10 February 2012

අනේ දෙයියනේ......


ඔන්න මේක වැඩිහිටියන්ට පමණයි කතාවක්වත්, පුරුෂයින්ට පමණයි කතාවක් කියලාවත් මමනං කියන්නෙ නෑ.ඒත් කවුරුහරි මේක කියවලා අනං මනං කියනවා එහෙම නෙමෙයි ඔන්න 'මෙන්න මේකා අසමජ්ජාති ඒවා ලියනවෝ' කියලා.



කට්ටිය අහලා තියෙනවද ලෙඩක් තියෙනවා ෆිමෝසිස් එහෙම නැත්තං සමහරු මේකට ෆයිමෝසිස් කියලත් කියනවා.ඉංග්‍රීසියෙං කියන්නෙ phimosis කියලා.ඔය වෛද්‍ය කර්මාන්තෙට අදාල ඈයො විතරක් නෙමෙයි හෙද සේවාවට අදාල ඈයොත් මේක ගැන අහලා ඇති මගෙ හිතේ.ඒ වගේම ලෙඩේ හැදිච්ච ඈයොත් දන්නවා ඇතිනෙ.ඔන්න ඉතිං අහලා නැති හැමෝටම දැනගන්න එක්ක පොඩ්ඩක් ලෙඩේ ගැන කියන්නම්.

මේක පිරිමි ඈයින්ට විතරක් හැදෙන ලෙඩක්.පිරිමි අයගෙ අර මෙව්වා එකේ, ඒ කිව්වේ අර ලිංගේන්ද්‍රියේ හෙවත් ශිෂ්ණයේ ඉස්සරහා තියෙන පෙර සම කියන එකේ එන ලෙඩක්.ආ අමතක උනානෙ, මේක අපේ මුස්ලිම් සහෝදරයන්ට සහ යුදෙව් සහෝදරයන්ටත් හැදෙන්නෙ නෑ.මොකද සුන්නත් කිරීම කියන ඒ අයගේ ආගමික ක්‍රියාවෙදි කරන්නෙ මේ පෙරසම කපලා ඉවත් කරන එක.ඇත්තටම ඒක ඉවත් කරන එක සෞඛ්‍යාරක්ෂිතයි.මොකද මේ ෆිමෝසිස් කියන රෝගයට අමතරව ශිෂ්ණයේ පිළිකා හැදෙන්නත් අවදානමක් මේ පෙරසම නිසා ඇති වෙනවා.ඒ වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ හැදීමේ වැඩි සම්භාවිතාවකුත් මේ පෙරසම තියෙන අයට තියෙනවා.

මේ ෆිමොසිස් කියන ලෙඩේදි වෙන්නෙ මේ මෙරසමේ තියෙන ප්‍රත්‍යාස්ත බව ඒ කියන්නෙ ඇදෙන සුළු බව නැතිවෙලා ගිහින් හයිය පටකයක් බවට පත්වෙන එක.එතකොට මොකක්ද වෙන්නෙ?වෙන්නෙ ඉතිං සොරිම තමයි.මේ පෙරසම පසු පසට ගන්න බැරිවෙනවා.ඉතිං බැඳලා නැති අයට ඒ කාර්යයත් බැඳපු අයට ඒ කාර්යයත් කරන්න බැරි වෙනවා.පව් නේද? ඒ විතරක්යැ පෙරසමට යටින් ශ්‍රාවයන් එකතුවෙලා (පිරිසිඳු කරන්න බැරි නිසා ) දුඟදක් ඇති වෙන්නත් පුළුවන්.


කොහොම හරි අර මෙව්වා කාර්යය කරන්න බැරුව ඉවසන් ඉඳලා ඉඳලා බැරිම තැන ආවේගශීලී වෙලා බලෙන් මේ පෙරසම පස්සට කළොත් ඔන්න එතකොට පැරාෆිමෝසිස් (paraphimosis) කියන තත්වය ඇතිවෙනවා.එතකොට මොකද දන්නවද වෙන්නෙ? අර හයිය පටකයක් බවට පත් උන පෙර සම ශිෂ්ණය වටේට තදට රබර් පටියක් දැම්මා වගේ තද වෙනවා.ආයේ ඉස්සරහට ගන්න බැරි විදිහට.නිකං ඇඟිල්ලකට තදට රබර් පටියක් දාගත්තු අවස්ථාවක් හිතලා බලන්නකෝ.එහෙම දාගෙන නැත්තං දැං වහාම රබර් පටියක් හොයාගෙන් දාගෙන බලන්න.ඇඟිල්ලට හොඳේ.....

