24 October 2013

දූ කෙළිය, හයි වේ සහ තවත් කතා


මේ දවස්වල හැමතැනම කැසිනෝ කතාය.කැසිනෝ ගැහිල්ල සූදුවක්ලුය.සූදුවක් උනාට ක්‍රීඩාවක්ලුය.ක්‍රීඩාවක් නම් හොඳය.ලංකාවේ මිනිස්සුංගේ ශරීර සෞඛ්‍යය දියුණු කරන්නට එළිමහන් ව්‍යායාම් මධ්‍යස්ථාන විතරක් මදිය.ක්‍රීඩාවද ප්‍රචලිත කරන්ඩ ඕනෑය.කැසිනෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මඟින් ප්‍රාංශු දේහදාරී තරුණ කැළක් රටට ජනතාවට දායක කරන්නට පුළුවංය.අපේ රටේ කෙල්ලන්ගේ එල්ලෙන තඩි බඩවල් බස්සන්නටත් ක්‍රීඩා කරවීම හොඳය.එවිට කැසිනෝ ක්‍රීඩාව නිසා ප්‍රචලිත වනවායැයි කියන රති කෙළියටත් ඔවුන්ට සහභාගී විය හැකිය.


ජේම්ස් පැකර් ලංකාවේ කැසිනෝ දානවා යැයි එහේ පත්තරවලට කියලාලුය.හැබැයි ඇමතිතුමා කියන්නේ අළුතින් කැසිනෝ බලපත්‍ර දෙන්ඩ රජතුමාගේ ආණ්ඩුව ලෑස්ති නැති බවය.ඒ වගේ කැත වැඩ මේ ආණ්ඩුව කරන්නෙ නැති බව උන්දෑ දහ අතේ දිවුරමින් කියන්නේය.කාව විශ්වාස කරන්ඩදැයි නොදැන මහ ජනයා අතරමංව සිටිති.එහෙම අතරමං විය යුතු නැත.ඇමතිතුමා බොරු කියන්නේ නැති බව කවුරුත් දැනගත යුතුය.බොරු කීමෙන් එතුමාට ලැබෙන ලබ්බක් නැත.පැකර් ලොක්කා බොරු කියනවා වෙන්නට පුළුවංය.උන්නැහේට උන්නැහේගේ ව්‍යාපාර ආසියාවේ ආශ්චර්ය වෙච්ච සිරි ලංකාවේද තියෙන බව කිය ලෝකෙට පම්පෝරි ගැසීමේ උවමනාවක් ඇතුවා විය හැක.

උසස් අධ්‍යාපන ඇමතිතුමා ඇමරිකාවේ කැසිනෝ ගෑනුංගේ ගැටවලට අහුනොවී ඩොලර් දෙක ගාණේ කැසිනෝ ගැසූ බව ආඩම්බරෙන් කියන්නේය.ඔහු ඩොලර් දෙක ගානේ කී පාරක් කැසිනෝ ගැහුවාදැයි කියන්නේ නැත.ඩොලර් දෙකක් කියන්නේ රුපියල් 260ක් වැනි සොච්චම් මුදලකි.කිරිපිටි පැකට් එකක්වත් ගන්නට බැරි තරමේ මුදලකි.ලංකාවේ මිනිස්සුන්ට මසක පඩියෙන් මේ මුදල වියදම් කිරීම එච්චර ගැටළුවක් වන්නේ නැත.එවිට එක් පුද්ගලයෙකුගේ මාසික වියදම 2500 සිට 2760 දක්වා වැඩි වීම පමණකි සිදුවන්නේ.

අපේ රටේ මිනිස්සු කැසිනෝ කාරයින්ගේ කට්ටකම්වලට අහු නොවෙන බව ඒකාන්තය.ඒ අපේ මිනිස්සු එයිට වඩා කට්ට නිසාය.පැකර් ලොක්කාගේ අන්තිම තඹ සතය දක්වා සූරාගෙන අපේ මිනිස්සු කැසිනෝවලින් එළියට එන බව ශුවර් ය.අපේ උන්ට කොළේ වහන්නට නම් කැසිනෝවල වැඩ කරන්නට කට්ටිය හඳෙන් ගේන්නට ඕනෑය.අපේ උන් දිගට හරහට ඔට්ටු දිනලා පැකර් කාරයා බංකොලොත් වී මුඩුක්කුවක අකාලයේ මිය ගියාට පසු විදෙස් ආයෝජකයින් ලංකාවට ඒමට පැකිලීමට ඉඩ ඇත.ඒ නිසා ලංකාවේ උන්ට කැසිනෝ ගහන එක තහනම් කිරීම දීර්ඝකාලීනව බැලූ විට යහපත් තීරණයකි.නමුත් ඕස්ට්‍රේලියාවේ හතරවන විශාලම ආයෝජකයා වන පැකර් කාරයාගේ අන්තිම දොයිතුව දක්වා හූරාගත හැකිනම් අපට ඕස්ට්‍රේලියාවේ මොනවා හෝ යමකට ආයෝජනය කිරීමට උවද හැකිවනු ඇත.ඒ නිසා ලංකාවේ උන්ට කැසිනෝ ගැහීමට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම අපි ආර්ථික විද්‍යා උගතුන් හට බාර කරමු.



