කට්ටියට අදත් අපි ෆැකල්ටි එකේ දාපු ආතල් එකක් පෙන්නන්ඩයි යන්නේ.ඔන්න එහෙනං හරි බරි ගැහිලා ඉඳගෙන, අහල පහල කට්ටියටත් එන්ඩ කියලා, ඔය පොප්කෝර්න්, ටිපිටිප් වගේ දේකුත් ලෑස්ති කරගෙන මතක ඇතුව වාඩි වෙන්ඩ කලිං මුත්‍ර පහ කරලා සිත කය මනස සංසුන් කරගෙන එකත්පසව වාඩි වෙන්ඩ.
මේක ඇවිල්ලා අපි 2007 උසස් පෙළ කණ්ඩායම අපේ ෆැකල්ටියේ කලා සංගමය හෙවත් ආර්ට් එකේ අය ලෑස්ති කරපු අවුරෝරා නාට්‍ය තරඟයට කරපු නාට්‍යය.මේ නාට්‍ය තරඟයේ විනිශ්චය කටයුතු කරන්ඩ ගෙන්නුවේ ආයේ ලේසි පාසු සෙට් එකක් එහෙම නෙමෙයි හොඳේ..
ඉන්දික ෆර්ඩිනැන්ඩු
ජගත් චමිල
අනුසුයා සුභසිංහ
කියන නාට්‍යකරණයේ කෙළ පැමිණි තුන්දෙනා තමයි ආවේ.( 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය උනු 'කළම්බෝ' නාට්‍යයේ කට්ටිය ඈ.)
කොහොම හරි අන්තිමේ සම්මාන රැසක් සමඟ විනිශ්චය මණ්ඩලයේ පැසසුම් මැද අපේ නාට්‍යය වෙච්ච 'බූවල්ලා' මුල් තැන ගත්තා.
මේ නාට්‍යය අපේ කසුන් යූටියුබ් එකට දාලා දැං සෑහෙන දවසක් උනත් ඕඩියෝවල තියෙන අවුල හින්දා මම ඒක බ්ලොගේ දැම්මේ නෑ.සෑහෙන්ඩ කල්පනා කළාම මට ආවා ඒ අවුලට විසඳුමක්.ඒ කියන්නේ අපේ නාට්‍යට උපශීර්ෂ හෙවත් සබ්ටයිටල් දාන්ඩ දවස් ගාණක් කට්ට කාලා ඔන්න අද තමයි ඉවරයක් උනේ.
ඒක හින්දා ඔන්න බලන කට්ටිය යූ ටියුබ් එකේ තියෙන අර Captions කියන මෙව්වා එක ඔබලා බලන්ඩ ඈ.
ඔන්න කලිං ක්ලිප් එකේ වගේම මේකෙත් මම කවුද කියලා අහන්ඩ ඔට්ටු නෑ හරිය!!
තාරකටයි මටයි දෙන්නටම ඕනේ උනා ඔය හතරවෙනි තට්ටුවේ සීන් එකක් කරන්ඩ.ඔය ඇමති රථපෙළවල් ගැන තියෙන මගේ මළ හින්දා ඒකත් කතාවට සෙට් කරගත්තා.ඉතුරු ටික ඉතිං කට්ටියගෙම සහයෝගයෙන් තමයි.ඇත්තම කියනවනං පිටපතක් කියලා එකක් ලිව්වේ නාට්‍ය පෙන්නන්ඩ පොඩ්ඩකට කළිං අනිත් උංගේ නාට්‍ය පෙන්නන වෙලාවේ.ඒකත් ලිව්වේ විනිශ්චය මණ්ඩලේට පිටපතක් ඕනේ කිව්ව හින්දා.
ඩේටා පොඩ්ඩක් යනවා තමයි.ඒ උනත් ඔන්නොහේ බලන්ඩ මෙයාලා.මොකෝ මැරෙන දාකට ඔය ඩේටා අරං යන්ඩයෑ.අනික කොච්චර බැලුවත් වැල ඔක්කොම එක වගේ තමයි.
