31 August 2012

අසහනේ...



විවිධාකාර දේවල් සම්බන්ධයෙන් අසහන කාරයෝ ඉන්නවා නෙව.මමත් එක්තරා විදිහක අසහනේකිං පෙළෙනවා මේ දවස්වල.මට ආසාවක් ආවා සමුරායි කටානා කඩුවක් ගෙන්න ගන්න.හැබැයි අතින් හදපු, වානේ නවලා ස්ථර 20,000ක් විතර හිටින්ඩ හදලා මැටිවලින් පන්නරය තියපු සාම්ප්‍රදායික කඩුවක් සෑහෙන ගාණක්.ඒ විතරක්නං මදෑ, ඒකට අපේ ආරක්ෂක අමාත්‍යංශේ අවසරේකුත් ඕනෙලු.දැනට ඒක අමතක කරලා දාන්ඩ තමයි වෙන්නේ.



හැබැයි කියන්ඩ යන්නේ ඒ ජාතියේ අහිංසක අසහනයක් ගැන නෙමෙයි.ලිංගික අසහනේ ගැන.අසහනයක් කිව්වට මේකේ කතා නායකයට ඇත්තේ මේ ලිංගිකත්වය කලාවට යොදා ගැනීමද නැත්තං ඇත්තටම පුදුම අසහනයක් ද කියලා හිතා ගන්ඩ බෑ.

අපි පහුගිය දාක ගාල්ලේ තල්පේ කියන ප්‍රදේශයේ චාරිකාවක් ගියා.ඇත්තටම නිකං ගෙදර ඉන්ඩ බැරුවට ගිය ගමනක් වගේ උනේ නිශ්චිත අරමුණක් ගමනට තිබ්බේ නැති නිසා.මොකද කාපු බීපු එක ඇරෙන්ඩ කරපු විශේෂ දෙයක් නෑ.පහුවදා මුහුදෙන් නාලා ආපහු ආවා.කතාවට වස්තු බීජය වෙන්නේ අපි රෑ නවාතැන් ගත්තු ගෙදර.මේක සුද්දෙක් හදපු ගෙයක්.මතක විදිහට ස්වීඩන් කාරයෙක්.මිනිහට දැන්නං අවුරුදු අසූවක් විතරලු.එහෙම කිව්වේ අපිට ගේ බලාගන්ඩ හිටපු ගෑනු මනුස්සයා.මේ ගෑනු මනුස්සයයි එයාගේ මල්ලියි තමයි මේ ගේ සුද්දා නැති කාලෙට බලා ගන්නේ.සුද්දා අවුරුද්දකට සැරයක් මෙහෙ එනවලු.මේ අවුරුද්දේ අසනීප වෙච්ච නිසා ආවේ නෑලු.ආයේ ලබන අවුරුද්දේ එන්ඩලු ඉන්නේ.සුද්දා බැඳලා ළමයිනුත් ඉන්නවා කියලා තමයි ගේ බලාගන්න අයනං කිව්වේ.

සුද්දා මේ ගේ හදලා තියෙන්නේ තේමාවකට කියලා මට එක පාරටම තේරුණේ නෑ.ඒත් තැං තැංවල නිදර්ශක දකිද්දි ජුන්ඩ ජුන්ඩ මීටර් වෙන්ඩ ගත්තා.ගේ පුරාම ගොඩක් දේවල් ලිංගික අවයවවල හැඩේ ගන්නවා කියලා තේරුණාම අපි බැලුවේ මේකා පුදුම සුද්දෙක්නෙව කියලා.වැඩි පුරම තිබුණේ පුරුෂ ලිංග.සාලේ මැද්දේ තියලා තිබ්බ මේ විශාල මුලේ ගොඩක් අග්ගිස්සවල් ශිෂ්ණයකින් කෙළවර වෙනවා කියලා එක පාරටම තේරුණේ නෑ.




කාමරේක තිබ්බ මේ රුක් කලා කැටයමත් දැක්කමනං වැඩේ පත්තු උනා.


මේ ඇඳ නියෝජනය කරන්නේ මොකක්ද කියලා මම කියලා දෙන්ඩ ඕනේ කියලා මම හිතන්නෑ.චූටි බබාලා උනත් කුක්කු දැකලා තියෙනවා නෙව.

මේක තමයි විශේෂ එක.මේක සාලේ දිග පුටුවක හේත්තුවෙන එකේ තියෙන කැටයමක්.ගෙදර බලාගන්න ඇත්ති මේක රෙද්දක් දාලා වහල තිබ්බේ.උන්දැට ලැජ්ජා හිතිලා වෙන්ඩැති.අන්තිම මොහොතේ මගේ තීක්ෂ්ණ ඇහැට අහුවෙලා මෙහෙම ඡායාරූප ගත උනා.



