
'නෑ මචං මම කියන්නේ ලොක්කා ඡන්දෙ ඉල්ලද්දි දඩි දඩි ගාලා පපුවට ගහගෙන ඉස්ටේජ් එකේ බෙරිහං දීලා කිව්වනේ බං දේශීයත්වය සුරකිනවා.දේශීය කලා කර්මාන්ත දියුණු කරනවා කියලා.'
'ඉතිං'
'නෑ දැං බලහං ලොක්කා අඳින්නේ මොකක්ද? සරම. කන්නේ කුරහං. දේශීය දේ අගය කරන්ඩ කියලා මිනිහමනේ අපිට කියන්නේ බං.'
'ඉතිං හරි බං.මොකද්ද දැං අවුල?'
'මෙච්චර කල් මාධ්‍යවේදියෝ විතරයි දඩයං කළේ.බලහංකෝ දැං කලාකාරයින්ටත් කෙළින්ඩ පටං අරංනේ බං'
'මොකද්ද බං කියන්නේ?? අර සමන් ද සිල්වට ගහපු එකද?'
'ඌට ගහලා විතරනේ බං.අනික උං කලාකාරයෝ නෙමෙයිනෙ බං.බයිලා කාරයොනේ.'
'මොන ලබ්බක්ද බං කියන්නේ? කවුද ඔය කියන කලා කාරයා?'
'ඇයි බං කැටයම් චින්තක. පවු කොහෙ හරි ඈත පැත්තක කැටයමක් කපාගෙන හිටපු අහිංසක ඩයල් එකක් වෙන්ඩැති.පොලීසියෙං ගෙනිහිල්ලා එල්ලලා දෙකක් ගහලා අහනකොට කියන්ඩ ඇති ගෙදර ආයුධ තියෙනවා කියලා.ඇයි බං කැටයං කපන උං ගාව තියෙනවනේ ඔය නියං, යතුකැට, අතකොලු එහෙම.ඒ ආයුධ පෙන්නන්ඩ කියලා අරං යද්දි පොලීසියේ උං ගේම දීලනේ බං.ඔන්න රටට වෙලා තියෙන දේ.'
'මේ මචං, උඹට විභාගේ නේද? ඒක හින්දා මේ දන්නෙ නැති උලව් වලට හොට දාගෙන ලත වෙන්නැතුව ගිහිල්ලා අලයක් බා ගනිං.ෂිඃ මුගේ ගොං කතාව අහන්ඩ මාත් නැවතිලා හිටියනේ.' මම පිඟානත් අරං චමරිය පැත්තට ගියේ කන්ඩ.
'අඩෝ චමරියේ ගාන වැඩි කරලා.බජට් එකෙං වියදං වැඩි වෙලාලු.ඒ නිසා කණගාටුවෙන් දන්වා සිටිනවලු කෑම ගාස්තු වැඩි කරන්ඩ වෙනවා කියලා.' කොටා නෝටිස් බෝඩ් එක ඉස්සරහා හොටු පෙරාගෙන අඬනවා.
'අඩෝ බොරු කියන්ඩ එපා ඩෝ.බජට් එකෙං පොඩි මිනිස්සුංගේ බඩට ගහලා නෑ යකෝ.' ඩිලා පැන්නා මැද්දට.ඩිලා ඒ දවස්වල ඉඳලා ලොක්කට කඩේ ගිය එකම තමයි කළේ.ඌ කැපුවත් නිල් යකෝ කිය කිය පොර ටෝක් දෙද්දි සෙට් එකක් ඌව කපලා බලන්ඩ ලෑස්ති උනාට පස්සේ ටික දවසක් සද්ද වහලා හිටියත් ආයෙමත් ඔන්න සද්දෙ පටං අරං.ලොක්කා පස්සෙ යන උං ඔක්කොම ඔහොම්මමය.
ගණං වැඩි උනා කිව්වට, ආර්ථික අර්බුධ ඔළුවට තේරුණාට බඩට තේරෙන්නේ නැත.ඒ හින්දා චමරි කාඩ් එක ගන්ඩ කසුනගෙං තවත් රුපියල් සීයක් විතර ලෝන් එකක් ගහන්ඩ හිතාගෙන ඌව හොයද්දි ඌ මැච් එක බලනවා.
'අඩෝ කසුනා රුපියල් සීයක් දියංකෝ.මහපොළ දැම්මම දෙන්නං'
'උඹට සල්ලි දෙන්නං එදා ගත්තු පන්සීය ආපහු දුන්නම.මොකක්ද බං උඹලගේ වැඩ.උඹ චාමරයටත් දාහක් ණයයි.හර්ෂයගෙනුත් දාහක් ද එක්දාස් පන්සීයක් ද කොහෙද ඉල්ලගත්තා එදා මමත් ඉන්න තැනම.බලහං උඹ ලෝකෙට කොච්චර ණයද කියලා.'
