන්ඩ කරවිල කාලා දරුවෙක් මල්ලෙක් දූෂණය කරගෙන ආතතියෙන් ඉන්න අපේ රටේ සුවහසක් ධාර්මික ජනතාවගේ ආතතිය නැති කරලා ජීවිත තෘප්තිමත් කරන්ඩ හිටපු එක්කෙනා.නොමිනේෂන් නොදුන්නෙනං කුහක කමට මචං'

'එහෙනං පලයං කතරගම.'

'කතරගම දෙයියොත් මචං ඔය අනර්කලීලා වගේ තමයි.බොරුවට අපි පළතුරු අරං පඬුරු තියං ගියාට වැඩක් නෑ.පිළිමේනං තියෙනවා හිනා වෙවී.කොරපු ඇති ලබ්බක් නෑ.පොඩි කාලේ ඉඳං ගෙදර උං එක්කගෙන යනවා.නිකමට මනුස්සකමට ඇවිල්ලා හලෝ කොහොමද කියලා අහලා මෙච්චර දුර ඉඳං අරං ගියපු අන්නාසි කෑල්ලක් කාලා තියෙනවද අපේ හිත හැදෙන්ඩ.ඒ පඬුරු දොළපිදේනි ටික දීලා දුං ටෙස්ට් එක පාස් කරගන්න එක ඊට වඩා හොඳයි.'

'දැං උඹ බයික් එකක් බැලුවද ගන්ඩ?'

'ඔව් බං, අළුත් එකක් ගන්ඩ සල්ලි නැති හින්දා පාවිච්චි කරපු එකක් තියෙනවා ටිකක් අඩුවට.හැබැයි ඒකේ ස්ටෑන්ඩ් එක හරියට හිටින්නේ නෑ.බයික්කේ නැවැත්තුවම පෙරළෙන්ඩ යනවා.'

'ආ ඒකට ඉතිං පෙට්‍රල් ටැංකියට ව්‍යාඝ්‍රා පෙත්තක් දැම්මම හරි යනවා.අර මං ගාව ටිකක් තියෙනවා උඹට ඕනෙනං දෙන්නං.'

'ඇත්තට උඹ ගාව තියෙනවද බං? යකෝ කෙල්ලෙක්වත් නැති එකාට මොකටද ව්‍යාඝ්‍රා?'

'නෑ බං නින්ද ගියාම ඇඳෙං වැටෙනවා බං.ඒක හින්දා නිදාගන්ඩ කළිං එකක් බීලා නිදාගන්නේ.'

මූ කියන ඒවා ඇත්තද බොරුද කියලා සත පහකට විශ්වාස කරන්ඩ බෑ.ඒක හින්දා මම මොකුත් නොකියා හිටියා.





'මේ දැං උඹ අලි මන්තර බලු මන්තර එහෙම පුරුදු උනාද?' ඌ කම්මුල් හරියේ රැවුල කපලා ඉවර වෙලා යන්තං නිකට හරියේ රැවුල කපන්ඩ පටං ගත්තෙ දැනුයි.

'අලි මන්තර නං බෑ බං.හැබැයි ඔය බයිසිකල් පස්සෙ ගිහිං ඒවට බුරාගෙන පනින බල්ලන්ට නං රුපියල් පහක් දහයක් දැම්මම හරි.බයික් එකක් යනකොට බුරාගෙන පනින්නේ කලිං ආත්මේ ට්‍රැෆික් පොලිස් කාරයොලු නේ බං.'

'මොකක්ද ඉන්දියන් එකක්ද ගන්ඩ යන්නේ?' සිතුමා කැපිච්ච නැති කුරුළෑ ගණං කරනවා.

'නැතුව බං.ඉන්දියන් බයික් ගාණත් අඩුයි, අනික හොඳට පෙට්‍රලුත් වැඩ කරනවනේ'

'අපේ ලොක්කා ගිහිල්ලා තව ගිවිසුමක් ගහලා වටේට ලයිට් පත්තු වෙන, මහ සද්දෙට හෝන් එක වදින චීන බයික් මෙහෙට ගෙන්නන්ඩ ගත්තම තමා ඉන්දියාවටත් කෙළ වෙන්නේ.'






23 January 2014

උඹ නාඩං උඹ නාඩං උඹට ඕවා හොඳ පාඩං...





