08 March 2014

ලෝක කාන්තා දිනය සමරමු..



කාන්තා දිනයට ඊයේ යමක් ලියන්ඩ හිතාගෙන හිටියත් කම්මැලි හිතිච්ච නිසා එය ලෝක කාන්තා දිනයේදීම ලියා පල කිරීමට සිදු විය.ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ කාන්තාවන්ගේ නිදහස, ආරක්ශාව, ස්වාධීනත්වය, ස්වෛරීත්වය, ප්‍රජාචංචවාදය, උන්නතිකාමය, උංට වාසි වෙලාවට සමතැනත්, උන්ට කෙළ වෙන විට නිසි තැනත් ඉල්ලා කාන්තාවෝ හඬ නඟති.මේ සියළු අයිතිවාසිකම් ඔවුන් ඉල්ලා සිටින්නේ කපුටන්, අශ්වයන්, ඌරන් සහ එළුවන්ගෙන් නොව ගෑනුංගේ ගර්හාවට, අවඥාවට, නින්දාවට ලක්වන උංගෙන් සෑම විටම බැණුම් අසන සමහර විට ගුටිද කන පිරිමියා කියන අසරණ සත්වයාගෙනි.



අතීත රෝමකයින් ඔවුන්ගේ ජීවිත කුසීතව ඔද්දල්ව නොයනු පිනිස ඔවුන්ගේ නගර මධ්‍යයේ විශාල 'ඇරීනා' නිර්මාණය කොට සිරකරුවන් වහලුන් ඒවායේ කාකොටා ගන්නට දමා එකී ගහ මරා ගැනීම් බලා සන්තෝස වන්නට පුරුදුව සිටියෝය.දෙවියන් වහන්සේත් ආරම්භයේ පටන් කරන්නට වැඩක් නොමැතිව කම්මැලි කමේ ඉඳ අවසානයේ ලෝකය නම් මහා ඇරීනාව නිර්මාණය කොට එහි පිරිමියාත් ගැහැනියත් මවා උං කාකොටා ගන්නවා බලා කොහේ හෝ ඉඳ ආතල් ගන්නවා වෙන්නට පුලුවන.නැත්තං උන්දෑට පිරිමියා පමණක් මවා නිකා ඉන්නට තිබුණේය.ද්වීඛණ්ඩනයෙන්, අංකුර මඟින්, ධාවක මඟින්, කඩ කඩ වීමෙන් හෝ බල්බිල මඟින් සිය ප්‍රජාව බෝ කිරීමේ ක්‍රමයක් හදා දෙන්නට තිබුණි.නමුත් එවන් වූ සාර්ථක සාමකාමී ක්‍රමවේදයෙන් බැහැරව දෙවියන් වහන්සේ මෙතරම් සංකීර්ණ වූ ක්‍රමයක් නිර්මාණය කර ඇත්තේ හුදෙක් විනෝදය පිණිසම නොවේද?ගෙදරක ගෑනිත් මිනිහාත් මරාගන්නා විට වටේ ගෙවල්වල උන්ට එය කොච්චර ආතල් එකක් සපයන්නේද?



විවේකී ඉරිදා දව්ස්සේ ක්‍රිකට් තරගය බැලීමට හෝ චිත්‍රපටියක් බැලීමට හෝ පත්තරය පොඩ්ඩක් බලමින් නිදහසේ ගෙදරට වී ඉන්නට හදන විට ඔබේ බිරිඳ තේ එකක්ද හදාගෙන ඔබ වෙත එයි.

'ඉක්මනට මේක බීලා ලෑස්ති වෙන්ඩ.දවල් උනොත් මේ ගිනි රස්නේ පිස්සු හැදෙයි'

'කොහේ යන්ඩද?'

'ඔව් ඉතිං ඔයාට කවද්ද මගෙ දෙයක් මතක තිබ්බේ'

විසාල කුණාටුවක පෙර නිමිති හමුවේ ඔබ මේ කියන්නේ මොකක් ගැනදැයි පසුව සොයා ගැනීමේ අභිප්‍රායෙන් බොරුවක් කියන්නේය.

'ඇයි මට මතක නැත්තේ, මට මේ නිවුස් එක බල බල හිටපු හින්දා මතක් උනේ නැත්තේ.'

