01 February 2013

උන්ට හොඳ නෑ....අපිට හොඳයි...!!!

   

            


අපිට මෙගා නාට්‍ය කලාව අඳුන්වා දුන්නේ සිරසය.ශාන්ති බලන්නට ගොස් දරු පවුල් මරාගත් හැටි අපි දැක්කෙමු.ගෑනු මුරණ්ඩු වී උයන එක නවත්වා වර්ජනය කරන්නට පටන් ගත් අතර මිනිස්සු වැඩි වැඩියෙන් බොන්නට පුරුදු වූවෝය.සිරසෙන් මුළින් ගෙන්වූයේ ඉන්දියාවේ තුට්ටු දෙකේ මෙගා නාට්‍යය.ඒවා මව් බසින් රස ගන්වා රන් දෙපැය කිය කියා පෙන්වන්නට විය.එයින් රටේ බුද්ධිමත් ජනතාවා අතර කැළඹීමක් ඇති උවද බහුතර මුග්ධ ජනයා ඒවා සාදරයෙන් පිළිගෙන සාලයේ රූප පෙට්ටිය දෙස බලාගත්වනම සිටින්නට හුරු වූවෝය.මෙය දැනගත් ලංකාවේ බොහොම ස්වල්ප වශයෙන් ඉන්නා හොරු නම් ජාතිය ගෙවල් බිඳීම සඳහා රන් දෙපැය යොදා ගන්නට වූහ.මෙකී අර්බුධයෙන් රට ගලවා ගැනීම උදෙසා බුද්ධිමත් ජනතාවගේ අප්‍රතිහත ධෛර්යය හමුවේ රජයට ක්‍රියාත්මක වීමට සිදු විය.

රජය නව නීතියක් හඳුන්වා දුන්නේය.පිට රටින් ආනයනය කොට පෙන්වන මෙගා සඳහා බද්දක් අය කරන්නට පටන් ගත්තේය.නමුත් සිරස වැඩේ අත ඇරියේ නැත.ඉන්දීය මෙගා පෙන්නන ගමන් තිරය යටින් 'මෙය ඔබේ රස වින්දනය උදෙසා බදු මුදල්ද ගෙවා ප්‍රදර්ශනය කෙරේ ' වගේ අදහසක් එන වැකියක් දමා අහිංසක වෘෂභ ජනයාගේ අනුකම්පාව දිනා ගත්තෝය.එකී ජනයාගේ වින්දනය උදෙසා සිරස කරන මෙහෙය ගැන කියමින් එකිනෙකා කඳුළු සැලූහ.

මේ සිදුවීම් සියල්ල වෙන්නට කළින් සිරස 'මන්දිරා බේඩි' හෙවත් 'ශාන්ති' අක්කාව මෙරටට ගෙන්වා එවකට අපේ රටේ ජනතාවගේ එකම අභිප්‍රාය වී තිබූ ඒ වීර කාන්තාව සියැසින් දැක ගැනීමේ භාග්‍ය‍ය අපේ රට වැසියන්ට ලබා දුන්නේය.එය අපේ රටේ ඉතිහාසයේ මං සළකුණක් ලෙස සටහන් වන්නේය.

ඉන්දියාවේ මෙගා ගැන කසු කුසුව කෙමෙන් කෙමෙන් පැතිර යද්දී සිරස ලාංකීය මෙගා කලාවේ පෙරලියක් කරමින් අමු අමුවේ ඉන්දීය මෙගා කොපි කරමින් අර්ථ විරහිත නාට්‍ය සම්ප්‍රදායක් ඇරඹීය.මෙය වටා රටේ ජනතාව එක් රොක් වද්දී රජයේ මාධ්‍ය මේ කුණු සම්ප්‍රධාය බිඳ හෙලීමට පෙරමුණ ගත් හ.සිරසේ ක්‍රියා විවේචනය කරමින් දවස ගානේ විද්වත් සාකච්ඡා පැවැත්වූහ.දේශීය නාට්‍ය සම්ප්‍රධාය රැක ගන්නේ කෙසේද? යන්න ගැන විද්වත් මත ඉදිරිපත් කළෝය.ඉන්පසු එකී පිඹුරුපත් ඔස්සේ යමින් දේශීය මෙගා නිර්මාණය කළෝය.අපේ නාට්‍ය කළාව, සංස්කෘතිය සහ සදාචාරය රැක ගත්තෝය.අපි ඔවුන්ට ගරු කළයුතු නොවෙමුද?

රජයේ මාධ්‍යවල ඒ අභීත පියවරයන්ගේ යෝධ සෙවණැළි යට දේශීය නිශ්පාදකයෝ රැකුණාහ.ප්‍රේක්ෂක රසාස්වාදනයේ පටුත්වය රැකුණි.

සිරසට බැණපු කෑ ගහපු එවුන් මේ මොන ලබ්බක්ද කරන්නේ?? අයිටීඑන් එකේ වැඩකට ඇති නාට්‍යයක් යනවද?ඉන්දියන් ඒවා විතරද චාටර්?කොරියන් ඒවා හොඳයිද?රූපවාහිනිය මේ හදන්ඩ හදන සංස්කෘතිය මොකක්ද?රජ්ජුරුවන්ට වැඳගෙන ඉන්න එක රජ්ජුරුවංව අපි මැරිලා හරි ආරක්ෂා කරන එක ගැන පෙන්නනවනං ඕනේ කුණු ගොඩක් හොඳයිද? ශාන්තිට බැණපු මුංම රෙදි ඇඳගෙන 'චංගූමී' ගැන පැයක දෙකක වාර්ථා වැඩසටහන් කරන්නේ කොහොමද?


රටේ බුද්ධිමත් උන්ට සිරසේ වැරැද්ද විතරද පේන්නේ? මේ ලබ්බ බලන එක සමහර ඉස්කෝලවල අනිවාර්ය කරලා කියලා කවුද කියනවා ඇහුනා.ඇත්තටම ඒ කතාවේ ඇත්ත නැත්ත දන්නේ නැති උනත් ඒක ඇත්තනං අපිට මේ මොකක්ද වෙන්නේ කියලා දුක හිතෙනවා.ගම්පහ පැත්තේ කොරියන් භාශා පන්තියක පෝස්ටරයක චංගුමීගේ පින්තූරයක් දාලාලු.ගම්පහ පන්ති එන කොල්ලෙක් තාප්පෙක තියෙන මේ පෝස්ටරයක චංගුමීගේ රූපෙ ඉරාගන්නවා මගේ මිත්‍රයෙක් දැකලා තියෙනවා.අනේ අපොයි!!!

