27 February 2013

ඇයි මම එහෙම ලිව්වේ...?



මම ලියපු ප්‍රජනන සෞඛ්‍ය ලිපි පෙළ කියවපු මගේ මිත්‍රයෙක් මට කියුවා "උඹ ලියලා තියෙන විදිහට කියවන එකාට හිතෙන්නේ සෙක්ස් තියෙන්නේ එන්ජෝයි කරන්ඩ මිසක් ළමයි හදන්ඩ නෙමෙයි කියලා." ඉතිං මම ඌට දීපු උත්තරේට තව ටිකක් අතිනුත් දාලා ඇත්තටම මම ඒ ලිපි පෙළ ලියන්ඩ හේතු වුනු සංසිද්දීන් සහ මගේ දැක්ම ටිකක් පැහැදිලි කරන්ඩයි හදන්නේ.සරත් අයියත් දවසක් කොමෙන්ට් එකක දාලා තිබ්බා කට්ටිය ලිංගිකත්වයට පෙළඹෙයිදෝ වගේ අදහසක් එන කොමෙන්ට් එකක්.ඒ කොමෙන්ට් එකට උත්තර දෙද්දිත් මම පොරොන්දු උනා ඒ ගැන මගේ අදහස වෙනම ලිපියක ලියනවා කියලා.

ප්‍රජනනය සහ ලිංගිකත්වය කියන්නේ දෙකක්ය කියලා මම මේ ලිපි පෙළ පටන් ගන්න කොටම කිව්වා.ප්‍රජනනය කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කරන ක්‍රියාවලියට.නමුත් ප්‍රජනනය කියන්නේ ලිංගිකත්වයේ එක් පැතිකඩක් විතරයි.මිනිස්සු අනිත් සත්තු වගේ නෙමෙයි.අවුරුද්ද පුරාම ලිංගිකව එක්වෙනවා.ඒ වගේම මිනිසාගේ උසස් බුද්ධිය නිසා අපේ සංවේදී ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංවේදනයන් තෘප්තිමත් කරගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා.අපි කෑම කන්නේ අනිත් සත්තු වගේ නෙමෙයි.හොඳ රස තියෙන ඒවා තෝරලා.රස නැත්තං රස කර ගන්ඩ අපි කටයුතු කරනවා.අපේ ආඝ්‍රාන සංවේදනය වෙනුවෙන් සුවඳ විළවුන් පාවිච්චි කරනවා.සංගීතය කියන්නේ ශ්‍රවනය පිනවන්න නිපදවූ ක්‍රමයක්.මේ වගේම ලිංගික ක්‍රියාවත් වඩාත් තෘප්තිමත් දෙයක් කරගන්ඩ මිනිසුන් පෙළඹිලා ඉන්නවා.ලිංගික එක්වීම තෘප්තිමත් දෙයක් උනේ නැත්තං කවුරුත් ලිංගිකව එක් වෙන එකක් නෑනේ.ඒ නිසා පරිණාමයෙන් දැනට ඉන්න සත්තුන්ට ලිංගික ක්‍රියාව තෘප්තිමත් දෙයක් බවට පත් වෙලා තියෙනවා.මිනිස්සු වන අපි ඇඳුම් ඇඳීමෙන්, සුවඳ, රූප, ආදිය භාවිතයෙන් මේ ලිංගික ක්‍රියාව තවත් වර්ණවත් කරගෙන රසවත් කරගෙන ඉන්නවා.


මේ සම්බන්ධයෙන් එක එක අයට තම තමන්ගේ ආගම දහම අනුව එක එක මත ඇති.ඒ උනත් තමුන් ලිංගික සතුට ලබන එක වැරැද්දක් කියලා කවුරුවත් හිතන එකක් නෑනේ.අබ්‍රහ්මචාරී කවුරු හරි ඒක වැරැද්දක්ය කියලා දැක්කත් අනිත් අය ඒ තෘප්තිය ලබන එක වැරැද්දක් විදිහට දකියි කියලා මම හිතන්නේ නෑ.