'අනේ යන්ඩ නිකං බොරුව නොදා.මං ඔයාට ගිය මාසේ කිව්වේ මට සාරියක් ගන්ඩ ඕනේ කියලා.මම ඊයේ රෑ කිව්වම හා කියපු ඔයාට දැං ඒක මතක නෑ.'

සතියකට පසු නිවාඩු දිනයක් ලැබ ළමයින්ද නින්දට ගොස් සිටි නිශා යාමයේ ඇය කියූ හැම දෙයටම සැළකිල්ලක් නොදක්වා 'හා' කියූ බව ඔබට සිහියට එන්නේ ඒ වෙලාවේය.

'හරි ඉතිං සාරි තෝරන්ඩ මට තේරෙණවද? ඔයා එහා ගෙදර චම්පත් එක්ක ගිහිං එන්ඩකෝ.'

'ඔව් මට ඉතිං එක එකා එක්ක තමයි යන්ඩ වෙලා තියෙන්නේ.මිනිහෙක් බැඳ ගත්තට වැඩක් තියෙනවයෑ.අන්න ඒකට කාන්තිගෙ හස්බන්ඩ්.කාන්තිගේ හැම වැඩකටම යන්නේ එන්නේ එයා.'

කාන්තිගේ සැමියා පිළිබඳ ඔබ තුල මහා ද්වේශයක් ගොඩ නැගෙන්නට පටන් ගනී.ගෑනුන්ට වැරදි පූර්වාදර්ශ දී අසරණ සැමියන් අපහසුතාවට පත් කරන උගේ වෘෂණ දෙක තලා බෙල්ල විකා මරා දැමීමට ඔබට සිතෙයි.සතියකට පෙර කාන්තිගේ සැමියා ගෑනු පෙරේතයෙක් බවත් ගෑනු දිහා කන්ඩ වගේ බලන බවත් බලෙන් කතාවට එන බවත් කියා ඔබත් එක්කම කියමින් බැන්නේ ඇය බව ඔබේ බිරිඳටත් මේ වෙලාවේ මතක නැත.

මේ මළ වදෙන් බේරෙන්නට වෙන කරන්නට දෙයක් නැති තැන ඔබ තේ එක උගුරු දෙකට බී ඉක්මනින් ඇඳ ගන්නට යයි.



සාරි තේරිල්ල ලේසි නැත.පාට හරියන විට රෙද්ද හරි නැත.රෙද්ද හරියන විට බෝඩරය හරි නැත.ඒ ඔක්කොම හරියන විට ඇය එම සාරිය අඳින විට එයට ගැලපෙන්නට ඔබට ඇඳුමක් නැත.ඔක්කෝම හරියන විට ගාන වැඩිය.ඒ කඩෙන් මේ කඩේට ගොස් ඔබට එපා වෙන්නේය.

'මේ සාරිය කොහොමද?' ඔබේ බිරිඳ ඔබේ ඇස් ඉදිරියේ එක්දහස් දෙසිය හත්වන සාරියද දිග ඇර පෙන්වයි.

'අනේ මංදා.' ඔබ අවංක අදහස කියන්නේය.

'ඔයාට මේක ලස්සනද කැතද කියලා කියන්ඩ බැරිද?එහෙම එකක්වත් කරන්ඩ බැරිනං මොකටද ඔයා ආවේ? අපරාදේ මට එන්ඩ තිබ්බේ චම්පත් එක්ක.'

කඩේ සෙනඟ ඉන්න නිසා ඔබ මුවින් නොබැන පසෙකට වී ඉඳී.

'මේක කොහොමද?' එක්දහස් දෙසිය අටවන සාරියද ඔබේ ඇස් ඉදිරියේ දිග ඇරේ.

'කැතයි' ඔබ වඩා සාධාරණ පිළිතුරක් දෙන්නේය.

'ඔයාට ඉතිං මම දෙයක් තේරුවොත් කැතයි නේ.පිරිමිනං අනේ මන්දා ඒ අයට ඉතිං ලස්සන වාහනයි, අනුංගේ ගෑනුයිනේ.'

