මම පළවෙනි පාර උ/පෙ කළාට හරි ගියේ නෑ නෙව.ඔන්නොහේ දෙවෙනි පාරත් කරනවා කියලා ඉන්න කොට තමයි නිලන්ත ජයසූරිය අයියගේ භෞතික විද්‍යාව පන්තිය සෙට් උනේ.පොරට දැං කට්ටිය කියන්නේ සර් කියලා උනාට ඒ දවස්වල කවුරුත් කිව්වේ අයියා කියලා.මිනිහා දස්සයා.හැබැයි ටිකක් පණ්ඩිත ඩයල් එක.සමහර අය මිනිහගේ පන්ති ආවෙත් නෑ මිනිහගේ පණ්ඩිත ටෝක් හින්දා.මට ඉතිං ඕවා එච්චර ගාණක් නෑ නෙව.ඉතිං මමනං දිගටම ගියා.හැබැයි පන්ති ගියාට යන්නං වාලේ ගියා මිසක් කිසි 'කික්' එකක් තිබ්බේ නෑ.ඔන්න ඔහොම ටික ටික කාලේ ගෙවිලා යනවා ඈ.
මිනිහගේ වැඩක් තිබ්බේ ඔය ප්‍රසිද්ධ ඉස්කෝලවල වාර විභාග ප්‍රශ්න පත්තරත් හොයලා පන්තියෙ කට්ටියට දෙනවා කරන්ඩ.ඔන්න ඔහොම දීපු රත්නාවලියේ ප්‍රශ්න පත්තරේක තිබ්බ බහුවරණ ප්‍රශ්නයක් මගේ ජීවිතේ වෙනස් කෙරුවා.
ඒ දවස්වල ගෙදර ඇවිල්ල කොරන්ඩ තිබ්බේ ටීවී එක බලන එක තමයි.මොකෝ ලැපක් තියා කැල්කියුලේටර් එකක්වත් තිබ්බේ නෑ නෙව.ඉතිං ටීවී බැලිල්ලත් එපා වෙච්ච දවසක කරන්ඩ වෙන වැඩක් ඇත්තෙම නැති හින්දා ඔය ප්‍රශ්න පත්තරේ අරගෙන අහඹු ලෙස ඔය කියන බහුවරණේ තෝරගෙන විසඳන්ඩ උත්සාහ කළා.හපුච්චියෝ මේක හදන්ඩම බෑනෙ බොලේ.අන්තිම චාටර් ගාණක්.මට මුළිං හිතුනේ මේකෙ දත්ත දීලා මදි වෙන්ඩ ඇති කියලා.ඒ උනත් ඉස්කෝලෙ විභාගෙටත් දීලා අපේ නිලන්ත ලොක්කගේ කණෙනුත් රිංගලා මගේ අතට ආපු මේ ගාණේ දත්ත අඩු වෙන්ඩ විදිහක් නෑ කියලා මට තේරුණා.
ඉතිං දන්න දහං ගැට ඔක්කොම දාලා කල්පනා කරනවා කරනවා කරනවා කරනවා කරනවා කරනවා කරනවා..........
ම්....හු නෑ නෙ ආවේ උත්තරයක්.
ඔන්න එහෙනං කට්ටියට ගාණ දීලා ඉන්නංකෝ ඉස්සෙල්ලම.ගොඩක් අයට මේක පත්තුවෙයි සුටුස් ගාලා. ඒ උනාට මටනං සෑහෙන වෙලා ගියා ඈ.
ඔන්න ඉන්නවා පොඩි එකෙක්.මේකා ලෝකයෙක් ඈ. මූ ළඟ තියෙනවා සාමාන්‍ය තරමේ ඝණක ගොඩක්.ඉතිං මේකා මේ ඝණක ටික එක උඩ එක තියලා හදන්ඩ හදනවා පොඩි කුළුණක් (අර නෙළුම් කුළුණ වගේ ඈ ). හැබැයි මුගේ තියෙන නොසන්ඩාල අසමජ්ජාති කමට මේකා මේක හදන්ඩ හදන්නේ ආනත තලයක.ඒ කිව්වේ ඇද පොළවක.මේ ආනත තලය තිරසත් එක්ක හදන කෝණය (X) කියලා දීලා තියෙන්නේ.ඔන්න ඉතිං කට්ටිය දන්නවනේ මෙහෙම ඇල පොළොවේ කුළුණු හදද්දි වෙන දේ ඝණක එකක් දෙකක් තුනක් හතරක් පහක්........දඩ බඩෝං... ගාලා මේ කුළුණ පෙරළෙනවනේ.ඉතිං ගාණේ අහලා තිබ්බේ එහෙම පෙරළෙන්නැතුව පොඩි එකාට තියන්ඩ පුළුවං උපරිම ඝණක ගාණ.