දුක සැප නිති පෙරළේ අර මොකක්ද එක වාගේ කියලා කවුද මන්දා කියලා තියෙනවා නෙව.ඔන්න ඉතිං මගේ ජීවිත කතා පොජ්ජේ අලුත්ම පෙරළිය ගැන කතා පොජ්ජක් මන්දු කරන්ඩ තමා මේ ලෑස්ති වෙන්නේ.

රට රකින පංච මහා බලවේගේ වෙච්ච සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන සැට් එකේ දෙවෙනියට ඉන්න වෙද කියන කට්ටිය ගැන හෙන ලොකුවට අපිට පොඩි කාලේ ඉඳලා කියලා තියෙන හින්දාත්, ඉස්කෝලෙ ගියාම ගුරුවරු, වැඩිහිටියො, අසල්වැසියෝ, යාලු මිත්‍රයෝ හැම එකාම ඕක කරගත්තනං හරි කියලා ගොනාට අන්දවපු හින්දාත්, කරුමෙට වගේ උ\පෙ පාස් වෙච්ච හින්දාත්, තාමත් ලංකාවේ සල්ලි නොගෙවා මෙව්වා උපාධිය ගන්ඩ ඇහැක් හින්දාත් මාත් අත්දිග කලිසමක් ඇඳලා බෙල්ට් එකක් කාරිය දාගෙන, දත් මැදලා කබ කඩලා පුංචි බොරැල්ලේ තියෙන මෙව්වා එකෙං වෛද්‍ය උපාධිය ගන්ඩ ගියා නෙව.

අනිත් උං කෙළ හලාගෙන හොටු පෙරාගෙන පාඩං කරද්දි පුරුදු විදිහටම වෙන වෙන වල්පල් වැඩවලට සෙට් වෙලා නොමග ගිහිල්ලා අන්තිමට හැරිලා බලද්දි ආපහු එන පාර හොයාගන්ඩත් බැරි උනා ආයිබෝවං.කිව්වට මොකෝ මම හිතුවේ මේක මේ අනිත් උං වගේ මැරීගෙන පාඩං කරන්ඩ තරං කාරියක් නෙමෙයි, මං දස්සයි නෙව ඒක හින්දා මේක සුටුස් ගාලා පාස් වෙන්ඩ පුළුවං කියලා.හුඃ අන්තිමට ආවනේ බොලේ රිසල්ට්ස්.

වැඩ පහකිං දෙකක් ෆේල් වෙලා අන්තිමේ
උඹ නාඩං උඹ නාඩං උඹට ඕවා හොඳ පාඩං //
මම නං
ගඟේ පනිනවා
වතුර බීලා මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලුවට
බෙල්ල තියනවා
ජීවිතේ
එපා කියනවා
කෝච්චිය ළං වෙනකොට අපි නැගිටිනවා

හරි හරි අඬන්ඩ එපා බොලව්.විභාග තියෙන්නේ කට්ටියක් ෆේල් කරන්ඩ නෙව.එහෙම නැත්තං ඔක්කොමල්ලට ඩිග්‍රිය බෙදාගෙන යන්ඩ තිබ්බනේ.ඒක හින්දා ඒ අය මහන්සි වෙලා තියන විභාගවලින් කවුරු හරි ෆේල් වෙන්ඩත් ඕනේ.නැත්තං පව්නේ අප්පා.නැවත විභාගේ ඒ කියන්නේ රිපීට් එග්සෑම් එක තියෙන්නේ මැයි මාසෙ කියලා තමා කියන්නේ.එතකං කර්න්ඩ වැඩකුත් තියෙන්ඩ ඕනේ හින්දා රජරට කැම්පස් එකේ ජොබ් එකක් හොයාගත්තා.දැං ජීවත් වෙන්නේ සුන්දර රජරට.