ඔබ නැවතත් කරබා ගනී.සාරි කඩේ වෙළඳ මහතා ඔබ කෙරේ දයානුකම්පාවෙන් බලා හිඳී.වටපිට බලන ඔබ සුන්දර සාරියක් දකී.එය හැඳ සිටින ඔබේ බිරිඳ ඔබට මැවී පෙනේ.

'මේ සාරිය ලස්සනයි නේද?' ඔබ හිතට එඩිය ගෙන බිරිඳට යෝජනා කරයි.

'අපෝ මහ ගොඩේ ෆැෂන් තමා ඔයාටත් ලස්සන.මේක මහ පරණ පැට්න් එකක්නේ.'

'තමුසේ ගන්න ලබ්බක් අරගෙන බස් එකේ ගෙදර එනවා..' ක්‍රෙඩිට් කාඩ් එක ඇයට දෙන ඔබ කඩේකින් කෑම එකක්ද රැගෙන ගෙදර එන්නේ ඇය උයන්නේ නැති බව සක් සුදක් සේ දන්නා නිසාය.

ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ කාන්තාවන්ගෙන් තොර ලෝකයක් ගැන මදක් සිතා බලමු.

ඔබ කොළඹ ඇවිද ඇත්නම් එහි කොපමණ වෙළඳ සැල් කන්දරාවක් ඇත්දැයි දන්නවා ඇත.ගැහැනුන් නැති ලෝකයක මේ විච්චූරණ, තොරොම්බල් සිළිං බිලිං කඩ සියල්ල වැසී යනු ඇත.මුළු කොළඹම ඇඳුම් කඩ එකක් දෙකක්, බාර් තුන හතරක්,ඉලෙක්ට්‍රොනික් උපාංග කඩ කිහිපයක් සහ ෆිල්ම් හෝල් දෙක තුනක් ඇරෙන්නට අනිත් සියල්ල වැසී යනු ඇත.බොන උන් බහුතරය බොන්නේ ගෙදර ප්‍රශ්න ඇතිනිසා යැයි කියන නිසා බොන උන්ට බොන්ඩ හේතුවක්ද නැති වී යනු ඇත.ඒ හේතු කොටගෙන බාර් කීපයද කෙටි කලකින්ම වැසී යනු ඇත.

රෙදි කඩවලද අනං මනං මෝස්තර විකුණන එක නැවතී යනු ඇත.පිරිමින් විලාසිතා කිරීමට පොළඹවන්නේ ගැහැනුන් නිසා සරං, කොට කලිසම්, සහ ටී ෂර්ට් ඇර අනිත් ඇඳුම් අභාවයට යනු ඇත.පිරිමින්ව මුදල් සෙවීමට පොළඹවන්නට කෙනෙක් නොමැති වීම නිසා සමාජය අවශ්‍ය දෑ පමණක් ලබා ගැනීමට පමණක් වෙහෙස වෙන සාමකාමී, තෘෂ්ණාවෙන් තොර, විනෝදශීලී, සංග්‍රහශීලී තැනක් වනු ඇත.'අරූ ආශ්‍රය කරන්ඩ එපා, මූ ආශ්‍රය කරන්ඩ එපා' යැයි නීති දැමීමට කෙනෙක් නොමැති නිසා ලෝකය මිත්‍රශීලී, සුහදශීලී තැනක් වනු ඇත.'ඔයා මට කොච්චර ආදරේද?' වගේ ගොන් ප්‍රශ්න අහන්නට කවුරුත් නොමැති නිසා සමාජය සාරගර්භ මාතෘකා කතිකා කරන දාර්ශනික තැනක් වනු ඇත.

ඒ ඔක්කෝටමත් වඩා ගැහැනිය නොමැති වූවානම් පිරිමියා ගොනාට අන්දවන්ඩ සර්පයාට හැකිවන්නේ නැත.එහෙම උනානම් අපි තාමත් පාරාදීසයේය.අනික ඉළ ඇටයක්ද වැඩිපුර තියෙනවාය.




ඒ සුන්දර සිහින ලෝකයෙන් මිදී අපි නැවතත් යතාර්ථවාදී ලෝකයේ ලෝක කාන්තා දිනය සමරන්නට එක් වෙමු.කාන්තා විමුක්තිය වෙනුවෙන් සටන් කරමු!!!




