16 May 2013

ආනන්දේ කතාවක්



මේ දවස්වල නිවාඩු හින්දා ටිකක් දවල් වෙනකං නිදාගන්නවා.අපරාදේ කියන්ඩ බෑ උදේ එකොළහට නැගිටින්ඩත් එලාර්ම් එක තියන්ඩ ඕනේ.නැත්තං දොළහෙන් මෙහා ඇහැරෙන්නේ නෑ.ඔන්න අද උදේ (12.40ට ) ඇහැරෙනකොටම මට මේ අපේ අයියා කෙනෙක් කියපු කතාවක් මතක් උනා.ඇයි ඒ කතාවම මතක් උනේ කියන්ඩ මම දන්නේ නෑ.ඒක මතක් වෙන්ඩ කිසිම හේතුවකුත් නෑ.ඔන්නොහේ මතක් වෙච්ච එකේ බ්ලොගේ කොටලා දාන්ඩ හිතුවා.

කට්ටිය දන්නවනේ 'ආනන්දෙ තමයි ඉස්කෝලේ' කියලා.දන්නෑ කියලානං කියන්ඩ එපා ඕං ඈ.දන්නෙම නැත්තං කකාගෙං අහලා බලන්ඩකෝ ඈ.



ඔන්න ඉතිං මේ ආනන්දේ ස්වර්ණමය යුගය වෙච්ච අසූව දශකයේ හිටපු වී. ඇස්. කුඩලිගම විදුහල්පතිතුමාගේ රාජ්‍ය කාලේ.ඒ දවස්වල ඔය දැං වගේ විදුහල්පති එළවන්ඩ කියලා පිකට් කිරිලිවත් ළමයි ඉස්කෝලෙට ගන්ඩ කියලා සල්ලි ගැහිලි ගැණ කතාවත් තිබිලා නෑ.විදුහල්පතිතුමා ඒ කියන්නේ කුඩලිගම මහත්තයා බොහොම දැහැමෙන් සෙමෙන් අයෝමය හස්තයෙන් ආනන්දේ කටයුතු කරගෙන ගියා කියලා තමයි කියන්නේ.ඔය කාලෙට ආනන්දේ ස්වර්ණමය යුගය කියන්නේ ආධ්‍යාපනික ජයග්‍රහන වගේම ක්‍රීඩා ඇතුළු විශය බාහිර කටයුතුවලත් ජයග්‍රහන බොහොමයක් ආනන්දේ සතුකරගත්තු කාලයක් වීම නිසා.ඒකට දැං නේද? ටීවී එකේ පත්තරේ ආනන්දේ ගැන හෝ ඒකේ මොනම හෝ ජයග්‍රහනයක් ගැන මොකක්වත් පලවෙච්ච කාලයක් මතක නෑ නේ.

ඔය ළඟදි උ\පෙ කරපු අයට මතක ඇතිනේ උ\පෙ පන්තිවලදි එක විශයකට එක ළඟ කාල පරිච්ඡේද දෙක ගානේ නේ තියෙන්නේ.(ඔය එකදාස් නමසිය බර ගණංවල උ\පෙ කරපු අයට මේවා මතක නැතුව ඇති මං හිතන්නේ) ඉතිං මේ කුඩලිගම මහත්තයා උ\පෙ පන්තිවල ළමයින්ට සහනයක් විදිහට පුංචි නීතියක් ගෙනාවලු ඔය විවේක කාලයෙන් පස්සේ තියෙන කාලපරිච්ඡේද දෙක හෝ හතර කෙරෙන්නැත්තං ඒ නොකෙරෙන බව සහ ඒක නොකෙරෙන හේතුව ලියලා ලියුමක් අංශ ප්‍රධාන මහත්තයාගේ අත්සන සහ සීල් එක සහිතව ගේට්ටුවේ සිකුරිටි මහත්තයට දීලා පන්තියෙන් යන්ඩ පුළුවං කියලා.ඒ වගේම යන ළමයින්ගේ නම් ටිකත් ලියන්ඩ ඕනේ.මේක ඉතිං පනින රිලවුන්ට ඉනිමං බැඳිල්ල කෙසේවෙතත් ගුවන් පාළං දාලා දුන්නා වගේ වැඩක් කියලා කියන්ඩ එපායෑ.

ඒ දවස්වල සිකුරිටි මහත්තයා ඔය රක්නා ලංකා එකේ වගේ ජැන්ඩියට ඇඳලා ටයි දාලා ඉඳලා නෑ.නිකං සරමක් ඇඳගත්තු මෝඩපහේ වයසක මිනිස්සු දෙන්නෙක් ඉඳලා තියෙන්නේ.ඉතිං ඔන්න කොල්ලො සෙට් එක එකතුවෙලා ලියුමක් ලියනවලු ඉංග්‍රීසියෙන් (අපිටවගේ නෙමෙයි, ඒ කාලේ උංට ඉංගිරිස් ඉටිකිරිස් වගේ පුළුවංලු ඈ ).ලියලා යන කොල්ලෝ සෙට් එකේ නම් ටිකත් ලියනවලු ඉංගිරිස්වලින්ම.