මගේ මිත්‍රයා අහපු කරුණ එක්ක සෘජුවම සම්බන්ධ වෙන්නේ උපත් පාලනය කියන එකනේ.මේ ගැන මේ දවස්වල සමාජයේ හරියට කතා වෙනවා නොවැ.ගැහැනු ළමයෙක් සාමාන්‍යයෙන් අවුරුදු 13-14 වගේ වෙද්දි වැඩි වියට පත් වෙනවා.ඊට පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු 55 විතර වෙද්දි තමයි ආර්ථවහරණය ඒ කියන්නේ ඔසප් වීම නවතින්නේ.එතකොට මේ ලිංගික සාඵල්‍යතාව ඇති අවුරුදු 40දි අවුරුද්දකට එක දරුවා ගානේ දරුවෝ 40ක් හැදීමේ සම්භාවිතාවක් තියෙනවනේ.ඒක අපි 10ට අඩු කරමුකෝ.එතකොට දෙන්නෙක් (සැමියා හා බිරිඳ ) දරුවො 10ක් හදනවා කියන්නේ ජන ගහනය පස්ගුණයකින් වැඩි කරන්ඩ දායක වෙනවා නේද?

ලංකාව කියන්නේ රබර්වලින් හැදිච්ච දෙයක් නෙමෙයිනේ.මිනිස්සු වැඩි වෙද්දි ඉඩම් වැඩි වෙන්ඩ.මේක කියවන ඔයාලා උනත් දැකලා තියෙන දෙයක් වෙන්ඩ ඇති ඉස්සර අපි පොඩි කාලේ (මට සාපේක්ෂව අවුරුදු 15කට විතර කළිං ) අපේ ගෙදර වත්තෙන් පැන්නම එක දිගටම තියෙන්නේ මහා විශාල ඉඩම්.බට තුවක්කු හදාගෙන ඒවට කිරිල්ල කඩන්ඩ, ඇඹුල් පේර එරමිණියා කඩන්ඩ පැය ගාණක් උනත් ඇවිදලා එන්ඩ තිබිච්ච මහා ලොකු වතු ඔක්කොම මේ වෙද්දි කෑලි කෑලිවලට කැඩිලා කම්බි වැටවල් ගහලා නේද?හැම පුංචි පර්චස් දහයේ පහළවේ ඉඩංවල කුකුල් කොටු වගේ බාගෙට සිමෙන්ති ගල්වලින් බැඳපු ගෙවල්.හැම එකේම හොටු පෙරාගත්තු කැහැටු පොඩි එවුන්.මේ ගොල්ලන්ට දෙන්ඩ රස්සා තියෙනවද?නොමිලේ උගන්නන්ඩ, සෞඛ්‍යයට වියදම් කරන්ඩ ආණ්ඩුවට සල්ලි තියෙනවද?

තමුන්ගේ ජාතිය වැඩි කරගන්ඩ කියලා හෝ ගාලා ළමයි හදන්ඩ කියන අය මේවට මොනවා හරි සැළැස්මක් හදලා තියෙනවද?දුප්පත් මිනිස්සු තමුන්ගේ ප්‍රශ්න, දුක හැමදේම අමතක කරන්නේ බීමෙන් සහ රමණයෙන්.ඒ මිනිස්සුන්ට උපත්පාලන ක්‍රම ගැන අවබෝධයක් නොදී උපත් පාලනය විජාතික කුමන්ත්‍රණයක් කියලා කිව්වම මොකද වෙන්නේ?.අනිත් එක ඔවුන්ව ජාතිවාදයෙන් වගේ දේකින් කුළප්පු කරන්ඩ හරි ලේසියි.හොඳට බලන්ඩ ඔය ළමයි හදන්ඩ කියලා වේදිකාවල මුර දෙන ඇත්තෝ ළමයි කීයද හදලා තියෙන්නේ කියලා.ඒක සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා ....කිසිම වෙනසක් නෑ.හොඳට සල්ලි තියෙන උගත් එවුන් ළමයි හදන්නේ උපරිම තුනයි.එහෙම කරලා අනිත් උන්ට කියනවා ජාතිය බේරගන්ඩ ළමයි හදන්ඩ කියලා.මේවා තමයි හොඳම ජෝක්.....


