25 May 2014

සම-සෞඛ්‍ය ගැටළුව




සම-සෞඛ්‍ය කට්ටියගේ ගැටළුව ගැන කකා ලියලා තිබ්බනේ පොඩි විස්තරයක්.ඒකේ කොමෙන්ට්වල නං දිග සංවාද ගිහිං තිබ්බා.මේ සම-සෞඛ්‍ය ගැටළුව ගැන ලියන්ඩ හිතාන හිටියට විභාගේ වැඩයි කම්මැලි කමයි හින්දා පස්ස ගගහා හිටියත් කකාගේ ලිපිය කියවලා මේක ගැන ලියන්ඩම හිතුනා.කකාගේ ලිපිය විතරක් නෙමෙයි ගිය සතියේ තිබ්බ දෙරණ වාද පිටිය වැඩසටහනත් කට්ටිය බලන්ඩ ඇතිනේ.බැලුවේ නැත්තං ගිහිල්ලා බැලුවත් කමක් නෑ ඕං.මොකද ඔය රටේ වෙනත් ප්‍රශ්නවලදි ඇස් කන් පියාන ඉන්ඩ පුළුවං උනාට මේකෙදි කාටවත් එහෙම මග ඇරලා ඉන්ඩ අමාරුයි.රතුපස්වල ප්‍රශ්නෙදි අවුලක් නෑ රතුපස්වල උන්ටනේ වතුර නැත්තේ කියලා ගණන් නොගෙන හිටියට, ධීවරයින්ට ඉන්ධන සහනාධාරේ නොදී ධීවරයෙක්ට වෙඩෛ තියලා මැරුවම කමක් නෑ ධීවරයින්ටනේ අවුල තියෙන්නේ කියලා අමතක කරලා දැම්මට ඉස්පිරිතාලවල ගැටළුවක් කියන්නේ රටේ හැමෝටම සමස්ථයක් විදිහට බලපාන ප්‍රශ්නයක්.

මුලින්ම බලමු මොකක්ද මේ සම-සෞඛ්‍ය පීඨය කියලා.

  • B.Sc. in Nursing Degree Programme
  • B.Sc. in Medical Laboratory Science Degree Programme
  • B.Sc. in Physiotherapy Degree Programme
  • B.Sc. in Radiography Degree Programme
  • B.Sc. in Radiotherapy Degree Programme
  • Bachelor of Pharmacy ( B.Pharm) Degree Programme

කියන පාඨමාලා මේ සම-සෞඛ්‍ය කියන කොටසට අයත් වෙනවා.මේ අය හැමෝම රෝහල්වල කටයුතු කරගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය අය.අතීතයේ හිපොක්‍රටීස්ලගේ කාලේ ඉඳලා නයිටිංගේල්ගේ කාලේ වෙනකල්ම ලෙඩා සම්බන්ද හැමදේම කළේ දොස්තරම තමයි.ඒත් පස්සේ පස්සේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම සහ කටයුතු සංකීර්ණ වෙද්දි මේ හැම එකම තනියම වෛද්‍යවරයට කරගෙන යන්ඩ බැරි වෙනවා.අන්න එතකොට තමයි මේ කියන හෙදියන් ප්‍රමුඛ අනෙකුත් සම-සෞඛ්‍ය සේවාවන් බිහි වෙන්නේ.මේ කියන ඒ ඒ ක්ෂේත්‍රවලට විශේෂ වූ සේවාවන් බිහිවීමේ අරමුණ රෝගීන්ට උපරිම සේවාවක් ලබා දීමයි.

මේ සම-සෞඛ්‍ය උපාධිය දැනට අවුරුදු 10කට විතර කලිං පටං ගන්නේ අවුරුදු හතරක උපාධියක් විදිහටයි.වාදපිටියෙදි නජිත් කියනවා වගේ උපාධි පාඨමාලාවක් පටං ගන්නේ නිකං තේ කඩයක් දානවා වගේ 'හරි එහෙනං හෙට පටං ගම්මු' කියලා නෙමෙයි.මේ උපාධි පාඨමාලා පටං ගන්ඩ කලිං සෑහෙන මුදලක් වියදම් කරලා දෙස් විදෙස් ප්‍රවීණයන් කැඳවලා සාකච්ඡා කරලා තමයි මේ උපාධි සඳහා අවුරුදු හතරක් ඕනෑ කියලා තීරණය කරන්නේ.එහෙම විද්වත් සාකච්ඡාවල ප්‍රථිපලයක් විදිහට ඇති කරපු සිව් අවුරුදු පාඨමාලාව දැං හදිස්සියේ තුනක් කරපු එකට තමයි මේ ළමයි විරුද්ධ වෙන්නේ.මම දකින විදිහට ඒ විරුද්ධ වීම සාධාරණයි.