ෂුඃ රජරට කියන්නේ සුරපුරයක් බොලව්.ලංකාවේ වැඩිම ගණිකාවො ඉන්න වගේම වැඩිම HIV ආසාදිතයින් ඉන්නෙත් මේ පුණ්‍ය භූමියේ.ටැප් එකකිං වතුර ටිකක් බොන්ඩ බැරි උනාට, හවස් වෙනකොට මදුරුවෝ වටකර ගත්තට මේ පැත්තේ තියෙන නිදහස පට්ට ආතල්.කොළඹ වගේ, ගම්පහ වගේ මිනිස්සු එකට මිරිකිලා ගුලිවෙලා ඉන්නේ නෑ.හොඳට ඉඩකඩ තියෙනවා.වාහන සද්දේ එහෙමත් වැඩිය නෑ.ඕනේ නං නාන්ඩ වැව් තියෙනවා, සෙල්ලං කරන්ඩ ෆැකල්ටියේ පිට්ටනිය තියෙනවා.පොඩි අවුලකට තියෙන්නේ ෆැකල්ටියේ පිට්ටනියේ පොළොංගු ඉන්නවා කියන එක තමා.හැබැයි තාම දැක්කේ එක ගැරඬියෙක් විතරයි.

මෙහෙ තවම ආවට වැඩිය එහෙ මෙහේ යන්ඩ හම්බ උනේ නෑ.හැම සති අන්තෙම අපේ එකෙක් බඳිනවා.ඉතිං ගෙදර යන්ඩ වෙනවා.ඉතිං ඒ හින්දා මෙහේ සිද්දි ඇතුළුව මගේ බ්ලොග යාවත්කාලීන කරන්ඩ හරියට වැඩ අල්ලන්ඩ තව ටික දවසක් යනවා.ඒ අතරේ පිං කැමති කවුරුහරි ඉන්නවනං අනාගත වෛද්‍යවරයෙක්ට රජරට ඉඳලා වකුගඩු කෙළ උනාම O පොසිටිව් වකුගඩුවක් දන් දෙන්ඩ චෑන්ස් එකක් සෙට් වෙයි සමහර විට.ලෑස්ති පිට ඉන්ඩ හරිය.ඔන්න අපි කැපුනා.අනුරාධපුරේ ශුෂ්කයි කිව්වට සීතලයි බොලව්......



04 January 2014

කොන්ඩම් ප්‍රශ්නයක්....





ටිකක් කාර්ය බහුල වෙච්ච හන්දා බ්ලොග් එක බලන්ඩවත් බ්ලොග් කියවන්ඩවත් හම්බ උනේ නෑ.අපිත් දැං පරිණත වයසක මිනිස්සු වෙච්ච එකේ ශ්‍රම බලකායටත් එක්කාසු වෙන්ඩ කාලෙත් හරි.බලමුකෝ ඒවත් එන එන විදිහට ගහමු උළුවස්ස.බ්ලොග් එක නිකාං ඔහේ පාළු වෙලා යනවා දැක්කම මගේ පපුව හෝස් ගාලා ගියා.ඒ හින්දා පුංචි පහේ ගැටළුවක් දෙන්ඩ තීරණය කළා මගේ සහෘද පාඨක ජනතාවට.ඕං ඉස්සෙල්ලාම කියන්ඩ ඕනෑ මට ඇත්තටම මතක නෑ මම මේක බ්ලොගේ කළිං දැම්මද කියලා.මට හිතෙන්නේ දැම්මේ නෑ වගේ.ඒ වගේම මේක වෙන කොහෙවත් කවුරුවත් දාලා තියෙනවද කියලා දන්නෙත් නෑ.එහෙම දාලා තියේ නං මේ බුද්ධිමය දේපල කොල්ල කෑමක් නෙමෙයි නොදැනුවත් කම හින්දා වෙච්චි අහිංසක අත් වැරැද්දක් විදිහට සළකලා සමාව දෙන්ඩ ඕනේ හරිය!!

මේක මේ මතක් උනේ අපේ කාටවත් කඩේ නොයන පොලිස් මාජ්ජ ප්‍රකාශක ඇත්තා මේ ඊයෙ පෙරේදා කියලා තියෙනවනේ කොන්ඩම් ළඟ තියං ඉන්න එක නීතිය ඉදිරියේ වැරැද්දක් නෙමෙයි ය කියලා.උන්දැගෙ හිතේ අපි ඒක දන්නෑ කියලා.ඇයි බොලේ කඩේ විකුණන්ඩ තියෙන එක අවුලක් නැත්තං, කොන්ඩම් තියෙන්නේ මිනිස්සුන්ට අරං පාවිච්චි කරන්ඩ නං, ඒකක් ළඟ තියං ඉන්න එක වැරැද්දක් වෙන්ඩ ඇහැක්ද මං අහන්නේ?විකුණන එක අවුලක් නෑ හැබැයි ළඟ තියං ඉන්න එක අවුල් නං ඔය ෆාමසිවලයි ඔය සමහර සිල්ලර කඩවලයි පැත්තෙං පුංචියට මඩුවක් හරි කූඩාරමක් හරි ගහලා දෙන්ඩ ඕනෑ පාරිභෝගික ජනතාවට කොන්ඩම් එක ගත්තු ගමං පාවිච්චි කරලම ගෙදර යන්ඩ.