මේ ගෙදර තවත් ගොඩක් මේ විදිහේ නිදර්ශක තිබුණත් මම ඒවා ඡායාරූපෙට නගන්න ගියේ නැත්තේ මාත් අසහන කාරයෙක් විදිහට නම් කෙරෙයි කියලා හිතලා.මෙහේ තිබ්බ කෑම් මේසේ පුටු ගැනත් කියන්ඩ ඕනෙ උනාට ෆොටෝ එකක් නැති හින්දා ගූගල් අයියගෙං අහලා බැලුවම මෙන්න බොලේ ලෝකෙ හරියට අසහන කාරයෝ ඉන්නවා නොවැ කියලා හිතුනා.






මේවා ගත්තේ ගූගල් අයියගෙං.
  

  


අද ආදර්ශය තමයි,


 "ඔබේ නිවසත් ඉඳි කිරීමේදී තේමාවක් භාවිතා කරන්න.එය වල් තේමාවක් නම් අන් අයට නිවෙසට ආරාධනා කිරීමෙන් වළකින්න."




10 comments:

  1. බොටත් අහුවෙන දේවල්.. ලංකාවට හැම අවුරුද්දෙම මාසයක් දෙකක් ඉඳලා යන්න එන සුද්දො ඉන්නවා.එයාලට හෝටල් වල ඉන්න එකට වඩා ලාභයි ගෙයක් හදාගෙන හරි ඉන්න එක.නමුත් ඉස්සර එයාලට ප්‍රශ්නෙකට තිබුනේ එයාලට මෙහෙන් ඉඩම් ගන්න බැරි එක.ඒකට විසඳුමක් විදියට එයාලා කරන්නේ ගයිඩ් අයියගේ නමට ගේ ඉඩම ලියල සල්ලිවලට ගන්න එක.එහෙම හදන/ගන්න ගෙදර ඇවිත් එයාල ඉඳලා යනවා.ඉතුරු මාස 10දි අපේ ගයිඩ් අයියා ඔතනින් සම්තින් එකක් හොයා ගන්නවා.හැබැයි ගොඩක් වෙලාවට ඕක සුද්දා දන්නෙත් නෑ.කවදා හරි ඉතින් ගේ ගයිඩ් අයියට තමයි.ඔහොම ගොඩ ගිය අය මේ පැත්තෙ (බෙන්තර/කලුවාමෝදර) අනන්ත ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං මචං.හැබැයි අපරාදෙ කියන්ඩ බෑ කෑම ටිකක් දුන්නා පබිලිස් ගොයියා පරාදයි

      ප.ලි.

      පබිලිස් ගොයියාගෙන් කාලාම නැත.

      Delete
  2. ඌ පට්ට අසහන කාරයෙක් නෙහ්...
    අර රුක් කලාවට නම් සෑහෙන්ඩ වැඩ තියෙන්ඩ ඇති නෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔක්කොම මිනිහා කියලා හදවගෙන තියෙන්නේ.පව් මිනිහාට මෙව්වා එකක් නැද්ද දන්නෑ ඔච්චර ඕකට ආසා

      Delete
  3. අලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී කියනවා වගේ සුද්දා අලුත් අලුත් දෑ හිතන බව නම් පේනවා. පොඩි එවුන්ව නම් එක්කගෙන යන්න හොඳ නෑ මේ පැතිවල :D

    ReplyDelete
    Replies
    1. අළුත් නෙමෙයි මචං පරණ එකක් රීමික්ස් කරලනෙ ඔය.ඒක තමයි පොඩි උන් අහන ඒවට කෝමෙයි උත්තර දෙන්නේ

      Delete
  4. නියම සංකල්පනෙ බන්..

    ReplyDelete
    Replies
    1. සංකල්පීය චින්තනේ අග්‍රඵලය....හුකෑස් (හිනා ගියෝ)

      Delete
  5. මේවා අසහනයක් ලෙස බැලීම වැරදියි. එය කලාවකි, එක නොතේරෙන එක අපේ වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.ඒකනේ මම උඩම කිව්වේ මේක අසහනේද නැත්තං කලාවද මම දන්නෑ කියලා.අනික පෝර්න් එකක් උනත් කලාත්මක ඇහැකිං බලන්ඩත් පුළුවන්නේ.අනික පෝර්න් කියන්නේ අසහනේට බලන එකක්යෑ.මොකද මමත් බලනවනේ.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...