සිවු අවුරුදු උපාධි පාඨමාලාවේ කට්ටිය සායනික පුහුණු සඳහා රෝහල්වලට යනකොට වෛද්‍යවරු මුලින්ම ලෙඩේ අදින්ඩ පටං ගත්තේ වාට්ටුවල ඉඩ පහසුකම් නෑ කියලා.ලංකාවේ ශික්ෂණ රෝහල් තියෙන්නේ කීපයක් උනාට මහ රෝහල් ගොඩක් තියෙනවා.සෞඛ්‍ය අමාත්‍යංශයටයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයටයි ඉක්මනට විසඳන්ඩ තිබිච්ච ප්‍රශ්නයක් සෑහෙන කාලයක් ඇදිලා ගියා.ඒක අන්තිමේ විසඳුනා.ඊට පස්සේ මේ අය උපාධි අරං ආවම තමුන්ට වඩා ඉහලට එයි කියලා මේ අයගෙම ක්ෂේත්‍රවලට අයත් ඩිප්ලෝමාධාරීන් බය වෙලා ඒ අය ලෙඩේ අදින්ඩ පටං ගත්තා.උපාධිය පටං ගන්ඩ කළිං මේ ක්ෂේත්‍රවල හිටියේ ඩිප්ලෝමාධාරීන්.තවමත් ඉස්පිරිතාලවල වැඩ කරන්නේ මේ ඩිප්ලෝමා අය තමයි.අර ළමයි සායනික පුහුණුවට ගියාම ඔවුන්ට ඒ පුහුණුව දෙන්ඩ සිද්ධ වෙලා තිබුණේ ඒ වෙනකොට රෝහල්වල වැඩ කරපු ඩිප්ලෝමාධාරීන්ට.නමුත් ඔවුන් මේ ළමයින්ට පුහුණුව දෙන එක ප්‍රතික්ෂේප කළා.ඒ වෘත්තීය කුහක කම හින්දා.පස්සේ මේ ඩිප්ලෝමාධාරීන් ඔවුන්ටත් කෙටි අධ්‍යාපනයකින් පස්සේ උපාධිය ලබා දෙන්ඩ කියලා ඉල්ලීමක් කළා.නමුත් උපාධිය එහෙම පොඩි කාලෙකින් දෙන්ඩ බැරි නිසා විශ්ව විද්‍යාල මේ අයගේ ඉල්ලීම බැහැර කළා.ඒ ප්‍රශ්නෙත් සෑහෙන කාලයක් ඇදි ඇදි ගියා.

දැං අළුත්ම කේස් එක මේ 3+1 කිරීම.ඒ කියන්නේ අවුරුදු හතරේ උපාධිය අවුරුදු 3ට අඩු කරලා අවුරුදු 3ට පස්සේ වැඩි ලකුණු ගන්න ළමයින්ට තව අමතර අවුරුද්දක් ලබා දෙන ක්‍රමයක් එක පාරට ඇති කළා.මේක ඇති කිරීමට මූලික උනේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හෙවත් GMOA එක කියලා එස් බී මහත්තයා කියනවා.GMOA  එකත් ඒක ප්‍රතික්ෂේප කළේ නෑ.GMOA  එක මේකට විරුද්ධ ඇයි කියලා ඇහුවම ඒ අය එක එක හේතු කියනවා.ඒ අය කියනවා මේ ළමයින්ට උපාධිය දුන්නට රැකියා අවස්ථා නෑ ඒ හින්දා බොරුවට අවුරුදු හතරක් මේක අදින එකේ තේරුමක් නෑ කියලා.ගැටළුව තියෙන්නේ එතන.GMOA  එක කියන්නේ වෘත්තීය සමිතියක්.මේ අයට රස්සා දෙනවද නැද්ද කියන එක හෝ පාඨමාලා කාලය ගැන හෝ මේ වෘත්තීය සමිතියකට තියෙන කැක්කුම මොකක්ද? මේ අය අනිත් විශ්වවිද්‍යාල පාඨමාලා ගැනත් කතා කරනවද? කලා උපාධිය මාස හයකට අඩු කරන්ඩ වගේ ඉල්ලිම් කරනවද? 

