23 January 2014

උඹ නාඩං උඹ නාඩං උඹට ඕවා හොඳ පාඩං...





දුක සැප නිති පෙරළේ අර මොකක්ද එක වාගේ කියලා කවුද මන්දා කියලා තියෙනවා නෙව.ඔන්න ඉතිං මගේ ජීවිත කතා පොජ්ජේ අලුත්ම පෙරළිය ගැන කතා පොජ්ජක් මන්දු කරන්ඩ තමා මේ ලෑස්ති වෙන්නේ.

රට රකින පංච මහා බලවේගේ වෙච්ච සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන සැට් එකේ දෙවෙනියට ඉන්න වෙද කියන කට්ටිය ගැන හෙන ලොකුවට අපිට පොඩි කාලේ ඉඳලා කියලා තියෙන හින්දාත්, ඉස්කෝලෙ ගියාම ගුරුවරු, වැඩිහිටියො, අසල්වැසියෝ, යාලු මිත්‍රයෝ හැම එකාම ඕක කරගත්තනං හරි කියලා ගොනාට අන්දවපු හින්දාත්, කරුමෙට වගේ උ\පෙ පාස් වෙච්ච හින්දාත්, තාමත් ලංකාවේ සල්ලි නොගෙවා මෙව්වා උපාධිය ගන්ඩ ඇහැක් හින්දාත් මාත් අත්දිග කලිසමක් ඇඳලා බෙල්ට් එකක් කාරිය දාගෙන, දත් මැදලා කබ කඩලා පුංචි බොරැල්ලේ තියෙන මෙව්වා එකෙං වෛද්‍ය උපාධිය ගන්ඩ ගියා නෙව.

අනිත් උං කෙළ හලාගෙන හොටු පෙරාගෙන පාඩං කරද්දි පුරුදු විදිහටම වෙන වෙන වල්පල් වැඩවලට සෙට් වෙලා නොමග ගිහිල්ලා අන්තිමට හැරිලා බලද්දි ආපහු එන පාර හොයාගන්ඩත් බැරි උනා ආයිබෝවං.කිව්වට මොකෝ මම හිතුවේ මේක මේ අනිත් උං වගේ මැරීගෙන පාඩං කරන්ඩ තරං කාරියක් නෙමෙයි, මං දස්සයි නෙව ඒක හින්දා මේක සුටුස් ගාලා පාස් වෙන්ඩ පුළුවං කියලා.හුඃ අන්තිමට ආවනේ බොලේ රිසල්ට්ස්.

වැඩ පහකිං දෙකක් ෆේල් වෙලා අන්තිමේ
උඹ නාඩං උඹ නාඩං උඹට ඕවා හොඳ පාඩං //
මම නං
ගඟේ පනිනවා
වතුර බීලා මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලුවට
බෙල්ල තියනවා
ජීවිතේ
එපා කියනවා
කෝච්චිය ළං වෙනකොට අපි නැගිටිනවා

හරි හරි අඬන්ඩ එපා බොලව්.විභාග තියෙන්නේ කට්ටියක් ෆේල් කරන්ඩ නෙව.එහෙම නැත්තං ඔක්කොමල්ලට ඩිග්‍රිය බෙදාගෙන යන්ඩ තිබ්බනේ.ඒක හින්දා ඒ අය මහන්සි වෙලා තියන විභාගවලින් කවුරු හරි ෆේල් වෙන්ඩත් ඕනේ.නැත්තං පව්නේ අප්පා.නැවත විභාගේ ඒ කියන්නේ රිපීට් එග්සෑම් එක තියෙන්නේ මැයි මාසෙ කියලා තමා කියන්නේ.එතකං කර්න්ඩ වැඩකුත් තියෙන්ඩ ඕනේ හින්දා රජරට කැම්පස් එකේ ජොබ් එකක් හොයාගත්තා.දැං ජීවත් වෙන්නේ සුන්දර රජරට.


