11 November 2012

හිතේ දුකට



දිගින් දිගටම ඉස්පිරිතාලේ ය.උදේ ඉඳං හිටං ඉඳලා හවස් වෙද්දි කකුල් රිදෙන්ඩ පටං ගන්නවාය.මේ දවස්වල ඉන්නේත් නාරීවේදී වාට්ටුවකය.එකම පැමිණිල්ලක්ය උන්ට ඇත්තේ.ඒක්කෝ ලේ යනවා වැඩිය.නැත්තං ඔසප් වෙන්නේ නැත.සමහරුන්ට පිළිවෙලට ඔසප් වෙන්නේ නැත.

වාට්ටුවට එන හැම ගෑනු කෙනෙක්ගේම යෝනි පරීක්ෂාවක් කළ යුතුය.තව පොඩ්ඩෙන් අවුරුදු 42ක් පරණ කන්‍යා පටලයක් බිඳලා පොලීසි ගානෙත් රස්තියාදු වෙන්ඩ වෙනවාය.උන්දෑව පරීක්ෂා කරන ඇඳට නග්ගලා සාය ඉහළට උස්සලා කකුල් නවලා දණිස් ඈත් කරන්ඩ කිව්වාම ඒක තේරුණේ නැත.ජීවිතේ පලවෙනි පාරට එහෙම දෙයක් යෝජනා කළා වගේ එහෙට මෙහෙට ඇඹරෙන කොට අපේ ගෑනු ළමයෙක් 'ඔයා බැඳලද ?' කියලා ඇහුවායින් මම ගස් නොගිහිං බේරුණේය.අවුරුදු 42ක් මොකට ඕක පරිස්සං කළාද මම නං දන්නේ නැතිය.

මේවා දවසගානේ බලන්ඩ ලැබීම අල්ලන්ඩ ලැබීම ආතල් කියලා කට්ටියට හිතෙන්ඩ පුළුවංය.මමද හිතං හිටියේ එහෙමය.ඒ උනාට උදේ ඉඳං හවස් වෙනකං නාකි ඒවා, තරුණ ඒවා, සුදු ඒවා, කලු ඒවා, ශ්‍රාවයන් එන ඒවා, වේලිලා ගිය ඒවා, ෂේව් කළ ඒවා සහ නොකර 'අපි වවමු රට නගමු' තරඟවලට ඉදිරිපත් වෙන ඒවා ආදී ලෙසට දැකලා දැකලා දැකලා හවස් වෙනකොට ජීවිතේ අනියත බව, අර්ථවිරහිත ඒකාකාරී නිෂ්ඵලත්වය මනාව අවබෝධ වෙනවාය.ඊටත් මෙහේ එන්නේ ලෙඩ තියෙන ඒවාය.සමහර ආසාදන සහිතව ආ අයගේ ගැබ්ගෙල පරීක්ෂා කරන්ඩ ළංවෙලා බැලුවාම නහයක් නැතුව ඉපදුනා නං යැයි හිතෙන වෙලාවල් ද තියෙනවාය.

අපි පහුගිය අවුරුදු හතර මුළුල්ලේ දහසකුත් එකක් විභාග සඳහා පෙනී සිට ඇත්තෙමු.සමහරක් ඒවා අසමත්ව නැවත මුහුණ දීමට සිදු වූවද අවසානයේ ජයග්‍රාහීව අවසන් වසරේ මහාචාර්ය ඒකකවල පුහුණුව ලැබීම දක්වා සුදුසු කම් ලැබීමි.


දැං ඉතිං තියෙන්නේ අවසාන විභාගයයි.එය විභාගයක් ලෙස ලුහුඬෙට දැක්වීම යුතු නැත.ඒක ඇවිල්ලා විභාග සංකීර්ණයකි.තව සති පහකින් ප්‍රසව හා නාරිවේදය සායනික පරීක්ෂණය ඇත.ඉන් පසු ළමාරෝග පිළිබඳ මහාචාර්ය ඒකක පුහුණුවට පසුවත් මනෝවේදය (psychiatry) පුහුණුවට පසුවත් සායනික පරීක්ෂණ පැවැත්වේ.ඉන්පසු වසර අග තොග අවසන් කිරීමේ මහා සේල් දානවා වාගේ ප්‍රධාන විශය ධාරාවන් පහේ ලිඛිත පරීක්ෂණයන් පැවැත්වේ.ඒවා එක එකක් බහුවරණ සහ රචනා ලෙස ප්‍රශ්න පත්‍ර දෙක බැගින් සමන්විතය.ඊට පස්සේ සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවට සහ ශල්‍ය වෛද්‍ය වේදයේ සායනික පරීක්ෂණ පැවැත්වේ.ඒවා එක එකක් කෙටි පරීක්ෂණ හා දිගු පරීක්ෂණ ලෙස පරීක්ෂණ දෙක බැගින් යුක්තය.ඉන්පසු ඇත්තේ නාරි හා ප්‍රසව වේදයේ වාචික පරීක්ෂණයයි.ඉන්පසු සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේ ස්ථාන පරීක්ෂණයක් හෙවත් ස්පොට් එකක් ඇත.එතනින්ද අවසන් නැත.ඉන්පසුව එන්නේ ප්‍රජා වෛද්‍ය විද්‍යාවේ පරීක්ෂණය සහ චර්යා අධ්‍යයනය හෙවත් බිහේවියරල් ලිඛිත පරීක්ෂණයන්ය.මේවා එක එකක් කොතරම් අමාරු පරීක්ෂණ දැයි පැවසීම අනවශ්‍ය යැයි හඟිමි.