හරි ඒවයිං වැඩක් නෑ.දැං එමු අපි මොළේ කළඹවන ලොවෙත් ගැටළුව ගැන කතා කරන්ඩ.

හරියට අහගන්ඩ ඕනෑ හරිය!!

ඔන්න එක ස්ත්‍රී රත්නයක් ඉන්නවා ලිංගිකව සම්ප්‍රේශනය වෙන ලෙඩක් තියෙන.අපි කියමුකෝ ගොනෝරියාව කියලා.මේ ගෑනු මනුස්සයා එක්ක අහවල් වැඩේ හෙවත් රමණ සාජ්ජයක් දාන්ඩ සෙට් වෙනවා කොල්ලො තුන් දෙනෙක්.වැඩේ කියන්නේ මේ කොල්ලො තුන්දෙනාටත් ජාති තුනක ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග තුනක් තියෙනවා.අපි කියමු එක්කෙනෙක්ට තියෙනවා සිෆිලිස්, තවත් එකෙක්ට තියෙනවා HIV, අනිත් එකාට තියෙනවා හර්පීස් කියලා.





දැං පැහැදිලියිද සීන් එක.හතර දෙනාටම තියෙනවා ලිංගිකව සම්ප්‍රේශනය වෙන ලෙඩ හතරක්.හැබැයි කොල්ලො තුන්දෙනාම වැඩේ අතෑරලා යන්ඩ කැමති නෑ.අපි කියමුකෝ තුන් දෙනාම හිරෙන් අවුරුදු ගාණකට පස්සේ නිදහස් වෙච්ච ගමං කියලා.ගෑනු මනුස්සයත් අකමැති නෑලු.හැබැයි අවාසනාවක මහත කියන්නේ (නිශාන්ත මුතුහෙට්ටිගම තරං විතර මහතයි ඈ ) කොල්ලො තුන්දෙනා ගාව තියෙන්නේ කොන්ඩම් දෙකක් විතරයි.(කොන්ඩම් පැකැට්ටුවක් කොන්ඩම් තුනක් තිබෙන මුත් මේ අවස්ථාවේදී එයින් එකක් පළුදු වී ඇති බව ඔවුන් සොයා ගත් බව සළකන්න ) දැං ඉතිං මොකද කරන්නේ කොන්ඩම් දෙකෙන් කොහොමද තුන්දෙනාම අහවල් වැඩේ කරන්නේ ලෙඩක් හදා ගන්නෙත් නැතුව කියලා කල්පනා කරලා කරලා කරලා කරලා කට්ටිය හොයා ගත්තා විසඳුමක්.

මොකක්ද ඒ විසඳුම කියලා තමයි අද ප්‍රශ්නය.ඔබේ පිළිතුරු තැපැල්පත්වල පමණක් ලියා පෝස්ටුවට පහලින් ඇති කොමෙන්ටු තීරුවේ දමන මෙන් කාරුණිකව දන්වා සිටිමි.ජයග්‍රාහකයින්ට අපේ රජ පවුලේ දැවැන්ත වෛවර්ණ ඡායාරූපයක් බැගින් ලබා දෙනු ලැබේ...

උත්තරේ කල්පනා කරද්දි සැළකිළිමත් වෙන්ඩ ඕනෑ එක කොල්ලෙක්ගේ ලෙඩක් තව කොල්ලෙක්ට බෝ වෙන්ඩත් බෑ.ඒ වගේම මේ ගැටළුව විසඳීම සඳහා ඔබ එදිනෙදා කොන්ඩම් බාවිතා කරන තත්‍ය ක්‍රමවේදයෙන් මදක් බැහැර වූ කාල්පණික ක්‍රම වේදයක් කරා යොමු වීමද අවශ්‍ය වෙනවා.