ගෑනුංගේ කුණු පත්තරේක 'ඔබේ දියණියටත් චංගුමීගේ මෙන් ඇඳුමක් නිර්මාණය කර ගන්නේ කෙසේද?' කියලා ලිපියක් ගියාලු.ඒ ඔක්කොමත් හරි මේ දැන්වීම 'සිරිකිත' පත්තරේ අය දාලා තිබ්බේ ලංකාදීප පත්තරේ.




කට්ටිය පත්තරේ ඉවර වෙයි කියලා කළිං ඕඩර් කරලා තියෙනවා කියලයි ආරංචිය.පිස්සු පීකුදු බිස්කට්!!!!

51 comments:

  1. මෙව්වට නම් කියන්න දෙයක් නෑද කොහෙද මට.
    කවුරු මොනව බැලුවත් මට මොකද, මට ටීවී බලන්ට වෙලාවක් නැතිකොට.

    ReplyDelete
    Replies
    1. මාත් බලන්නෑ බං.ඒ උනත් රටේ යන රැල්ලත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවා කියලා හිතිච්ච හින්දයි ලිව්වේ.

      Delete
  2. ඩයලොග් කාරයාගේ උදේ ඉඳන් බ්ලොග්ස්පොට් වැඩ නෑ ,අනික් ඩයලොග් භාවිතා කරන අයටත් තත්වය එහෙමද ?

    ඉන්දියන් , කොරියන් , ශ්‍රි ලංකන් කෝක ගත්තත් ඔය ඔක්කම "පජාත දියණිලාම " තමයි , ඉන්දියාවේ චිත්‍රපටි ටිකට් ගාණ අඩුයි , මිනිස්සු හෝ ගාල ෆිල්ම් බලනවා , ෆිල්මුත් තියෙයි ඒ නිසා රට ලොකු වුනත් හොඳ ටෙලි නාට්‍ය කර්මාන්තයකට ඉඩක් නෑ , ඒ නිසා පුරුෂාධිපත්‍යයට යටවෙලා ගෙදරට වෙලා ඉන්න ගැනුන්ට වීර කාන්තා චරිත පෙන්වලා ආතල් දෙනවා

    කොරියාව ගැනයි සුජාත දියණියයි ගැන දන්නේම නෑ , මොකද අපේ ගෙදර කවුරුත් බලන්නේ නෑ (මගේ හොඳ වෙලාවට )

    ලංකාවේ සිනමාවක් නෑ ඒ නිසා ටෙලි නාට්‍යයට තැනක් ගන්න පුලුවන් , ඒත් ඉන්දියන් මොඩලය අල්ලලා ගිය නිසා ඒකත් කම්මුතියි . තිබ්බා ගැහුවා , කැපුවා දැම්මා ගැනුත් හොටු පෙරාගෙන අඬනවා ඒවා බලාගෙන , ඉතින් මොකද අමුතුවෙන් මහන්සි වෙන්නේ . ටෙලි නාට්‍ය කරුමාන්තෙත් ඉවරයි . දැන් හොඳ ටෙලියක් හදන්න වියදම් කරන එකෙක් හොයාගන්නත් නෑ , හැදුවත් පෙන්නන්න වෙලාවක් අල්ල ගන්නත් බෑ , ඒ නිසා අපිට ඉතුරු වෙලා තියෙන්නේ නිති විරෝධිව බාගන්න ඇමරිකන් ටිවි සිරිස් තමා

    ReplyDelete
    Replies
    1. මම අර රටටම දුන්න හච් කොනෙක්ෂන් එකක් බුවා පාවිච්චි කරන්නේ.සමහරවිට රාජපස්ස සැටලයිට් එකේ අවුලක් ගිහිල්ලා වෙන්ඩ ඇති.

      අපේ අම්මනං ඔන්න පජාත දියණි බලනවා.වෙලාවට මම සතියේ දවස්වල ගෙදර නැති නිසා මට අවුලක් නෑ.අපිට දැං ඉතුරු වෙලා තියෙන්නේ වේදිකා නට්‍ය විතරයි ඒකත් කන්ඩද මන්දා හදන්නේ මහ සමයමක් නටලා.

      Delete
  3. ඔය රෙද්දේ සුජාත දියණි මම තාම බලලා නැහැ.මොකක්ද අප්පා ඔකේ ඇති විශේසත්වේ? ඇයි අපේ කතාවක් හදලා ඒක රටපුරා ප්‍රසිද්ද නොකරන්නේ?.පිස්සු පීකුදු අපේ උන්ට වෙන රටකින් විසික් කරන ජන්ගියක් වුනත් හෙන ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. උඹ කියන හැටියට මට තේරෙන්නෙ මෙහෙ මෙගා හොඳයි කියනවා වගේ.. මට හිතෙන හැටියට මෙහෙ එව්වා උනත් වෙන කොහෙ එව්වා උනත් කුණු කුණුමයි..


      Delete
    2. මාත් එකඟයි හරී කියන දේට. ඒ වගේම අපේ රටේ එකෙක් හොඳ එකක් හැදුවොත් ඒකට ප්‍රමුඛතාව දෙන්ඩත් වගබලාගන්නවනං හොඳයි.එතකොට අනිත් උනුත් උනන්දු වෙයි මළවිකාර හදන්නැතුව හොඳ දෙයක් කරන්ඩ.

      Delete
  4. 1. හි හි හී..දොස්තර මහත්තයා මොකද මේ හිරිකිත බලන්නේ? ඒක ගෑණු පත්තරයක්නේ...:P

    ඉස්සර මට මතකයි මම ක්ලාස් ඇරිලා රෑ වෙලා තට්ට තනියම ගෙදර එද්දී අපේ අම්මා ඇස් වල කඳුළු පුරෝගෙන ප්‍රවීනායො බලාජියි දිහා බලාගෙන ඉන්නවා. ඊටත් පස්සෙ කාලෙක " චිත්ති " ආයෙම කාව්‍යයා...දැන් සුජාත දියණි..හි හි හී

    මේ පාර මම ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ ඉද්දීත් අම්මා දුක් වෙනවා චංගුමීව මතක් වෙලා. එකම විකාරයයි. මම ඉතින් කටට ඉබ්බා දාගෙන උන්නා මුකුත් නොකියා. අම්මව ලඟින් තියා ගන්න ඕනෙනෙ..හි හී

    ඔය ටී වී කෙරුවාම මගේ නැති නිසා මට නම් ඕවායේ වගක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපොයි මම හිරිකිත බලන්නැතෝ.ඔය ලංකාදීපෙ දාල තිබ්බ ඇඩ් එකක්.අපේ රටේ ගෑනුන්ට වෙන සතුටු වෙන්ඩ විදිහක් නැති නිසා පෙන්නන එකක් බලන එකේ වැරැද්දක් කියන්ඩත් බෑ.වාට්ටුවලත් මොන අමාරු තිබ්බත් කට්ටිය මැච් එකවත් සුජාත දියණිවත් මිස් කරන්නෑ.නර්ස්ලා උනත් වැඩ අස්සේ පොඩ්ඩක් බලං ඉඳලා තමයි යන්නේ.