ආ... තව දත්තයක් විදිහට දීලා තිබ්බා,
tan X = 1/6 කියලා.
එච්චරම තමයි ගාණ.
හදන්නංකෝ මෙයා ඕක සුටුස් ගාලා කියලා එන ඈයින්ට ඔන්න රූප සටහනකුත් මගෙ ගානේ...
කට්ටිය දන්නවනේ බහුවරණෙකට අපිට ගන්ඩ පුළුවං විනාඩි දෙකයි.ඔය විනාඩි දෙකේදි දන්න සූත්තර ඔක්කොම දාලා හරි උත්තරේ හොයා ගන්ඩ ඕනෑ.ආචාර්ය රෝසා මහත්මයට පිංසිද්ද වෙන්ඩ උත්තර පහෙන් දෙකක් තුනක් නිකංම හලලා දාන්ඩනං ඉගෙන ගත්තා.හැබැයි මේකටනං ගාණ හදන්ඩම වෙනවා.
ඉතිං විනාඩි දෙකෙං හැදිය යුතු ගාණ හදන්ඩ මට ගියා පැය තුනක් !!!
හදන්ඩ උත්සාහ කරලා පහළ මම හදපු විදිහත් බලන්ඩකෝ.....
මේකේ ඝර්ෂණ සංගුණකේ දීලා නෑ නෙව කිය කියා මම අහස පොළොව ගැට පටලගෙන කල්පනා කර කර ඉන්න කොට තමයි මට එක පාරට පත්තු උනේ බොලේ මේකෙ හිතන්ඩ ඕනේ ගුරුත්ව කේන්ද්‍රය ගැන නෙව කියලා.මොනා කරන්ඩද මෝඩ මොළේ නොවැ ඒක හිතෙන්ඩම ගියානේ සෑහෙන වෙලාවක්.
රූපෙදි මම එක ඝණකයක පැත්තක දිග 2y විදිහට ගත්තා.එතකොට ගුරුත්ව කේන්ද්‍රය ක්‍රියා කරන්නේ කුළුණේ පැත්තක ඉඳං y දුරකින්.ඒ වගේම පොඩි එකා පෙරළෙන්නැතුව හදන කුළුණේ උස මම 2h කියලා ගත්තා.එතකොට ගුරුත්ව කේන්ද්‍රය වැඩ කරන්නේ කුළුණේ පාදයෙ ඉඳං h උසකින්.
ඔන්න ඒක හිතුනට පස්සේ වැඩේ ලේසියි.කුළුණේ පාදයෙන් කුළුණේ ගුරුත්ව කේන්ද්‍රය පිට පැන්නොත් කුළුණ පෙරලෙනවා.එච්චරයි මොළේට එන්ඩ ඕනේ.රෝසාගෙ බහුවරණ විවරණේ මේක තිබ්බනං තියෙන්නේ
'මෙය තත්පර දෙක තුනකදී ඔබේ ඔලුවට ආ යුතුය.එහෙම නැත්නම් ඔබ පල් මෝඩයෙකි.ඔබ වහාම අටේ පන්තියට යා යුතුය.'
දැං එහෙම ගුරුත්ව කේන්ද්‍රය කුළුණේ පාදයෙන් පිට පැනීමේ සීමාකාරී අවස්ථාව සළකා රූපයක් ඇන්දොත් මේන්න මේ වගේ.....
දැං ඉතිං සරළ ජ්‍යාමිතිය.අර Z ස්කෝර් එක හොයන්ඩ දාපු ජ්‍යාමිතික සූත්‍රෙ නොදා වෙන එව්වා දාන්ඩ හොඳේ....
දැං ඔය කෝණේ X කියලා දීලා තියෙනවනේ.එතකොට ගුරුත්ව කේන්ද්‍ර රේඛාවත් එක්ක හැදෙන ත්‍රිකෝණයේ (ගුරුත්ව කේන්ද්‍රය පොළවට ලම්බක නිසා) එක කෝණයක් අංශක 90යි.ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180ක් නිසා ඉතුරු කෝණය (90-X) වෙනවනේ.ඊට පස්සේ ප්‍රතිමුඛ කෝණ සමාන නිසා ඉස්සරහා තියෙන කෝණෙත් (90-X) වෙනවා.
