14 October 2013

ගණිකාව ප්‍රොස් කිරීම


අපේ රටේ මිනිස්සු සැදැහැවත්ය.ගුණවත්ය.ගුණගරුකය.සදාචාරසම්පන්නය.සංස්කෘතිය රැක ගැන්මට පණ උනත් දෙති.දේශානුරාගය උතුරා ගලාගොස් ගංගාවලට එකතු වී මහ මුහුදට ගලා බසී.අපේ රටේ මුර දේවතාවන් මෙන් වැඩ සිටින අපේ රජ පවුල අපේ මව්බිම රැකගැනීමට අපේ ජනතාව රැක ගැනීමට දිළිඳුකම පිටු දැකීමට මතට තිත තැබීමට නිතර දෙවේලේ වෙහෙස වෙති.


ගමේ කසිප්පු පොට්වලට නිතිපතා පොලීසිය කඩා පනිති.වැඩි ගණන් දී රටබීම ගන්නට සල්ලි නැති උංගේ කන්වලින් කසිප්පු බේරෙන්නට දත්වලින් හොටු එන්නට ගුටි බැට දෙති.කසිප්පු පෙරන එකාගේ කරේ  කසිප්පු බූලි තබාගෙන පොලීසියට රැගෙන යති.නඩු පවරති.දඩ ගසති.උන් දඩ ගෙවා පැමිණ නැවත කසිප්පු පෙරති.බොන උන් වෙනදා මෙන්ම බොති.ලංකාවෙන් කසිප්පු තුරන් කිරීමට පොලීසිය ගන්නා වෙහෙස අගය කළ යුතුමය.නමුත් කොපමණ උත්සාහ කළද අසාර්ථක වීම නිසා ඊට මධ්‍යම රජය මැදිහත් වීය.දැං රට පුරා බාර් ඇරලා ඇත.රජ්යේ අරමුණ වන්නේ කසිප්පු පොට් ගාණට වඩා වැඩි ගණනක් බාර් ඇරීම මඟින් ජනතාව හොර අරක්කුවලින් හොඳ අරක්කුවලට නම්මා ගැනීමටය.එමෙන්ම පළාත්සභා මැතිවරණ කාලවලදී නොමිලේ අරක්කු බෙදා හැරීම මඟින් හොඳ අරක්කු වඩ වඩාත් ජනතාවට සමීප කිරීමට පාලකයින් උත්සුක වූහ.ඒ දිනවල කසිප්පු පෙරන උන් කසිප්පු විකුණා ගැනීමට නොහැකිව ලත වූහ.මිනිස්සු ටෝකන් එක රැගෙන කසිප්පු මුදලාලිට කෝචොක් දමමින් ගොස් බාර් එකෙන් තත්ත්වයෙන් උසස් හොඳ අරක්කු බිවූහ.


