22 August 2012

දරිද්‍ර





කැරපොත්තෙක් 
පියාඹා ඇවිත්
වැටුනා බත් පිඟානට
සුදු පාට බත් ඇට
ඉව කරමින් පිඟාන පුරා
ඇදෙන කැරපොත්තා දිහා
බලා හිටියා මම
අනිමිසලෝචනයෙන්

පිඟානෙන් නැගී
මගේ අත දිගේ 
ඇදුනා ඌ
ඇති කළා ම'හිත
කිතියක්, හිරිකිතක්

බත් පිඟාන නොහැලෙන්නට
ප්‍රවේසමෙන් නැගිටලා
ගසා දැම්මා කැරපොත්තා
වම් අතින් මම

හරි පිරිසිඳු සතෙක්ලු
කැරපොත්තා
පත්තරේක තිබුනා 
ලිපියක් ඒ ගැන
බත් කටක් අනලා
කටේ දාගන්න කොට 
හිතුවා මං එහෙම



10 comments:

  1. ඇත්තටම මෙහෙම උනාද

    ReplyDelete
    Replies
    1. අපොයි තවම එච්චර දරිද්‍ර නෑ.මෙහෙම අයත් ඇති.අපි හැමෝගෙම නුදුරු අනාගතේ තමයි මේ

      Delete
  2. දරිද්‍ර තාව වැඩි උනාම ඔයිට වඩා දෙවලුත් නොදැක්ක වගේ ඉදිවි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.වැඩේ කියන්නේ දරිද්‍රතාව ඇති කරගන්ඩ පාලකයින්ට බලේ දෙන්නෙත් අපෙ උන්මනේ

      Delete
  3. දුප්පත්කම වැඩි උනාම බිම වැටුනා කියලා උනත් බලන්නේ නැතුව වැලි ගසලා දාලා කන්න වෙන කාලයක් තමයි ඉදිරියට එන්නේ !

    ReplyDelete
    Replies
    1. අනිවා.ඒ උනත් බලන්ඩකෝ මේ ඡන්දෙත් ඒ ගොල්ලො දිනන හැටි

      Delete
  4. කෑමවල තියෙන ජාතිත් එක්ක මේවා මොනවාද ඉතින් :D

    ReplyDelete
    Replies
    1. එව්වා එහෙම තමයි.නොදැන කෑම සහ දැන දැන කන්න සිදුවීම අතරේ තියෙනවනේ වෙනසක්

      Delete
  5. මමනම් කැරපොත්තෝ සුප් එකක් බිව්වා ලගදි ....

    ReplyDelete
    Replies
    1. අපේ කැන්ටිමෙං මම කාපු සම්බෝල එකක තිබ්බා බයිසිකල් බෝලයක්.කොහොමද ඕක කැවිලා එම් ආර් අයි එකක් එහෙම කෙරුවනං

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...