 දේවවාදී ආගම්වලින් මේ උපත්පාලනය ප්‍රතික්ෂේප කරනවනේ.එයාලා කියන විදිහට දේව ක්‍රමයට පිටින් යෑමක් තමයි උපත් පාලන ක්‍රම අනුගමනය කිරීම.ඒ උනාට 'කොයිටස් ඉන්ටරප්ටස්' හෙවත් ධාතු පිටවීමට පෙර ශිෂ්ණය පිටතට ගැනීම කුරාණයේ පවා සඳහන් වෙනවා කියලා තමයි අන්වර් මහත්මයා කියලා තිබ්බේ.අනිත් එක කැලැන්ඩර් ක්‍රමය හෙවත් ඔසප් චක්‍රයේ නිසරු කාලයේ ලිංගිකව එක්වීමත් මේ අය අනුගමනය කරන බව මම වාට්ටුවල සහ ක්ලිනික්වල හම්බ උනු අයගෙන අහගෙන තියෙනවා.කොන්ඩම් එකක් පාවිච්චි කිරීම දේව ක්‍රියාවට පිටින් යෑමක් උනාට ඔය උඩ කිව්ව ක්‍රම පාවිච්චි කරලා දෙවියන්ගේ කනෙන් රිංගන එක අවුලක් නෑ!!! මේවට මට හිනා හිනා......



සාමාන්‍යයෙන් පිරිමි ගැහැනු දෙගොල්ලොම අවුරුදු 15 විතර වෙනකොට ලිංගිකව පරිණත වෙනවා.ලිංගික හැඟීම් ඇතිවෙන්ඩ පටන් ගන්නවා.ඒත් දැන් තියෙන ආර්ථික ක්‍රමය යටතේ කට්ටියට බඳින්ඩ වෙන්නේ අඩුම තරමේ අවුරුදු 25වත් පැන්නට පස්සේ.ඒ කියන්නේ අවුරුදු දහයක් මේ තරුණ ඇත්තන්ගේ ඉවසීම පරීක්ෂා කරනවා.ඒ උනාට ඇත්තටම ඒ විදිහට ඒ අය ඉවසගෙන ඉන්නේ නෑනේ.සිදුහත් කුමාරයත් අවුරුදු 16 වෙනකොට බැන්දා නෙව.ඇයි මේ අපිට විතරක් තහංචි? බැන්දා නොබැන්දා කියලා ලිංගික ආශාවේ අඩු වැඩි වීමක් නෑනේ.ඒ නිසා මේ තරුණ ප්‍රජාව දංවැල් දාලා, තහංචි දාලා හිරකරගෙන ඉන්නවට වඩා තනි තීරණ ගන්ඩ හැකි වැඩිහිටියන් උනාට පස්සේ ඒ අයගේ ලිංගික නිදහස ලබා දුන්නයි කියලා මොකද වෙන්නේ? වැදගත් වෙන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම් නවත්තන්න උපත් පාලන ක්‍රම ගැන හොඳ දැනුවත් කිරීමක් විතරයි නේද?ඒ වගේම නියම විදිහට ලිංගිකත්වය රසවිඳින්ඩ නියම ලිංගික දැනීමකුත් තිබුණොත් වඩාත් හොඳයි නේද?
masturbation-device_290x290.jpeg
වික්ටෝරියානු යුගයේ ස්වයං වින්දනයේ යෙදීම වැලැක්වීමට මේ උපකරණය ඇන්දුවාලු.....