හරි එහෙනං හොඳට කල්පනා කරලා උත්තරේ හොයන්ඩ බලන්ඩ.මොකද අපේ සුන්දර සිරි ලංකාව ආශ්චර්යයේ මෙව්වා එක උනාම මේ වගේ අනපේක්ෂිත අර්බුධවලට ඔය කට්ටියත් මූණ පාන්ඩ පුළුවං....එහෙනං ජය වේවා!!!





ඔන්න දැම්මා උත්තරේ යටිං

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


අපි ඉස්සෙල්ලාම කොන්ඩම් දෙක නම් කරගම්මුකෝ A සහ B කියලා.පළවෙනි කොල්ලා දාගන්නවා කොන්ඩම් දෙකම.A කොන්ඩම් එක ඇතුලෙනුත් B කොන්ඩම් එක පිටතටත් විදිහට.එයාගේ වැඩේ ඉවර උනාම දෙවෙනි එක්කෙනා දාගන්නවා B කොන්ඩම් එක.ඒකේ ඇතුල් පැත්තේ මොනවත් ගෑවිලා නෑනේ.ඊට පස්සේ තුන් වෙනියා දාගන්නවා A කොන්ඩම් එක කනපිට හරවලා.A කොන්ඩම් එකේ පිට පැත්තේ මොනවත් ගෑවිලා නෑ නෙව.ඊට පස්සේ B කොන්ඩම් එක දාගන්නවා A කොන්ඩම් එකට උඩිං.මොකද B කොන්ඩම් එකේ පිට පැත්ත ගෑවිලා තියෙන්නේ ගෑනු මනුස්සයගේ මෙව්වා එකේ විතරයිනේ.

ඔන්න ඔහොමයි අරපිරිමැස්මෙන් වැඩ කරන්නේ.හැබැයි මේක ප්‍රායෝගිකව කරන්ඩ බෑ හොඳේ.ඒක හින්දා සැබෑ ලෝකයේදී මෙව්වා කරදී සල්ලි සල්ලි කියලා බලන්නැතුව ඇති වෙන්ඩ කොන්ඩම් අරං යන්ඩ.වරකට එක බැගින් පාවිච්චි කරන්ඩ.




12 December 2013

බූවල්ලා




කට්ටියට අදත් අපි ෆැකල්ටි එකේ දාපු ආතල් එකක් පෙන්නන්ඩයි යන්නේ.ඔන්න එහෙනං හරි බරි ගැහිලා ඉඳගෙන, අහල පහල කට්ටියටත් එන්ඩ කියලා, ඔය පොප්කෝර්න්, ටිපිටිප් වගේ දේකුත් ලෑස්ති කරගෙන මතක ඇතුව වාඩි වෙන්ඩ කලිං මුත්‍ර පහ කරලා සිත කය මනස සංසුන් කරගෙන එකත්පසව වාඩි වෙන්ඩ.

මේක ඇවිල්ලා අපි 2007 උසස් පෙළ කණ්ඩායම අපේ ෆැකල්ටියේ කලා සංගමය හෙවත් ආර්ට් එකේ අය ලෑස්ති කරපු අවුරෝරා නාට්‍ය තරඟයට කරපු නාට්‍යය.මේ නාට්‍ය තරඟයේ විනිශ්චය කටයුතු කරන්ඩ ගෙන්නුවේ ආයේ ලේසි පාසු සෙට් එකක් එහෙම නෙමෙයි හොඳේ..

ඉන්දික ෆර්ඩිනැන්ඩු
ජගත් චමිල
අනුසුයා සුභසිංහ

කියන නාට්‍යකරණයේ කෙළ පැමිණි තුන්දෙනා තමයි ආවේ.( 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය උනු 'කළම්බෝ' නාට්‍යයේ කට්ටිය ඈ.)

කොහොම හරි අන්තිමේ සම්මාන රැසක් සමඟ විනිශ්චය මණ්ඩලයේ පැසසුම් මැද අපේ නාට්‍යය වෙච්ච 'බූවල්ලා' මුල් තැන ගත්තා.