      Delete
  5. මෙන්න මම බලාපොරොත්තු වුන ලිපියක්.

    සිරසට සම්බාධක පනවන්න බදු ගැහුවට මේකට එහෙම නැහැ වගේ. ඇයි ඒ? ජනතාවගේ ප්‍රශ්න අමතක කරවන රැල්ලක් විදිහට මේ නාට්‍යය භාවිත වෙන නිසාද?

    උඹ දන්නවද මේකිගෙ පොටෝව දිපු දවසෙ අපෙ කඩේ පත්තර එක දවසින් ඉවර වුනා කියලා?? අපෙ තාත්ත කිව්ව මේකි පෙටෝ ටිකක් අරන් කැලිනි පෙරහැර බලන්න ගියා නම් ගොඩේ ගොඩ කියලා.

    ස්තුති මේ පෝස්ටුවට.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි සෑමෝ.ඔන්න අපේ රටේ මිනිස්සුංගේ සහ පාලකයිංගේ මොරාල් එක ඉව වැටිච්ච එකෙක්.මේකනං ප්ලෑනක් ම තමයි බං.

      Delete
  6. මේ ගැන නම් කියලා වැඩක් නෑ දිනුක.. කතාව බලලම නැති හන්දා හොද නරක කියන්න දන්නේ නෑ.. ඒ හන්දා මුකුත්ම නොකියා ඉන්නම්.. පිටරටින් ගෙන්නලා මේ දේවල් වලට මෙච්චර ජනප්‍රියත්වයක් දෙන්නේ අපේ රටේ නිර්මාණ හොද නැතුවද? හැමදාම යන එකම වගේ ආදර කතා වෙනුවට වෙනස් නිර්මාණයක් කලානම් අපි උනත් ඒක නොබලා ඉන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. අපේ රටේ නිර්මාණත් ඇත්තටම ගුණාත්මක අතින් පහළට වැටීගෙන වැටීගෙන යනවා.මේවා ගෙනල්ලා මිනිස්සු ටීවී එක දිහා කට ඇරගෙන බලං ඉද්දී පෙට්‍රල්, ලයිට් බිල් වගේ ඕනෙ එකක් වැඩි කරගන්ඩ වගේම ගම්මිරිස් භාර ඇමති, කක්කුස්සි බාර ඇමති, බල්ලෝ බාර ඇමති වගේ ඇමති පට්ටං ටිකක් දීගන්ඩත් පුළුවං නොවැ.

      Delete
  7. "සිරසට බැණපු කෑ ගහපු එවුන් මේ මොන ලබ්බක්ද කරන්නේ?? අයිටීඑන් එකේ වැඩකට ඇති නාට්‍යයක් යනවද?ඉන්දියන් ඒවා විතරද චාටර්?කොරියන් ඒවා හොඳයිද?රූපවාහිනිය මේ හදන්ඩ හදන සංස්කෘතිය මොකක්ද?රජ්ජුරුවන්ට වැඳගෙන ඉන්න එක රජ්ජුරුවංව අපි මැරිලා හරි ආරක්ෂා කරන එක ගැන පෙන්නනවනං ඕනේ කුණු ගොඩක් හොඳයිද? ශාන්තිට බැණපු මුංම රෙදි ඇඳගෙන 'චංගූමී' ගැන පැයක දෙකක වාර්ථා වැඩසටහන් කරන්නේ කොහොමද?"

    අනේ බං, අර පැත්තෙ දේශද්‍රෝහියා මේ පැත්තට පැන්නම එක රැයින් දේශප්‍රේමියා වෙන රටේ, කරුණා කේ.පී ඔක්කොම ඔඩොක්කුවෙ තියාගෙන අනිත් එවුන් කොටි එක්ක රට පෙරලන්න කුමන්ත්‍රණ කරනවා කියන රටේ ඔව්වත් මහ වැඩද බන්..

    ReplyDelete
    Replies
    1. ඒක හරි ඒ උනත් වැඩේ සිරිකිතයිනේ බං.කෙසේනම් දෑත් දෙපා දිගහැර නිදාගනිම්ද?

      Delete
  8. මට පෙන්නේ prime time අවුලක් වගේ හරියට . ඇයි කලින් ඔශින් තිබ්බේ මෙතන ප්‍රශ්නේ පේන්නේ මේ කතාව සතිපතා පලවුන කතාවක් ලංකාවේ දිනපතා පලවන නිසා මේ සීරිස් එක 2003 මුල් බාශාවෙන් ප්‍රචාරය උනේ සතිපතා. මෙගා රැල්ලට අහු උන නිසා තමයි Daily Prime Time එකට පොරකාලා මේ කතාවට කෑගහන්නේ. ඔශින් උනත් දිනපතා බලද්දි කට්ටියකට එපා වෙනවා . ඉස්සර Monkey කියලා කතාවක් ගියා ඒක උනත් එදා අපි රසවින්දේ සතිපතා ගියහන්දා




    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඔය මංකි කියන කතාව හොයා ගන්න මම පුදුම උත්සාහයක් ගන්නෙ ලොකු ජෝන්. ඒකෙ තේමා ගීතය මම දවසක් ඇහුවා. කතාව බා ගන්න ලිංකුවක් හොයා ගන්න හැටියක් නෑ. මට උදව් කරන්න බැරිවෙයිද ?

      Delete
    2. ඕකෙ DVD සෙට් එක මා ගාව තිබුනා ගෙදර ගොඩ ගහලා තියෙන්නෙ අද හෙට අවුස්සලා ලැබුනොත් කියන්නම්

      Delete
  9. දිනපතා යනකොට ඉක්මන් ජනප්‍රියතත්වයක් ඇතිවෙනවා. හැබැයි ඉක්මනට නැතිවෙනවා . මෙක දිනපතා නැතිව සතිපතා ගියානම් මීටවඩා කාලයක් මතක හිටිනකතවක් වෙන්න තිබුනා ඒත් අද ජනතාව ඉන්ස්ටන්ට් චූන් බලාපොරොත්තුවන නිසා ඒකට විකල්පය ජාතික රූපවාහ්නිය ගත්ත එකට (දෙශපාලන වශයෙන් නොව ) ජනතාව ලෙස අප සතුටුවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඒකටනං මම එකඟ වෙන්නෑ ජෝන් අයියේ.මිනිස්සුන්ට රසවින්දනය දෙන එකම පරමාර්ථයනම් රන්දෙපැය බැලුවත් වැරැද්දක් නෑනේ.මෙයාලා ඒකට එකක් කියලා මේකට එකක් කියන එකනේ අවුල.ඇයි මේක ප්‍රචාරය කරන්ඩ මෙච්චර කට්ටක් කන්නේ??