40 comments:

  1. "ද්වීඛණ්ඩනයෙන්, අංකුර මඟින්, ධාවක මඟින්, කඩ කඩ වීමෙන් හෝ බල්බිල මඟින් " ඇයි හත් ඉලව්වේ තියෙන ඒවාට ඔය කියන විදහට කෙල වුනොත් හදිස්සියකට ....... නෑ එක්කෝ ඕනේ නෑ ...ඇත්තට ඕයි ගෑනු නැති ලෝකයක් මොනවගේ තියෙයිද කියලා මම මේ හිතන්ඩ උත්සාහ කරනවා..අඩු ගානේ කලිසමක්වත් ඕනේ නෑනේ..../

    ReplyDelete
    Replies
    1. ගෑනු නැතිය කියලා එහෙම නිරුවතිං ඉන්ඩ බෑ.සමරිසි උනුත් ඉන්නවා නොවැ...

      Delete
  2. පට්ටම පට්ට නිර්මාණශීලී ලිපියක්. සාමාන්‍යයෙන් දිනුකගෙ හැම ලිපියක්ම නිර්මාණශීලියි.මේ ලිපිය හරිම රසවත්. දැන් නම් කොහොමත් එහෙම ලෝකයක් උදාවෙයි.ස්ත්‍රීවාදය නිසා කොහොමත් ගෑණු නැතිවෙනවානෙ.ගෑණු පිරිමින් බවට පත් කරන්න අන්තවාදීන් උත්සාහ කරනවානෙ.

    ReplyDelete
    Replies
    1. උඹට මේක පට්ට නිර්මාණශීලී උනාට මටනම් ගන්න දෙයක් ඇත්තේ නෑ.

      Delete
    2. ඉස්තූතියි යකා.ගැහැනිය ගැහැනියක් වෙන්නේ කෙසේද යන්න අධ්‍යයනය කරන්ඩැ ඕනේ කියලා හිතුනා

      Delete
  3. හැමවෙලේම ගහගන්න කැත්තට පොල්ල වගේ ඉන්න එක සමාර කපල් වල පොදු ලක්ෂනයක්. ඔවුන් සෑමවිටම එකිනෙකා හා තරහ වන්නටම බලා ගෙන සිටී. ඔවුන්ගේ බොහෝ කතාබහ මෙසේ තරහ වීම සහ වෙන්වීම මත රදාපවතිනු මා දැක ඇත.

    ReplyDelete
    Replies
    1. එතන වැරදි කාන්තා පාර්ශවයේද පුරුෂ පාර්ශවයේද කියලත් කියන්න පුලුවන්ද. මොකද ගොඩක් පවුල් ආරවුල් වලදී කාන්තාවන්ට වරද පටවන එක අධිපතිවාදී උමතු පිරිමින්ගේ ලක්ෂණයක්.

      Delete
    2. මායි පවුලයිත් වලිම තමා.හැබැයි ඉතිං ටක් ගාලා ශේප් වෙනවා.

      @වනිතා හඬ : එතනදි වැරදි කවුද කියන එක තීරණය වෙන්නේ කවුද වැරැද්ද කළේ කියන එක මත මිසක් ගැහැනියද පිරිමියාද කියන එක මත නෙමෙයි.අමිල එහෙම ගැහැනිය වැරදියි කියලා මේ කොමෙන්ට් එකේ කියලා නෑ නේද?

      Delete
  4. කොමෙන්ටුවක් දාන්නත් හිතයි....... නෝනා දකියිද දන්නේ නෑ .........

    ReplyDelete
    Replies
    1. බලන්ඩකෝ ඉතිං පුරුෂාධිපත්‍යයේ තරම..හොඃ හොඃ

      Delete
  5. ඒ උනාට එහෙම කියන එක හරි නනෙ ඔයටත් කෙල්ලෙක් ඉන්නවනෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ මෙච්චර අත්දැකීම්, නැද්ද මං කියන්නේ??