මේ නාට්‍යය අපේ කසුන් යූටියුබ් එකට දාලා දැං සෑහෙන දවසක් උනත් ඕඩියෝවල තියෙන අවුල හින්දා මම ඒක බ්ලොගේ දැම්මේ නෑ.සෑහෙන්ඩ කල්පනා කළාම මට ආවා ඒ අවුලට විසඳුමක්.ඒ කියන්නේ අපේ නාට්‍යට උපශීර්ෂ හෙවත් සබ්ටයිටල් දාන්ඩ දවස් ගාණක් කට්ට කාලා ඔන්න අද තමයි ඉවරයක් උනේ.

ඒක හින්දා ඔන්න බලන කට්ටිය යූ ටියුබ් එකේ තියෙන අර Captions කියන මෙව්වා එක ඔබලා බලන්ඩ ඈ.

ඔන්න කලිං ක්ලිප් එකේ වගේම මේකෙත් මම කවුද කියලා අහන්ඩ ඔට්ටු නෑ හරිය!!






තාරකටයි මටයි දෙන්නටම ඕනේ උනා ඔය හතරවෙනි තට්ටුවේ සීන් එකක් කරන්ඩ.ඔය ඇමති රථපෙළවල් ගැන තියෙන මගේ මළ හින්දා ඒකත් කතාවට සෙට් කරගත්තා.ඉතුරු ටික ඉතිං කට්ටියගෙම සහයෝගයෙන් තමයි.ඇත්තම කියනවනං පිටපතක් කියලා එකක් ලිව්වේ නාට්‍ය පෙන්නන්ඩ පොඩ්ඩකට කළිං අනිත් උංගේ නාට්‍ය පෙන්නන වෙලාවේ.ඒකත් ලිව්වේ විනිශ්චය මණ්ඩලේට පිටපතක් ඕනේ කිව්ව හින්දා.

ඩේටා පොඩ්ඩක් යනවා තමයි.ඒ උනත් ඔන්නොහේ බලන්ඩ මෙයාලා.මොකෝ මැරෙන දාකට ඔය ඩේටා අරං යන්ඩයෑ.අනික කොච්චර බැලුවත් වැල ඔක්කොම එක වගේ තමයි.

නාට්‍යයේ රංගන දායකත්වය :

තාරක
නිපුන්
නදීශානි
දිනුක
දනුශි
රුචිර
ශෂික
චාමර

එයිට අමතරව අපේ බැච් එකේ සංගීතා නොමද සහයක් දුන්නා.ඒ වගේම නාට්‍යය ලෑස්ති කරන වෙලාවේ බලලා ගුණදොස් කියලා හැමෝම දුන්නා ෆුල් සපෝට් එක.නාට්‍යය හැදුවේ,

 "හතේ අපි.."


08 December 2013

කලා කාරයිංවත් දඩයං කරන්ඩ පටං අරන් නේ බං....





'නෑ මචං මම කියන්නේ ලොක්කා ඡන්දෙ ඉල්ලද්දි දඩි දඩි ගාලා පපුවට ගහගෙන ඉස්ටේජ් එකේ බෙරිහං දීලා කිව්වනේ බං දේශීයත්වය සුරකිනවා.දේශීය කලා කර්මාන්ත දියුණු කරනවා කියලා.'

'ඉතිං'

'නෑ දැං බලහං ලොක්කා අඳින්නේ මොකක්ද?  සරම. කන්නේ කුරහං. දේශීය දේ අගය කරන්ඩ කියලා මිනිහමනේ අපිට කියන්නේ බං.'

'ඉතිං හරි බං.මොකද්ද දැං අවුල?'

'මෙච්චර කල් මාධ්‍යවේදියෝ විතරයි දඩයං කළේ.බලහංකෝ දැං කලාකාරයින්ටත් කෙළින්ඩ පටං අරංනේ බං'

'මොකද්ද බං කියන්නේ?? අර සමන් ද සිල්වට ගහපු එකද?'

'ඌට ගහලා විතරනේ බං.අනික උං කලාකාරයෝ නෙමෙයිනෙ බං.බයිලා කාරයොනේ.'

'මොන ලබ්බක්ද බං කියන්නේ? කවුද ඔය කියන කලා කාරයා?'