      Delete
    2. එහෙම නෑ ඔය වෙලාවට රසවින්දනය කියන්නෙ පවුලේ හැමට ආදර්ශයක් ගන්න පුලුවන් එකක් වියයුතුයි, මා ජාතික රූපවාහිනියේ දකින්නේ පවුලේ හැමට නැරබිය හැකි යමක් පෙන්වීමයි. ඔබ නිකමට සිරසේ ප්‍රචාරය වුන ඕනෑම මෙගා (ඉන්දියානු හෝ මෙරට නිපදවනු ලැබූ ) ඒක කතාංගයක් අහබු ලෙස තෝරා බලන්න . අනිවාර්‍යයෙන්ම හොර අඹුවක් ගැන එහෙම නැත්නම් හොර මිනිහෙක් ගැන මේ සමාජයේ තියන ඒත් එලිපිට ළමයින් ඉදිරියේ කතාකල නොහැකි , යමක් එම අහඹු කතාංගයේ නොතිබේද කියා . රසවින්දනය කියන්නෙ කුනු රසවිඳීම නෙමෙයි.

      …මම කියුවේ "ඔශීන්" "සුජාත දියනි" මේ නාටක මෙගා ගනයට වැටෙන නාටක නෙමෙයි, මේවා සති පතා ප්‍රචාරය කිරීමට සූදාන්ම් කල නාටක. එහෙත් අද සමාජය සතියක් එක් කොටසක් වෙනුවෙන් බලා සිටීමට ඇති කුතුහලය දිනකට අඩුකරවා තියනවා. මේ නිසා අපේ රටේ බිහිවුනු (පිටපතක් සහිත) ටෙලි නාට්‍ය කලාව නැතිවුනා ඉස්සර සෙනසුරාදා රාත්‍රී 8.30ට අපි ඉතාම උසස් රසවින්දනයෙන් යුතු ටෙලි නාට්‍යයක් රසවින්දා. අපි ඒ වෙනුවෙන් සතියක් බලා සිටින්නට පුරුදුව සිටියා. ඒත් අද ඒ රස වින්දනය නෑ ..

      Delete
    3. ඒ ඒ වෙලාවට විකාශය විය යුතු නාට්‍ය වලට රේටින් ක්‍රමයක් තියනවා නම් හොඳයි . කොහොම වුනත් "පවුලේ සියලුදෙනාට" කියන ලේබලය ඇතුලේ සියල්ල කරන්න බෑ . අවුරුදු 13ට අඩු ළමයින්ව ලමා වැඩසටහනකට හැර අනික් වැඩසටහන් බලන්න ලඟට ගන්න එකම වැරදියි . සමාජීය ප්‍රශ්න සාක්ච්ඡා කරන කොට කුඩා දරුවටත් ගැලපෙන්න නිර්මාණ කරන්න බෑ . එකම අවුල ලංකාවේ තියන නාට්‍ය වල මේලෝ ප්‍රමිතියක් නැති එක, සතියට එක ගානේ ජාතික රූපවාහිනියේ ගිය නාට්‍ය සැහෙන හොඳ තත්වයක තිබුනා , විශේෂයෙන්ම ජාතික රූපවාහිනියෙන්ම කරපු නාට්‍ය උදා - සඳගල තැන්න , ඉංගම්මාරුව ... . හැබැයි දැන් නම් ජාතික රූපවාහීනිය වැරදිලා එබුනොත් තමයි , අවුරුදු ගාණකින් හෝදපු නැතිපොදු වැසිකිලියක් දකින කොට තියන අප්පිරියාව වගේ එකක් එනවා සැලලිහිණියා දකින කොටත් ,

      Delete
    4. සැලාත් අමාරුවෙන් මෙගා රැල්ලට හුරුවෙනවා. ඒත් තවමත් ප්‍රවීනයො ටෙලි නාට්‍ය රූපවාහිනිය හැරුනාම වෙන නාලිකාවලට දෙන්න මැලි කමක් දක්වනවා

      Delete
    5. ලොකුජෝන් අයියේ මම කියන්නේ මේකයි මේක ආදර්ශවත් කතාවක් වෙන්ඩ පුළුවන්.ඒ උනත් ආදර්ශ ගන්න මිනිහෙක්ට මහගෙදර බලලත් ආදර්ශ ගන්ඩනං පුළුවං.මට තියෙන අවුල මේකට මෙච්චර ප්‍රචාරයක් දීලා රැල්ලක් ඇති කරවන්නේ ඇයි කියන එක.කාලය සහ රටේ දේශපාලන වාතාවරණයත් එක්ක මේක නිකං අහඹු සිදුවීමක් වෙන්ඩ බෑ කියලමයි මට හිතෙන්නේ.ඇයි අපේ හොඳ කතාවක් හදලා ප්‍රදර්ශනය කරන්නැතුව ( රූපවාහිනිය කළිං එහෙම කරලා තියෙනවා වගේ මතකයි ) මේ කොරියන් ඒවා මෙච්චර හොඳයි කිය කිය අපේ මුළු රටම ජනප්‍රිය සංස්කෘතියෙම තවත් ගිල්ලවන්ඩ හදන්නේ.සිරස ඒක කරන බව අපි දන්නවනේ.ඒත් ඇයි මෙයාලා කොළේ වහලා ගහන්නේ?

      පොඩි ළමයින්ට රූපවාහිනිය හොඳ නෑ කියන බුවාගේ මතයට මම එක හෙලා එකඟයි.පොඩි ළමයින්ට කාටුන් එකක් වගේ දෙයක් ඇරුණම ටීවී එකේ ගන්ඩ් තියෙන දේවල් හරි අඩුයි.කොහොමත් නාට්‍ය කියන්නේ ළමා මනසට කොහෙත්ම හිතකර දෙයක්නං නෙමෙයි.බුවාගේ රේටිංග් කතාවටත් එකඟයි.

      Delete
    6. කවුද එහෙම ප්‍රචාරයක් දෙන්නෙ මේ අපි උබලා පොරවල් තමයි. ජනප්‍රියත්වය ඉබේ ලැබෙන්නත් පුලුවන් විහින් හදන්නත් පුලුවන් . ඒත් මෙතන එහෙම විහින් හදපු ජනප්‍රියත්වයකට වඩා හුඟක් රටවල ජනප්‍රිය වුන එකක් මෙහේ ජනප්‍රිය නොවෙන්න බෑ යන කෝනයෙන් කරපු නාට්‍යයක් ජනප්‍රිය වුන එක. තව ඔබෝ දිනකින් ඔය කතාව අවසන් වෙනවා ඊලඟට තවත් ඔය වැනිම එකක් එනවා . මම් කලිනුත් කියුවා වගේ අපෙ දෙයක් ((දෙශපාලන කෝනයෙන් නෙමෙයි . මොකද කොයි ආන්ඩුව ආවත් ජාතික රූපවාහිනිය කියන්නෙ ජනතාව නැත්නම් ආන්ඩුවේ , ඒකියන්නේ අපේ විපක්ශ පක්ශ අපි හැමෝගෙම ) ආන්ඩුව හා විපක්ශය ගැන මගේ ලිපියක් )එම කාලයත් ග්‍රහනය කරගන්න හැකිවුන එකට (Prime Time)

      ළමයින්ට කාටුන් හොඳ උනේ ටයි මහත්තයා වගේ අය කරන කාලේ, ඒකත් දැන් සිරසෙන් අනුභව කරලා තියනවා නේද කියලා දැනගන්න බලන්නකො "ගිරි පුර ඇත්තො " වගේ කතාවක් .

