09 May 2012

අස්පයා




මම දැං දෙපාරක් ඩෙල්ෆ්ට් දූපතට යන්න විනෝද චාරිකා සංවිධානය කෙරුවාට ගමන් දෙකටම කෙළ උනේය.එක පාරක් සහභාගී වන්නන්ගේ ආර්ථික අහේනිය හින්දාය.මටත් කියලා මහ ලොකුවට සල්ලිය බාගේ නැති උනාට නොකා නොබී හරි යන මගුලක යන්න ඇඟේ උණ  නං තියෙනවා ය.අනිත් පාර ගමනාන්තයේ අහිතකර කාළගුණ තත්වයක් ගැන දූසමාන ආරංචියක් නිසා අනිත් උං පස්ස ගැහුවෝ ය.දරුණු ගිණි අවු කූටකේ කරක් ගහලා ඉහේ රදේ හදාගන්නට මමත් එච්චර මනාප නැති හින්දා ගමන දින නියමයකිං තොරව කල් ගියේ ය.

04 May 2012

වැදි බණ



අද ප්‍රවෘත්ති බලද්දි තවත් හිනා ප්‍රවෘත්තියක් දැක්කෙමි.විනය විරෝධීව හැසිරෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ මහපොල කපා දාන්නේලු.දැං ඒ දිහා කට ඇරගෙන බලා සිටින අපේ රාජපාක්ෂික ජන්තාව සිතන් නේ 'අන්න හොඳ වැඩක් කරලා.ඕකුන්ට ඔහොමමයි වෙන්ඩ ඕනෙ' කියලාය.විශ්වවිද්‍යාලෙකට යන අයෙක් ළඟපාතක සිටියොතින් 'ඔන්න පේනවනෙ.දැංවත් ඔය උද්ඝෝෂණ නවත්තලා දාලා හොඳට ඉගෙනගනිල්ලා' කියලා කියනවා අනිවාර්යයි.

26 April 2012

කාලය




මිනිස්සු ජීවත් වෙනවද?

මනුස්සයෙක් නිදාගන්න පැය හය, හත හෝ අට ඇරියාම මනුස්සයෙක් ඇහැරිලා ඉන්න කාලෙන් ඒ මනුස්සයා ජීවත් වෙන්නෙ කොච්චර ටික වෙලාවක් ද?උදේට ගම්පහින් කොළඹ එන්න දුම්රියට මිනිස්සු ස්ටේෂන් එකට එන්නෙ උදේ හයටත් කළිං.ඒ කියන්නෙ ඒ මනුස්සයා අඩුම තරමේ පහටවත් කළිං අවදි වෙන්න ඕනෙ.ඊට පස්සෙ පැය අටක් වැඩ.හවසට හතරහමාරෙ ඉඳන් කෝච්චිවල මිනිස්සු ගෙදරට තමංගෙ දරුවො, බිරිඳ බලන්න දුවනවා.ඒත් හවස හයවත් වෙනකන් යා ගන්නනං බෑ කියලා මේ මහ පොළොවේ පය ගහලා ඉන්න මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු දන්නවා.

25 April 2012

ලෙඩේ


කාලෙකට පස්සෙ බ්ලොගේ මොනවත් ලියන්න හදන්නෙ.ඇයි හත් දෙයියනේ හැමදාම ලොග් වෙලා අනුන්ගෙ පොස්ට් කියවලා ඇහැක් විදිහට කොමෙන්ට් කොරලා යනවා මිසක්කා මට ඇත්තටම ලියන්න කියලා දෙයක් ඔලුවට ආවෙම නෑ.මොකද මේ ලෝකෙ තියෙන භයානකම රෝගය විසින් ළපටි වනාන්තරයකට ඇතිවුණු දරුණු රෞද්‍රඝාතයක් වගේ මගේ සියළුම චිත්ත ශක්තිය, මගේ ස්මරණය, ආත්ම විශ්වාසය, ජීවිත තෘප්තිය, හැඟීම් දැනීම් මේ ආදී එකී නොකී හැම ඉලව්වක්ම මොට කරලා දාපු හින්දා.

01 April 2012

තැඹිලි





ඔන්න දැං වහින්න පටං ගත්තනෙ.පාඨලී චම්පක ලොක්කට දැං ඉතිං ටිකක් හුස්මක් කටක් ගන්න පුළුවං වෙයි.මොකෝ ආයෙමත් ජල විදුලිය පැත්තට හැරෙන්න පුළුවන් නොවැ.වහින්ඩ කළිං දවස් ටිකේම අහස පාරම් බබා ඉන්න කොට දරාගන්ඩ අමාරු රස්නයක් තමයි තිබ්බෙ.තාමත් දවාලට ඒ වගේම රස්නෙයි.වතුර වගේ දාන දාඩිය කමිසේ මිරිකලා බේසමකට එකතු කලැහැකි.

24 March 2012

නව ජීවන ක්‍රමය





ලියුමක් ඇවිත්
බෝඩිමට
ආවමයි ලියුමක් මට
බෝඩිමට කෙසේ වෙතත්
ජීවිතේටම
පළවෙනි වතාවට

11 March 2012

දොළහක්


අද ඔන්න යානතං එග්සෑම් ඉවරයි.අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ වැඩවර්ජනයෙන් කල් ගිය අපේ අවසාන විශයත් අද තියලා ඉවර උනා.ආයේ ලබන මාසේ අග වෙනකං විභාග නෑ.ඉතිං දෙයියනේ කියලා මනස නිදහස් උන ගමං ඒ නිදහසේ පූර්ණ තෘප්තිය අත්විඳින්න හිතාගෙන මම මගේ මිත්‍රයො කීප දෙනෙකුත් අහුලගෙන ලයනල් වෙන්ඩ්ට් එකට ගියා.ඇත්තටම මම ලයනල් වෙන්ඩ්ට් එකට එච්චර ආසා නෑ.මම මීට කළිං එක වතාවක් ඒකෙ නාට්‍යයක් බලලා තියෙනවා.