13 February 2013

උසස් පෙල කරන්නේ කොහොමද? 2



ළමයි මැටි සහ මීටර් වීම ගැන ඔන්න එහෙනං අද කියන්ඩයි යන්නේ.මේ ගැන මගේ මතයක් තියෙනවා.ඒක ඉතිං වැරදි වෙන්ඩ පුළුවං.කමක් නෑ ඔන්නොහේ කියන්නංකෝ.සමහර ළමයි පුංචි කාලේ ඉඳලා අනිත් ළමයින්ට වඩා බුද්ධිමත් තමයි.හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ අනිත් එවුන් මැටි කියලා.මොකද මිනිස් මොළය කියන්නේ මහ පුදුම උපකරණයක් නේ.මේකත් නිකං කිඹුලා උදැල්ල වගේ තමයි.කපන්ඩ කපන්ඩ තමයි මුවහත් වෙන්නේ.අපේ මොළය අපි හරියකට වැඩක් ගන්නැතුව තිබ්බොත් ඒක නිකං මළකඩ කාපු පරණ ලොරියක් වගේ වෙනවා.ඕනේ වෙලාවට තල්ලු කරලා ස්ටාර්ට් කරගෙන හෙමිහිට පැද්දි පැද්දි තමයි වැඩ කරන්නේ. අපේ මොළයට හැකියාවක් තියෙනවා ඒකෙන් ගන්න වැඩේ අනුව අදාල කොටස වර්ධනය කර ගන්ඩ.මේක ගොඩක් සිද්ද වෙන්නේ පුංචි කාලෙදි.ඒකයි පුංචි කාලෙදි දේවල් පුරුදු කරන්ඩ ලේසි.

මම හිතන විදිහට පුංචි එකෙක් ඉපදෙනකොට උගේ මොළය නිකං හිස් කඩදාසියක් වගේ.ඊට පස්සේ ඌට ලැබෙන සංවේදනයන් එකින් එක උගේ මොළයේ සටහන් වෙන්ඩ ගන්නවා.අන්න ඒ දැනුම සහ අත්දැකීම් හරහා තමයි උගේ ජානවලින් තීරණය වෙච්ච බුද්ධිය වර්ධනය වෙනවද නැත්තං කෙළ වෙලා යනවද කියලා තීරණය වෙන්නේ.දැං අපිට පුරුදු කරලා තියෙන්නේ පීඩියා ප්‍රෝඩාව ටිකකුයි වන් ප්ලස්, ටූ ප්ලස්, ත්‍රී ප්ලස් සහ චණ්ඩි බන්ඩි තියේ නං පොඩි එකා ලොවෙත් වැඩ කාරයෙක් වෙනවා ශුවර් කියලනේ.අනේ ඉතිං කාට කියන්ඩද මේවා.මේවා දෙන එක මං කියන හින්දා නවත්තන්ඩ එපා ඕං.අන්තිමට ඔය කොම්පැණි කාරයෝ මට තමයි ගේම දෙන්නේ.ඒක හින්දා ඔය ඇඩ්වල දාන විදිහේ ඒවා දෙන්ඩ හැබැයි පොඩි එකාගේ මොළේ හැදෙන විදිහටත් මොනවා හරි මනසට ආහාර ටිකකුත් දෙන්ඩ.

අපේ අම්මලා දැං පුරුදුවෙලා ඉන්නේ එයාලා 'චංගුමී' බලනකං පොඩි එකාවත් ඒකටම පුරුදු කරගන්න එකනේ.ඇත්තටම පොඩි එවුන්ට ටීවීනං බලන්ඩ දෙන්ඩ එපා.පොඩි එකාගේ මොළය හොඳටම වැඩ කරන්නේ පොතක් කියවද්දි.මොකද ඌ පොතේ අකුරුවලින් කියවන දේ උගේ මනස ඇතුලේ මවා ගන්ඩ උත්සාහ කරනවනේ.අන්න ඒ පරිකල්පන ශක්තිය කියන එක ටීවී එක බැලුවම විනාශ වෙලා යනවා.මොකද ඒක බලලා මොන බම්බුවක් මවා ගන්ඩද?

