ඒ උනාට ගෝලයා දුම්මල ඉහ ඉහ දුංවලින් දේවාල කාමරේ පුරවද්දි කපු මහත්තයා පොඩ්ඩ පොඩ්ඩ වෙව්ලන්ඩ පටං අරගෙන අන්තිමට ඇස් දෙකත් උඩ ගිහිල්ලා කටිං අමුතු සද්ද දාන්ඩ පටං ගත්තම මට හිතුනේ පොරට අපස්මාරෙවත් හැදිලද දන්නෑ කියලාය.කපු මහත්තයා මූර්ධජ, මහාප්‍රාණ සහ කැපිටල් අකුරු තියෙන සද්ද දාද්දි ගෝලයා ඒවා ට්‍රාන්ස්ලේට් කරන්ඩ ගත්තා.එතකොට තමයි මට තේරුණේ මේ කපුවා දේව බාසාවෙන් දොඩවන්නේ කියලා.ඒක දේව භාෂාවනං දේව සභාව මහා ඝෝසාකාරී කර්ණකඨෝර ඩිස්කෝ මඩුවක් වගේ වෙන්ඩ ඇති කියලයි මට හිතුනේ.
"ඕං හ්‍රීං ඛණ්ඪ භීට්‍රී...ආඛෝ ඵාණ්ඪු..වාහඃ"
"යුෂ්මතාගේ නැතිවෙච්ච දෙයක් ගැන දැනගන්ඩද ආවේ?" කපුවා කියන ඒවා ගෝලයා සිංහලෙන් මගෙං අහනවා.
"නැති වෙච්ච දෙයක් නෙමෙයි මල්ලි.නැති වෙන්ඩ යන දෙයක් බේරගන්ඩයි ඕනේ"
" මට නෙමෙයි අයිසේ දෙයියන්ට උත්තර දෙනවා.."
"සොරි දෙයියනේ, නැතිවෙන්ඩ යන දෙයක් නැති වෙන එක වලක්කගන්ඩ විදිහක් අහගන්ඩයි ආවේ." මම කිව්වේ දෙයියෝ කොහෙද ඉන්නේ කියලා බලන ගමං.
"මොනවද හොයන්නේ? වටපිට බලන්නැතුව පොල් ගෙඩියත් එක්කම නළලේ තියාගෙන වැඳගෙන අහන ඒවට උත්තර දෙනවා.." ගෝලයා බෙරිහන් දුන්න පාරට මම පොල් ගෙඩිය නළල ගාවට ගත්තා.තව පොඩ්ඩෙන් ඇවිලෙන කපුරු පෙත්තෙං කොණ්ඩෙත් ගිනි ගන්නවා.
කපුවා ආයෙත් උගුර යටිං ගොර ගොර ගාලා මොනවද කිව්වා.
"බොහොම වටිනා කියන දෙයක් නේද ඔය නැතිවෙන්ඩ යන්නේ?" දුම්මල දුම මැද්දෙං ගෝලයාගේ කටහඬ මතු උනා.
"සෑහෙන්ඩ වටිනවා දෙයියනේ"
"දෙයියෝ කියනවා දම් රෝ එකෙන් හොඳ සේප්පුවක් අරං ඒකේ දාන්ඩ කියලා.."
"සේප්පුවේ දාන්ඩ...මඟුල තමයි.දෙයියනේ මගේ ආත්මාභිමානය නැති වෙන්ඩ යන්නේ.තාත්තා කෙනෙක් විදිහට මගේ තියෙන ආත්මගරුත්වය, පිරිමියෙක් විදිහට මගේ තියෙන පෞරුෂේටයි කෙළ වෙන්ඩ යන්නේ...අනේ මේක බේර ගන්ඩ මට පිලියමක් කියලා දෙන්ඩ මගේ දෙයියෝ...."
