23 April 2013

ටයර් එකකින් කාර් එකක් හදන්නේ කොහොමද?



මේ දවස්වල වැඩ ඉවරයක් නෑ.මට පිස්සු වගේ.ඒ මදිවට රෑට පට්ට සීතලය.රෑ මැද ඇහැරෙන්නේ ඇඳේ තෙමාගෙන කියලා හිතිලාය.ඊට පස්සේ පාන්දර ඇඟ හෝදලා බැල්කනියට වෙලා හුලං වැදිලා ඇඟ නිමෙනකං ඉන්නවා.බැල්කනිය කිව්වේ අපේ හොස්ටල් එකේ එකය.ඒ කියන්නේ බ්ලොමේ මගේ රූම් එකේ බැල්කනියය.මගේ රූම් එකේ ඉන්නේ මමයි මගේ 'රූමා'යි ය.අපි දෙන්නාටම ඇත්තේ උගේ පුංචි ෆෑන් එක විතරය.මම ඉන්නේ තට්ටු ඇඳේ උඩ  ඇඳේ හින්දා ඒකට හුළං එන්නේම නැත.ඒක නිසා ෆෑන් එක බැල්කනියේ තියලා කමරේ ඇතුලට හුළං එවන්ඩ ට්‍රයි කරනවාය.ඒක එතරම් සාර්ථක ව්‍යායාමයක් නොවුනත් මොකුත්ම නැතුවාට වඩා හොඳයි ය.මේ පහුගිය දාක ගිරීස්මය දරාගන්ඩ බැරුව මම මූඩිය වහන්ඩ පුළුවන් ජෝගුවකට කූල් වතුර ගෙනත් ඒක බදාගෙන නිදාගත්තෙමි.උදේ වෙනකොට වතුර එක රත් වෙලා තිබ්බේය.ඒකෙන් මූණ හෝදාගෙන ක්ලිනිකල්ස් ගියෙමි.

ඔය අවු අස්සේ මට ජීවිතේ එපා වෙලාය.ඒ කියන්නේ මට ඇත්තේ ඩිප්‍රෙෂන් කියන මානසික ව්‍යාධිය ය.ඒකේ ලක්ෂණවලට අනුව කළිං ආතල් ගත්තු දේවල්වලින් දැං ආතල් ගන්ඩ බැරිය.මට බ්ලොග එපා වෙලාය.ඒකෙං දැං ආතල් නැත.බ්ලොග් කියවන්ඩ හිතෙන්නේද නැත.මට මැරෙන්ඩ හිතෙනවාය.ඒ උනාට මැරෙන්ඩ විදිහක් නැත.කඹයක් ගන්ඩ සල්ලි නැත.වහ බොන්ඩ හිතෙන්නේ නැත.මැරෙන්ඩ හිතාගෙන පැනඩෝල් බීලා එන උන්ට වාට්ටුවේදී දෙන වධ මතක් උනාම මයිල් කෙළිං වෙනවාය.කෝච්චියට පනින්ඩ හිතෙන්නේ නැත.කෝච්චිවල යන්නේ එන්නේ අපි වගේම දුප්පත් අහිංසක මිනිස්සුය.මොකෙක් හරි හාල්පාරුවෙක් ජීවිතේ නැති කරගන්ඩ කෝච්චියට පැන්නාම නාස්ති වෙන්නේ අර අහිංසක මිනිස්සුංගේ කාලය ය.


කොහොම උනත් මට මැරෙන්ඩ වෙන එකක් නැත.එයිට කළිං මේ මළ ඉලව් පෑවිල්ල නැතිවෙලා යයි කියලා හිතාගෙන ඉන්නෙමි.මේ දුෂ්කර සමයේ දුකසේ ජීවත් වෙන අතර තුරේ මරු සින්දුවක් අහන්ඩ ලැබුනේය.බොහොම සරළව ලියැවුනු මේ සින්දුවේ සමස්ථ ශ්‍රී ලාංකික ජන විඥානයම කැටිකොට දක්වා ඇතැයි මට හිතුනේය.අපේ මිනිස්සු ජීවත් වෙන්නේ ස්වප්න ලෝකවල ය.තමුන්ට ලැබෙන පුංචි දෙයක් මහා ලොකු කොට දක්වා සතුටු වෙන්නේ අනුන් රැවටීමටත් වඩා තමුන්වම රැවටීමට නොවේද?. පහුගිය කාලේ අවුරුද්දට පස්සේ හම්බ උනාම 'අපි ගමේ ගියානේ ' යි කිවූ මිනිස්සු දැං කියන්නේ 'අපි හයිවේ එකේ ගියානේ ගමේ' කියලාය.මත්තල උන් 'අපිට ගුවන් තොටුපොලක් ලැබුනා.අපිට හරි සතුටුයි' කියා වොයිස් කට් දෙන්නේද එකී හීනමානයේම ප්‍රකාශනයක් විදිහටය.වැඩි විස්තර අනවශ්‍යය.ඔන්න සින්දුව දෙනවා බාගෙන අහගන්ඩ.මේක මේ කිලෝබයිට් 300ක් විතර වෙන පුංචි ෆයිල් එකක් ය.ඒ නිසා ඩේටාවලට කුම්මැහි නොවී බාගෙන අහන්ඩ හොඳේ.. (හිනා මූන )

