20 March 2013

උසස් පෙල කරන්නේ කොහොමද? 3




උ/පෙ කරන හැටි ගැන මහ ලොකුවට කියන්නං කියලා පටං ගත්තු ලිපි පෙළ එහෙම්මම අමතක වෙලා ගියානෙව.ඔන්න ඒකට තව එකක් ලියන්ඩයි යන්නේ.

හරි අපි දැං බලමු කොහොමද අපේ අධ්‍යාපන කටයුතුවලට ගැලපෙන පරිසරය හදාගන්නේ කියලා.මේක මම දැකපු අධ්‍යයනය කරපු සහ ටියුෂන් පන්තිවල කාඩ් මාක් කරන 'ටික්කෝ' අයියලා එක්ක කතාබහ කරලා දැනගත්තු කරුණුවලට අනුව ගොඩක් උන් විභාගේ ඇනගන්නේ ලව් හුටපට හින්දා.ලව් කියන්නේනම් මළ ඉලව්වක්ම තමයි.ඒක ඉතිං දන්නේ ලව් කරපු උංමනේ.

හරි මොකක්ද මේකට තියෙන විකල්පය.ලව් නවත්තලා ඉගෙනගන්නවද? අපෝ ඒකනං කරන්ඩ එපා.ජීවිතේ ඒ ඒ කාලවලදි කරන්ඩ තියෙන ඒවා කරන්ඩ ඕනෙනේ.පාසැල් වියේ ප්‍රේමය බරපතල වරදක් කියන අදහස සමාජගත කරවන්ඩ හැදුවට 'ආදරණීය වස්සානය' නැත්තං 'ගොළු හදවත' කියවපු ඇත්තෝ මොන හිතකිංද එහෙම කියන්නේ.මමනං කියන්නේ ලව් කරපල්ලා.හැබැයි ඒකම බදාගෙන අර මොකක්ද හින්දා වත්තක් නැති කරගත්තා කියලා විතරක් කියන්ඩ තියන්ඩ එපා.ඒ වෙනුවට ලව් එක තමුන්ගේ අනාගතය හදාගන්ඩ පාවිච්චි කරන්ඩ පුළුවං.තමුංගේ කොල්ලා පිස්සු කෙළිනවානං, තමුංගේ කෙල්ල හරියට අධ්‍යාපනේට යෙදෙන්නැතුව 'චංගුමී' බලනවානං ඒ වෙනුවෙන් මැදිහත් වෙන්ඩ පෙම්වතා හෝ පෙම්වතිය විදිහට අයිතියක් තියෙනවනේ.දෙන්නා එක්ක සෙට් වෙලා පාඩම් කරන්ඩ වගේ දෙයක් උනත් ට්‍රයි කරලා බලන්ඩ බැරියෑ.හැබැයි මේ හැම එකම තීරණය වෙන්නේ ලව් කරන හැටියට තමයි.තමුංගේ කෙල්ලට හරි කොල්ලට හරි වලේ වැටෙන්ඩ දීලා තමුංගේ වැඩේ විතරක් කරගන්න එකා හරියට ලව් කරන්නෑ කියලා තේරුම්ගන්ඩ බැරිනං ඉතිං වලේම වැටිලා මැරිලා යන එක හොඳයි.

