නම් ගම් සහ සිදුවීම් සියල්ල කල්පිතයි. මනෝරාජිකයි.
2 වැනි දිගහැරුම
වැඩවසම් යුගයෙන් ප්‍රජාචන්ත්‍රවාදයට
මා විශ්ව විද්‍යාලයට තේරී පත් වීමේ පුවත ඇසූ මාගේ පෙම්වතිය උද්දාමයටත්, අප්‍රමාණ සන්තෝශයටත් පත් වීම නිසාම ඇයගෙන් අයැදීමකින් තොරවම ඇයගෙන් හාද්දක් ලදිමි.මාගේ ජයග්‍රහණය සමරනු වස් සිදු කළ සාප්පු සවාරියේදී මාගේ සාක්කු හිස්වන තුරු ඇය මිළදී ගත් ගවුම්, සෙරෙප්පු කුට්ටම්, කොණ්ඩා කටු, මාල, වළලු ආදිය අතර මටද යට කලිසම් දෙකක් මිලදී ගත්තෙමු.
"ඉතිං කවද්ද ඔයාට පර්මිට් එක හම්බෙන්නෙ?" ඇය මා බදාගෙන සිටින්නේ කවුරුන් හෝ පැමිණ මා ඩැහැගෙන යනු ඇතැයි සැකයෙන් විය යුතුය.මාව කිටි කිටියේ බදාගෙන සිටින ඇගේ දෑත් මගේ සරීර කූඩුව තුලට කා වැදී යන්නේ ගසක ගැට ගැසූ කම්බියක් කල් ගත වෙද්දී ගසේ කඳ තුලට කා වදින්නාක් මෙනි.
"අවුරුදු පහකිං." මම අප්‍රමාණ වෙහෙස දරා හුස්ම පොදක් ඇදගෙන උත්තර දුනිමි.
"අනේ හරී ෂෝක්.අපි ගම්මු ලස්සන ලා නිල් පාට කාර් එකක්."
"කවුද එලවන්නේ? මටනං වාහන එලවන්ඩ බෑ" මම පාපොච්ඡාරණය කළෙමි.
වෙන දවසක නම් මගේ ආත්ම ගරුත්වය තූ තූ කර දමන සරදම් ආක්‍රෝශ පරිභව රැසකින් අමතා මා නිරුවත් කර දමන ඇය අද මගේ නොහැකියාව උපේක්ෂාවෙන් ඉවසුවාය.
"අයියෝ ඕක මොකක්ද? මම ගන්නංකො ලයිෂන්."
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
"මේ ඔයා අර ස්ටෙත් එකයි සුදු කෝට් එකයි දාලා මාත් එක්ක ඉන්න ෆොටෝ එකක් ෆේස්බුක් දාන්ඩ ඕනේ හොඳද? නැත්තං මං තරහම තරහයි."
"ඉතිං බබා මම ෆේස්බුක් නෑනේ."
"ඒකට කමක් නෑ මම ඉන්නවනේ." මෙතුවක් කාලයකට මා ගැන සහ අපේ සම්බන්ධය ලෝකෙන් වසන් කළ ඇය, මා ගැන ලැජ්ජා වූ ඇය මෙසේ වෙනස් වීම ඇඬීමට හෝ සැනසීමට කරුණක්දැයි සිතාගත නොහැකිව ළත වුනෙමි.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
මෙච්චර කාලයක් ඉස්කෝලේ විනයපාලක ගුරුතුමාට සහ ශිෂ්‍යනායක අමන හැතිකරේට හිස නමාගෙන වැඩිය අඩුත් නැතිව වැඩිත් නැතිව කොණ්ඩය කපා, කමිසය හතරවටෙන්ම කළිසමට යට කොට පාසල් ගියෙමු.කෙල්ලෙක් සමඟ කතා කිරීමට නම් පළමුව කෙල්ල කතා කිරීමට කැමති විය යුතු විය. දෙවනුව ඥාතීන්, මිත්‍රයන්, ගුරුවරුන්, දේශප්‍රේමීන්, සුචරිතවාදීන් මෙන්ම ඒ කෙල්ල පස්සෙන් එන අනිත් කොල්ලන්ගෙන්ද සැඟවී බොහෝ සුපරික්ෂාකාරීව සිදු කළයුතු වූ ක්‍රියාන්විතයක් විය. පමා වී පාසලට යාම මෙන්ම කළින් පාසලෙන් පිටවී යාමද උඝ්‍ර දඬුවම් හිමිවන දරුණු ගණයේ අපරාධ ලෙස නම් කොට තිබිණ.ගුරුවරුන් කියන සටහන් ලියා ගැනීම, ඔවුන් දෙන පැවරුම් කරගෙන යෑම මෙන්ම පන්තියේ නොනිදා සිටීම අනිවාර්ය කරුණු වූ අතර මේවාට වැරදිකරු වීම වර්තමානයේ වාහන අවභාවිතාවක්, බැඳුම්කර වංචාවක් හා සමාන නින්දිත ක්‍රියාවක් වූ අතර අප වැනි ධනය හා බලය නොතිබූ අසරණයින් හට දඬුවම් ද අනිවාර්ය්යයෙන් හිමි වූයේය.
