09 October 2013

ජුංඩා ලොකු කිරීම...


ජුන්ඩා කියලා කිව්වේ අර අහවල් අංගෙටය.ඒ කිව්වේ පුරුෂ ලිංගය ගැනය.පුරුෂ ලිංගය හෙවත් ජුන්ඩාගේ සයිස් එක මදි වීම ගැන බොහෝ පුරුෂයෝ කංකෙදිරි ගාති.මැසිවිලි නගති.ඒ උං වැල බලා වැල ස්ටාර්ලාගේ ජුංඩා එක්ක තමුංගේ ජුන්ඩා සංසංදනය කොරන්නට යාම නිසාය.උං උංගේ බාරියාව හෝ පෙම්වතිය හෝ අනියම් පෙම්වතිය උගේ ජුංඩා පුංචි වීම නිසා අවුලක් ගනීවි යැයි බය වෙති.ඒ උනාට ඒ ගෑනු මනුස්සයා වැල බලන්නේ නැත්තං සහ වෙනිං ලිංගික සහකරුවෙක් ඇයට නැත්තං අරූගේ ජුංඩා පොඩිද ලොකුද කියන්ඩ දන්නේ නැත.ඒ නිසා තමුංගේ සහකාරිය "මොකක්ද අනේ ඔයාගේ ජුංඩා පොඩියි නේ" කියා චෝදනා කරනවානං පොඩ්ඩක් හොයා බලන එක වැදගත්ය.වැදගත්ම කරුණක් වන්නේ ඔබේ බිරිඳ මැදපෙරදිග රැකියාවට යැවීමෙන් වළකින්න.




කොහොම උනත් කොච්චර කිව්වත් අපේ උංගේ ලොකු ජුංඩෙක් ලබා ගැනීම සඳහා ඇති ආශාව අඩු වෙන්නේ නැත.ඒ නිසා එහෙම ලොකු ජුංඩෙක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ශෝකභරිතව ඉන්න අසරණ "කුඩා ජුංඩාලාභීන්" වෙනුවෙන් අපිත් යමක් කළ යුතු නිසා සහ තැං තැංවල ජුංඩා ලොකු කෙරෙනවා යැයි කියා තෙල් බේත් දී අසරණයිංගේ ගාණ කඩා ගන්නා එක වැළැක්වීමේ අරමුණින් මේ ලිපිය ලියන්නට යෙදුණේය.අපගේ ආයතනයේ වෙනත් ශාඛා නොමැත.අපගේ නම කියා ජුංඩා ලොකු කිරීමටය කියා තෙල් බේත් විකුණන්නන්ට අහු නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.ලිපිනයැති මුද්දර ගැසූ ලියුම් කවර එවන්නට ඕනෑ නැත.බුලත් කොලේ තබා දහසින් බැඳි පියලි හෝ රන් පවුම් දෙන්නට ඕනෑ නැත.මහජන පහන් සංවේගය උදෙසා මේ ලබා නොමිලේ ලබා දෙන නූතන කෙම් ක්‍රමයේ දැනුම ලබා ගැනීමට නම් පහත ජුංඩද කියවන්න.මෙය මුදල් බලාගෙන කරන්නාවූ ක්‍රියාවක් නොවේ.කොමෙන්ට් සහ හිට්ස් බලාගෙන කරන්නා වූ පුණ්‍යකර්මයකි.