අනියම් සම්බන්ධතා, ලිංගිකව සම්ප්‍රේශනය වන ආසාදන, අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ගබ්සාවන් වගේ ගැටළු බොහෝ දුරට අඩු කරගන්ඩ නිවැරදි ලිංගික දැනුමක් ලබා දීමෙන් පුළුවන් කියලයි මම විශ්වාස කරන්නේ.අනික දෙන්නෙක් අතරේ ඇති බැඳීම බොහොම ශක්තිමත් කරගන්ඩ සහ ජීවිතේ ගොඩක් ප්‍රශ්න අඩු කර ගන්ඩ හොඳ ලිංගික සතුටක් ලැබීම වැදගත් කියන එකට බොහෝ දෙනෙක් එකඟ වෙනවා නොඅනුමානයි.

අපේ කොලු පැටව් කෙලි පැටව් මෙව්වා එක තියෙන්නේ චූ කරන්ඩ විතරක් නෙමෙයි කියලා දැනගත්තට පස්සේ ඒ ගැන හොයන්ඩ කොච්චර උත්සාහ කළත් නිසි දැනුමක් ගෙදරින් හෝ පාසැලෙන් ලැබෙන්නේ නෑ නේද? ඉතිං මුන් යාළුවන්ගෙන් ලබා ගන්නා අක්‍රමවත් දැනුම නිසා විනාසයක් කරගෙන නවතින්ඩ තියෙන ඉඩ වැඩියි.සිංහලෙන් මේ ගැන නිසි දැනුමක් ලබා දෙන්ඩ මට හැකි විදිහට මම ගත්ත පුංචි උත්සාහයක් තමයි මේ ලිපි පෙළ.



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++



කලිං ලිපියට දාන්ඩ තිබ්බ සින්දුවක් දාන්ඩ අමතක උනානේ.ඔන්න ඒක මේකේ දානවා.කට්ටිය බාගන්ඩ හොඳේ.

කෝච්චි බයිලා


32 comments:

  1. අර උපකරණය නම් මාරයිනේ..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මිනිස්සු මාර නිර්මාණශීලියි නේද? අපරාදේ ඕක හදන්ඩ දාපු වෙලාව වෙන දේකට යෙදෙව්වනං නේද?

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මිට කලින් කමෙන්ට් නොකලට කලින් ලිපි පෙල ඔක්කොම වගේ මම කියව්වා....මගේ අදහසේ හැටියට නං මේ ලිපිපෙල සමාජ මෙහෙවරක් සහ සර්ව කාලීන අවශ්‍යතාවයක් ඉටුකිරීමක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි ජෝංබාස්....කියෙව්වනං මදෑ.ඔන්න දැං ඉතිං අනිත් අය දැනුවත් කරන වැඩෙත් කොරන්ඩ ඕනේ හොඳේ...

      Delete
  4. මාචං කොච්චර උගත් උනත් මෝඩයේ විදිහට හැසිරෙන සහ හනමිටි ආකල්ප තියාන ඉන්න මිනිස්සු කොයි රටෙත් කොයි කාලෙත් ඉන්නවා. ඒ අයම තමයි සදාචාරේ සභ්‍යත්වෙ කියලා කොට ගවුම් වලට කෑ ගහලා ගෙදර ගිහින් ඒවා මතක් කර කර අත පාවිච්චි කරන්නේ. මේවා ගැන තවමත් පාසල් පෙල පොත් වල අඩංගු වෙලා නැති එකෙන්ම පේනවා අපි කොච්චර පසුගාමීද කියලා! කොහොමත් වැඩේ කෙරෙන නිසා මේවා කියල දීලා කරන්නේ අඬුව පාවිච්චි කරන්න පුලුවන් වෙලාවෙ අත නිකං පුච්ච නොගෙන ඉන්න කියන එක විතරයි! උඹෙ ලිපි නම් කාලීන අවශ්‍යතාවයක්! හිට්ස් කොමෙන්ට්ස් ගැන හිතන්නේ නැතුව මිනිස්සු වෙනුවෙන් ලිපියකින් දෙකකින් නොනැවතී සෑහෙන්න දිග සීරීස් එකක්ම ලියපු එක අගේ කරනවා!

