05 February 2014

බයික්කයක් ගැනීම



'මට දැං බස් කාරයිංගේ ලොකුකං බලලා ඇතිවෙලා බං.මං ගන්නවා බයික් එකක්.'

'ඒක හොඳයි.හෝර්ලික්ස් එකක් එහෙම බිව්ව කාලයක් මතක නෑ'  සිතුමා කිව්වේ කට වටේ ගාගෙන හිටපු සබං පෙන අස්සෙං.ඌ සෑහෙන වෙලාවක ඉඳං රැවුල කපනවා.කුරුළෑ ටික බේරලා රැවුල් ගස් ටික විතරක් කපන එක මානුශීය මෙහෙයුමටත් වඩා අමාරු ගේමක්.

'බයික් එකක් බං ගන්නවා කිව්වේ.හෝර්ලික්ස් එකක් කොහෙන්ද එතනට ආවෙ?'

'ඇයි බං' ඌ හැරුනේ කැපිච්ච කුරුළෑවක් මිරිකන ගමං.කුරුළෑව ඇතුලේ තිබ්බ සැරව ටික "චොක්" ගාලා ගිහිං කණ්ණාඩියේ වැදුනා. 'දැං උඹ බයික් එක ගන්නවා.ඊට පස්සේ උඹ පාරේ කෙල්ලන්ට පේන්ඩ වැඩ දාලා වේගෙං ගිහිල්ලා හැප්පෙනවා.ඊට පස්සේ උඹව ගෙනියන්වා ඇක්සිඩන්ට් වෝඩ් එකට.උඹේ යාළුවොයි නෑයෝයි එනවා උඹව බලන්ඩ.උං එන්නේ හෝර්ලික්ස් අරගෙන.උඹේ බෙල්ල කෙළිං කරලා ඇණ හයි කරලා කකුල් එල්ලලා තියෙද්දි මොන හෝර්ලික්ස් බීමක්ද?.ඒක මම අරං ඇවිල්ලා බෝඩිමේ තියාගෙන බොනවා.'

අනේ උඹේ මූනේ තව කුරුළෑ වරෙං කියලා සාප කරන්ඩත් හදලා මං නිකං හිටියා.ඇත්තටම උගේ මූණේ තව කුරුළෑ එන්ඩ තැනක් නෑ.අනික ඌ රුපියල් හත්සිය ගාණක් දීලා ගෙනල්ල තිබ්බ කුරුළෑවලට ගාන සබං කෑල්ල බෝඩිමේ උං රෙදි හෝදන්ඩ පාවිච්චි කළාට පස්සේ ඌට ආයෙමත් කුරුළෑම වරෙං කියලා සාප කරන එක සදාචාරයට පටහැනියි කියලා මට හිතුනා.

'උඹ දැං ඔය ඉරිසියාවට ඔහොම කිව්වට මම බයික් එක ගත්තම උඹත් ඒක ඉල්ලගෙන කෙල්ල එක්ක එහෙ මෙහෙ යනවනේ බං අනවශ්‍ය විදිහට බ්‍රේක් ගගහා.නැද්ද මං කියන්නේ?'

'හරි මං ඉල්ල ගත්තා කියහංකෝ.ඒත් අහවල් එකටද මං අනවශ්‍ය විදිහට බ්‍රේක් ගහන්නේ?'

'ඇයි බං ගම්‍යතා සංස්තිථියට අනුව බ්‍රේක් ගහන ගහන පාරට හංස පැටව් උඹේ කරේ යනවනේ.'



'ආ....' ඌ රැවුල කපන ගමංම සිහින ලෝකෙට පියාඹගෙන ගියා.ඌ සිහින ලෝකෙන් එළියට ආවේ තවත් කුරුළෑවක් කැපුනම තමයි.

'බයික්කයක් ගන්නවා කියන්නේ බං ඔය කාර් එකක් ගන්නවා වගේ නෙමෙයිනේ.පෙට්‍රල් යන්නෙ අඩුවෙං.ලයිෂන්වලට ඉන්ෂුවරන්ස්වලට එච්චර සල්ලි යන්නෙ නෑ.ට්‍රැෆික්වල හිරවෙන්නේ නෑ.පේමන්ට් එකෙං උනත් දාලා ගිහෑකිනේ බං.අනික ටයර් ගෙවුනම දෙකයි මාරු කරන්ඩ ඕනේ.කාර්වල හතරක්ම මාරු කරන්ඩ එපායැ බං.'