පළමුව ඔබ මස් මාලු කෑමෙන් වැලකී සතියක් පේ විය යුතුය.ඉන්පසු ඔබේ නිවසට ප්‍රභල වේදනා නාශකයක් වන මෝෆීන්, හෙරොයින් වැනි දෙයක් හෝ ලිග්නොකේන් වැනි ස්ථානීය වේදනා නාශකයක් හෝ අඩුම තරමේ ගල් අරක්කු බාගයක්වත් ගෙනැවිත් සඟවා තැබිය යුතුය.ඊට අමතරව ඔබට ක්ලෝරෆෝම් ස්වල්පයක් සහ තරමක් ලේන්සුවක්ද අවශ්‍ය වේ.ඉන්පසු ඔබ ඔබේ ප්‍රදේශයේ හෝ වෙනත් ප්‍රදේශයක වෙසෙන ඒසේත් නැතිනම් මේ දිනවල පහසුවෙන් සයාගත හැකි විදේශිකයෙක් ගැන හෝ විපරම් කර බැලිය යුතු වේ.එසේ විපරම් කිරීමෙන් ඔබට ජුංඩා සෑහෙන පමණ ලොකු සහ ඔබේ සමේ වර්ණයට ගැලපෙන ජුංඩෙක් සහිත එකෙක් සොයා ගත හැකි වේ.ඉන්පසු ඔහුත් සමඟ මිතුරු වීමට හැකිනම් වැඩේ වඩාත් පහසුය.එසේ නොහැකිනම් ඔහු යන එන තැන් ගැන විමසිල්ලෙන් පසු වී කාත් කවුරුත් නැති පාළු තැනකදී ඔහුගේ නාසයට ක්ලෝරෆෝම් අල්ලා සිහි නැති කරගෙන ඔහුගේ ජුංඩා කපාගත යුතුය.

මෙසේ නර බිල්ලක් දීම කෙම් ක්‍රමයේ අත්‍යාවශ්‍යම අංගයක් නොවේ.කෙසේ වෙතත් ජුංඩා කපා ගැනීමෙන් ජීවිත හානි සිදු වීමේ අවධානම අඩුබව වෛද්‍ය මතය වන නිසා ඒ අසරණයා මිය යාවි යැයි ඔබ කළබල විය යුතු නැත.කෙසේ හෝ කපාගත් ලොකු ජුංඩා වහාම වතුර නොයන සේ පොලිතින් කවරයක දමා අයිස් දැමූ සෘජිෆෝම් පෙට්ටියක දමාගත යුතුය.දැං ඔබ පූජාවට ලෑස්තිය.දැං කළ යුත්තේ වහාම ගෙදරට ගොස් ගෙදර සඟවා තැබූ වේදනා නාශකය පාවිච්චි කොට වේදනාව දැනීම අඩුවූ පසු දහිරිය ඇතිනම් තනිවම හෝ එසේ නොමැතිනම් බිරිඳගේ උදව්වෙන් ඔබේ ජුංඩා කපා දැමීමය.ඔබේ ජුංඩා වත්තේ වලක් කපා වල දැමීම, බල්ලන්ට හෝ කපුටන්ට කන්නට දැමීම, වැසිකිළියට දමා වතුර ගැසීම වැනි කුමන හෝ ආකාරයකින් සොයා ගැනීමට නොහැකි වන සේ විනාශ කර දැමිය යුතුය.

ඉන්පසුව ලොකු ජුංඩා සහිත අයිස් පෙට්ටියත් රැගෙන වහාම ජාතික රෝහලට පැමිණ තමුං වෙරිමතින් හෝ මානසික ආබාධයකින් පෙළෙන බැවින් ජුංඩා කපාගත් බව පැවසීමය.එවිට වෛද්‍යවරු පැය දොළහක පමණවන ශල්‍යකර්මයක් කොට ලොකු ජුංඩා ඔබට සැට් කර දෙනවා ඇත.ඉන්පසු මානසික ආබාධයකට කියා ටික දිනක් ප්‍රථිකාර ගත් පසු ඔබට ලොකු ජුංඩා සම්ඟ ගෙදර යෑමට ලැබෙනවා ඇත.ඔබගේත් බිරිඳගේත් මනදොළ සපිරෙනවා ඇත.නමුත් ඔබට ස්යිස් එකෙන් ලොකු යට ඇඳුම්නම් මිලදී ගන්නට සිද්ද වෙනවා ඇත.ලොකු ජුංඩෙක් නිකම්ම ලැබෙන්නේ නැත.ඔබත් ඒ වෙනුවෙන් යමක් කැප කළ යුතු වේ.එනිසා අකමැත්තෙන් උවද ඔබගේ පරණ යට ඇඳුම් ඉවත දමා අළුතෙන්ම යට ඇඳුම් මිල දී ගන්නට වෙනවාය.කරන්ඩ දෙයක් නැත.