'මචං කසුන් ගොනෙක් වගේ ගොං කතා කියන්ඩ එපා.'
'කවුද යකෝ ගොනා..'
'උඹලා කැම්පස් ආවට ආර්ථික විද්‍යාව ගැන ඇඹිටිල්ලං දෙයක් වත් දන්නෑනේ."ඒකපුද්ගල ආදායම" කියලා සංකල්පයක් තිබ්බට "ඒකපුද්ගල ණය බර" කියලා සංකල්පයක් නෑ.කවුරුහරි එහෙම එකක් ගැන කියනවනං ඒ මීහරකෙක් වෙන්ඩ ඕනෑ.'
'තෝ බඩගින්නේ මැරියං.දෙන්නෑ උඹට සත පහක්'
'අඩෝ එහෙම කරන්ඩ එපා බං.මං කන්ඩ නැතුව මළොත් උඹට මගේ කෙල්ලව බාර ගන්ඩ වෙයි හොඳේ.රුපියල් සීයකට මොකටද බං උඹේ ජීවිතෙත් කාළකන්නි කරගන්නේ.ඔන්නොහේ රුපියල් සීයක් දියං බං.මොකෝ උඹ ඔය රුපියල් සීයෙං කුඩු ගහන්ඩ ද?, කැසිනෝ යන්ඩද? සලාකා ගිහිල්ලා බූරු ගහන්ඩද?'
කසුනා මට සීය දුන්නා නෙමෙයි දමලා ගැහුවා.මොනවා උනත් ඌ හිත හොඳ එකා.
බත් එක බෙදාගෙන කන්ඩ ගියාම කට්ටියම විභාගෙ ගැන කතාකිරිල්ල පැත්තකට දාල බජට් එක ගැන කතාව.ඕක ගැන අපි කෙස් පැලෙනකං තර්ක කළත් වැඩක් නෑනේ.අපි කියන දේවල් උන්ට ඇහෙන්නෑනේ.ඇහුනත් අපි කියන දේවල් උං අධෝ වාතයක් තරමටවත් ගණන් ගන්නෙත් නෑනේ.ඒක අපි දන්නවා උනාට අපි ආසයි බජට් එක ගැන කතා කරන්ඩ.අපිත් දැං ඡන්දදායකයොනේ.
'ලොක්කා නෑයින්ටම සළකන හැටි බලහංකෝ.එව්වා මහ කැතයි බං.'
'ඇයි උඹලා කියන්නේ උඹලට සළකන්ඩ, උඹලට තනතුරු දෙන්ඩ කියලද? යකෝ රටක් පාලනේ කරන එක මේ කුකුල් කොටුවක් පාලනේ කරනවා වගේ නෙමෙයි.ඔතන වටේටම නෑයෝ ටික ඉන්න හින්දා තමයි ලොක්කට කෙළවන්ඩ කාටවත් බැරි.'
ඩිලාත් බත් එකක් බෙදං ඇවිල්ලා කාව මැද්දට පැන්නා.
'ඒ ලබ්බක් නෙමෙයි බං. මං කිව්වේ බලු කෑම ගණං අඩු කරපු එක ගැන.'
ඩිලා සද්ද වහගත්තා.


'හ්ම්ම්..'
'කවුද බං දැං ගෙවල්වල ආරක්ෂාවට බල්ලෝ හදන්නේ? කවුරු හරි 'හුළෙක්' හොයලා ඌට යහන්ගත වෙන්ඩ ගෑනි දුන්නනං හරි.ආයෙ ඉතිං කිසි අවුලක් නෑ.ආරක්ෂාව ශුවර්.'
'ඇත්තටම මචං මම නං කියන්නෙ මොනවා උනත් බූරුවා ගැහිල්ල දේශීය එකක් නේ.ඉතිං ඔය කැසිනෝ වෙනුවට ගන්න අපේ දේ කියලා සූර්ය සිංහ ලකුණ ගහපු බූරු පොට් ටිකක් හැදුවනං හරිනේ බං.'
'ඔව් ඒක නං හොඳයි.ඒත් මචං වැඩේ හොඳට කෙරෙන්ඩ නං දැක්කම ඇඟ දැවිල්ල හැදෙන විදිහේ කෑල්ලකුත් බිස්නස් එකේ ඉන්ඩ ඕනේ.එතකොට තමයි කස්ටමර්ස්ලා වැඩිපුර එන්නෙත් ඒ වගේම ආරක්ෂාවත් එතකොට හොඳයි.'
'ඉතිං ගම්මු කුළියට පට්ට කෑල්ලක්.'
'උඹලා ඔය කියන තරං ලේසි නෑ කෑල්ලක් වැඩට ගන්ඩ.උන්ට දෙන්ඩ වෙයි සෑහෙන ලොකු පඩියක්'
'ඇයි සෑහෙන ලොකු පඩියක් දෙන්ඩ වෙන්නේ?'
