13 May 2013

විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා.....


තවත් විභාගයක් ඉවරය.විභාගෙට සර්පයෝ දෙන්නෙක් තියලා තිබ්බේය.මට එකෙක්වත් අඳුරගන්ඩ බැරි විය.කුණකටුවාගේ නහය පොඩ්ඩක් ඉස්සිලා තියෙනවාය.හිටපු එකාගේ නහය ටිකක් ඉදිමිලා තිබ්බ නිසා මම ඌ කුණකටුවා යැයි ලිව්වත් පස්සේ ඒකා තිත් පොළඟා යැයි දැන ගත්තෙමි.ඒකා වීදුරුවට ගහලා නහය ඉදිමිලා වෙන්ඩ ඇතිය තිබ්බේ.කරන්ඩ දෙයක් නැත.අනිත් එකානං දැකලාම නැත.ඒකා විස නැති එකෙක්ලුය.සර්පයෙක් දැක්කාම මේකා විස ඇති එකෙක්ද නැති එකෙක්ද කියලා මිනිස්සු හොය හොයා ඉන්නේ නැත.හොඳ අමු පොල්පිත්තකින් අභාවප්‍රාප්ත කර පස්සේ කෝටු කෑල්ලක් ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය කරනවාය.මේ මරණ පරීක්ෂණයට අහල පහල සියල්ලෝද එකතු වෙති.එක එකා කියන්නේ එක එක නම්ය.වෙලාවට සර්පයින්ට සොහොන් කොත් හදන්නේ නැත,නැත්තං යෝජනා කරා ඔක්කෝම නම් ටික ලියන්ඩ ලොකු සොහොන් ඵලකයක් ඕනෑ වෙනවාය.කෙසේ නමුත් අන්තිමට ගමේ වයෝවෘධ සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක් ඇවිත් අවසාන නිගමනය දෙනවාය.

'අහරකුක්කෙක් බොලව්!!! අහිංසක සත්තු මරන්ඩ කළිං පොඩ්ඩක් හොයලා බලන්ඩ එපාද?'

එහෙම කිව්වාට ඒකා අහරකුක්කෙක් නොවී පොළඟෙක් උනානම් සහ ඒකා කාට හෝ දෂ්ඨ කළානං ඒ නාකි කටිං ම  මෙහෙම කියනවාය.

'පොළඟෙක්නෙව යකුනේ.උඹලා මූව දැක්ක ගමං මරන්නැතුව අහවල් එකක් කොළාද?'

ලංකාවේ උඝ්‍ර විෂ ඇති සර්පයෝ ඉන්නේ හයක් විතරය.

1. නයා


2.තෙල් කරවලා



3.මුදු කරවලා



4.තිත් පොළඟා



5.වැලි පොළඟා


6.කුණකටුවා



මීට අමතරව පළා පොළඟා, මාපිලා වගේ උන් මඳ විෂ සහිත උන්ය.මුහුදු සර්පයෝ ගොඩක් උන් උඝ්‍ර විෂ උන්ය.නමුත් අපි බොහෝ දෙනෙක් පුරුද්දක් විදිහට මුහුදු යන්නේ නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැත.අනික මුහුදේ ඉන්න වෙලාවක ඒකෙක් කෑවොත් විෂට කෙසේ වෙතත් මුහුදේ ගිලිලා මැරෙන නිසා කොහොමත් කතා කරලා වැඩක් නැත.


සර්පයෙක් කෑවාම මොකද කරන්නේ කියලා බලන්ඩ කළිං සර්ප දෂ්ඨනවලින් ගැලවිලා ඉන්නේ කොහොමද කියලා බලමු.අංක එක සර්පයෙක් දැක්කොත් සෙල්ලං කරන්ඩ යන්ඩ එපා.මොකද අපේ කට්ටිය දැං නයි නළඟන කරන විදිහට නයි සුරතල් කරන්ඩයි නයියා නටවන්ඩයි ගිහිල්ලා නිකං අපරාදේ නයි විෂ ශරීරගත කරගෙන ස්වර්ගස්ථ වෙන්ඩ ඉඩ තියෙනවානේ.කොටිංම කිව්වොත් අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියන්ඩ ලෑස්ති වෙන්ඩ එපා.ඊළඟට ගෙදර ඉස්සරහා පැත්ත අස්පස් කරනවා වගේම කුස්සිය පැත්ත පිළිකන්න පැත්ත අස්පස් කරලා තියාගන්නවානං ඔය කුණුගොඩවල් අස්සේ රිංගං ඉන්න කුණකටුවෝ එහෙම බෝ වෙන්නේ නෑ.

