10 February 2014

කන්නලව් කරන හැටි

ඡායාරූපය කතාවට අදාල නොවේ.



'මං ආවේ ලොක්කා හම්බ වෙන්ඩ.කෝ ඇතුලේ ඉන්නවද?'

පිත්තල පහනක් සුද්ද කර කර හිටපු පොර එක පාරට මගේ පැත්තට හැරුනා.

'කවුද ලොක්කා කියන්නේ?'

'ලොක්කා බං.මෙතන බලලත් වගකිවයුතු පුද්ගලයා'

'මාමා තමයි මේක කරගෙන යන්නේ නං.මාමා පොඩ්ඩක් එළියට ගිහිල්ල.මම උදව්වට තමයි ඉන්නේ'

'මාමා හරියන්නෑ බං.මං කියන්නේ මෙතන කටයුතු ඉෂ්ඨ සිද්ධ කරන උරුමක්කාර, පොල්මඃකාර, බලධාරී, ශ්‍රී විභූෂණ, ජනරංජන ලොක්කා ගැන.මට ලොක්කව කොහොම හරි හම්බ වෙන්ඩම ඕනේ.අර තිරේ පිටිපස්සේ නේද ලොක්කා ඉන්නේ? . ගිහිං කියපංකෝ වැදගත් උවමනාවකට හම්බ වෙන්ඩ කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා.' මම දොර අස්සෙං ඔළුව දාලා බැළුවා.

'මේ මේ කොහෙද රිංගන්ඩ හදන්නේ? දේවාලේ වැඩ පටං ගන්නේ හතරට එතකං ඉන්නවා.අනික මං කිව්වනේ මෙතන ලොක්කා මාමා. මාමා ගියා කොන්දේ අමාරුවට බෙහෙත් ටිකක් අරං එන්ඩ.එනකං පොඩ්ඩක් ඔහෙං වාඩි වෙලා ඉන්නවද කරදර නොකර.මට වැඩ තියෙනවා.'

'උඹලගේ මාමාගෙං මට වැඩක් නෑ බං.තමුංගේ කොන්දේ අමාරුවට පිළියමක් කර ගන්ඩ බැරි පොර කොහොමද මගේ ප්‍රශ්නේ විසඳන්නේ?'

'ඇයි තමුසෙටත් කොන්දේ අමාරුවකට මතුර ගන්ඩද ආවේ?'

'කොන්දේ අමාරුව!! විකාරද අයිසේ? කොන්දේ අමාරුවට වඩා බොහොම බරපතල අමාරුවක්. මං ආවේ දෙයියො හම්බවෙලා විසඳුමක් ලබා ගන්ඩ.'

'එහෙම දෙයියෝ හම්බවෙන්ඩ පුළුවන්ද? විකාරද? අමු කැවිලද?'

'මේ තමුසෙ නෙමෙයිනේ මෙතන ලොක්කා.මෙතන ලොක්කා දෙයියෝ.දෙයියො හම්බ වෙන්ඩ පුළුවන්ද බැරිද කියලා තීරණේ කරන්නේ දෙයියෝ මිසක් මෙතන මේ පහං පිහදාන්ඩ ඉන්න තමුසෙ නෙමෙයිනේ.යකෝ මේක හරියට ඇමතියෙක් හම්බවෙන්ඩ යනවා වගේනේ.වටේ ඉන්න ඇඹිටිල්ලංගේ ගෑස් බලන්ඩ වෙලානේ.'

'මේ අයිසේ දෙයියෝ එහෙම මේ තමුසෙලා වගේ නර පණුවංව හම්බ වෙන්නේ නෑ.'

'එහෙනං කෝල් එකක් හරි අරං දෙනවා.නැත්තං මං සීන් එක කියලා පෙස්සමක් ලියලා දෙන්ඩද? තමුසෙට පුළුවංනේ ගිහිල්ලා බාර දෙන්ඩ.කාට හරි කමක් නෑ. විශ්ණු, කතරගම, නාථ, පත්තිනි, ගම්බාර සිද්ධ සූනියං, විභීෂණ ඔය කවුරු හරි කමක් නෑ අපේ රජ්ජුරුවන්ට තියෙන විධායක බලේට උඩිං යන බලයක් තියෙන එක්කෙනෙක්ට කියලා තමයි වැඩේ කරගන්ඩ ඕනේ.'

'මේ ඕයි, දෙයියොංගෙං එහෙම මේ ඕනේ ඕනේ විදිහට උදව් ගන්ඩ බෑ.ඒකට ක්‍රමයක් විදිහක් තියෙනවා.'