මෙතනින් බාගන්ඩ...


හරිම සරළ සිද්ධියක් ගැන තමයි ය සින්දුව ලියලා තියෙන්නේ.පොඩි එකාට ටයර් එකක් හම්බවෙලාය.කොල්ලාගේ තාත්තා ටයර් එකට ඉතුරු කෑලි ටික දාලා කාර් එකක් හදන්ඩ ප්ලෑන් කරනවාය.මටනං පට්ට ආතල්ය.සින්දුව කියන්නේ නැසීගිය ෆ්‍රෙඩී සිල්වා මහත්තයා ය.සින්දුව ලියලා සංගීතේ එහෙම දාලා තියෙන්නේ නැසීගිය ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයා ය.

සින්දුව අහලා කොමෙන්ට් එකක් දෙකක් දාන්ඩ හොඳේ.කට්ටියගේ බ්ලොග් බැලුවේ නැතුවට සමාවෙන්ඩ.මේ දවස්වල ජීවිතේ එපා වෙලා ඉන්නේ.මේ මගුල ඉවර වෙච්ච ගමං ආයෙත් බ්ලොග පරණ විදිහට දුවවන්ඩ ඉන්නේ.ලබන සතියේ තවත් එක විභාගයක් බොලව්.මම එහෙනං යනවා නාගන්ඩ.දාඩියයි දෙයියනේ!!!




12 comments:

  1. බොහොම ස්තුතියි ඈ....මටත් මගේ පුංචි කාලේ මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. ටයර් තල්ලු කරපු කාලෙද? දැංනං ටයර් එකක් දැක්ක කාලයක් මතක නෑ අප්පා.වාහනේක තියෙන එකක් මිසක්

      Delete
  2. අඩේ හරි ලේසිනෙ වැඩේ!

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ හරි සරළයි.මොකද කියන්නේ හදමුද ලැම්බෝගිනියක්

      Delete
  3. amr to mp3 එකක් ඕනේ වෙනවා ..ඉන්නකෝ
    හෙමීට අහන්න ..මොනවා උනත් එළැයෑ ...

    ReplyDelete
    Replies
    1. ඕක කේඑම් ප්ලෙයර් එකේ හරි මීඩියා ප්ලෙයර් ක්ලැසික් එකේ හරි අහන්ඩ පුළුවන්

      Delete
  4. චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් කතා පෙළේ තිබුණු එයා සියදිවි නසාගන්න කතාව මතක් වුණා :D

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද බං?මට මතක නෑනේ.ඔන්න උඹේ ලිපිය පරක්කු වෙලා කියෙව්වා ඈ.

      Delete
    2. ඒකෙත් මෙහෙම සීන් එකක් තමා තියෙන්නේ. මම කිව්වට හරියන්නේ නැහැ. කියවලාම ෆන් එක ගන්න ඕනේ කතාවක් ඒක :D

      Delete
  5. අනේ ඉතිං හොඳට නොනා එහේම ඉස්පිටිතාලෙ පලාතෙ යනවා එහෙම නෙවෙයි ඕං..

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ සරත් අයියේ.නාලා වෝඩ් එකට යනකොට ඉහිං කණිං දාඩිය දාලා ඉවරයි.අනික අපේ වෝඩ් එකත් පට්ට හීතලයිනේ මේ දවස්වල.ලෙඩ්ඩුත් ඉන්නේ දාඩිය පෙරාගෙන.සමහරු ගාව පට්ට ගඳයි.ඒත් ඉතිං නහය අකුලං යන්ඩයෑ.

      Delete
  6. අපිටත් තියෙනවා ඩිප්‍රෙෂන් ඕනෙ තරම්, යේ!!!

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...