04 January 2014

කොන්ඩම් ප්‍රශ්නයක්....





ටිකක් කාර්ය බහුල වෙච්ච හන්දා බ්ලොග් එක බලන්ඩවත් බ්ලොග් කියවන්ඩවත් හම්බ උනේ නෑ.අපිත් දැං පරිණත වයසක මිනිස්සු වෙච්ච එකේ ශ්‍රම බලකායටත් එක්කාසු වෙන්ඩ කාලෙත් හරි.බලමුකෝ ඒවත් එන එන විදිහට ගහමු උළුවස්ස.බ්ලොග් එක නිකාං ඔහේ පාළු වෙලා යනවා දැක්කම මගේ පපුව හෝස් ගාලා ගියා.ඒ හින්දා පුංචි පහේ ගැටළුවක් දෙන්ඩ තීරණය කළා මගේ සහෘද පාඨක ජනතාවට.ඕං ඉස්සෙල්ලාම කියන්ඩ ඕනෑ මට ඇත්තටම මතක නෑ මම මේක බ්ලොගේ කළිං දැම්මද කියලා.මට හිතෙන්නේ දැම්මේ නෑ වගේ.ඒ වගේම මේක වෙන කොහෙවත් කවුරුවත් දාලා තියෙනවද කියලා දන්නෙත් නෑ.එහෙම දාලා තියේ නං මේ බුද්ධිමය දේපල කොල්ල කෑමක් නෙමෙයි නොදැනුවත් කම හින්දා වෙච්චි අහිංසක අත් වැරැද්දක් විදිහට සළකලා සමාව දෙන්ඩ ඕනේ හරිය!!

මේක මේ මතක් උනේ අපේ කාටවත් කඩේ නොයන පොලිස් මාජ්ජ ප්‍රකාශක ඇත්තා මේ ඊයෙ පෙරේදා කියලා තියෙනවනේ කොන්ඩම් ළඟ තියං ඉන්න එක නීතිය ඉදිරියේ වැරැද්දක් නෙමෙයි ය කියලා.උන්දැගෙ හිතේ අපි ඒක දන්නෑ කියලා.ඇයි බොලේ කඩේ විකුණන්ඩ තියෙන එක අවුලක් නැත්තං, කොන්ඩම් තියෙන්නේ මිනිස්සුන්ට අරං පාවිච්චි කරන්ඩ නං, ඒකක් ළඟ තියං ඉන්න එක වැරැද්දක් වෙන්ඩ ඇහැක්ද මං අහන්නේ?විකුණන එක අවුලක් නෑ හැබැයි ළඟ තියං ඉන්න එක අවුල් නං ඔය ෆාමසිවලයි ඔය සමහර සිල්ලර කඩවලයි පැත්තෙං පුංචියට මඩුවක් හරි කූඩාරමක් හරි ගහලා දෙන්ඩ ඕනෑ පාරිභෝගික ජනතාවට කොන්ඩම් එක ගත්තු ගමං පාවිච්චි කරලම ගෙදර යන්ඩ.

හරි ඒවයිං වැඩක් නෑ.දැං එමු අපි මොළේ කළඹවන ලොවෙත් ගැටළුව ගැන කතා කරන්ඩ.

හරියට අහගන්ඩ ඕනෑ හරිය!!

ඔන්න එක ස්ත්‍රී රත්නයක් ඉන්නවා ලිංගිකව සම්ප්‍රේශනය වෙන ලෙඩක් තියෙන.අපි කියමුකෝ ගොනෝරියාව කියලා.මේ ගෑනු මනුස්සයා එක්ක අහවල් වැඩේ හෙවත් රමණ සාජ්ජයක් දාන්ඩ සෙට් වෙනවා කොල්ලො තුන් දෙනෙක්.වැඩේ කියන්නේ මේ කොල්ලො තුන්දෙනාටත් ජාති තුනක ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග තුනක් තියෙනවා.අපි කියමු එක්කෙනෙක්ට තියෙනවා සිෆිලිස්, තවත් එකෙක්ට තියෙනවා HIV, අනිත් එකාට තියෙනවා හර්පීස් කියලා.





