කොහොම හරි සතියකින් විතර උන්දෑ මුන ගැහෙන්ඩ බැරි වෙච්ච හින්දා සහ බයිකලේට අවශ්‍ය කෑලි ගම්පහ හොයාගන්ඩ තිබ්බේ නැති හින්දාත් මම ඒ ඇඳං හිටපු මඩ ගෑවිච්ච සෙරෙප්පු දෙකයි කොට කළිසමයි හඩු කමිසෙයි පිටිං නැග්ගා කෝච්චියට.ඔන්න කොහොමහරි කොටුවට ගිහිල්ලා බයිසිකලේට අඩුමකුඩුම ටිකත් හොයාගෙන ස්ටේශන් එකේදි පවුලවත් මුණ ගැහුනා කියමුකෝ.
ඔන්න දැං තමයි කතාව පටං ගන්නේ ඈ.
කොටුවේ කෝච්චි දෙකක් නවත්තලා තිබ්බා ගම්පහ පැත්තට යන.එකක් පොල්ගහවෙල යන එක.ඒක කළිං යන හින්දා ඒකෙ සෙනඟ පිරිලයි හිටියේ.අපිටත් යන්ඩ හදිස්සි උනත් පොඩ්ඩක් කතා කර කර යන්ඩ ඕනේ හින්දා සහ පවුල උදේ ඉඳං අව්වේ හිටං ඉඳලා කකුල් රිදෙනවා කිව්ව හින්දා සහ කලිං දවසේ යෝධ පා ගමනක් ගිහිං ඇවිත් මගෙත් කකුල් රිදෙන හින්දා අපි පොල්ගහවෙල එකට නගින්නැතුව අනිත් වේදිකාවේ නවත්තලා තිබ්බ පැය බාගෙකිං විතර යන්ඩ නියමිත රඹුක්කන කෝච්චියට නැගලා ඉඳ ගත්තා.
ලව් කරද්දි කාලය යනවා තේරෙන්නේ නෑ නොවැ.ඉතිං ඔන්න අපි දන්නෙම නැතුව කෝච්චිය පිටත් වෙන වෙලාවත් ආවා කියමුකෝ.ඔන්න කෝච්චිය ආවා මරදානට.මේ වෙද්දි අපිට නොදැනීම කෝච්චිය සෙනඟගෙන් පිරිලයි තිබුනේ.ඔන්න බලන්ඩ සහෝදරවරුනි කරුමෙක මහත.මරදානෙන් නැග්ගා කියන්ඩකෝ ළඳක් කිරිකැටියෙකුත් වඩාගෙන.සෙනඟ අස්සෙන් ඔළුව දාපු අංකල් කෙනෙක් 'මල්ලි පොඩ්ඩක් සීට් එක දෙනවද?' කිව්වේ විධානාත්මක ස්වරූපයෙන්.අසරණ වෙච්ච මම අර මොනවද කාපු මොකාද එකා වගේ නැගිටලා සීට් එක පූජා කළා.
මට දුක මේකයි.මේ වගේ සීට් එක පූජා කරන්ඩ සිද්ද වෙච්ච පළවෙනි දවස මේක නෙමෙයි.මට පාං කියාගන්ඩ බැරි තරං මහන්සි වෙලා ඉඳගෙන යන්ඩ ඕනෑ කියලා හිතාගෙන මරදානෙන් නගින්නැතුව කොටුවට ගිහිල්ලා පොරකාලා සීට් එකක් අල්ලගෙන ඉඳගෙන එනකොට මරදානෙන් නගිනවා කවුරු හරි සීට් එක දෙන්ඩ වෙන කෙනෙක්.ඇයි වදේ අපිත් කියලා මිනිස්සුනේ නැද්ද මං අහන්නේ.ඒකත් කමක් නෑ කියමු.මේ මිනිස්සු සීට් එක දුන්නම නිකං මනුස්ස කමට හිනා වෙයවු.උං හැසිරෙන්නේ හරියට උංට ආණ්ඩුවෙන් ලියලා දීපු සීට් එකේ මම බලෙං ඉඳං ආවා වගේ.අනික උංට සීට් එක දීලා එතනම හිටං යන මාව පෙනි පෙනී වෙන එකෙක්ට සීට් එක දීලා බැහැලා යන උනුත් ඉන්නවා.
