28 December 2011

උඹ නාඩං අපිට පිස්සු







ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය බිඳ දැමීමේ ක්‍රියාවලිය ඇරඹී දැන් ටික කලක් ගත වී ඇතත් වර්ථමාන ආණ්ඩුව තරම් එයට සිය උපරිම දායකත්වය ලබාදුන් ආණ්ඩුවක් ලංකාවේ පැවතියේ නැත.අවිඥානිකව සිය මුග්ධභාවය නිසා හෝ, සවිඥානිකව සිය කූට අරමුණු මුදුන් පැමිණවීමට හෝ අපේ රටේ අධ්‍යාපනයේ මිනී පෙට්ටියට අවසන් ඇණයද පෙරේදා මධ්‍යම රාත්‍රියට සුළු මොහොතකට පෙර ගසන ලදී.මෙය එක්වරම  සිදුවූ අභාග්‍යක් ලෙස හුවා දැක් වීමට උසස් අධ්‍යාපන ඇමතිවරයාත්, විභාග කොමසාරිස්වරයාත් උත්සාහ කළ ද, ඇස් කන් ඇරගෙන මෙරට ජීවත් වූ ජනතාවට මෙය ක්‍රමවත්ව සිදු වූ සිදුවීම් මාලාවක තවත් එක් සිදුවීමක් පමණක් බව අවබෝධ වනවා නිසැකය.

විභාග ප්‍රශ්නපත්‍රවල කුණුහරප තිබීම මෙන්ම එකම ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්නවලට අදාල පිළිතුරු ද ඇතුලත්ව තිබීම ආදී වූ ප්‍රශ්නපත්‍ර ගැටළුවේ සිට  ප්‍රශ්නපත්‍ර අඩුවෙන් ලබා දීම නිසා ප්‍රශ්නපත්‍ර ඡායා පිටපත් කොට සිසුන්ට ලබා දීමට සිදුවීම, ප්‍රශ්නපත්‍ර කළින් පිට වීම, ප්‍රශ්නපත්‍ර අතර මග දමා ගොස් තිබී හමු වීම, විභාග ශාලාධිපතිවරුන්ගේ අත්තනෝමතික ක්‍රියා, විභාග නිසි වේලාවට ආරම්භ නොකිරීම, නිසි වේලාවට ප්‍රථිඵල නිකුත් නොකිරීම ආදී වූ ගැටළු සියල්ල මතුවන්නේ බොහොම මෑත ඉතිහාසයේ ඉතාමත් කෙටි කාලයක් තුලදී ය.

මෙයට සමාන්තරව විශ්වවිද්‍යාල සිසුන් කෙරේ සමාජයේ අප්‍රසාදය ජනිත කරවීමේ ව්‍යාපාරයක්ද රට තුල ක්‍රියාත්මක වූ බව රටේ ජනතාවට තියා විශ්වවිද්‍යාල සිසුන්ටවත් අවබෝධයක් ඇත්දැයි සැක සහිතය.නමුත් යථාර්තය එයයි.විශ්වවිද්‍යාල සිසුවා යනු ජේ.වී.පී යට කඩේ යන, නවකවදය දීමෙන් සිය සහෝදර සිසුන් අතවරයට ලක් කරන, සෑම විටම උද්ඝෝෂණ කිරීමෙන් රටේ සාමයට බාධා කරන්නාවූ සහ කිසිදු වෘත්තියකට සුදුසුකම් නැති උපාධියක් කරපින්නාගෙන නැවත සමාජයට පැමිණෙන්නෙකු ලෙසත්, එසේ පැමිණි පසුවත් සමාජයට බරක් වෙමින් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණ කරමින් රජයට දොස් පවරමින් හැසිරෙන පිරිසක් ලෙසත් අපූර්ව චිත්‍රයක් ජන මනසේ චිත්‍රණය කරවනු ලැබ ඇත.

