19 August 2012

උමා




උමා කියන්නේ තේ වත්තේ වැඩ කරපු පට්ට කෑල්ලක්.ඇත්ත මං දන්නවා ඇත්තටම මමනං තේ වතුවල එහෙම පට්ට කෑලි දැකලා නෑ.ඔක්කොම පට්ට එවුන් වෙන රස්සා කරන්ඩ දැං කොළඹ එනවනේ.මේ කතාව ඔය පට්ට කෑලිත් තේ වත්තේ වැඩ කරපු කාලේ සිද්ද වෙච්චි එකක්.



තේ වතුවල වැඩ බලන්ඩ ඉන්නවනේ වතු කොන්දොස්තර මහත්තුරු.හප්පා ඒ අයගේ තියෙන ගණකම.උං හෙණට ඇඳගෙන තමයි වත්තේ ඉන්නේ.ඒ උනාට උමා වැඩ කරපු වත්තේ හිටියේ තරුණ ටිකක් ඇහැට කනට පේන හැන්ඩි කොල්ලෙක්.මිනිහා කුහක වෙන්ඩ කුරුවල් වෙන්ඩ තවම වයස මදි හින්දා හිත හොඳ මිනිහා.ඒ උනාට මොකද මේකා පැණි හලන්ඩ ගත්තා නොවැ උමාට.

උමාටත් මොකෝ ඉතිං.මිනිහා හැඩයි.උමාගේ පවුලට වඩා හොඳට සල්ලි එහෙමත් තියෙනවා.අනික වතු කොන්දොස්තර එක්ක සෙට් උනොත් වැඩවලිං අයිස් ගහන එකත් එච්චර කජ්ජක්යෑ.

නෑ නෑ උමා කොල්ල එක්ක යාලු උනේ වාසි බලාගෙන නෙමෙයි.කෙල්ලො එහෙම කොල්ලො එක්ක යාලු වෙන්නේ වාසි බලාගෙන යැ නේද? ඔන්න කොල්ලොනං කෙල්ලො එක්ක යාලුවෙද්දි බලනවා හොඳ රස්සාවක් තියෙනවද? ගෙයක් තියෙනවද? වාහනයක් තියෙනවද? වගේ දේවල්.කෙල්ලො එහෙම නෑ.ඒ අයගේ ආදරේ හරි පිවිතුරුයි නේ.සඳ එළිය සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්‍යයි නේ????.

ඉතිං ඔන්න දෙන්නා ලව් කර කර හිටියට මොකෝ ආදරෙයි කැස්සයි හංගන්ඩ බෑ කියනවනේ (අධෝ වාතෙත් හංගන්ඩ බෑ ඕං, එක්කෝ සද්දේ නැත්තං ගඳ...) ඉතිං මේකත් මාට්ටු උනා ගෙවල්වලට.

උමාගේ ගෙදර අය බය උනේ මේකා කෙල්ල අනාථ කරලා පැනලා යයි කියලා.අනික ආගමත් වෙනස් නෙව.කොල්ලගෙ ගෙදරිං ඉතිං කේස් දාන එක අහන්ඩ දෙයක්යෑ.කොච්චර ලෙඩ දැම්මත් පටං ගත්තු ලව් එකක් එහෙම ගෙවල්වලිං කෑ ගැහුවට නවත්තනවයෑ ඔය තරුණ ඈයෝ.එච්චරට තමංගේ පෙම්වතාට/පෙම්වතීට පක්ෂපාතයි නෙව.ඉතිං දෙන්නා දැං හොරෙං රෑට තමයි හම්බ වෙන්නෙ.ඔන්න වල්පල් වැඩ නෑ හරිය.අර කිව්වා වගේ පාරිශුද්ද ප්‍රේමයක් නෙව මේ.