'මොකද්ද? කළිං ඇපොයිමන්ට් එකක් දාලා එන්ඩ ඕනෙද? රශියන් ගණිකාවෝ දෙන්ඩ ඕනේද?'

'එව්වා ඕන්නෑ.පූජා වට්ටියක් අරං එන්ඩ ඕනේ.' පොර බර කරලා කිව්ව විදිහට මම හිතුවේ මේක හෙන භයානක වැඩපිළිවෙලක් කියලාය.

'පූජා වට්ටියක් කිව්වේ?'

'පූජා වට්ටියක් කියන්නේ අයිසේ ලොකු පළතුරු වට්ටියක්.පිරිසිඳුවට භක්තියෙන් කපලා ලස්සනට අහුරලා...'

'මල්ලි මේ ඔය පළතුරු පිහියෙං කැපුවොත් අවුල්ද? මේ හදිස්සියේ භක්තියකුත් හොයන්ඩ අමාරුයි.'

'තමුසෙ මාව විහිළුවකට ගත්තද?' ඌට මළ පැනලා බිත්තියට හේත්තු කරලා තිබ්බ ත්‍රිශූලයක් අතට ගත්තා.



'පිස්සුද මල්ලි. මල්ලිව විහිළුවකට ගන්නෙ කවුද? එතකොට පළතුරු කාටද මල්ලිටයි මාමටයිද?'

'පළතුරු දෙයියන්ට අයිසේ..'

'ඉතිං පළතුරු දෙයියන්ට නං, මං කැමති ඒවා ගෙනල්ලා හරියන්නෑනේ. මල්ලි දන්නව ඇතිනේ දෙයියෝ වැඩිය කැමති ජාති.මේ දවස්වල තියෙනවා අර යාපනෙං එන මිදි එක, ඇට නැති එක.පොඩ්ඩක් ඇඹුලයි. ඒ උනාට මරු ඈ.දෙයියෝ කැමතිද දන්නෑ.ගේන්ඩද ඒකෙං කිලෝ එකක් විතර.'

'මේ ඕයි දෙයියෝ පළතුරු ටික කන්නෑ.ඒක දැකලා පැහැදෙනවා.තමුසේ ගේනවකෝ ඔය ඇපල්, අන්නාසි එත්කොට අඹ කොමඩු වගේ පළතුරු ටිකක්.අර මිදිත් එච්චරම ඇඹුල් නැත්තං ටිකක් වැඩිපුර දාං ආවත් කමක් නෑ.'



'හරිනේ ඔන්න එහෙනං පළතුරු ටික දාලා පූජා වට්ටිය ගෙනාවම හරිනේ.මම ගිහිං ටක් ගාලා එන්නං ඈ.'

'පළතුරු විතරක් මදි අයිසේ පඬුරුත් තියන්ඩ ඕනේ.'

'පඬුරු කියන්නේ?'

'පඬුරු කියන්නේ සල්ලි.රුපියල් පන්සීයක් විතර තිබ්බනං ඇති.'

'දෙයියෝ ඒකත් දැකලා පැහැදෙනවා විතරද මල්ලි?'

'ඒවා දේවාලේ වැඩකටයුතුවලට.'

'ඒ කියන්නේ මල්ලිටයි, මාමටයි නේද? ඈ බං ආණ්ඩුවේ කන්තෝරු වගේනේ ලොක්කාගෙං වැඩක් කරගන්ඩ නං වටේ ඉන්න උන්ට කීය කීය හරි දෙන්ඩ ඕනේ.'

'මේ මං කිව්වා අපහාස කරන්ඩ එපා කියලා.මතුරලා ගහනවා පොල් ගෙඩියක් හැඳි ගෑවිලා යන්ඩ කියලා.'

'ඉතිං මල්ලි මතුරන්ඩ දෙයක් නෑනේ, හරියට එල්ලේ බලලා පොල්ගෙඩියෙං ඔළුවට ගැහුවනං එතනම සෙත්ත පෝච්චිනේ.වැඩේ තියෙන්නෙ පොල් ටිකක් ගණං මේ දවස්වල.'

'මතුරලා ඔළුවට නෙමෙයි අයිසේ පොල් ගහන්නේ.පොල් ගහන්නේ ගලේ'

'ඒ මොකෝ ඒ. ආ මල්ලිලා හදන්නේ පොල් ගෙඩිය ගලේ ගහලා, කකුල කැඩුනම එක තැං වෙලා මම විඳවනවා බලන්ඩ නේද? උඹ පොල් ගෙඩිය මතුරලා ගහනකං මම ගල එළියේ දාගෙන ඉඳි...... හුඃ.'