ඔය සියල්ලම සමත් උවහොත් MBBS ලෙස හඳුන්වන මෙව්වා එක දෙනවාය.අවසාන විභාගයේ ප්‍රථිපල මත ලංකාවේ ඒ වර්ෂයේ සියලුම සිසුන්ගේ කුසලතා ස්ථානය සලකා බලා පත් වීම් ලබාදෙන රෝහල තෝරනු ලැබේ.මේ පත්වීම් දෙන්නේ මාස හත අටකට පසුව නිසා ඒ අතරතුර මේසන් වෘත්තිය වැනි වෙනත් රැකියාවක් කළ හැක.නමුත් එවිට වෙද නලාවට වඩා මේසන් හැන්දට අත හුරු වීමට ඉඩ ඇති බැවින් නීති විරෝධී ලෙස ප්‍රයිවට ප්‍රැක්ටිස් එකක් කළ හැක.නැතිනම් මේ මාස කීපය අවසානයේ අවුරුදු ගාණක් තිස්සේ ඉගෙනගත් සියලු සබ්බ සකලමනාවම අමතක වී ගොස් 'අපොයි සල්ලි' අවස්ථාවක් උද්ගත වෙනු වැළැක්විය නොහැක.

පත්වීම කිව්වාට ලැබෙන්නේ සීමාවාසික පත්වීමය.ඒ කියන්නේ ඕටී නොගෙවන පැය 24ක පමණවන වැඩමුරවලින් යුතු වසරක කාලයක් කළ යුතු පුහුණුවේම තවත් කොටසකි.වැටුපක් ලෙස දීමනාද සමඟ රු.34,000ක් පමණ ලැබෙන්නේය.අවුරුදු පහක් වෙන මොනවා හරි ඉගෙන ගත්තානම් මේ වගේ දෙතුන් ගුණයක් හොයන්ඩ ඇහැකි රස්සාවක් හොයා ගන්ඩ පුළුවං ය.පත්වීම ස්ථිර උනාට පසු ඒ කියන්නේ සීමාවාසික පුහුණුව අවසන් වූ පසු රු. 50,000ක් පමණවන වැටුපක් ලැබේ ලු.ලංකාවේ සමස්ත වෘත්තිකයින්ගේ ආදායම් හා සසඳා බැලූ කල මැද හරියේ අගයක් ගන්නා මේ වැටුප කන්නට සිදුවූ සහ සිදුවන කට්ටේ හැටියට ඇබින්දක්වත් වටින්නේ නැත.


නිවසක් තනා ගැනීම, කසාදයක් කර ගැනීම, වාහනයක් ගැනීම, ළමයි හැදීම, බල්ලෙක් බළලෙක් ඇති කිරීම, ඉඳහිට හෝ චිත්‍රපටියක් බැලීමට යාම ආදී ආශාවන් වෛද්‍යවරයෙකුටද පොදු වූ ඒවා වේ.නමුත් මුදල් සෙවීමට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන වෛද්‍යවරයා නරුමයෙකි.මිනිසුන්ගේ දුක නොතේරෙන මිනිස් යන්ත්‍රයකි.

