26 April 2012

කාලය




මිනිස්සු ජීවත් වෙනවද?

මනුස්සයෙක් නිදාගන්න පැය හය, හත හෝ අට ඇරියාම මනුස්සයෙක් ඇහැරිලා ඉන්න කාලෙන් ඒ මනුස්සයා ජීවත් වෙන්නෙ කොච්චර ටික වෙලාවක් ද?උදේට ගම්පහින් කොළඹ එන්න දුම්රියට මිනිස්සු ස්ටේෂන් එකට එන්නෙ උදේ හයටත් කළිං.ඒ කියන්නෙ ඒ මනුස්සයා අඩුම තරමේ පහටවත් කළිං අවදි වෙන්න ඕනෙ.ඊට පස්සෙ පැය අටක් වැඩ.හවසට හතරහමාරෙ ඉඳන් කෝච්චිවල මිනිස්සු ගෙදරට තමංගෙ දරුවො, බිරිඳ බලන්න දුවනවා.ඒත් හවස හයවත් වෙනකන් යා ගන්නනං බෑ කියලා මේ මහ පොළොවේ පය ගහලා ඉන්න මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු දන්නවා.
ගෙදර යනකොට බිං කරුවල වැටිලා.ගෙදර ගියාම පොඩි වොශ් එකක් දාගෙන රූපවාහිනිය ළඟ වාඩි වෙලා මොනවා හරි තම්බපු දෙයක් ගිලලා ඉඩක් ලැබුණොත් හෝ වෙහෙස අඩුනම් ක්ෂණික රමණයකින් පස්සෙ නිදා ගන්නවා.

මේ චර්යා රටාව තව දුරටත් කරගෙන නොයා යුතුයි කියලා හිතන්නවත් මිනිස්සුන්ට වෙලාවක් නෑ.එහෙම හිතන්න තරම් චින්තන නිදහසක් මිනිස්සුන්ට නෑ.උදේ පාන්දරම දුම්මල වරම අරගෙන අවදි වෙන්නෙ දවසේ වැඩ ඉවර කරන්න.ඒත් කවදාවත් ඉවර වෙනවද? මිනිස්සු මුළු දවසම හම්බ කරන්න වෙන් කරනවා උනාට ඒක නිදහසේ වියදම් කරන්න වෙලාවක් තියෙනවද?සතියකට එක දවසක් නිවාඩුව ඇතිද?මේ අර්බුධයක් ද? අර්බුධයක් නම් පිළියමක් ඇති ද?

මීට අවුරුදු සීයකටත් කළිං තාක්ෂණේ බොහොම ප්‍රාථමික අවධියක තියෙද්දි ඇමරිකාවෙ චිකාගෝවල කම්කරුවො පිරිසක් උද්ඝෝෂණයක් කළා පැය අටක වැඩමුරයක් ඉල්ලලා.මොකද ඒ දක්වා ඒ මිනිස්සු වැඩ කරපු පැය දහ හතරේ වැඩ මුරයෙන් මිනිස්සු හෙම්බත් වෙලා හිටියෙ.ජීවිත රැසක් බිළි ගත්තට පස්සෙ මිනිස්සුන්ට පැය අටක වැඩ මුරයක් හිමි උනා.ඒ සියවසකට උඩදි.එදා ඉඳන් අද වෙනකොට ලෝකේ තාක්ෂණය, විද්‍යාත්මක දැනුම, යන්ත්‍ර සූත්‍ර, ආදිය නොසෑහෙන්න දියුණු වෙලා.ඒත් මිනිස්සුන්ගෙ ශ්‍රමය තාමත් පැය අටක් දවසකට ඕනෙ.ඒ කියන්නෙ මේ තාක්ෂණය දියුණු වීම නිකං දෘෂ්ඨි මායාවක් විතර ද?

මම මේ ගැටළුව දිහා බලන දෘෂ්ඨි කෝණය වෙන කෙනෙක්ට වැරදි විදිහට පේන්න පුළුවන්.මම මේ කියන්න හදන්නෙ මට පේන දේ.

අපේ මූලික අවශ්‍යතාවලට ඇත්තටම මහලොකු වෙහෙසක් වෙන්න ඕනෙ නෑ ලබා ගන්න.මේ තරම් වෙහෙසෙන්න වෙලා තියෙන්නෙ අපි වටේට මවා දක්වලා ඇති අවශ්‍යතාවයන් වෙනුවෙන් නේද? ඉස්සර ගොවියෙක්ට තමන්ගෙ ආහාර පාන ඉඳුම් හිටුම් සඳහා අවශ්‍ය දේ සම්පාදනය කර ගත්තට පස්සෙ  විශාල කාලයක් ඉතුරු උනා.අන්න ඒ කාලෙ තමයි අපේ රටේ කලාව, දර්ශනය වෙනුවෙන් වෙන් උනේ.අපිට අද ඇත්තටම චින්තනයක් නෑ.අපේ කියලා දර්ශනයක් නෑ.ඒවත් අපි ආනයනය කරලා එකට අනලා පත අට එකට සිඳුවලා අලුත් එකක් වගේ එළියට දානවා.