'ඇයි බං කැටයම් චින්තක. පවු කොහෙ හරි ඈත පැත්තක කැටයමක් කපාගෙන හිටපු අහිංසක ඩයල් එකක් වෙන්ඩැති.පොලීසියෙං ගෙනිහිල්ලා එල්ලලා දෙකක් ගහලා අහනකොට කියන්ඩ ඇති ගෙදර ආයුධ තියෙනවා කියලා.ඇයි බං කැටයං කපන උං ගාව තියෙනවනේ ඔය නියං, යතුකැට, අතකොලු එහෙම.ඒ ආයුධ පෙන්නන්ඩ කියලා අරං යද්දි පොලීසියේ උං ගේම දීලනේ බං.ඔන්න රටට වෙලා තියෙන දේ.'

'මේ මචං, උඹට විභාගේ නේද? ඒක හින්දා මේ දන්නෙ නැති උලව් වලට හොට දාගෙන ලත වෙන්නැතුව ගිහිල්ලා අලයක් බා ගනිං.ෂිඃ මුගේ ගොං කතාව අහන්ඩ මාත් නැවතිලා හිටියනේ.' මම පිඟානත් අරං චමරිය පැත්තට ගියේ කන්ඩ.
'අඩෝ චමරියේ ගාන වැඩි කරලා.බජට් එකෙං වියදං වැඩි වෙලාලු.ඒ නිසා කණගාටුවෙන් දන්වා සිටිනවලු කෑම ගාස්තු වැඩි කරන්ඩ වෙනවා කියලා.' කොටා නෝටිස් බෝඩ් එක ඉස්සරහා හොටු පෙරාගෙන අඬනවා.

'අඩෝ බොරු කියන්ඩ එපා ඩෝ.බජට් එකෙං පොඩි මිනිස්සුංගේ බඩට ගහලා නෑ යකෝ.' ඩිලා පැන්නා මැද්දට.ඩිලා ඒ දවස්වල ඉඳලා ලොක්කට කඩේ ගිය එකම තමයි කළේ.ඌ කැපුවත් නිල් යකෝ කිය කිය පොර ටෝක් දෙද්දි සෙට් එකක් ඌව කපලා බලන්ඩ ලෑස්ති උනාට පස්සේ ටික දවසක් සද්ද වහලා හිටියත් ආයෙමත් ඔන්න සද්දෙ පටං අරං.ලොක්කා පස්සෙ යන උං ඔක්කොම ඔහොම්මමය.

ගණං වැඩි උනා කිව්වට, ආර්ථික අර්බුධ ඔළුවට තේරුණාට බඩට තේරෙන්නේ නැත.ඒ හින්දා චමරි කාඩ් එක ගන්ඩ කසුනගෙං තවත් රුපියල් සීයක් විතර ලෝන් එකක් ගහන්ඩ හිතාගෙන ඌව හොයද්දි ඌ මැච් එක බලනවා.

'අඩෝ කසුනා රුපියල් සීයක් දියංකෝ.මහපොළ දැම්මම දෙන්නං'

'උඹට සල්ලි දෙන්නං එදා ගත්තු පන්සීය ආපහු දුන්නම.මොකක්ද බං උඹලගේ වැඩ.උඹ චාමරයටත් දාහක් ණයයි.හර්ෂයගෙනුත් දාහක් ද එක්දාස් පන්සීයක් ද කොහෙද ඉල්ලගත්තා එදා මමත් ඉන්න තැනම.බලහං උඹ ලෝකෙට කොච්චර ණයද කියලා.'

'මචං කසුන් ගොනෙක් වගේ ගොං කතා කියන්ඩ එපා.'

'කවුද යකෝ ගොනා..'

'උඹලා කැම්පස් ආවට ආර්ථික විද්‍යාව ගැන ඇඹිටිල්ලං දෙයක් වත් දන්නෑනේ."ඒකපුද්ගල ආදායම" කියලා සංකල්පයක් තිබ්බට "ඒකපුද්ගල ණය බර" කියලා සංකල්පයක් නෑ.කවුරුහරි එහෙම එකක් ගැන කියනවනං ඒ මීහරකෙක් වෙන්ඩ ඕනෑ.'

'තෝ බඩගින්නේ මැරියං.දෙන්නෑ උඹට සත පහක්'

'අඩෝ එහෙම කරන්ඩ එපා බං.මං කන්ඩ නැතුව මළොත් උඹට මගේ කෙල්ලව බාර ගන්ඩ වෙයි හොඳේ.රුපියල් සීයකට මොකටද බං උඹේ ජීවිතෙත් කාළකන්නි කරගන්නේ.ඔන්නොහේ රුපියල් සීයක් දියං බං.මොකෝ උඹ ඔය රුපියල් සීයෙං කුඩු ගහන්ඩ ද?, කැසිනෝ යන්ඩද? සලාකා ගිහිල්ලා බූරු ගහන්ඩද?'