මුදල් සෙවීමට දිනකට පැය 12කට වඩා වැය කර ජීවිතයේ තෘප්තියක් ලැබීමට අසමත්වන මේ වෘත්තිය කෙරේ මා තුල දැන් ඇත්තේ කළකිරීමකි.මේ වෘත්තිය සුදුසු වන්නේ හොඳ මූල ධනයක් ඇති වෙනත් ව්‍යාපාර ආදියෙන් හොඳ ආදායමක් ඇති අයෙකුට සිතේ සතුටට කිරීමට ය.නමුත් දැන් හැරෙන්නට පමා වැඩිය.මාගේ මනස වෙනත් වෘත්තියකට යොමු වීමට නොහැකිවන ලෙසට මේ අධ්‍යාපන ක්‍රමය විසින් මොට කරනු ලැබ ඇත.මේවාට වගකිව යුත්තේ 'මේ විභාගෙ කොහොම හරි කර ගන්ඩකෝ.ඊට පස්සේ ජීවිතේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි.ඊට පස්සේ වැඩ අමාරු නෑ'යි කියා මා නොමග යැවූ උසස් පෙළ ගුරුවරුන් ය.

මේ සියල්ල කීවේ හිතේ දුකටය.අද මාගේ 9වන ප්‍රේම සංවත්සරයයි.අවුරුදු 9ක් ප්‍රේම කරමින් තවමත් ආදායමක් නැතිව විවාහ වීමට විභාග අවසන් නොවීම නිසා ලතැවෙන අසරණ කාළකන්නි පෙම්වතෙකුගේ ප්‍රේම අඳෝනාවය මේ...


29 comments:

  1. සුභ පැතුම් මචං! ඔය ඔක්කොටම වැඩිය අමාරු නැද්ද බං එකම කෙල්ලට අවුරුදු 9ක් ලව් කරන එක :D විභාග ටික හොඳට කරගනින්. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අන්න මචන් පොයින්ට් එක, ඒකම කොච්චර ජයග්‍රහණයක්ද?

      Delete
    2. ඔන්න බලාපල්ලකෝ ඕක මට පෙනුන්නැති හැටි ඈ.....ඕක මෙච්චර කල් කරගෙන ආපු එකට වග කියන්ඩ ඕනෙ මම නෙමෙයි.මම වගේ හිපාටු නාම්බෙක් එක්ක ඉහ ගහගෙන ඉවසීමෙන් (සමහර වෙලාවට ) හිටපු ඒ උන්දැට තමයි ඉතිං ගෞරවේ යන්ඩ ඕනේ.

      Delete
  2. පිස්සුද බන්.. අපි හැමදාම හැමදෙනාම හිතන්නෙ තමන් කරන්නෙ එපාමකරපු රස්සාවක් අනික් රස්සා තමන් කරන එකට වඩා නිදහස් හොඳ පඩියක් ලැබෙන රස්සා කියලායි. ඒත් බලන්යද්දි හැම රස්සාවම දැන් තමන්ගේ කියන ජීවිතේ විනාශ කරලා පැය ගනන් රස්සාව කරන තැන් වලට අපිව සීමා කරන ඒවා වෙලා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං.මම ඒ ගැන කාලෙකට කළිං ලිව්වා.

      http://dinukajayakodi.blogspot.com/2012/04/blog-post_26.html

      මට මේ රස්සාවේ අවුල තියෙන්නේ ඉගෙනගන්ඩ ගත කරන කාලය වැය කරන ශ්‍රමය වගකීමේ විශාලත්වය සහ අවධානම (රෝග වැළඳීම ආදිය ) එක්ක සළකා බලද්දි ලැබෙන ලබ්බ මදි හින්දා.

      Delete
  3. "උන්ට ඇත්තේ.ඒක්කෝ ලේ යනවා වැඩිය" Tone එක පොඩ්ඩක් අවුල් වගේ. තමන්ගේ පිහිට පතා ගෙන එන ලෙඩ්ඩු නේ බන් වචනයෙන් හරි කාරුණික උනොත් හොඳයි.
    මහන්සි යේ හැටියට මදි උනත් රාජ්‍ය සේවකයෙක් වශයෙන් ඔය ගාණ නම් ටිකක් ඉහලයි. මොනවා උනත් ලංකාවේ ඉහලම පිලි ගැනීම තියන රැකියාවත් ඕකනේ.. අඩු ගානේ එකවත් තියනවා නේ.
    උබලගේ ඉහල batch එකේ එකෙක්, ලෝකේ හොඳම රස්සාව doctor කෙනෙක් වීම කියල මට කියල දෙන්න ඇවිත් මාත් එක්ක තරහ උනේ නැතිඋනා විතරයි. එහෙම එකේ උඹ හිත හද ගනින්.
    ප්‍රේම ජීවිතයට නම් මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මචං 'ඔවුන්ට' කියලා ලිව්වනං එළිසමය හරියට සෙට් නොවෙන හින්දා තමයි එහෙම ලිව්වේ.අනික මචං හිත රිදිලා ඉන්න වෙලාවක ලියවෙච්ච එකක් නොවැ.ගැරහීමේ අදහසක් තිබ්බේ නෑ.