මෙතන ගැටළුව තියෙන්නේ අවුරුදු හතරක උපාධිය තියෙන අයට පුළුවන් පරිපාලන සේවයට එන්ඩ.මේ සම-සෞඛ්‍ය නිළධාරීන් පරිපාලනයට ඇවිදින් වෛද්‍යවරුන්ට ලෙඩේ අදීවී කියන බය තමයි වෛද්‍යවරුන් තුල තියෙන්නේ.ඒ නිසා ඔවුන් බලපෑම් කරනවා මේ සිවු අවුරුදු පාඨමාලාව කප්පාදු කරන ලෙස.විශේෂයෙන් හෙද නිලධාරීන් සිව් අවුරුදු පාඨමාලාවෙන් පස්සේ සය මාසික ශල්‍යාගාර පුහුණුවකුත් තවත් සය මාසික මොනවා හරි පුහුණුවකුත් දා ගත්තම ඔවුන් වෛද්‍යවරුන් තරමටම ජ්‍යේෂ්ඨ වේවි යැයි බයක් තියෙනවා.මම පත්තරේ  ගිය සම-සෞඛ්‍ය සිසුන්ට පොලීසිය ගහපු නිවුස් එක බල බල ඉන්න කොට මගේ මිත්‍රයෙක් එතනට ආවා.

"හොඳ වැඩේ ඕකුන්ට.ඔහොම නෙමෙයි ගහන්ඩ තිබ්බේ අතපය කැඩෙන්ඩ"

" ඇයි බං?"

"ඕකුං හදන්නේ අවුරුදු හතරේ ඩිග්‍රිය අරං පරිපාලනේට රිංගන්ඩනේ"

"ඉතිං?"

"ඉතිං කියන්නේ, ඊට පස්සේ ඕකුං එයි අපිව පාලනේ කරන්ඩ"

"ඉතිං බං අපි දැං උංව පාලනේ කරන්නේ.උනුත් එහෙම ආවම මොකෝ"

"සම-සෞඛ්‍ය එකට යන්නේ අඩු ළකුණු ගත්ත එවුන්නේ බං."

"දිස්ත්‍රික්ක කෝටා සීන් එක හින්දා සමහර පැතිවලිං මෙඩිසින් ගිය උන්ට වඩා වැඩි රිසල්ට්ස් දාලා මෙඩිසින් යන්ඩ බැරි වෙච්ච උං ඉන්න පැති තියෙනවනේ බං.ඉතිං උං සම-සෞඛ්‍ය එකට යනවා.එහෙම බැලුවම සමහර දොස්තරලට වඩා ලකුණු තියෙන උං සම-සෞඛ්‍ය එකේ ඉන්නවනේ බං.අනික උඩින්ම ඉන්න සෞඛ්‍ය ඇමතිගේ සුදුසුකම් කවුද තීරණේ කරන්නේ?"

"උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ"

එස් බී දිසානායක මහත්තයා මේක GMOA එක මත පටවා ඇඟ බේරාගන්නට හැදුවත් කිව යුත්තේ රජයට මේ ගැටළුව විසඳීමට ඇත්තම උවමනාවක් ඇත්නම් මෙය විසඳීමට ඔවුන්ට හැකි බවය.සිවු අවුරුදු පාඨමාලාවට විරුද්ද වන්නේ GMOA එක පමණි.රටේ සංවිධාන රැසක් විරුද්ධ වූ කැසිනෝ පනත සම්මත කරගත් ආණ්ඩුවට මෙය මහ කජ්ජක් නොවේ.නමුත් මෙවැනි ගැටුම් පැවතීම ආණ්ඩුවට ආශීර්වාදයකි.රටේ සැබෑ ප්‍රශ්න ජනතාවට අමතක කරවීම, පුද්ගලික විශ්ව විද්‍යාල සාධාරණී කරණය වීම, අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කොට රේස් පැදීමට වෙන් කිරීමට හැකි වීම ආදී වාසි කිහිපයක් ආණ්ඩුවට මේ තුවාල සුව නොකොට තබා ගැනීමෙන් ලැබේ.