      Delete
  6. අද දවසේ කියවපු ලිපි වලින් රසවත්ම ලිපිය...
    මේ වගේ කතා විවිධ ස්වරූප වලින් අහලා/කියවලා තියෙනවා. හැබැයි, මේ ලිපිය ගැන නං මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ ,පට්ට ක්‍රියේටිව්... !

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් මචං...උඹටත් නැතෑ මෙහෙම අද්දැකීම් නේ??

      Delete
  7. ඔයාගේ අනාගත ප්‍රතිපත්තිය හැටියට මෙය දිගටම තියාගත්තොත් ඔයා ලොක්කෙක්.

    ReplyDelete
    Replies
    1. මහා අධිරාජ සීසර්ටත් බැරිවෙච්ච එකේ මම කොහොමද එහෙම කොරන්නේ??

      Delete
  8. කාන්තා දිනය වෙනුවෙන් ලියැවුණු හොඳම ලිපිය. වර්ෂයේ කාන්තා සම්මානය මෙවර හිමිවන්නේ දිනුකට. :D

    ReplyDelete
    Replies
    1. අන්න පිරිමින්ගේ දුක තේරෙන ගැහැනු...

      Delete
  9. මමත් කාන්තාවන්ට මාරම ආදරෙයි.. ඒ වගේම මේ ළිපියටත් මාර ආදරෙයි...

    ReplyDelete
    Replies
    1. ෂේප් න්‍යාය.කොහොමත් බැන්දට පස්සේ ෂේප් න්‍යායෙන් සිටීම අධි රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය වැනි රෝග තත්ත්වවලින් ඔබ ආරක්ෂා කරයි..

      Delete
  10. මුලින්ම ලිපිය කියවන්න උනන්දුවක් ඇතිඋනත් කුයෙවුවට පස්සේ තමයි දැනගත්තේ මේකත් සම්ප්‍රදායික කාන්තාවන් වෙනුවෙන්ම පිරිමියෙකු විසින් පුරුෂාධිපත්‍ය මත පිහිටලා ලියපු එකක් කියලා. මේකත් වැඩකට නෑ. මේ කිසිම කෙනෙක් පුරුෂාධිපත්‍යට අභියෝග කරන නූතන යුගයේ කාන්තාවන් දිරිගන්වන ලෙස කතා කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. විහිළුවක් කළාම හිනාවෙලා ඉන්නැතුව බොරුවට උඩ පැනලා කෑගහන එකත් පිරිමින්ව ගෑනුංගෙං දුරස් කරන එක වැදගත් සාධකයක්

      Delete
  11. ලිපිය නම් නිර්මාණශීලී යි. එත් මට කියන්න තියෙන්නේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. දෙයක හොඳ හෝ නරක තීරණය වෙන්නේ ඒ දේ දකින කෙනාට සාපේක්ෂවයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.මේක මිනිසෙක් සහ ගැහැනියක් අතර අන්තර් සම්බන්ධයේ එක් අංශුමාත්‍ර සිදුවීමක් විතරයි.මේකෙන් පිරිමියාවවත් ගැහැනියවවත් මැණීම නොකළ යුතුයි

      Delete
  12. ලිපිය නිර්මානශීලීව නව ආරයකට ලියවිලා තියෙන නිසා දිගටම කියවන්න හිතුනා. මේකෙන් පෙන්වලාදීපු කාරනේ ගැන මමත් එකඟ වෙනව. ලිංගිකත්වය කියන්නේ ගෑනුන්ටයි පිනිස්සුන්ටයි ඇනකොටාගන්න ලෝකේ නිර්මාණය වෙච්ච දෙයක් නෙවෙයි. නමුත් බටහිර කාන්තා විමුක්තිවාදයට අනුවනම් කාන්තාව සදහටම පුරුෂයා සමග බද්ධ වෛරයෙන් සටන් කරමින් සිටියයුතුයි.