කෙසේ නමුත් ඔබේ කළිං ජුංඩා ඔබේ සිරුරට සවි වී තිබූ අයුරුන්ම අළුත් ජුංඩා ඔබේ සිරුරට සවි වී ඇත්තේ නැත.එය රැඳී ඇත්තේ දොස්තර මහතාගේ මැහුමේ හැටියටය.ඒ නිසා සෑම සංසර්ගයකටම පසුව ජුංඩා තවමත් ඔබ සමඟද නැත්නම් බිරිඳ ළඟදැයි පරීක්ෂා කර බැලිය යුතුය.ඔබ ගණිකා ඇසුරට යොමු වූ අයෙක් නම් ගෙදර ඒමට පෙර ජුංඩා ඔබ ළඟ දැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.නැත්නම් ගෙදර පැමිණි පසු ඔබට මුත්‍ර කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට සිදුවනු ඇත.එය එසේ උවත් ඔබ ගණිකා ස්ථානයක ජුංඩා දමාගොස් තිබියදී පොලීසියට අසු වූවද (මේ දිනවල ගණිකා මඩම් වැටලීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වේ.) එයින් ඔබ නීතිය ඉදිරියට ගෙන එන්නට හේතුවක් වන්නේ නැත.මන්ද ජුංඩාගේ DNA පරීක්ෂා කළ විට අහු වන්නේ මේ වන විට ජුංඩා ද අහිමිව සිටිනා අසරණ ජුංඩාගේ පළමු හිමිකරුවා වීමය.

මේ නවතම කෙම් ක්‍රමය රටේ ජනප්‍රිය වීමත් සමඟම ලොකු ජුංඩන් සිටින්නවුන් ප්‍රවේසම් විය යුතුය.සුදු වෑන්වලින් පැමිණ ඉදිරියට ලොකු ජුංඩන් සහිත උන් පැහැරගෙන යෑමේ ඉඩක් ද ඇත.එනිසා පිරිමින්ටද අර ඇල්ලූ විට විදුලි සැර වදිනා ආකාරයේ යට ඇඳුම් නිර්මාණය කොට විකිණිය හැක.ඒය නව රැකියා අවස්ථා රැසක් ජනිත කරවන නිසා ඒ ගැන රජයේ අවධානය යොමු කරවිය යුතුය.ලොකු ජුංඩන් ඉන්න උං දැම්ම ගිහිල්ලා ජුංඩා රක්ෂණය කර ගන්නවානං හොඳය.VIP ඔන් ද ස්පොට් රක්ෂණයක් ගන්නවානං ඒ අය ජුංඩාට ජුංඩෙක් ජුංඩා කපාගත් ස්ථානයටම ගෙනැවිත් දෙනවාය.

පිං පිණිසයි!!


69 comments:

  1. දිනුක ලේ වර්ගය ගැළපෙන්න ඕනේද අවයව බද්ද කිරීමේදී ...?

    තව ප්‍රශ්නයක් තියෙනවා .. මැෂින් එකකින් රුධිරයේ ඔක්සිජන් , Co2 මට්ටම හරියට පවත්වාගෙන යනවා නම් හුස්ම නොගෙන සිටීමට හැකිද ...?