මෙහි ප්‍රථිඵලය වන්නේ නිසැකවම රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම රාජ්‍ය අධ්‍යාපන ක්‍රමයම කෙරෙහි ජනතා අප්‍රසාදයක් ජනිත වීම නොවේද? සත්‍ය ලෙසම වර්ථමානයේ එම තත්වය නිර්මාණය වී නැතිද? පෞද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් පෙනී සිටින්නන් විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රධානම තර්කයක් වන්නේ උසස් පෙළ විභාගය දක්ෂයා තේරීමේ සාධාරණම ක්‍රමය නොවේ යන්නයි.පෙරේදා සිදුවීමෙන් පසු ඔවුන් තවත් ප්‍රශ්නයක් නගනු ඇත.ඒ ඔබ ලබා ඇති ප්‍රථිඵලය නිවැරදි එකක් ද? යන්නයි.ඔවුන්ගේ පැත්තෙන් එය සාධාරණය.වර්ථමානයේ ඇති කර ඇති තත්ත්වය අනුව කිසිවෙකුට තමන්ගේ ප්‍රථිඵල නිවැරදියැයි සහතික වීමට නොහැකිය.රාජ්‍ය අධ්‍යාපනයේ වටිනාකම තුට්ටු දෙකට වට්ටමින් ජනතාව වෙනත් විකල්ප කෙරේ යොමු කෙරෙන ආකාරයේ වැඩ පිළිවෙලක් දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.නො එසේ නම් 2005 උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බහුවරණ පත්‍රය වැරදි ලෙස ලකුණු කොට ප්‍රථිඵල නිකුත් කළ දා පටන් නොයෙකුත් අඩු පාඩු සහිතව විභාග පවත්වන විභාග කොමසාරිස්වරයා මේ දක්වාම තනතුරෙහි රඳවාගෙන සිටියේ මන් ද?

එසේත් නොමැතිනම් වර්ථමාන ඇමරිකාවේ ක්‍රියාත්මකවන්නා වූ ආකාරයට පාලනය කිරීමට පහසු, 'එහෙට' කියූ විට එහෙට යන, 'මෙහෙට' කියූ විට මෙහෙට වන බුද්ධි හීන පාලිතයින් පිරිසක් නිර්මාණය කිරීමේ වැඩ පිළිවෙළක එක් පිම්මක් වන්නට ද පුළුවන.

රටේ තුන් ලක්ෂයකට ආසන්න සිසුදරුවන්ගේ ජීවිත තුට්ටුවට දමා ක්‍රියාකරන මොවුන් වෙනුවෙන් කඩේ යන රාජ්‍ය මාධ‍යයන්ට රටේ වැදගත්ම විභාගයක ප්‍රථිඵල අවුල් සහගත වීම නිසා ප්‍රථිඵල අත් හිටුවීමට සිදූවීම ප්‍රධාන ප්‍රවෘත්තිවල සිරස්තලයක් බවට වත් වන්නේ නැත.රට පුරාම වසර හතකට පෙර සිදුවූ සුනාමි ඛේදවාචකය සමරන අයුරු පෙන්වීමට ඔවුහූ කෙතරම් උත්සුක වූවෝද යත් ජීවවිද්‍යා විශය ධාරාවෙන් උසස් පෙළට පෙනී සිටි සිසුවෙකු වාණිජ විශය ධාරාවේ ප්‍රථිඵල ලැබීම කෙතරම් කණගාටුදායක දැයි යන්න පවා අමතක වී ගොස් ය.වාසනාවට එම ශිෂ්‍යයාගේ වාණිජ විශය ප්‍රථිඵලය අසමත් ලෙස ලැබී තිබිණි.බැරි වෙලාවත් ඔහු සමත් වී වාණිජ විශය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට තේරී තිබුණා නම් ඔහු විශ්වවිද්‍යාලයේ දී නොදන්නා විශයක් ඉදිරියේ අසරණ වන්නට ඉඩ තිබිණ.