    ReplyDelete
    Replies
    1. කාන්තා අරගලය ලංකාවේ අළුත්ම සීන් එකද? ෆේස් බුක් නැති හින්දා මොකක්වත් හරියට අප්ඩේට් වෙන්නේ නෑ

      Delete
  13. දැන් ඔය බොහෝ දවස් වගෙ කාන්තා දිනයත් කොමර්ශල් ප්‍රපෝස් වෙනුවෙන්ම වෙන් වෙලා වගේ. කාන්තාවට ගරු කරන එකට එහා ගිහින් තියෙන්නේ අර වෙළඳ භාන්ඩ විකුනා ගැනීමක් කියලයි මට නම් හිතෙන්නේ.
    මම නම් කාන්තාවක් වුනත් අමුතු නිදහසක් හොයන කෙනෙක් නෙමෙයි. මගේ නිදහස මමම හොයාගන්න උත්සාහ කරන හින්දා. (ඒත් දකින දකින තැන කාන්තාවන්ට වෙන අසාධාරණ නම් දකිද්දි ඉන්නේ දහයකට ගහන්න වගේ.) තවදුරටත් කාන්තාවන් පිරිමින්ගේ හිංසනයට ලක්වෙනවා කියලා පිළිගන්නත් මම නම් කැමති නෑ. එහෙම වෙන අවස්ථා තියෙනවා නමුත් සීමිතයි. දැන් ගැහැණුද පිරිමිද කියල වෙනම අසාධාරණ කම් වලට ලක් වෙන්නේ නෑ නේද. හැමෝටම එක වගෙයි කියලයි මට හිතෙන්නේ.
    ඒත් උදේ පාන්දරට මල් පොකුරක් ගෙනත් දෙන, එහෙම නැත්නම් අවංක ශුභ පැතුමක් ලැබෙන මේ දවස් මට මහ කරදරයකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. සාධාරණ දැක්මක්.අයිතිවාසිකම් ඉල්ලලා කෑ ගහ්න්නෙ මොකටද? ලබා ගත්තම ඉවරයිනෙව.

      Delete
  14. අපරාදේ නේද බං අර ඉල ඇටේ.. මේවට ඉතින් වැඩිය මුකුත් කියන්න යන්න හොද නෑ.. ශේප් න්‍යායෙන් ඉන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඒ ඉළ ඇටෙත් තිබ්බනං වකුගඩු දෙකටවත් අමතර ආරක්ෂාවක් හම්බ වෙන්ඩ තිබ්බා.මාතලන්ට කිව්ව එකම තමයි කියන්ඩ තියෙන්නේ.ෂේප් න්‍යාය ශරීර සෞඛ්‍යයට හිතකරයි.

      Delete
  15. සාරි තේරිල්ල නෙමේ... ගෑනු ඔය කොයික තෝරන්න ගියහමත් සෑහෙන වෙලාවක් ගන්නවා !

    ReplyDelete
    Replies
    1. වැඩිම වෙලාව ගන්නෙ කොල්ලො තොරන්ඩ ගියාම.උං හා කියන කොට කොල්ලට උංව එපා වෙලත් ඉවරයි.

      Delete
  16. පට්ටම ලිපියක්, කාලෙකට පස්සේ මෙහෙම එකක් කියෙවුවෙ. මේ ස්බ්ජෙට් එකටම අදාලව මමත් ලිපියක් දැම්මා ඒක ඉතින් සාමන්‍ය විදිහට තමයි දැම්මේ.

    ReplyDelete
    Replies
    1. කියෙව්වා කියෙව්වා.ගෑනු ගැන තව දුරටත් පොඩ්ඩක් විතර කතා කර්න්ඩ ඕනේ කියලා හිතුවා.

      Delete
  17. ෆට්ටෙටම ලියල තියෙනව වෙනද වගේම... හුගක් අයහුගක් දේ කියල හිංද මටත් ඒ වගේම දේ හිතෙන හිංද ආයෙම කියන්න යන්නෙ නෑ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අන්න අන්න ෂේප් න්‍යායම තමයි නේද?හොඃ හොඃ...

      Delete
  18. හැබැයි ඉතින් පාරාදීසේ තනියම ඉන්න ගියා ආදම්ටත් කාලයක් යද්දී එපා වෙයි නේද :P

    ReplyDelete
  19. ශා මේක එළුකිරි.

    ReplyDelete
  20. නියම ලිපිය දිනුක.සුපුරුදු විදියටම රසට ලියලා තියෙනවා. :)ඔව් ඉතින් ඔය වගේ දේවල් නොවෙනවා නෙවෙයි ඉතින් :D

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...