එතකොට ශිෂ්ණය අග කොටසට ධමනිවලින් ගේන රුධිරය ශිරාවලින් ආයේ අරගෙන යන්න බැරි වෙනවා.මොකද ශිරා ඔක්කොම අර පෙරසමට තද වෙලා වැහිලා ගිහිල්ලා.දැං ඉතිං මේකෙ අග රුධිරය පිරිලා පිරිලා ඉදිමෙන්න පටන් ගන්නවා.මේකෙ පීඩනය වැඩි වෙනකොට ධමනිවලටත් රුධිරය ගේන්න බැරි වෙනවා.ඔන්න එතකොට පටකවලට ඔක්සිජන් නැතිවෙලා ශිෂ්ණයේ අග කොටසේ සෛල මැරෙන්න පටන්ගන්නවා.එතකොටනං ඉතිං ජීවත්වෙලත් වැඩක් නෑ නේද? මී පාසානං කෑවා වගේ තමයි.අදාල සතා මැරෙනවා.මේක හදිසි තත්වයක්.මෙහෙම උනාම ලැජ්ජාවෙ ඇඹරි ඇඹරි ඉන්නැතුව ටක් ගාලා ත්‍රී වීල් එකකට කතා කරගෙන ළඟම තියෙන ඉස්පිරිතාලෙට යන එක තමයි හොඳ.ප්‍රතිකර්මෙ විදිහට කරන්නෙ ඔය පෙරසම කපලා දාන එක තමයි.පෙරසම නැතුව ඉන්න එක හොඳයිනෙ මුළු මෙව්වා එකම නැතුව ඉන්නවට වඩා.


දැං මේ ඔක්කොම කිව්වේ කට්ටියට වෛද්‍ය දැනුම ලබා දෙන්න නෙමෙයිනෙ.මට ඉතිං ඔය වෛද්‍ය දැනුම හරියට ඇත්තෙත් නෑ.මට කියන්න ඕනෙ උනේ මේකයි.

මේ ලෙඩේ හැදිච්ච දෙයියෙක් ඉන්නවා.

මම කොච්චර ඒ නම දැකලා තිබ්බත් ඒ ඔස්සේ එච්චර කල්පනා කරලා නොතිබ්බ නිසා මෙච්චර කල් ඒ ගැන නිකමටවත් හිතුනෙ නෑනෙ.කවුද දන්නවද ඒ දෙයියො?
ශිෂ්ණයේ අග 'දැඩි' වීම නිසා හැදෙන ලෙඩක් නිසාත් ශිෂ්ණයේ අග කොටසට සිංහලෙන් 'ශිෂ්ණ මුණ්ඩය' කියා කියන නිසාත් 'දැඩි මුණ්ඩ'දෙයියන්ට ෆිමෝසිස් වෙන්න ඇති කියලා මට හිතුණා.

ඔන්න දැං ඉතිං දේවවාදී ඇත්තන්ට පුළුවනි මට බණින්න දෙයියන්ට අපහාස කළා කියලා.නැත්තං මර්වින් අංකල්ට කළා වගේ පොල් ගහන්න.මේක මගේ හිතළු කතාවක් තමයි.ඒත් ඉතිං ශිව ලිංගෙට වඳින ඈයො දැඩි මුණ්ඩෙටත් වැන්දම මොකෝ නේද?

39 comments:

  1. අනේ අම්මෝ මේ ඇහුවමයි මෙහෙම සීන් එකක් කියවනකොට නොදැනීම චැක් වුනා හි හි වටින ලිපියක් ඈ

    ReplyDelete
  2. ඔය සුන්නත් කිරීම එහෙම නැතිනම් චර්මච්චේදනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වියදමින් කරනවා අප්‍රිකානු රටවල් වල ඒඩ්ස් මර්ධන වැඩපිලිවෙලේ කොටසක් විදිහට!
    Trials took place in South Africa, Kenya and Uganda.[12] All three trials were stopped early by their monitoring boards on ethical grounds, because those in the circumcised group had a lower rate of HIV contraction than the control group.The results showed that circumcision reduced vaginal-to-penile transmission of HIV by 60%, 53%, and 51%, respectively.
    ~wikipedia~