'ඇයි බං දැං මාසික ශුද්ධියටත් බදු ගහලනේ තියෙන්නේ...'
උඹත් එක්ක බෑ බං මම ලියන්න ඉන්න ඒවා උබ ලියලා..
ReplyDeleteපට්ටයි ඕං ඈ.. එකෙන්ම..
ඒකනේ මාතලන් අයියා කියන්නේ සුදු වෑන්වල ගියත් ඉස්සෙල්ලා යන්ඩ ඕනෑ
Deleteසිරාවටම පස්ටාර් හොදේ.....ගානට හින්ට් එකත් එකකන් ලස්සනට තියෙන්නේ...අවසන් ටික තවත් රසවත්........
ReplyDeleteඉස්තූතියි කිව්වා මල් මල්
Deleteමම ඔබට හදවතින්ම සුබ පතනවා දිනුක. මේ දර්ශනය, මේ ලේඛන ශෛලිය, දිගටම ගෙනියන්න. තව කෙටිකලකින් වෛද්‍යවරයකු බවට පත්වුනාම, කාර්ය බහුලයි කියලා මේ ලේඛන කලාව අත්හරින්න එහෙම එපා. ලබන 13 වෙනිදට පස්සේ ලැබෙන විවේකයේදී තව ලිපි කීපයක්ම ලියලා, පසුව එකින් එක පලකරන්න.
ReplyDeleteඉස්තූතිය් විචාරක මහත්තයෝ.ඇත්තට නිවාඩු හම්බ උනාම ලියමුකෝ බලන්ඩ.ඒත් ඉතිං රස්සාවකුත් හොයාගන්ඩ එපායැ.
Deleteසුපිරියි මචෝ....
ReplyDeleteඉස්තූතියි නලින් අයියා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහොඳ ආරම්බයක් ,,,,,
Deleteආරම්භය හොඳ මගේද? නැත්තං රටේද?
Deleteරටේ ආරම්බේ නං මරු ඈ...
අනේ හැබෑටම මෙහෙමත් නාටක.......
ReplyDelete-----මාතලන් කීව පාරෙන් අවේ......
ඒක නේන්නං කියන්නේ.ඇයි බුවා මුත්‍රා කිරීම තහනං?
Deleteකොලුවෝ.. පින්තූර කොපි පේස්ට් කොරන්න එපා.. පෝස්ට් එක ලියන තැන තියෙන පික්චර් බටන් එකෙන් ඇඩ් කොරහන්..
ReplyDeleteඑතකොට සින්ඩිවල පින්තූරෙත් පෙනවා.. හොඳයි බොරුනම් කොරලා බලහන්..
බොරු නෙවේ ඇත්ත මටත් ඔක පුරුදු කලේ මාතලන ගොයියා ..
Deleteඑහෙම පේන්නැති විත්තියක් දැනං හිටියේ නෑනෙව. බලමුකෝ අනිත් ඒවයෙදි එහෙම දාන්නංකෝ.
Deleteමරු.....!!
ReplyDeleteදිගටම ලියන්න.
අනිවා..
Deleteනියමෙට ලියල. මරු!
ReplyDeleteඉස්තූතියි ඈ..
Deleteකියන්න වදන් නෑ ..පට්ටේ හොඳම එක , මාතල්න්ගේ පාරදිගේ ආවේ . තව ලියපන් පොස්ට් දෙක තුනක දේවල් එකම තැනක තියෙනවා කිසි වෙහෙසක් නැතුව කියවන්න .
ReplyDeleteආයෙ මොනවද ඉතිං.සියල්ල එකම වහලක් යට
Deleteනියමයි හොඳේ..
ReplyDeleteඇත්තටම ඒක පුද්ගල ණය බර ලක්ෂ තුනත් පැනලය කියල කියල තිබුණ නේද?
ලෝන් එකක් ගහලා ඕක ගෙවලා දාන්ඩ බැරිද දන්නෑ නේද?
Deleteදිනුක මලේ එළකිරි! මාව ආයිත් කැම්පස් ජීවිතේට ගෙනගියා. කැන්ටිමේ කෑම හොඳ නැතිව පැණි දෙණිය හංදියේ ගෙදරකට බත් කන්න ගිය හැටි මතක් උනා. සොඳුරැ නමුත් වත් කම් අඩුවෙන් තිබුන කාලයක්....
ReplyDeleteඇත්තට වත්කම් අඩු උනාට සෑහෙන ආතල් කාලයක් තමා.
Deleteඒයි කවුද බං ගොනා.......ගුණවර්ධනද......අමුනුගමද....