අපේ රටේ සමහරක් දුරාචාරී මිනිස්සු බූරුවා ගැසීමට පුරුදු වී සිටිති.බූරුවා ගහන්නේ ළන්දක් අස්සේ පැදුරක් එළාගෙනය.එයින් රජයට විශාල ප්‍රමාණයක් බදු මුදල් අහිමි වී යන්නේය.එයිට අමතරව රජයේ දීපව්‍යාප්ත වගා වැඩසටහන යටතේ රටේ හැම අස්සක් මුල්ලක්ම වගා කර ඇතත් මේ බූරුවා ගසන ස්ථාන හා ඒ අවට එළි පෙහෙළි කොට වගා කිරීමට බූරුවා ගැහීමට ඇබ්බැහි වී ඇති අය ඉඩ නොදෙති.එය රජයේ වගා සැළැස්ම බිඳ වැටීමට හේතු වේ.එමෙන්ම මෙවන් ළඳු කැලෑවලට දර කැඩීමට යන තරුණ ගෑනු ළමුන් මේ පාපතරයින් අතින් දූෂණය වීමට ඉඩ තිබේ.ඒවාට වඩා රටේ ආර්ථිකයට බලපාන සාධකය වන්නේ බූරුවා ගහද්දි ඇතිවන ආරවුල්වලදී සිදුවන පිහි ඇනුම් ගුටි බැට දීම් ආදිය නිසා සිදුවන අනතුරුවලට වාර්ශිකව රජයට වැය කිරීමට සිදු වී ඇති මුදලය.ශල්‍යාගාර සේවාවන් සහ ඖෂධ සඳහා යන වියදම අවම කර ගැනීම සඳහා රජය ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාක්ච්ඡා පවත්වා විසඳුමක් සොයාගෙන ඇත.ඒ අනුව ජේම්ස් පැකර් මහතාගේ පූර්ණ අනුග්‍රහය ඇතිව මහා පරිමාණ කැසිනෝ මධ්‍යස්ථානයක් ඉඳි කිරීමට සැළසුම් කර ඇත.ඒ මහතාට අනුව ඔහු විසින් ඕස්ට්‍රේලියාවේ කැසිනෝ මධ්‍යස්ථාන ඉඳි කිරීමෙන් ඕස්ට්‍රේලියාවේ ළඳු කැලෑවලදී මිනිසුන් මුහුන දුන් කැංගරු ප්‍රහාර ගණන සීඝ්‍ර ලෙස පහළ බැස ඇත.


ලංකාවේ ගණිකා වෘත්තිය යනු අනාදිමත් කාලයක සිට පැවත එන අභිමානවත් වෘත්තියකි.නමුත් ඊනියා වික්ටෝරියානු යුගයෙන් පසුව සහ සුද්දන් විසින් අපේ රටේ වැසියන්ට බෝ කරන ලද ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග බිය නිසා මෙකී වෘත්තිය කෙරේ සමාජයේ දැක්ම සෘණාත්මක දිශාවකට ගමන් කරනු බව පෙනී ගොස් ඇත.බාර් සහ කැසිනෝ සමාජ ශාලා මෙන් නොව ගණිකා වෘත්තිය යනු රජයට හොඳ ආදායමක් සහ ජනතාවට හොඳ ආශ්වාදයක් ලැබිය හැකි වෘත්තියයක් වේ.කළ යුත්තේ මනා සැළසුමක් සහිතව මනා දැක්මකින් යුතුව එය ක්‍රියාවට නැංවීම පමණි.මෙහිදී තවත් සැළකිය යුතු කරුණක් වන්නේ බාර් මෙන්ම කැසිනෝ ශාලාවලද ව්‍යාපාර වර්ධනයට ගණිකා වෘත්තියෙන් ලද හැකි මෙහෙය සුළුපටු නොවන බවය.


ගණිකාව යන හැඳින්වීමම ඔවුන් කෙරේ යම් පසුගාමී දැක්මක් ලබා දීමට හේතුවන නිසා අළුතින් වෘත්තියට එකතු වන්නන් අඩු වීමට සහ වෘත්තිකයින්ගේ අභිමානය පළුදු වීමටද හේතු වේ.එනිසා එම පදය වෙනුවට 'නගර ශෝභනිය, තුටු ජනනී' වැනි ධනාත්මක නාමකරණයක් වෙත යොමු විය යුතුව ඇත.එමෙන්ම සියළුම වෘත්තිකයින්ට මනා ඉංග්‍රීසි දැනුමක් ලබා දිය යුතුය.

'මම ගණිකාවක්' කියනවාට වඩා 'I'm a prostitute' කියන විට ඔවුන් වෙත මහා පෞර්ෂ්‍යයක් ආරෝපනය වේ.එනිසා වෘත්තියට පිවිසීම සඳහා IELTS ඉහළින් සමත්වීම සුදුසු කමක් ලෙස සැළකිය යුතුය.ලංකාවට එන බහුතරයක් චීන ජාතිකයින් වන නිසා චීන බස දැන සිටීම අමතර සුදුසු කමක් සේ සැළකිය හැක.