වඩාත්ම උපහාසාත්මක වන්නේ උසස් අධ්‍යාපන ඇමතිවරයා බෝලය ජනපතිට පාස් කිරීමය.ජනපති සියල්ලන් කැඳවා බැණ වැදුනු නිසා කඩිමුඩියේ ප්‍රථිඵල නිකුත් කරන්නට සිදුවූ බවත්, එහිදී පරිගණකයේ සිදුවූ සුළු දෝශයක් නිසා මෙම සුළු දෝශය ඇතිවූ බවත් කියා ඔහු අත පිහදා ගත්තේය.ජනපති බැණ වැදුනේ ළමුන්ට ඉක්මනින් ප්‍රථිඵල ලබා දීමට යැයි කියන නිසා ඔහුද වැරදි කරුවෙක් නොවේ.වැරදි කරුවෝ අපිම වෙමු.සමහර විට ජ්‍යාමිතික සූත්‍රයකින් සංඛ්‍යානය දත්ත ගණනය කළ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ නවතම ක්‍රමවේදය නිසා ළමුන්ට නවතම ආකාරයේ ප්‍රථිඵල ලැබුණා ද විය හැක.ළමුනට දැන් සිදු වී ඇත්තේ ඉදිරි අධ්‍යාපන ක්‍රියාවලියත් ඇමතිවරයා මෙලෙසින් ම කළවම් න්‍යායන් මගින් ලබා දෙන තුරු ඉවසා සිටීමයි.

මෙම හාස්‍යජනක ක්‍රියාවේ දුක්ඛ පක්ෂය තවමත් අවසාන නැත.විභාග ප්‍රථිඵල දැනටමත් ප්‍රමාද වී ඇත.ලැබුණු ප්‍රථිඵලවල අවිනිශ්චිතභාවය හමුවේ විශාල සිසුන් පිරිසක් ප්‍රශනපත්‍ර නැවත අධීක්ෂණය සඳහා ඉල්ලුම් කරනු ඇත.එම අධීක්ෂණය අවසන් වීමට ගතවන කාලයත් එකතු වූ විට මෙම සිසුන් සඳහා විශ්වවිද්‍යාල විවෘත වනු ඇත්තේ බොහෝ ප්‍රමාද වී ය.එය පාලකයින්ට සුළු ප්‍රශ්නයක් වුවද පවුලේ බර කරට ගැනීමට සිටින අසරණ දුප්පත් දරුවන්ට එය දුෂ්කර වූ ද දීර්ඝ වූ ද කාල පරිච්ඡේදයක් වනු නො අනුමානය.

7 comments:

  1. yes indeed a systamatic destruction of the education system in the country since JRJ era and MR regeime is undoubtly the worst of them. gradual reduction of budget allocations for education to politicisation of the administration of universities and other institutions are, few issues to mention other than what in this post. sociaty like us where,a degree through the free education system is still the only hope for majority to bring your whole family out of poverty..this is a tragedy.

    ReplyDelete
  2. man nam hithena widiyata

    ubala prashne thiyanawata wada lokuwata dakinawa...
    rajara prashne thiyanawata wada aduwen dakinawa...

    but aththa thathwe me prashneth anith prashna tharama lokuth ne podith ne...(samahara wita prashnayak aththeth nethuwa athi)

    ReplyDelete
  3. ලංකාවේ නිදහස් අධ්‍යාපනයකට ගිය කලක් !!!
    විභාග අවුල් ප්‍රථිඵ්ල අවුල් !!
    ඊට පස්සේ අනාගත පරපුරම අවුලක් වේවි. පවු

    ReplyDelete
  4. @kashyapa1917 : ඇත්ත.තවම ප්‍රශ්නෙ ඉවර නෑ.කට්ටිය පුද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් අරන් එන එක තර්කයක් වෙන්නෙ පුද්ගලික පාසල් දැම්මට රජයේ ඒවට ප්‍රශ්නයක් උනේ නෑ කියන එක.නමුත් රජයේ පාසල් රැකුනෙ රජයේ විශ්වවිද්‍යාල නිසා.රජයේ විශ්වවිද්‍යාලවලට කෙළෙව්වට පස්සෙ දැනටම වැහීගෙන යන ඉස්කෝල ටික බොහොම වේගෙන් වැහිලා යයි.

