කාලෙකට පස්සෙ බ්ලොග බලන්ඩ ආවේ.මගෙ අම්මෝ කියවන්ඩ ඉතුරු වෙලා තියෙන පෝස්ට් තොගේ.කාගෙවත් පෝස්ට් එකක් කියවලා කොමෙන්ට් එකක් දාන්ඩත් බැරි උනා නේ.අද ඉඳන් පොඩියට අලුත් වැඩක් පටන් ගන්ඩ හිතුවා.හැබැයි දිගට ම කරගෙන යයි ද නං දන්නෑ.මොකද මම ගොඩක් එහෙම පටන් අරන් මගදි නවත්තලා දානවනේ කම්මැලිකමට.
මේකයි කේස් එක.මේ දවස්වල මට විභාගේ.ඉවරයක් නැති විභාගවලින් තවත් එකක්.විශය හරි වැදගත් එකක්.ඒක තමයි "ප්‍රජනක සෞඛ්‍යය".මේ විශය අපේ රටේ කතා කෙරෙනවා අඩුයි නේ.මේ ගැන කතා කරන්ඩ ඕනෙ, කවුරුත් කතා කරන්නෑ කිය කිය ඉන්නවා මිසක් කවුරුත් කතා කරන්නේ නෑ.ඉතිං මේ වැදගත් විශය ගැන සුළු විස්තරයක් අපේ හෙළ බසින් කරන්ඩ තමයි මගේ බලාපොරොත්තුව.ටිකක් අවුල් යයි.මොකද සමහර වචන සිංහලෙන් ඉගෙනගෙනම නෑ.සමහර සිංහල වචනවලට වඩා ඉංග්‍රීසි වචන සමාජ ගත වෙලා තියෙනවා.බලමු කොහොම හරි ගැට ගහගන්ඩ.
අනික හැමෝම තම තමංගේ විශය ගැන ලිපි ලියනවා.ඉතිං බොලේ මාත් මොනවා හරි ලියන්ඩ එපායෑ.
මුලින්ම ප්‍රජනනය කියන්නෙ මොකක්ද කියලා දැනං ඉන්න එක හොඳයිනේ.ප්‍රජනනය කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා ඇති ස්වභාවික ක්‍රියාවලිය කියලා කවුරුත් දන්නවා.ඒත් ඇයි මේ ප්‍රජනනය කියන ක්‍රියාවට දෙන්නෙක් සම්බන්ධ වෙන්නේ? ඇයි මේක මෙච්චර සංකීර්ණ?
දැනටත් පරිණාමයේ පහත් මට්ටම්වල ඉන්න ජීවීන් ඒ කියන්නේ ඔය බැක්ටීරියා වගේ අය එක්කෙනෙක් ලොකු වෙලා ලොකු වෙලා එක පාරට දෙකට බෙදිලා දෙන්නෙක් වෙන ප්‍රජනන ක්‍රම තියෙනවා.ඒ වගේම ඔය ගොඩක් ගස්වලත් තියෙන්නේ අතුවලින්, මුල්වලින් අළුත් පැළ එනවා.ඔය පෙම්වතියෝ ඉන්න(වදක භාරියෝ) අයට හිතෙන්ඩ පුළුවන් අනේ අපිටත් මේ විදිහට තිබ්බනං ලොකේ කොච්චර සොඳුරුයිද කියලා.
නමුත් මේකේ ගැටළු තියෙනවා.මොකද මේ වගේ සරළ ප්‍රජනන ක්‍රමයකින් බිහිවෙන අලුත් ජනිතයා මව් ජනිතයාට බොහෝම සමානයි.ඒ කියන්නේ හිතන්ඩ හිට්ලර් මේ විදිහට ලොකු වෙලා ලොකු වෙලා දෙකට බෙදුණානං හැදෙන්නේ ඒ වගේම උස, ඒ කටහඬම තියෙන, ඒ වගේම හිතන පතන දෙන්නෙක්.අනේ ෂෝක්නේ කියලා කට්ටියකට හිතෙන්ඩ පුළුවං.ඇත්තනේ නිකං හිතන්ඩ දීපිකා පදුකෝන්ලා සීයක් හමාරක් හිටියනං අපිටත් කණාවට හරි චාන්ස් එකක් එන්ඩ ඉඩ තියෙනවනේ නේද?