සාමාන්‍යපෙළින් පසු උසස්පෙළ විශය පථයට ගණිකාවේදය නමින් විශය මාලාවක් එක් කළ යුතුය.එවිට අඩු වයසින්ම වෘත්තියට මනා දැනුමකින් සන්නද්දව පිවිසීමේ හැකියාව අපේ රටේ තරුණ ප්‍රජාවට ලැබෙනු ඇත.එවිට පාසැල්වල දැනට සිදුවන ලිංගික අපචාර ක්‍රියා තවදුරටත් සමාජ ගැටළුවක් වන්නේ නැත.ඒවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් බවට නිතැතින්ම පත්වේ.සාමාන්‍ය පෙළින් පාසැල් හැර යන්නවුන් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ගණිකාවේදී ඩිප්ලෝමා පාඨමාලාව ආර්ම්භ කළ හැකි අතර උසස් පෙල සමත් වන්නන් සඳහා සිව් අවුරුදු ගණිකාවේදී උපාධිය ප්‍රධානය කිරීමට පුද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ හැක.මෙම ආයතනවල ඉගැන්වීම සඳහා දැනට මැද පෙරදිග ගොස් පණ පිටින් පැමිණ සිටින අය යොදා ගත හැකි අතර ඔවුන්ගේ පෘථුල දැනුම් සම්භාරය ලබන සිසුන් ඕනෑම ආකාරයේ ලිංගික තෘප්තියක් ලබා දීමේ කෙළ පැමිණියෝ වනු නිසැකය.එවිට තවදුරටත් නුපුහුණු ගෘහ සේවිකාවන් පිටරට යැවීම නවතා දමා පුහුණු ගණිකාවන් පිටරට යැවීමේ හැකියාවද ලැබෙනු ඇත.ඔවුන් හරහා ලැබෙන විදේශ විනිමය දැනට ලැබෙන ප්‍රමාණය මෙන් සිය දහස් ගුණයක් වනු ඇත.

වෘත්තියට වර්ථමානයේ මෙන් ඕනෑම අයෙකුට පිවිසීමේ හැකියාව වාරණය කළ යුතුය.මනා අඟ පසඟින් යුත් පංච කල්‍යාණියන් තෝරා ගත යුතුය.ඒ සඳහා වාර්ශිකව "රතිකුමරි" සහ "රතිකුමරා" තේරීම සඳහා රියැලිටි ටීවී වැඩ සටහනක් ආරම්භ කළ හැක.එහිදී ඔවුන්ගේ පෙනුම, දැනුම සහ හැකියාවන් පිරික්සා බලා හොඳම අය පමණක් වෘත්තිය සඳහා තෝරා ගත යුතුය.



වෘත්තියට පිවිසෙන්නන් වෙනුවෙන් හැඳුනුම්පතක් ලබා දිය යුතු අතර ඔවුන්ගේ දරුවන් ජාතික පාසැල්වලට ඇතුලත් කර ගැනීමේදී ප්‍රමුඛතාවයක් දිය යුතුය.මන්ද ඒ දරුවන් විදෙස් ආයෝජනවල ප්‍රථිපල වන නිසාය.

මොවුන් සඳහා වාර්ශිකව අළුත් කළ යුතු වෘත්තියේ යෙදීමට බලපත්‍රයක් ලබා දිය යුතු අතර එය අළුත් කිරීම සඳහා මාසිකව ලිංගික රෝග පරීක්ෂාවන් කරගෙන සමත් වී තිබිය යුතු බවට නීති ගත කළ යුතුය.වාහනවල දුම් පරීක්ෂා කරන ආයතනවලම තවත් කවුන්ටරයක් ඇර මෙකී සෞඛ්‍ය පරීක්ෂාව කිරීම ආරම්භ කළ හැක.එමෙන්ම බලපත්‍රය අළුත් කිරීමට පෙර පෙනුම සහ හැකියාවන් පෙර පරිදිම තිබේදැයි පරීක්ෂා කර බැලිය යුතුය.ඒ සඳහා පහසු අඩු වියදම් පරීක්ෂණයක් ලෙස ශිෂ්ණ සීනු පරීක්ෂණය හඳුන්වා දිය හැක.එහිදී අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයක කලිසම් ගලවා ඔවුන්ගේ ශිෂ්ණවල කුඩා සීනු බැඳ අපේක්ෂකයා ඔවුන් හමුවට එවිය යුතුය.විනුසුරු මණ්ඩලයේ සභිකයින් ස්පර්ශ කිරීමෙන් තොරව සීනු නාද කරවීමට සමත් වන්නන්ගේ බලපත්‍රය තවත් වසරකට දීර්ඝ කළ යුතු අතර එසේ නොහැකි වන්නන්ගේ බලපත්‍රය අහෝසි කිරීමෙන් වෘත්තියේ ගුණාත්මකභාවය රැකගත හැකි වේ.තවද වෘත්තිකයින්ට නිසි විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ රෝග සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කළ යුතුය.