      Delete
    7. ඔය හින්දි චිත්‍රපටි උනත් ගොඩක් රටවල ජනප්‍රිය උනාට ඇති දෙයක් නෑ වගේ මේවත් එහෙමම තමයි.මේකේ අවුලේ තරම ඔය පහල ඇනෝ කෙනෙක් දීලා තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්ඩකෝ.කොහොමටවත්ම නොගැලපෙන තැන්වලටත් මේක රිංගවාගෙන තියෙන හැටි.මේක කොරියාවෙන් ආව පමණින් අපේ සංස්කෘතියට බලපෑමක් නෑ කියන්ඩ බෑනෙ.අපිට නොදැනුනාට අපේ මිනිස්සු කොච්චරනං ඔය මළ විකාර අනුගමනය කරනවා ඇද්ද? ෆෙංෂුයි කියන විකාරේ උනත් ඉන්දියාවෙං ආව එකක් නෙමෙයිනේ.මම කියන්නේ කෝකත් එකයි.

      අපිට කාටුන් කලාවකුත් නෑනේ ජෝන් අයියේ.ටයි මාම උනත් කළේ වෝනර් බ්‍රදර්ස් ලගේ කාටුන් කීපයක් අරගෙන අපිට නොගැලපෙන සිද්දි කපලා කොටලා වෙනමම කතාවක් හදපු එකනේ.දැං බලද්දි තේරෙණවා ඒවයේ සිද්දි එකකට එකක් එච්චර ගැලපෙන්නෑ කියලා.

      කාටුන් ළමයි බලන්ඩ ඕනේ ඒ අයගේ පරිකල්පන ශක්තිය වැඩිකරගන්ඩ කියලයි මමනං හිතන්නේ.

      Delete
  10. "සුජාත දියනියට බැන පජාත පුතෙක් නොවන්න!" :D ඕක ඔෂින් වගේ කියන්නේ. ඒකෙ මොනා තිබ්බද, මොකක්ද කතාව කියලා මට මතක නැති නිසා ආ.. ඒමද! කියල කියලා නිකං ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බං.ඔෂීන් වගේ කියන්නේ ඒ ජාතියේ ඇඳුම් අඳින හින්දා වෙන්ඩ ඇති.අපේ රටේ උන්ව අන්දන්ඩ හරි ලේසියි බං.මේ වගේ දිග නාට්‍යක් තිබ්බම ඇති.

      Delete
  11. දීනූක,
    ඔබේ කතාවට මට යමක් එක් කිරීමට අවස්ථාවක් ලැබිය යුතුම ය.

    1) සිරසේ පෙන්වන ලද මෙගා කලාවට මාද දැඩි විරෝධයක් දැක්වීය. ඒ සිරස පෙන්වන නිසා නොව, සමාජ විපරියාසය විකෘතිකරන, ප්‍රේක්ෂක මනස අවිචාරමත් කරන බොළඳ ටෙලි නාට්‍ය වීම හෙතු කරගෙනයි.
    2) එමෙන් ම අද පෙන්වන සුජාත දියණී ගැන මාගේ අදහසත් එයමයි.
    3) මෙවායේ රූප රාමු දැකුම්කළු ය. පවුලේ සැමට එකා මෙන් හිඳ බැලිය හැකිය. නමුත්, එපරිදි පවුලේ උදවිය ඒක රාසිකරගෙන පෙන්වනුයේ මොනවා ද? අයියා මරණ ප්ලෑන්, පුතාට හෝ යේලිට වස දෙන ආකාරය, යෙලි නැන්දාව එළවන්න කරන ප්ලෑන්, බෞද්ධයින් හෝ වෙනත් ආගමිකයින් අකමැති දර්ශන පෙන්වීම, රටේ යහ සංවර්ධනයට බාධාවන සිරිත් විරිත්, මත් ද්‍රව්‍ය, මස් බුරුතු පිටින් හම ගැසීම, සත්ව හිංසනය.... ඇනලීන් කාරයා ඔස්ටියෝපොරෝසිස් සමාජගත කළ ආකාරයට ම, Wall කාරයා අයිස් ක්‍රීම් සමාජගත කළ අයුරින්ම, ෆෙන්සුයි කාරයින් ආර්ථික භීතිකාවක් නිර්මාණය කළ අයුරින්ම, දෙශපාළුවන් වංචාව-දූෂණය-භීෂණය සමාජයේ සමාණීකරනය කළ ආකාරයින්ම, ඡන්දයේදී අපේ නායකයා විධායක ක්‍රමය අහෝසි කරතැයි ඡන්දදායකයා සිතන අයුරින්ම, මෙකී නාට්‍ය කලාවත් සමාජයට දුන් පූර්වාදර්ශය නම් තවත් අයහපත් විකෘති සමාජ සංවර්ධනයකි.
    4)නිවෙස්වල ඉදිරියේ වතුර බඳුනක් තබා ඊට මල් දමීම මුල් නාට්‍ය කලාව සමඟ අපට එකතු වූ එක් සංස්කෘතික විපරියාසයකි. ඇඳුම් පැළදුමට කළ විනාශයන් ද බොහෝ ය.
    5)අද, තවත් සමාජ සහ සංස්කෘතික විකෘත්තියක් සඳහා කටයුතු සම්පාදනය කර ඇත.
    6) මිනිසුන්ට කාලීන ප්‍රශ්න අමතක කර, පැය කිහිපයක් තලු මැරීමට අවස්ථාව ආශ්චර්යවත් මෙගා නාට්‍ය කලාව අද දායක වී ඇත. එබැවින් මිනිසුන් රටේ ප්‍රශ්නවලට සංවේදී නොවේ. අපි හම්බකෙරුවෝත් අපි කයි යන තේමාවේ සිටී. නමුත්, එහුව් අය දන්නෙ නැහැ අපිට හම්බකරන්න පුළුවන් රටක් සහ දේශපාලන වාතාවරණයක් තිබුණොත් පමණයි එය කළ හැක්කේ කියා.
    7) පහත් මට්ටමේ නාට්‍ය කලාව හේතුවෙන් ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදය විකෘත්ති වේ. එබැවින්, විචාරශීලී හැකියාව හීන වේ. මෙය ද දේශපාලන වාසියකි. උසස් කළා කෘතියක් යනු, යථාර්ථය මිනිස් මනසේ සෞන්දර්යාත්මක ලෙස ප්‍රකෘතිමත් කිරීම වේ. ඔබ බලන නාට්‍ය මේ ගැළපීම සමඟ කර බලන්න.
    8) රටක් සමග විවිධ ගිවිසුම් වලට එලෙඹිමේදී ඔහුන්ගේ විවිධ යෝජනා තිබෙනවා. ඊන් එකක් ඔහුන්ගේ සංකෘතිය අනෙක් රටට එබ්ඹවීම. මේ එවන් අවස්ථාවක් බව මට හොඳින් ම විශ්වාසයි.
    9) රටක් ආක්‍රමණය කරන අකාර තුනක් ඇත. යුදමය වශයෙන්, ආර්ථික වශයෙන් සහ සංස්කෘතික වශයෙන්. යුදමය ආක්‍රමණයක් වෙනත් රටකින් නැත. නමුත්, කාටත් නොදැනෙන පරිදි අනිත් ආකාර දෙකින්ම අපව ග්‍රහණය කළ හැකිය.
    10) මෙගා හෝ වෙනත් ඔනම විකෘති නාට්‍ය බලන ප්‍රේක්ෂකයෙකුට එහි ගිලී අන්ධ වූ පසු මෙවන් විවේචන පවා ඉවසුම් නොදිය හැකිය. නමුත්, මෙම සටහන තබනුයේ ඔබව විවේචනය කිරීමට නොව. ඔබ එකී නාට්‍ය හමුවේ ප්‍රේක්ෂකයෙකු උවද, රටට-දැයට වටිනා පුරවැසියෙකු යැයි හැඟී ගිය බැවිනි.

