21 February 2014

කන්නලව් කරන හැටි II




පඬුරු විදිහට පන්සීයක් තිබ්බට හරියන්නෑ කියලා දෙයියෝ ගැන දන්න උදවිය කිව්ව කටකතා හින්දා මාත් ආයේ සල්ලි සල්ලි කියලා බලන්නැතුව දෙදහක්ම තියලා පූජා වට්ටිය ලෑස්ති කළා.පළතුරු අස්සේ ගහලා හඳුන්කූරු පත්තු කරලා සුවඳ ජාති ඉහලා පළතුරු ටික කන්ඩ බැරි විදිහට වර්චස් කළාට පස්සේ කපු මහත්තයා මගේ අතිං පළතුරු වට්ටිය ගත්තේ දෙයියන්ට දැකලා පැහැදෙන්ඩ.ඊට පස්සේ පොල් ගෙඩිය උඩිං කපුරු පෙති තියලා ඒක පත්තු කරලා ඒක අල්ලගෙන දෙයියෝ සිහි කරගන්ඩ කිව්වාම මම හිතුවේ මේකා මාව බිල්ලකටවත් දෙන්ඩ යනවාද කියලාය.

ඒ උනාට ගෝලයා දුම්මල ඉහ ඉහ දුංවලින් දේවාල කාමරේ පුරවද්දි කපු මහත්තයා පොඩ්ඩ පොඩ්ඩ වෙව්ලන්ඩ පටං අරගෙන අන්තිමට ඇස් දෙකත් උඩ ගිහිල්ලා කටිං අමුතු සද්ද දාන්ඩ පටං ගත්තම මට හිතුනේ පොරට අපස්මාරෙවත් හැදිලද දන්නෑ කියලාය.කපු මහත්තයා මූර්ධජ, මහාප්‍රාණ සහ කැපිටල් අකුරු තියෙන සද්ද දාද්දි ගෝලයා ඒවා ට්‍රාන්ස්ලේට් කරන්ඩ ගත්තා.එතකොට තමයි මට තේරුණේ මේ කපුවා දේව බාසාවෙන් දොඩවන්නේ කියලා.ඒක දේව භාෂාවනං දේව සභාව මහා ඝෝසාකාරී කර්ණකඨෝර ඩිස්කෝ මඩුවක් වගේ වෙන්ඩ ඇති කියලයි මට හිතුනේ.

"ඕං හ්‍රීං ඛණ්ඪ භීට්‍රී...ආඛෝ ඵාණ්ඪු..වාහඃ"

"යුෂ්මතාගේ නැතිවෙච්ච දෙයක් ගැන දැනගන්ඩද ආවේ?"  කපුවා කියන ඒවා ගෝලයා සිංහලෙන් මගෙං අහනවා.

"නැති වෙච්ච දෙයක් නෙමෙයි මල්ලි.නැති වෙන්ඩ යන දෙයක් බේරගන්ඩයි ඕනේ"

" මට නෙමෙයි අයිසේ දෙයියන්ට උත්තර දෙනවා.."

"සොරි දෙයියනේ, නැතිවෙන්ඩ යන දෙයක් නැති වෙන එක වලක්කගන්ඩ විදිහක් අහගන්ඩයි ආවේ." මම කිව්වේ දෙයියෝ කොහෙද ඉන්නේ කියලා බලන ගමං.

"මොනවද හොයන්නේ? වටපිට බලන්නැතුව පොල් ගෙඩියත් එක්කම නළලේ තියාගෙන වැඳගෙන අහන ඒවට උත්තර දෙනවා.." ගෝලයා බෙරිහන් දුන්න පාරට මම පොල් ගෙඩිය නළල ගාවට ගත්තා.තව පොඩ්ඩෙන් ඇවිලෙන කපුරු පෙත්තෙං කොණ්ඩෙත් ගිනි ගන්නවා.

කපුවා ආයෙත් උගුර යටිං ගොර ගොර ගාලා මොනවද කිව්වා.

"බොහොම වටිනා කියන දෙයක් නේද ඔය නැතිවෙන්ඩ යන්නේ?"  දුම්මල දුම මැද්දෙං ගෝලයාගේ කටහඬ මතු උනා.