දැං පැහැදිලියිද සීන් එක.හතර දෙනාටම තියෙනවා ලිංගිකව සම්ප්‍රේශනය වෙන ලෙඩ හතරක්.හැබැයි කොල්ලො තුන්දෙනාම වැඩේ අතෑරලා යන්ඩ කැමති නෑ.අපි කියමුකෝ තුන් දෙනාම හිරෙන් අවුරුදු ගාණකට පස්සේ නිදහස් වෙච්ච ගමං කියලා.ගෑනු මනුස්සයත් අකමැති නෑලු.හැබැයි අවාසනාවක මහත කියන්නේ (නිශාන්ත මුතුහෙට්ටිගම තරං විතර මහතයි ඈ ) කොල්ලො තුන්දෙනා ගාව තියෙන්නේ කොන්ඩම් දෙකක් විතරයි.(කොන්ඩම් පැකැට්ටුවක් කොන්ඩම් තුනක් තිබෙන මුත් මේ අවස්ථාවේදී එයින් එකක් පළුදු වී ඇති බව ඔවුන් සොයා ගත් බව සළකන්න ) දැං ඉතිං මොකද කරන්නේ කොන්ඩම් දෙකෙන් කොහොමද තුන්දෙනාම අහවල් වැඩේ කරන්නේ ලෙඩක් හදා ගන්නෙත් නැතුව කියලා කල්පනා කරලා කරලා කරලා කරලා කට්ටිය හොයා ගත්තා විසඳුමක්.

මොකක්ද ඒ විසඳුම කියලා තමයි අද ප්‍රශ්නය.ඔබේ පිළිතුරු තැපැල්පත්වල පමණක් ලියා පෝස්ටුවට පහලින් ඇති කොමෙන්ටු තීරුවේ දමන මෙන් කාරුණිකව දන්වා සිටිමි.ජයග්‍රාහකයින්ට අපේ රජ පවුලේ දැවැන්ත වෛවර්ණ ඡායාරූපයක් බැගින් ලබා දෙනු ලැබේ...

උත්තරේ කල්පනා කරද්දි සැළකිළිමත් වෙන්ඩ ඕනෑ එක කොල්ලෙක්ගේ ලෙඩක් තව කොල්ලෙක්ට බෝ වෙන්ඩත් බෑ.ඒ වගේම මේ ගැටළුව විසඳීම සඳහා ඔබ එදිනෙදා කොන්ඩම් බාවිතා කරන තත්‍ය ක්‍රමවේදයෙන් මදක් බැහැර වූ කාල්පණික ක්‍රම වේදයක් කරා යොමු වීමද අවශ්‍ය වෙනවා.

හරි එහෙනං හොඳට කල්පනා කරලා උත්තරේ හොයන්ඩ බලන්ඩ.මොකද අපේ සුන්දර සිරි ලංකාව ආශ්චර්යයේ මෙව්වා එක උනාම මේ වගේ අනපේක්ෂිත අර්බුධවලට ඔය කට්ටියත් මූණ පාන්ඩ පුළුවං....එහෙනං ජය වේවා!!!





ඔන්න දැම්මා උත්තරේ යටිං

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


අපි ඉස්සෙල්ලාම කොන්ඩම් දෙක නම් කරගම්මුකෝ A සහ B කියලා.පළවෙනි කොල්ලා දාගන්නවා කොන්ඩම් දෙකම.A කොන්ඩම් එක ඇතුලෙනුත් B කොන්ඩම් එක පිටතටත් විදිහට.එයාගේ වැඩේ ඉවර උනාම දෙවෙනි එක්කෙනා දාගන්නවා B කොන්ඩම් එක.ඒකේ ඇතුල් පැත්තේ මොනවත් ගෑවිලා නෑනේ.ඊට පස්සේ තුන් වෙනියා දාගන්නවා A කොන්ඩම් එක කනපිට හරවලා.A කොන්ඩම් එකේ පිට පැත්තේ මොනවත් ගෑවිලා නෑ නෙව.ඊට පස්සේ B කොන්ඩම් එක දාගන්නවා A කොන්ඩම් එකට උඩිං.මොකද B කොන්ඩම් එකේ පිට පැත්ත ගෑවිලා තියෙන්නේ ගෑනු මනුස්සයගේ මෙව්වා එකේ විතරයිනේ.