දැං මම කියන්නෙ නෑ අපි මේ අපි වටේට තියෙන මූලික අවශ්‍යතා හැර අනිත් සියල්ලම අත ඇරලා ආයෙත් ගල් යුගේට ගිහින් සතෙක් මරාගෙන කාලා ඉම්මු කියලා.ඒත් මම මුළින් කිව්ව කතාවට ආයෙත් ගියොත් ඇත්තටම තාක්ෂණේ දියුණුවත් එක්ක මිනිස් ශ්‍රමය අඩුවෙන් අවශ්‍ය වෙද්දි, කර්මාන්තවලින් වැඩි ඵලදායිතාවකින් භාණ්ඩ නිශ්පාදනය කරන්ඩ පුළුවන් වෙද්දි, කර්මාන්ත හිමියො වැඩි වැඩියෙන් ලාභ ලබද්දි ඒ අය කළේ ශ්‍රමිකයන්ගේ වැඩ මුරය අඩු කරපු එක නෙමෙයි.යන්ත්‍ර සූත්‍රවලින් ශ්‍රමිකයන්ව ප්‍රතිස්ථාපනය කරපු එක.ඒකෙන් උනේ බහුතරයකට රැකියා අහිමි වෙද්දි ඉතුරු කීප දෙනා කළිං වගේම වැඩ ගොඩක් කරද්දි ධනපතියන්ට සල්ලි ගොඩේ පීනන්න අවස්ථාව ලැබිච්ච එක තමයි.

ඔය විශාල කර්මාන්තවල හිමිකරුවන්ගේ ලාභයන් ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් තේරේවි කිසිම ගැටළුවක් නැතුව ඒ අයට පුළුවන් තමන්ගෙ ශ්‍රමිකයන් පිරිස දෙගුණ කරලා ඒ ශ්‍රමිකයන්ගේ වැඩ මුරය පැය හතරක් කරන්ඩ.ඒත් ඒ අය එහෙම කරන්නෙ නෑ.

ඉන් ටයිම් චිත්‍රපටියෙ කියනවා වගේ කීප දෙනෙක්ට අමරණීය වෙන්න බහුතරයක් දෙනා ඉක්මනට මිය යන්න ඕනෙ කියනවා වගේ මේ සමාජෙ කීපදෙනෙක්ට සුපිරි ජීවිත ගත කරන්න බහුතරය දුක් විඳින්න ඕනෙ.

කළ හැකි යමක් ඇද්ද??????


පින්තූරෙ : dbaldinger.com

4 comments:

  1. මේ කතාව කියෙව්වම තමා මතක් උනේ. සමහර මිනිස්සු උදේ හවස කුරුණෑගල ඉදලත් කොළඹ වැඩට එනවා !!
    ඒ මිනිස්සු දැක්කහමත් පවු කියලා හිතෙනවා.

    ReplyDelete
  2. මට නම් මුකුත් හිතෙන්නේ නෑ. සමහරවිට මට මේ වගේ දේවල් වලට හිතෙන්නේ වැඩ නොකරම ඉන්න ක්‍රමයක් තිබ්බා නම් කියල හිතෙන හින්දා වෙන්න ඇති.

    ReplyDelete
  3. sahathika aththa macho...api oka gena kalin katha kara mathakai issara guitar gahanna yaddi :) man awama ela talkak daamu ;)

    ReplyDelete
  4. @Il mondo di una povera pazza : ඇත්තම කිව්වොත් මම දන්න තරමිං ( ඒ කිව්වේ මම අහලා තියෙන තරමිං ) ලෝකෙ මිනිස්සුන්ට වැඩ නොකර අවශ්‍ය සියල්ල ලබා ගන්න තරමට ලෝකයේ තාක්ෂණය සහ සම්පත් තියෙනවා.ඒවායේ ව්‍යාප්තියේ තමයි අවුල තියෙන්නෙ.

    @chaveen sanka : ආ වරෙං වරෙං උඹට කියන්ඩ ගොඩාක් ඒවා තියෙනවා.මහින්දට කඩේ ගිහිං ගිහිං දැං ලංකාවටම ඇවිත් බලපං මොනවද මේ රටට කරලා තියෙන්නෙ කියලා.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...