    ReplyDelete
    Replies
    1. අන්න හරි මචං.මේ ඔක්කොම අවුල තියෙන්නේ සම්ප්‍රධාය කරපින්නගෙන ඉන්න එවුන් හින්දා තමයි.කාලේ හැටියට හිතන විදිහ වෙනස් කරගන්නැතුව ලෝකෙම එක තැන පල් කරන්ඩ හදන උන් තමයි මේක විනාශ කරන්ඩ දායක වෙන්නේ.

      Delete
  5. දේව වාදී ආගම් වලින් උපත් පාලනය ගැන කතා කරනවා කියලා මම ඇහුවෙත් අදයි. ඇත්තටම එහෙම දෙයක් තියෙනවද ?

    සමාන්‍ය මිනිසුන් හැටියට කෑම බීම ජලය වගේම ලිංගික තෘප්තියත් අත්‍යාවශ්‍ය දෙයක් හැටියටයි මම දකින්නේ..නිවැරදි ලිංගික දැනුමක් සමාජ අවශ්‍යතාවයක්. ඒ සඳහා දිනුකගෙන් ලැබෙන මේ සහයෝගය අගය කල යුතුයි.

    බයි ද වේ...මොකද අර පෝස්ටුව ඉවර කරලා වැටක් ගහලා තියෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඇමරිකාවේ කොන්ඩම් වෙළඳපොළට ආවම ඒවා ආපහු අයින් කරගන්ඩ උනා පල්ලියෙන් ආව බලපෑම් හින්දා.එදා ඉඳං තාමත් ඒ අය උපත් පාලනය ගැන දක්වන්නේ අයහපත් ආකල්පයක්.ඉස්ලාම් ආගම උනත් එහෙමම තමයි.

      වැට ගහලා තියෙන්නේ ප.ලි. එකක් දාන්ඩනේ.කලිං ලිපියට දාන්ඩ හිටපු සින්දුවක් දෙන්ඩනේ ප.ලි. ය දැම්මේ.

      Delete
  6. ආයිත් මුකුත් ඉකියන්න බැරි විදිහට තිතටම ලියල තියෙනව. අර මගෙ කමෙන්ට් එක නම් මතක නෑ. මාත් පරිනාම වෙලා වෙන්ඩ ඇති!! මුල ඉඳන් අගටම තියෙන එකක් එක්කවත් තර්කයක් නෑ ! මගෙ යාලුවෙක් ඕකට කියන්නෙ කම්මැලි නැති එකම සෙල්ලම කියල..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සරත් අයියා කිව්වේ උපත් පාලනය ගැන මම කියලා තිබ්බ විදිහ හින්දා තරුණ පරම්පරාව විවාහයට කළිං ලිංගික එක්වීමට යොමු වෙයි වගේ අදහසක් ගැන.ඇත්තට කිව්වත් වගේ කම්මැලි නැති එකම සෙල්ලම නේන්නං.

      Delete
  7. හොඳ වෙලාවට වික්ටෝරියානු යුගයේ හිටියේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. අම්මපා යකෝ... මමත් මේ කියන්න ආවේ ඕකමයි :)

      Delete
    2. රට යන විදිහට නං ආයෙත් ඒ වගේ කාලෙකට යයිදෝ හෝයි සැකයක් එනවා තරුවො.

      ඈ වල් රජෝ උඹ රටවැසියන් වෙනුවෙන් ලිංගික දැනුම අනිවාර්ය කරපං බොල.උඹේ බොගෙත් දාපං.