නාට්‍යයේ රංගන දායකත්වය :
තාරක
නිපුන්
නදීශානි
දිනුක
දනුශි
රුචිර
ශෂික
චාමර
එයිට අමතරව අපේ බැච් එකේ සංගීතා නොමද සහයක් දුන්නා.ඒ වගේම නාට්‍යය ලෑස්ති කරන වෙලාවේ බලලා ගුණදොස් කියලා හැමෝම දුන්නා ෆුල් සපෝට් එක.නාට්‍යය හැදුවේ,
"හතේ අපි.."
මරු නාට්‍යය!ලිව්වේ කවුද දන්නෙ නෑ? :)
ReplyDeleteතරහ අවසර සහෝදරයා, අවසාන ටිකේ නම් රංගනය තව ටිකක් ප්‍රභල වුනා නම් හොඳයි කියලා හිතෙනවා.දේශපාලකයා සහ අර අව් කණ්ණාඩි කාරයගේ දෙබස් ටිකක් ප්‍රබල මදි වගේ හඬ අඩුකම නිසාද මංදා.කොහොම නමුත් කතාව නම් නියමයි.
තාරකටයි මටයි දෙන්නටම ඕනේ උනා ඔය හතරවෙනි තට්ටුවේ සීන් එකක් කරන්ඩ.ඇමති රථපෙළවල් ගැන තියෙන මගේ මළ හින්දා ඒකත් කතාවට සෙට් කරගත්තා.ඉතුරු ටික ඉතිං කට්ටියගෙම සහයෝගයෙන් තමයි.ඇත්තම කියනවනං පිටපතක් කියලා එකක් ලිව්වේ නාට්‍ය පෙන්නන්ඩ පොඩ්ඩකට කළිං අනිත් උංගේ නාට්‍ය පෙන්නන වෙලාවේ.ඒකත් ලිව්වේ විනිශ්චය මණ්ඩලේට පිටපතක් ඕනේ කිව්ව හින්දා.
Deleteඔබේ අදහස සමඟ එකඟ වෙමි.වෛද්‍ය පීඨයක නළුවන් හොයාගන්ඩ තියෙන අමාරුව උඹ දන්නවනං...
ඔව් ඒක ඇත්ත.හැබැයි ඉතින් අපි හැමෝමත් එක්තරා විදියක නළු නිළියෝ තමයි නේද?;)කතාව නම් පට්ට!මම මේක මගේ වෙන්ට හබීටත් යැව්වා එයාගේ බලවත් ඉල්ලීම මත.මම එයාට 'කමි'න් කෑලි' ටිකක් (දෙබස් ටිකක්) කියලා පෙන්නලා එයාට ඕක බලන්නම උවමනා වුණා. :D
Deleteතව තවත් මෙවැනි නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!
ඉස්තූතියි මචං.වෙන්ඩ හබී මක්කැයි කිව්වේ?
Deleteඅඩේ මරු ඈ.. නාට්‍ය ලිවුවේ කවුද කියලා ඒ විස්තරත් දැම්මනම්නේ මරු..
ReplyDeleteඔන්න ඒ ටිකත් දැම්මා එහෙනං
Deleteමරුනේ යකෝ,..!
ReplyDeleteඉස්තූතියි ඉස්තූතියි මචං
Deleteනියමයි ඈ...
ReplyDeleteකියන්න එපා කියල තියෙන නිසා දිනුක කවුද කියල කියන්නෙ නෑ.
අඩේ යේක අඳුර ගත්තද අප්පා...??
Deleteසත්තරනේ.. විනාඩි 28ක්... පස්සෙ බලන්නං ඈ... මේ දවස්වල වැඩි වැඩියි බොල....
ReplyDeleteහැබැයි ඕං පස්සේ බැලුවේ නැත්තං තරහම තරහයි ඈ...
Deleteකැම්පස් කොල්ලා තමයි......
