09 June 2013

ඈ දුරක ගොස් ය...


ඒ දවස්වල වගේමයි
චිත්තරපටි ශාලාව ඉස්සරහා
රසිකයෝ නෑ අදත්
කපල් නං හිටියා මහ හුඟක්
ෆයිල් එකේ
ටියුෂන් සර්ගේ 
නම තියෙන තැන
අල්ලෙන් වහගෙන
උං හිටියේ බදාගෙන
එකිනෙකා කිටි කිටියේ...
දුරට පෙනුනේ 
හරියට ඔලු දෙකේ මිනිස්සු වගේ

දෙන්නෙක් හේත්තුවෙලා හිටියේ 
එදා මගේ ෂර්ට් එක ඉරිච්ච තැනමයි
"මල්ලි පොඩ්ඩක් එහාට යන්ඩ
ඔය ඇණේ ෂර්ට් එක පැටලෙයි"
කියන්ඩ හිතුනත්
කිව්වේ නෑ මං

හෙඩ් සෙට් එක කණේ ගහං
හොරාට මම රසවින්දා
උංගේ සුන්දර ප්‍රේමය
උගේ උරහිසට හිස තියාගෙන
ඇගේ ඇඟිලි තුඩු එහේ මෙහේ දිව්වා
උගේ උදරය දිගේ
කිතිය දැනුනා නෙමෙයි
මතක් උනා මට

ෂර්ට් එකේ 
කොලර් එක අස්සෙන්
උණුසුමට හුස්මක්
ඇදිලා යනවා වගේ දැනිලා
මම වටපිට බැලුවත්
ඒකත් මතකයක් විතරයි
රැවටුනා මම ඇත්තටම

ටිකට් දෙක දෙක
කඩලා පුරුදු 
කවුන්ටරේ අයියත්
මං දිහා බැලුවේ සැකෙන්
මට පිටිපස්සෙන් හිටපු උනුත්
බලන්ඩ ඇති 
පුදුමයෙන්..
මගේ පිටට දැනුනා
ඒත් හැරිලා බැලුවේ නෑ
ලැජ්ජාවටත් වඩා දුකට

ඇතුලට ගිය වෙලේ ඉඳං
අනිත් උන් පුටු දෙක යාකරමින්
හැදුවා ආරුක්කු
මම විතරක් අයිෆල් කුළුණ වගේ
තෙතට උණුසුමට දැනුණු
මගේ මූන පුරා  දිවගිය
තොල් දෙකක
ආශ්වාද ජනක මතකය
නැතිකළා පුටුවේ හිටපු මකුණෙක්

බෙල්ල දිගේ
ඉහළට ඇදුනු
සිඟිති ඇඟිලි තුඩු
ඇඟේම හිරිගඩු පුබුදුවමින්
කනක් පිටිපස කිති කැව්වා
මතකද ඒ දවස්?

චිත්‍රපටිය ඉවර වෙලා
බෙල් එක ගැහුව ගමං
හෝල් එකෙං දිව්වා මං
අනිත් උන් කොණ්ඩේ පීරන
ඇඳුං හදාගන්න වෙලාවේ...


4 comments:

  1. බොරැ කමෙන්ට් දැමිමේ පුරැද්දක් නම් නෑ. හිතට දැනුනා කමෙන්ට් එකක් දලා යන්න ඔනේ කියලා හිතුනා. :)

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඇති යන්තං කොමෙන්ට් එකක් හරි තියෙනවා.ඇත්තට මම හිතුවේ කවුරුවත් කෙල්ලත් එක්ක ෆිල්ම් බලන්ඩ ගිහිල්ලා නෑ කියලා.

      Delete
  2. බෝකකටම වැදුනා. මාර ලිවිල්ලක්. අදමයි ආවේ. ආයෙත් එනවා.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...