ෂුඃ රජරට කියන්නේ සුරපුරයක් බොලව්.ලංකාවේ වැඩිම ගණිකාවො ඉන්න වගේම වැඩිම HIV ආසාදිතයින් ඉන්නෙත් මේ පුණ්‍ය භූමියේ.ටැප් එකකිං වතුර ටිකක් බොන්ඩ බැරි උනාට, හවස් වෙනකොට මදුරුවෝ වටකර ගත්තට මේ පැත්තේ තියෙන නිදහස පට්ට ආතල්.කොළඹ වගේ, ගම්පහ වගේ මිනිස්සු එකට මිරිකිලා ගුලිවෙලා ඉන්නේ නෑ.හොඳට ඉඩකඩ තියෙනවා.වාහන සද්දේ එහෙමත් වැඩිය නෑ.ඕනේ නං නාන්ඩ වැව් තියෙනවා, සෙල්ලං කරන්ඩ ෆැකල්ටියේ පිට්ටනිය තියෙනවා.පොඩි අවුලකට තියෙන්නේ ෆැකල්ටියේ පිට්ටනියේ පොළොංගු ඉන්නවා කියන එක තමා.හැබැයි තාම දැක්කේ එක ගැරඬියෙක් විතරයි.

මෙහෙ තවම ආවට වැඩිය එහෙ මෙහේ යන්ඩ හම්බ උනේ නෑ.හැම සති අන්තෙම අපේ එකෙක් බඳිනවා.ඉතිං ගෙදර යන්ඩ වෙනවා.ඉතිං ඒ හින්දා මෙහේ සිද්දි ඇතුළුව මගේ බ්ලොග යාවත්කාලීන කරන්ඩ හරියට වැඩ අල්ලන්ඩ තව ටික දවසක් යනවා.ඒ අතරේ පිං කැමති කවුරුහරි ඉන්නවනං අනාගත වෛද්‍යවරයෙක්ට රජරට ඉඳලා වකුගඩු කෙළ උනාම O පොසිටිව් වකුගඩුවක් දන් දෙන්ඩ චෑන්ස් එකක් සෙට් වෙයි සමහර විට.ලෑස්ති පිට ඉන්ඩ හරිය.ඔන්න අපි කැපුනා.අනුරාධපුරේ ශුෂ්කයි කිව්වට සීතලයි බොලව්......



28 comments:

  1. මමත් දුවගෙන් ඇහුවා ඔබ ගැන. අනේ තාත්තේ එයා රිපීට් වුනා කියන එක මටනම් පුදුමයි කියලා දුව කිව්වා. ඔබේ චිත්ත ධෛර්යය නොබිඳී තියනවා. එය ඉහලින්ම අගය කරනවා. යන්න නොසැලී ඉදිරියටම. මේ පරාජයක් නෙවෙයි. තාවකාලිකව, පියවරක් ඉදිරියට තබන්න අවස්ථාවක් නැතිවීම පමණයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම විචාරක මහත්තයෝ.අතාරින්නෙනං නෑ.ඇයි අප්පා අවුරුදු පහමාරක් තිස්සෙ ඉගෙනගෙන දැං වෙන එකක් කරන්ඩයෑ........

      Delete
  2. මම කියන්නේ නෑ වෙන මොකුත් කොල්ලෝ උඹට.

    රිපීට් එකට ටික කාලයයි නේද? ඒක හින්ද බේරුනා කියලා හිතා ගනින්.
    මොකක්ද ඔය වකුගඩු නම් එකට දාහක් හොයාගන්න බැරි‍යැ දොස්තර පප්පෙක් වෙලා චැනලින් කරන්න ගත්තම... :)





































    ààà

    ReplyDelete
    Replies
    1. තව මාස හතරක් තියෙනවා.බලමුකෝ එන හැටියකට.ඔය කිව්වට වකුගඩු කොහෙං කියලා හොයන්ඩද?ලේසි නෑ ඌරෙක්ගෙංවත් ගලෝ ගන්නවා නැතිම උනොත්..