හරි දැං අපි බලමු තමුංගේ අධ්‍යයන කටයුතුවලට සුදුසු තැනක් හදාගන්න විදිහ.ගොඩක් අය තමුංගේ කාමරේනේ මේක කරන්නේ.මමත් මුළිං ගෙදර ඉඳං ට්‍රයි කරලා බැලුවා.ඒත් ගෙදර ටීවී එකයි, ගිටාර් එකයි, කතාපොත් රැසකුයි තිබ්බ හින්දා (මේ කාලේ ලැපක් තිබ්බේ නෑ) මගේ අවධානය එහේ මෙහේ ඇදිලා යනවා කියලා මටම තේරුණා.අන්න ඒකට විකල්පයක් විදිහට මම කළේ උදේ පාන්දරම ඒ කියන්නේ අටට විතර ඉගෙනගන්න ඔක්කොම පොත්පත් ටිකත් අරගෙන ප්‍රාදේශීය සභාවේ පුස්ථකාලයට හෙවත් ලයිබ්‍රියට ගිය එක.අපේ ගමේ ලයිබ්‍රි එකේ අධ්‍යයන අංශයේ ඒ දවස්වල එච්චර කට්ටිය හිටියේ නෑ.ඒක තිබ්බේ දෙවෙනි තට්ටුවේ හින්දා වෙල පැත්තට මූණදාපු ජනේල දෙකක් විතර ඇරගත්තම පට්ට ආතල්.ඊට පස්සේ මේසේ එහා පැත්තෙං කකුල් තියාගන්ඩ තව පුටුවකුත් තියාගෙන හවස් වෙලා ලයිබ්‍රරි එක වහනකං හෝ මට බඩගිනි වෙනකං මට හිතෙන හිතෙන පාඩම් කියවන එක සහ ගණන් හදන එක කරපු එක තමයි කළේ.මෙතෙන්දි කියන්ඩ ඕනේ කරන කරුණක් තමයි මම දවසක් මගේ මිත්‍රයෙකුගේ අම්මා කෙනෙක්ට (ඇය විදුහල්පතිනියක් ) කිව්වා 'අනේ ඇන්ටි ගෙදර ඉඳං පාඩම් කරන්ඩ බෑ.මම මේ කොහොම හරි ඒක හුරු කරගන්ඩයි හදන්නේ' කියලා.එතකොට ඇය දුන්නු උපදේසේ තමයි 'කොල්ලෝ දැං ඕක හුරුකරගන්ඩ පරක්කු වැඩියි.උඹට පාඩං කරන්ඩ පුළුවං තැනකට ගිහිල්ලා පාඩං කරපං.' අන්න ඒ උපදේසේ පිළිගත්තු මම අපේ අක්කලාගේ ගෙදර, නැන්දලාගේ ගෙදර විතරක් නෙමෙයි ගම්පහ මල්වත්ත පවා ට්‍රයි කරලා බලලා අන්තිමට ලයිබ්‍රරි එකට සැපත් උනේ.

හරි දැං තියෙනවා තවත් බොහොම වැදගත් පියවරක්.ඒ තමයි තමුන් මොන විදිහටද ඉගෙන ගන්නේ කියන එක තේරුම් අරගන්න එක.ඒ කියන්නේ එක එක පුද්ගලයෝ තමුන්ගේ සංවේදනයට තියෙන අවයව වැඩිපුර පුරුදු කරගෙන තියෙනවා දැනුම ලබාගන්ඩ.උදාහරණයක් විදිහට මම පුංචි කාලේ චිත්‍ර විශය හදාරලා තිබ්බ හින්දා මම මුල කාලේ වැඩිපුර පාවිච්චි කළේ ඇස් කියන ඉන්ද්‍රිය.ඒ කියන්නේ මට වැඩිපුර මතක හිටියේ පොතක තියෙන රූප සහ කියවපු දේවල්.නමුත් මම පස්සේ කාලෙක සංගීතය එහෙං මෙහෙං අතගාන්ඩ ගත්තම ඔන්න මගේ කණ කියන ඉන්ද්‍රිය ටික ටික ටියුන් වෙන්ඩ ගත්තා.ඊට පස්සේ මට වැඩිපුර මතක හිටින්නේ අහගන්න දේවල්.අදටත් මම වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ ක්‍රමේ තමයි.අපේ ෆැකල්ටියේ ගෑනු ළමයි පොත් දහයක් විතර කියවලා දැනුමෙන් සන්නද්ධ වෙලා ආවම මම කරන්නේ ඒ ටික ඒ අයගෙන් අහගන්න එක.හරිම ලේසි වැඩක්.