ඒ උනාට සමාජයක් විදිහට බලද්දි තමයි ගැටළුව එන්නේ.අපි හිතමු නිකං ළාදුරු වගේ ලෙඩක් ගැන.දැං බෙහෙත් තිබුණට ඔය රොබින් හුඩ් එහෙම බලපු අයට මතක ඇතිනේ ඒ ලෙඩ්ඩුංව සමාජයෙන් කොන් කරලා කැළේ මැරෙන්ඩ ඇරලා තිබ්බ හැටී.ළාදුරු ගත්තම සමහර මිනිස්සුන්ට ලෙඩේ හැදුනා.හැදිලා මැරුණා.ඒත් සමහරුන්ට ලෙඩ්ඩු ළඟින් ආශ්‍රය කළත් ලෙඩේ හැදුනේ නෑ.එහෙම උනේ මිනිස්සු එකිනෙකාට ජානමය වශයෙන් තරමක් වෙනස් නිසා.එකිනෙකා ඒ ඒ ලෙඩේට දක්වන ප්‍රතිරෝධය වෙනස් නිසා.බැරිවෙලාවත් මිනිස්සු ඔක්කොම එක වගේ වෙලා මොකක් හරි මාරාන්තික ලෙඩක් පැතිරුණානං ඔක්කොම චකබ්ලාස් තමයි.අන්න ඒ නිසා තමයි ජීවීන් පරිණාමයේදී තමන්ගේ ඊළඟ පරම්පරාවට තමන්ගේ ජාන මිශ්‍ර කරලා දෙන ක්‍රමවේදයක් ඇති උනේ.
දැං අපි යමු චුට්ටක් විතර ගැඹුරු කතාවකට.ඔය උ/පෙ වලට ජීව විද්‍යාව ඉගෙනගත්තු අයටනං මේ ගැන යම් අවබෝධයක් ඇති.අනිත් අයට එහෙම දැනුමක් ලැබෙන්නේ නෑනේ.එයාලම හොයා ගත්තොත් මිසක්.ඒක නිසා මම හැකිතරම් සරළව කියන්න බලන්නං.
මොනවද මේ ජාන සහ ඩී එන් ඒ කියන්නේ??
ඩී එන් ඒ කියන්නේ සරළවම කිව්වොත් එක්තරා විදිහක භාශාවක්.අපේ ඇඟේ තියෙන ගොඩාක් සෛලවල අපේ ශරීරය ක්‍රියාකළයුතු ආකාරය ගැන ලියවෙච්ච දත්ත ගොන්නක පිටපතක් ගානෙ තියෙනවා.

මේ රූපයේ තියෙන්නේ ඩී එන් ඒ අණුවක සරළ ව්‍යුහයක්.
A-ඇඩිනීන්
G-ගුවැනීන්
T-තයමීන්
C-සයිටොසීන්
S-සීනි අණුවක්
P-පොස්පේට් අණුවක්
එතකොට මේ ඩී එන් ඒ අණුවේ වෙනස් වෙන්නේ ඇඩිනීන්, තයමීන්, ගුවැනීන් සහ සයිටොසීන් තියෙන අනුපිළිවෙල තමයි.ඉතින් මේවායේ පිළිවෙල වෙනස් වීමෙන් එක් එක් ඩී එන් ඒ කොටසින් දෙන පණිවිඩය වෙනස් වෙනවා.ඒ කියන්නේ හරියට අකුරු හතරක භාශාවක් වගේ.