කොයි ප්‍රේම සම්බන්දෙදිත් වගේ කොල්ලා මුළිං ඇවිත් කෙල්ල එනකං පිනි බබා කට්ට කන එක තමයි මේ ලව් එකේදිත් උනේ.උමා එන්නේ කන්ද පැත්තේ ඉඳං.කොල්ලා කරන්නේ නමුණුකුළ කන්ද පැත්තෙං උමාගේ රූපේ මතුවෙනකං පීනසේ හැදෙනකං බලං ඉන්න එක.ඔන්න පෝය දවසක උමාට සිද්ධ වෙනවා නෑදෑ ගෙදරකට නවතින්න යන්න.ඒත් උමා නෙමෙයි හම්බ වෙන්න එනවා කියලා දීපු පොරොන්දුව කඩ කළේ.කොහොමත් ඉතිං මොකෝ මැසේජ් එකක් ගහලා 'අද එන්ඩ වෙන්නෑ සුදූ.ඔයා එන්ඩ එපා.අයි ලව් යූ.....උම්ම්ම්ම්ම්ම්ම්මා' කියලා කියන්ඩයෑ.

ඔන්න කොල්ලා දැං නමුණුකුළ කන්ද පැත්ත බලාගෙන ඉන්නවා උමා එනකං.ඔය වෙලාවේ කන්ද උඩිං හඳ පායගෙන එනවා.


කොල්ලා ඉන්නේ ප්‍රේමෙං මත්වෙලා නෙව.මූට හඳ පේන්නේ උමාගෙ මූණ වගේ.මේකා අර ගංජා ගහපු රිලවා වගේ හඳ දිහා බලං උමා කියලා හිතාගෙන පැණි බේරෙන පෙම්බස් දොඩවනවා.ආයේ මොනවද ඉතිං කියන්ඩ හිරිකිත ජාතියේ ඒවා.මල් පත්තර බලලා මෙගා ටෙලි බලලා මොළේ සර්කිට් ෂෝර්ට් වෙච්චි එකෙක් වගේ මේකා පෙම්බස් දොඩවද්දි අනිත් පැත්තෙන් උමා එනවා.කොල්ලා වෙන කාත් එක්කද පෙම්බස් දොඩවනවා ඇහුනම උමාගේ ඇඟේ මාළු නටන්න ගන්නවා.ඇඳගෙන හිටපු රෙද්දත් කැහැපට ගහගෙන, කොණ්ඩෙත් ගැටේ තදවෙන්ඩ ගහගෙන උමා එන්නේ කවුද මේ තමංගේ පූජනීය ප්‍රේමෙ තමංගෙන් උදුරගෙන යන්න ආව පවිටු දුෂ්ඨ හැතිරී බලන්ඩ.

අනේ අරූ හඳ දිහා බලාගෙන උමා උමා කිය කිය දොඩවනවා දැක්කම උමාට මීටර් වෙනවා වැඩේ.අපිට උනත් දෙකොණෙංම හිනායන මේ වැඩේ දැක්කම උමාට පණ නෑ හිනා ගිහිල්ලා.මූණ රතුවෙලා ජම්බු ගෙඩිය වගේ.බඩ අල්ලගෙන කඳුළු පනිනකං උමා හිනා වෙද්දි කොල්ලට එනවා පියවි සිහිය.හප්පා පජාතයි නෙව.දැං ඉතිං චාටරේ වහගන්ඩ මේකා කියනවා සින්දුවක් මෙහෙම......