    ReplyDelete
    Replies
    1. මං වෛද්‍යවරයෙක්, ඒඩ්ස් මර්දනයට ඡර්ම චේදනය පිළියමක් කියලා කොහේවත් නෑ. ඔය කරපු research එකේ විශ්වසනීය තත්වය ගොඩක් අඩුයි. අනික විකිපීඩියා එකේ තියන හැම දේම හරි නෑ. ඔය trial එකට පස්සේ කරපු වෙනත් trials වලින් එහෙම වාසියක් නැති බව හෙළි උනා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔය විකි ලිපියෙම යට Observational studies යටතේ කියෙව්වොත් ඕකෙ ගන්න දෙයක් නෑ කියලා තේරෙයි

      Delete
  3. මෙහෙත් පොඩි කාලයේදිම දොස්තරලා ඔය සම්බන්දව චෙක් කරලා මුල් කාලෙම ප්‍රශ්නේ විසදනවා. කොටින්ම ලොකු වෙද්දි එතකොට ලමයට අවුලක් නෑ නේ.

    හරිම වැදගත් මල්ලි මේ වගේ සටහන් ලියන එක නම්. අපේ ගොඩක් අය ලෙඩක් තිබ්බත් ඕක කාටවත් කියාගන්න බැරි තරම් ලැජ්ජයිනේ.

    ReplyDelete
  4. බොහොම හොඳ දැනුවත් කිරීමක්.එත් අවසානයේදී කිරිකලයට බොගක් දාල තියෙනවා.මිනිසුන්ගේ ඇදහීමකට අපහාස කිරීම එතරම් හොඳ දෙයක් නොවේ.

    ReplyDelete
  5. මේක කියෝල බය හිතුන විදියට ශිෂ්ණය කපල දාන්න තරං හිතුන

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  6. ස්තූතියි බං! මෙහෙම ලෙඩත් තියනවා කියලා දන්නේ අදනේ! හිකිස්! ඇත්තටම බං සුන්නත් කිරීම හොදයි කියලා මාත් අහලා තියනවා!!! අනේ මංදා! මේ ලෝකේ!

    ReplyDelete
  7. ඇඩෙනවා මටත් ඔය සීන් ඒක පොඩ්ඩක් තියෙනවා.දරුණුම නැහැ පොඩ්ඩයි හිර.මේකට කරන ප්‍රතිකාරයකුත් කිව්වා නම් වටිනවා.ඉස්පිරිතාලේ ගිහං කියන්න ලැජ්ජයි.එතකොට ඩොක්ටර්ස්ලට මෙව්වා එක පෙන්වන්න වෙනවනේ.

    ReplyDelete
  8. කපීකේකිFebruary 10, 2012 at 9:28 PM

    අපි ලගදි අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලෙට ගියානේ දෙවියො නම් පෙනූවෙ නෑ.:)

    ReplyDelete
  9. පුදුම ලෙඩ නෙව තියෙන්නේ. හික්ස් :)
    මම නම් ඇහුවෙත් අදමයි.

    ReplyDelete
  10. @සබිත් :
    නැට්ට කඩාගත්ත රරියෙකුත් ඔහොම කිව්වා !!!
    මචං දන්නේ නැති නිසයි අහන්නේ
    මුස්ලිම් කෙල්ලන්ගෙත් සුන්නත් කරන්නේ ඒඩ්ස් හන්දා වෙන්න ඇති නේ ??

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රී චර්මච්චේදනයක් ගැන නම් ඉස්ලාම් ධර්මයේ කොහේවත් නෑ!! එහෙම කවුරු හරි කරනවා නම් ඒ මොන පදනමකින්ද කියලා මං දන්නේ නෑ!

      Delete
  11. නියමයි මේ දැනුවත් කිරීම...

    අපි දන්නෑ ඔන්න දැන් උඹේ බ්ලොග් එකට විරුද්ධව නඩු වැටෙයි හො‍ඳේ...

    ReplyDelete
  12. ගිය සතියෙ දැක්කනෙ බොලේ දෙකම මාසයක් ඇතුලත හදාගත්ත පොඩි එකෙක්ව.අපෝයි කියල හිතුන.දැන් හැදෙන උන් තමා.හැබැයි පිරිමි චර්ම චේදනය හොඳටම හොඳාලු.හැබැයි ඉතින් වාසිය ගෑනු පාර්ශවේටලු.