      Delete
  8. වික්ටෝරියානු යුගයට කලින් හොඳ ලිංගික අධ්‍යාපනයක් වගේම ලිංගික නිදහසක් තිබ්බ රටක ඉන්න මිනිස්සු අද කොහෙවත් යන වික්ටෝරියානු රෙද්දකට වාල් වෙලා..

    ReplyDelete
    Replies
    1. අනිවා ඇලෙක්සැන්ඩර් අයියේ.සුද්දෝ අපිට ඔය විකාර දීලා ගිහිල්ලා උං ඒකෙං ගැලවුනා.අපි තාම ඒක කරේ තියං නටනවා.

      Delete

  9. මොනවා උනත් දිනුක ඔයාගේ ලිපි ටික ගොඩක් වැදගත්
    සිංහලෙන් නියමිත ලිංගික දැනුම..මීට කලිනුත් මන් කියල ඇති
    ඔයාට..දිගටම ලිපි ටික ලියන්න දිනුක..... .

    ReplyDelete
    Replies
    1. අදහසට ගොඩක් ඉස්තූතියි සහන්

      Delete
    2. මේවගෙ තව ලිපි ලියල මුස්ලිම් අයටත් බෙදුවොත් හොඳයි.. එයාල තමයි පැටවු ගහන්නෙ. එක පිරිමියට ගෑනු 3 ඉන්නව. ළමයි 10 - 15 එක පවුලක. මෙහෙම ගියොත් ලෝකෙට මිනිසුන්ව මරං කන්න තමයි වෙන්නෙ

      Delete
  10. මොකක්ද දිනුක අර ගැජට් එක, හරියට මෝටර් සයිකලයක එක්සොස්ට් එකක වගේ... හික්ස්

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ වැඩකටම තමයි නේ ඒක පාවිච්චි කරලා තියෙන්නේ.හික් හික්

      Delete
  11. bolaage hariyamata hari kiyala prathyaksha koran inna neo-liberal adahas wena ratawalata aawe oita awrudu 15kata kalin..ewain kela wechcha kela wenne minisunta podu janayaata pamani..owange adyapanaya aakalpa wenas kara atha..oya deneem saha prathipaththi hudu danawaadaya market karanna hadaapu ewa pamanai..danawaadi rajawal walata onaa wanne yanthra wedakaweemata pamanak daksha wichara buddiya nomanthi wahalun relakataya..maadya, adyaapanaya sedi pehedee dawasa puraama market karanne sex haa sex deemen danayada, danaya res kireemen sex da lebena bawaya..ese kirimen ounata athibojana, lingika wahalun pirisak bokara heka..linkgika peedanaya adu kara hekke lingikawa nowa sitha pirisidu karagenimen pamanakya..sex yanu hudu wahal weemak pamani.

    ReplyDelete
  12. machan dinuka ha anith machan la wetha:

    ubalaa kiyana me saamradaayen behera wu chinthanaya nawa chinthanayak une awurudu 20kata pamana kalinya..dan ema adahas wal bihiwee weradi therum ganimin yathi...eheth pawathina goleeya arthiyaka thawamath saampradaaika danawaadee nisa ha eyata pewatheemata me wage chinthanayak athawashya nisath thaama mema chinthanaya market we..lankawata meya prabala lesa hadunwa dunne meeta awrudu 5kata pamana pera maadya maginya..so saampradaaika lankawe minissunta bole gila genima amaaru wee lingika peedanaya wedi wee atha..lankawe api hema welema bole passe gilinna gos amaaruwe wete...(meyath ara loke gal anguru iwara wenna awrudu 25k thiyeddi gal anguru widuli balaagaara hedanawa wage deyaki..normalya)