කැසිනෝ කියන්නේ සුද්දංගේ බාසාවෙංය.ඒ නිසා එය අපේ රටේ මිනිස්සුන්ට එච්චර හුරු නැත.නමුත් අපේ අතීත සාහිත්‍යය පිරික්සීමේදී මෙසේ මුදල් ඔට්ටු අල්ලා කළ ක්‍රීඩා තිබූ බවත් අද මෙන්ම එදාත් ලොකු ලොක්කෝ එසේ පොඩි උංගේ සල්ලි හූරාගෙන ඒ සල්ලිවලින් ඔට්ටු සෙල්ලම් කළ බවත් සොයා ගත හැක.එම ක්‍රීඩාවලට හෙල බසින් කිව්වේ 'දූ කෙළිය' කියලාය.අද ද අපේ රටේ තැන් තැන්වල 'දූ කෙළින්නෝ' සිටිති.විශේෂයෙන් බිරිඳ මැදපෙරදිග අරාබි කෙළියේ යෙදී එවන මුදල් රැගෙන කා බී 'දූ කෙළින' සැමියන් ගැන වරින් වර පුවත්පත්වල පලවේ.නමුත් දැන්ගන්නට ඇති පරිදි ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද දූ කෙළිය තහනම්ය.

බයිබලයේ මෙසේ දූ කෙළියේ යෙදුනෙකු ගැන කතාවක් කියෙව්වා මතකය.ඒකේ නම් ඒ මනුස්සයාගේ වැරැද්දක් නැත.දුවලා දෙන්නා මිනිහාට වෙරිවන තුරු බොන්නට දී 'දූ කෙළවා' ගත්තෝය.එවැනි දෑ අපේ රටේ වෙන්නේ නැත.අපේ රටේ උන් බිව්වාම උංගේ ශරීර ශක්තිය සහ කල්පනාව ප්‍රභල වෙනවාය.ඒ නිසා උන් ප්ලෑන් කරලා බය කරලා 'දූ කෙළියේ' යෙදෙනවාය.ඒවාටද බදු සහන දෙන්නට ආණ්ඩුව සූදානම්දැයි දන්නේ නැත.විපක්ෂය කියන විදිහට ආණ්ඩුව දේශීය ආයෝජකයන්ට බදු සහන දෙන්නේ නැත.එහෙම දූ කෙළියේ යෙදිලා දුවට දරුවෙක් ලැබුණොත් ඥාති ප්‍රශ්නයක් එනවාය.ලැබෙන දරුවාගේ පියා සහ සීයා එකෙක් වෙනවාය.එතකොට හෙන අවුල්ය.

කැසිනෝ කෙළිය එසේ වෙද්දී කටුනායක කොළඹ අධිවේගය විවෘත කරන්ඩ කටයුතු යෙදුනාය.හැදුවේ චීනා නිසා ආණ්ඩුව පාර පාවිච්චියට පෙර ජනතා අධීක්ෂණයට යොමු කළේය.ජනතාව වැල නොකැඩී පාරේ තත්ත්වය පරීක්ෂා කරන්ඩ එති.ඇදකුද තිබේදැයි සොයති.වල ගොඩැලි ඇති තැන් සොයා බලති.බල්ලෝ එළවති.අපේ රටේ මිනිස්සු වෙනකෙකුගේ කතා විශ්වාස කරන්නේ නැත.තමුංගේ ලැම්බෝගිනිය, ෆෙරාරිය, බී එම් ඩබ්ලිවු එක දාන්නට පෙර පාර හොඳදැයි පුද්ගලිකව සොයා බලති.මෙවන් දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම මහජන අධීක්ෂණයට යොමු කරන එකම රට අති උතුම් සිරි ලංකාව විය හැක.එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි.මෙය අපේ රට ඒකාධිපතියෙකු පාලනය කරන බව කියන විදෙස් කුමන්ත්‍රණ කරුවන්ට කම්මුල් පහරක් වැනි ය.




