
මම ලියපු ප්‍රජනන සෞඛ්‍ය ලිපි පෙළ කියවපු මගේ මිත්‍රයෙක් මට කියුවා "උඹ ලියලා තියෙන විදිහට කියවන එකාට හිතෙන්නේ සෙක්ස් තියෙන්නේ එන්ජෝයි කරන්ඩ මිසක් ළමයි හදන්ඩ නෙමෙයි කියලා." ඉතිං මම ඌට දීපු උත්තරේට තව ටිකක් අතිනුත් දාලා ඇත්තටම මම ඒ ලිපි පෙළ ලියන්ඩ හේතු වුනු සංසිද්දීන් සහ මගේ දැක්ම ටිකක් පැහැදිලි කරන්ඩයි හදන්නේ.සරත් අයියත් දවසක් කොමෙන්ට් එකක දාලා තිබ්බා කට්ටිය ලිංගිකත්වයට පෙළඹෙයිදෝ වගේ අදහසක් එන කොමෙන්ට් එකක්.ඒ කොමෙන්ට් එකට උත්තර දෙද්දිත් මම පොරොන්දු උනා ඒ ගැන මගේ අදහස වෙනම ලිපියක ලියනවා කියලා.
ප්‍රජනනය සහ ලිංගිකත්වය කියන්නේ දෙකක්ය කියලා මම මේ ලිපි පෙළ පටන් ගන්න කොටම කිව්වා.ප්‍රජනනය කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කරන ක්‍රියාවලියට.නමුත් ප්‍රජනනය කියන්නේ ලිංගිකත්වයේ එක් පැතිකඩක් විතරයි.මිනිස්සු අනිත් සත්තු වගේ නෙමෙයි.අවුරුද්ද පුරාම ලිංගිකව එක්වෙනවා.ඒ වගේම මිනිසාගේ උසස් බුද්ධිය නිසා අපේ සංවේදී ඉන්ද්රියයන්ගෙන් ලැබෙන සංවේදනයන් තෘප්තිමත් කරගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා.අපි කෑම කන්නේ අනිත් සත්තු වගේ නෙමෙයි.හොඳ රස තියෙන ඒවා තෝරලා.රස නැත්තං රස කර ගන්ඩ අපි කටයුතු කරනවා.අපේ ආඝ්‍රාන සංවේදනය වෙනුවෙන් සුවඳ විළවුන් පාවිච්චි කරනවා.සංගීතය කියන්නේ ශ්‍රවනය පිනවන්න නිපදවූ ක්‍රමයක්.මේ වගේම ලිංගික ක්‍රියාවත් වඩාත් තෘප්තිමත් දෙයක් කරගන්ඩ මිනිසුන් පෙළඹිලා ඉන්නවා.ලිංගික එක්වීම තෘප්තිමත් දෙයක් උනේ නැත්තං කවුරුත් ලිංගිකව එක් වෙන එකක් නෑනේ.ඒ නිසා පරිණාමයෙන් දැනට ඉන්න සත්තුන්ට ලිංගික ක්‍රියාව තෘප්තිමත් දෙයක් බවට පත් වෙලා තියෙනවා.මිනිස්සු වන අපි ඇඳුම් ඇඳීමෙන්, සුවඳ, රූප, ආදිය භාවිතයෙන් මේ ලිංගික ක්‍රියාව තවත් වර්ණවත් කරගෙන රසවත් කරගෙන ඉන්නවා.
මේ සම්බන්ධයෙන් එක එක අයට තම තමන්ගේ ආගම දහම අනුව එක එක මත ඇති.ඒ උනත් තමුන් ලිංගික සතුට ලබන එක වැරැද්දක් කියලා කවුරුවත් හිතන එකක් නෑනේ.අබ්රහ්මචාරී කවුරු හරි ඒක වැරැද්දක්ය කියලා දැක්කත් අනිත් අය ඒ තෘප්තිය ලබන එක වැරැද්දක් විදිහට දකියි කියලා මම හිතන්නේ නෑ.
මගේ මිත්‍රයා අහපු කරුණ එක්ක සෘජුවම සම්බන්ධ වෙන්නේ උපත් පාලනය කියන එකනේ.මේ ගැන මේ දවස්වල සමාජයේ හරියට කතා වෙනවා නොවැ.ගැහැනු ළමයෙක් සාමාන්‍යයෙන් අවුරුදු 13-14 වගේ වෙද්දි වැඩි වියට පත් වෙනවා.ඊට පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු 55 විතර වෙද්දි තමයි ආර්ථවහරණය ඒ කියන්නේ ඔසප් වීම නවතින්නේ.එතකොට මේ ලිංගික සාඵල්‍යතාව ඇති අවුරුදු 40දි අවුරුද්දකට එක දරුවා ගානේ දරුවෝ 40ක් හැදීමේ සම්භාවිතාවක් තියෙනවනේ.ඒක අපි 10ට අඩු කරමුකෝ.එතකොට දෙන්නෙක් (සැමියා හා බිරිඳ ) දරුවො 10ක් හදනවා කියන්නේ ජන ගහනය පස්ගුණයකින් වැඩි කරන්ඩ දායක වෙනවා නේද?