උපාධියේ කාලය වැඩක් නෑ එකම ඩිග්‍රිය දෙනවනං යැයි කියාද මතයක් ඇත.නමුත් ක්‍රෙඩිට් ක්‍රමය අනුව බලන විට සිව් අවුරුදු පාඨමාලාවට ක්‍රෙඩිට් 120ක් ලැබෙන අතර තුන් අවුරුදු පාඨමාලාවට ලැබෙනේ ක්‍රෙඩිට් 90ක් පමණි.මේ සාධක ඔවුන්ට රැකියා ලබා දීමේදී සහ පශ්චාත් උපාධි ආදිය කිරීමේදී බලපාන්නේය.ඒ කරුණු නොසලකා හැරියත් මොවුන් කටයුතු කරන්නේ මිනිස් ජීවිත සමඟය.ඔබේ මව හෝ පියාට ප්‍රථිකාර කරන තැනැත්තා වසරක් වැඩිපුර පුහුණුවක් ලැබූ අයෙක් වනවාට ඔබ කැමති නැද්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ විදෙස් රටවල බැලැමෙහෙවර සඳහා ගැහැනුන් පිටත් කර යැවීමය.ඔවුහූ ඒ රටවලදී දූෂණය කෙරෙති.අතපය කඩා දැමෙති.වැටුප් නොගෙවා වැඩ ගනිති.ඉඳිකටු, ඇණ ආදිය ඇඟට ඇතුල් කෙරෙති.එවන් වූ පහත් රැකියාවලට අපේ රටේ ගැහැනුන් යවන අපි ප්‍රෞඪ ජාතියක් වෙමු.වසර 2500ක් ඈත ඉතිහාසයකට උරුම කම් කියන සහ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාද කළ වීරෝධාර ජාතියක් වෙමු.




මැදපෙරදිග කටුක රැකියාවේ යෙදී ගෘහ සේවිකාවන් 20 දෙනෙකුගෙන් ලංකාවට ලැබෙන විදේශ විනිමය එක් හෙදියක් විදෙස්ගත කිරීමෙන් ලැබිය හැක.ආයතනවල වැඩ කරන වෘත්තිකයින්ට ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවන්නේද  නැත.වැඩි වැඩියෙන් වෘත්තිකයින් බිහි කොට ඔවුන්ට විදෙස් රැකියා ලබා දීමට කටයුතු කළ යුත්තේ රජය ය.රට රටවල ඇවිදිමින් එක එකා ඉඹ බදාගන්නා අතරේ අත්සන් කළ යුත්තේ එවැනි ගිවිසුම්ය.

අදට මේ ඇතිය.මේක කියවන මගේ මිත්‍ර වෛද්‍යවරුන් මා හා අමනාප වනු ඇත.එසේ නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

41 comments:

  1. කවුරු හරිද කවුරු වැරදිද කියා තීරණය නොවී ඇති කරුණක් ගැන මේ වගේ අපක්ෂපාතී පෝස්ටුවක් ලිවීම ගැන මුලින්ම දිනුකට ස්තුතිවන්ත වෙනවා.මේ අපක්ෂපාතී බව ඔබේ මුළු රාජකාරි ජීවිතය පුරාම රඳවා ගන්න.

    සිංහල භාෂාවෙ අක්ෂර වින්‍යාසය ගැනත් චුට්ටක් සැළකිලිමත් වුනොත් තවත් හොඳයි.
    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. දොස්තර බෙහෙත් හරි ඉන්වෙස්ටිගේශන් හරි ලිව්වේ නැත්නම් ඔය ඔක්කොම අලුත් උපාදි කාරයොන්ට උඩ බලා ගෙන තමය් ඉන්න වෙන්නේ.ඔය ඔක්කොටම ඕනෙ ඩොක්ටර්ස්ලා වගෙ සමාජයට පෙන්නන්න.සුදු කබායටත් වුනේ ඕක තමා.ඒක ඔක්කොටම ඕන වුනා.ඔක්කොම අඳින්න ගත්තා.දැන් ඩොක්ටර්ස්ලා හැර ඔක්කොම අඳිනවා.තමන්ගෙ වුර්තිය රැක ගන්න හැමෝම කැමතියි.ඔය මිසීලා මිඩ් වයිෆ්ලාට බාල්දි දාන්නේ?අනික ඩොක්ටර්ස්ලා වැඩි ලකුනු අරන් ආපු අය.දිනුක වීරයෙක් වෙන්න හදන්නේ,බාල ජනප්‍රියත්ත්වය වෙනුවෙන්.දැන් මේක කිව්වා කියලා මේ බ්ලොග් අවකාශයේඉන්න බක පන්ඩිතයෝ ටික මට එකතු වෙලා බනීවි.මොකද මේ රටේ මේ බ්ලොග් කාරයෝ විතර බුද්ධිමතුන් නැහැ කියලා එයාලා හිතා ගෙන ඉන්න නිසා.මහින්ද රාජපක්ශගේ ඉඳලා පහලට ඔක්කෝම මුන්ට වැරදියි.මුංගෙ අම්මය් තාත්තය් ගෑනිය් විතරය් සර්ව නිර්දෝශී.අනේ කමක් නැහැ,උඹලා ඔය සිඟිති ආතල් ගනිල්ලකෝ.

      Delete
    2. දොස්තරට රටේ ජනතාවගෙ මුදලෙන් පඩි ගෙවන්නෙ උඩ බලං ඉන්න නෙවෙයි. කවුරුත් තමන්ගෙ වගකීම හරියට කරනවනම් ඔය මුකුත් ප්‍රශ්නයක් නෑ.