අනික තමයි රෑට, ගොම්මං වෙලාවට එළිමහනේ යන එනකොට මොකක් හරි හොඳ එළියක් අරගෙන යන්ඩ.අනික තමයි ඔය මොකක් හරි පොඩි අතු කෑල්ලක් අරගෙන බිමට ගගහා සද්ද කර කර ගියොත් ඔය සර්පයෝ ගොඩක් උන් මග ඇරලා යන්ඩ යනවා.ඔය පරණ තරහා කාරයෙක් වගේ හිටියොත් ඇරෙන්ඩ ඉතිං අවුලක් නෑ.ඒ වගේම ඔය ගස්බෙන හුඹස් අස්සට අත දාන්ඩ යන්ඩ එපා.ඒ වගේම ටිකක් කැලෑ හරියක වැඩක් කරද්දි උස බූට් දෙකක් දාගන්ඩ පුළුවන්නං හොඳයි.
ඔය උඩ කියපු ඔක්කොම වගේ කිව්වත් නැතත් කවුරුත් කරන දේවල් තමයි.ඒ උනත් ඔන්නොහේ ඒකත් කියලම හිටියා අපිටත් එහෙම කියලා දුන්න හින්දා.

දැං ඔය ක්‍රියාමාර්ග මොනවා ගත්තත් හරිගියේ නැතුව කොහොම හරි සර්පයෙක් කෑවමයි කියමුකෝ.එතකොට මොකද කරන්ඩ ඕනේ.

සර්පයා දෂ්ඨ කරපු මනුස්සයාව පොඩ්ඩක් සනසලා බය නැති කරන්ඩ ඕනේ.පුලුවන්නං සර්පයාව අල්ලගෙන හරි මරලා හරි ගේන්ඩ හෝ අඩුම තරමේ අඳුරගෙනවත් තිබ්බොත් හොඳයි.හැබැයි සර්පයාව අල්ලන්ඩ ගිහිල්ලා තව දෙතුන් දෙනෙක් සර්ප විෂෙන් සංතෘප්ත වෙන්නැතුව මරලා ගෙනාවත් කමක් නෑ.හැබැයි ඒකාව අඳුරගන්ඩ බැරිවෙන විදිහට චප්ප කරලා 'සර්ප චට්නියක්' කරලා නං ගෙනල්ලා වැඩක් නෑ.බටහිර වේවා සිංහල වේවා මොන වෛද්‍ය ක්‍රමේට උනත් ප්‍රථිකාර කරන්ඩ නං සර්පයා මොකාද කියලා දැනගන්න එක වැදගත් නේ.හැබැයි සිංහල ක්‍රමේට සර්පයා අඳුරගන්ඩ ඔය දූත ලක්ෂණ එහෙම බලන්ඩ පුළුවන්.ඒත් බටහිර එහෙම ක්‍රම නෑ.නිකං හිතලා බලන්ඩකෝ ඉස්පිරිතාලෙට ලෙඩා අරං එන සෙට් එකේ එකෙක්ට ඩොකා කණේ පාරක් දීලා බැලුවොත් මොකද වෙන්නේ කියලා.දූත ලක්ෂණවලිං සර්පයා අඳුරගන්න එක කෙසේ වෙතත් අතක් පයක් කඩා ගන්නැතුව බේරුනොත් ඒ ඇති.

ඒක හින්දා බටහිර ඈයින්ට සර්පයා අඳුරගෙන ප්‍රථිකාර පටං ගන්ඩ සර්පයා දැක්කොත් ලේසියි.විශේෂයෙන්  සර්පයාගේ ඔළුව ඌව අඳුනගන්ඩ වැදගත් වෙනවා.ඒක හින්දා ඔළුව වැඩිය පොඩි කරන්නැතුව ගෙනාවොත් (මං වගේ නැතුව හොඳට සර්පයෝ අඳුරගන්ඩ පුළුවං ඩොකෙක්ට ) ඒක ප්‍රථිකාර ඉක්මනට පටං ගන්ඩ ලොකු උදව්වක් වෙනවා.

හරි දැං අපි ආයෙත් සර්ප දෂ්ඨනයට ලක්වූ අසරණයා දෙසට හැරෙමු.