      Delete
  3. Replies
    1. ඇත්තටම කකා දැම්ම මේ ලිපිය දැක්කම මම හිතුවේ සීන් එක මම කියන්ඩත් කළිං ලීක් වෙලා කියලා.පස්සෙනෙ දැනගත්තේ ඒ වෙන කෙනෙක් කියලා...

      Delete
    2. ඒ වෙන එකෙක්, හැක, හැක.

      Delete
  4. සැලෙන්න එපා බං.. පොඩ්ඩ්ක ප්‍රමාද වුනත් අරමුණට යන එකයි වැදගත්..

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.ඒත් වැඩේ කියන්නේ බඳින්ඩත් එපායෑ.දැං වයසත් හරි.තව කල් ගියොත් මැෂිම ලෙඩ දෙන්ඩ ගන්ඩත් බැරි නෑ...

      Delete
    2. බැඳපං බැඳපං. පාඩම් වැඩ නං කවද කරන්න බැරිද බං! :D

      Delete
    3. ඔය ඉන්නේ දුක දන්න මිනිස්සු..

      Delete
  5. දුක් වෙන්ඩ එපා කියලා උඹට කියන්න ඕනේ නෑ මොකද උඹ දුක් වෙන්නේ නැති නිසා. අපිට අනපේක්ෂිත නිවාඩුවක් ලැබුණු දෙවැනි වසරේදී මම මාස තුනක් රාජාංගනයේ හිටියා .මමයි තව බැචාලා තුන් දෙනෙකුයි රාජාංගනයේ ඉස්කෝලෙක සාමාන්‍යපෙළ ගණිතය සහ විද්‍යාව ඉගැන්නුවා. විශ්වාස කොරහන් මාස තුනම අතේ සතේ තිබ්බේ නෑ. සමහර දවස වලට කෑම දුන්නේ ළමයි . ඔය පැත්ත හරිම හොඳයි ජීවිතේ ඉගෙන ගන්න. කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ කරනකොට තමයි එදා ඉගන ගෙන තියෙන්නේ ලොකු පාඩමක් කියලා තේරුනේ. ඔය උඹට ලැබිලා තියෙන්නේ උපාධියට වඩා වටිනා අවස්තාවක්.

    ReplyDelete
    Replies
    1. අරුණල්ල සම්මන්ත්‍රණ වැඩසටහනට ද ?

      Delete
    2. අරුණැල්ල සම්මන්ත්‍රණ වැඩසටහන පටන් ගත්තේ ඊට පස්සේ. මේක තනිකරම අපේ හිටිය බැචෙක් ගේ තනි උත්සාහයක්. මිනිහා හොයාගෙන මේ වැඩේ කරේ. අවාසනාවක මහත ඒ ආදරණීය බැචා කැම්පස් එකෙන් අවුට් වෙලා මාසෙකින් මිය ගියා හදිසි අනතුරකින් .

      Delete
    3. මේ පැත්තේ යොවුන් ගැබ් ගැනීම් වැඩියි කියලා හොයාගෙන තියෙන හින්දා අපි මෙහෙ ඉස්කෝලවලට ගිහිල්ලා ඒ අයට ලිංගික දැනුම ලබා දෙන වැඩසටහනක් කරගෙන යනවා.ඒකනං හරි ආතල්.උං මාර ප්‍රශ්න අහන්නේ.ඇඬෙනවා ඈ....

      Delete
  6. අපෝ රජරට නං මොකද්ද.. ඒකට පේරාදෙණිය... ! සුරපුරයක් බොලව් !
    එක පැත්තකින් හන්තාන.. අනෙක් පැත්තෙන් මහවැලි නදිය.. ඒත්තෙක්කම ආදර මාවත. ඇයි හවසට ගල් ගැහෙන සීතල.. !
    සෙල්ලම් කරන්න පිට්ටනි, ඇවිදින්ඩ බලන්ඩ වටින තැන්.... හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ගෑනු පස්සේ ගිහිං හදාගන්නවා එහෙම නෙමේ !
      පිඹ පිඹ ඉන්ඩ වෙන්නේ