ඊට පස්සේ ඔය කවදත් හිටපු හොර අත්සන්කාරයෙක් ගහනවලු අංශ ප්‍රධානතුමාගේ අත්සන.තව එකෙක් ලියුම අරගෙන අංශ ප්‍රධානතුමාගේ කාර්යාලයට ගිහිල්ලා එහේ මෙහේ පොඩ්ඩක් කැරකිලා කවුරුත් අහක බලනකං ඉඳලා සුටුස් ගාලා සීල් එක ගහගෙන එනවලු.ඉතිං සියලු කළමනා සම්පූර්ණ උනාට පස්සේ කට්ටියම ලියුම සිකුරිටි මහත්තයට දීලා විජිතපුර ජයගත්තු සෙට් එක වගේ ජයග්‍රහණයෙන් ඔද වැඩිලා මොකක් හරි කලින් ප්ලෑන් කරපු කුපාඩි වැඩකට සෙට් වෙන්ඩ යනවලු.

ඔහොම කීප දවසක් කළාට පස්සේ දවසක් කුඩලිගම මහත්තයා ආවලු මුංගේ පන්තියට.ඇවිල්ලා කියනවලු

 'මේ පන්තියේ කාණ්ඩයක් හැමදාම දවල් ෆ්‍රී කියලා ගේට්ටුවට ලියුමක් දීලා පැනලා යනවා.ඒ උනාට කවදාවත් ඒවා ෆ්‍රී වෙලාවල් නෙමෙයි.'

විදුහල්පතිතුමා මෙහෙම කියද්දි ඔය පන්තියේ ඉන්න අල සෙට් එකේ උන් දැං කින්ඩියට හිනා වෙනවලු අරුන් ටිකට.අල උං අරුන් දිහා සෝපහාසී විදිහට බලන්නේ 'අපි උඹලට කිව්වනේ පනින්නැතුව ඉගෙනගනිල්ලා කියලා.අම්මලා තාත්තලගේ සල්ලි නැති නාස්ති කරලා පිස්සු කෙළින්ඩ ගියාට හොඳ වැඩේ.අද හම්බුවෙයිනේ උඹලට හුහ්' (මේ සම්පූර්ණ අදහසම පේන විදිහට අරුංගේ මූණ බැලුවේ කොහොමද කියලා මම දන්නෑ ඕං.ඒකට තමයි කියන්න්නේ සාත්වික අභිනය කියලා ඈ )

ඔන්න කුඩලිගම මහත්තයා සාක්කුවෙන් ගත්තලු අරුං ගේට්ටුවේ සිකුරිටි මහත්තයට දීලා ගිය ලියුම් මිටියක්.

'මේ බලනවා පැනලා ගිය උං ටික'  කියලා කුඩලිගම මහත්තයා දැං ලියුමේ තියෙන නම් ලිස්ට් එක කියවනවලු.

'ජේ.ආර්. ජයවර්ධන, විජය කුමාරතුංග, එස්.ඩබ්ලිවු.ආර්.ඩී. බණ්ඩාරනායක, .................................(මෙහෙම බොහොම ප්‍රසිද්ධ නම් ලිස්ට් එකක්ම කියවගෙන ගිහිල්ලා අන්තිමට කියනවලු )

මේ බලනවා අයිසේ මාත් මුං එක්ක පැනලා ගිහිල්ලනේ..... වී.එස්. කුඩලිගම '




20 comments:

  1. ඔවැනි අද්දෑකීම් සමුදායක් මටත් ඇත.. මාත් සහෝදර සුලෝහිතයෙක්නේ.
    කකාගේ පොත ගැන මගේ විවරණය මෙතැනින් කියවන්න

    ReplyDelete
    Replies
    1. OYA KAKAGE POTHE PUKA, JOKKU,CHOO, PADA, JEE, JACK, WAGE KATHATH THIYANAWADA.

      Delete
    2. @Naleen Dilruksha - ලිපිය කියවන්ඩ ගියාට වඩා වෙලාවක් කොමෙන්ට් ටික බලන්ඩ ගියා.එළ ලිපිය.

      @Anonymous - තිබ්බේ නෑ බං.ඒවත් තිබ්බනං තමා රසය උපරිම.

      Delete
  2. මරු ...මේ දවස්වල බ්ලොග්වල කතාබහ කෙරෙන බරසාර මාතෘකා කියවල වෙහෙසට පත්වෙලා හිටියේ. ස්තූතියි මචං කතාවට.