ReplyDeleteඅඩේ සිරා බන්
එළ එළ ඉස්තූතියි ඈ
Deleteඔන්නොහේ මං මේක බාගන්නවා... !
ReplyDeleteඑල ටික් වැඩක් ඈ... :)
බාගෙන කට්ටියට දෙන්ඩ ඕනෑ හොඳේ...
Deleteමරු මරු!
ReplyDeleteඉස්තූතියි ඈ....
Deleteනියමයි දිනුක මේ වගේ ඒවාට බැහැලා වැඩ කරන එක ගැන ... දිගටම කරන්න .....
ReplyDeleteඑළ එළ සහන් අයියේ...
Deleteමට බ්ලොග් අඩවියක් නොමැති උනත් මන් වැඩිපුර කරන්නේ බ්ලොග් කියවන එකය. අහම්බෙන් හමු වු මෙ බ්ලොග් අඩවියෙ ලිපි කිහිපයක්ම කියවුවෙමි.ජුගුත්සාජනක අප්පිරියවක් සමග පිළිකුල් රසය ඉතා හොදින් අත්වින්දෙමි. කැම්පස් ගිහින් තමන් හරි පොශ් විදියට හිතන උගත් පොරක් යැයි මෙහි ඇඩ්මන් වරයා හිතන් ඉන්නවනම් කනගාටුය..... හිට්ස් වැඩි කරගන්න පොන්න කතා ලියන මේ ඇඩ්මන් වරයා තමන්ගේ අම්මා ගැන වල් කතවක් ලගදි ලිවුවොත් ඒ ගැන පුදුම විය යුතු නැත..
ReplyDeleteඔබේ අවංක අදහස් ප්‍රකාශ කිරීම ගැන සතුටු වෙමි.නමුත් ඔබට තිබුණේ ජුගුප්සාජනක එක පෝස්ටුවක් කියවා එතැනින් නතර වීමටය.නමුත් ඔබ පෝස්ටු කීපයක්ම කියවා ඇති නිසා ඔබ කුණු රසයට කැමැත්තක් ඇත්තෙකැයි සිතේ.
Deletemona gon blog ekakda meka............
ReplyDeleteඇත්තට ඔබතුමා/තුමී පෙන්නලා දෙනකං හිතුනෙම නෑනේ එහෙම එකක්.
Deleteube profile pix ekata passa harawan inne ubata muna denna beri prasnayak thiyenawada
ReplyDeleteඋඹට නියම නමෙන් එන්ඩ බැරි සීන් එක වගේම එකක් බං
DeleteI was right behind the judge panel when the play was goin on. I guess I've said somewhere in your blog. But just can't remember it.
ReplyDeleteI saw how was the appreciation and absorption of the judging panel evenly while the play was goin on and when the results were announced..
It was hell of a moment. Though I'm not one of your batch mates, you might know how enthusiastic am I just as one of you people.
Sorry for not visit you for a while, as I'm engaged in much with my photography page in FB and also stuff related to "How to buy a camera on my own" presently..
Will be visiting you soon to read all the stuff I've missed from my last visit..
Jaya wewa brother..
Um Phoenix by the way..
Deleteyes you said it in this post
Deleteyou are not writing your blog also.why don't you post some of your photos on it.
jaya wewa to you too may the god bless you with a camera :)
I don't say that um too busy to do it. But I feel bit lazy to make posts in blog. Now um just using fb and flicker to update my photos.
DeleteI'll do it Dinuka. May be soon..
(Sorry for posting thelink to flicker. It's for your concern. Not to get any publicity..
http://www.flickr.com/photos/97529162@N02/)
Well I'll be keep in touch with your blog. Only difficulty is I ain't get any notifications about new posts and comments for prevailing posts.. Anyway.. See you around friend..
ලෝක පාපන්දු තරඟය් දිනුම තෝරන්නේත් බූවල්ලෙ නේද?
ReplyDeleteඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
විදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
....
සුබ නව වසරක් වේවා!