අපොයි පැන්නනේ මාතෘකාවෙං පිටට.උ/පෙ කරන හැටි ගැන කියන්ඩ ගිහිල්ලා ළමයි හැදිල්ල ගැන නොවැ කියන්නේ මේ.


දැං ඔන්න නැවතත් සුපුරුදු වැඩසටහන ඈ....

ඔය අපේ කට්ටිය කියනවනේ දේවල් මතක තියාගන්ඩ අමාරුයි, මේක එකපාර තේරුම් ගන්ඩ අමාරුයි, වගේ චෝදනා.ඇත්තටම මේ දේවල් නැවත නැවත උත්සාහ කළාම තමයි මොළේ අදාල ප්‍රදේශ පොලිෂ් වෙලා, මළකඩ එහෙම කැඩිලා හොඳට වැඩ කරන්ඩ ගන්නේ.ඒ හින්දා මතක තියාගන්ඩ ඕනෙම මැට්ටෙක්ට පුළුවං ඇත්තටම උවමනාව තියෙනවා නං මීටරයක් වෙන්ඩ.එහෙම මීටරයක් උනාම තියෙන ආතල් එක ඔයාලා දන්නවද දන්නේ නෑ.මමනං ඒකෙ ආතල් එක හොඳටම අත්දැක්කා.මම පළවෙනි පාර උ/පෙ කරලා ඉස්කෝලෙට ගිහිල්ලා අපේ මැඩම්ට ප්‍රථිපලේ කිව්වම මම පාස් උනා කියලා මැඩම් විශ්වාස කළේ නෑ.ඇත්තටම මට උනත් ඒක විශ්වාස කරගන්ඩ බැරුවයි හිටියේ.ඒත් දෙවෙනි පාර උ/පෙ භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්තරේ ලියලා කෝච්චියේ ගෙදර එද්දි මගේ යාලුවෝ මගේ පේපර් එකේ මම ගහලා තියෙන උත්තර බල බල උංගෙ උත්තර මගේ ඒවයිං වෙනස් උනාම 'ශිඃ මගේ ඒකත් වැරදියිනේ බං' කියලා කියද්දි මට මම ගැන ආව අභිමානය සහ ආඩම්බරය ආයේ කියලා වැඩක් නෑ.මම උඩ ගිය පාර කෝච්චියේ උඩ ෆෑන් එකෙත් වදින්ඩයි ගියේ ඕං.

හරි පොර කතා විරාමය අවසන් නැවතත් පාඩමට යොමු වෙමු.

ඊළඟට අපි නිකං පොදුවේ කතා කරමුකෝ කට්ටිය ඒ ඒ විශය ධාරාවන් තෝරගන්න එක ගැන.ඔන්න මමනං උ/පෙ වලට කරන්ඩ ආසාවෙන් හිටියේ සිංහල, දේශපාලන විද්‍යාව, සහ තර්ක ශාස්ත්‍රය කියන විශයයන් තුන.කොහෙද ගෙදරින් දැම්මා බර බරේ.මේක ඉතිං ගොඩක් අයට සිද්ධ වෙන දෙයක්නේ.තමුං ඉගෙන ගන්න දේ ගැන තීරණයක් ගන්ඩ ළමයට අයිතියක් නෑ.රටේ රස්සා තියෙන හැටියට ඉතිං එහෙම වෙන එකෙත් වැරැද්දක් කියන්ඩ බෑ.කොහොම හරි වැදගත් වෙන්නේ තමුන් ඉගෙනගන්න විශයට කැමැත්තක් හදා ගන්න එක.ඒක හදාගන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයා මත.උදාහරණයක් විදිහට මට තියෙනවා දත්ත හෙවත් එක එක කරුණු දැනගැනීමේ තණ්හාවක්.ඒ  නිසා මම මගේ හිතට තේරුම් කළා 'මචං දිනුක උඹ ආර්ට් ඉගෙනගන්න හිතුවට දැං මේකනේ ඉගෙන ගන්ඩ උනේ.ඒ උනාට හිතපං උඹට මේ විශයයන් ටික ඉගෙන ගත්තොත් මුළු විශ්වයම අධ්‍යයනය කරන්ඩ අවශ්‍ය කරන පදනමක් වැටෙනවා.බලපං විශ්වයේ දේවල් ඔක්කොම ශක්තිය සහ පධාර්ථය කියලා බෙදන්ඩ පුළුවං.ආයේ පධාර්ථය සජීවී පධාර්ථය සහ අජීවී පධාර්ථය කියලා බෙදන්ඩ පුළුවං.ඉතිං භෞතික විද්‍යාවට උඹ 'ශක්තිය' ගැන ඉගෙන ගන්නවා.රසායන විද්‍යාවට උඹ 'අජීව පධාර්ථය ගැන ඉගෙන ගන්නවා.ජීව විද්‍යාවට 'සජීව පධාර්ථය' ගැන ඉගෙන ගන්නවා.හෙන සිරා වැඩක්නේ බං.'
ඔහොම හිතලා පළවෙනි පාර කළේ නැති උනාට දෙවෙනි පාරනං හරිම ආසාවෙන් වැඩේ කළා.ඒ වගේම ගොඩ ගියා.