දැන් ඔය ඩී එන් ඒ අණුව ගත්තම ඒකේ පණිවිඩ ගොඩාක් අඩංගු වෙනවා.පුද්ගලයෙක්ගේ කොණ්ඩය කැරලි වෙන්ඩ ඕනෙද, කෙළිං වෙන්ඩ ඕනෙද, කොණ්ඩයෙ වර්ණය, ඇස්වල වර්ණය, නහයේ හැඩය, කණේ හැඩය ,සමේ වර්ණය වගේ හැම ලක්ෂණයක්ම ගැන ම විස්තර අඩංගු වෙනවා ඩී එන් ඒ වල.ඉතින් ඒ එක් ලක්ෂණයක් තීරණය කරන ඩී එන් ඒ කොටසට තමයි ජානයක් කියන්නේ.සරළව කිව්වොත් ඩී එන් ඒ අණුව පොතක් වගේ තොරතුරු ගොඩක් තියෙන එකක්. ජානයක් කියන්නේ ඒ පොතේ එක දෙයක් ගැන විස්තර කරන පරිච්ඡේදයක්.
මේ ඩී එන් ඒ තියෙන්නේ අපේ ඇඟේ තියෙන සෛලවල තියෙන න්‍යෂ්ටිය කියන පරිපාලන මධ්‍යස්ථානයේ.

ඔය හැම සෛලයකම මැද්දෙ තියෙන්නේ න්‍යෂ්ටිය තමයි.
මේ න්‍යෂ්ටිය ඇතුලේ ඩී එන් ඒ අණු තියෙන්නේ ක්‍රෝමසෝම විදිහට එහෙම නැත්නං වර්ණදේහ විදිහට.ඩී එන් ඒ අණුව ප්‍රෝටීන් අණු එක්ක එක්ක එකතුවෙලා තමයි වර්ණදේහ කියන ව්‍යුහය හැදෙන්නේ.වර්ණදේහවල ඩී එන් ඒ අණුව ඔතලා ඔතලා හොඳට පැක් කරලා තියෙන්නේ.අපේ ඇඟේ සෛලවල මේ විදිහට වර්ණදේහ 46ක් තියෙනවා.කොච්චර හොඳට මේක පැක් කරලා තියෙනවද කිව්වොත් මේ ඇහැට පේන්නැති පුංචි සෛලයක් ඇතුලේ තියෙන වර්ණදේහ 46 තියෙන ඩී එන් ඒ අණු ටික දිග ඇරලා අරගෙන ඔක්කොම එක දිගට ගැට ගහලා බැලුවොත් මීටර් 1කට චුට්ටක් වැඩියෙන් දිගයි කියලා තමයි කියන්නේ.
සාමාන්‍යයෙන් හැම මනුස්සයෙක්ගෙම තියෙන්නේ වර්ණදේහ 46ක් උනාට සමහරුන්ගේ මෙයිට වඩා වැඩි වෙන හෝ අඩුවෙන අවස්ථා තියෙනවා.හැබැයි ගොඩක් වෙලාවට යම් යම් අසාමාන්‍යතාවලට ඒවා හේතු වෙනවා.
ඒ අසාමාන්‍යතා ගැනත් කියන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පැහැදිලි නැති තැන් තියෙනවානං අහන්ඩ.මම දන්න දෙයක් නං කියන්නං.දන්නැති දෙයක්නං හොයලා කියන්නං.
"ප්‍රජනනය කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා ඇති ස්වභාවික ක්‍රියාවලිය කියලා කවුරුත් දන්නවා"
ReplyDeleteමේ අර්ථ දැක්වීමේ පොඩි අවුලක් තියනවා.
සතුන් ගත්තම නම් ඕක හරි වෙන්න පුළුවන්, එත් මිනිසුන් ගේ පැත්තෙන් බැලුවම නම් ඕක පොඩි side effect එකක් විතරයි.
අනිත් එක homo sexuality and bestiality, කියන්නෙ sex නෙමේද ?