උක්ත යෝජනා ක්‍රියාත්මක කරන්නේ නම් රජයට විශාල බදු මුදල් ප්‍රමාණයක් එකතු කරගත හැකි වන අතර විදෙස් ආයෝජන සහ විදෙස් සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ දමා ගත හැක.එයිට අමතරව දැනට විදේශයන්ට ඇදී යන අති විශාල මුදල් සම්භාරයක් අපේ රටේම ඉතුරු කර ගැනීමට හැකිවන අතරම මැති ඇමතිවරුන්ගේ සහ රජයේ ඉහළ නිළධාරීන්ගේ විදෙස් සංචාර සැළකිය යුතු ලෙස පහළ යන නිසා ඔවුන්ට රටේ ප්‍රශ්න වෙත සිය අවධානය යොමු කිරීමටද හැකි වේ.



32 comments:

  1. 6 වන චේදය තෙක් ඇත්තේ Xප්‍රකට බ්ලොග්කරුවෙකුගේ ශෛලීය ... ඊට පස්සේ දිනුක ඉන්නේ... :)

    ReplyDelete
    Replies
    1. අම්මා ගහයි බැට් එකෙං කිව්වලු.ඇත්තමයි කියන්නේ හිතලා කරපු එකක් නම් නෙමෙයි ඕං ඈ.ඇත්තට කවුද ඒ එක්කෙනා..?

      Delete
  2. මම චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න. මම තමයි ගැහැණු නමකින් පුංචි කුමාරිහාමිගේ වලව්ව බ්ලොග් එක කර ගෙන යන්නේ. ඉතින් මම ගැහැණුන්ගේ සිතුම් පැතුම් උබලාට වැඩිය හොඳට අඳුනනවා. උබලා මෙතන බොරුවට මහ ලොකු පොරවල් වෙන්න හදනවා බ්ලොග් කර කර. වරෙන් උබලට ඕන නම් මම උබලට කියලා දෙන්නම් බ්ලොක් එකක් කරන හැටි. මාව ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා විවේචනය කරන්න ආවොත් මම දන්නවා උබලට කරන දේ. මගේ හැටි දැන ගෙන වැඩ කරපල්ලා. පුලුවන් නම් මා එක්ක හැප්පිලා දිනලා බලහල්ලා.

    ReplyDelete
    Replies
    1. හැප්පිලා දිනන්ඩ බැරි ඔයා ගොඩක් මහතද අනේ?

      Delete
    2. පවු. මානසික තත්ත්වය පේනව​.
      රෝගය උත්සන්න වෙන්න ඔන්න මෙන්න​. ඉක්මනට දොස්‍තරෙක් වෙත යන්න​.

      Delete
    3. ඔයාගෙ නම විතරක් නෙවි වගේ ගැහැනු බවට හැරවිලා තියෙන්නේ.

      Delete
  3. උඹ ඉල්ලපං ඊලග ජනාදිපතිවරනයට

    ReplyDelete
    Replies
    1. මං ඉල්ලුවොත් මේ සටන් පාඨෙත් එක්ක අනිවා මම දන්නවා කට්ටිය ප්‍රසිද්ධියේ බැනලා හොරෙන් ඡන්දෙනං දෙනවා ශුවර්..

