05 August 2016

ආරෝග්යා පරම අලාභා...


අවුරුද්දකට විතර පස්සේ පශ්චාත් සීමාවාසික නිදහස භුක්ති විඳිමින් ඉන්න කොට බ්ලොග් එක ආයේ ලිව්වනං හොඳයි කියලා හිතුනා.

නම් ගම් සහ සිදුවීම් සියල්ල කල්පිතයි. මනෝරාජිකයි.




මා උසස් පෙළ සමත් වී වෛද්‍ය පීඨයට තේරී පත් වීම මගේ ඥාති හිතමිත්‍රාදී සහ අසල්වාසීන්ගේ ඊර්ෂ්‍යා සහගත චේතනා වර්ධනය කරන්නාක් මෙන්ම මගේ සිතේද විශ්මය ජනිත කරවීමට සමත් විය.එය මා කිසිසේත්ම බලා පොරොත්තු වූ ප්‍රථිපලයක් නොවීය.වෙනෙකක් තබා මාගේ ගුරුවරුන්ගේද දෙබැම නළලේ ඉහළට නංවා කෙස් අතර සැඟවී යන තරමේ භ්‍රාන්තියක් ජනිත කරවන පුවතක් විය.මම එක රැයින් තරුවක් වීමි."මී හරකා, පොත් ගුල්ලා, හිතක් පපුවක් නැති එකා" වූ මම පවුලේ සුරතලා බවට පත් වීමි.මා පාඩම් කරන්නට උත්සාහ කරන විට මහ හඬින් රූපවාහිනිය නැරඹූ සහ මහ රෑ වනතුරු කා කොටා ගනිමින් අකුල් හෙලූ අක්කාත් අයියාත් සියල්ලන් සමඟ මාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් කළ කැප කිරීම් ගැන පැවසූහ.අන්තිමට මා කළ කෙං ගෙඩියක් නොමැති බවත්, ඔවුන්ගේ සහාය මග පෙන්වීම සහ උනන්දුව නොතිබුනේ නම් මමත් දේශපාලන අනාථයෙකුගේ තත්ත්වයට ඇද වැටී ඉතිහාසයෙන් මැකී යෑමට ඉඩ තිබුණු බවත් ඔවුන් සාධක සහිතව ඔප්පු කොට පෙන්වූවෝය.

"ඕකා කිව්ව ගමං පිළිගන්ඩ එපා, පොඩ්ඩක් හොයලා බලන්ඩ ඔය ප්‍රථිපලේ ඇත්තද කියලා." කියා අපේ නැන්දා කෙනෙක් සිය නොසතුට සඟවා ගත්තාය.
"ඒ උනාට කොළඹ ෆැකල්ටි යන්ඩ නං බැරි වෙයි.අඩුම තරමේ යාපනේ හරි නැගෙනහිර වගේ තමා අහු වෙන්නේ." එසේ කියමින් බාප්පා හිත හදාගත්තේය.

මාගේ ජයග්‍රහණය සමරණුවස් අපේ අයියාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් පැවැත්වුනු මත්පැන් සාදයට ඔහුගේ මිත්‍රයින්ට පමණක් ආරාධනා කොට තිබිණි.එතෙක් කල් ඔහුගේ මිතුරන් හා ඇසුරු කිරීමට තරම් වැදගත් කමක් මා වෙත නොවූ බව සැළකූ අයියාගේ මිතුරන් බොහෝ දෙනෙකු මා පළමු වරට දුටුවේත් එදාය.

"මම හම්බ කරපු ඒවා වියදම් කළේ මූට ඉගෙන ගන්න තමයි." අයියා කඩල ඇටයකට දත් හාරන කූරකින් අනින්න තැත් කරමින් පැවසීය.ඒ වන විටත් පදමට සූර් වී සිටි ඔහුගේ මිතුරන් "චියර්ස්" යැයි කීවේ අයියා කිව් දෙයක් ඇසී නම් වෙන්නට බැරිය.මට අයියා අධ්‍යාපනයට වියදම් කිරීම කෙසේ වෙතත් සත පණහේ ටොපියක් හෝ අරන් දුන් දිනයක් වෙත් දැයි ඒ අතරේ මම කල්පනා කළෙමි.සමහර විට මා ඉතා කුඩා කළ ඔහු යමක් අරන් දුන්නා විය හැක.නැතිනම් පෙර භවයක සිදුවීමක් වුවද විය හැක.

"මූ අපේ එළ පිට් එක.ඕනෙ එකෙක්ට බොක්ක උනත් දෙන්ඩ ලෑස්ති එළ කොල්ලෙක්." අයියාගේ ළඟ සිටි මිතුරෙක් ඔහුගේ කරට අත දමමින් පැවසීය.
"හැබැයි මුගේ මල්ලි හෙණ ගඩ්ඩා.කාත් එක්කවත් කතා බහක් නෑ. නේ බං රංජියෝ.ඌ බොන්නෙත් නෑනේ බං.බොන්නැති උංගේ බොක්ක හොඳ නෑ."මත්පැන් ඉහට ගසා සිටින ඔහුට මා කවුද ඔහු කවුදැයි යන්න පවා පැටලී ඇති බව මට පසක් විය.

                                                                     මතු සම්බන්ධයි...

20 comments:

  1. ආපහු ලියන්න පටන්ගත්ත එක හොඳයි. අපේ දුවත් වෛද්‍ය විද්‍යාලයට තේරුනාට පස්සේ මගේ බිරිඳගේ පාර්ශ්වයේ අය විවිධ මති මතාන්තර ප්‍රකාශ කළා. අපි බොහොම නිහඬ පිළිවෙතක් අනුගමනය කළා.