"සෑහෙන්ඩ වටිනවා දෙයියනේ"

"දෙයියෝ කියනවා දම් රෝ එකෙන් හොඳ සේප්පුවක් අරං ඒකේ දාන්ඩ කියලා.."



"සේප්පුවේ දාන්ඩ...මඟුල තමයි.දෙයියනේ මගේ ආත්මාභිමානය නැති වෙන්ඩ යන්නේ.තාත්තා කෙනෙක් විදිහට මගේ තියෙන ආත්මගරුත්වය, පිරිමියෙක් විදිහට මගේ තියෙන පෞරුෂේටයි කෙළ වෙන්ඩ යන්නේ...අනේ මේක බේර ගන්ඩ මට පිලියමක් කියලා දෙන්ඩ මගේ දෙයියෝ...."

කපුවගේ වෙවිලිල්ල පොඩ්ඩකට නැවතුනා.දුම අස්සේ හරියට පේන්නැති උනාට මට හිතුනෙම කපුවයි ගෝලයයි දෙන්නා මට ඇහෙන්නැති වෙන්ඩ මොනවා හරි කසු කුසු ගෑවා කියලමයි.කපුවා ආයෙත් කළිං ගානට පරල උනා.

"යුෂ්මතාගේ බිරිඳ නාමයෝජනා බාර දෙන්ඩ ගියාද?"

"අනේ නෑ දෙයියනේ අපේ උන්දෑ චිත්‍රපටි ටෙලිනාට්‍ය තියා ඇඩ් එකකවත් ඉඳලා නෑ.අනික අපේ ගෑනිගේ කකුල් දෙක උඩටම පේන ෆොටෝ එකක් අන්තර්ජාලේ හොයාගන්ඩ ඇත්තෙත් නෑ.බැරි වෙලාවත් එහෙම ෆොටෝ එකක් තිබ්බනං බල්ලො බත් කන්නෙත් නෑ. එහෙව් එකේ අපේ ගෑනි කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ?"



"තමුංගේ පවුල් ප්‍රශ්න මේ වෙලාවේ කියලා දෙයියංගේ කාලේ කන්ඩ එපා.ඒවා විසඳගන්ඩ වෙනම පැකේජ් එකක් තියෙනවා.දැං ආව කාරනේ කියනවා හොඳයි..!!"

"ප්‍රශ්නේ අපේ කොල්ලා දෙයියනේ.ඌ "ලබ්බෝ ගිනි" කාර් එකක් ඉල්ලලා මැරෙන්ඩ හදනවා.මොන ලබ්බෝ ගිනිද දෙයියනේ, මේ දවස්වල අපි ගෙදරට කිරි හරකෙක් ගන්ඩ සල්ලි එකතු කරනවා."

"ලබ්බෝ ගිනි නෙවෙයි බං, 'ලැම්බෝගිනි'. " ගෝලයා මාව නිවැරදි කළා.

"ඒ මදිවට ඌ කියනවා අපේ ගෙවල් ළඟ පාර වහලා දෙන්ඩලු ඌටයි උගේ යාළුවන්ටයි රේස් පදින්ඩ.එහෙම එකක්වත් කරගන්ඩ බැරි තාත්තා කෙනෙක්ගෙං ඇති වැඩේ මොකක්ද කියලා ඌ අහනවා."

"දෙයියො කියනවා ඒකනං කරන්ඩ පුළුවං කියලා.හැබැයි ප්‍රාදේශීයසභා සභාපතිට නර බිල්ලක් දෙන්ඩ ඕනෑ.පුංචි ගෑනු ළමයෙක්"

"අනේ දෙයියනේ පුංචි ගෑනු ළමයි කොහෙං හොයන්ඩද? බැරිද මගේ ගෑනිව දීලා පොඩි ෂේප් එකක් දාගන්ඩ?"