      ලෝකේ හොඳම රස්සාව නං මොකක්ද කියලා දන්නේ නෑ.හැබැයි කට්ට වැඩිම රස්සාවලින් එකක් තමයි මේක.කොච්චර කළත් පොඩි මිස් එකකින් මිනිස්සු බණින බැණිල්ල.

      Delete
  4. අපොයි මෙහෙමත් කළකිරෙනවද මේ පොඩි කොළු පැටව්?
    ඉක්මනින් හැමදේම හොඳින් වෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි අක්කේ.ඉක්මනින් නම් මේක ඉවර වෙන්නේ නෑ.තව අවුරුද්දක් අදින්ඩ ඕනෙ නේ.

      Delete
  5. දිනුක මල්ලි... පෝස්ටුව හොඳ උනත් වෛද්‍යවරයෙකුගේ වගකීම ඔයා හෑල්ලු කරලා වගේ මට හිතෙනවා...

    // උන්ට ඇත්තේ.ඒක්කෝ ලේ යනවා වැඩිය.නැත්තං ඔසප් වෙන්නේ නැත.සමහරුන්ට පිළිවෙලට ඔසප් වෙන්නේ නැත //

    මේ වගේ ලෙඩ රෝග නැත්තම් වෛද්‍යවරු ලඟට යන්නෙ අහවල් කාරනයකටදැයි මට මන් හිතුනා.

    //වාට්ටුවට එන හැම ගෑනු කෙනෙක්ගේම යෝනි පරීක්ෂාවක් කළ යුතුය.තව පොඩ්ඩෙන් අවුරුදු 42ක් පරණ කන්‍යා පටලයක් බිඳලා පොලීසි ගානෙත් රස්තියාදු වෙන්ඩ වෙනවාය.උන්දෑව පරීක්ෂා කරන ඇඳට නග්ගලා සාය ඉහළට උස්සලා කකුල් නවලා දණිස් ඈත් කරන්ඩ කිව්වාම ඒක තේරුණේ නැත.ජීවිතේ පලවෙනි පාරට එහෙම දෙයක් යෝජනා කළා වගේ එහෙට මෙහෙට ඇඹරෙන කොට අපේ ගෑනු ළමයෙක් 'ඔයා බැඳලද ?' කියලා ඇහුවායින් මම ගස් නොගිහිං බේරුණේය.අවුරුදු 42ක් මොකට ඕක පරිස්සං කළාද මම නං දන්නේ නැතිය.//

    රෝගියාගෙ රෝගි තත්වයත්...හා මනස තේරුම් ගැනීම වෛද්‍යවරුන් වන ඔබලාගෙ වගකීමක්. මේ වගේ කතාවකින් මට නම් හැඟුනේ එකම එක දෙයයි... ඒ දෙය ලියන්න අවශ්‍යද මන්දා

    ReplyDelete
    Replies
    1. අනේ අක්කේ අවුලක් ගන්ඩ එපා.ඔය අපේ ඇත්තෝ මහින්දට බැණලා බැණලා ආයෙ ඡන්දේ ඉල්ලපු ගමන් පැනලා දෙනවා වගේ තමයි මගේ හැටිත්.කවදාවත් කොච්චර පිස්සු නැටුවත් ලෙඩෙක්ට බැණලා බය කරලා නෑ.කරන්ඩ ඇහැකි හැම දේම කරලා දෙනවා.මේ ළඟදි දවසක එක අම්මා කෙනෙක්ට (දරුවො සළකන්නැති ) රෑට කන්ඩ දෙයක් නැති උනාම මගේ ගාණේ කන්ඩ ගෙනත් දුන්නේ.මම නරුම උනාට හරි හොඳයි.

      Delete
  6. හෆොයි ඔක්කොම වෙන්ඩ දොස්තර මහත්තුරු මෙහෙම හිතලා මෙසෙන් වැඩ කරන්න ගියොත් අපි වගේ මිනිස්සුන්ට කාගේ පිහිටද ?

    ReplyDelete
    Replies
    1. මේසන් බාස්ලාගේ ම පිහිටයි.ඇත්තමයි අප්පා. මේකනං ජීවිතේම හිර කරලා දාපු රස්සාවක්.

      Delete
  7. දොස්තරලට මෙහෙම හිතුනම අපි ඇවිල්ලා ලෙඩ්ඩුන්ට බේත් දෙන්න යෑ...