තුමුල නමුනුකුල ගිරිහිස
උදුල සඳ මඬල දුටු නෙත 
රැවටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනහෙන්නට කාරණාව

මුහුණ රතුවෙලා දෙනෙතින්
කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනාවෙනකොට
උඹ ලස්සනයි උමා

නුඹේ වත මඬල සඟවා
මුවා වෙන ලෙසින් අතුරන
සීත පිනි නිසා තිළකය පාලුවෙයි උමා
සීත මීදුමේ තිරපට
වලලු ලූ අතින් ඉවතට
ඇත්කර හොරෙන් හෙමිහිට බලාපන් උමා

කන්ද උඩ රුවින් දිදුලන
කන්ද කදිර දේවලය
අපිට පිහිට වෙයි කියලා
හිතනවද උමා
අප වටා නැගෙන උවදුරු
ඈත් වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් ඉතිරි වෙද උමා

සින්දුව බාගන්නවනං මෙතනට යන්ඩ


13 comments:

  1. විලි ලැජ්ජාවේ සන්තෝෂේ බැරුවා උමාට :D

    ReplyDelete
  2. උඹ ඉස්සර සන්නස්ගල රේඩියො චැනල් වල කරපු වැඩේ කරන්න පටන් ගත්තද? :P

    ReplyDelete
    Replies
    1. සන්නස්ගල සර් පන්තියෙදි කියපු කතාවක් තමයි මචං.මම ටිකක් අතින් දාලා ලිව්වා...

      Delete
  3. හික් හික් උමාට කිවූ කවි

    ReplyDelete
  4. උඹට මේක මීට වඩා ලස්සනට කියන්න තිබ්බ.මොනා කරන්නද උඹේ ඇක්සන්ට් එකනෙ ඉතින් :)

    ReplyDelete
    Replies
    1. සිරාවට මචං.සින්දුවේ වචන ටික ලියාගෙන ඩ්‍රාෆ්ට්වල සෑහෙන දවසක් තිබ්බා.මම මේක කියන්ඩ විදිහක් හිතුවා හිතුවා, මොන...මට සිරා විදිහට මේක ලියන්ඩම බෑ.ඇහැක් විදිහට ලිව්වා ඉතිං

      Delete
  5. "ආදරේ හරි පිවිතුරුයි නේ.සඳ එළිය සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්‍යයි නේ????."

    ආදරේ නෙමෙයි කොල්ලෝ... ප්‍රේමය වෙන්ඩ ඕනේ.. ආදරය පිවිතුරු නෑ..

    ආදරය = ප්‍රේමය + රාගය

    අඩේ මරු නේ. මම මේ වගේ කතා අහන්ඩ හෙනම ලයික්... ගොඩක් ගීත වල යටි තේරුම ලස්සනයි...

    ප.ලි. - පොඩි නිවැරදි කිරීමක් කරන්ඩ තියෙනවා

    තුමුල නමුනුකුල ගිරිහිස
    උදුල සඳ මඬල දුටු නෙත
    රැවටුනා තමයි
    කිමද මේ තරම් ඒ ගැන
    හිනහෙන්නට කාරණාව

    මුහුණ රතුවෙලා දෙනෙතින්
    කඳුළු පනින තුරු එළියට
    ඔහොම හිනාවෙනකොට
    උඹ ලස්සනයි උමා

    ReplyDelete
    Replies
    1. බෝල්ඩ් අකුරු වලින් තියෙන ලයින් දෙක ඇඩ් වෙන්ඩ ඕනේ මහිතේ... :)
      සුබ දවසක් !!!

      Delete
    2. මමනං හිතන්නේ ඒකෙ අනිත් පැත්ත,

      ප්‍රේමය = ආදරය + රාගය

      මොකද අපි අම්මට තාත්තට ආදරේ මිසක් ප්‍රේම කරන්නෑනෙව.ප්‍රේම කරන්නේ ප්‍රේමවන්තිට හරි ප්‍රේමවන්තයට හරි නෙ.

      ඇත්තට ඒ පේලි දෙක මිස් වෙලා නේන්නං.ඔන්න දැම්මා.ඉස්තූතියි ඈ....

      Delete
  6. මොනවා උනත් ඒ සිංදුවට නම් මං ආසයි

    ReplyDelete
    Replies
    1. ඉස් ඉස්සෙල්ලම මෙහෙ දාන කොමෙන්ට් එක නේද? සාදරයෙන් පිළිගන්නවා සහෝදරයා...

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...