"තමුන්ට ටෙලිනාට්‍යක් ටීවී එකේ දාගන්ඩ නං ඒ විදිහට කරගන්ඩ තිබ්බා.ඒත් මේ ප්‍රාදේශීය සභාවල ඉන්න බහිරවයින්ට ළපටි බිල්ලක් තමයි දෙන්ඩ ඕනේ.එහෙම නැත්තං තව පුළුවං විදෙස් බිල්ලක් දෙන්ඩ.හැබැයි පිරිමියා මරලා ගෑනිව දෙන්ඩ ඕනේ බහිරවයට."

"අනේ දෙයියනේ එහෙම දොළපිදේනි මම කොහොමද හොයන්නේ.නර බිල්ලක් අපි දුන්නොත් පොලීසිය අල්ල ගනී අපිව සුටුස් ගාලා.ඔය වෙන ඒවා හොයාගන්ඩ බැරි උනාට.අපේ කොල්ලා තව කියනවා ඌට ඕනෙලු රොකට් එකක් අරින්ඩ. රේස් අස්පයෙක් ඇති කරන්ඩ. හැඩ බල්ලො හදලා බලු ප්‍රදර්ශනවලට අරං යන්ඩ.හැඩ කෙල්ලෝ එක්ක නයිට් ක්ලබ් යන්ඩ.එහෙම උන්ට සතුටෙන් ඉන්ඩ බැරි මම සල්ලි හොයන්ඩ දන්නෙ නැති හින්දලු.උසස් වීමක් ගන්ඩ දන්නැති හින්දලු.වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන නැති තාත්තගෙ පිරිමිකම මොකද්ද කියලා ඌ අහනවා.ඇත්තටම මටත් දැං ශුවර් නෑ දෙයියනේ."

"ඇත්තටම තමුසෙ වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන නැද්ද ඕයි.තමුසෙ මහ පො..හ්..හ්ඃ..." හිනා වෙවී කතා කරන්ඩ ගිය ගෝලයට දුම්මල ඉස්මොල්ලේ ගියා.

"ඌට මම අරං දීපු සපත්තු දාන්ඩ බැහැලු.ඌට 'ලුයීටොං' සපත්තු දෙකක් ඕනෙලු."

"ලුයීටොං නෙමෙයි ඕයි ලුවී විටෝන්" කපුවට දේවභාසාව අමතක වෙලා හෙලුවෙන් වැනුවා.



"මොන මඟුල හරි දෙයියනේ.ඌට ඌ කියන ඒවා අරං දුන්නෙ නැත්තං මට බැණලා ලියුමක් ලියලා තියලා සාරියකිං බෙල්ලෙ වැල දාං මැරෙනවා කිව්වා මට කෙළ වෙලා යන්ඩ."
කපුවා ආයෙත් ගෝලයගේ කණට කොඳුරනවා මට යන්තං වගේ පෙනුනා.

"දෙයියෝ කියනවා ඕකට පොඩි කෙමක් කළාම ඇති කියලා.ගිහිං තමුංගේ බිරිඳට කියනවා කොල්ලා ගෑනිගේ සාරියකිං බෙල්ලෙ වැල දාගන්ඩ යනවා කියලා.දැං ඔය පොල් ගෙඩිය අර එළියෙ තියෙන ගලේ ගහලා වහාම ගෙදර යනවා."

වැඩේ අති සාර්ථක විය.සාරියේ කේස් එක කණ වැකුණු බිරිඳ මාරාවේශ වූවාය.පන්ති යන්වා කියා රස්තියාදු ගසා රෑ වී ගෙදර ආ කොල්ලාට ඈ දුන් 'අපර් කට්' පහරින් ඌ කෑම මේසය මතින් විසිවී ගොස් බිත්තියේ හැපී නතර විය.මේසය උඩ තිබූ කරවිල හොද්ද දැමූ තසිම කැබලි දස දහසකට කැඩී බිත්ති සියල්ල වර්ණවත් කළේය.



"හාල්පොත වගේ තියෙන එකම සාරියටත් කෙළින්ඩද උඹ හැදුවේ? ආයේ එහෙම උඹ නිකං පල්පාට් දැම්මොත් දෙන්නේ දත් කැඩෙන්ඩ.තෝව හදපු මට තෝව මකවන්ඩත් පුළුවං."