නැහැනෙ දරුවෝ.ප්‍රජනනය කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කරන එකට.ලිංගිකත්වය කියන්නේ වෙන එකක්.මේ කියන්නේ Sex නෙමෙයි reproduction
Deleteදිනුක ගේ උත්තරය හරි. ලිංගිකත්වය සහ ප්‍රජනනය කියන්නේ වෙනම ම විෂයයන් දෙකක්. අපේ රටේ දෙකම එකට දාගෙන ඉගැන්නුවට.
Deleteprajanaka newe oene sukyak gana kataa karapan hAbAyi digaTama blog eka liyapan hariya
ReplyDeleteහරි හරි මචං. දන්නැද්ද ඉතිං ඔය පොඩි පොඩි අවුල් ආවම ඔක්කොම එපා වෙනවනේ.
Deleteමේ වගේ දේවල් ගොඩක් වටිනවා.දිගටම ලියන්න.
ReplyDeleteඅනිවා වටිනවා නේන්නං.මම මේවා ඉගෙනගත්තේ කොච්චර අමාරුවෙන්ද? ලෝකෙට හොරෙං පොත් කියෝලා අන්තර්ජාලෙ සැරිසරලා, එක එකාගෙ අත්දැකීම් අහලා.
Deleteකියවමින්........
ReplyDeleteඑළ එළ
Deleteඅවුරුදු විස්සකට විතර කලින් කියෙවුවා නම් හොඳයි.. ඒත් ඉතින් කියවමු..අනිත් ආත්මෙවත් පොරෝජන්වෙයිනෙ..
ReplyDeleteලබන ආත්මෙට නෙමෙයි මේ ආත්මෙම කාට හරි කියලා දෙන්ඩ පුළුවං නෙව.පහනෙන් පහනක් දල්වන්නා සේ....කියලා කියන්නේ.
Deleteදිනුක මේ බ්ලොග් එක මට මඟ හැරුනු බොහෝම වටින බ්ලොග් එකක් . . ඉන්න් මම මගේ බ්ලොග් රෝලට මේකත් දා ගනන්වා . .
ReplyDeleteඒ වගේම ෆේස්බුක් එක හරහාත් මේ ලිපි පෙලට ප්‍රචාරයක් අරන් දෙන්න පුලුවන් උත්සාහයක් දරනවා . .
ජය වේවා . .
බොහොම ස්තූතියි දුකා අයියේ.මට එක දිගට බ්ලොග ලියන්ඩවත් අනිත් බ්ලොග් කියවන්ඩවත් දැන් වෙලාවක් නැති එක තමයි තියෙන අවුල.ඒත් හැකි හැම වෙලාවකම බ්ලොග ලියන්ඩ වගේම අනිත් බ්ලොග් කියවන්ඩත් උපරිම ට්‍රයි එක දෙනවා.
Deleteමට අද තමයි මේ ලිපි පෙළ කියවන්න ලැබුනේ, මෙතුවක් කාලයකට මේ විශය පිළිබදව මගේ ජීවිතේ ලබා ගත්තු ලොකුම දැනුම මම අද ලබාගත්තා......... මම වෘතියෙන් විදුලි කාර්මිකයෙක්, සාමාන්‍ය අධ්‍යාපනයක් ලබපු අප වගේ ජනතාවට තේරුම් ගන්න හැකි අයුරින් ලිපි පෙළ සකස් කර ඇති ආකාරය බොහෝම අගෙයි....... ඔබතුමා කර ඇති මේ කැපකිරීම වචනවලින් මිල කළ නොහැකියි...... මේ වගේ දරුවෝ රටට ලොකු සම්පතක්, තව තවත් හොදට ඉගෙනගෙන ලංකාවේ ලොකුම දොස්තර මහත්තයෙක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා........
ReplyDeleteබොහොම ඉස්තූතියි හර්ශ මහත්මයා.කාට හරි ප්‍රයෝජනයක් තියෙනවා නම් මට සතුටුයි..
Delete