'ඉතිං බෝට්ටුවක් ගනිංකෝ.ටයර් මාරු කරන්ඩ ඕනෙම නෑනේ.අඩේ වෙලාවට නේද බං මිනිස්සුන්ට කෝච්චි ගන්ඩ බැරි.නැත්තං රෝද මාරු කරන කාලෙට ඌ විකිණෙනවා.'

'හරි උඹ ඔච්චර බයිට් කරන්නේ උඹට කොහෙවත් යන්ඩ එන්ඩ හදිස්සියකට ඕනේ නෑනේ.මං ගන්නවා බයික්කයක්.දෙන්නෑ උඹට.' මමත් නිකං පොර ටෝක් දෙන්නේ මගේ ජීවිතේ සුඛිත මුදිත වෙලා කිරියෙන් පැණියෙන් ඉතිරිලා සල්ලි වැහි වැහැලා සල්ලිවලට කරන්ඩ දෙයක් නැතුව බයික් එකක් අරගන්ඩ යනවා වගේ.

'හරි හරි මචං අවුල් ගන්ඩ එපා.දැං උඹ ඕක ගන්ඩ යන එකාට කියපං හෙඩ් ලයිට් සුවිච් එක ගලෝගෙන ඒකට ගාණක් අඩු කරන්ඩ කියලා.හැම තිස්සෙම පත්තු කරලා තියෙන එකකට සුවිච් එකක් ඕනේ නෑනේ.සුවිච් එක ගලෝලා වයර් දෙක එකට ගැට ගහගනින්.ඔය හෙඩ් ලයිට් නීතිය ආවේ අනතුරු අඩු කරන්ඩනේ බං.ඒකත් එක්ක ඊළඟට ගේන නීතිය තමයි හෝන් එකත් ගහගෙනම එළවන්ඩ ඕනේ කියන එක.ඒක හින්දා හෝන් එකෙත් සුවිච් එක ගලෝලා වයර් දෙක එකට ගැට ගහගෙන ඒකටත් ගාණක් අඩු කරන්ඩ කියපං.'

'බයික්කෙ ගත්තා වගේ නෙමෙයි බං හෙණ්ඩුවත් ගන්ඩ එපායෑ.හෙල්මට් එකක්, ජැකට් එකක් ඇයි එච්චරක්යෑ සන් ග්ලාසසුත් ගන්ඩ එපායෑ.නැත්තං මෙළෝ රහක් නැති අංකල් කාරයෙක් වගේ තමයි බයික්කේ යනකොට පේන්නේ.'

'හෙල්මට් එක ගනිද්දි නිකට වැහෙන කෑල්ල ගලවන්ඩ පුළුවං එකක් ගනිං.නිකට වැහෙන කෑල්ල තහනං කරපු නීතිය ආයේ කොයි වෙලේ ගෙනෙයිද දන්නෑනේ.දැං උඹ ඕක අරගෙන ඉස් ඉස්සෙල්ලම මංගල ගමන කොහෙද යන්නේ? අටමස්ථානේ පැත්තේවත් යනවද?'

'මං හිතං හිටියේ මංගල ගමන විදිහට ඡන්දෙ දාන්ඩ යන්ඩ.ඒත් ඉතිං වැඩක් නෑනේ බං ගයේෂා පෙරේරට නොමිනේෂන් දීලා නෑනේ.අපාරාදේ අපේ ආතතිය නැති කරන්ඩ හිටපු එක්කෙනා.බඩ පිරෙන්ඩ කරවිල කාලා දරුවෙක් මල්ලෙක් දූෂණය කරගෙන ආතතියෙන් ඉන්න අපේ රටේ සුවහසක් ධාර්මික ජනතාවගේ ආතතිය නැති කරලා ජීවිත තෘප්තිමත් කරන්ඩ හිටපු එක්කෙනා.නොමිනේෂන් නොදුන්නෙනං කුහක කමට මචං'

'එහෙනං පලයං කතරගම.'