    ReplyDelete
    Replies
    1. හපොයි දෙයියනේ....මම මේ එක නාට්‍යක්වත් බලන්නැතෝ.මම බලන්නේ චිත්‍රපටි, වේදිකා නාට්‍ය වගේ දේවල් විතරයි.රන්දෙපැය මේ සුජාත දියණි වගේම මට අප්පිරියයි.මට අවුල තියෙන්නේ ඒකට බැණපු ඈයෝ මේකට හොඳයි කියන එක.ඉස්තූතියි දීර්ඝ අදහසට.

      Delete
    2. දෙකේ වෙනස නොදැන මෙහෙම ලියපු එක හරිද ?

      Delete
    3. අපොයි ජෝන් අයියේ මම දෙයක් නොදැන හොඳ නෑ කියන මතේට එන්නේ නෑ.මම ඔය හැම එකම ටික ටික බැලුවා.වෙනසක් නෑ එකම තමයි.මම කිව්වේ දැන් බලන්නෑ කියලා.

      Delete
    4. ඇත්තම කියනවනම් මමත් ඔය කතාවට කැමති නෑ. ඒත් ඒකතාව වානිජ පරමාර්තයෙන් ජාතික රූපවාහිනියට සම්පතක් . මම ජාතික කියලා කියුවේ ලක්වැසි අපි හැමෝගෙම . මෙන්න ජාතික රූපවාහිනියේ 9වන සංවත්සරය දවසේ කාටුන් එකක් දෙශපාලන වශයෙන් මෙන්න මේක කොහොමද බලන්න

      Delete
    5. ජෝන් අයියට පේන්නැති උනාට ජාතික රූපවාහිනිය (අයි ටී එන් එක තරම් නැති උනත් ) මහජනතාවගේ එකක් නම් නෙමේ.ඒක ලොක්කංගේ එකක්.උන්ට ඕනේ දේවල් මිසක් අපිට ඕනේ දේවල් ඒවයේ පෙන්නන්නේ නෑ.

      Delete
    6. සුජාත දියණිය ටෙලි නාට්‍යයට යම් පිරිසක් දැඩි ලෙස දෝශාරෝපණය කළත් එය සිංහල බෞද්ධයින් අතර වඩාත් ජනප්‍රිය වූ ටෙලි නාට්‍යයක් බව පිළිගැනීමට සිදුවෙයි. සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රී ලාංකික මෝඩ මෙගා නාට්‍ය කරුවා ඉගෙනගතයුතුදේ මේවා නොවේද?

      1) ජනප්‍රිය ටෙලි නාට්‍යක් සඳහා ස්ත්‍රී අඩනිරුවත අවශ්‍ය නොවේ.
      2) ලිඛිත සිංහල භාෂාව තවමත් ටෙලි නාට්‍යවලට සුදුසුය.
      3) ජනප්‍රිය ටෙලි නාට්‍යක් වීමට එයතුළ ඇඳුම් විලාසිතා ප්‍රදර්ශන තැබීමට අවශ්‍ය නොවීම.
      4) ප්‍රිය වචන ඇතුලත් දෙබස් කාණ්ඩ තුළින් බාල මහළු ජනතාව අතරට යෑමට ඇති විස්මිත හැකියාව.
      5) ජනතාව පහත් රසයක් තමන්ගෙන් ඉල්ලනේ යයි පවසා තවදුරටත් තමාගේ නිර්මාණ බෙලහීනත්වය වසාගැනීමට නොහැකිබව.
      6) තවමත් උසස් කලානිර්මාණ තුළින් සමාජය ගමන් කරන මාර්ගය අපගමනය කළහැකි බව.
      7) කායික සම්බන්ධතා පෙන්වීමකින් තොරව පුංචි තිරය මත ප්‍රේමයේ සියුම් සුන්දර ගෙත්තමක් කරන්නේ කෙසේද යන්න.
      8) කලා නිර්මාණ සිදුකිරීමේදී කාන්තාවන්ට ගරුකිරීම.
      9) ජඩමාධ්‍ය මගින් බලෙන් පටවන බටහිර ලිබරල්කරනය, සිංහල බෞද්ධ කාන්තාවන් විසින් පිළිකුල් කරන අතරම, ඔවුන් සම්ප්‍රදායිකත්වයේ සුන්දරත්වය අගයන බව.

      Delete
  12. http://www.facebook.com/photo.php?fbid=469698443097964&set=a.469528326448309.100456.469443653123443&type=1&theater

    ReplyDelete
    Replies
    1. පිස්සු පීකුදු ඈ.ඒ පන්තිය ජාතික රූපවාහිනියේ අනුග්‍රහයෙන් කරගෙන යන එකක්ද මන්දා...

      Delete
  13. Muntanam hondatama pissu ban...eeerrrrr...

