06 January 2015

ෆුල් ආතල්




2015ත් ආවේය.මහින්ද මාමා වගේම මෛත්‍රී මාමාත් අළුත් අවුරුද්දට සුභ පතලා තිබ්බේය.2015 ගණින්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමයටය.ඒ කියන්නේ ජේසුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්දේ ඉඳං ය.උන්නාන්සේ ඉපදිච්ච අවුරුද්දේ ඉඳං ගණං හැදුවාට උන්නාන්සේගේ උපන් දිනේ තියෙන්නේ ඒ අවුරුද්දේ අන්තිම මාසේ ය.ඒ වගේ දේවල් මට තේරෙන්නේ නැත.ඒ හින්දා මම ඔය වගේ දේවල් සමරන්ඩ යන්නේ නැත.මම සැමරුවේ නැති උනාට සමරන ඈයින්ට මොනවත් කියන්ඩ යන්නේ නැත.ඒක ඒ අයගේ අයිතිවාසිකමය.ඒ නිසා ඔබ සැමට සුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවාය.හැබැයි කිරියෙන් පැණියෙන් ඉතිරෙන්ඩ කියන්නේ නැත.මොකද කිරි පැණි කන උං අපේ රටේ අඩුයි ය.නොමිලේ පැට්‍රොල් ඩීසල් ලැබේවා කියලා වගේම නොමිලේ වයිපයි ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවාය.

බ්ලොග් ලියන්ඩ එපා වෙලා තිබ්බේ මේ ඡන්ද කෙරුවාව හින්දාය.හැමෝම කතා කරන්නේ ඒ ගැනය.බ්ලොග්වල තියෙන්නේ ද ඒ ගැනය.පත්තරවල තියෙන්නේ ද ඒ ගැනය.ටීවී එකේ රේඩියෝ එකේ, ෆේස්බුක්, ට්විටර් හැම මගුලම ජනාධිපතිවරණය ගැනය.ඒ හින්දා මමත් ඒ ගැන ඇර වෙන මගුලක් දන්නේ නැත.ලියන්ඩ හිතිච්ච දේවල් කීපයක් තිබුණත් හැමෝම පට්ට ගහන මාතෘකා ගැන මාත් බොරුවට ලියන එකේ තේරුමක් නැති හින්දා මම නිකං හිටියෙමි.

මම නිකං ඉන්න එකේ මේ දවස්වල දැකපු ජිල්මාට් ටිකක් ගැන පොඩ්ඩක් කියන්ඩයි හිතුවේ.මේවා මම හිතන විදිහට සිද්ද නොවෙච්ච දේවල් වෙන්ඩ පුළුවං.ඒ උනාට නිකං එහෙම උනාමයි කියලා තමයි මට හිතෙන්නේ.

පළමුවන සිදුවීම.

අර තරුණ දේශපාලන ගැටයෙක් මෛත්‍රී පැත්තට ඇවිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි මහින්ද මාමි හරි හොඳයි එයැයිව දාලා යන්ඩ බෑ කියලා ආපහු ගිය සීන් එක කවුරුත් දන්නවා ඇති නෙව.ඒ ගැටයා සීන් එක ඇදපු වෙලාවේ මෛත්‍රී පාර්ශවේ කස්ටිය කොච්චර මෛත්‍රියෙන් හිටියද කිව්වොත් මට පුදුමත් හිතුනා.පහුවදාම ඒ ගැටයට කතාව කරන විදිහ කියලා දෙන වීඩියෝ එක රෙලීස් උනාම මට නං හිතුනේ මේක මෛත්‍රී කට්ටියගේ ප්ලෑනක් කියලමයි.ඒක එහෙම මෛත්‍රීලගේ ප්ලෑනක් නං හොඳට පැලෑන වැඩ කළා මම හිතන්නේ.

