13 May 2015

මම බඳින්ඩ තීරණය කළෙමි

එදා තනිකඩ උනාට පස්සේ තනිකඩ ජීවිතේ සුවය විඳිමින් කාලයක් සතුටින් ජීවත් වෙන කොට ටික ටික තනිකඩ ජීවිතේ තියෙන කටුකත්වය අවබෝධ වෙන්ඩ ගත්තා.බාත් රූම් එකේ මම ඉන්න වෙලාව සෑහෙන්ඩ වැඩියි කියලා ගෙදර අය චෝදනා කරන්ඩ ගත්තට පස්සේ සහ බ්ලොග් එකක් බලාගන්ඩවත් විදිහක් නැති වෙන විදිහට නෙට් කනෙක්ෂන් එකේ ඩේටා ඉවර වෙලා යන්ඩ ගත්තට පස්සේ මම තීරණය කළා තනිකඩ ජීවිතේ ගත කළා ඇති කියලා.මම තරුණ කොල්ලෙක්ට ජීවිත කාලේ ඇතුලත ගන්ඩ සිද්ද වෙන භයානකම තීරණය ගන්ඩ හිතුවා.



ඔව් මම කසාදයක් බැඳ ගන්නවා.ඊට පස්සේ අක්කර දහයක පහළවක පුංචි ඉඩමක කාමර දහයක් දොළහක් තියෙන පුංචි ගෙයක් හදාගෙන ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක පුංචි රස්සාවක් කරගෙ ජීවිතේ සැඳෑ සමය සතුටින් ගත කරන හැටි හීන මැව්වා.ජීව්තේ ගොඩාක් බෝරිං උනොත් ඡන්දේ හරි ඉල්ලන්ඩ බැරියෑ.ඊට පස්සේ ජනාධිපති වෙලා ජනතාව අතරට යන කොට ඇමති ආරක්ෂකයෙක් වතුර බෝතලයක් ඉනේ ගහගෙන මගේ ගාවට කිට්ටු වෙනවා හීනෙන් පෙනිලා මම කෑ ගහගෙන නැගිට්ටා.

"මොකද මොකද භූමිකම්පාවක්ද?" ආච්චි කාමරේට කඩාගෙන පැන්නේ ඔළුවත් අත්දෙකෙං වහගෙන.

"මොන භූමිකම්පාද ආච්චි.මම මේ හීනයක් දැක්කා." මම ආච්චිට හොරෙන් සරම අතගාලා බැලුවේ හීනෙන් බය වෙච්ච පාර මුත්තරාත් ගිහිල්ලද කියලා.

"තූ විතරක් නොසන්ඩාලයා.ඈ යකෝ මේ නහින දෙහින කාලේ ඉන්න මාව මෙහෙම බය කොරන්ඩ හොඳද මං අහන්නේ? උඹ මොකක්ද හීනෙන් දැක්කේ ඔච්චර බය වෙන්ඩ තරං? ජාතික ගීය අරාබිවලිනුත් කියන්ඩ දීලා වගේ"

"ඈ ආච්චි, ආච්චි බඳිද්දි වයස කීයක් විතරද?" මම ආච්චිගේ ප්‍රශ්නය මගහැර ඇසුවෙමි.

"පාළොහක් විතර ඇති මයේ හිතේ.කොහෙද උඹලගේ සීයට ඉවසුං නැතුවනේ හිටියේ."

"එතකොට සීයට වයස?"

"බොලාගේ සීයා මට වඩා අවුරුදු දෙකනේ වැඩිමල්"

"එතකොට ආච්චිලා බැන්දේ ලව් කරලද නැත්තං ප්‍රොපෝසල් එකක්ද?"

"හූහ් ඒ කාලේ මේ දැං වගේ ඔය නෙයියාඩගං තිබ්බේ නෑ.ගෙදරිං මොකක්ද කියන්නේ ඒකට හා කියනවා මිසක් ඔය දැං ඉන්න උං වගේ ඔක්කොම නැටිලි නටලා ඉවර වෙලා නැන්දම්මට නොපෙනෙන්න ඈත පැත්තක හොනිමුං ගියේ නෑ.අපි විළි සංගේ ඇතුව හැදුනේ.පිරිමියෙක්ගේ මූන බලලා කතා කරලා නෑ."