    ReplyDelete
    Replies
    1. උඹලා ඇවිල්ලා පොඩ්ඩක් ට්‍රයි කරලා බලපං අයියේ.වෛරස් එක්කනං උඹලා හැපෙනවනේ හැමදාම.ඇහැක් නං මේ ලෙඩ්ඩුන්ට ඇන්ටිවෛරස් මොකක් හරි ජිංජිබිරිස් එකක් සෙට් කරලා දීපංකෝ.

      Delete
    2. උබත් එකයි අපේ මලයත් එකයි.
      මෙඩ්ඩො ඔක්කොම එක වගේද මන්දා...

      Delete
    3. අනේ නෑ බං ඉඳලා හිටලා මොළේ අවුල් එකෙක් දෙන්නෙක් ඉන්නවා (මමයි උඹේ මලයයි )

      Delete
    4. මටත් ඒක හිතුනා. :)

      Delete
  8. මම හිතන්නෙනෑ මේකෙන් කිසියම් අවමානයක් රෝගින්ට වෙලා තියන්වා කියලා, මේක දිනුකගේ හිතේ කැකෑරෙන වේදනාව පිටකරලා තියෙන්නේ.

    වෛද්‍ය වෘතිය කියන්නෙත් තවත් එක රස්සවක් විතරයි, අපිත් බයෝ කරලා සමහර දොස්තරලාගේ ලොකු ලයින් දකින කොට නම් හිතනවා අපරාදේ තව චුට්ටක් මහන්සි වුනා නම් මාත් උඹ වගේ කියලා
    :-)

    අනික මචන් කැම්පස් ගිය හුග දෙනෙක් හිතන්නේ උඹ හිතන විදිහටම තමයි. අපිත් හිතන්නේ අපරාදේ අර අවුරුදු හතරක් කට්ට කෑවේ උ,පෙත් කට්ට කෑවේ, එස් තුනක් අරගෙන ජොබක් කරා නම් දැන් හොද පඩියකුත් ගන්නවා, දරු මල්ලොත් ඉන්නවා, වාහනත් තියන්වා.
    දැන් ඒ එක දෙයක් වත් නෑ

    දුක තමයි රංජනී

    ReplyDelete
    Replies
    1. තුවාලෙක වේදනාව දන්නේ තවත් තුවාලයක් තියෙන එකෙක්ම නොවැ.අනේ බං අයියේ උඹට විතරයි මගේ දුක තේරුණේ....

      Delete
    2. >> තුවාලෙක වේදනාව

      Everybody have different kind of pain.
      I think everybody is in somekind of pain.

      My pain is I want to be like Anuradha. I need to dig into code and
      modify them and fix them. I do enjoy what I'm doing, but sometimes
      it's pain. Since brain and the mind does not stay as it is, that's
      where I think that pain begin. We except it to be unique and not to
      change. But it will never happen.

      I don't think we will ever be able to reach that destination.

      Delete
    3. yes some says that's the beauty of the mind and some says that we should find a way to ignore our desires.i think if i try i'd be able to reach my target.but the problem is with the system.

      Delete
  9. ඕං බලපන් ඒකෙත් හැටි.උඹට මේ අපි ගෑණු ගැන කියන විදියට ඒවා කියන්නත් බෑනෙ.මිනිස්සු හිතන්නෙ ඒකත් එක එක විදියට.
    මොනා කරන්නද බං.ඒත් තාමත් මට හිතෙන්නෙ උදේ ඉදන් ඕවා බල බල ඉන්න එක ආතල්නෙ බං.නැද්ද??

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං බං.දැං බලපං මර්වින් ලොක්කා මොන කුණුහබ්බේ කිව්වත් පොර ජනතා නියෝජිතයෙක් උනාට කවුරුවත් මොකුත් කියන්නේ නෑ.මේ අහිංසක අපිට තමයි අවුල.

      බොලේ කලිං ලිපියක කොමෙන්ට් එකකට රිප්ලයි එකක් විදිහට මම දැම්මා 'මේ සිස්ටම් එකට මාව දොස්තර කෙනෙක් කරන්ඩ පුළුවං වෙයි ඒ උනාට මහත්තයෙක් කරන්ඩනං බෑ' කියලා.

      Delete
  10. කලින් කතාවේ කිව්ව දොස්තරට හිතුණු දේ නම් හිතුණොත් වැඩේ අවුල් අයියණ්ඩි :)

    ReplyDelete
    Replies
    1. මොකක්ද හසිත තේරුණේ නෑ බං???

      Delete
    2. කලින් කතාවක් කිව්වේ නාරිවේද දොස්තර කෙනෙක්ට හැමදාම බලලාම එපා වුණා කියලා :D

      Delete
  11. I'm an engineering student and I was still learning and I'm 28 now.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...