දෙවන සිදුවීම

මේ පාඨලී ලොක්කා මහින්ද මාමි ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්තයාව බදාගෙන ඉන්න සීන් එක ගැන කිව්ව එකය.ඒක පොටෝෂොප් කරලා පාඨලී ලොක්කට ලැබෙන්ඩ සැළැස්සුවේ මහින්ද පාර්ශවේ ඇත්තො කියල තමා මට හිතුනේ.ඔය සීන් ගැන පොඩි තියරි එකක් මම අහලා තියෙනවා.කවුරු හරි ඔබට විරුද්ධව චෝදනා දහයක් කළොත් ඔක්කොම බොරුයි කියලා පෙන්නන්ඩ උත්සාහ කරනවට වඩා එයින් එකක් පට්ට බොරුවක් කියලා ඔප්පු කළොත් අරූ ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා අර චෝදනා ඔක්කොම නිකංම දිය වෙලා යනවා.කොහොම හරි පාඨලී ලොක්කා ලණුව කෑවා.මොකද ඔහොම මාට්ටු වෙන්ඩ ඉඩ තියෙන බව දැන දැන පොටෝ එකක් එඩිට් කරලා මාධ්‍ය සාකච්ඡා තියන්ඩ තරං පාඨලී ලොක්කා මෝඩ නෑ කියලා තමා මම නං හිතන්නේ.හැබැයි කවුරු හරි දීපු පොටෝ එකක් කිසිම වග විභාගයක් නැතුව පෙන්නන්ඩ තරං නං උන්දෑ මෝඩයි කියලා තමා මට හිතෙන්නේ.

මාස්ටර් පැලෑන් විදිහට මම දැක්කේ ඒ දෙක තමයි.අනිත් ඔක්කොම නිකං දෙකයි පණහේ මෝඩ චූන්.

රාජ්‍ය මාධ්‍ය වැටිච්ච අන්තිම පහත් තත්ත්වය ගැනත් පොඩ්ඩක් නොකිව්වොත් හරි නැහැ නෙව.මාධ්‍යවල රාජකාරිය තමයි තොරතුරු වාර්ථා කිරීම.එහෙම නැතුව ඔවුන්ගේ මතය ප්‍රකාශ කරන්ඩ මාධ්‍ය ආයතන තියෙන්ඩ ඕනේ නෑ.ඉස්සර පොඩ්ඩක් හරි සදාචාරයක් තිබ්බා "රනිල් වික්‍රමසිංහ රට පාවා දුන් බව ජනතාව කියයි" කියලා වත් කියන්ඩ.දැං එහෙම නෑ.කෙළිංම කියනවා "කළගුණ නොදත් සිරිසේන බෙදුම්වාදීන් සමඟ එක්වේ." කියලා.හිරිකිතයි ඕයි!!!

ඒ අස්සේ මෝඩ ගොං පාට් ටිකකුත් දැක්කා.

සිරසේ සටන වැඩසටහන ආයෙත් බ්ලොක් කරලා තිබ්බනේ.ඒ වෙලාවේ චන්දන සූරියබණ්ඩාර මහත්තයා කියනවා සිරස ටීවී එක පේන්නේ නැත්තං සිරස එෆ් එම් එක දාගන්ඩ බොරුවට කෝල් කරන්ඩ එපා කියලා.ඇයි යකෝ ඒ මිනිස්සුන්ට චැනල් එක පේන්නෙ නැත්තං කොහොමද ඒ කියන පණිවිඩේ පේන්නේ.සිරස බ්ලොක් කරලා කියන එක රටේ ලෝකේ මිනිස්සුන්ට කියන්ඩ ඕනේ තමයි.මිනිස්සුන්ට ඒ චැනල් එක පේන්නැති උනාම සිරසට කෝල් කරනවා කියලත් කිව්වට කමක් නෑ.ඒ උනාට ඒ ප්‍රාකශය මුග්ධයි නේද මහත්තයෝ.