    ReplyDelete
    Replies
    1. මචන් චවීන් උඹ දේවල් දිහා බලන්නේත් කණ්ණාඩිය දාගෙනනේ මචං.බොහොම සරළව අපිට දකින්ඩ පුළුවන් දෙයක්වත් එතකොට පේන්නේ නෑ.ලෝකයේ මිනිස්සු අනවශ්‍ය ලෙස වැඩිවෙලා කියලා උඹට පේන්නේ නැද්ද?ලෝකයේ හැම සම්පතක්ම සීමා සහිතයි කියලා උඹට පේන්නේ නැද්ද? උඹලා උඹලගේ අර්ථක්‍රමය රැකගන්ඩ හෝ ජාතිය හෝ ආගම රැකගන්ඩ ජනගහනය වැඩි කරන්ඩ ප්ලෑන් කළාට ඒ වැඩි වෙන මිනිස්සුන්ට කන්ඩ ආහාර, බොන්ඩ වතුර මැවෙනවද? අනිත් ජීවීනුත් මේ ලෝකේ ජීවත් වෙන්ඩ ඕනේ නැද්ද?

      Home

      මේ වාර්ථා වැඩසටහන බලපන්.ලෝකේ ඔක්කොම ප්‍රශ්නවලට උත්තරයක් දෙන්ඩ පුළුවන් නේද ජනගහනය අඩු කරලා.ලිංගිකත්වය සහ ඒ කෙරේ ඇති ඇල්ම ඔය කියන විදිහට අඩු කරන්ඩ අපිට කතා කරන්ඩ පුළුවන්.ඒත් සමාජයක් විදිහට ගත්තම ඔය හිත පිරිසිඳු කරලා කරන්ඩ හදන ඒවා නිකං හිතලු විතරයි.අනික උපත් පාලනයේ හෝ ලිංගික එක් වීම්වල හෝ වැරැද්දක් දකින්නේ කොහොමද?

      Delete
    2. machan man me kannaadi galawanna hadanne..janagrahanaya wardanaya adu kireema gena mage getalu netha..eheth getalu aththe aluth wahal samaajayak hadana neo-liberal aarthika, deshapalanika, adyapanaika ha saamajeeya pravanathaawai..oba 1940-2013 dakwa deshiya haa wideshiya cinema aragena balanna, sangeethaya gena balanna, baasawa gena balanna..minisunge sahaja nirmaanasheeli bawata kemen kemen pahatha wete..eyata hethuwa me thibena ma ihatha kiyu hethui...obe lipiye aththak athath oba eya paawichchi kare lamai nohedi aathal ganna widiyak kiyadeemataya..lingika sathuta uparima karana widiyaya...wagakeema nethiwa athal ganna hetiya..api igena ganneth, maadya magin market karanneth 'thamaage goda wedi karaganna. ese kirimen thamange thrupthiya wedi we. ese nomethi nam obata thrupthiya miladee gatha heka'...lowa upath paalanaya sandahaa yomu une janagrahanaya paalanaya kirime uwamaanawata nowa lingikathwaya wikiniya heki maargayak widiyatai