දැං ඔය කුළුණේ h උස පාදයයි y දිග පාදයයි එක්ක ගුරුත්ව කේන්ද්‍ර රේඛාව එකතුවෙලා හදන කහ පාට ත්‍රිකෝණේ පහළම කෝණයත් අංශක X වෙනවා.මොකද කුළුණ ආනත තලයත් එක්ක හදන්නේ ලම්බක කෝණයක් (අංශක 90) නිසා,
90-(90-X) = පහළ කෝණය
ඔන්න දැනුයි ගාණේ දීලා තිබ්බ එකම දත්තය වැදගත් වෙන්නේ.
tan X = 1/6
එතකොට ඔය කහපාට ත්‍රිකෝණේ සළකපුවාම,
tan කියන්නේ සම්මුඛ පාදය / බද්ධ පාදය නිසා
1/6 = y/h
ඒ කියන්නේ,
h = 6y
මුළු කුළුණේ උස 2h නිසා, කුළුණේ උස = 12y
නමුත් ඝණකයක පැත්තක දිග 2y නිසා ඝණක ගණන 6යි.
ගාණ එච්චරයි.ක්‍රමේ අහු උනොත් තප්පර ගාණයි.නැත්තං ඉතිං මට උනා වගේ අපරාදේ කාලේ.
කොහොම හරි මොන කෙං ගෙඩියකටද මංදා මට මේ ගාණනං අමතක වෙන්නෙම නෑ......
ඉතිං ඔන්න උත්තරේ ආවම මට මාර ආතල්.ඒක හරියට මුහුදේ අතරමං වෙච්ච එකෙක්ට ගොඩබිමක් දැක්කා වගේ, මුත්‍රා බරක් තියෙන එකෙක්ට වැසිකිළියක් දැක්කා වගේ බැඳපු එකෙක්ත බාර් එකක් දැක්කා වගේ නිරාමිස ප්‍රීතියක්. ඒ ආපු ආතල් එක හින්දා භෞතික විද්‍යාවට ප්‍රේම කරන්ඩ පටං අරගෙන පුදුම තෘප්තියක් ලබන්ඩ ගත්තා ගණං හදලා.
පොඩි කාලේ ඉඳං වැඩ කාරයො වෙච්චි, ඉඳලා හිටලා ගාණක් වැරදිච්චි උන්ට මේ ආතල් එක තේරෙන්නෙ නෑ.ඒක තේරෙන්නේ මොකුත්ම බැරුව ඉඳලා 'අඩේ මටත් පුළුවං බොලව්!!' කියන ආතල් එක ආව උන්ට තමයි.
ඔන්න මම හැමෝටම කියන මගේ උදාන වාක්‍යය කියලා මේ ලියපු එක ඉවර කරන්නං.
'අයින්ස්ටයින් දෙවෙනි පාරටත් විභාගෙ ගත්තේ නැත්තං සමහර විට හිට්ලර් මුළු ලොකෙම අල්ලන්ඩ තිබ්බා...'
උඹ මං අකමැතිම දේ ගැන පෝස්ටුත් ලියන්න අරං! මට ෆිසික්ස් අරහං බං..ඒ විශය බොහොම රසවත් බව තේරෙනවා! ඒත් මුල් කාලේ පන්ති යන්නෙ නැතුව හිටපු එකෙන් හරි බේස් එකක් වැටුනේ නෑ! ඒ අඩුව දිගටම වද දුන්නා මට!
ReplyDeleteමමනං දෙපාරක්ම පන්ති ගියා නොවැ.අනික පළවෙනි පාර පන්ති කීපෙකටම ගියා ඉන්න පන්තිය එපා වෙනකොට.ඉතිං හැම එකේම අවුරුද්දක් විතර උගන්නන්නේ යාන්ත්‍ර විද්‍යාවනේ.ඒක ඇහිල ඇහිලම අවිඥානිකව ඔළුව ඇතුලට ගිහිල්ලා දෙවෙනි පාර ඉගෙන ගද්දි ලොකු උදව්වක් උනා.පළවෙනි පාර කරද්දි මට අප්‍රසන්න විශයක් වෙලා තිබ්බ භෞතික විද්‍යාව දෙවෙනි පාර කරද්දි මගේ ප්‍රියතම විශය උනා.