මේ මනුස්සයාගේ බය නැති කරලා ඒ දෂ්ඨ කරපු තැන අවට තියෙන ඇඳුම් ආභරණ ඉවත් කරන්ඩ ඕනේ.මොකද අතක් වගේ තැනක් සර්පයෙක් කාලා ඉදිමුනොත් ඔය ඔරලෝසු, වළලු වගේ ඒවා හිර වෙන්ඩ පුළුවං.ඇස්ප්‍රීන්, කෝපි , මත්පැන් වගේ දේවල් දෙන්ඩ එපා.තුවාලෙන් විෂ උරන්ඩ යන්ඩ එපා.ඒ වගේම විෂ පැතිරීම වළක්වන්ඩ කියලා කාපු තැනට උඩින් තදට තිරිංග දාන්ඩ යන්ඩත් එපා.දෂ්ඨ කරපු අත හෝ කකුල වැඩිය හොල්ලන්නේ නැතුව ඉක්මනට ළඟම තියෙන ඉස්පිරිතාලෙට ගෙනාවොත් හොඳයි.

සර්ප විෂට සිංහල වෙදකං හොඳයි කියන එකට මම එකඟ නැත්තේ නෑ. (මගේ සීයාත් සර්ප වෙදෙක් තමයි.ඒත් සීයා අපේ තාත්තත් කුඩා කාලෙදි නැති වෙලා නිසා මට ඒ විශයය ගැන අත්දැකීමක් ලබාගන්ඩ බැරි උනා.මොනවා කරන්ඩද අවාසනාව තමයි ) නමුත් ගැටළුව තියෙන්නේ මට දැං ඉන්න වෙද්දු අවිස්වාස වීම.ඒ අයගේ ප්‍රමිතිය මනින්ඩ ක්‍රමවේදයක් නැති වීම.ගොඩක් පාරම්පරික රහස් වෙදකම් ඒ පරම්පරා එක්කම වැළලිලා ගිහිං තිබීම.

බටහිර ඩොකාලා අතරෙත් මේ අවුල් නැත්තේ නෑ.පත්තරේ තිබ්බේ දොස්තරලා සෑහෙන ගොඩක් හොර උන් කියලා.ඒ උනාට ආණ්ඩුවේ ඉස්පිරිතාලවල හොර උන් නෑ.හැබැයි මම වගේ කම්මැලි හොර තක්කඩිනං ඉන්නවා තමයි.ඒත් වැඩේ තියෙන්නේ මොකක් හරි දෙයක් ගොඩ දාගන්ඩ ඒ ගැන දන්න එකෙක් දෙන්නෙක්වත් ඉන්නවනේ.ඩොකා දන්නැති උනත් නර්ස්ලා හරි දන්නවනේ මොකක්ද කරන්ඩ ඕනෑ කියලා.ඒ හින්දා මම කියන්නේ ඉස්පිරිතාලෙට එන්ඩ.සර්ප දෂ්ඨනයට බටහිර වෙදකම පරිපූර්ණ නෑ.හැබැයි මොනවා හරි කරලා හරි ලෙඩා ගොඩදාගන්ඩ පුළුවං.

ඒ වගේම මගේ බ්ලොගට අවුරුදු දෙකක් ඉවරවෙලා දවස් ගාණකුත් ගිහිල්ලා.මගේ උපන්දිනෙත් පහුවෙලා දවසක් ගිහිල්ලා.ඒ ඔක්කොටම වඩා වැදගත් ප්‍රශ්නයක් තියෙනවා.මගේ ලැපෙං බ්ලොග් බලනකොට ෆලෝවර් විජෙට්ටුව පෙන්නන්නෑ.අනුංගේ බ්ලොගකට ගියාම උගේ ෆලෝවර් විජෙට්ටුව පෙන්නන්නෙත් නෑ.මේ පල්ලෙහා තියෙන පයිණ්ඩේ පෙන්නනවා.

This webpage is not available    

The server atr1rk9np7bpcsfoeekl0khkd2juj27q3o-a-fc-opensocial.googleusercontent.comcan't be found, because the DNS lookup failed. DNS is the network service that translates a website's name to its Internet address. This error is most often caused by having no connection to the Internet or a misconfigured network. It can also be caused by an unresponsive DNS server or a firewall preventing Google Chromefrom accessing the network.