      Delete
    3. //දොස්තර බෙහෙත් හරි ඉන්වෙස්ටිගේශන් හරි ලිව්වේ නැත්නම් ඔය ඔක්කොම අලුත් උපාදි කාරයොන්ට උඩ බලා ගෙන තමය් ඉන්න වෙන්නේ.//

      ඉතින් බන් ඔහොම බැලුවොත් මිනිස්සු ලෙඩ නූනොත් දොස්තරලටත් උඩ බලංනෙ ඉන්න වෙන්නෙ.

      දැං ලෝකෙ අනෙක් දියුණු රටව, සහ කලාපෙ අහල පහල ඉන්දියාවෙ බංගලිදේසෙ, පකිස්ථානෙ උනත් ඔය හෙද සහ අනෙක් වෘත්තීන්ට උපාධි දෙනවනෙ කාලයක් තිස්සෙ. ඉතින් ඇයි ඒ අපි වගේම කලු හම තීන උන්ගෙ රටවල අවුලක් වෙලා නැත්තෙ ඔය කියන තරං? ඇයි ඕඅක ලංකාවට විතරක් අවුල් වෙන්නෙ?

      The course of study leading to bachelor of nursing degree in India comprises 4 academic years

      Delete
    4. @ හැලපේ : ස්තූතියි හැලපේ.අක්ෂර වින්‍යාසෙ පොඩ්ඩක් අවුල් ඇති.ටිකක් හදිස්සියේ ලිව්ව එකක් නෙව.

      @ ඇනෝ : එහෙම උනා කියලා ඩොක්ටර්ස්ලා ලොකූ පොරවල් වෙන්නේ නෑ.ලෙඩෙක් ගොඩ දාන එක කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක් මිසක් ඩොකා ඇරෙන්ඩ අනිත් උන් නිකං රූකඩ නෙමෙයි.

      @කනිශ්ක : අනිවා මචං.

      @ඉන්දික : අපේ රට කොහොමත් පොඩ්ඩක් වෙනස් නේ ඉන්දික අයියේ

      Delete
  2. උඹට GMOA එකේ මෙම්බර්ෂිප් එක එපාවෙලාද ? :D

    කොහොම වුනත් විවෘත මනසකින් මේ පිළිඹඳ කතාකල යුතුයි . වෛද්‍යවරයෙකු හැටියට මේ මතයේ ඉන්න තව බොහෝ දෙනෙක් ඉන්න පුළුවන් ,මොකද හැමෝම වෘත්තීය කුහකයන් නොවෙයි . නමුත් බහුතරය එහෙමයි . ACT16 හරහා විදේශීය උපාධිය ලබා එන්නන් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය වගේ දෙයක් මේ පරිපාලන ප්‍රශ්නයේදී යෝදාගණන් බැරිද ?
    කොහොම නමුත් මේ තියෙන්නේ කුහකකම. විසඳුමක් ලැබෙන ක්‍රමයක්නම් තියෙනවා ,කුමාරවරු තුන්දෙනාගෙන් කෙනෙක් සම සෞඛ්‍ය පීඨයට යවමු .වැඩේ විසඳෙයි එක රැයින්

    ReplyDelete
    Replies
    1. "සම"-සෞඛ්‍ය ගැටළුව ඇඟ නොසේදීම නිසා වෙන්න බෑරිද?

      Delete
    2. @ඉවාන් : අන්න ඒකනං පට්ට විසඳුම.වැඩේ තියෙන්නේ එහෙම උපාධියක් ගන්ඩ තරං හැකියාවක් තියෙනවද බං කුමාරවරුන්ට?

      @ප්‍රාජේ : ඒකත් එක හේතුවක්.හැබැයි ඔය ඇලර්ජි එහෙම එනවනේ බං

      Delete
  3. obage anagatha Bharyawath (Wife) BSc Physiotherapy upadiya hadarana nisa ethumiyata athiwana getalu gena sitha ho mema post eka magin apata(Sama Saukya shishyanta) sahaya dekwima agayakarami.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකයි පටු චින්තනය කියන්නේ. මේ වගේ අය හිතන්නේ එක්කෝ තමන්ට කෙලවෙනකොට නැතිනම් දමන්ගේ වාසියට තමයි හැමෝම කතාකරන්නේ කියලා!

      සුළුතරයක් හරි ඉන්නවා එහෙම නොවෙන.