Deleteසාබිත්ට වෙච්ච දේම තමයි මටත් උනේ. මමත් මුලදි මුලදි බොහොම ආසාවෙන් ෆිසික්ස් ක්ලාස් එක කට් කළා. අන්තිමට රත් වෙන්න ගන්න කොට පෙරහැර ගිහින්. :) ඒ දවස්වල මගේ ෆේවරිට්ම කෙමිස්ට්‍රියි ඇප්ලයිඩ් මැත්ස්සුයි.
Deleteමට නම් තේරුනේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැනේ :)
ReplyDeleteලොවෙන් එකෙක් මොකක්ද එකකට වෙයි සමත කියනවනේ.ඉස්සර තමා ක්ෂේත්‍ර කීපෙක උගත් මිනිස්සු හිටියේ.කවුද බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලිං ලොක්කා ඔය අකුණුවල විද්‍යුතය ගැන පරීක්ෂණ කළා වගේම වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ එකක් වෙන කැතීටර් එකක් නිපදවලා තිබුණා.ඔය වගේ අය ඉස්සර හිටියට දැං එක් එක් විශය ක්ෂේත්‍රවල දැනුම පරාසය ලොකු හින්දා හැමෝටම එක ක්ෂේත්‍රයකට සීමා වෙන්ඩ වෙලා.මක්කා කොරන්ඩද?
Deleteඒ කාලේ නම් ඕවා ගේමක් නෑ.දැන් ඕවා නැති නිසා බලන්නෙත් ඇහැක් වහගෙන ඔය දිහා :)
ReplyDeleteඒකනේ මචං පණ දාගෙන මේවා ඉගෙනගෙන මේවයෙං හෙණම ජුන්ඩයි අපි දැං පාවිච්චි කරන්නේ.කමක් නෑ ඔළු ගෙඩිය හරි චුට්ටක් පාවිච්චි උනානේ ඒ කාලේ.
Deleteඅර විදිහට බල ටික ළකුණු කරලා වැඩේ පටන් ගත්තා... ඒත් ඇත්තම කියන්ඩ එපැයි අර සීමාකාරි අවස්ථාව අමතක වෙච්ච නිසා ගාන හදාගන්ඩ බැරි උනා.... ඊට පස්සේ මලයගේ උත්තරේ බලාගත්තා... :)
ReplyDeleteරෝසා සර්ගේ පොත් සෙට් එක නිසා මම ඉගෙන ගත්ත ලොකුම දේ තමා සමානුපාත ප්‍රකාශනයක් හදාගෙන උත්තරේ ටුක් ගාලා ගන්ඩ පුලුවන් ක්‍රමේ !!!!! හික්ස් :)
අපිව කැම්පස් තල්ලු කරන්ඩ උදවු වෙච්ච රෝසා සර්ට අනේකවාරයක් පින් !!!
ඒකනේ මං කිව්වේ.ක්‍රමේ ජුන්ඩක් හරි මිස් උනොත් සොරිම තමා.රෝසා උත්තමයට පිං සිද්ධ වේවා.මම දෙවෙනි පාර උ/පෙ කරද්දි මුල් බහුවරණ විස්සයි අග බහුවරණ දහයයි හරිම පොඩි කාලෙකිං ඉවර කළා.මැද තිහ තමයි වෙලා අරගෙන කළේ.කොහොම හරි වෙලාවත් ඉතුරු උනානෙව.රෝසා නැත්තං මම අද කොහේ ඉන්ඩ තිබ්බද?
Deleteවිභාගේ කරලා ගෙදර ඉන්න දවස්වල පුස්සැල්ල සර් උත්තර සෙට් එක ලියපු හෑන්ඩ්බිල් එකක් ගෙදෙට්ටම එවලා තිබ්බා. මම ඒක බලලා මගේ බහුවරණ ටික චෙක් කොරගත්තා... හත්තිලවුවේ තිහයි හරි ගිහින් තිබ්බේ...
Deleteඒ දවස් ටිකේ මම් බිත්තර තම්බ තම්බ හිටියේ !!
ලියන එක ගොඩ දගත්ත හින්දා හොදා... නැත්නම් ගෙදර තමා ඉන්ඩ වෙන්නේ... :)
මගෙනං දෙවෙනි පාර 51ක් හෝ 52ක් හරි ගිහින් තිබ්බා.පළවෙනි පාර ගැන කතා කරලා වැඩක් නෑනේ. S එකක් ගන්ඩ MCQ කීයක් ඕනෙද? :)
Delete