ඔන්න ඔහොමයි අරපිරිමැස්මෙන් වැඩ කරන්නේ.හැබැයි මේක ප්‍රායෝගිකව කරන්ඩ බෑ හොඳේ.ඒක හින්දා සැබෑ ලෝකයේදී මෙව්වා කරදී සල්ලි සල්ලි කියලා බලන්නැතුව ඇති වෙන්ඩ කොන්ඩම් අරං යන්ඩ.වරකට එක බැගින් පාවිච්චි කරන්ඩ.




34 comments:

  1. යූස් කරපු එකක් කණපිට ගහලා යූස් කරනවා!


    ඔය පොලිස් ලොක්කා කියන්නේ කොන්ඩම් තියෙන්නේ තමන්ගේ ගෙදර තමන්න්ගේ වයිෆ් එක්ක විතරක් යූස් කරන්න විතරයි කියලා.
    වයිෆ් එක්ක හරි පොඩි හොටේලේකනම් අයාලේ ගියා කියලා නඩු දානවා කියලා වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පිළිතුර හොඳටම ප්‍රමාණවත් මදි.
      උං කියන විදිහට කොන්ඩම් පාවිච්චි කරන්ඩ වෙන්නෙත් රජ පැටවුන්ට විතරයි.අනිත් උන්ට රත්ගමයා කියලා තියෙනවා වගේ ලන්ච් ශීට් තමයි

      Delete
  2. අරවා අර හෝදලා වේලලා ආයෙම පාවිච්චි කරන්න වෙන්න ඇති කල්පනාව.. හොදයි හොදයි අරපරිස්සමට..

    ReplyDelete
    Replies
    1. ඔව්වා හෝදලා වේලෙනකං ඉවසං ඉන්ඩ ඇහැක්ය කියලා මංනං හිතන්නේ නෑ. හොඃ හොඃ

      Delete
  3. අනිත් එකා කරන්නේ රත්ගමයා වාගේ ලන්ච් ශීට් එකක් අරං අහවල් එක වටේ ගැටගහලා රමණයේ යෙදෙන එක.

    රත්ගමයා ලන්ච් ශීට් ! බත් ඔතන්න පමණක්ම නොවේ...

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි

    ReplyDelete
    Replies
    1. ම්ම්හු... ඒකත් නෙවෙයි නෙ උත්තරේ.ලන්ච් ශීට් හොඳයි තමයි.වියදම අඩුයි.ඒ උනාට මුං තුන් දෙනා කොන්ඩම් දෙකෙංම කොහොම හරි සීන් එක ගොඩ දාගන්නවා.

      Delete
  4. මුලින්ම පාවිච්චි කරන කෙනා කොන්ඩම් දෙකම පළඳිනවා. ඊට පාස්සේ දෙවෙනි කෙනා එළියෙන් තියෙන එක දා ගන්නවා. එතකොට එලියට හිටිය්න්නේ අර කාන්තාවගේ පැත්තමයි. තුන්වෙනි කෙනා දානවා පළවෙනියා ඇතුලෙන් දාගත්ත එක කණපිට හරවලා. එතකොට අර අක්ක නම් පව්. එයාට ඉතින් දෙකක්ම ලැබෙනවා. ඕන නම් අර පලුදු වෙච්ච එක එළියෙන් දා ගන්න බැරියැයි.

    ReplyDelete
    Replies
    1. අක්ක පව් වෙන්නේ නැහැ එයා -ද සංසර්ගයට කැමති නම් ... සුදීකගේ උත්තරේ හරි වගේ එහෙම උනොත් ... නැත්නම් පළවෙනි පිරිමි ළමයගේ ලෙඩේ කාන්තාවට යනවා...

      Delete
    2. සුදීක අයියගේ උත්තරේ හරි.හැබැයි අන්තිම ස්ටෙප් එකට තව චූටි පියවරක් ආවනං උත්තරේ හරියටම හරි යනවා.ඔන්න උත්තරේ දැම්මා උඩිං

      Delete
  5. මම හිතන්නෙ ඕකට පිළිතුරක් මෙතන තියෙනව.

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ ප්‍රසන්න අයියේ ලන්ච් ශීට් නෙමෙයි මෙතනට හරියන උත්තරේ...

      Delete
  6. සුදීක අයිය කියපු විදිහ හරි මගෙ හිතේ...

    ReplyDelete
    Replies
    1. බොහොමයක් දුරට හරි.හැබැයි අන්තිම පියවර වෙනස් වෙන්ඩ ඕනේ..