      Delete
    2. කුහකත්වයට මීට වඩා උදාහරණ අවශ්‍ය නෑ. හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන මිනිස්සු ඉන්න බව තහවුරු කිරීමක්

      Delete
    3. kese wetath oba sitana paridi ewan patu chinthanayak dinukata nati bawai mage hageema...adu taramin ohuge anek post sihi nuwanin kiyawa atnam........

      Delete
    4. @AnonymousMay 25, 2014 at 12:16 PM : ඔබ සම සෞඛ්‍ය සිසුවෙක් නම් මට හිතා ගන්න පුළුවන් ඇයි ඩොකාලා උඹලට ගේම අදින්නේ කියලා.

      @ කකා, ඉවාන් සහ AnonymousMay 25, 2014 at 10:53 PM : ඉස්තූතියි සහෝදරවරුනි!!! : )

      Delete
    5. දිනුක කියන්නෙ මොන විදිහෙ මනුස්සයෙක්ද කියල අපි දන්නවා ඔහුව පුද්ගලිකව නොදත් නමුත්.. ඇනෝ ඔබ නම් අර විදිහේ තමන්ගෙ වාසියට විතරක් සටනට බහින කෙනෙක් කියල පෙනෙනවා. එහෙම අය අනුන් මනින්නෙත් තමුන්ගෙ මිම්මෙන්..

      Delete
    6. හා හා ,මුගේ වෙන්ඩ-ගෑණි ෆිසියොතෙරපිස්ට් ද?මම හිතුවා මූ ඉරා ගන්න දඟලන කොට, මොකාක් හරි හොරයක් මෙතන ඇති කියලා.

      Delete
  4. බහුතරය වෘත්තීය කුහකයෝ... සෞක්‍ය ක්ෂේස්ත්රයේ විතරක් නෙමෙය් හැම ක්ෂේස්ත්රෙකම එහෙමයි. මේ මොහොතේ සම සෞක්‍ය සිසුන්ගේ ඉල්ලීම් ඉතාම සාධාරණයි. හැබැයි උං'ගෙනුත් බහුතරයට ජොබ් ලැබුණු කාලෙකදී මේ කුහක කම් ඒ විදිහටම පවත්වාගෙන යනවා. උගත්/නුගත් වෙනසක් නැතුව ලංකාවට කෙල වෙලා ගිහින් තියෙන්නේ මේ පන්ති මානසිකත්වය නිසා.. සම සෞක්‍ය ගැටලුව විසන්දුවත් නැතත් හැමදාම මේ වගේ ප්‍රශ්න වලින් නං ලංකාවේ අඩුවක් වෙන් නැත්තේ ඒකයි.
    එක අතකට බලද්දී ' මානසිකව දුප්පත් , කුහකකම් උතුරලා ගිය සමජෙකට හරි යන්නෙත් අර ඉවාන් කියල තියෙනවා වගේ කුමාර විසඳුම් තමා...

    ReplyDelete
    Replies
    1. හඃ හා... මම කමෙන්ට් එක ලියන අතරේ මේ අනෝ කෙනෙක් දාල තියෙන්නේ... ඔන්න මං කියපු ජාතියේ , "ජාතියේ අමන කුහක හරකෙක්..."
      මුන්ගෙයි GMOA එකේ කුහක ඩොකා'ලගෙයි වෙනසක් නැත්තේ එකනේ...
      රටේ අනිත් ක්ෂේශ්ත්‍ර වලත් ඔයිට වඩා කිසි වෙනසක් නෑ...

      Delete
    2. සිරාවට මචං.මේ ප්‍රශ්නෙදි අදාල වෙන්නේ ඩොකාලා විතරක් උනාට හැම ක්ෂේත්‍රයකම මේ අවුල තියෙනවා.මේක ඩොකාලගේ අවුලක් නෙමෙයි ශ්‍රී ලාංකික අවුලක්

      Delete
  5. කාලෝචිත රචනයක් දිනුක.

    අඛණ්ඩව තම අරගලය කරගෙන යන සහෝදරවරුන්ටත් අපේ ප්‍රණාමය. මේ අසාධාරණයට තමයි අපි විරුද්ධ විය යුත්තේ. ඔවුන් ඉල්ලන්නේ අංගසම්පූර්ණ උපාධියක්. තවත් විදිහකට කිව්වොත් මුලදි පෙන්නපු හීන ලෝකේ ම තමයි. ඉතින් වෛද්‍යවරුන්ගේ කුහකමය සහ ඇමතිගේ අත්තනෝමතික වැඩ නිසා ඒ දේවල් අහිමි කරලා. ඉතින් ඔවුන්ට ලැබිය යුතු දේ වෙනුවෙන් සමාජයේ ම ජනමතයක් අැති විය යුතුයි. ඔවුන් කාගේවත් අතපල්ලෙන් වැටුණ පිරිසක් නොව. ලංකාවේ උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල ප්‍රෙව්ශය ලද්දන් වේ. ඉතින් මේ උපාධි වලින් දියුණුවන්නේ රටේ අහිංසක ජනතාවට ලැබෙන සෞඛ්‍ය සේවාව නොවේද?? ඊට කුහකකම් කරන්නන් ජීවකයන් වේද????