    @chaveen sanka : ලොකුම ප්‍රශ්නෙ උඹලා වගේ ප්‍රශ්නයක් ප්‍රශ්නයක් විදිහට නොදකින උදාසීන් විදිහට හිතන තමංගෙ ගෙට පැනලා ගෑනිව උස්සගෙන ගියත් 'කමක් නෑ උගෙ පැත්තෙන් සාධාරණයිනෙ' කියලා හිතලා ලොකු ලොකු උන්ට ඕනෙ විදිහකට නතන්න දීලා කට වහං ඉන්න උන් ඉන්න එක.අනිත් එක මචං උඹ පිට රටක ඉඳගෙන අරුන් පෙන්නන සුරංගනා ලෝකෙ මෙහෙ තියෙන්වා කියලා හිතාගෙන දැන හෝ නොදැන උන්ට කඩේ යන එකත් ලොකු අවුලක්.අධ්‍යාපනය නිදහස් කරපු වෙලාවෙ මාර්ටින් වික්‍රමසිංහ කිව්වා 'බමුණු කුළය බිඳ වැටුණා' කියලා.දැං අරුං ආයෙත් ඒ බමුණු කුළය හදන්න හදද්දි ඒ බමුණු කුළේට රිංගනවා තියා ලඟින්වත් යන්න බැරි උඹලා ඒකට කඩේ යන එක හරිම අප්‍රසන්න සහ අමනොඥ වැඩක් කියලා හිතෙන්නෙ නැද්ද?

    @මධුරංග : අනිවා.විභාග ලොක්කා ලෑස්තිවෙන්නෙත් පුද්ගලික විශ්වවිද්‍යාලයක් දාන්නලුනෙ.රටේම විභාගවලට කෙළවපුවාම කොච්චර වාසිද උන්ට.(මම නෙමෙයි කියන්නෙ.පියසිරි විජේනායක තමයි කියන්නෙ )

    ReplyDelete
  5. poddak udin balapan dinuka...uba issara wage nidahas kaamee ne..dan loku box athule inna hadanne...man kiyanne siddi walata honda naraka aadesha karanna epa..ethakotai prashna athi wenne..man kade yanne ne...man dakinne ghattanayak witharai ubai rajayai athare..oya siddiyai, gattanai serama ekathu wela future eka hedewi..ae future eke hondak wath narakak wath ne..lv u loads

    ReplyDelete
  6. oya kiwwata math bias wena dewal thiyanwa (not on this but may be when the geni is taken by some other person)...ae math umba wagema raamuwakata kotu wela inna nisa.

    ReplyDelete
  7. @chaveen sanka : උඹ ඔය කියන රාමුවෙන් වියුක්ත වෙලා ජීවත් වෙන්න මිනිස්සුන්ට බෑ.පළවෙනි ප්‍රශ්නෙ ඒක.අනික මම දැන් නිදහස්කාමී නැතුව ඇති, ඒත් මම ආත්මර්ථකාමී නෑ.මගේ අධ්‍යාපනයේ අවසානයට මම කිට්ටු වෙලා ඉන්නෙ.දැං රටේ මොන පෙරලියක් උනත් මට ප්‍රශ්නයක් නෑ.ඒත් මම කැමතියි මම වගේම වියදං කරන්න ආර්ථිකයක් නැති පවුල්වල කොල්ලො කෙල්ලොත් ඉගෙනගෙන තැනකට එනවට.

    රජය සහ මම අතර ගැටීමක් තියෙනවනං තියෙන්නෙ මම ජීවත් විය යුතු විදිහ තීරණය කරන්නෙ මැරයො ටිකක්, නාට්‍යවල අඬලා රට්ටු රවට්ටලා ආපු ගොං ගෑනු ටිකක් වගේම බල ලෝභී තමංගෙ වැඩක් වෙනුවෙන් රටකම මිනිස්සුන්ට කෙළ උනාට කමක් නෑ කියලා හිතන මිනිස්සු ටිකක් වීම නිසා.

    තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ තියෙන එකානෙ මචං.ඒක හින්දා පිටරටක ඉඳං බොරු කයි නොදී ඇවිත් ටික දවසක් ඉඳලා බලපං.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...