ආතල්ම සීන් එක උනේ නිදහස් ගුරු සේවක සංගමය මාරන්තික උපවාසයක් පටං අරගත්තු එකය.ඒ සිරිසේන ලොක්කා අධ්‍යාපනය විකුණන බව ප්‍රතිපත්ති ප්‍රකාශෙට දාලා තියෙන එක අයින් කරන්ඩ කියලා ය.මේ ආණ්ඩුව SAITM එකේ වෛද්‍ය උපාධිය විකුණන්ඩ ඉඩ දෙද්දි, පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන එක මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියලා උසස් අධ්‍යාපන ඇමති කියද්දි කොහෙටද වෙලා දොයියං හිටපු මේ සැට් එක එක පාරටම චූන් වෙලා තියෙන එක මාර ආතල් ය. සුවාධීන රූපවාහිනිය මාධ්‍ය ආවරණය දෙනවාය.හාමුදුරු සැට් එකක් පිරිත් නූල් බඳිනවාය.කට්ටිය අඬනවාය.එක කෙළියයි ය. මේකේ ආතල් සීන් එක වෙන්නේ මෛත්‍රී දිනන්නේ නැතැයි ආණ්ඩුව සහ සුවාධීන රූපවාහිනිය සුවර් කර කියා තිබීමය.එයිටත් වඩා චන්ද්‍රසිරියා වෙඩි තියාගන්නවා කිව්වේය.තව එකෙක් ගිණි තියා ගන්නවා කිව්වා ද මතකය.සුමනදාසයා මහින්ද දිනනවා කියා කිව්ව වැඩ සටහන තුන් පාරක් සුවාධීනේ යනවාද දැක්කෙමි.එච්චරට මහින්ද දිනන එක සුවර් නං අහවල් එකකට ද මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ වෙනස් කරන්ඩ වලි කන්නේ?

අදට ඇතිය. මෙය මුදල් නොගෙවා නොමිලේ ප්‍රචාරය කරන ලද්දකි.

ඔබ සැමට මෛත්‍රී පාලනයක්, සුභ අනාගතයක්!!!



15 comments:

  1. ඇත්තටම බන් ඡන්දෙන් පස්සේ මුන් දෙන්නා පල්ලැහැ පින්තූරේ වගේ වෙලා අපිටම කෙළියි ද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. අනිවා මචං එහෙම වෙන්ඩ ලොකු චෑන්ස් එකක් තියෙනවා.චන්ද්‍රිකයි රනිලුයි එදා කොහොමද අද කොහොමද?

      Delete
  2. අර පින්තුරේ වගේ එකක් චන්දෙන් පස්සේ ගත්තොත් වටේ ඉන්න සැට් එකට දෙවි පිහිටයිය .

    ReplyDelete
    Replies
    1. උං කොහොමත් එහෙම තමයි බං.මොකෝ මේ රටේ අනිත් හරක් වගේ උං පාර්ලිමේන්තු කැන්ටිමේදි තේ එකෙං බත් එකෙං ගහ ගන්නවා අපි අහලවත් තියෙනවද?

      Delete
  3. සුපිරි පින්තුරෙ දිනුක.

    ReplyDelete
    Replies
    1. කොයි පින්තූරෙද හැලපයියේ? යට පින්තූරේ නේද?

      Delete
  4. දොස්තර මහත්තයාට ඇපොයින්මන්ට් ලැබුනද? යාළුවෙක් හරහා එවු මංහල සුභ පැතුම් ලැබුනා යයි සිතමි.

    දේශපාලනය ගැන කියවන බොහෝ අය මෙන්න මේ වගේ ඇනලයිස් කරලා හෙම ලියනවා නම් කොයිතරම් හොඳද?

    ReplyDelete
    Replies
    1. මොන ඇපොයින්ට්මන්ට් ද අප්පා.එග්සෑම් එක ඇන ගත්තා නොවැ.දැං ඉතිං තව මාස හයකිං තමා ඇපොයින්ට්මන්ට් හම්බ වෙන්නේ.සුභ්පැතුම් එව්වද ඈ? හම්බ උනේ නම් නෑ.ඒත් බොහොම ඉස්තූතියි ඈ.

      Delete
  5. ඒක නෙවෙයි. කොහාටද පත්වීම ලැබුණේ? අපේ දුව හෝමාගම.

    ReplyDelete
    Replies
    1. පත්වීම් තාම නෑ විචාරක මහත්තයෝ.තාම රජරට කැම්පස් එකේ වැඩ.ඔබතුමාගේ දුව එග්සෑම් හොඳට කළා නොවැ.

      Delete
  6. හොද හොද සෙල්ලම් 9වෙනිදට තමයි..

    ReplyDelete
  7. හුකැස්
    මරුම මරු සීන් කෝන් එක අප්ප

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...