ඒ කියන්නේ අපි විශය තෝරගන්නේ විශයට කැමැත්තෙන් නෙමෙයිනං අපි විශය ඉගෙනගන්ඩ උනන්දු වෙයිද? නෑනේ.ළමයෙක් කැම්පස් යන්ඩ ඕනේ හින්දා විශය ධාරාවක් ඉගෙන ගන්නවනං ඒ ළමයා විශයන් ටික දකින්නේ තමුන්ට කැම්පස් යන්ඩ බැරිවෙන විදිහට දාපු බාධකයක් විදිහටනේ.එතකොට විශයත් එක්ක තරහා යනවා මිසක් ඒක ආදරයෙං ඉගෙන ගන්නේ නෑනේ.ඒ නිසා වැදගත්ම දෙයක් තමයි ඉගෙන ගන්න විශයට කැමති වෙන්ඩ.ඒ කියන්නේ විශයට කැමති නිසා ඉගෙන ගන්නවා කියලා තමුන්ව රවට්ට ගන්ඩ.එතකොට ටික කාලයක් යද්දි 'ගොබෙල්ස් න්‍යාය' අනුව ඒක තමුන්ටම ප්‍රත්‍යක්ෂයක් වෙලා යනවා.

හරි අදට ඇති 'ලබන කොටස ඉතිරි සතියේ....'

15 comments:

  1. මේවා කියවන්ඩ පාක්කු වැඩියි..

    ReplyDelete
    Replies
    1. ලබන ආත්මෙ හරි පොරොජංවෙයිනෙ,,, ඒ හින්දා කියවනවා.

      Delete
    2. ලබන ආත්මේ නෙමෙයි සරත් අයියේ දන්න කියන කාට උනත් කියලා දුන්නම මොකෝ වෙන්නේ.දැං හිතන්ඩැ හරී එහා ගෙදර ඉන්න හුරතල් කෙලි පැටික්කි ඇවිත් ඇහුවා 'හරී මාමේ මම උ/පෙ කරන්ඩයි යන්නේ.මට උපදෙස් ටිකක් දෙන්ඩ ඇහැක්ද?' කියලා.මොනවා කියන්ඩද?අන්න එතකොට කියන්ඩ මෙහෙම පෑලදොර කියලා සිරා බ්ලොගක් තියෙනවා.අන්න ඒක බැලුවනං හරි කියලා.හැබැයි කෙල්ල හිතුවොත් මේ හරියා මට ලිංගික අධ්‍යාපනේ ගැන ලිපි තියෙන බ්ලොගක් බලන්ඩ කියලා මොකාටද එන්ඩ හදන්නේ කියලා...මමනං දන්නෑ ඕං.

      Delete
  2. adoo mamai ban kiwwe 'aekath weradee' kiyala bota..uba uda giya kiyala danne nene...dannawanam bite koranawa :)

    ReplyDelete
    Replies
    1. එහෙම මූණට කියනවද බොල මම උඩ ගියා කියලා.හුහ්....හිතුව මදි ආව බයිට් කරන්ඩ.අඩෝ....ව් රෙදි ගලවනවා හරිය.....