'කතරගම දෙයියොත් මචං ඔය අනර්කලීලා වගේ තමයි.බොරුවට අපි පළතුරු අරං පඬුරු තියං ගියාට වැඩක් නෑ.පිළිමේනං තියෙනවා හිනා වෙවී.කොරපු ඇති ලබ්බක් නෑ.පොඩි කාලේ ඉඳං ගෙදර උං එක්කගෙන යනවා.නිකමට මනුස්සකමට ඇවිල්ලා හලෝ කොහොමද කියලා අහලා මෙච්චර දුර ඉඳං අරං ගියපු අන්නාසි කෑල්ලක් කාලා තියෙනවද අපේ හිත හැදෙන්ඩ.ඒ පඬුරු දොළපිදේනි ටික දීලා දුං ටෙස්ට් එක පාස් කරගන්න එක ඊට වඩා හොඳයි.'

'දැං උඹ බයික් එකක් බැලුවද ගන්ඩ?'

'ඔව් බං, අළුත් එකක් ගන්ඩ සල්ලි නැති හින්දා පාවිච්චි කරපු එකක් තියෙනවා ටිකක් අඩුවට.හැබැයි ඒකේ ස්ටෑන්ඩ් එක හරියට හිටින්නේ නෑ.බයික්කේ නැවැත්තුවම පෙරළෙන්ඩ යනවා.'

'ආ ඒකට ඉතිං පෙට්‍රල් ටැංකියට ව්‍යාඝ්‍රා පෙත්තක් දැම්මම හරි යනවා.අර මං ගාව ටිකක් තියෙනවා උඹට ඕනෙනං දෙන්නං.'

'ඇත්තට උඹ ගාව තියෙනවද බං? යකෝ කෙල්ලෙක්වත් නැති එකාට මොකටද ව්‍යාඝ්‍රා?'

'නෑ බං නින්ද ගියාම ඇඳෙං වැටෙනවා බං.ඒක හින්දා නිදාගන්ඩ කළිං එකක් බීලා නිදාගන්නේ.'

මූ කියන ඒවා ඇත්තද බොරුද කියලා සත පහකට විශ්වාස කරන්ඩ බෑ.ඒක හින්දා මම මොකුත් නොකියා හිටියා.





'මේ දැං උඹ අලි මන්තර බලු මන්තර එහෙම පුරුදු උනාද?' ඌ කම්මුල් හරියේ රැවුල කපලා ඉවර වෙලා යන්තං නිකට හරියේ රැවුල කපන්ඩ පටං ගත්තෙ දැනුයි.

'අලි මන්තර නං බෑ බං.හැබැයි ඔය බයිසිකල් පස්සෙ ගිහිං ඒවට බුරාගෙන පනින බල්ලන්ට නං රුපියල් පහක් දහයක් දැම්මම හරි.බයික් එකක් යනකොට බුරාගෙන පනින්නේ කලිං ආත්මේ ට්‍රැෆික් පොලිස් කාරයොලු නේ බං.'

'මොකක්ද ඉන්දියන් එකක්ද ගන්ඩ යන්නේ?' සිතුමා කැපිච්ච නැති කුරුළෑ ගණං කරනවා.

'නැතුව බං.ඉන්දියන් බයික් ගාණත් අඩුයි, අනික හොඳට පෙට්‍රලුත් වැඩ කරනවනේ'

'අපේ ලොක්කා ගිහිල්ලා තව ගිවිසුමක් ගහලා වටේට ලයිට් පත්තු වෙන, මහ සද්දෙට හෝන් එක වදින චීන බයික් මෙහෙට ගෙන්නන්ඩ ගත්තම තමා ඉන්දියාවටත් කෙළ වෙන්නේ.'






38 comments:

  1. ඔය ඉන්ඩියන් බයික් වතුරට මලකඩ කනවා.දැන් වෙන දේවල්වල හැටියට පුට් සයිකලයක් ගනින්.තෙල් යන්නෙත් නෑනේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ෆුට් සයිකල් එකක් තියෙනවා බං.එක්සයිස් එකටත් එක්ක හොඳයි.ඒත් වැඩේ මෙහෙ රජරට හැම එකම තියෙන්නේ ඈතිං ඈතනේ බං.යන්ඩ එන්ඩ ගියාම එපා වෙනවා.

      Delete
  2. සිරා ලියවිල්ල ඕයි . . . මේ වගේ කලාකාමී විදිහට විවේචන කරන එක නම් මරු ඈ . .

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි දුකා අයියා.කාලෙකිං දැක්කේ..

      Delete
  3. බයික් නං බයික් ඉන්දියන් බයික් !
    තෙල් කරනවා තිතට !