ඉතිං ඔන්න ඔහොමයි සහෝදරවරුනි මගේ සහ මගේ ප්‍රියාවගේ පෙම් හමුවට කෙළ උනේ.ඊට පස්සේ අපේ උන්දැත් නැගිටලා කකුල් රිදෙන එක අමතක කරලා ගම්පහට එනකං හිටගෙන ලව් කර කර ආවා.
දැං මේක කියවන ඇත්තන්ට මට කියන්ඩ තියෙන්නේ මේකයි.ඔය ඇත්තෝ දුර ගමනක් යනවනං සහ ඒක පොදු ප්‍රවාහන සේවෙකින් යන්ඩ හිතං ඉන්නවනං කළිං ප්ලෑන් කරලා සෙනඟ ඩු වෙලාවක යන්ඩ උත්සාහ කරන්ඩ.නැත්තං අනිත් මිනිස්සු කරනවා වගේ ටිකක් කළිං ඇවිත් තමුන්ට හෝ තමුංගේ බිරිඳට හෝ තමුන්ංගේ දරුවන්ට හෝ තමුංගේ දෙමව්පියන්ට සීට් එකක් හොයලා ඉන්දවන්ඩ.එහෙම කෙනෙක්ට සීට් එකක් දෙන එක අනිත් අයගේ වගකීමක් කියලා හිතන්ඩ එපා.අනිත් එක කවුරු හරි එහෙම සීට් එක දුන්නම පොඩ්ඩක් හිනාවෙලා තමුන් මනුස්සයෙක් කියලා පෙන්නන්ඩ.
සිරාම කතාව මචං. දැං අවුරුදු 33ක ඉදං කොච්චියෙම දවසට පැය 4ක් යන මට මේ ගැන කියනවනං පොතක් ලියන්න කරුණු තියනවා.
ReplyDeleteහවස 4.35 කොච්චියේ යන සැට් එකක් ඉන්නවා. මෙතන යන එක සාමාජිකාවකට ළමෙක් ලැබෙන්න. හැමදාම අනික් සෙට් එක කලින්ම ඇවිත් ඉදගන්නවා කකුල් පළල් කරගන එහෙම. උන්ගෙ අනිත් උනුත් එකා දෙන්නා සෙට් වෙනවා. ඔන්න එතකොට එනවා අර කතා නායිකාව මේකි ආව ගමන් ගිහින් හිටගන්නේ අරුන් සෙට් එකේ මෙහා කෙළවරේම ඉන්න සෙට් එකට නැති එකෙක් ළග. අනේ ඒකා සිට් එක දිලා නැගිටිනවා. මේන්න විනාඩි ගාණකට පස්සේ අරුං සේරම කචේ දාගෙන සැපට යනවා. දවසක් මට මල පැනලා මං ගේම ඇද්දා මේ වැඩේට. අනේ අන්තිමට වටේම හිටපු උන් මං දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලනවා වගේ.
Samakaya Wate නලින්
ඔන්න ඕක තමයි නලින් අයියේ කේස් එක.මටත් කොච්චර මළ පැන්නත් වලියක් අදින්ඩ හිතෙන්නෙම නැත්තේ ඔය වටේ ඉන්න උං අන්තිමට අපි දිහා අමුතු විදිහට බලන හින්දා.අපේ රටේ මිනිස්සු තමයි අප්පා මිනිස්සු..
Delete//අපේ උන්දැත් නැගිටලා කකුල් රිදෙන එක අමතක කරලා ගම්පහට එනකං හිටගෙන ලව් කර කර ආවා.//
ReplyDeleteඑහෙනං කමක් නෑ.. කෝච්චියේ හිටගෙන ලව් කර කර යන එක තමයි ආතල්... ආත්දැකීමෙන් කියන්නේ... හි හි....