      Delete
  3. අනේ දැන් විභාගේ කරලා ඉවරයි. මා උසස් පෙළ දී තෝරා ගත්තේ මම කැමතිම විශය ධාරාව.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම කළානං ගොඩම තමයි.විභාගේ ඉවර උනාට තව කොරන්ඩ බැරි නෑනේ.මම ආසයි කවදා හරි BA එකක් ගන්ඩ ඇහැක් නං.බලමුකෝ ට්‍රයි කරලා.

      Delete
  4. මං මහලු වයසේ බැරිය වෙන වැයුම් පෙරසේ... වටින අයට වටිනවෝ...
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. අපෝ නාකි උනාට අවුලක් නෑ ඕනෙමනං දැනුත් පෙර වගේ වයන්ඩ ඇහැකි.මම කියනවට පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්ඩ.

      Delete
  5. දිගටම මේ ගැන ලියන්න.මට මේ ලිපි පෙල හොගක් වැදගත්...................

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.වෙලාවක් ලැබෙන විදිහට ලියන්නම් හොඳේ....

      Delete
  6. කියලා තියන දේවල් සහතික ඇත්ත. මමත් 100%ක් එකඟයි ......පලවෙනි පාර මැටි ගොඩේ හිටියා මමත්, මටත් දෙවෙනි පාර උ/පෙ කරද්දි ඔය වගේම ලොකු පරිවර්තනයක් වුනා. සදාකාලික බ්‍රයිටන් හෝ මැට්ටන් නැහැ තමයි. හැබැයි A/L ගොඩයන්න නම් ඇ‍‍ඟේ පතේ හයියෙන් වැඩ කරලා බැරිය. තනිකරම මොලේ පාව්ච්චි කරලා හිතලම තමයි වැඩේ ගොඩදාගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අන්න හරි.හිටපංකෝ ඔය ගැනත් දිග ඇරලා ලියන්ඩ ඉන්නේ.

      Delete
  7. //..මම හිතන විදිහට පුංචි එකෙක් ඉපදෙනකොට උගේ මොළය නිකං හිස් කඩදාසියක් වගේ. ඊට පස්සේ ඌට ලැබෙන සංවේදනයන් එකින් එක උගේ මොළයේ සටහන් වෙන්ඩ ගන්නවා.අන්න ඒ දැනුම සහ අත්දැකීම් හරහා තමයි උගේ ජානවලින් තීරණය වෙච්ච බුද්ධිය වර්ධනය වෙනවද නැත්තං කෙළ වෙලා යනවද කියලා තීරණය වෙන්නේ....//

    මේකට මම හිතන විදිහට පෙර භවයේ පුරුදු පුහුණු කරලා තිබුණු දේවලුත් බලපානවා කියලා. උදාහරණෙකට මාවග ගත්තොත් පොඩි කාලේ ඉදලාම ඉතිහාසය කියන විෂයට වගේම බුදු දහමට තිබුණු අධික ඇල්ම කියන එක [අධික ඇල්ම කියන වචනේ පාවිච්චි කළේ මම පොඩි කාලේ කොහේ හරි ගියොත් බුද්ධ රූපේ තියෙන වෙසක් කාඩ් එකතු කරනවා. ඒ වගේමයි බුදු පිළිම දේව පිළිම එහෙම හරියට එකතු කළා.] අපේ අම්මාට තාත්තාට තියා පවුලේ කාටවත් තිබුණු දෙයක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. මම ඉතිං එව්වා පිළිගන්ඩ කැමති නෑ නෙව මචං.ඔය සංකල්ප එහෙම ආශාවක් නැති වෙච්ච අයව අධෛර්යයට පත් කරවන්ඩ පුළුවං.ඒ වගේම උනන්දු උනොත් එහෙම ඇල්මක් පොඩි කාලේ නොතිබිච්ච අයට උනත් ඒ විශයයන්ගේ කෙළ පැමිණෙන්ඩ පුළුවං නෙව.අනික මමත් පුංචි කාලේ බුද්ධාගමට සහ ඉතිහාසයට කැමැත්තෙන් හිටියා.අදටත් මම ඉතිහාස පොත් සල්ලි තියෙන වෙලාවට අරගන්නවා.කියවනවා.ඒ වගේමයි බුද්ධාගම සහ අනෙකුත් ආගම් ගැන උනත්.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...