    ReplyDelete
    Replies
    1. :d ඒ මොකද රතු ඒ ? මටත් මේ දිනුක කියද්දී මතක් උනේ උසස් පෙළ කාලේ පීරියඩ් දෙක දෙක නේද තිබ්බේ කියලා.දැන් හිතද්දී හිටියේ කොහොමද කියලා හිතෙනවා...

      Delete
    2. @රතු රජරට - ඇත්ත තමයි.හැම තිස්සේම බරසාර දේවල්ම බලන්ට හොඳ නෑ.හෘදයාබාධ, අධික රුධිර පීඩනය වගේ දේවල් එන්ඩ පුළුවං.ඒ හින්දා පුංචි කතාවක් කියවලා පුංචි ෆන් එකක් ගන්න එක කෝකටත් හොඳයි.

      @SilentSahan - ඇත්තට සහන් උ\පෙ කළේ කොයි කාලෙද ඇ???

      Delete
  3. කකා කියන අවජාතක බැල්ලිගෙ පුතාගෙන් වැඩක් නෑ. ආනන්දේ කොල්ලෝ කවදත් කොයි අතිනුත් වැඩ කාරයෝ.

    ReplyDelete
    Replies
    1. ආනන්දේ ඔක්කොම එහෙමද මන්දා හැබැයි ඔය කිව්වත් වගේ මම දන්න එකෙක් හිටියා ඌට දකුණු අත වගේම වම් අතත් හොඳට හුරුයි.ඌ ගැන වෙන්ටැති නේද මේ කියන්නේ?

      Delete
  4. NIYAMAI ANO MACHO NIYAMAI. WARE WA, MARE MARU.

    ReplyDelete
    Replies
    1. කැපිටල් ඇනෝ ද මේ?

      Delete
    2. නෑ නෑ ඇපිටල් කැනෝ.

      Delete
    3. CAPITAL ANO THAMAAAAAI. MAGE COMMENT KAKKA THUMA EYAGE BOGE DAANNE NEHE. MAMA MATHAK KARALA DENNETH EYA LIYAPU TOPICS MA THAMI. EYA EWWA MATHAK KARANAWATA KAMATHI NEHE. LAJJA WEDA KOHEDA.

      Delete
    4. ගණං ගන්ඩ එපා කැපිටල් ඇනෝ.දිගටම ට්‍රයි කරන්ඩ.කකාට දුක හිතිලා කවදා හරි කොමෙන්ට් ටික දායි.

      Delete
  5. MATA MATHAKA HATIYATA MR. JRP SURIYAPPERUMATH ANANDE WEDA KALA. 1960 GANANWALA WAGE.

    ReplyDelete
    Replies
    1. ආයේ මොනවද. ඔය ලොකු ලොකු ඈයෝ ගොඩක් ආනන්දේට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා.ඔය විමල් වීරවංශ උන්නැහෙත් හිටියද කොහෙද කියන්නේ.

      Delete
  6. අඩේ මාර සිද්දිය බං.

    ස්තුතියි මචං පොස්ට් එකට.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මචං ආවට

      Delete
  7. සාමාන්‍යයෙන් සෙකියුරිටි මහත්තුරු යටින් තියෙන අස්සන සීල් එක බලනවා මිස සටහන කියවන සිරිතක් නෑ. ඔය ප්‍රස්නෙ වරායෙත් තිබුණා. ඒ කාලෙ පර්යන්තය ඇතුලට වාහනයක් අරන් යන්න නම් මෙහෙයුම් කලමණාකරුගෙ අවසරය ඕනෙ. මම එක්කෙනෙකුගෙ අයදුමකට අවසර නොදෙමි කියල ලියල අත්සන් කලා . ඊට පස්සෙ අර මනුස්සයා ඒක පෙන්නලා වාහනේ අරන් ඇතුල්ට යනහැටි බලං හිටිය. කොච්චර කිවුවත් එයාලාගෙ වැඩ එහෙමමයි..

    ReplyDelete
    Replies
    1. මේ කතාවෙනං සිකුරුටි මහත්තුරුන්ට කියවන්ඩ බැරි වෙන්ඩ තමයි ඉංගිරිස්වලින් ලියං ගිහිං තියෙන්නේ.ඇත්ත ඇත්ත මිනිස්සු ලේසි විදිහමයි හොයන්නේ.

      Delete
  8. මේ කතාව ෆේස්බුක් එකෙත් මොකා හරි දාලා තිබ්බා. හැබැයි මිනිහගේ කතාවක් විදිහට දාලා තිබුණා. උපුටා ගත්තු එකක් කියලවත් දාලා තිබුණේ නැහැ

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...