    ඇනෝ මලේ පිරිමි සුන්නත් කිරීම ඒඩ්ස් රිස්ක් එක අඩු කරනවාලු.
    තව එකක් කියන්නම්.මම මේකට විරුද්ධයි.හේතු දෙකකට.එකක් ඒක තමා මේ දවස්වල ට්‍රෙන්ඩ් එක.අනික මම පොඩි කාලෙ ඉඳල දැඩිමුණ්ඩ දෙයියොන්ට බයයි.කෝටුවකුන් ඇවිත් ගහනව වගේ කතාවක් ඉස්සර කිරි අත්ත කියන.හරියට මතක නෑ.

    ReplyDelete
  13. මට කට්ටියගේ කතාවලට උත්තර බඳින්න කළියෙං බඩ්ඩක් තියෙනවා කියන්න.කුණුහරප කියන්නෙ ගොඩක් අය දන්න දෙයක්.ඒකයි ඒවා කිව්වම මිනිස්සුන්ට තරහ යන්නෙ.කුණුහරපයක් කෙළින්ම නොකියා වක්‍රව කිව්වම මිනිස්සුන්ට තරහ යනවට වඩා හිනා යනවා.ඒක හින්දා මේ පොස්ට් එකට කුණුහරප කොමෙන්ට් එකක් දාපු ඇනෝට මම කියන්නෙ මීට පස්සෙ ටිකක් පරිණත විදිහට කටයුතු කරන්න.කුණුහරපවලට ඔච්චර ආසානං අපරාදෙ බ්ලොග් කියව කියව කාලෙ නාස්ති කරන්නැතුව අර මීගමුව, වැල්ලවත්ත වගේ පැත්තකට ගිහිල්ලා වැල්ලෙ ගෑනු කෙනෙක්ගෙ පශ්චාත් භාගයට තට්ටුවක් දාලා බලන්න.පිහි පාරක් කන්න කළිං ලෝකෙ තියෙන ඔක්කොම කුණු හරප ටික අහ ගත්තෑකි.මීගමු යනවනං හොඳයි.මොකද දැං ඒ කට්ටිය ඉතාලි කුණුහරපත් දන්නවා.

    ඒ කොමෙන්ට් එක නොදැකපු අනිත් අයට කියන්න තියෙන්නෙ මම සදාචාරය උදෙසා ඒ කොමෙන්ට් එක අයින් කළා.අනිත් එක අපේ ඔබා මාමට සහ සබිත්ට අපහාසාත්මක කොමෙන්ටු දාපු ඇනෝලාටත් කියන්න තියෙන්නෙ කාටහරි බණින්න ඕනෙනං ඒ සඳහා වෙන මාධ්‍යයක් යොදා ගන්න.මේක මගේ තැන.

    අසාසිටි ඔබ සැමට ඉස්තූතියි!!

    ReplyDelete
  14. @ගැමියාගේ පත් ඉරුව : ඉස්තූතියි ගැමියා.ඔන්න ඕකනෙ කියන්නෙ අපේ රටේ සෞඛ්‍ය අධ්‍යාපනේ නං අන්තිමයි.මිනිස්සුන්ට වැදගත්ම මෙව්ව එකට හැදෙන ලෙඩ ගැන කවුරුත් කියලා දෙන්නෙ නෑ.

    @Sabith : එච්චර ලොකුවට ඒක කරනවා කියලා දැනං හිටියෙ නෑ මචං.ඒත් ඉතිං ඇත්තටම ඒඩ්ස් මර්දනය කරන්න මිනිස්සුංගෙ අනිත් පුරුදුත් වෙනස් කරන්න ඕනෙ.

    @Il mondo di una povera pazza : අනිවා.මෙහෙ එහෙම කෙරෙන්නැත්තෙ මිනිස්සුත් ඒ ගැන එච්චර දැනුවත් නෑනෙ.

    @Anonymous : අපොයි ඇත්තටම මට මේ ලෙඩේ ගැන කියනවට වඩා කියන්න ඕනෙ කළේ දෙයියො ගැනනෙ මචං.මම හිතන්නෙ මම නොදැන බොග කළේට කිරි දොවලා වගේ.