      Delete
    2. මගෙ පවුල ඉන්නෙ පේරාදෙනියේ හින්දා මම ඔහෙ සෑහෙන්ඩ කරක් ගහලා තියෙනවා.පට්ට පැත්ත.ඒ උනාට පොළොංගු නෑනේ...ඒ හින්දා වැඩක් නෑ

      පිස්සුද කවුද ලෙඩ හදාගන්නේ.අනික කවුද බං ගෙදර රහට කන්ඩ තියෙද්දි කඩෙං කාලා බඩේ අමාරු හදාගන්ඩ යන්නේ.හෙඃ හෙඃ

      Delete
  7. විභාගයක් රීපීට් වෙනවා කියන එකට මම කියන්නේ ශිෂ්‍යයා හා ගුරුවරයා අතර මත ගැටුමක් කියලා.

    ReplyDelete
    Replies
    1. මොන මත ගැටුමක්ද සුදීක අයියේ.අපේ කට්ටිය අපිව පාස් කරලා එළෝ ගන්ඩ හදද්දි අපේ ගොං කමටනේ මේ ෆේල් වෙන්නේ.එහෙම ගුරු ගෝල ගැටුම් හින්දා කෙළ වෙච්ච උනුත් නැතුවාම නෙමේ..

      Delete
  8. මාත් පළවෙනි අවුරුද්දේ එකවුන්ට් ෆෙල්. දැන් ඉතින් අවුරුදු තුනම කරලා තමයි අයේ ෆෙල් වෙන ටික වෙනම කරන්නේ ^_^ 

    ReplyDelete
    Replies
    1. මං මුල කාලේ යන්තං පාස් වෙවී ආවා.පහු පහු වෙනකොට තමා කොහු කොහු උනේ.කම්මැලි හිතෙන්ඩ ගත්තා මේ මගුල පාඩම් කරන එක.ඉතිං කෙළ උනා...

      Delete
  9. ගණං ගන්න එපා. නොසැලී අරමුණ කරා යන එක තමයි කරන්න තියෙන්නෙ.
    පොළොංගු ඉන්නව කියන ගොඩක් පැතිවල ඉන්නෙ ගැරඬි තමයි.

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනවද ඉතිං.අභිමානයෙන් නොසැලී අරමුණ කරා.........
      මෙහෙනං හැබැයි පොළොංගුත් ඉන්නවා.ඔය වකුගඩු කේස් එකටත් සර්පයෝ කාපු එක බලපාන්ඩ ඇති කියලත් කියන්නේ..

      Delete
  10. කෝ මේ කොල්ලා ලඟපාතක හිටියානං කණෙන්වත් අදින්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. වේවැල් කෝටු නාරං සියඹලා අතූ
      කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතූ
      මේ හැම කිසිත් මගෙ දෑතට නොපෑ යුතූ
      අල බාලා ගොඩ යනවා මෙයින් මතූ

      Delete
  11. රිපීට් වුනේ බ්ලොග් ලියන්න ගිහින් නේද?හෙහෙ ...... හෙහෙ

    ReplyDelete
  12. අපි නම් ඒ කාලේ කිවේ විබාගයක් තිබ්බම අනිවාර්යයෙන් කීපදෙනෙක් හරි ෆේල් කරනවමයි කියල. නැත්තනම් සංඛ්යනයට අනුව සාමාන්‍ය ව්‍යාප්තියක් එන්නේ නෑ නේ සමස්ත ප්‍රතිපල වල. රජරට ඉතින් කොහොමත් සුන්දරයි. මොකෝ අපේ රට නොවෑ.
    අපෙ පළාතෙත් ඔය අඩු වයසින් ගැබ් ගැනීම ලොකු ප්‍රශනයක්. ඉතාම දුෂ්කර ගම්මාන වල ඔය තත්වය ඉතාම දරුණුයි. පොලොන්නරුව දිස්ත්‍රික්කේ මහවැලි ගගෙන් එහා පැත්තේ ඔය ගැටලුව විශාල විදිහට පවතිනවා කියලයි කියන්නේ

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...