    අන්තවාදීව වෛද්‍යවරුන්ට බැන වදිනවා නොව. එම අන්තවාදී මතය දරන්නන් ප්‍රතික්ෂේප කරනවා පමණි....

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවටත් කරනවානං කරන්ඩ දේවල් තියෙනවා බං.මේක මේ ප්‍රශ්නේ වවාගෙන කන එකක් වෙලා.

      Delete
  6. මෙහෙමත් කුහකකම් කරන මිනිස්සු ඉන්නවද කියලා හිතෙනව මේ ලිපියෙ තියන විස්තර බැලුවම.
    කෙනෙක් අවුරුද්දක් හෝ වැඩිපුර ඉගෙනගන්න එක කොච්චර හොඳ දෙයක්ද.
    බස් කොන්දොස්තරගෙ ඉදල දොස්තරට වෙනකම්ම තියෙන්නෙ කුහකකම.
    මුන්ගෙ මේ වැඩවලින් වෙන්නෙ ලංකාව හැමදාම එකතැන පල්වෙන එක.

    ReplyDelete
    Replies
    1. මචං පොඩ්ඩක් කතා බහ කරලා බලහංකෝ ඉස්කෝලෙක ටීචර් කෙනෙක් එක්ක.එක එකා කොච්චර කපා ගන්නවද කියලා.හැම තැනම මේක මෙහෙමම තමයි බං.

      Delete
  7. යථාර්ථය තේරුම්කර දුන්නාට බොහොම ස්තුතියි. පාදෙනියලා ගේ හෙළුව එලි කිරීම ගැන ස්තුතියි. ඊයේ පෙරේදා මම මගේ වාහනයේ ගුවන්විදුලියෙන් අහගෙන හිටියා පාදෙණිය ලංකා ඊ නිව්ස් එක පට්ට ගහනවා.

    GMOA එකට ආණ්ඩුව මෙච්චර බය ඇයි?

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ බය නෙමෙයි.මේ ප්‍රශ්නේ අවුලවලා දොස්තරල ගැන කැත චිත්‍රයක් මවලා දුන්නම එයාලට පුද්ගලික විශ්ව විද්‍යාල දාන්ඩ ලේසි නෙ.අනික අධ්‍යාපනේ කප්පාදු කිරිල්ලටත් එයාලා අහු වෙන්නේ නෑනේ.මේවා තමයි ප්ලෑන් කියන්නේ.

      Delete
  8. kohoma wetath kauru monawa kiwath sadaranaya gana kata karana, nidahas adahas dakwana dinukata jaya wewa......!

    ReplyDelete
    Replies
    1. ඉස්තූති වේවා මචං.වැඩේ තියෙන්නේ දැං මාත් නිකං වෛද්‍ය ක්ෂේත්‍රයේ වටරැක විජිත කෙනෙක් වෙයිද දන්නෑ..

      Delete
    2. හොඳට කැපෙන යතුරක් තියනවා,උඹට ඕනද?

      Delete
  9. ඔය දොස්තරලගෙ සංගමේ ඇත්තටම වයිද්ය මාෆියාවක්.මොකද ඔතන තීරන ගන්නෙ ලෙඩ්ඩුන්ගෙවත් ලමයින්ගෙවත් පැත්තෙන් හිතල නෙමේ.ඔතන තියෙන්නෙම ලංකාවෙ අටුවන්බැහැල තියෙන,කැත දේසපාලනය.එතන හරියනකම්,අනිත් ඒව හැදෙනව බොරු.

    ReplyDelete
    Replies
    1. කිසිම වෘත්තිය සමිතියක් ජනතාව ගැන හිතලා තීරණ ගන්නේ නෑ බං.ඒ අයගේ වාසිය ගැන විතරයි කවුරුත් බලන්නේ.