    @Observer : වැඩ අරං ඉවරනං කපලා දැම්මත් මොකෝ.ඒ උනාට ලියන එව්වයේ හැටියට තවම මැෂින් එක වැඩ මගෙ හිතේ. හෙඃ හෙඃ

    @මාධව - மாதவ - Madhawa : සුන්නත් කිරීම හොඳ වෙන්නෙ ඇත්තටම මිනිස්සුන්ගෙ චර්යාවන් වෙනස් වෙලා තියෙන හින්දා.පරිණාමයේදි පෙරසම කියන එක ඇති උනේ මෙව්වා එකේ ආරක්ෂාවට.ඒත් මිනිස්සු ඇඳුම් අඳින්න ගත්තට පස්සෙ ආරක්ෂාව වැඩි වෙලා වැඩේ අප්සට් ගියා.අනික මිනිස්සුංගෙ මෙව්වා චර්යාවත් අවුල් ගියානෙ.

    @Anonymous 2 : පෙන්නන්න මොකුත්ම නැති කරගන්නවට වඩා දොස්තර කෙනෙක්ට මෙව්වා එක තියෙන කාලෙ පෙන්නන එක හොඳයි නේද?ඕකට වෙන කරන්න දෙයක් නෑ.එකම දේ පුංචි ශල්‍යකර්මයකින් පෙරසම ඉවත් කරන එක.අවුලක් නෑනෙ.පන්සිල් රැකගෙන හිටියොත් වයිෆ් විතරයි දැනගන්නෙ.

    @කපීකේකි : ආඛ්‍යාතය අපැහැදිලියි.දෙයියො පෙනුනෙ නැද්ද? පෙන්නුවෙ නැද්ද? කොහොමත් දෙයියො බලන්ඩ කියලා මාත් පොඩි කාලෙ ඉඳන් දේවාල ගානෙ ගිහින් තියෙනවා.නිකං මනුස්සකමට මූන පෙන්නන්න ඇවිත් නෑ.

    @මධුරංග : ඒක නොවෙන්නං කියන්නෙ.ලෙඩනං අම්ම්බානට තියෙනවා අපි දන්නෙ ඉතිං ඔය භයානක ලෙඩකට කියලා ගලපටලය සෙංගමාලය වගේ ඒවා විතරනෙ.

    @Anonymous 3 : හැම මුස්ලිම් රටකම ස්ත්‍රී චර්මච්ඡේදනය කරන්නෙ නෑ.ඒක කරන්නෙ බොහොම අන්තගාමී ඈයො.ඒ කරන අය ඒක කරන්නෙ ලිංගික තෘප්තිය ගැහැනුන්ට අයිති නැති දෙයක් ලෙස සළකා සහ ඔවුන්ගේ කන්‍යාභාවය විවාහය තෙක් රැක ගැනීමටයි.වැඩි විස්තර සඳහා ඩෙස්මොන්ඩ් මොරිස් මහතාගේ නිරුවත් ගැහැනිය කෘතිය පරිශීලනය කරන්න.

    @hare :-) : එළ එළ.නඩු දාන්න කියපන් මචං.මම ලෝයර් කෙනෙකුටත් ඇන්දා එක පාරක්.නඩුවක් බලවන්නත් පුළුවන්.ඒත් නඩුවලට බය නෑ.

    @අකූ : අනේ දස්ස කොලු පැටියෙක්.එක මාසෙං දෙකම හදාගන්නවා කියන්නෙ මූට මාසයක් ඉවසං ඉන්න බෑ කියලනෙ.

    ReplyDelete
  15. জ্গ্জ্র ক্ফন্ব্গ ক ক্ব্গব;লক ;গ্ম্ফ্গ গ ;ল্ফ ক্গ্ন্মফ্গ্ন ;ক; গ্ক্ক;গ

    ReplyDelete
  16. කැමති බාසාවකින් කොමෙන්ට් දාන්න කිව්වා හන්දයි මම බංගලිදේශ බාසාවෙන් කොමෙන්ට් එකක් දැම්මේ. කෝ ඉතින් ඇඩ්මින් එකට උත්තර දීලා නැහැනේ. ඕනෙම බාසාවකින් කියන ගොන්පාට් වචනය අයින් කරලා දන්නා බාසාටික මොනවද කිව්වනම් හොඳයි.