    ඒ කියන්නේ නහය සහ කට වහගෙන ඉන්න පුලුවන්ද ...? මට පොඩි හුස්ම ගැනීමේ අපහසුවක් තියෙනවා.. ඒවට කරපු කියපු දේවල් එක්ක මට ඔය ප්‍රශ්නේ අහන්න හිතුණේ.. මම දැකපු දෙයක් තමයි පීඩිත ඔක්සිජන් සැපයුමක් තියෙද්දී විනාඩියකට ආසන්න කාලයක් එක හුස්මෙන් ඉන්න පුළුවන් කියන දේ. ( අතර මැදදී පුංචි හුස්මක් ගැනීම ප්‍රමාණවත් )

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.ලේ වර්ගය විතරක් ගැලපුනාටත් මදි.ඔය තව රුධිරයේ තියෙන ප්‍රතිදේහ සමහරක් තිබීම නොතිබීමත් බලන්ඩ වෙනවා.ඔය ඔක්කොම ගැලපිලත් බද්ද කරපු අවයවේ ඇඟෙන් ප්‍රතික්ෂේප වෙන වෙලාවල් තියෙනවනේ.

      එහෙම පුළුවන් වෙන්ඩ ඕනේ.ඕකට පුංචි පරීක්ෂණයක් තියෙනවා පරිස්සමෙන් කරලා බලන්ඩ.වැඩි පරිස්සමට කවුරු හරි ළඟ ඉන්නවනං හොඳයි.
      "වේගයෙන් ගැඹුරු හුස්ම ගැනීම විනාඩි පහක් දහයක් එක දිගට කරගෙන යන්ඩ.කරගෙන යන්ඩ යන්ඩ හුස්ම ගන්න එක කරන්ඩ අමාරු වෙනවා.ඒත් බලෙන් කරගෙන ගිහිල්ලා ටික වෙලාවකිං අතේ ඇඟිලි හරියට කෙණ්ඩා පෙරලෙනවා වගේ නැමෙන්ඩ ගන්නවා.අන්න ඒ ගානට එනකං දිගට වේගයෙන් හුස්ම ගත්තොත් ඊට පස්සේ විනාඩියක් දෙකක් විතර හුස්ම ගැනෙන්නැතුව යනවා.ඒ රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් අනවශ්‍ය විදිහට පහල යාම සහ ඔක්සිජන් අන්වශ්‍ය විදිහට ඉහළ යාම හින්දා."

      අපේ හුස්ම ගැනීමේ වේගය සහ ගැඹුරපාලනය වෙන්නේ රුධිරයේ තියෙන ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මත නේ.

      Delete
    2. හුස්ම ගැනීම සම්බන්ධව අවුරුදු 12 විතර වෘත්තීය අද්දැකීම් තියෙනවා....මම විනාඩි 2 ක වගේ කාලයක් හුස්ම් නොගෙන ඉඳලා තියෙනවා ඉහත කියපු ක්‍රමයෙන්. ඒක සාර්ථකයි.ඒකෙදි මම දැකපු දේ තමයි මැෂින් එකෙන් දිගටම ලේ පිරිසිදු වෙනවා නම් හුස්ම් ගැනීම අවශ්‍ය නැහැ කියන දේ. හුස්ම ගැනීම නිකන් මානසික අවශ්‍යතාවක් බවට පත් වෙනවා එවැනි විටකදී..........හැබැයි මොළයට නම් හානියක් සේම වාසියකුත් වෙනවා..අවුරුදු කීපයක් යද්දී වෙනස තේරෙනවා... ( වාසිය ගැන කිව්වට පිළිගන්න එකක් නැහැ දිනුක )

      Delete
    3. මොකකද සහන් කිමිදුම්කාරයෙක්වත් වෙලා හිටියද?

      කියන්ඩකො බලන්ඩ වාසිය මොකක්ද කියලා.

      Delete
    4. වාසිය ගැන නම් මෙහෙම කියන්න බැහැ මේල් එකක් එවන්න... දිනුක කාලෙකින් මගේ බ්ලොග් එක පැත්තේ ආවේ නැහැ නේද ......?

      Delete
    5. ඔය යමිං එමිං මේ දවස්වල බ්ලොග් බලන්නේ.විභාගේ අප්පා විභාගේ.

