10 September 2012

අම්මෙක්, ලොකුකමක් සහ පොඩි එකෙක්





අනේ කන්නෑනේ
අපේ පුතා
කොච්චර කරදරයක්ද
චීස් ජුන්ඩක් කනවා
එච්චරමයි
බත් පේන්ඩ බෑ
බලන්ඩකෝ ඇඟේ හැටි

එදා පාටි එකේදි
බත් ඉල්ලලා ඇඬුවම
අතින් අල්ලලා
ගස්සලා හොලවලා
කනට කොඳුරලා
කිව්වා මෙහෙම
පටං ගත්තද බෙරිහං දෙන්ඩ
කෑම දැකලා නෑ වගේ
යමුකෝ ගෙදර
මම දෙන්ඩ පාර

අනේ මේ ලොකු උන්ට
පිස්සුද කොච්චරක්
චුට්ටකට කළිං කිව්ව එක
මේ දැං නෑ මතක


10 comments:

  1. අම්මෝ ඔය වගේ බොරු පුරාජේරු ගහන අම්මල තමයි ළමයිව කන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේන්නං.පොඩි එකාට ආතක් පාතක් නැතුව යනවනේ.මොනවා කරන්ඩද කියලා ඌට හිතාගන්ඩ බැරි වෙනවා.

      Delete
  2. ඔය වගේ පුරාජේරු ගහන අම්මලාව නම් මම් දැකලා තියෙනවා. බඩේ බත් ටිකවත් නෑ.. ඒ උනට කටේ නම් සවුදමේ අඩුවක් නෑ....

    ReplyDelete
    Replies
    1. වංසේ කබල් ගාන්නෙත් ඔය කට්ටියම නේද?

      Delete
  3. මලය මාරයාගේ බ්ලොග් එකේ දාපු comment එකට මෙන්න මගේ පහ

    ReplyDelete
    Replies
    1. ආ ඕවා මොනවද අප්පා.ඔන්න එහෙනං පහක් මාත් දැම්මා...

      Delete
  4. ලෝකෙට පරකාසේ ගෙදරට මර ගාතේ :D

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...