අරූ ඒ පාරනං ත්‍රිශූලේ ගත්තේ මට අණින්ඩම තමා.වෙලාවට උගේ මාමා හෙවත් දේවාලේ කපු මහත්තයා ආවේ.


පොල් ගලේ ගැසීමෙන් මෙවන් අනතුරු සිදුවිය හැක.



### මේ කතාවේ තව කොටසක් සමහර විට තිබිය හැක.අවධානයෙන් සිටින්න.....###

30 comments:

  1. මම හිතුව උඩ ඉන්න හාදයාගේ දේවාලයේ සීන් එකක් කියල..

    එහෙනම් ගලේ නෙවේ ගහන්න තිබ්බෙ ඔලුවේ :))

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ බං ඔච්චර හාස්කං තියෙනවය කියන දෙයියොත් මේ වගේ එවුං ආවම නිකං පච වෙලා යනවනේ.

      Delete
  2. දෙයියොන්ට පලතුරු වෙනුවට දෙයියොන්ට පං දුන්නොත් මොකද ....
    හැබැයි දේවාල වල කැපුවො නම් ගල් කාරයෝතමයි කියලා පත්තර වලත් තියෙන්නේ ඔය

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල පාං දුන්නොත් නං එක්කං යයි දිව්‍යලොකෙටම.එච්චර වටිනවනේ බං.කපුවෝ විතරක් නෙමෙයි බං හැම ක්ෂේත්‍රයකම වගේ උන් දැං මෝල කරවෙලා ඉන්නේ.

      Delete
  3. පන්සීයට වැඩේ කෙරෙනවනං මේ දෙයිය තාම ට්‍රේනිං වෙන කෙනෙක් වෙන්න ඇති. නැත්තං අඩුම ගානෙ ටූ තවුසන් වලින්වත් උඩ ඔෆර් එකක් දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අම්මෝ..දෙයියොත් ගණං උස්සලද එච්චරටම.ඇත්තනේ ඉතිං උද්ධමනය එහෙටත් බලපානවා නැතෑ..

      Delete
  4. මටත් ඔය වගේ සීන් එකක් උනා ඊයෙ.. ඒක පසුවට

    ReplyDelete
    Replies
    1. නමේ "ගාලු" කෑල්ල වෑරදියට කපුවට ඈහුනනම් අකරතෑබ්බ වෙන්න තියන ප්‍රවනතාවය වෑඩියි

      Delete
    2. ඔන්නෝහේ ඒකත් ලියලා දාහං බං.හැබැයි දේව සාප වැදුනොත් මං නෑ හොඳේ.

      ගාලු හොඳේ..වැරදියට කියනවා එහෙම නෙමෙයි.

      Delete
  5. ගලේ පොල් ගහන්ඩ හොඳ නෑ..
    ගලේ මිරිස් අඹරන්ඩ තියෙන්නේ...මාලු මිරිස් නං වඩාත් හොඳයි :)

    ReplyDelete
    Replies
    1. හෆොයි නරක් වෙලා තියෙන තරං...නෝටි බෝයි... ;p

      Delete
  6. අම්මාට අද කාලේ ගලට ගිය කලක්. කතාව නම් නියමයි

    ReplyDelete
    Replies
    1. පොල් නං ගහන්ඩ එපා ඕං ඈ...

      Delete
  7. ටිකක් ඉස්සර ( කාලේ මතක නැත.) මට මතකයි ටීවී 1කේ කොයි වෙලාවෙත් කරු ජයසුරිය කොහේදෝ දේවාලෙක ලොකු ගලකට පොල් ගෙඩියක් ගහනවා පෙන්නනවා. මං ඒ ධවස් වල හිතුවේම "ෂික්.., ගහපු ගමන් පොල් ගෙඩිය බම්ප් වෙලා ඇවිත් මෙහෙම ගහන එවුන්ගේ මූණේ වදිනවනම් කොච්චර හොඳද.." කියලා..
    >
    මමත් දෙයියෙක්'ගෙන් උදව් ඉල්ලපු පොඩි කතාවක් ලිව්වා. කැමති කෙනෙක් කොටා බලත්වා...!!!
    ස්වභාමෑණියෝ...!!!

    ReplyDelete
    Replies
    1. පොල් සහ රබර් මුහුං කරලා අළුත් ප්‍රභේදයක් හැදුවනං හරි.