Here are some suggestions:

  • Reload this webpage later.
  • Check your Internet connection. Restart any router, modem, or other network devices you may be using.
  • Check your DNS settings. Contact your network administrator if you're not sure what this means.
  • Try disabling network prediction by following these steps: Go to the Chrome menu > SettingsShow advanced settings... and deselect "Predict network actions to improve page load performance." If this does not resolve the issue, we recommend selecting this option again for improved performance.
  • Add Google Chrome as a permitted program in your firewall's or antivirus software's settings. If it is already a permitted program, try deleting it from the list of permitted programs and adding it again.
  • If you use a proxy server, check your proxy settings or contact your network administrator to make sure the proxy server is working. If you don't believe you should be using a proxy server, adjust your proxy settings: Go to the Chrome menu > SettingsShow advanced settings... > Change proxy settings... > LAN Settings and deselect the "Use a proxy server for your LAN" checkbox.
Error 105 (net::ERR_NAME_NOT_RESOLVED): Unable to resolve the server's DNS address.


වෙන බ්‍රව්සරේකිං ගියාමත් පෙන්නන්නෑ.හැබැයිවෙන කොම්පියුටරේකින් ගියාම මගේ බ්ලොගේ ෆලෝවර් විජෙට්ටුව පෙන්නනවා.මේ සඳහා තාක්ෂණික උපදෙසක් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඉස්තූතියි.

මීට ෆලෝවර්ලා නොපෙනී යෑම නිසා දුකින් පෙලෙන මම
දිනුක



28 comments:

  1. ඩොක්ටර් චන්දනට යොමු කරන්නකො..

    ReplyDelete
    Replies
    1. කවුද අප්පා ඩොක්ටර් චන්දන?

      Delete
  2. මෙන්න හොට් ලයින් එක. දොස්තරලට!

    https://www.facebook.com/photo.php?fbid=364675343636361&set=a.120209034749661.17574.114147218689176&type=1&theater

    ReplyDelete
    Replies
    1. ඔය ලින්ක් එකේ ඉන්න මහාචාර්ය ආරියරානී ඥානදාසන්ට කට්ටිය ආදරේට කියන්නේ නයිරානී කියලා.සර්පයින්ට පුදුම සෙනෙහසක් දක්වන්නේ.මේ ළඟදි අපේ ෆැකල්ටියේ කට්ටියක් ඔය ඈත ගමක වෛද්‍ය කඳවුරක් තියන්ඩ ගිය වෙලාවෙත් වැලි පොළොංගු දෙන්නෙක් අල්ලගෙන ආවලු.

      Delete
    2. එහෙත් ආවා... ඇවිත් වර්ක්ෂොප් එකක් කරා... ඕනෙ වෙලාවක කතා කරන්න කිව්වා. නයින් පොළඟුන් බහුලයි අනිත් කොණේ... ඇත්තටම මල්ලී හොඳ ලිපියක්. ඉන්ටර්න් කාලෙ නම්, සර්පයා දෂ්ඨ කල කෙනාත් එක්ක ෂොපින් බෑග් එකේ සර්පයත් එනවා මේසෙ උඩට. සමහර විට පණ පිටින් බෝතලේක. සමහර විට කියන්නෙත් නෑ පණ තියෙනවා කියලා ගෝනිය අරිනකොටයි දකින්නේ පණ පිටින් බව.

      Delete
    3. හෆොයි දෙයියනේ මගේ මේසේ උඩින් සර්පයා තිබ්බොත් මළමූත්‍ර අදින්ඩ කට්ටිය හොයන්ඩ වෙනවා.ඇත්තට ඒ වගේ පැත්තකට යන්ඩ උනොත් අනිවා දණිස්ස ගාවටවත් උස බූට් දෙකක් දාගෙන මිසක් එළියට බහින්නෑ.

      Delete
  3. සෑහෙන්න වැදගත් දිනුක...

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි සහන්

      Delete
  4. මගේ චූටි දුව නම් පසුගිය සතියේ තිබුණ ප්‍රායෝගික පරීක්ෂණයේදී ගැරඬියා සහ මාපිලා හඳුනාගෙන තිබුනා. (කොළඹ වෛද්‍ය විද්‍යාලය) හැබැයි අපි කාටත් අමාරු මේ සමාජයේ අපි අතරේම ඉන්න සර්පයන් හඳුනා ගැනීම නේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. පහුගිය සතියේ කොළඹ වෛද්‍ය විද්‍යාලේ තිබ්බ ඔය කියන ප්‍රායෝගික පරීක්ෂණේටම තමයි නෙව මාත් හිටියේ.ඒ කියන්නේ විචාරක මහත්තයගේ දුව ඉන්නේ අපේ කණ්ඩායමේද?