කපුවගේ වෙවිලිල්ල පොඩ්ඩකට නැවතුනා.දුම අස්සේ හරියට පේන්නැති උනාට මට හිතුනෙම කපුවයි ගෝලයයි දෙන්නා මට ඇහෙන්නැති වෙන්ඩ මොනවා හරි කසු කුසු ගෑවා කියලමයි.කපුවා ආයෙත් කළිං ගානට පරල උනා.
"යුෂ්මතාගේ බිරිඳ නාමයෝජනා බාර දෙන්ඩ ගියාද?"
"අනේ නෑ දෙයියනේ අපේ උන්දෑ චිත්‍රපටි ටෙලිනාට්‍ය තියා ඇඩ් එකකවත් ඉඳලා නෑ.අනික අපේ ගෑනිගේ කකුල් දෙක උඩටම පේන ෆොටෝ එකක් අන්තර්ජාලේ හොයාගන්ඩ ඇත්තෙත් නෑ.බැරි වෙලාවත් එහෙම ෆොටෝ එකක් තිබ්බනං බල්ලො බත් කන්නෙත් නෑ. එහෙව් එකේ අපේ ගෑනි කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ?"
"තමුංගේ පවුල් ප්‍රශ්න මේ වෙලාවේ කියලා දෙයියංගේ කාලේ කන්ඩ එපා.ඒවා විසඳගන්ඩ වෙනම පැකේජ් එකක් තියෙනවා.දැං ආව කාරනේ කියනවා හොඳයි..!!"
"ප්‍රශ්නේ අපේ කොල්ලා දෙයියනේ.ඌ "ලබ්බෝ ගිනි" කාර් එකක් ඉල්ලලා මැරෙන්ඩ හදනවා.මොන ලබ්බෝ ගිනිද දෙයියනේ, මේ දවස්වල අපි ගෙදරට කිරි හරකෙක් ගන්ඩ සල්ලි එකතු කරනවා."
"ලබ්බෝ ගිනි නෙවෙයි බං, 'ලැම්බෝගිනි'. " ගෝලයා මාව නිවැරදි කළා.
"ඒ මදිවට ඌ කියනවා අපේ ගෙවල් ළඟ පාර වහලා දෙන්ඩලු ඌටයි උගේ යාළුවන්ටයි රේස් පදින්ඩ.එහෙම එකක්වත් කරගන්ඩ බැරි තාත්තා කෙනෙක්ගෙං ඇති වැඩේ මොකක්ද කියලා ඌ අහනවා."
"දෙයියො කියනවා ඒකනං කරන්ඩ පුළුවං කියලා.හැබැයි ප්‍රාදේශීයසභා සභාපතිට නර බිල්ලක් දෙන්ඩ ඕනෑ.පුංචි ගෑනු ළමයෙක්"
"අනේ දෙයියනේ පුංචි ගෑනු ළමයි කොහෙං හොයන්ඩද? බැරිද මගේ ගෑනිව දීලා පොඩි ෂේප් එකක් දාගන්ඩ?"
"තමුන්ට ටෙලිනාට්‍යක් ටීවී එකේ දාගන්ඩ නං ඒ විදිහට කරගන්ඩ තිබ්බා.ඒත් මේ ප්‍රාදේශීය සභාවල ඉන්න බහිරවයින්ට ළපටි බිල්ලක් තමයි දෙන්ඩ ඕනේ.එහෙම නැත්තං තව පුළුවං විදෙස් බිල්ලක් දෙන්ඩ.හැබැයි පිරිමියා මරලා ගෑනිව දෙන්ඩ ඕනේ බහිරවයට."