    ReplyDelete
  17. @Anonymous : ඔන්න ඕකනෙ වැඩේ මම කියලා තියෙන දේ හරියට කියවලා නෑනෙ.මම කියල තියෙන්නෙ කැමති බාසාවකින් කොමෙන්ට් කළාට කමක් නෑ කියලා මිසක් මම ඔක්කොටම උත්තර දෙනවා කියල යැ.හරියට කියෙව්වනං දෙකේ පන්තියෙ ළමයෙක්ටත් තේරෙනවා මොකක්ද කියලා තියෙන්නෙ කියලා.

    ReplyDelete
  18. උත්තර දෙන්න හරි නොදෙන්න හරි කැමති බාසාවකින් කිව්වම තමන්ට පහසු බාසාවකින් මිනිහෙක් ප්‍රස්නයක් ඇහුවොත් ඔහේ කොහොමෙයි උත්තර දෙන්නේ. ඒ නිසා ඔය කැමති බාසාවකින් කියන කෑල්ල අයින් කොරනවා.

    ReplyDelete
  19. @Anonymous : බෑ...................

    ReplyDelete
  20. 'දැඩි මුණ්ඩ' දෙයියා පල් කිරීම ට මාගේ බලවත් විරෝධය...:D පොස්ට් එක මාරු ආ... ඔය ලෙඩේ නිසා කාර්ඩ් එක වැටුන අපේ කොල්ලෙක් හිටිය... කාර්ඩ් එක මොකද්ද කියල හිතාගන්න පුළුවන් නේද???

    ReplyDelete
  21. ethakota muslim un genunge kapanne issaraha kaella chuwe...aekath hondaida...un kiyana hema ekama piliganna epa...

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. To Anonymous -

    "කැමති බාසාවකිං දැම්මට අවුලක් නෑ......" කියන එකට මාගේ තනි කකුල් එකඟතාවය. මැටි Ano. දැනගන්න ඕන Google Translate කියල එකකුත් තියන බව. කැමති බාසාවකින් දාන comments වලට උත්තර නොදී ඉන්න එක දිනුකගේ කැමැත්ත. ඒත් උත්තර දෙන්න ඕන නම් ඒකත් බැරිකමක් නෑ...
    ගොන්පාර්ට් නොවෙන ඒවට, ගොන්පාර්ට් කියන්න ගිහින් පාර්ට් දාන ගොන් කෙනෙක් නොවි ඉන්නවනම් හොඳ වෙයි මයේ හිතේ.
    ( මහලොකුවට මෙයාගෙත් talks විතරද කොහෙද... බෙන්ගාලි වලින් දාපු එකේ කිසිම තේරුමක් තියන බවක් නම් පේන්නේ නෑ...)

    පොතක් තියනවා ලංකාවේ දේව පුරාණය ගැන. මට මතක විදිහට 3cm විතර ඝනකම් A4 size එකක්. අපි මහලොකුවට දෙයියෝ උඩ තියාගෙන ඉන්නවා. ඒත් හරියට හොයලා බලන්න. සමහර කතා ඇහුවාම හිතෙනවා "අඩේ අපි මෙච්චර චාටර් නෑනේ කියලා"

    ReplyDelete
  24. ලොකයේ විවිධ ගෝත්‍ර වල ලිංගික ආචාරධර්ම ගැන විස්තර ඇතුව තියනවා Sex and Spirit පොතේ. සමහර ඒවට නම් ඇඟ හිරිවැටෙනවා. ඒත් ඕන කෙනෙක් ඒ පොත කියවන එක වටිනව කියලා මට හිතෙනවා.

    (Original - Sex and Spirit - Clifford Bishop
    පරිවර්තනය - ලිංගිකත්වය සහ අධ්‍යාත්මය - භද්‍රජි මහින්ද ජයතිලක )

    ReplyDelete
  25. @Soda ගුනේ : අනිවා අනිවා අපේ මිත්‍රයෙක් හිටියා භග මණියා කියලා.නම දාන්න හේතුවනං මතක නෑ

    @chaveen sanka : ස්ත්‍රී චර්මච්ඡේදනය මුස්ලිම් ආගමික ක්‍රියාවක් නෙමෙයි.සමහර රටවල තියෙන සංස්කෘතිකාංගයක්.ආගම් ගැන අපි පස්සෙ කතා කරමු.

    @Phoenix : ඉස්තූතියි මචං.අර පොත හොයාගෙන කියවන්න ඕනෙ.මගේ විශය පථවලිං එකක් තමයි ලිංගිකත්වය සහ මනුෂ්‍යත්වය කියන්නෙ.