හැබැයි මේකෙන් කියවෙන්නෙ නෑ අනිත් ක්‍රම අත අරින්ඩ කියලා.පොතක් කියවලා තමුන් තනියම ඉගෙන ගන්න එක කවදාවත් අහක දාන්ඩ එපා.ඒ වගේ තවත් කට්ටියක් ඉන්නවා ඒ අයට මතක හිටින්නේ ලියන එකෙං.ඒ ක්‍රමෙත් මම පාවිච්චි කළා.මම ටියුෂන් පන්තිවල ටික්කො අයියලාගෙං අහක දාන හෑන්ඩ් බිල් හෙවත් අත්පත්‍රිකා තොගයක් අරං ආවා.ලයිබ්‍රියට වෙලා ඉඳගෙන ගණන් හදලා, කියවපු තියරි කෑලි මතකෙන් ලියලා මේ කොළ ගුලි කර කර මේසේ උඩ ගොඩ ගහනවා.හවස් වෙද්දි සෑහෙන කොළ ගුලි කන්දක් හැදිලා.කට්ටිය සල්ලි තියෙනවා කියලා මේකට හාෆ්ෂීට් හරි ඒ4 කඩදාසි හරි පාවිච්චි කරන්ඩ එපා.එක කොළයක් දෙපාරක් පාවිච්චි කරලා කපන්ඩ තියෙන ගස් ටිකක් රැකගන්ඩත් දායක වෙමු.ඒ වගේම පාවිච්චි කරලා ගුලි කරලා අහක දාන කොළ ජනේලෙං එළියට වීසි කරන්නැතුව නිසි විදිහට බැහැර කරලා පරිසරය අවලස්සන නොකරන්ඩත් දායක වෙන්ඩ.

මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි.ඒ වගේම බ්ලොග ලියන්ඩයි කියවන්ඩයි හරිම කම්මැලියි.ඉක්මනටම මේ මළ විකාර නැතිවෙලා යයි කියලා බලාපොරොත්තු වෙනවා.කට්ටියටම ජය වේවා!

22 comments:

  1. //ඒ වගේම බ්ලොග ලියන්ඩයි කියවන්ඩයි හරිම කම්මැලියි.//

    යකෝ මෙහෙම එකෙක්ද මේ විභාගෙ ගොඩ යන හැටි කියල දෙන්නෙ ?

    :))

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සෑමෝ පට්ට කම්මැලියි බං.ඒ උනාට විභාගේ කිට්ටු වෙනකොට බය දැනෙන කොට කම්මැලිකම් නැතිවෙලා යනවා බං.

      Delete
  2. ගොඩක් වටින පෝස්ට් එකක් කියල හිතෙනව. එහෙම කිව්වෙ අවන්කවම කියෙව්වෙ නැති නිස. බොගෙ කම්මැලිකම මත බෝ වෙලා.
    ගොඩ දවසකින් දැක්ක නිසා නිදිමතේ හරි කමෙන්ට් එකක් කොටල යන්න ආවෙ. හෙට කියවමු

    ReplyDelete
    Replies
    1. ඇත්තට මචං දේශ් උඹවත් දැක්කේ ගොඩ දවසකින් නේන්නං.කමක් නෑ කොයි වෙලේ හරි කියවලා බලන්ඩකෝ.

      Delete
    2. අද වැ‍ඩේ කලා ඔන්න......

      Delete
  3. නිදිමතයා කම්මැලියා.. හොර අලියා..

    ReplyDelete
    Replies
    1. ඉස්සර දවසට පැය අටක් කොහොම හරි නිදියපු මට දැං නිදාගන්ඩ වෙලා තියෙන්නේ පැය හයක් විතර නලින් අයියේ.ඉතිං නිදිමත නැද්ද?

      Delete
  4. පමා උනාට කමක් නෑ ලොකු සමාජ සේවයක් කලානෙව ඒ ටිකේ අර වැදගත් විශය ගැන ලියල. අඩුගානෙ උසස් පෙල අයියලා නංගිලා ගොං වැඩ නොකර ඉන්න ඉගෙන ගන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ඇත්තට කිව්වත් වගේ ඒත් මදෑ.ඉස්තූතියි අදහසට.

      Delete
  5. //...ගම්පහ මල්වත්ත පවා ට්‍රයි කරලා....//

    මේ නම් වෙන මොකක් හරි මඟුලකට :P

    අයියා අන්තිමට කියලා තිබුණු ලියන කතාවට මාත් එකඟයි. ලිව්ව තරමට තමා මගේ ඔළුවට කරුණු කාරණා යන්නේ. ඒ වගේමයි ලියපුවා මිටියක් විදිහට තියෙද්දී පට්ට හැපි යකෝ මම මෙච්චර ලිව්වානේ කියලා

    ReplyDelete
    Replies
    1. ගම්පහ මල්වත්තේ දවසක් පාඩම් කරලා අපහු යනකොට සික්කෙක් මගෙන් අහනවා තනියමද ආවේ? මොකටද ආවේ? කියලා.අනේ ඒ මනුස්සයා කපල් එනවා ඇරෙන්ඩ වෙන එකෙක් එනවා දැකලම නෑ.