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. දිනුකගේ ලිපිය ඉතා හොඳයි.ඇත්තෙන්ම චංගුමි හා ඔශින් ප්‍රවීනලා තුල්සිලා තරම් සමාජයට හානියක් කරන්නේ නෑ.ඉන්දියන් කතා වල වෛරය පළිගැනීම අපරාධ වලට අමතරව පවුල් කඩා ඉහිරවීම්,දික්කසාදය සාමාන්‍යකරනය කිරීම වැනි සැගවුන අභිමථාර්ථයන් තිබුනා.මගෙ මතය නම් එවැනි දේ නොමැතිව කාන්තාවන්ට රස වින්දනය දෙන ඒවා වරදක් නෑ

    ReplyDelete
    Replies
    1. චංගුමීලා උනත් හොඳයි කියලා තීරණය කරන්නේ කවුද? එයාලා තීරණය කරලා මිනිස්සුන්ට පෙන්නලා එයාලම ඒක හොඳයි අරක නරකයි කියන මතය මිනිස්සුන්ට දෙන එක නෙමෙයිද වෙන්නේ?ප්‍රවීණලා තුල්සිලා නරකයි කියලා කිව්වෙත් සමාජයේ එක් කොටසක් විතරයිනේ.බහුතරයක් කට ඇරගෙන ඒවා බැලුවනේ.

      Delete
  16. මට නං ඔය කතා එකකවත් වැරැද්දක් පේන්නෙ නෑ,,,ඕවා අපිට බලපාන්නෙ අපේ මනස ඒක තේරුම් ගන්න ආකාරය අනුව...
    අවංකවම මාත් සුජාත දියණී ඉවර වෙනකල්ම බැලුවා...ඒක ඇත්තටම හොද කතාවක් කියලා වගකීමෙන් කියනවා..අනික ඔය ඉන්දියාවෙන් ආපු තුල්සි ලා ප්‍රවීනා වගේ නෙමෙයි...මේක ඇත්තටම ලස්සන කතාවක්...මිනිස්සු ඒක ආදරෙන් බාරගත්තා...රූපවාහිනියත් හැඩකවන එක සුපිරියටම කරලා තිබුනා...ඒකෙ පසුබිමත් හොදයි...
    නමුත් මෙතන ප්‍රශ්නෙ ආවෙ කතාවෙ නම...සුජාත දියණී කියලා දැම්මම මිනිස්සු හිතුවා ඒක ගෑනුන්ගෙ කතාවක් කියලා...ඇත්තටම මාත් මුලින් හිතුවෙ එහෙම තමයි...මාත් මුලින් බැලුවෙ නෑ...ඔන්න ඔය හේතුව නිසා කොල්ලො ඕක බලන එක නැවැත්තුවා...ඇත්තම හේතුව ඒකයි...මොකද ඔය කතාවට ඒ නම නොදා Jewel in the Palace කියන නමම දැම්මනම් ඔය දැන් විවේචනය කරන අය ඔක්කොම බලයි...උදාහරනයක් විදියට රොබින්සන් අන්දරය , ඔශීන් වගේ කතා ගන්න පුලුවන්.නේ කතා මිනිස්සු අතරට ගියේ නම නිසා...ඇත්ත ඒකයි...මේ කතාවත් මිනිස්සු අතරට ගියා...අනික මේක කොහොමවත් සිරසෙ ගිය කතා වලට කොයිම විදියකින්වත් සමාන කරන්න බැහැ...ඒ මොකද ඒ කතාවල කිසිම හරයක් නැහැ...ඇත්ත තත්වෙ ඒකයි...
    මේ ලඟදි දවසක් මගේ යාලුවෙක්ගෙන් ඇහුවා ඒක බලන්නෙ නැත්තෙ මොකද කියලා..මිනිහා කියපි කතාවෙ නම නිසා බලන්න හිතෙන්නෑ කියලා..මං ඇහුවා ඒ මොකද කියලා මිනිහා කියනවා සුජාත දියනී කියල තියෙනකොට බලන්න හිතෙන්නෑලු...
    ඔන්න ඕකයි ඇත්ත තත්වෙ...රූපවාහිනියෙන් හොඳ වැඩක් කරලා තියෙනවා...ඒ ගැන කතා දෙකක් නෑ...ඒ උනත් කතාවෙ නම නං අන්තිමයි...ඒක නම් මාත් කියනවා...මීට පස්සෙ හදන නාට්‍ය වලටවත් එහෙම නොකයි කියලා මං හිතනවා...

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ රසවින්දන හැකියාව අනුවයි කලා කෘතියක අනන්‍යතාවය රැකෙන්නෙ...කොච්චර හොද කතාවක් උනත් මිනිස්සු තේරුම් ගන්නෙ වැරදි විදියට නං ඒ කතාවෙන් වැඩක් නෑ....මාත් ඔය හැම ජාතියෙම ඒවා දැකලා තියෙනවා...කතාවකින් පෙන්නන දේවල් හැම් වෙලාවකම හොද දේවල් වෙන්න ඕනිම නෑ...මොකද දේක නරකක් තියෙනවනං තමයි හොඳකුත් තියෙන්නෙ....හොඳ නැත්තං නරක්ත් නෑ...අන්න ඒකයි සත්‍ය...ලංකාවෙ මිනිස්සුන්ගේ රසවින්දන හැකියාව අඩුයි කියලා තමයි මට කියන්න තියෙන්නෙ...මොකද දෙයක් ලැබුන ගමන් ඒකේ හොඳ නරක හොයනවා...අන්න එතනයි මිනිස්සුන්ට වරදින්නෙ...

      Delete
    2. සුජාත දියණිය ටෙලි නාට්‍යයට යම් පිරිසක් දැඩි ලෙස දෝශාරෝපණය කළත් එය සිංහල බෞද්ධයින් අතර වඩාත් ජනප්‍රිය වූ ටෙලි නාට්‍යයක් බව පිළිගැනීමට සිදුවෙයි. සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රී ලාංකික මෝඩ මෙගා නාට්‍ය කරුවා ඉගෙනගතයුතුදේ මේවා නොවේද?