"අනේ දෙයියනේ එහෙම දොළපිදේනි මම කොහොමද හොයන්නේ.නර බිල්ලක් අපි දුන්නොත් පොලීසිය අල්ල ගනී අපිව සුටුස් ගාලා.ඔය වෙන ඒවා හොයාගන්ඩ බැරි උනාට.අපේ කොල්ලා තව කියනවා ඌට ඕනෙලු රොකට් එකක් අරින්ඩ. රේස් අස්පයෙක් ඇති කරන්ඩ. හැඩ බල්ලො හදලා බලු ප්‍රදර්ශනවලට අරං යන්ඩ.හැඩ කෙල්ලෝ එක්ක නයිට් ක්ලබ් යන්ඩ.එහෙම උන්ට සතුටෙන් ඉන්ඩ බැරි මම සල්ලි හොයන්ඩ දන්නෙ නැති හින්දලු.උසස් වීමක් ගන්ඩ දන්නැති හින්දලු.වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන නැති තාත්තගෙ පිරිමිකම මොකද්ද කියලා ඌ අහනවා.ඇත්තටම මටත් දැං ශුවර් නෑ දෙයියනේ."
"ඇත්තටම තමුසෙ වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන නැද්ද ඕයි.තමුසෙ මහ පො..හ්..හ්ඃ..." හිනා වෙවී කතා කරන්ඩ ගිය ගෝලයට දුම්මල ඉස්මොල්ලේ ගියා.
"ඌට මම අරං දීපු සපත්තු දාන්ඩ බැහැලු.ඌට 'ලුයීටොං' සපත්තු දෙකක් ඕනෙලු."
"ලුයීටොං නෙමෙයි ඕයි ලුවී විටෝන්" කපුවට දේවභාසාව අමතක වෙලා හෙලුවෙන් වැනුවා.
"මොන මඟුල හරි දෙයියනේ.ඌට ඌ කියන ඒවා අරං දුන්නෙ නැත්තං මට බැණලා ලියුමක් ලියලා තියලා සාරියකිං බෙල්ලෙ වැල දාං මැරෙනවා කිව්වා මට කෙළ වෙලා යන්ඩ."
කපුවා ආයෙත් ගෝලයගේ කණට කොඳුරනවා මට යන්තං වගේ පෙනුනා.
"දෙයියෝ කියනවා ඕකට පොඩි කෙමක් කළාම ඇති කියලා.ගිහිං තමුංගේ බිරිඳට කියනවා කොල්ලා ගෑනිගේ සාරියකිං බෙල්ලෙ වැල දාගන්ඩ යනවා කියලා.දැං ඔය පොල් ගෙඩිය අර එළියෙ තියෙන ගලේ ගහලා වහාම ගෙදර යනවා."
වැඩේ අති සාර්ථක විය.සාරියේ කේස් එක කණ වැකුණු බිරිඳ මාරාවේශ වූවාය.පන්ති යන්වා කියා රස්තියාදු ගසා රෑ වී ගෙදර ආ කොල්ලාට ඈ දුන් 'අපර් කට්' පහරින් ඌ කෑම මේසය මතින් විසිවී ගොස් බිත්තියේ හැපී නතර විය.මේසය උඩ තිබූ කරවිල හොද්ද දැමූ තසිම කැබලි දස දහසකට කැඩී බිත්ති සියල්ල වර්ණවත් කළේය.
"හාල්පොත වගේ තියෙන එකම සාරියටත් කෙළින්ඩද උඹ හැදුවේ? ආයේ එහෙම උඹ නිකං පල්පාට් දැම්මොත් දෙන්නේ දත් කැඩෙන්ඩ.තෝව හදපු මට තෝව මකවන්ඩත් පුළුවං."
කොල්ලා බිම වැටී තිබූ දත් අහුලනවාය.මගේ බිරිඳගේ මේ වේශය මම දැකලා තිබ්බේම නැත.
"හරිනේ කරවිල එකත් හැළුවනේ.දැං ඉතිං බඩගින්නේ බුදිය ගනිං"
මමත් බඩගින්නේ නමුත් හිතේ සන්තෝසයෙන් යහන් ගත උනෙමි.