"ඔය ඇත්තමද ආච්චි? හොඳයි ආච්චි කොල්ලො එක්ක යාළු උනේ නැති උනාට කොල්ලො ආවේ නැද්ද ආච්චි එක්ක යාළු වෙන්ඩ?"

"හෙඃ ඒ හරිය මොකට කියනවද?මං ඒ දවස්වල වෙලේ ළිඳෙං නාලා ගෙදර එනකොට ගමේම කොල්ලො පාරට එනවා.උං එක එක ඇට්ටිං දානවා ඇස් ගහනවා ඒ උනාට මම නෙමෙයි ඒ එකෙක් දිහා ඔළුව උස්සලා බැලුවේ.මාව කරකාරේ ගන්ඩ හිතාගෙන හිටපු දෙන්නෙක් ගහමරාගෙන ගං දෙකක් තරහත් උනා ඕං."

"මේ ගෑනිගෙ කෙබර උඹත් ඉතිං පිළිගන්නවනෙ.අනේ ගොනා" සීයා එහෙම කියාගෙන කාමරේට කඩා පාත් උනා.

"මොනවද මම කියන කෙබර"

"මේ ගෑනි නාලා එද්දි කොල්ලො පාරට ආවෙ නැහැ පුතේ.කොල්ලො පාරට එන වෙලාවක් බලලා තමයි මේ උඹලගෙ ආච්චි නාන්ඩ ගියේ"

"අනේ යනවා යන්ඩ"

"එතකොට සීයා කොහොමද ආච්චිට සෙට් උනේ?" මම ඇහුවෙ වලියක් යයි කියලා බය වෙච්ච හින්දා.

"උඹලගෙ සීයට ඒ කාලෙ හරියට මදන විසේනෙ පුතේ.මගෙ පස්සෙං වැටිච්චි ගමංමයි." ආච්චි පැනලා උත්තර දුන්නා.

"උඹලගෙ ආච්චි අපේ නංගිව යාළු කරගෙන මම යන එන තැං ගැන ඔත්‍තු බලලා ඒ හැම තැනටම රිංගුවා පුතේ"

"වැඩේමයි මෙතන මෙයා පස්සෙ යන්ඩ.මට අමාරුවනෙ."

"අමාරුව හින්දා නේන්නං අමාරුව හොඳ කරන කං මගෙ වටේ කැරකුනේ."

"කාගෙ අමාරුවද දන්නෙ නෑ එදා බැදි දෙල් ගහ ළඟදි මාව මූකලානට උස්සං ගොහිංහ හොඳ කර ගත්තෙ?"

"එපා නං කෑගහන්ඩ නොවැ තිබ්බෙ.හිටියෙ යස අපූරුවට.අන්තිමට මම යමුයි කිව්වම කවුද දන්නෑ තව ටිකක් ඉඳලා යමු කීවෙ."

"ඉඳලා යමු කීවෙ කවුරුවත් දැක්කොත් කියලා.කොහෙද ඒකත් අර ඩිංගිරා දැකලා අපේ ගෙදෙට්ට කිව්වෙ නැත්තං හොඳ මිනිහෙක් එක්ක දීග යන්ඩ තිබ්බා.ලැම්බට් සිංඥො මට කොච්චර මනාපෙන්ද හිටියෙ. ඉහි..ඉහි..."

ආච්චී අඬන්නට පටන් ගත්තාය.සීයාගේද හිත උණු විය.උන්දෑ සාරුක් ඛාන් වාගේ ආච්චීව තුරුල් කරගත් වහාම මම පරම්පරාවේ රහස් හිතෙන් දරාගෙන කාමරෙන් එළියට පැන ගතිමි.