      Delete
  7. කනපිට වැඩේ හරියන්නේ නෑ මං හිතන්නේ! එතකොටත් අර ගෑනිගෙ ලෙඩේ බෝ වෙන්න චාන්ස් එක තියෙනවා! ගෑනිට ලෙඩක් නැතිනම් ඒ වැඩේ හරියන්න තිබුනා! හැබැයි සුදීකගෙ උත්තරේ තියොරොටිකල්. ඩෝන්ට් නෝ වෙද ප්‍රැක්ටිකල්! :D

    ReplyDelete
    Replies
    1. තයරිටිකල් උත්තරයක් තමයි මචං.මේ වැඩේ ප්‍රැක්ටිකලි කරන්ඩ ගියොත් හතර දෙනාම ලෙඩ හතරම හදාගෙන තමයි නවතින්නේ.

      Delete
  8. ලන්ච් ෂීට් විසඳුම තමා හොඳම එක,හැබැයි හොදි ගෑවිච්චි නැති එකක් හොයා ගනිල්ලා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක හොඳ උපදෙසක් හැලප අයියේ..හොඃ හොඃ හෝ...

      Delete
  9. සුදීක අයියා කලින්ම කියලානේ උත්තරේ

    ReplyDelete
    Replies
    1. අන්තිම චුට්ට වැරදියිනේ බං.

      Delete
  10. අපි ‍තෝරන්න කලින් ඔය ‍තෝරල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හරි උත්තරේ දීලා තියෙන්නේ උඹලට පස්සෙනෙ බං.සුදීක අයියගෙ උත්තරේ සම්පූර්ණයෙන්ම හරි නැහැනෙ

      Delete
  11. සුඩීක් අයිය ඔය දීල තියෙන්නෙ ලෙසටම උත්තරයක්...ඇඩෙනව

    ReplyDelete
    Replies
    1. තව චුට්ටක් සංශෝධනය වෙන්ඩ ඕනේ නේද?

      Delete
  12. මුලින්ම පාවිච්චි කරන කෙනා කොන්ඩම් දෙකම පළඳිනවා. ඊට පාස්සේ දෙවෙනි කෙනා එළියෙන් තියෙන එක දා ගන්නවා. එතකොට එලියට හිටින්නේ අර කාන්තාවගේ පැත්තමයි. තුන්වෙනි කෙනා පළවෙනියා ඇතුලෙන් දාගත්ත එක කණපිට හරවලා දාගෙන ඒක උඩට දෙවෙනි කෙනා දා ගත්ත එක ආපහු දාගන්නවා.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ හරි උත්තරේ.

      Delete
  13. කොහෙ හරි තිබ්බා මතකයි මචං ස්ටෝරිය..

    ReplyDelete
  14. පළවෙනියා දෙකම එකට දාගෙන ....දෙවනියා යට එක දාගත්තා ..තුන්වෙනියා උද එක කණපිට හරවලා දාගත්තා.... ඕවා වැඩද ඔයවෙලාවට එකක තිබ්බත් වැඩේ වෙනවා ගැන බං

    ReplyDelete
  15. දිනුක.....මොනවද මේ අහන ප්‍රශ්න? අපි ඒ දවස්වල එකම කොන්ඩම් එක තමයි හෝද හෝද වැලේ දාලා පාවිච්චි කෙරුවේ. අයන් එකක් තිබුනේ නැහැ...නැත්නම් වේලුනාම අයන් කරලා ගන්නේ!!

    ReplyDelete
    Replies
    1. නැහැ යකෝ...ඒකෙන් තමයි අයන් කරන්නේ..හැම වෙලාවෙම රත් වෙලා තියෙන්නේ ඔය කාලේ..

      Delete
  16. මාර ප්‍රශ්නනේ යකඩෝ . . හිකිස්

    ReplyDelete
  17. අර අයිස් පැකට් හදන පොලිතීන් රෝලක් ගත්තනම් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.ඒවා ඔනැන විශ්කම්භයකින් තියනවා.තමුන්ගෙ එකෙ ප්‍රමානයට අරන් හැම වෙලාවෙම යාරයක් විතර ලග තියාහත්තනම් හරි.හැබැයි ඒකත් පොලිසියෙන් වැරදක් කියලා කියයිද දන්නේ නෑ.මොකදෙ ඒ පොලිතීන් වලනේ ගංජා පැකට් කරන්නෙත්.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...