    ReplyDelete
    Replies
    1. අනිවා.ප්‍රෞඪ ජාතියක් විදිහට අපිට බැරි උනානේ බයික්කයක් හදාගන්ඩ.

      Delete
  4. පට්ට ලියවිල්ල. මගේ රූමෙකුත් හිටිය ඔය හත්සීයක සබන් ගාන. හප්පේ උගේ සබන් කැටේට උනෙත් ඔය සේතේම තමයි. බයික් එකක් ගන්න හිතුනම ඇග හිරි වැටිලා යන්නේ ලංකාවේ ප්‍රයිවට් බස් මතක් වෙනකොට,

    ReplyDelete
    Replies
    1. රෙදි හෝදන්ඩ විතරක් නං මදෑ.අපේ උං වෙන වෙන තැනුත් හෝදලා ඒකෙං.අරූ දැං ඒක ගාපු තැංවල කුරුළෑ එන්ඩ කියලා සාප කරනවා.
      බයික්කයකරගෙන අපේ රටේ පාරවල්වල යනවා කියන්නේ සොරිම තමයි.

      Delete
  5. අගෙයි...!

    සිතුමාගේ මූණේ කුරුලෑ ලක්ෂයක් දෙකක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මොන ලක්ෂේද එයිට වඩා සෑහෙන්ඩ වැඩියි.කුරුළෑ හින්දා ඉස්පිරිතාලේ නැවතිලා ලෝක වාර්ථාවකුත් තියලයි ඌ ඉන්නේ.

      Delete
  6. ඉන්දියන් බයික් එකක ගිහිල්ල හෝර්ලීස් බොන්න ඉතුරු උනොත් ඇති. අඩි හයක් යට වැළලෙන්නෙ නැතුව.
    අපරාදෙ අර අහිංසකයට රැවුල කපාගන්න දුන්නෙත් නෑ මේ හාදය.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියට කියන්ඩ ඇක්සිඩන්ට් වෝඩ් එකේ සාතිශය බහුතරයක් ඉන්නේ බයික් ඇක්සිඩන්ට් තමා.හැබැයි ඇත්තටම මාස ගාණක් අතපය එල්ලං ඉන්නවට වඩා එක පාර මැරෙන එකත් හොඳයි ද මන්දා...

      Delete
  7. උඹ අර පුංචි සයිකලෙත් ගෙනිච්චද අනේ එක මට දීපන් ඉල්ලන ගානක් දෙන්නන් හරි ෂෝක් භාණ්ඩෙ

    ReplyDelete
    Replies
    1. ඒක නං දෙන්නෑ.හුඃ ඇයි බං දෑවැද්දට එකක් ඉල්ලපං.
      උඹේ කටවහ යන්ඩ පුස්සයිකලේ ඉස්සරහා දෙහිගෙඩි ටිකකුයි මිරිස් කරල් ටිකකුයි එල්ලන්ඩ ඕනේ.

      Delete
  8. ලස්සනට ලියල තියෙනවා.
    මේ දවස්වල කියවන කාලකන්නි කතා වලට වඩා වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ සතුට මගේ සතුටයි...

      Delete
  9. සයිකල් කාරයින්ට ලෙඩ දෙන්නෙ බල්ලො තමා,කොහොමද බං රුපියල් පහෙන් දහයෙන් ශේප් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි හැලපයියේ ඔය කට්ටිය කරනවා වගේ පහේ කාසිය දහයේ කොලේක ඔතලා ලොකු ගාණක් වගේ පේන්ඩ දෙන්ඩයි තියෙන්නේ.

      Delete
    2. අන්න දවසේ කතාව. මේ උත්තරේ දැකල අයෙත් ඉල adunaa

      Delete
  10. පට්ට ලෙස ලියා ඇත. උඹ මේකේ පොස්ට් දානකොට පොඩ්ඩක් කල ඇරලා දාපං . නැත්තන් අපි මහත් වෙයි. "සිනාසී තර වෙන්න"

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බං ලිපි දෙකක් අතරේ දැං සෑහෙන ගැප් එකක් තියෙනවා නේද? වැඩ වැඩි හින්දා බ්ලොග ලියන්ඩ විතරක් නෙමෙයි කියවන්ඩ කොමෙන්ට් කරන්ඩත් වෙලාවක් නෑ.බලමුකෝ කොහොම හරි ඇදගෙන යනවා...