      1) ජනප්‍රිය ටෙලි නාට්‍යක් සඳහා ස්ත්‍රී අඩනිරුවත අවශ්‍ය නොවේ.
      2) ලිඛිත සිංහල භාෂාව තවමත් ටෙලි නාට්‍යවලට සුදුසුය.
      3) ජනප්‍රිය ටෙලි නාට්‍යක් වීමට එයතුළ ඇඳුම් විලාසිතා ප්‍රදර්ශන තැබීමට අවශ්‍ය නොවීම.
      4) ප්‍රිය වචන ඇතුලත් දෙබස් කාණ්ඩ තුළින් බාල මහළු ජනතාව අතරට යෑමට ඇති විස්මිත හැකියාව.
      5) ජනතාව පහත් රසයක් තමන්ගෙන් ඉල්ලනේ යයි පවසා තවදුරටත් තමාගේ නිර්මාණ බෙලහීනත්වය වසාගැනීමට නොහැකිබව.
      6) තවමත් උසස් කලානිර්මාණ තුළින් සමාජය ගමන් කරන මාර්ගය අපගමනය කළහැකි බව.
      7) කායික සම්බන්ධතා පෙන්වීමකින් තොරව පුංචි තිරය මත ප්‍රේමයේ සියුම් සුන්දර ගෙත්තමක් කරන්නේ කෙසේද යන්න.
      8) කලා නිර්මාණ සිදුකිරීමේදී කාන්තාවන්ට ගරුකිරීම.
      9) ජඩමාධ්‍ය මගින් බලෙන් පටවන බටහිර ලිබරල්කරනය, සිංහල බෞද්ධ කාන්තාවන් විසින් පිළිකුල් කරන අතරම, ඔවුන් සම්ප්‍රදායිකත්වයේ සුන්දරත්වය අගයන බව.

      Delete
  17. සුජාත දියණිය ටෙලි නාට්‍යයට යම් පිරිසක් දැඩි ලෙස දෝශාරෝපණය කළත් එය සිංහල බෞද්ධයින් අතර වඩාත් ජනප්‍රිය වූ ටෙලි නාට්‍යයක් බව පිළිගැනීමට සිදුවෙයි. සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රී ලාංකික මෝඩ මෙගා නාට්‍ය කරුවා ඉගෙනගතයුතුදේ මේවා නොවේද?

    1) ජනප්‍රිය ටෙලි නාට්‍යක් සඳහා ස්ත්‍රී අඩනිරුවත අවශ්‍ය නොවේ.
    2) ලිඛිත සිංහල භාෂාව තවමත් ටෙලි නාට්‍යවලට සුදුසුය.
    3) ජනප්‍රිය ටෙලි නාට්‍යක් වීමට එයතුළ ඇඳුම් විලාසිතා ප්‍රදර්ශන තැබීමට අවශ්‍ය නොවීම.
    4) ප්‍රිය වචන ඇතුලත් දෙබස් කාණ්ඩ තුළින් බාල මහළු ජනතාව අතරට යෑමට ඇති විස්මිත හැකියාව.
    5) ජනතාව පහත් රසයක් තමන්ගෙන් ඉල්ලනේ යයි පවසා තවදුරටත් තමාගේ නිර්මාණ බෙලහීනත්වය වසාගැනීමට නොහැකිබව.
    6) තවමත් උසස් කලානිර්මාණ තුළින් සමාජය ගමන් කරන මාර්ගය අපගමනය කළහැකි බව.
    7) කායික සම්බන්ධතා පෙන්වීමකින් තොරව පුංචි තිරය මත ප්‍රේමයේ සියුම් සුන්දර ගෙත්තමක් කරන්නේ කෙසේද යන්න.
    8) කලා නිර්මාණ සිදුකිරීමේදී කාන්තාවන්ට ගරුකිරීම.
    9) ජඩමාධ්‍ය මගින් බලෙන් පටවන බටහිර ලිබරල්කරනය, සිංහල බෞද්ධ කාන්තාවන් විසින් පිළිකුල් කරන අතරම, ඔවුන් සම්ප්‍රදායිකත්වයේ සුන්දරත්වය අගයන බව.

    ReplyDelete
  18. උබලට තේරෙන බාසාවෙන්ම තව දෙයක් කියන්නං...
    .
    සමහර උන් කියනවා කතාවක ප්‍රධාන වීර චරිතර ගෑනු කෙනෙක්ට දුන්නම ඒක ගෑනු කතාවක් වෙනවා කියලා...එහෙනම් ඉතින් ඔය සේපාලිකා,අමා,දම්සාරි වගේ ඉලවු මෙගා නාට්‍යත් ඒ ගොඩේම තමයි...මොකද ඒවෑ වැඩි හරියක් යන්නෙ ගෑනු අනාත වෙච්චි ඒවයි එක කෙල්ලට කොල්ලො දෙන්නෙක් ඇරගන්න ඒවයි නේ...එහෙම බලන් ගියාම ඒ කතාවලත් වීර චරිතර ගෑනියෙක්...නැත්තන් කොල්ලො දෙන්නෙක් එක කෙල්ලෙක්ට මරාගන්නෙ අහවල් එහෙකටෙයි...
    පට්ට බොළඳයි බං.. තුක් නොදකින් ලව් කරනවා මගුල එකේ ඇති ලවක් නෑ. උන් ලව් කරන්න දන්නෙත් නෑ..
    නියම ආදරයක් කියන්නෙ එකිනෙකාට ඇතිවෙන හැම ප්‍රශ්නෙකදිම එකිනෙකා දාලා යන්නෙ නැතුව ඉන්න එකටයි...අනික කොයිතරම් ප්‍රශ්න ආවත් නියම ආදරයක් කවදාවත් නැතිවෙන්නෑ...ආදරයක් ඇතිවෙන්නෙ ඒ දෙන්නටවත් නොදැනී...මේ ඉලවු රෙද්දවල් වල කොල්ල ගිහින් අහපු ගමන් කොල්ල පෝසත් නෑ කෙල්ල එක පයින් නෙමෙයි කකුල් දෙන්ම එනවා...දුප්පත් කොල්ලෙක්නං ගෙදරින් අකමැති වෙනවා...ඕකටද ආදරය කියන්නෙ කියලා මට නං සැකයි...
    ඉතින් සුජාත දියනී කතාව හොදද නරකද කියලා තිරනය කරන එක උබලට බාරයි...මං නම් ඇත්තටම ඒකට ගොඩක් කැමතියි...මොනවා උනත් අද රටේ සම'හරක්' ඒ කතාව විකුණගෙන කන එකට නම් මම සම්පූර්නයෙන්ම විරුද්ධයි...
    කතාවක් ගියා...ඒක අපි ආසාවෙන් බැලුවා..විවේචනය කලා...දැන් ඒ කතාව ඉවරයි...ඒ ගැන ආයෙ කතා කරලා වැඩක් නෑ...අස්සයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහනවා කියන්නෙ ඕක තමයි...

    ReplyDelete
    Replies
    1. මෙතන ෆට්ටම කොමෙන්ට් එක උබේ මචන්. මගේ උපහාරය!

      Delete
    2. හ්ම්ම්ම්ම්ම්ම්.........මං ඔය ටික කිවුවෙ හොඳට හිතලා බලලා...

      Delete
  19. ඕවා විතරද සමහර ක්ලාස්වල චංගුමීගේ ෆොටෝස් තියෙන සීඩී පවා බෙදලා තියෙනවා :D

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...