39 comments:

  1. මේ පින්තූරයේ පෙන්නන විදිහටම සතුටින් සාමදානයෙන් ඉන්ඩ ලැබෙන , 'මහා කසාදයක්' බැඳගන්ඩ ලැබේවා!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්ඩකෝ... තාම කතාවේ බඳින හරියට ආවේ නෑනේ

      Delete
  2. ඔහොම දවල් හීන පේන්නේ ඇත්තටම කසාදයක් කරගන්න හිතුනාම තමයි!

    ReplyDelete
    Replies
    1. කාටද අප්පා බඳින්ඩ හිතෙන්නේ නැත්තේ? එක පාරක් බැඳපු එකෙක්ට ඇරුනාම

      Delete
  3. චන්ද්‍ර අනගිරත්න ආයිත් ඉපදිලා හැබැයි ඩොකෙක් වෙලා..

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත! මුගේ ශෛලිය එහෙම් පිටිංම ඒ වගේ

      Delete
    2. උන්දැගේ ශෛලියට මං කැමතියි සරත් අයියේ.ඒ ලියන විදිහේ පොඩි කික් එකක් තියෙනවා.

      Delete
    3. ශෛලිය හිතා මතා කොපි කළා නෙවෙයි. කොපි උනා.

      Delete
  4. අමු අඹේ කාල බලමුකෝ එහෙනම් .........

    ReplyDelete
    Replies
    1. අමු අඹ කෑවට එපා වෙන්නෑ කොබා.අඹේ කල් යද්දි ඉදිලා එහෙම කුණු වෙන්ඩ ගියොත් තමා එපා වෙන්නේ.

      Delete
  5. අදමයි මේකට ආවේ . ඔබට සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි නැවත එන්න!!!

      Delete
  6. හෙහ් හෙහ් පස්ට ඈ.....
    එහෙනං ඒකත් සිරි සුභ මංගලම් ලු ඈ

    ReplyDelete
    Replies
    1. කෝ තාම බැන්දේ නෑ බං බඳින්ඩ හිතුවා විතරයිනේ.පොඩ්ඩක් ඉවසපං සුභ පතන්ඩ

      Delete
  7. හත්තිලව්වයි අර වයසක ජෝඩුවට පාඩුවේ ඉන්න නොදෙන හැටි..... ඔය වයසක අය හරියට ලැජ්ජයි... තනියම ඉන්න වෙලාවට මාර ලව්..... ඔව්මයි.

    ReplyDelete
    Replies
    1. වයසක උන්දැලා තමයි මාර ආතල් එකේ ඉන්නේ.ඒ කාලේ කොටු පැනපුවත් එච්චර අවුලක් තිබ්බේ නෑනේ.කොටු පැන්නත් කපල් එක ලව් එකේ හිටියා.

      Delete
  8. දැං මෙයත් හදන්නෙ මූකලානට උස්සගෙන යන්න ද?

    ReplyDelete
    Replies
    1. අපෝ මූකළංවලට උස්සං යන්ඩ බෑ ප්‍රසන්න අයියේ.
      1.දැං ගෑනු හරි බරයි.
      2.සතා සරුපයා ගැවසීමට ඉඩ ඇත.
      3.මූකළං කපා ගෙවල් හදා ඇති නිසා මූකළං හිඟ වීම.
      4.මූකළානක් හොයලා හරි ඒකට උස්සං ගිහිල්ලා අහවල් වැඩේ කළත් දැං ගෑනු පොටෝ ගහලා මූනු පොතේ "how I got raped" කියලා ඇල්බම් එකක් දාන නිසා.

      Delete
    2. දෙයියෝ සාක්කි

      Delete
    3. "how I got raped" කියලා ඇල්බම් එකක් දාන නිසා.

      hafoooyi sahatika atta ban . . hik hik hik

      Delete
  9. උඹත් සීය වගේ නැතෑ! හැබැයි ඉතිං මූකලං වෙනුවට ඔය ROOMS තියෙන්නෙ ඕන තරම්. අතට දියවෙන්න කලින් බැඳපං.