      Delete
  2. SHOAK, TRY KARALA BALANNA OONE

    ReplyDelete
    Replies
    1. ඔන්න කට්ටිය ජුංඩා පරිස්සම් කරගන්ඩ ඇ...

      Delete
    2. 🤣🤣ොල්ලොන්ගේ ජුන්ඩා කපන්න එපා යකු...මේ diga ඇති .😀😀

      Delete
    3. මගේ අම්මෝ. ගොඩක් ඉස්සර ලිව්ව එකක්

      Delete
  3. ජීවිත කාලයම ඉමියුනෝසප්‍රෙසන්ට්ස් ගත යුතුය. නැත්නම් ජුණ්ඩා රිජෙක්ට් විය හැක. එනි වේ ජුණ්ඩ කපනව කිව්වම පියාඹන මාලුවෝ එකේ ජුණ්ඩ කපපු එක මතක් උනා

    ReplyDelete
    Replies
    1. ජුංඩා ලොකු වෙනවනං ඉමියුනෝසප්‍රෙසන්ට් ගන්ඩ උනාට මොකෝ.කිව්වත් වගේ පොඩි පොඩි කැපකිරීම් කරන්ඩ වෙනවනේ.

      චීයා උඹලා බලන ෆිල්ම්!!

      Delete
  4. me mona ponnayekda

    ReplyDelete
  5. සිරාවට ලියල තියෙනව මචන්......

    ReplyDelete
  6. Replies
    1. කවුද ජුංඩා ලොකු එකාද ජුංඩා පොඩි එකාද?

      Delete
  7. උඹටත් හිතෙන දේවල්! :D

    ReplyDelete
    Replies
    1. රටේ ලෝකෙ වෙන දේවල්නේ බං

      Delete
  8. පිස්සු හැදෙනව නොවැ. මේ එතකොට අර පුත්තලමෙ උනෙත් ඔය වගේ දෙයක්ද? දිනුක. ඉන්ශුවරන්ස් කොම්පැණි අලුතෙන් ජුංඩාවර්ණය කියලා ජුංඩාටත් කවර් එකක් දෙයිද දන් නෑ.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. ඒ පටං ගැනිල්ල විතරයි මචං.බලපංකෝ ඕක ලෝකේ පුරාම පැතිරිලා යන්නැද්ද කියලා සුටුස් ගාලා.

      ජුණ්ඩාවරනය.ඒකත් මරු.සිරා ඇඩ් ටිකක් එයි නේ...

      Delete
  9. මේ පෝස්ට් එකේ ෆන් එකයි පල් එකයි දෙකම තියෙනවා...නියමයි.

    ReplyDelete
    Replies
    1. හැමදේම සමබරව ඔබේ ආලින්දයට. ඉස්තූතියි ඈ...

      Delete
  10. හයියූ බං උඹෙ අයිඩියාස්... තාම හිනා බං...

    ReplyDelete
    Replies
    1. පත්තරවල යන සිද්දි තමයි බං ඩ්‍රැකී....

      Delete
  11. සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන මේ වගේ දුර්ලභ ශල්‍යකර්ම වෛද්‍ය සිසුන්ට බලන්න ලැබෙනවා. මේ ශල්‍යකර්මය බලන්න ලැබුනද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ.ලැබුනත් අපේ උන් යන එකකුත් නෑ.පැය 9ක් විතර නිකං හිටං ඉන්නවා කියන්නේ පිස්සු හැදෙන වැඩක්නේ.
      අනික අපි දැං ක්ලිනිකල්ස් ගිහිල්ලා ඉවර වෙච්චි ලොකු අයියලා නෙව.හෙට අනිද්දා ෆයිනල්..හෙඃ හෙඃ

      Delete
  12. හැක් හැක්, යකෝ එතකොට එහෙමයි අර කේස් එක වුනේ නේද දිනූක? :D

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං කියන්නේ.නැත්තං මොන එකාද මෙව්වා ඒක කපා ගන්නේ.හැබැයි ඒ මනුස්සයව හොස්පිට්ල් ගේනකොට එතන හිටපු අපේ පොඩි එකෙක් කිව්වා උගේ ගෑනි ඒක කපලා තියෙන්නේ කියලා.අනාචාරයේ හැසිරීමට ශරියා නීතිය ක්‍රියාත්මක වෙලා.