ReplyDeleteගුණේ වෙන්න බැහැ.....ඌ 2500න් පවුල රන් කරන එකානේ....ඒකෙන් තමයි පුතාට ලන්ඩන්වල උගන්නන්නෙත්...ඒක පුද්ගල ණය බරක් නැහැ. නොදකින් රට ණයයි.
අමුණෙට තමයිනේ ගොනා කිව්වේ.සිරාවට 2500න් ළමයිට රට ඇරලත් උගන්නන්ඩ පුළුවන්ද? පට්ටයි ඈ
Deleteකතාව නං මරු :) අන්තිම වාක්‍ය දෙක තුන ඊටත් වඩා මරු! ප්‍රින්ට් කරලා ලොක්කටත් කොපියක් යැව්වා නං හරි රස විඳින්න.
ReplyDeleteයැව්වනං හරි තමා කොපියක්.ඒත් ඊට පස්සේ මාවත් මොකක් හරි අල්ලස් කේස් එකකට පටලවයිද දන්නැ..
Delete+ + + + +
ReplyDelete:D :D :D :D
Deleteමාරු කතාව තලු මරමින් රස වින්දා,අර ඔබ කාපු බත් එක වගේම.
ReplyDeleteචමරියේ බත් එකනං රහයි තමා...ඉස්තූතියි හැලපයියේ...
Deleteහෙහ්.. සිරා කතාව.. විභාගේ ලගයි නේ උඹටත්?
ReplyDeleteවිභාගේ දැං සෑහෙන්ඩ ඉවරයි බං.
Deleteසැරටම ලියලා නේද ... විභාගය හොඳින් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිනුක ...
ReplyDeleteවිභාගේ ෂේප් එකේ කරගෙන ආවා.ඒත් මේ අන්තිම එකේ නෑවනේ නෑමක්...අප්පා හොදි ඕන්නෑ...
Deleteකැටයම් චින්තක මේක දැක්කා නම් ඌත් අර වැවටම පැනලා මැරෙනවා....
ReplyDeleteකොහොමද දන්නෑ මිනිහට ඔය නම වැටුනේ?
Deleteපට්ටෙටම ලියල තියෙනවා... රිදෙන තැන් වලට රිදෙන්න ලියලත් තියෙනවා.... විභාගෙ එලටම ලියන්ට ඈ... මොකද තව ඉස්සරහට උබ තමා අපිට බෙහෙත් දෙන්නෙ....
ReplyDeleteඅම්මා ගහයි බැට් එකෙං.උඹලට එහෙනං මාව හොයාගෙන ලංකාවේ අන්තිම කෙළවරට එන්ඩ වෙයි.හද්ද වන්නියට
Deleteකාලෙකින් දැකපු හොදම නිර්මාණයක්.
ReplyDeleteබලාගෙන..... සුදු වෑන් එකක් එහෙම ගෙවල් පැත්තෙ එනවා දැක්කොත් හැ0ගියන්.
ඒක කිව්වම මතක් උනේ...කාලෙකිං සුදු වෑන් සීන් එකක් ගියේ නෑ නේද?
Deleteඅනිවාර්යෙන් මාසික ශුද්ධියට විතරක් නෙමේ හස්ත කරුමාන්තෙටත් ලඟදිබ බද්දක් ගහයි.. හිහ් :)
ReplyDeleteඅන්න එදාට තමා මේ ආණ්ඩුව ගෙදර යන්නේ
Deleteඔය ණය බර කතාව මේකයි.මචංලා කවුරුහරි ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා කියලා ඒකා ඒකේ අයිතිකාරයා වෙන්නේ නෑ.මොකක් හරි දෙයක් කිව්වම ඒක ආර්ථික විද්‍යානුකූලව විග්රහ කරන එක වෙනයි.එහෙම දෙයක් තමන් අහලා නෑ කියලා එහෙම සංකල්පයක් නෑ කියන්න බෑ.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteඅනිවා මචං
Deleteපට්ටම ආතල් නේ. ආයේ හොදි ඕනෙම නෑ
ReplyDeleteමෙන්න යකාත් ඇවිත්.හොදි ඕන්නෑ නේන්නං
Deleteමට නම් ඉතින් තාම දිණුක අර හඳට ගිය කතාව වගේ එකක් දකින්න බැරි වුනා. කලෙක්සන් එකෙන්ම මම කැමති ඒකට තවම.
ReplyDeleteඒක එච්චර හිට් උනාද? කවුදෑ දන්නේ!!
Delete//"ඒකපුද්ගල ආදායම" කියලා සංකල්පයක් තිබ්බට "ඒකපුද්ගල ණය බර" කියලා සංකල්පයක් නෑ.//
ReplyDeleteමට නම් කතාවේ රසවත්ම කොටස. :)
අපිට ඔහොම ආතල් දෙන එක නේන්නං අපේ ඇමතිලා සෙට් එක කරන්නේ..
Delete