      Delete
  4. උඹ චන්දේ ඉල්ලන්නවත් හිතන්ද ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. එහෙම අදහසකුත් තියෙනවා.හැබැයි මේක ක්‍රියාත්මක කළොත් උඹලත් ඔය රට රාජ්ජ දාලා මෙහෙ දුවං එන්නේ.හුහ් අපි නොදන්නවැයි... :D

      Delete
  5. අයවැය යෝජනාවක් විදියට ලොක්කට දෙමුද!

    ReplyDelete
    Replies
    1. ආ තාම ඒක ආවෙ නෑ නේද? බලන්ට ඕනෙ පොරට කියලා.පුතත් අවලමේ යන එක නවත්තන්ඩ ලොක්ක කන කට්ට ගැන හා හුව්වකුත් යනවනේ.

      Delete
  6. මල්ලි විපක්ෂෙන්වත් ඉල්ලලා බලමු !

    ReplyDelete
    Replies
    1. අපෝ විපක්සෙට නං යන්නෙ නෑ අරූ මැරෙනකං.මළත් ශුවර් නෑ මිනිහා ඒත් ඒම්බාම් කරලා සිරිකොතේ නායක පුටුවේ තියලා තියන්ඩ කියයි.

      Delete
  7. අනේ චන්දෙ ඉල්ලපන්.. උබට එකෙන්න්ම හොදට කන්න පුලුවන්....

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..දින්නොත් උඹලටත් *කන්න පුලුවන්.

      Delete
  8. api wawaagena kamu.rata hadamu.
    creative slogan ekak ehema onanam kiyanna oyage chanda poster ekath hadalama dennam.

    ReplyDelete
  9. dinuka ayyata kellek innawada danne na.

    ReplyDelete
    Replies
    1. අන්න මිනිස්සු.මචං ඡන්දෙ වැඩවලට හමර් එකකුත් හොයලා දීපං ඈ.දින්නොත් උඹලට සළකන එක සළකනවා.අනිවා.
      කෙල්ලෙක් ඉන්නවා බොල.ඒකනේ මෙච්චර පරිණත.හුඃ

      Delete
    2. appata siri.
      ok ayyaa.... ona deyak karala dennam....
      ane nadda kellek nati kollek? mata set karala dennako...
      me nangige hitha sowin pirila....

      Delete
  10. Replies
    1. ඒකනේ කියන්නේ උඹලා සීන් එක අහලා මෙහෙමනං වැඩේ කෙරුනම කොහොම තියෙයිද? දීපං පුතා මට ඡන්දෙ..

      Delete
  11. අඩෝ උබ මම ලියපු කොමෙන්ටුව මකලා දැම්මේ ඇයි මැට්ටෝ

    ReplyDelete
    Replies
    1. ඒකේ කුණුහබ්බ තිබ්බනේ බං.කුණුහබ්බ නැතුව ඕනෙ එකක් දාන්ඩ මකන්නෑ.

      Delete
  12. උපහාස විශේෂඥයකු පහල වීමෙ ලක්ෂණ පැහැදිලිව පෙනේ..වෙන්ඩ දොස්තර මහත්තයාට ගොගොල් කෙනෙක් වීමට හැකියාව ඇත..

    ReplyDelete
    Replies
    1. අම්මා ගහයි බැට් එකෙං.තිබ්බා නේද මුරුංගා අත්තේ....ඉස්තූතියි සරත් අයියේ..බලමුකෝ මාත් එහෙනං ට්‍රයි කරන්ඩ ඕනෑ ගොගොල් වගේ වෙන්ඩ.