    ReplyDelete
    Replies
    1. ඔව්වා හරි වියදං වැඩ අප්පා.අනික ඕවට පොලෝසියෙනුත් එනවා නේද?කෙල්ලගේ නම කියාගන්ඩ බැරි උනොත් සොරිම තමා.

      Delete
  10. මමත් ආවේ අද..
    එල ද බ්‍රා
    සරත් අයියා කියපු එක ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි නැවත එන්ඩ!!!
      එළද බ්‍රා

      Delete
  11. අනේ අපොයි,
    තවත් එකෙක්
    හිරේ විලංගුවේ වැටීමට යයි,
    උබට මගෙන් (ශෝක) සුබපැතුම්......

    ReplyDelete
    Replies
    1. මගුල් මුද්ද කියන්නේ පුංචිම මාංචුව කියලා කියනවා නොවැ.

      Delete
  12. කරුමයක් පලදෙන්න තියෙනවනන් වලක්කන්න බෑ,ඔන්න ඔහෙ බැන්ඳල දාන එකයි!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ ආත්මේ කරුමේ ගෙවලා ඉවරයක් කර ගත්තොත් ඊළඟ ආත්මේ බැරියෑ දෙව් සැප විඳින්ඩ

      Delete
  13. ආතයි ආච්චියි මදැයි කොළුවට සදාචාරෙ ගැන දේසන දෙන්න ආවා හිකිස්

    ReplyDelete
  14. අඩේ ඉස්සර ගෙදර ඉන්නැද්දී මම අම්මවයි තාත්තවයි කොටවන්නෙත් ඔය වගේ බන්
    මේන් තියෙනවා ඒ ගැන ලියපු ලින්ක් එක

    ආසන දෙකේ බණ සහ මල්සරා ගේ දුන්න . . . !
    http://dukaa.blogspot.ae/2010/04/blog-post.html

    ReplyDelete
  15. අතේ රේකා මැකුනත් කමක් නෑ බඳින්න නම් එපා පුතෝ ඔය ඉන්න විදිහට යහතින් හිටු . . බැඳපු එකෙක්ගේ අවවාදයක් හරිය . .

    ReplyDelete
  16. ඇහ් ආයෙත් බඳින්න?
    කසාද කීයක් කරගන්නද දැන් හිතන් ඉන්නේ බොලා?
    අහුවෙච්ච දෙන්කෝ බොලාගේ උන්දැ කියන්න...

    ReplyDelete
  17. අපෙ ආතටත් ආච්චම්ම ඉස්සර බනිනව ‘කෙබර හලනව‘ කියල. ඒ දවස්වල වෙඩිං හයර් එකත් ආවෙ පයිංමලුනෙ. අත් රබං කාරයො දෙන්නෙක් හිටියලු මගදි සිංදු කියන්න.

    ReplyDelete
  18. මේක චන්ද්‍ර අනගිරත්නගේ කතාටයිප් කතාවක් මිස ආච්චියි සීයයි නම් ඔහොම කියන්නේ නෑ.

    අපේ ආච්චිට අනුවනම් සීයා ආව බලල ගිය. කැමතියි කිව්වා. ආපහු දැකල තිඑන්නේ බඳින දවසේ

    ReplyDelete
  19. මොකෝ මේ බ්ලොග් එකේ මකුලු දැල්?

    ReplyDelete
  20. රජරට වෛද්‍ය පීඨයේද වැඩ?

    ReplyDelete
  21. අද තමා බ්ලොග් එක ඇහැ ගැටුනේ.. ඔන්න ෆලෝ පාරක් දැම්ම.. බඳින එක ගැන නම් මුකුත් කියන්න බෑ .. මොකද කිව්වා කියල වැඩක් නෑ .. ඔව්ව ඉතින් කොරලම ඉගෙනගන්න ඕන පාඩම්..

    ReplyDelete
  22. සහෝදරයා දැන් ඉස්සර තරම් වැඩත් නැති එකේ නරකද මකුළු දැල් හෙම කඩලා පොඩ්ඩක් සුද්ද බුද්ද කරලා පෑල දොර ඇරියනම් .....

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...