කොල්ලා බිම වැටී තිබූ දත් අහුලනවාය.මගේ බිරිඳගේ මේ වේශය මම දැකලා තිබ්බේම නැත.

"හරිනේ කරවිල එකත් හැළුවනේ.දැං ඉතිං බඩගින්නේ බුදිය ගනිං"

මමත් බඩගින්නේ නමුත් හිතේ සන්තෝසයෙන් යහන් ගත උනෙමි.



30 comments:

  1. හැක් හැක් කපුවා හෙළුවෙන් වැනුවා කිව්වම අදහස් සීයක් විතර ආවා.. නියමයි..

    ReplyDelete
    Replies
    1. කැත එව්වනං හිතන්ඩ එපා ඕං ඈ...

      Delete
  2. පට්ටෙටම ලියලා තියනවාය කියන්න දෙයක් නැත එි තරංම සුපර්ය...හැක් හැක්

    ReplyDelete
  3. ආඩම්බරයි තාත්තේ කියලා කියන්න තමයි තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අපිට ඇහැක්යෑ එහෙම කියන්ඩැ.ඒවා ඒ බේබිලට විතරයි නෙව කියන්ඩ පුළුවං.අපිට පුළුවං ආඩම්බරයි රජතුමනි කියලා කියන්ඩ නං..

      Delete
  4. හි හි අයියු ... නියමයි

    ReplyDelete
  5. මොනවා කියන්නද යකෝ. පට්ටම තමයි කියන්නේ නැතුව .

    ReplyDelete
  6. සුපිරියි ඈ ගෑනිට කිව්වම වැඩේ නිකම්ම හරිගියානේ.

    ReplyDelete
    Replies
    1. ආයෙ ඉතිං මොනවද ශ්‍රේෂ්ඨාධිකරණේ වගේ තමයි...

      Delete
  7. සුපිරියි බං සුපි‍රියි !!!!!!!!!!!

    ReplyDelete
  8. හික්ස් :)
    නියමෙට ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. අරුන්දැලා නියමෙට රට කාලා තියෙනවා!! :D

      Delete
  9. සුවර්නමහල් එකෙං රත්තරං මාලයක් ගෙනිහින් දුන්නා නං ඔය්ට වඩා ටිකක් යාල්තැන්නෙ දෙයියන්ගෙං අහගන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා මෙච්චර චාටර් වෙලත් උගේ දේවාලෙට අපේ රටේහරක් යනවනේ තව ලැජ්ජා නැතුව...

      Delete
  10. සුපර්....කතාව යටින් වෙන මොනවාද ලයින් ටිකකුත් ගියාද මන්දා.....

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද.යටි අරුත් නැත :D

      Delete
  11. අම්මපා ඔය එක එක දෙයියගේ අනුග්‍රාහක ව්‍යාපාරිකයෝ ටික අල්ලලා වොල්කනයිස් කරන්න එකෙක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. දේවාල ටිකත් එක්කම වොල්කනයිස් කළානං තමා හරි

      Delete
  12. හෙහ්, කලින් එක කියවද්දී කවුද හිතුවේ මෙහෙම සීන් එකක්.. එල ඈ..

    ReplyDelete
    Replies
    1. කලිං එක ලියද්දි මාත් හිතුවේ නෑ බං!!

      Delete
  13. අපොයි දෙයියනේ....
    දෙයියන්ටත් කොරන්න බැරි දේ අන්තිමට ගෙදර උන්දැ කරල තියෙන්නෙ යස අගේට.
    අපරාදෙ දෙදාහ.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං.දේවාල ගාණේ යන්ඩ කලිං ගෙදර උන්දැට කන්නලව් කරලා හිටියනං සල්ලිත් ඉතුරුයි, වැඩෙත් ඉක්මං...

      Delete
  14. බිරිඳ සැමියාගේ දේවතාවියයි :P

    ReplyDelete
    Replies
    1. සැමියා බිරිඳගේ ටොමියා ය. කියලා කොහෙදෝ තියෙනවා දැක්කා බං

      Delete
  15. කොහොමද ඇත්තටම ඔය සිද්ධි ටික ගැලපුවේ ඈ?

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...