දැන් ඒ නින්දිත වූ හැම එකාටම බියෙන් ජීවත් වූ කාලය අවසන් කොට නිදහසේ ප්‍රජාචන්ත්‍රවාදය බුක්ති විඳීමේ කාලය එළඹ ඇත.ටී ෂර්ට් කබලකට හම ගිය ඩෙනිමක් ඇඳ, කොණ්ඩය දිගට වවා, කට වටේටම රැවුලද වවා, ඝනකම් රාමුවෙන් යුත් කණ්ණාඩි කුට්ටමක්ද දමාගෙන හැමෝටම සහෝදරයා යැයි ඇමතීමට හැකි වේ.කෙල්ලකගේ අත අල්ලාගෙන රොබරෝසියා මල් වැටුනු පටු මාවතක් දිගේ ඇවිද යන්නට, ඇගේ කම්මුලක් මත වැටුණු පිනි බින්දුවක් මගේ දෙතොලින් පිස ලන්නට....................
"පුංචි බොරැල්ල පාස්පෝට් මාඉස්පිරිතාලේ බයින්ඩ....ඔය පස්සෙ ඉන්න අය ඉක්මං කරන්ඩ....මාරු සල්ලි අරං එන්ඩ....." කොන්දොස්තර සහෝදරයාගේ ඇමතුමෙන් මගේ සුන්දර දැහැන කුඩු පට්ටම් වී ගියේය.
:D
ReplyDelete:D :D
Deleteඅගක් මුලක් තේරෙන්නෙ නෑ ඕයි. පළවෙනි කොටසට යන්න බෑ ලින්ක් එකෙන් මට නම්...
ReplyDeleteඒ වුනාට ආපහු ආවට මෙන්න පහක්... !
අම්මෝ තවම මතක තියෙන එකම මදෑ.අවුරුද්දක්ම බ්ලොග පැත්ත පළාතේ ආවෙ නෑනේ.
Deleteඔන්න දැං ලිංක් එක දැම්මා.
අඩේ කාලෙකින් උඹේ පෝස්ට් එකක් කියෙව්වේ . . මරු ඈ
ReplyDeleteබලමු මේ පාරවත් දිගට ලියන්ඩ....
Deleteදිනුකව කාලෙකින් දැක්කේ.....අපි ආසාවෙන් කියවපු බ්ලොගක්.
ReplyDeleteකියවපු කියලා කියන්ඩ එපා අප්පා....කියවන..කියවන....හ්ම්ම්ම්
Deleteඋබ ලියන්න පටන් ගත්තද ආයේ?? එළ ආ. මමත් ලියන්න ගන්නම්කො
ReplyDeleteකෝ ලිව්වද? කෝ ලිව්වද? කෝ....ලිව්වාදෝ..............
Deleteදැන් කොහොමද දෙයියනේ ජීවිතේ... සීමාවාසිකය ඉවරද.. අපිත් හෙව්වාලු ෆේස් බුක් එකේ ඕන් !
ReplyDeleteසීමාවාසිකය ඉවරයි. දැං නිදහසේ ලෙඩෙක් දෙන්නෙක් මරාගෙන සන්තෝසෙන් ඉන්නවා. මම නෑ නෙව ඔය ෆේස්බුක් එකේ. ඒක මහ අච්චාරු තැනක්.හරියට පාර්ලිමේන්තුව වගේ. බ්ලොග් කියලත් ලොකු වෙනසක් නෑ. හැබැයි ෆේස්බුක්වලට වඩා නිදහස්.
Deleteනියමයි ...
ReplyDeleteනියමයි ..X 2
ReplyDelete