    ඒ වුනත් මම ඔබෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි.

    තමන්ගේම පවුලේ අය ගැන මෙහෙම ලියන්න එපා. ඒවා ඔක්කොම අමතක කරන්න. සියලු දෙනාට මැදහත් සිතින් සලකන්න. ඔබේ ඉලක්කයට ඔබ ගියා. ආයේ කාටවත් බැහැ ඔබව පහලට ඇද දාන්න.

    වෛද්‍යවරයකු සතු ගුණාංග ඔස්සේ හිතන්න.

    ReplyDelete
    Replies
    1. /නම් ගම් සහ සිදුවීම් සියල්ල කල්පිතයි. මනෝරාජිකයි./
      මේක මේ හිතලු කතාවක් මහත්තයො

      Delete
  2. එල එල! කොහොමත් හොඳ උනොත් රිසල්ට් අපේ නෙවෙයි නේ! :D

    ReplyDelete
    Replies
    1. ෆේල් උනොත් එතකොට 'අපි හරියට මහන්සි වෙලා නැහැ'

      Delete
  3. Dinuka, I'm also agree with Vicharaka. Best way is forget all negatives in ur mind. Not for others. Its good for ur mind peace. Forget & Fogive is one of a way to go everyday success peace and happy life for u.

    ReplyDelete
    Replies
    1. Thanks but this is just a fiction.
      /නම් ගම් සහ සිදුවීම් සියල්ල කල්පිතයි. මනෝරාජිකයි./

      Delete
  4. ඕකේ අනිත් පැත්ත මගේ කතාව.සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගොඩක් හොඳ වෙන බව මං විභාගෙ ලිව්ව දවස්වලම දැනගෙන හිටියා.හැබැයි මට ඕනෑ වුණේ කලා කරන්න.මගේ අම්මට තාත්තටත් ඒකේ කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ.සාහිත්‍යයෙන් ලෝකය සුවපත් කිරීම මගේ කාර්යභාරය වග ඒගොල්ලෝ හොඳටම දැනන් හිටියා.ඕං ඉන්පස්සෙ ප්‍රතිඵල ආවා.නෑදැයොයි ගුරුවරුයි හිතවතුනුයි හැමෝම පිහිකඩුකැතිමන්න උරුක් කරගෙන මට තර්ජනය කළා බයෝ කරන්න කියලා.. මං පුංචි කාලෙ ඉඳන් හීන දැක්ක විදිහට කලා විෂයන් ම තෝරගත්තා.හැමෝම ඊටපස්සෙ මට ඔය කතාවෙ තිබුණ වචන ටිකෙන් තමා කතා කළේ.ගොනා,බූරුවා,හරකා.. ඕවා තමා..)) මට තියෙන ප්‍රශ්නෙ ගෙදර මිනිස්සුන්ටවත්,මටවත් නැති කැක්කුමක් මගෙ ජීවිතේ ගැන පිට මිිනිස්සුන්ට තියෙන්නෙ මොකද කියන එක.අදටත් මට ඒක හිතාගන්න බැරි ප්‍රශ්නයක්..

    ReplyDelete
    Replies
    1. කට්ටිය කැමතියි තමංගෙ පවුලෙ ලොකු ලොකු තනතුරුවල අය ඉන්නවට.ඒ සම්බන්ධයෙන් පම්පෝරි ගහන අය ඕනෙ තරම් ඉන්නෙ.අපේ නැන්දගෙ පුතා ලෝයර්, මාමගෙ දුව ඩොක්ටර් වගේ තමංගෙ පවුලෙ අය හොඳ තැන්වල ඉන්නවා කියලා පෙන්නන්න කට්ටිය කැමතියි
      ඒවගේම ඒ අය අපි ගැන කැක්කුමක් තියෙනවා කියලා පෙන්නන්නත් ඔය විදිහට හැසිරෙනවා.හැබැයි ඔයා බයෝ කළානම් ඒකට කතන්දර කියන්නෙත් ඔය කට්ටියම තමයි.

      Delete
  5. හැක්.. හැක්.. ඕව ඔහොම තමයි. පිට උංට වඩා වල කපන්න එන්නෙ නෑයොම තමයි.

    ReplyDelete
    Replies
    1. නෑයොයි, වේයොයි, මීයොයි ඔක්කොම එපා.හැක හැක....

      Delete
  6. ඔවා මිනිස් ගති ; මම ඕවා දෙස බලන්නේ උපේක්‍ෂාවෙන්

    ReplyDelete
    Replies
    1. හැම තිස්සෙම උපේක්ෂාවෙන් හිටියම දර මිටිය බඳින්ඩ උනත් ගන්ඩ ඉඩ තියෙනවා.

      Delete
  7. අඩේහ් නියමයි බන් . . . සමහර විට උඹ සිලෙක්ට් උනාට පස්සේ සහ ඊට කලින් වෙන්න ඇත්තේ මේ කියලා දේවලින් 100%ක් ඔපසිට් දේවල් වෙන්න ඕන. ඒත් මේ වගේත් වෙන්න පුලුවන් කියලා හිතලා ලියන්න ගත්තු පෝස්ට් එක සිරා. ඉතුරු ටිකත් දාපන් ඉක්මනට - දැන් ආයේ ඉඳලා හිටලා බ්ලොග්ස් කියෝනවා

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච වෙන උන්ට වෙච්ච සහ පරිකල්පනවල එකතුවක්.

      Delete
  8. මං ඉස්සෙල්ලත් කිව්ව වගෙ චන්ද්‍ර අනගිරත්නගෙ අවතාරෙ

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...