කසුනා මට සීය දුන්නා නෙමෙයි දමලා ගැහුවා.මොනවා උනත් ඌ හිත හොඳ එකා.

බත් එක බෙදාගෙන කන්ඩ ගියාම කට්ටියම විභාගෙ ගැන කතාකිරිල්ල පැත්තකට දාල බජට් එක ගැන කතාව.ඕක ගැන අපි කෙස් පැලෙනකං තර්ක කළත් වැඩක් නෑනේ.අපි කියන දේවල් උන්ට ඇහෙන්නෑනේ.ඇහුනත් අපි කියන දේවල් උං අධෝ වාතයක් තරමටවත් ගණන් ගන්නෙත් නෑනේ.ඒක අපි දන්නවා උනාට අපි ආසයි බජට් එක ගැන කතා කරන්ඩ.අපිත් දැං ඡන්දදායකයොනේ.

'ලොක්කා නෑයින්ටම සළකන හැටි බලහංකෝ.එව්වා මහ කැතයි බං.'

'ඇයි උඹලා කියන්නේ උඹලට සළකන්ඩ, උඹලට තනතුරු දෙන්ඩ කියලද? යකෝ රටක් පාලනේ කරන එක මේ කුකුල් කොටුවක් පාලනේ කරනවා වගේ නෙමෙයි.ඔතන වටේටම නෑයෝ ටික ඉන්න හින්දා තමයි ලොක්කට කෙළවන්ඩ කාටවත් බැරි.'
ඩිලාත් බත් එකක් බෙදං ඇවිල්ලා කාව මැද්දට පැන්නා.

'ඒ ලබ්බක් නෙමෙයි බං. මං කිව්වේ බලු කෑම ගණං අඩු කරපු එක ගැන.'
ඩිලා සද්ද වහගත්තා.




'එහෙම කියන්ඩ එපා මචං.බල්ලා කියන්නේ මිනිහගේ ළඟම හිතවතානේ.බල්ලො හදන්නේ ගෙවල්වල ආරක්සාවටනේ.ඌට සළකන්ඩ ඕනේ.නැද්ද ඩිලා?' මම ඇහුවේ ඌව ආයෙත් කතාවට ඇදලා ගන්ඩ.

'හ්ම්ම්..'

'කවුද බං දැං ගෙවල්වල ආරක්ෂාවට බල්ලෝ හදන්නේ? කවුරු හරි 'හුළෙක්' හොයලා ඌට යහන්ගත වෙන්ඩ ගෑනි දුන්නනං හරි.ආයෙ ඉතිං කිසි අවුලක් නෑ.ආරක්ෂාව ශුවර්.'

'ඇත්තටම මචං මම නං කියන්නෙ මොනවා උනත් බූරුවා ගැහිල්ල දේශීය එකක් නේ.ඉතිං ඔය කැසිනෝ වෙනුවට ගන්න අපේ දේ කියලා සූර්ය සිංහ ලකුණ ගහපු බූරු පොට් ටිකක් හැදුවනං හරිනේ බං.'

'ඔව් ඒක නං හොඳයි.ඒත් මචං වැඩේ හොඳට කෙරෙන්ඩ නං දැක්කම ඇඟ දැවිල්ල හැදෙන විදිහේ කෑල්ලකුත් බිස්නස් එකේ ඉන්ඩ ඕනේ.එතකොට තමයි කස්ටමර්ස්ලා වැඩිපුර එන්නෙත් ඒ වගේම ආරක්ෂාවත් එතකොට හොඳයි.'

'ඉතිං ගම්මු කුළියට පට්ට කෑල්ලක්.'

'උඹලා ඔය කියන තරං ලේසි නෑ කෑල්ලක් වැඩට ගන්ඩ.උන්ට දෙන්ඩ වෙයි සෑහෙන ලොකු පඩියක්'

'ඇයි සෑහෙන ලොකු පඩියක් දෙන්ඩ වෙන්නේ?'

'ඇයි බං දැං මාසික ශුද්ධියටත් බදු ගහලනේ තියෙන්නේ...'