      Delete
    2. හ්ම්..........................ඔන්න අල්ලාගත්තොත් හපනා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. අලුත් නෑකමක් ඇතිවෙන්නයි යන්නේ....

      Delete
    4. machan dinuka garandiyawat aduraganna bari unaada

      Delete
    5. @Naleen Dilruksha - නෑකං?? මොන පික්ෂුද නලින් අයියේ....මගේ පවුලගේ විෂ සැරයි ඔය සර්පයින්ටත් වඩා.ඒක හින්දා මම පණ බයයො උන්දැට.වෙන එව්වා හිතන්නෙවත් නෑ.

      @අකූ - මට ඔය ඔක්කොම එක වගේ බං.නයානං අඳුරගත්තෑකි පෙනේ තියෙන හින්දා.

      Delete
  5. මට නං දිරවන්නෙම නෑනේ ඔවුන්ව :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කියන්ඩ එපා.කටේ විස තිබ්බත් අහිංසක සත්තුනේ බං.

      Delete
  6. සිරාම විදියට ලියලා තියෙනවා මේ ලිපිය කියවද්දී නිකමට වගේ මම කකුල් දෙක උඩට උස්සන් ලිපිය කියෙව්වේ :)

    ඔය කිව්ව බ්ලොග් එකේ ලෙඩේ නම් මට ආවා හට්ච් එකෙන් එද්දී වෙන එකකින් ආවම අවුලක් නැහැ.මං හිතන්නේ DNS අවුලක් ටික දවසකින් හරියයි නිකන්ම!

    ReplyDelete
    Replies
    1. උඹට කිව්වම මොකෝ ලියද්දි මාත් කකුල් උඩ තියං තමයි ලිව්වේ.

      ඒ කියන්නේ මේක හච් අවුලක්......හෆොයි සල්ලි.ඒ උනාට මේ කනෙක්ෂන් එකනං අයිං කරන්නේ නෑ.

      Delete
    2. uba kiwwahamayi baluwe.mage pennanneth naa.hutch hinda wendone

      Delete
  7. අපි අවුස්ස ගන්නේ නැතුව ඉන්නකන් ඔය කොයි සතාත් අහිංසකයිනේ දිනුක..

    ReplyDelete
    Replies
    1. ඒකනං සැටිපිකේට් ඇත්ත.සත්තු විතරක් නෙමේ මං කියන්නේ ඔය ගෑනු පාර්ශවේ උනත් එහෙමනේ.....නැද්ද?

      Delete
  8. අපි අනිත්කොණට ගිය අලුත (දැනට අවුරුදු ගණනකට කලින්) හැම තැනම සර්පයෝ , ක්වාටස් එකේ ඉඳන් එළියට බහිද්දී හිටගෙන ඉන්න වෙනවා, තිත් පොළඟට හෝ නයාට යන්න ඉඩ ඇරලා. අහර කුක්කෙක් කියලා දකින්නේ බය වෙලා අයින් වෙලා ඉඳලා හොඳින් විපරම් කරාට පස්සේ. රෝහලේ කොරිඩෝවෙත්, මල් පාත්ති වලත් දැක්ක සර්පයි, කරවලයෙක් හරි පොළඟෙක් හරි කියලා කීවේ එයාලව මිය පරලොව යවපු මයිනර් ස්ටාෆ්ලා. මට අදත් පුදුම ඇයි අපිට කවදාවත් එයාලා දෂ්ඨ නොකරේ කියලා, අර තරම් ළඟින් ගිහිනුත්. නැවතිලා බලාගෙන ඉඳලත්....සතාට උනත් ගුණය තේරෙනවා කියලා ඒකාලේ ඉස්පිරිතාලේ කියමනක් තිබ්බා...

    ReplyDelete
    Replies
    1. හෆොයි මට එහෙම තත්ත්වෙක ඉන්ඩ උනොත් මොනවයිං මොනවා වෙයිද දන්නෑ.

      Delete
  9. හොද ලිපියක් තැන්කූවේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා නලින් අයියේ...

      Delete
  10. කාන්තා අසනීප වගේ දේවල් ගැන කාලයක් කතා කියපු නිසා මං ඉතින් අයියා ඒ සයිඩ් එක ගැනයි ඉගෙන ගන්නේ කියලා. එතකොට කොහෙන්ද මේ සර්පයෝ අඳුරගැනිල්ලක් ආවේ ?

    ReplyDelete
    Replies
    1. තාම ඉගෙනගන්නවනේ හසිත.ඉතිං ඔය හැමදේම උගන්නනවා.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...