      Delete
  11. මචං බයික් එකට අර පෙත්ත දැම්මම බයික් එක-ට යන්නෙ පරක්කු වෙලාලු නේද??

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සෑමා මම කට්ටිය එහෙම කියනවා අහලා තියෙනවා.ඒ උනාට එහෙම වෙන්නේ කොහොමද කියලා හෙව්වට හම්බ උනේ නෑ.වැඩි හොඳට නැගිටලා ඉඳීම ඇර යෑම පරක්කු කිරීමක් ඒකෙං වෙනවා කියලා මම දන්නෑ.බැඳලනේ බං ඉන්නේ බීලා බලහං.

      Delete
  12. ඉන්දියන් බයික් තමයි ඉතින් බයික්.. උබත් අරන් බයික් එකට පෙත්තක් දාලා බලපං මොකෝ වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බයික් ගන්ඩ කෝ බං සල්ලි.බලමුකෝ ඉක්මනතම ඩොකෙක් වෙලා මිනිස්සුංගේ අසරණකමිං හූරගෙන කාලා තැනකට එන්ඩ බලමුකෝ..

      Delete
  13. සුපිරි පොස්ට් එකක්. වෙනසකටත් එක්ක බොහොම හොඳයි.

    ReplyDelete
    Replies
    1. වෙනසේ තමා ආතල් එක තියෙන්නේ.

      Delete
  14. ඔව්.. ඉස්සරහට බයික් නෙවෙයි අපිට හයික් තමයි යන්න වෙන්නේ දිගටම

    ReplyDelete
    Replies
    1. අන්න ඒකත් එළ වැඩේ.මමනංටෙන්ට් එකකුත් ගත්තා.පෙට්‍රලුත් තව ගණං යයි ඉස්සරහට..

      Delete
  15. Replies
    1. උඹ කොහොමද බං බේරුණේ? ඔක්කොමත් හරි උඹට ෆොටෝ ගහන්ඩ සිහියක් තිබ්බ එකම මදෑ

      Delete
  16. ඉස්සර කාලෙ හිටපු අනගිරත්නගෙ අවතාරයක්ද මන්දා මෙයා !

    ReplyDelete
    Replies
    1. අනේ උන්දෑ අකාලේ මළේ.තව මොනවා හරි ලියන්ඩ තිබ්බා මනුස්සයට

      Delete
  17. දන් ඉතින් බයික් එකේ රජරට වැඩිපුර අයව බලන්න හෙම යනවා නෙමෙයි හරි?
    බයික් කීවම ඉතින් කොල්ලෙක්ට ගැලපෙනම වාහනේ ඒක. කෙල්ලෝ එහෙම හරි ආසයි නොවැ බයික් තියෙන කොල්ලන්ට....

    ReplyDelete
    Replies
    1. සෝයි වාහනේ වගේම භයානක වාහනේ.අපේ උන්දැත් කැමතියි බයික්කේ එල්ලිලා යන්ඩ.රජරට කෙල්ලො එක්ක ගියොත් අපේ උන්දෑ ඒ කෙල්ලවත් මරලා මාවත් මරනවා ශුවර්.
      මං සිංහයාට බයයි නංගියේ.....

      Delete
  18. දිනුකගෙන් තවත් කණට ගහන ලියවිල්ලක්. මම වෛද්‍ය සිසුවෙක් නොවුනාට බ්ලොම් එකේ වෙද සිසුවෝ සමග ගත කල කාලය මතක් වුනා අරූගේ කුරුලෑ සබන් කෑල්ලත් එක්ක කතාවෙදි . අපි ඕකේ පිස්සු කෙලියා බන් අසූ ගනන් වල නන්නත්තාර විදිහට. උඹේ රටාව..ඉස්සර රටාව වගේමද කොහෙද බ්ලොම් කතාවලදි.

    ReplyDelete
    Replies
    1. බ්ලොම නං ආතල් තැනක් තමයි.මං හිතන්නේ ඔය කියන කාලේ වෙන්ඩ ඇති නේද ඔය බ්ලොම පිටිපස්සේ ඉඩං කෑල්ලකට හොර ඔප්පුවක් හදලා විකුණලා තියෙන්නේ.පට්ට ඩයල් තමා ඒ කාලේ ඉඳලා තියෙන්නේ.

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...