      Delete
  13. අඩෝ උබ වෛද්‍ය ශිෂ්‍යයෙක්ද ඩෝ? උබ දොස්තරෙක් වෙන්න ඉගෙන ගන්නවා එහෙම නම් ඈ? උබ මාර පුතයෙක් නේ ඈ? යකෝ එහෙම නම් අපිට විතරයි ඕ ලෙවල් වලින් ඉහලට ඉගෙන ගන්න බැරි වුනේ. අම්මට සිරි මුන් ඔක්කොම ඉගෙන ගත්ත එවුන් නේ බලාගෙන යද්දී. එහෙම නම් මම ද දැන් මෙතන මැට්ටා. අඩෝ මට මැට්ටා කිව්වොත් මම බොගේ කණ පලනවා හරිද? මට ඉරිසියාවේ බැහැ බං. හැම එකාම ඉගෙන ගන්නවා දකිද්දී. ඇයි යකෝ මට විතරක් මෙහෙම ඉගෙන ගන්න බැරි වුනේ. යකෝ මාර අමාරුයිනේ ඉගෙන ගන්න එක. උබලට පුලුවන්ද බං ඒක අවංකවම? උබ කොහොමද බං සයන්ස් වගේ සිරා සබ්ජෙක්ට් එකක් කලේ? උබ සිරා බුවෙක්නේ බලාගෙන යද්දී. යකෝ මට උබගේ කණ පැලෙන්න ගන්න හිතෙනවා දෑත බදලා මූ මාර සිරා බුවෙක් වෙලානේ. යකෝ උබලට බ්ලොග් කරන්නත් පුලුවන් එතකොට ඉගෙන ගන්නත් පුලුවන් ඈ? අපිට විතරයි මේ ඉගෙන ගන්න බැරිව බ්ලොග් එකක් විතරක් බදාගන කරගෙන යන්නේ. අන්තර්ජාලේ පුරාම බජාර් එකේ චණ්ඩියා පාට් එක කරන්නේ එතකොට? මට උබ ගැන මාර ඉරිසියාවක් හිතට එන්නේ මැට්ටෝ. අනේ තොට ඉගෙන ගන්න බැරි වෙයන්. තොත් මම වගේම ගොන් මැට්ටෙක් වෙයන්. තෝත් ඕ ලෙවල් විතරක් පාස් මම වගේම මැට්ටෙක් වෙයන් සාදු සාදු සාදු !!!

    ReplyDelete
    Replies
    1. ඇඬෙනවා බං....ඉහි..ඉහි...(හොටු හූරන සද්දෙ දාන්ඩ දන්නෙ නෑ..)

      Delete
  14. ////වාහනවල දුම් පරීක්ෂා කරන ආයතනවලම තවත් කවුන්ටරයක් ඇර මෙකී සෞඛ්‍ය පරීක්ෂාව කිරීම ආරම්භ කළ හැක.එමෙන්ම බලපත්‍රය//////

    මෙන්න වදන්!!!!!!!!!!!

    ReplyDelete
  15. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete
  16. මම තමයි මේ බොග තුනම ලියන්නේ. තුන් දෙනෙකු විදිහට වෙනස් පෞරුෂත්ව තුනකින් හා එකිනෙක වෙනස් නම් තුනකින්. අන්තර්ජාලය කාටත් පොදු අවකාශයක්. මට ඕනේ නම් කුණු හරුපෙන් වුනත් දැන් බොට බණිතෑකි. ඒක මගේ නිදහස. මම බනිනකොට කියන කුණු හරුප අහන එක හරි නෑහෙන විදිහට සද්ද නැතුව ඉන්න එක හරි වෙන විදිහක් හරි විදිහට ඉන්න එක බොගේ විදිහ. දැන ගනින් මැටි මෝලා තෝ හිවලෙක් වගේ මගෙන් බැණුම් අහගෙන හිනා වෙලා හිටියට මට නම් තෝ බැන්නොත් බනින්නේ ජීවිතේටම එක පාරයි. ඒකත් බොට අනිත් දවසේ ඉඳලා දත් නැතුව තමයි බත් කන්න වෙන්නේ. තෝ දන්නවද හාල්පාරුවෝ මම කව්ද කියලා? තො ඇඳිනුවේ නැහැ චමින්ද කියන්නේ කවුද කියලා තවම මැටි මෝලා....

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...