      Delete
  6. නියමයි නියමයි . .

    උඹේ ලිපි කොහොමත් හරිම වැදගත් . .

    මේවා පවුල්වල ඉගෙන ගන්න උන්ට කියන්න පුලුවන්

    අහ් මමත් විභාගයක් කරන්න ඉන්නේ. මටත් ප්‍රයෝජනවත් තමයි බන්

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි අගේ කිරීමට.ඈ දුකා අයියේ මෙච්චර වයසට ගිහිල්ලත් විභාග අතාරින්නෑ නේද?

      Delete
  7. adoo..maath bolaa ekka library aawaa mathekei?? patta oi..but mata nam library eka paadam karanna nam allala giye ne...but kaeli balannai gedara paadam kara nisa break ekak gannai aawemi..paadam karannath try kalemi...but gedara helawena mese tharam hari giye netha...mata paadam kirimata parisaraya apiliwelawa thibeema awashya wiya :)

    ReplyDelete
    Replies
    1. ඌරට මොන සෞඛ්‍යක්ද කිව්වලු.හෙඃ හෙඃ හේ.....

      Delete
  8. මාත් ඉතින් ඔය වෙඩිම කරන්නෙපෑ දැන්......... :‘(

    හුඟාක් වටින ලිපියක් අයියෝ.... ගොඩාක් ස්තූතී....!!

    ReplyDelete
    Replies
    1. මොන වෙඩිමද හලෝ? ඉස්තූතියි ඈ......

      Delete
  9. මම මේ පාර A/L ලියන්නේ අයියා , ඇත්තම කීවොත් කරන එක එපාවෙලා ඉන්නේ "මැටි" ගොඩේ .ඕ ලෙවල් වලට දිස්ත්‍රික් ‍රෑන්ක් එකක් තිබ්බා උනාට ඒ ලෙවල් s3 වත් ශුවර් නෑ වගේ.....Maths , chem දෙක තමා !

    ඒත් මේක කියෙව්වාම මාර ෆිට් එකක් ආවා ! පුලුවන් නම් තව ටිකක් ලියන්න ! කියවන්න බලන් ඉන්නවා !

    ෆෝන් එකෙන් කොමෙන්ටුව කෙටුවේ ! වැරදි තියේනම් සොරි ! ජය !!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි.මේකයි මචං වැඩිය බයක් හිතට ගන්ඩ එපා.වැද කරනවා කියලා මැරෙන්ඩ යන්ඩත් එපා.මේ පාර අවුල් වගේනං ආයෙත් පාරක් තියෙනවනේ කරන්ඩ.උඹටම තේරෙනවනේ උඹේ මොළේ අවුලක් නෑ (සා\පේ රෑන්ක් එකකුත් දාපු හින්දා) වෙන මොකක් හරි අවුලක් තියෙන්නේ කියලා.වෙන උංගෙං අහගන්ඩ කළිං තනියම ට්‍රයි කරලා ඉන්ඩ.පොත් ටිකක් හොයාගෙන තනියම කියවලා තේරුම් ගන්ඩ බලන්ඩ.බැරි කෑලි ටික විතරක් කාගෙන් හරි අහගන්ඩ.

      Delete
    2. මේක මම අද ලියන්නේ් මාර සතුටින් 2013 A/L ලියපු මට තිබිබේ S2 යි හිතුවා වගේම මැත්ස් ෆේල් වෙලා තිබ්බා දෙවෙනි පාර ගට අරන් කලා ABC ආවා.. පෙරේදා 3වෙනි පාර ප්‍රතිඵලත් ආවා ABB District-87 Peradeniya Engineering Faculty එකට සුදුසුකම් ලැබුවා ! මම අද ආවේ ස්තුතියි කියන්න ! ඉහලින් තියන කොමෙන්ටුව මගේ :)

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...