      Delete
  13. එතකොට මේ ඊයේ පෙරේදා ආව නිවුස් එකේ වුනෙත් මේක වෙන්න ඇති.. දිනුන මේක ලියන්න කලින් තැපෑලෙන්වත් උපදෙස දුන්නද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ සීන් එක.පොරගේ වැඩෙං තමයි මට අයිඩියා එක ආවේ.දැං ඉතිං ඒක මගේ අයිඩියා එක.අනුංගේ දැනුම අපේ දැනුම් පද්ධතියට අවශෝෂණය කර ගන්නේ එහෙමයි.

      Delete
  14. ඔන්න වැඩක් කලා. දැන් ඉතින් කීදෙනෙක් ඕක කපාගන්න බලං ටොයිලට වල හැංගිලා ඉඳීද ? මනුස්සයෙකුට බය නැතුව ජුංඩා එලියට අරං ජල කරාමය විවෘත කරන්න තිබ්බ නිදහසටත් කෙල උනා.

    ReplyDelete
    Replies
    1. හරි හරි සරත් අයියා බය වෙන්ඩ එපා.මේ දවස්වල ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ.

      ප.ලි.

      ඔන්න ලොකු ජුංඩෙක් ඕනේ අයට චෑන්ස් එකක් තියෙනවා.සරත් අයියා ලංකාවට එනකල් බලං ඉඳපල්ලා.(නැත්තං සරත් අයියා මක්කටැයි ඔච්චර බය වෙන්නේ.)

      Delete
  15. හපොයි දැංනං පිරිමින්ටත් තමුංගෙ අවයව නිදහසේ එලියට දාන්න තියෙන අවස්ථාව නැතිවෙන වැඩක් තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය ඔය.මේ කියන ඒවා දැක්කම හිතෙන්නේම අර නානතොටේ ගෑනුන්ට ජුංඩා පෙන්නන ජාතියෙ එව්වො කියලමනේ.හිඃ හිඃ

      Delete
  16. ලැජ්ජ බිල්ලට තබා ඇණ ගැසීම දැන් එහෙනම් යල් පැන ගිහින් හෙහ් හෙහ් හෙහ්
    පෝස්ටුව සුපිරියි ආ !!!

    ReplyDelete
    Replies
    1. ඇයි ලැජ්ජා බිට් එකට දැමීම.ඒකනේ කියන්නේ මේවා නවීන කෙම් ක්‍රම

      Delete
  17. හරිම මෝඩ ජෝක් එකක්.

    ReplyDelete
    Replies
    1. මම ඔබ තරම් ප්‍රබුද්ධයෙක් නොවෙමි.

      Delete
  18. ලංකාවට එන්නත් බය හිතෙන දෙයක්නෙ අදුන්වල දීලා තියෙන්නෙ.
    අර මනුස්පය තමන් විසින්ම නේද කපාගෙන තියෙන්නෙ?
    ගෑනි එච්චරටම තේඋඩිච්චියෙක්ද ඌ ට ඕක කපා ගන්න හිතුනෙ?

    ReplyDelete
    Replies
    1. ජුංඩා ලොකුයිනං ලංකාවට එද්දි පරිස්සමෙං ඈ...නිව්ස්වල නං ගියේ මිනිහා කපාගෙන කියලා.හැබැයි මිනිහා හොස්පිට්ල් ආව වෙලාවේ එතන හිටපු අපේ ජූනියර් බැච් එකේ එකෙක් කිව්වේ උගෙ ගෑනි කපලා කියලා.මොනවා උනත් මොන හිතකිං කපන්ඩද අප්පා.