ලංකාව කියන්නේ රබර්වලින් හැදිච්ච දෙයක් නෙමෙයිනේ.මිනිස්සු වැඩි වෙද්දි ඉඩම් වැඩි වෙන්ඩ.මේක කියවන ඔයාලා උනත් දැකලා තියෙන දෙයක් වෙන්ඩ ඇති ඉස්සර අපි පොඩි කාලේ (මට සාපේක්ෂව අවුරුදු 15කට විතර කළිං ) අපේ ගෙදර වත්තෙන් පැන්නම එක දිගටම තියෙන්නේ මහා විශාල ඉඩම්.බට තුවක්කු හදාගෙන ඒවට කිරිල්ල කඩන්ඩ, ඇඹුල් පේර එරමිණියා කඩන්ඩ පැය ගාණක් උනත් ඇවිදලා එන්ඩ තිබිච්ච මහා ලොකු වතු ඔක්කොම මේ වෙද්දි කෑලි කෑලිවලට කැඩිලා කම්බි වැටවල් ගහලා නේද?හැම පුංචි පර්චස් දහයේ පහළවේ ඉඩංවල කුකුල් කොටු වගේ බාගෙට සිමෙන්ති ගල්වලින් බැඳපු ගෙවල්.හැම එකේම හොටු පෙරාගත්තු කැහැටු පොඩි එවුන්.මේ ගොල්ලන්ට දෙන්ඩ රස්සා තියෙනවද?නොමිලේ උගන්නන්ඩ, සෞඛ්‍යයට වියදම් කරන්ඩ ආණ්ඩුවට සල්ලි තියෙනවද?
තමුන්ගේ ජාතිය වැඩි කරගන්ඩ කියලා හෝ ගාලා ළමයි හදන්ඩ කියන අය මේවට මොනවා හරි සැළැස්මක් හදලා තියෙනවද?දුප්පත් මිනිස්සු තමුන්ගේ ප්‍රශ්න, දුක හැමදේම අමතක කරන්නේ බීමෙන් සහ රමණයෙන්.ඒ මිනිස්සුන්ට උපත්පාලන ක්‍රම ගැන අවබෝධයක් නොදී උපත් පාලනය විජාතික කුමන්ත්‍රණයක් කියලා කිව්වම මොකද වෙන්නේ?.අනිත් එක ඔවුන්ව ජාතිවාදයෙන් වගේ දේකින් කුළප්පු කරන්ඩ හරි ලේසියි.හොඳට බලන්ඩ ඔය ළමයි හදන්ඩ කියලා වේදිකාවල මුර දෙන ඇත්තෝ ළමයි කීයද හදලා තියෙන්නේ කියලා.ඒක සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා ....කිසිම වෙනසක් නෑ.හොඳට සල්ලි තියෙන උගත් එවුන් ළමයි හදන්නේ උපරිම තුනයි.එහෙම කරලා අනිත් උන්ට කියනවා ජාතිය බේරගන්ඩ ළමයි හදන්ඩ කියලා.මේවා තමයි හොඳම ජෝක්.....


සාමාන්‍යයෙන් පිරිමි ගැහැනු දෙගොල්ලොම අවුරුදු 15 විතර වෙනකොට ලිංගිකව පරිණත වෙනවා.ලිංගික හැඟීම් ඇතිවෙන්ඩ පටන් ගන්නවා.ඒත් දැන් තියෙන ආර්ථික ක්‍රමය යටතේ කට්ටියට බඳින්ඩ වෙන්නේ අඩුම තරමේ අවුරුදු 25වත් පැන්නට පස්සේ.ඒ කියන්නේ අවුරුදු දහයක් මේ තරුණ ඇත්තන්ගේ ඉවසීම පරීක්ෂා කරනවා.ඒ උනාට ඇත්තටම ඒ විදිහට ඒ අය ඉවසගෙන ඉන්නේ නෑනේ.සිදුහත් කුමාරයත් අවුරුදු 16 වෙනකොට බැන්දා නෙව.ඇයි මේ අපිට විතරක් තහංචි? බැන්දා නොබැන්දා කියලා ලිංගික ආශාවේ අඩු වැඩි වීමක් නෑනේ.ඒ නිසා මේ තරුණ ප්‍රජාව දංවැල් දාලා, තහංචි දාලා හිරකරගෙන ඉන්නවට වඩා තනි තීරණ ගන්ඩ හැකි වැඩිහිටියන් උනාට පස්සේ ඒ අයගේ ලිංගික නිදහස ලබා දුන්නයි කියලා මොකද වෙන්නේ? වැදගත් වෙන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම් නවත්තන්න උපත් පාලන ක්‍රම ගැන හොඳ දැනුවත් කිරීමක් විතරයි නේද?ඒ වගේම නියම විදිහට ලිංගිකත්වය රසවිඳින්ඩ නියම ලිංගික දැනීමකුත් තිබුණොත් වඩාත් හොඳයි නේද?

වික්ටෝරියානු යුගයේ ස්වයං වින්දනයේ යෙදීම වැලැක්වීමට මේ උපකරණය ඇන්දුවාලු.....
අපේ කොලු පැටව් කෙලි පැටව් මෙව්වා එක තියෙන්නේ චූ කරන්ඩ විතරක් නෙමෙයි කියලා දැනගත්තට පස්සේ ඒ ගැන හොයන්ඩ කොච්චර උත්සාහ කළත් නිසි දැනුමක් ගෙදරින් හෝ පාසැලෙන් ලැබෙන්නේ නෑ නේද? ඉතිං මුන් යාළුවන්ගෙන් ලබා ගන්නා අක්‍රමවත් දැනුම නිසා විනාසයක් කරගෙන නවතින්ඩ තියෙන ඉඩ වැඩියි.සිංහලෙන් මේ ගැන නිසි දැනුමක් ලබා දෙන්ඩ මට හැකි විදිහට මම ගත්ත පුංචි උත්සාහයක් තමයි මේ ලිපි පෙළ.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
කලිං ලිපියට දාන්ඩ තිබ්බ සින්දුවක් දාන්ඩ අමතක උනානේ.ඔන්න ඒක මේකේ දානවා.කට්ටිය බාගන්ඩ හොඳේ.
කෝච්චි බයිලා