අනේ මේ..ඔය සීට් දිවිල්ල ගැන නං කතා කරන්න එපා... මටත් හරියට තරහා යන වැඩක් තමයි.. කාලයක් කෝච්චි කේස් එක්ක වෙලා බස් එකේ ආවා වැඩට... පෝලිමේ පැයක් විතර ඉඳලා ඉඳගන්න පුළුවන් බස් එකක ඉඳගන්නේ කොළඹට යන්න පැය දෙකාමාරක් විතර යන නිසා... මෙන්න හැමදාම බබෙක් හම්බුවෙන්න හිටපු ගෑණු කෙනෙක් මහත්තයා එක්ක බයික් එකේ ඇවිත් අර අද්දන්න ඔන්න මෙන්න කියලා තියෙන බස් එකට නඟිනවා... ඉතිං කොල්ලෙක් සීට් එක දෙනවා.. සමහර වෙලාවට ඒ කොල්ලා පැයකට වැඩිය ස්ටෑන්ඩ් එකේ හිටගෙන ඉඳලා සීට් එකක් අල්ලගත්ත එකෙක්... බැරිම තැන මං ඒ ගෑණු කෙනාට කිව්වා ටිකක් වේලාසනින් ඇවිත් සීට් එකක් අල්ලගන්නකෝ කියලා.. මොකද පෝලිමේ ඉන්දැද්දි බබෙක් හම්බුවෙන්න ඉන්න කෙනෙක්ට සාමාන්‍යයෙන් අනිත් අය බස් එකට නඟින්න ඉඩ දෙනවා මුලින්ම.. ඒත් මේ නැඟලා ඉදාගන ඉන්න කෙනෙක්ව එහෙම නැගිට්ටවන එක කොච්චර ආත්මාර්ථකාමී වැඩක්ද...
අපේ මිනිස්සුන්ගේ තියෙන්නේ ඔහොම වැඩමයි අප්පා....
හිටගෙන ලව් කර කර යන එක ආතල් නේන්නං.ඒත් මේ කරුමෙට අපි දෙන්නටම හිටං යන එක ඒ වෙලේ එපා වෙලානේ තිබ්බේ.අම්මෝ මාත් ගොඩ දවසට නුවර ඉඳං බස් එකේ එනවා.හැබැයි ඔහොම කට්ටක් නං සෙට් උනේ නෑ...
Deletehttps://plus.google.com/u/0/communities/100485433229782679269
ReplyDeleteසිංහල ,ඉංග්‍රිසි බ්ලොග් ලියන කියවන හැමෝම එකතු වෙන්න මෙම community එකත් එක්ක.
ඔන්න ඒකටත් සෙට් උනා ඈ....ඉස්තූතියි මේ ගැන කිව්වට..
Deletehttps://plus.google.com/u/0/communities/100485433229782679269
ReplyDeleteසිංහල ,ඉංග්‍රිසි බ්ලොග් ලියන කියවන හැමෝම එකතු වෙන්න මෙම community එකත් එක්ක.
මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
ReplyDeleteඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්
ගණං ගන්ඩ එපා බං ටික දවසක් යනකොට කට්ටිය එයි.ඕනෙ මගුලක් පටං ගත්ත ගමං කට්ටිය පිරෙන්නෑනෙ බං.
Deleteහිරු කිවුව වගේ හිටගෙන ලව් කරන එක තමයි හොඳ..දශක ගානකට ඉස්සරත් එහෙමයි ඕං.. අර මනුස්සයාට මොකට බනිනවාද ?
ReplyDeleteහිටගෙන ලව් කරන එක ආතල් තමයි සරත් අයියේ,ඒත් ඒ වෙලාවේ හිටියේ හිටං ඉන්න එකත් එපා වෙලා...
Delete