20 comments:

  1. ඔය එක එකා කියන කතා විශ්වාස කරන්න එපා බං.. මේ ආශ්චර්යෙට යන ගමනනේ..

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.ලොක්කා අපිව ආශ්චර්යෙට ගෙනිහිල්ලාම තමයි පස්ස බලන්නේ.ඒක ශුවර්

      Delete
  2. දැනටත් කැසිනෝ තියෙන එකේ පැකර් ගේ එකට විතරම් මිනිස්සු බර බරේ මොකද? බදු සහන දෙනවයි කියන ලොකු හේතුවක් නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. කැසිනෝ හොරාට තිබ්බා තමයි.ඒවා ගැන රටේ මිනිස්සු දැනගත්තේ මේ සීන් එකෙන්නේ.අපේ රටේ ඉන්නෙ ආගමට දහමට ලැදි ඇත්තොනේ මයියෝ.සූදුව කවුරුත් අනුමත කරලා නෑනේ.

      Delete
  3. දැනට කැසිනෝ කරන උන් ගේ පඩි කන ඒජන්තලා තමයි ඔය භිෂනය වපුරන්නේ.
    ලෝකල් කස්ටමර් ලා පැකර් ට ඇදිලා මාසෙට කෝටි ගානක් වන තම ඉන්කම් එකට කෙලවෙයි යන බයට​.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් වෙන්ඩ පුළුවං.හරියට බොබසේ අවුරුදු කාලෙට මුස්ලිම් විරෝධය පෙන්නලා රෙදිකඩ ප්‍රොමෝට් කළා වගේ.ඒත් පැකර් එන්නේ අත ලෙවකන්ඩ නෙමෙයිනේ.ඌ මිලියනයක් ආයෝජනය කරන්නේ බිලියනයක් අරං යන්ඩ.තල්මස්සු ඇමට දාලා තිමිංගලයෝ බානවා වගේ වැඩකට.ඌ ලාභයක් අරං යනවා කියන්නේ කැසිනෝ ගහන උන්ට ශුද්ධ පාඩුවක් තියෙන්ඩ ඕනේ.ඉතිං බිලියන ගාණක් අපේ රටේ සල්ලි නිකං පිටරට ඇදිලා යන එකට මමනං විරුද්ධයි.ඕස්ට්‍රේලියාවේ කැසිනෝ දාද්දිත් ඔය පිටරටවල උන් තමයි කැසිනෝ ගහන්නේ ස්වදේශිකයෝ ඕවට එන්නේ නෑ කියන සුරංගනා කතාව කියලා තියෙනවා.හැබැයි එහෙ කරපු සමීක්ෂණයකිං ඔප්පු වෙලා තියෙනවා කැසිනෝවලට එන උංගෙං 4%-5%ක් විතරයි විදේශිකයෝ කියලා.

      Delete
  4. //මෙවන් දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම මහජන අධීක්ෂණයට යොමු කරන එකම රට අති උතුම් සිරි ලංකාව විය හැක.//හෙ හෙ...ආශ්චර්ය ළමයෝ ආශ්චර්ය!

    ReplyDelete
    Replies
    1. ඔව්වා හැම රටේම කරන්නේ නෑනේ.හොර වැඩ අහුවෙයි කියන බයට.අපේ ලොක්කා සතපහකට බය නෑ.

      Delete
  5. ඒකනේ අපිත් ගියා පාරේ තත්වය පරික්ෂා කරන්ඩ.. ලඟදිම ඒ ගැනත් කියන්නම්..
    කවදාහරි කාර් එකක් ගත්තදාට යන්ඩත් පාර හොඳට තියෙන්ඩ එපාය :)

    ReplyDelete
    Replies
    1. මං නං ගියේ නෑ.අවුලක් නෑ.චීනා හැදුවා කියන්නේ බඩු ශුවර් මට නං.මාත් ගන්ඩ ඉන්නේ අර සයිලන්ට් සහන් දාලා තියෙන ජාතියේ චාර්ජ් කරන කාර් එකක්.අරං යනවා කුරුල්ලා වගේ හයිවේ එකේ.

      Delete
  6. මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ දිනුක .... (:)

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්ඩද බලං ඉන්නවා ඇර.මම අකමැති උනත්, උඹ කැමති උනත් උං කවදාවත් අපෙං අහලා කිසිම දෙයක් කරන්නේ නෑ.