      Delete
    3. උපත්පාලනය බිහි උනේ මොන හේතුවකටද කියන එකට වඩා වැදගත් වෙන්නේ අපිට ඒක මොනවට පාවිච්චි කරන්ඩ පුළුවන්ද කියන එක නේද?උඹගේ තර්කවලට මම විරුද්ධ නෑ.ඒත් උඹ විශ්වාස කරන මළාට පස්සේ තියෙන දේවල් විශ්වාස නොකරන මම හිතන්නේ මේ ජීවිතේදි අපි ලබන්ඩ පුළුවන් සතුටක් ලැබුවට ප්‍රශ්නයක් නෑ කියලා.(අනිත් කිසිම කෙනෙකුට සතෙකුට හෝ පරිසරයට කරදරයක් හෝ බාධාවක් නොවෙන විදිහට ) ඉතින් ලිංගිකත්වයත් මම දකින්නේ ඒ විදිහට සතුටක් ලබන්ඩ පුළුවන් දෙයක් විදිහට.ඒකෙන් මම කියන්නේ නෑ සත්තු වගේ අහුවෙන හැම ගෑනියෙක් එක්කම මිනිහෙක් එක්කම ලිංගිකව එක්වෙලා සතුටු වෙන්ඩ කියලා.නමුත් තමුන්ගේ බිරිඳ හෝ සැමියා එක්ක ලබන්ඩැ පුළුවන් උපරිම තෘප්තිය ලබන්ඩ පුලුවන්නං මොකක්ද ඒකේ ඇති වැරැද්ද? ඒ වගේම ඒ අයගේ ක්‍රියාවෙන් ලෝකයට බරක් ඇතිනොවෙන්ඩ ඒ කියන්නේ තවත් ජනගහන වර්ධනයට දායක නොවෙන්ඩ ක්‍රියාමාර්ගයක් ගන්ඩ පුළුවන්නම් කොච්චර හොඳද?ඒ වගේම ඒ අයගෙත් ඔලුව නිදහස්නම් "ගැබ් ගනීදෝ....ආයේ කිරිපිටි ගන්ඩ, ඉස්කෝල හොයන්ඩ, ටියුෂන්වලට සල්ලි හොයන්ඩ වෙයිදෝ....." කියලා බරක් නැත්තං ඒ අයටත් කොච්චර හොඳද? අනික අන්තිමට ලෝකයේ සම්පත් අතිරික්තයක් ඇතිවෙන විදිහට මිනිස් ජනගහනය අඩුවෙලා ගියොත් උඹ ඔය කියන ඔක්කෝම දේවල් වෙනස් වෙලා යයි නේද?

      Delete
    4. Islam kiyanne nehe birth control haraam kiyala. Abortion nam behe. Pills ganna eka wife ge health ekata honda nethi nam eken midila inna mathaye muslims inne. Kawda obata condoms use karana eka islam anumatha karanne ne kiyanne?

      Delete
    5. කුරානයෙ එහෙම නැතුව ඇති.නමුත් මහත්මයා මම රෝහලේදී මුස්ලිම් කාන්තාවන්ගෙන් ලැබූ අත්දැකීම් ඇසුරෙන් කියන්නේ.එක් කාන්තාවක් සැමියාට හොරෙන් ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයට යොමු උනා.ඇය දරුවන් වැදීමෙන් වෙහෙසට පත්වෙලා හිටියේ.ඔවුන් කියන්නෙ නෑ උපත් පාලනය ඉස්ලාමයේ අනුමතයි, ඒත් මගේ සැමියා කැමති නෑ කියලා.

      Delete
  13. Oba dan niwaradiy... Thanks. ohu buddist wewa islam wewa, karana kriyawen ohuge aagama adahilla hema witama eyata hethuwa nowai neda? Hebai permanent method islam anumatha karanne yam hethu nisa pamanai..

    ReplyDelete
    Replies
    1. ආගම ගොඩක් වෙලාවට මිනිස්සුංගෙ ක්‍රියාවන්ට මැදිහත් වෙනවා කියලා නං මම දැකලා තියෙනවා.ඒ හින්දා ආගම පැත්තකින් තියලා කතා කරන්ඩ අමාරුයි.අනික මුස්ලිම් අයගේ අධික ජනගහන වර්ධනයට දක්වන නැඹුරුවට වෙන හේතුවක් දෙන්ඩත් අමාරුයි නේද?

      Delete
  14. Hema agamakma daruwan hadeema anumatha karai, islam daru sampatha agaya karai. Eya katawath me wana thuru prashnayakuth nowai, sampathak misa. Kawruth puluwan tharam daruwo hadanna. Haki nam pamanak. Mage mathaya...

    ReplyDelete
  15. ඕනෑම විඩියෝ එකක් පට්ගාල ඩවුන්ලෝඩ් කරන හැටි
    http://jayasrre.blogspot.com/

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...