      කතාව කියෙව්වා.මටත් මතකයි පොරව.තාමත් ඉස්කෝලේ ඉන්නවා...

      Delete
  8. මම හිතුවා උඩම ඉන්න කෙනා හා සම්බණ්ඳ කතාවක් කියලා..

    ReplyDelete
    Replies
    1. උන්දෑ ගැන කතා හැමෝටම කියවන්ඩ ඇහැකි බාසාවෙන් ලියන්ඩ මොකක්ද වගේ.කුණුහබ්බ බ්ලොගේ අමු අමුවේ ලියන එක හරි නෑ නෙව.ඒක හින්දා උන්දෑ ගැන ලියන්ඩ ඕන්නෑ කියලා හිතුවා...

      Delete
  9. නියම කතාව දිනුක මල්ලි. ඇති ගුටි නොකා ආවා. මගේ බ්ලොග් එකේ ඔයාගේ කමෙන්ට් එක දැකලා හස්බන්ඩ් කියනවා... මේත් ඩොකෙක් නේද, මෙයාගේ බ්ලොග් එකේ නියම කතා තියෙනවා කියල ..... මම දැනන් උන්නෙත් නෑ එයා බ්ලොග් කියවනවා කියලා. මල්ලි ගොඩක් බ්ලොග් පෝස්ට් මිස් වෙලා අප්පා... දැන් තමයි ආයේ කියවන්න පටන් ගත්තේ..

    ReplyDelete
    Replies
    1. සන්තෝසේ කියලා වැඩක් නෑ ඉතිං.හබීට මම ඉස්තූතිය් කිව්වා කියන්ඩ ඈ..

      Delete
  10. අඩෝ මොනවා වුනත් ඌ මරු ගෝලයෙක්...වැඩේ අරින්නෙම නැහැ නේ. ඔන්න ඔය වගේ පොරවල් තමයි අපේ ලොකු මාමා වටේ ඉන්නෙත්.

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනවද පච වෙවී හරි මාර්කටිං පාර දානවා ගාණට.

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මට මතකයි ෆොන්සේකා මහතා සිරකළාට පස්සේ, ඔහු මකබෑ වෙයන් කියලා මර්වින් සිල්වා පොල් ගැසූ සිද්ධිය. පොළය බිඳුනෙත් නෑ. ඒ වාගේම එම පොළය මර්වින්ගේ කකුලේ වැඳුනා. වැඳුනේ බිම දිගේ ඇවිත් තමා. ඒත් හාස්‍ය....

    බ්ලොග් ප්‍රචාරණයකට නොවේ. පොඩි ඇඩ් එකකුත් දාන්නම්,....
    දෙවියන්ට එරෙහි නඩුවක්
    http://yadaminbeda.blogspot.com/2013/03/blog-post.html
    චිත්‍රපටිය බලන්න.

    ReplyDelete
    Replies
    1. පොල් ගෙඩියක් බිඳෙන්ඩ ගහගන්ඩ බැරි උනාට දෙන පොරටෝක් නං කියලා වැඩක් නෑ.මම ඒ ලිපිය කියෙව්වා ඒක දාපු දවස්වලම.ෆිල්ම් එකත් හොයං බැලුවා ආතල් ඈ...

      Delete
  13. දෙයියෝන්ට ඔන්ලයින් පෙමන්ට්ස් කරන්න පුලුවන්ද දන් නෑ නේ?

    ReplyDelete
    Replies
    1. අපොයි තව ටික දවසකින් ඒවත් එයි මචං...

      Delete
  14. අපූරැයි! අද තමයි ඔබගේ බ්ලොගයට ආපු පලමු දවස.
    නැවත එන්නම්... ජය!!

    ReplyDelete
  15. පට්ට යකෝ ... හිනා වෙලා ඉල කැඩෙනව...
    හැමදාම එනව හැමදාම එනව..... හිහික් හික් හික්...
    ඇත්තය දෙය්යෙත් පට්ට ගණං නෙ ඈ....
    පුලුවං නං ඇවිත් යන්න අපේ පැත්තෙ
    අවන්හල

    ReplyDelete
    Replies
    1. ඕං මාත් ආව ඒ පැත්තේ.ඒත් ෆලෝ පාරක් දාන්ඩ විදිහක් නෑ නෙව.මගෙ මේ හච් කනෙක්ශන් එකේ ෆලෝවර් විජට් එක පෙන්නන්නෑ බං

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...