හැක් හැක් කපුවා හෙළුවෙන් වැනුවා කිව්වම අදහස් සීයක් විතර ආවා.. නියමයි..
ReplyDeleteකැත එව්වනං හිතන්ඩ එපා ඕං ඈ...
Deleteපට්ටෙටම ලියලා තියනවාය කියන්න දෙයක් නැත එි තරංම සුපර්ය...හැක් හැක්
ReplyDeleteඑළ වේවා!!!
Deleteආඩම්බරයි තාත්තේ කියලා කියන්න තමයි තියෙන්නේ
ReplyDeleteඅපිට ඇහැක්යෑ එහෙම කියන්ඩැ.ඒවා ඒ බේබිලට විතරයි නෙව කියන්ඩ පුළුවං.අපිට පුළුවං ආඩම්බරයි රජතුමනි කියලා කියන්ඩ නං..
Deleteහි හි අයියු ... නියමයි
ReplyDeleteඑළ එළ..
Deleteමොනවා කියන්නද යකෝ. පට්ටම තමයි කියන්නේ නැතුව .
ReplyDeleteඉස්තූති වේවා මචෝ!!
Deleteසුපිරියි ඈ ගෑනිට කිව්වම වැඩේ නිකම්ම හරිගියානේ.
ReplyDeleteආයෙ ඉතිං මොනවද ශ්‍රේෂ්ඨාධිකරණේ වගේ තමයි...
Deleteසුපිරියි බං සුපිරියි !!!!!!!!!!!
ReplyDeleteඑළ වේවා!!!
Deleteහික්ස් :)
ReplyDeleteනියමෙට ලියලා තියෙනවා
අරුන්දැලා නියමෙට රට කාලා තියෙනවා!! :D
Deleteසුවර්නමහල් එකෙං රත්තරං මාලයක් ගෙනිහින් දුන්නා නං ඔය්ට වඩා ටිකක් යාල්තැන්නෙ දෙයියන්ගෙං අහගන්න තිබ්බා.
ReplyDeleteඅනේ අම්මපා මෙච්චර චාටර් වෙලත් උගේ දේවාලෙට අපේ රටේහරක් යනවනේ තව ලැජ්ජා නැතුව...
Deleteසුපර්....කතාව යටින් වෙන මොනවාද ලයින් ටිකකුත් ගියාද මන්දා.....
ReplyDeleteමොන පිස්සුද.යටි අරුත් නැත :D
Deleteඅම්මපා ඔය එක එක දෙයියගේ අනුග්‍රාහක ව්‍යාපාරිකයෝ ටික අල්ලලා වොල්කනයිස් කරන්න එකෙක් නැහැනේ.
ReplyDeleteදේවාල ටිකත් එක්කම වොල්කනයිස් කළානං තමා හරි
Deleteහෙහ්, කලින් එක කියවද්දී කවුද හිතුවේ මෙහෙම සීන් එකක්.. එල ඈ..
ReplyDeleteකලිං එක ලියද්දි මාත් හිතුවේ නෑ බං!!
Deleteඅපොයි දෙයියනේ....
ReplyDeleteදෙයියන්ටත් කොරන්න බැරි දේ අන්තිමට ගෙදර උන්දැ කරල තියෙන්නෙ යස අගේට.
අපරාදෙ දෙදාහ.
ඒක නේන්නං.දේවාල ගාණේ යන්ඩ කලිං ගෙදර උන්දැට කන්නලව් කරලා හිටියනං සල්ලිත් ඉතුරුයි, වැඩෙත් ඉක්මං...
Deleteබිරිඳ සැමියාගේ දේවතාවියයි :P
ReplyDeleteසැමියා බිරිඳගේ ටොමියා ය. කියලා කොහෙදෝ තියෙනවා දැක්කා බං
Deleteපට්ට ///.....
ReplyDeleteකොහොමද ඇත්තටම ඔය සිද්ධි ටික ගැලපුවේ ඈ?
ReplyDelete