      Delete
  10. බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියාම තමයි මෙහෙම වෙන්නේ. රටක අධ්‍යාපනය බලාගන්න ඉන්න අමාත්‍යංශයට හැකියාවක් තියෙන්න ඕනේ, අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තීරණ ගන්න. GMOA එකට ඕනේ ඕනේ විදිහට වැඩ කරන්නනම් අධ්‍යාපන අමාත්‍යංශයක් ඕනේ නෑ නෙ. වෛද්‍යවරුන්ගේ කුහකකම් ගැන කව්රුත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ, ඒක මුලු රටම දන්නවා. කවුරු හරි ක්‍ෂේත්‍රය තුල හිස ඔසවනවානම්, GMOA එක ඉන්නවා වැඩ වර්ජනයට සුදානම් කියාගෙන. පිට මිනිස්සු වෙන්න ඕනේ නෑ, වෛද්‍යවරුන්ටත්, GMOA එකේ මතයට විරුද්ධනම්, එකම ඉරණම තමයි. මහා උගත්, බුද්ධිමත් කියාගන්න මේ වෛද්‍යවරුන් මෙහෙම හැසිරෙන එක මටනම් ලොකු ප්‍රශ්නයක්. උගත්කම ත් එක්කම කුහකකම ත් උගන්නනවද දන්නේ නෑ වෛද්‍ය අධ්‍යාපනය තුලම...

    ReplyDelete
    Replies
    1. ඒක මේ අධ්‍යාපන ක්‍රමයේ සහ සමාජ ක්‍රමයේ අවුල බං.දොස්තරලටම වැරදි කියන්ඩ බෑ.බැරි වෙලාවත් උඩිං හිටියේ නර්ස් ලා නං එයාලත් මේකම තමයි කරන්නේ.හරියට දැං නර්ස් ලා මිඩ් වයිෆ්ලට කෙළිනවා වගේ

      Delete
  11. ඔන්න ඕකයි ඇත්ත විස්තරේ. දිනුක හරියටම ලියලා තියෙනවා. ඩොකාලා ගැන කතා unමnecessary.

    ReplyDelete
    Replies
    1. මේ සිද්දියට අදාල ඇත්ත කතාව ඕක තමයි.උස් තැං දැක හැකිලෙන සහ මිටි තැං දැක පුප්පන එක තමයි ලංකාවේ බහුතරයක් දෙනා කරන්නේ බං.

      Delete
  12. මේ ඔක්කොම මඟුල්වලට හේතුව විපස්සෙ සම මඟුල් කාරයින් සම කෙලීමට මුල්තැනදීම..

    ReplyDelete
    Replies
    1. මළා ඒ මොකක්ද සරත් අයියේ ඒක?

      Delete
    2. විපක්ෂෙ නායක සමනල රෑන රට ගැන හිතල විපක්ෂෙ හරියට නායකත්වය දෙනවා නම් ආණ්ඩුවට කැමති විදිහට දේවල් කරන්න බෑ. අපේ රටට කෙලවෙලාතියෙන්නෙ ආණ්ඩුවෙ වරදටත් වඩා ආණ්ඩුව හරි පාරට අදින්න සමත් උවමනාවක් ඇති විපක්ෂ නායකත්වයක් නැති වීම.

      Delete
    3. සැටිපිකේට් ඇත්ත සරත් අයියේ.ඒත් වැඩේ කියන්නේ එයාලත් බලන්නේ බලේ අරං මේ විදිහටම නාඩගං නටන්ඩ මිසක්කා මිනිස්සුන්ට සේවයක් කරන්ඩ නෙමෙයිනේ.

      Delete
  13. දිනුක හොදටම පැහැදිලි කරලා තියෙනවා මේ ගැටලුව. මම හිතන්නේ ඔය පරිපාලන කටයුතු වලට මැදිහත් වෙන්න සුදුසුකමක් වෙන නිසයි වෛද්‍ය සංගමය ඔය උපාධිය විනාස කරන්න හදන්නේ. ඒ වගේම දැනට තියෙන ඩිප්ලෝමා හෙද සේවකයන්ගේ වෘතිය සමිතිත් මේ සිසුන්ට වල කැපු විදිහත් අපි හොද හැටි දුටුවා.

    ReplyDelete
    Replies
    1. පේරාදෙණියේ හිටපු කාලේ සම සෞඛ්‍ය ගැටලුවට සැහෙන්න මැදිහත් වෙන්න ලැබුන එකෙන් තමයි මේ දේවල් දකින්න ලැබුනේ.

      Delete
    2. කවුරුත් තමුන්ගේ වාසියට විතරයි වීරේ.ඩිප්ලෝමා හෙදියෝ සෑහෙන්ඩ බය උනා මේ ඩිග්‍රි කට්ටිය ආවම එයාලගේ තත්වෙට කෙළ වෙයි කියලා.

      Delete
  14. බොහොම ස්තුතියි ඇත්ත කතා කිරීම සම්බන්ධයෙන්

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...