      Delete
  19. අයියො බන් උබත් කරන දෙවල්.දැන් ඉතින් ඔකත් පරෙස්සම් කරපල්ලකො තියෙන වැඩ මදිවට.
    මරු ලියවිල්ල ඇ

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ගිහිල්ල ජුණ්ඩාවරනයක් ගන්ඩ.ඉස්තූතියි ඈ...

      Delete
  20. ලෝකෙම තියෙන ලොකුම ජුන්ඩා මා සතුය. මේ බව ගිනස් පොතේද ඇතුලත් බව මේ ගැන විමසිලිමත් නෝනලා මට කියා ඇත. උඹේ මේ ලිපිය කියවා කවුරුන් හෝ ආයුධ සන්නද්ධව පැමිණ මගේ ජුන්ඩඡේදණයක් සිදුවුවහොත් එයට උඹ වගකිවයුතු බව පොලිසියේද, ග්‍රාමසේවක මහතාටද දන්වා ඇත.

    ReplyDelete
    Replies
    1. මූටත් අර රට කාපු UNP කාරයින්ගේ රෝග ලක්ෂණ ඔක්කෝම තියෙනවා. මුං හිතං ඉන්නේ මුං තමා ලොකුම වැඩකාරයෝ කියලා. මුංගේ අහවල් එක ලොකුයි. ගෑණු මුං වටේ පොර කනවා. මුං තරං දන්න උන් ලොවෙත් නැත. තනිකරම UNP කාඩරයන්ගේ රෝගී ලක්ෂණ මේවා. සැකයිනං අර කෙන්ජියාව බලන්න. මූව කණ්නාඩියක් ඉදිරිපිට තිබ්බා වගේ තමා ඌත්. දෙකම එකයි. නල්ල මලේ බඩු/ ලෝක හොරු

      Delete
    2. අඩොව්...ඇනේ....
      අපේ හැමදේම ලොකුයි ඩෝ.....
      නමුත් නැත පඩ ෂෝ.....
      කියන්නෙ ෂේරම සත්‍යයි....
      තෝ වගෙ ලපයි සිපයි...
      ඉවසන්න බැරිව ශෝකෙන්....
      ඉඩ ලදක් සැනින්....
      අපට ගසයි මඩ පහරක්.....
      මේවාට අපේ කොල්ලෝ නම් කියන්නෙ......
      පැහැදිලි රුෂියාව කියලයි.....

      Delete
    3. 3.22 ඇනෝ........හාස්‍යය සහ උපහාසය තේරුම් ගන්නට උත්සාහ කරන්න. එතකොට කාටවත් වෛර කරන්න හිතෙන්නේ නැහැ.

      Delete
    4. @arugeadaviya :- ඇයි බං යුනෙස්කෝ එකට කියලා ඕක ලෝක උරුමයක් කරගත්තනං හරිනේ.එතකොට ජාත්‍යන්තර රක්ෂණාවරනයක් හම්බ වෙනවනේ.හැබෑට ඔය ලොකු ජුණ්ඩා එක්ක ඇවිදින්ඩ එහෙම අමාරු නැද්ද?

      @Ano :-ඇනෝට අපේ වත්මන් රජපරපුර ගැන පුංචි දැනීමක්වත් නෑ වගේ.එහෙම තිබ්බනං යූඇන්පී එකට බණින්නේ නෑ

      @Kenji :- කෙන්ජි මාමට පුදුම ජනප්‍රියතාවයක් නෙව තියෙන්නේ.හැම තැනම ප්‍රශස්ති ගීත කාරයෝ

      Delete
    5. පුතනුවනි,රනිල්ට යම් ප්‍රසිද්ධියක් ඇතිවේද....?
      කෙන්ජියටත් එසේමැය........

      Delete
  21. ඉතින් ජුන්ඩා කපපු යාළුවාට තමන්ගේ ජුන්ඩා ශේප් එකේ බද්ද කරානම් හරිනේ...සිහියත් නැති එකේ...
    සිහිය එද්දී ජුන්ඩා පොඩි වෙලා...
    මුකුත්ම නැතුවට වඩා පොඩි එකෙක් හරි ඉන්නවනේ ...