    ReplyDelete
  26. කොලබ මරදාන තිබෙන කලීල් ආරෝග්‍ය ශාලාවේ මෙම සැත්කම කරගන්න පුළුවන් පැය 2 කින් ගෙදර එන්න පුළුවන් .බයවෙන්න කාරී නැහැ . 3000 ක වියදමක් යන්නේ ........

    ReplyDelete
  27. HIV හා චර්ම ඡෙදනය අතර තියන සම්බන්ධය ගැටළු සහගතයි. ඔය කියන ස්ටඩීස් හැම එකක්ම ප්‍රශ්න කිරීමට ලක්වුනා. Mass circumcision එකකට කොහොමත් අනුබල දෙන්නෑ ලෝක සෞඛ්‍ය සංවිධානය දැන්. මොකද තුවාල පැසවීම, නිර්වින්දනයේ සංකූලතා වගේම වෙනත් කෙටිකාලීන හා දීර්ඝ කාලීන සංකූලතා නිසා වාසි වලට වඩා අවාසි බොහෝම වැඩියි, අනික් එක වාසියක් නෑ අළුතින්ම කරපු සමීක්ෂණ වලට අනුව 2011 කරපු විශාල සමීක්ශණයකින් ඒඩ්ස් අඩුකරන කතාව සම්පූර්ණයෙන් බැහැර කරා,.

    ReplyDelete
  28. අහිංසක හොරාAugust 30, 2012 at 7:04 AM

    බොහොම ඉස්තුතියි දැනුවත් කලාට.මම ළඟදීම ගිහිල්ල දොස්තර කෙනෙකුට පෙන්නන්න ඕනි එහෙනම්

    ReplyDelete
  29. ගොවිරාළ
    හ්ම්.. වැදගත් ලිපියක්. ලිපියේ ඇති හරය ගන්න එකයි වැදගත්. නැතුව ලිපියේ දාල තියෙන වචන අල්ලගෙන දඟලන එක නොවෙයි. ඉදිරියටත් මෙවැනිම දැනුවත් කිරීම් කරන්න. ඔබට ජය.

    ReplyDelete
  30. මටත් ඔය ප්‍රශ්නය තිබ්බා.. හැබැයි ගොඩක් දරුනුව හිරක් තිබ්බේ නෑ. ඒත් මෙව්ව එකෙන් හොඳම වැඩේ කරපුහම (කෙල්ලෙක් එක්ක කරන එක) මගෙ මෙව්ව එක වටේ තුවාල වෙන තත්වයක් තිබ්බා. එතකොට එපා වෙනවා. ගොඩක් රිදෙනවා.. මං වෙන වෙන ප්‍රතිකාර කරලා බැලුවා.. එකක් වත් හරිගියේ නෑ. අන්තිමට මමත් පෙර සම අයින් කලා. දැන් හරියටම මාස 2 යි දවස් 3 ක් වෙනවා මේ ඔපරේශන් එක කරලා. මට නම් මාසයක් වෙද්දි අත පාවිච්චි කරන්න පුලුවන් උනා. මාස එක හමාරක් වෙද්දි කෙල්ලත් එක්කත් පුලුවන් උනා. දැන් ඉස්සරට වඩා ගොඩක් හොඳයි.... තවම 100%ම හොඳ වෙලා නම් නෑ. යට හරිය තවම තද කරද්දි පොඩි රිදිල්ලක් තියනවා. ඒත් කෙල්ලත් එක්ක නම් දැන් මරේ මරු. මං මේ දාපු comment එක වැරදියට තෙරුම් ගන්න එපා. හැමෝටම උදවුවක් විදිහට මගේ අත්දැකීම කිවුවේ..

    ReplyDelete
  31. කාන්තා චර්මච්ඡේදනය ගැන මෙම ලිපිය බලන්න

    http://www.sailanmuslim.com/news/female-circumcision-the-hidden-truth-by-asiff-hussein

    ReplyDelete
  32. මචං මටත් ඔය සීන් එක තියෙනවා.ඒක මාට්ටු උනේ හමුදාවට යන්න මෙඩ්කල් එකට ගිය දවසේ.මං දැන් ඔපරේෂන් එක කරන්න ඉන්නේ.ඒත් ටිකක් බයයි බන්,සිහි නැති කරලාද කරන්නේ?එහෙම නම් හොදයි....

    ReplyDelete
    Replies
    1. සිහි නැති කරන්නේ නෑ බං

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...