      Delete
  7. ශරීර සෞඛ්‍යයට හොඳ කැසිනෝ නෙමෙයි බූරුවා ගැහිල්ල. පොලිසියෙන් පනින කොට දුවන්න පුළුවන්නේ. බූරුවා වේගාස්වල කැසිනෝ ගහලා නේද? ඇතුලට ගන්න කොට ලාඩම් චෙක් කරේ නැද්ද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ දේශීය ආයෝජකයින්ට තැනක් නෑ.අපේ බූරුවා ඩොලර් දෙක ගාණෙනෙ ගහලා තියෙන්නේ.කැසිනෝ ඩොලර් දෙක ගානේ ගැහුවට කැසිනෝ ගහලා ඉවර වෙලා ගහපු ඒවටනං සෑහෙන්ඩ වියදමක් යන්ඩ ඇති.

      Delete
  8. මම පසුගිය දවසක ධම්මික පෙරේරාගේ කල්බ් එකට ගියා.
    මට පුදුම හිතුනා මේ තරම් සල්ලි ව්සි කරන්න මිනිස්සු ඉන්නවද කියලා. සමහර මිනිස්සු හිල්ටන් එකේ ඉඳන් සල්ලි බෑග් අරන් එන්නේ. මම ඉතින් මොකාද එකා වගේ බලාගෙන හිටියා.
    ආයෙත් දවසක මම මගේ යාළුවෙක්ගේ ශොප් එකක කතා කර කර ඉන්නවා. ආවා සිංගෙක්. තනිකරම යුරෝපියන් මුදල් ඇමරිකන් ඩොලර් හා එකී නොකී සල්ලි මාරු කලා. මට දැන් හොල්මන්. මගේ යාළුවා ගාව එච්චර සල්ලි ඩිපොසිට් එකක් තිබුනෙත් නෑ. ඒත් අර සිංගා හවසට එන්න සල්ලි බූක් කරලා ගියා. පස්සෙයි මාත් කතාව ඇහුවේ. ඒ ඔක්කොම ධම්මිකගේ ක්ලබ් එකට. මම පුදුම වුනා තමයි. ඒත් ලංකාවට ක්සිනෝ අලුත් දෙයක් නෙමෙයිනේ. ඕවට මේ ඔයාට මට වගේ පොඩි එවුන්ට යන්න බෑ නේ. පුළුවන් වුනත් හීන මාලිගා හදන්න අපිට උවමනා නෑ නේ සල්ලි විසික් කරලා.
    කැසිනෝ ප්‍රොජෙක්ට් එක මොන විදියට හරි ඉස්සරහට එනවා. කීවේ ඉතින් ( හිතාගන්න පුළුවන් නේ)
    එතකන් අපි පාරේ පයින් යමු. මොකද අපිට ඔය 300 300 ගෙවල යන්න කොහෙද සල්ලි අපි ඔන්න ඔහේ පයින් යමු හයි වේ එකේ.

    ReplyDelete
    Replies
    1. ඇති නැති පරතරේ වැඩි කරන, ඒ වෙනස හොඳට පෙන්නලා දෙන ප්‍රොජෙක්ට් තමයි ඕවා.කියලා වැඩක් නෑ ඉතිං.

      Delete
  9. මොනවද අප්ප ඔය කැසිනෝ කියන්නෙ, කැස්සට ගන්න මොනවහරි එකක්ද?

    අර අන්තිම ෆොටෝ එකේ තියෙන්නෙ හයිවේ එකේ අපේ බුවාල කාල දාල ගිය චුයිංගම් පොතු ගලවන අවස්ථාවක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. කැස+ඉණ යන්න බිඳී යෑමෙන් කැසිනෝ යන්න හැදී ඇති බැව් අපේ වර්ගපූර්ණිකා ආචාරීන් හිටියනං කියලා දෙන්ඩ තිබ්බා.ඒ කියන්නේ ඉණේ කැසකවාගෙන හංගං ඉන්න ඒවා පවා හූරා ගන්නා ක්‍රීඩාව කියන එක.

      චුයිංගම් වෙන්ඩ ඇති තමා.මේ දවස්වල ඔක්කොමල්ලම ලෑස්ති වෙන්නෙත් ඔය කියන චුයිංගම් සංදර්ශනේට නොවැ.

      Delete
  10. මෙතන අළුත් දෙයක් නෑ දිනුක.. හැංගි හැංගි කලදේ එලිපිට කිරිල්ල විතරයි

    ReplyDelete
    Replies
    1. හැංගි හැංගි කරන එව්වා එළිපිට කරද්දි වස කැතයිනේ අප්පා...

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...