    ReplyDelete
    Replies
    1. ජුංඩා එහෙම බද්ධ කරන්ඩ බෑ නේ.අරං එන්ඩ වෙනවා ඉස්පිරිතාලෙට.ඒකත් කොළඹ ජාතික රෝහලට.ඉතිං තමුංගේ ජුංඩා අරූ ළඟ දාලා ගිහිල්ලා පස්සේ DNA පරීක්ෂණයක් කරලා ජුංඩාගේ අයිතිකාරයා හොයා ගත්තොත් සොරිම තමයිනේ.මොකද ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව පිරිමියෙක්ගේ ජුංඩාට හානි කිරීම ලොකු වරදක්.

      Delete
  22. උබත් මිනිස්සුන්ට බඩේ පාර ගහනවනේ !

    දැන් ඉතිං තොටලඟ නාගලගම් වීදියේ ඉන්න මුදියන්සේ වෙදාට ලෙඩ්ඩුත් අඩු වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය ඔය බලන්ඩ ඉතිං සමජ සේවයක් කරත් බැණුම් විතරනේ.අර අනගාරික ධර්මපාලතුමා කිව්වා වගේ මේ රටේ මිනිස්සුන්ට සේවයක් කරන්ඩ නං බැණුම් අහන්ඩ ලෑස්ති වෙලා ඉන්ඩ ඕනේ.හිඃ හිඃ

      Delete
  23. උඹල මේව කියල අපිට ජුන්ඩ එලියට ගන්නත් බයයි බං. කපාගෙන ගියොත්!

    ReplyDelete
    Replies
    1. ඔය ඔය මාට්ටු වෙන්නේ ලොකු ජුංඩෝ ඉන්න අය.මේ පොඩි ජුංඩෝ හිමියන්ගේ අවධානය පිණිසයි.

      Delete
  24. apooo me ayyala kiyana kathaa...
    iiiyaaa....

    mamanam kamtina loku ekak tiyana pirimiyekta.

    ReplyDelete
    Replies
    1. අමරේ ඔයා එක්කෙනෙක්ද ඈ..? එහෙනම් ඉථින් ලොකු ජුංඩන්ට අකමැති උනාට කමක් නෑ...හෙඃ හෙඃ

      Delete
    2. ekenekda ahuwe mokakda ayye? mama nangi kenek.

      Delete
    3. ලොකු එක නංගිගේ පොඩි එකට දාද්දී මොනවා වෙඉද දන්නේ නැ

      Delete
  25. මතං සාමාන්‍යයෙන් ලංකාවෙ ඇවරේජ් ජුන්ඩෙක්ගෙ සයිස් එක කීයද? ලොකුද පොඩිද (හංග ගන්නවද නැද්ද ) කියලා තීරණය කර ගන්න එපැයි

    ReplyDelete
  26. මල්ලි ජුන්ඩා පොඩි කරගන්න උඹව අල්ල ගත්තනම් හරිද ?

    ReplyDelete
  27. ව්‍යායාම් කරලා ජුන්ඩා විශාල කරගත හැකි ක්‍රම තියෙනවා,

    පුරුෂ නිමිත්ත ශක්තිමත් කර ගැනීම​

    ලිංග යුනික මාංෂ​ පේශී ( PC muscles exercises) වර්ධන​ ව්‍යායාම​.

    http://unmanthaka.wordpress.com පිටුව : විවාහ සෞඛ්‍යය​

    ReplyDelete
  28. මෙන්න ලින්ගුව ගිහිල්ලම බලපල්ල
    http://goo.gl/CjhEIO

    ReplyDelete
  29. අයියට ගොඩාක් පින් !!!

    ReplyDelete
  30. යකූ ඒක.. සුපිරි ඈ..

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...